tag:blogger.com,1999:blog-44448468521685951252024-03-16T11:28:23.054-07:00එදා ඇසුණු ගී ස්වභාවික පුෂ්පයන් පමණක්මය සුවඳ විහිදුවන්නේ ..........................
සිංහල ගීතාවලියේ දිදුලණ මිණිකැට වන්
එදා ඇසුණු අමරණීය ගී පෙළ එලෙසින්ම Eda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.comBlogger175125tag:blogger.com,1999:blog-4444846852168595125.post-24528627214546169592024-03-14T21:18:00.000-07:002024-03-14T21:18:45.740-07:00දුර යුගයක ගැමි වරුණ - 09
සිංහල ගීත සාහිත්‍යයෙන් මතුකළ එදා ගම්මානයේ අසිරි සිරිය........... 09 සටහන
පූර්ව සටහනේ ගැයුනු බඹර කැපීමේ ජනකවියේ කියැවෙන පරිදි, දෙවියන්ට භාරහාර වී සිදුකළ යුතු තරම් භාර්දූර අවදානම් කටයුත්තක් ලෙස ’බඹර කැපීම’ සළකන්නේ ඇයි?
මී මැස්සන් ගේ ඥාති පරපුරේ වැඩිමහල් සාමාජිකයා වූ බඹරා ඔහුට වඩා සිරුරෙන් මෙන්ම පහරදිමෙන්ද විසල්ය. මෙම දාමයේ ’ලොකු අයියා’ දෙබරාය. ගැමියන් ගේ සමීකරණය නම් මී මැස්සෝ සතක විෂ එක බඹරෙකු මෙන්ම ඔවුන් සත්දෙනෙකු ගේ විෂ දෙබරා සතුවන බවයි. වැඩිමහල් සාමාජිකයාගේ පහරදීම වඩාත්ම රුදුරුය. ඔහුගේ විෂ දළය යළි යළිත් භාවිතා කරමින් ඔහුට සිය ප්‍රතිවාදියා අඩපන කර දැමිය හැකිය. බාල සහෝදරයෙන් දෙදෙනා ඒ අතින් අවසනාවන්තය. පළමු ප්‍රහාරයේදී ඔවුන්ගේ විෂදළ කැඩි වෙන්වි යන අතර එතැනින්ම සත්වයා සිය ජිවිතයට සමුදෙයි. මෙම පරපුරේ තවත් සාමාජිකයන් අතර දඞුවැල්ථ කණෙයි, මැස්සා වැනි කුඩා අයද වෙති. ඔවුන් සියල්ලෝම ’වද’ නිෂ්පාදකයෝය.
වැල් ඉනිමගේ මරුවා ට ඔච්චම් කරමින්
ඇතැමුන් ගේ ආහාර අසාත්මිකතාවය අධික වන්නා සේ මේ පරපුරේ බලවත් සාමාජිකයන් කිහිපදෙනෙකු ගේ ප්‍රහාරයකට ලක්වන ඇතැම් අය අවසනාවන්ත ලෙස සිය දිවි ගමන අවසන් කරගනී.
දෙබරු සහ බඹරු සිය නවාතැන් පොළවල් තනාගන්නේ සිව්පා දෙපා සතුන්ට පහසුවෙන් ළංවිය නොහැකි ඉතා උස් පර්වත මුදුන් බෑවුමක හෝ වනස්පතියක අහස්කුසට වඩාත් ම ළංවි ඇති අත්තකය. අස්වනු ගෙටගෙන ගොවිතැනින් ඉසිඹු ලබන්නෝ, කන්ඩායම් සැදී මහවන වදින්නේ ’බඹර පැණි’ කැඩිමේ භාරදුර කටයුත්ත උදෙසාය. උක්ත ජනකවියේ ’වැල් තොටිල්ල’ යනු කඹ එකිනෙක ගොත සැදූ ’මැස්ස’ විය හැකිය. එය බඹර කූඩූව අසන්නයේ ස්ථානගත කරන්නට පළමු, වරපට (හැරපට,යොත) බඹර කූඩුව බැඳ ඇති ගසට හෝ පර්වතයට අමුණා ගත යුතුය. දැඩි ලෙස දුම් පිටකරන ශාඛ කොටස් එකතුකොට තැනූ විලක්කුව (පන්දම) දල්වා හොඳින් දුම්ගැස්වීමෙන්, බඹරු සිය නිවහනින් ඈතට පන්නා හරිනු ලැබේ. ඔවුන් පෙරළා එන්නට පළමුව, යොත දිගේ ඉහළට නැග බඹරය කපා මුට්ටියට දමා බා ගත යුතු අතර, බඹර කපන්නා ද වහා එතැනින් ඉවත්ව යා යුතුය. මේ කාර්යය සිදුකරන තුරු වරපට අනිත් අන්තයෙන් රඳවා ගෙන සිටින්නා, බඹර කපන්නාගේ අතිශය විශ්වාසවන්තයෙකි. ඔහුගේ අතපසුවිම, පළමු කී තැනැත්තාගේ දිවි අහිමිවීමට පවා හේතු විය හැකිය.
වරපට දිගේ බා ගත් බඹර පැණි මුට්ටි එකකට වඩා තිබියි හැකිය. විශාල බඹර වදයක පැණි මුට්ටි කිහිපයක අස්වැන්නක් තිබිය හැක.
මහ මූකලාන තුළ දිවිගෙවන ආදිවාසී වැදි ජනතාවගේ යැපුම් මාර්ගය වන ’දඩමස්’ දිනගණන් කල්තබාගන්නා කාරකය ’පැණී’ ය. ඒ නිසා ඔවුන් හට ඒවා නැතිවම බැරිය. ඔවූහූ, ගැමියන්ට වඩා අතිශූර ’වද’ බිඳින්නන්ය. තම ආයුධ එනම් දුනු හී තනාගන්නට ගම්මානයේ කම්මල්කාර නයිදේ ගේ සහය පතන ඔවුන් ඊට හිලව් ලෙස ඉස්තරම් බඹර පැණි සපයයි.
සොරබොර දිය මල් නෙළා ගෙනාදෝ ...කන්දේ පැනි මල් නෙළා ගෙනාදෝ.....
නෑනී නෑනී කොයිබයි යන්නේ පැලටා එනවාදෝ ....
කොබ්බෑ පැල්පත දුන්න නමාලා ................
ගොරියන් කෙක්කෙන් හද මානාල...........
ගොරියෝ ගොරියා බඹර නෙළන්නට කන්දේ යනවාදෝ.............
හිරු දෙයියන්ගේ වීරිය උුඹටයි... සඳ දෙයියන්ගේ සොමිගුණ උඹටයි
පසේ බුදුන්ගේ පිහිටත් උඹටයි මා හා එනවාදෝ...............
(අමිතා වැදිසිංහ සමග එස් ලියනගේ )
මධ්‍යම, උතුරු මැද, ඌව - වෙල්ලස්ස, ආදී පළාත්වල ගැමියන්ගේ බස්වහර එකිනෙකට යම්තරමින් වෙනස් ව පැවතියේ ඒවා අතර ගමනාගමනය, අන්තර් සබඳතා සිමාසහිතව සිදුකෙරුනු පසුගිය සියවසේ මුල් යුගයේ දීය. ඒවා ඔවුනොවුන්ගේ උපසංස්කෘතියක් නිර්මාණය කෙරෙන්නට ඉවහල් විය. මේ ’ගැමි බස්වහර’ සහිත පාරිභාෂික වදන් මාලාවන් ඉහත දැක්වු නිදසුන මෙන්ම ඔවුන් සබැඳිව ගොඩනැගුනු විවිධාකාරයේ කලා නිර්මාණයන්ට හේතු පාදක විය. පහත දැක්වෙන්නේ එයින් අල්ප මාත්‍රයකි. මේහි අදිවාසි වැදි ජනතාවගේ බස් වහර ද ඇතුළත්ය
ගෝ බිඳු කැලේ - තලගොයි වසන ඉසව්ව දඩයමේ යෑම
සෝලි තියනවා - දොස් කියනවා
ඉරගල වැටෙනවා - ඉර බහිනවා
ඉලන්දාරියා - තරුණයා
පැංචා - පොඩිළමයා
ටොම්බ - වලිගය
ගිනි බිඳිනවා - වෙඩි තියනවා
කඩප්පුලියා - විෂම හැසිරීම සහිත පුද්ගලයා
ඔසේ අදිනවා - අඞහැර පෑම (වෙලේ හරක් දැක්කීමේදී සිදුකරන අණකිරීම)
හන්දුරුවෝ - රදළයන් අමතන ආකාරය
හෑල්ලුව - වන්දනා කරුවන්ගේ බඩුමුට්ටු දමන ගමන් මල්ල
තොලොංචි වෙනවා - නොපෙනී යනවා, ඉවතට යනවා
එතනහාමි - වැදගත් කාන්තාව
නිලමේ - කුලවත් පිරිමිය
ළමාතැනී - වලව්වේ කුල කාන්තාව
පොඩිස්සිය - කෙල්ල
පොතාන - ළඳු කැළෑව
නවදැළිහේන - අඵත ගිනි ලා එළිපෙහෙළි කල හේන
නෙයියාඩං නටනවා - නොමනා හැසීරීම් සිදුකරනවා
මදාවියා - අයුෂ අඩු තැනැත්තා, නොහික්මුනු තැනැත්තා
සාරසුබාවට - සිහිකල්පනාවට
කිරිපල්ල - යටිබඩ
සන්තෑසිය - විපත
උරුට්ටු අල්ලනවා - දබර කරනවා
පංකාදු - කදිම
හූරා - මහත්මයා
හෙනකඳයා - බෙහෙත් කොටන තුවක්කුව
වින්නැහිය - අකරතැබ්බය
හක්කලං කරනවා - සැරිසරනවා
පෙරකී බස්වහරෙ ගුරුකොට ගෙන ආදීවාසී ජනදිවිය ඇසුරුකොටගෙන නිර්මාණකරණයේ යෙදුනු යටත් විජිත නිලදරු වෛද්‍ය ’ආර් ඒ ස්පිටල්’ ගේ සටහනක් උපුටනය කරමින් එය මනරම් ගීතයක් බවට පත් වී, එදා ශ්‍රාවකයන්ගේ ජනාදරය දිනාගත්හ. මේ හෙළ ආදිවාසි වැදිජන බස් වහරයි.
නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම, ඌව පළාත් බද ඈත ගම්මානයන් ගේ සිමා ඉම සළකුණු කෙරෙන මහ මූකලානේ ඔදතෙද බල ඇත්තන් ආදිවාසීන්ය. මායිම් ගම්මානයන්හි වෙසෙන ගැමියෝ සියවසකට පෙර, විසූ නොඉඳුල් අව්‍යාජ වැද්දන් වූ ඔවුන් හා ඇයි හොඳයි කම් පැවැත්වූහ, ගම්මනයේ විසු ’යමන්නෝ’ (යකඩ කම්මල්කරුවන්) මත ඔවුන්ගේ ජීවන චර්යාව යැපුනේ සියවස් ගණනක නොපෙනෙන දුරාතිතයේ සිටය. ’අනුරපුර’ මහවාසළ පැවති යුගයේ ඔවුන් අර්ධ ම්ලේච්ඡයන් ව සිටින්නට ඇත.
පෙර ලිපියක ලියැවුනු ’මී-බඹර පැනි’ වද මෙන්ම දඩමස් ඈ වනයේ සම්පත් භුක්ති විඳිනට ඔවුන්ගේ අතහිත පතන්නට ගැමියෝ ද පුරුදුව සිටියහ.
බ්‍රිතාන්‍ය සිවිල් නිලදරුවන් සහ ඔවුන්ගේ හිතමිතුරු පිරිස් මේ ආදිවාසි දනන් පිළිබඳව මහත් ආයාසයෙන් රැස්කර තබාගත් වාර්තා ඇසුරෙන් සංගෘහිතු පොත්පත් වලට පින්සිදුවන්නට පරපුරෙන් පරපුරට ලක්වාසීන් ද තම මව්බිමේ එදා විසූ නියම ආදීවාසීන් ගේ එදා තොරතුරු අද දැුනකියා ගනිති.
’තලගොයි දඩයමේ’ පිටත්ව යන්නට තම ප්රියවන්තිය වෙතට ඇරයුම් කරන වැදි මානවකයාගේ අයැදුමකි මේ. මෙහෙයුම සඳහා නික්මෙන්නට සැරසෙන දෙදෙනාගේ වාහනය ’මී ගවයෙකි’.
මා මිනි මා දෙයියා දෙයියා දෙයියා දෙයියා දෙයියා .....
කබෙන් පා බල යක්කම වේ... යමු දෙන්නා....
බීමෙන් යන්නට බොල් පිනි බැරි නම්.....
වඩානා මිමා ලණු බැඳගං.... යමු දෙන්නා...
මීමා පිටේ යමු දෙන්නා ... ගෝ බිඳු කැලේ යමු දෙන්නා...
ගෝයා පුච්චා කමු දෙන්නා...ගෝ කුර පුච්චා කමු දෙන්නා....
ගෝ ටුඹ පුච්චා කමු දෙන්නා.. ගෝ බඩවැල් ටික තට දෙඤ්ඤා...
ගෝ අකුමා ටිකා මා කඤ්ඤා...
වැල්කොබ්බෑ වල .. දුන්න නමාගෙන ... එන්නේ ඔරගල මාලොකුවෝ....
අගර නැටුම් නටන නංගීට රූබර බෙරපද ගච්චා පෝ ....
රූබර නැටුම් නටපෝ..වල් අත්තේ නටපෝ...
චොද චොද නැටුම් නටපෝ..අපටත් වෙත්තිල බෙදපෝ....
මෙත්තට ආවා බොල දෙයියෝ...
තං තදිනානේ තදිනානේ.....
(වෛද්‍ය ආර් එල් ස්පිටල්, ෂෙල්ටන් ප්‍රේමරත්න, විමල් ජේ සාගර - 1972 -සිනමා පටය - ’හිතක පිපුණු මල්’)
පාදක සටහන
වැදි ජනතාවගේ ආගම ’නෑ යකුන් ’ පිදීමයි. එනම් තමන් අතර ජීවත්ව සිට මියගියවුන් දේවත්වයට පත්කර ඇදහීමයි. ඔවුනට බලිබිලි පුද පුජා පිළිගන්වා යදින පිහිට ලැබී තම දඩයම සරුසාර වෙතැයි ඔවූහූ විශ්වාස කරන අතරවාරයේ එය නොසළකා හැරීම නිසා තමන් මියගියවුන්ගේ වෛරයට පාත්‍ර වී, කරදර හිරිහැර විඳින්නට සිදුවෙතැයි බියවෙති. ’යක්කම’ නම් ඒ යාතුකර්මයයි. ’කිරිකොරහ’ නැටීම ද එබඳුය. එහිදි ඔවූහූ පරළවෙති.
’මීමා’ එනම් මී ගවයා නම් වාහනය අරා වනය තුළට පිවිසෙන්නේ ’ගෝ බිඳු’ එනම් තලගොයි දඩයම් කිරීමය. තලගොයා, කුර සහිත ගාත්, වල්ගය පුච්චා කමු යැයි වැදි මානවකයා සිය පෙම්වතියට යෝජනා කරයි.
අක්මාව තමන්ට ද තිට බඩවැල් ද දෙන බව කියාසිටින්නේ ඇයව විනෝදමත් කිරීමටය. මේ සියල්ල තලගොයා ගේ අවයවයන්ය. ඒවා වැද්දන්ගේ මතුනොව ගැමියන්ගේ පවා රසවත් ආහාරයකි.
’ඔලගල’ රෑහේ මහඇත්තා (නායකයා) එහි පැමිණෙනු ඇත්තේ ’වැල්කොබ්බෑ’ වැලකින් තැනූ දුන්නක් අතැතිවය. ඉතිං.. ’නංගීට’ නටන්ට ලස්සනට බෙරපද වයාපං.... අතු මිටියක් ගෙන සොළවමින් නටාපං..
නටන ගමන් අපටත් බුලත් දීපං....
’මාලොකු’ නම් මහියංගන ආශ්රිත වැදි ජනතාවට පුජෝපාහරයට පාත්‍ර වූ, දෙවතාවියකි. ජනවහරේ කියාපාන්නේ ඇය සමනල සිරිපා අඩවිය අධිගෘහිත ’සුමන සමන්’ දිව්‍යරාජයා ගේ අක්කන්ඩිය බවයි.
’චොඳ නැටුම්’ නම් අසල්වැසි ජනවාර්ගය වූ සිංහලයන්ගේ වහරේ ඇති ’හොඳ නැටුම්’ ය.
වැද්දන්ගේ සංස්කෘතිකාංගයන් අතර ඔවුන්ගේ ’නැටුම’ සිත්ගන්නා සුඵය. කොළඅතු මිටියක් අතැතිව ඔවුන් නටමින් එකිනෙකා පසුපස පේළියට වටයක් සැදී ගමන් කරයි. මෙහි විස්තර කෙරෙන්නේ එවැන්නක් වන්නට ඇත.
(විශේෂ ස්තුතිය - හද ගී පොත බ්ලොග් අඩවිය මෙහෙයුම් කරු තිස්ස දොඩංගොඩ සහෘදයාට)
නැවත දිනක මෙහි එන්න ............
Eda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.com4tag:blogger.com,1999:blog-4444846852168595125.post-42851658403767231482024-02-28T21:51:00.000-08:002024-02-28T21:51:07.276-08:00දුර යුගයක ගැමි වරුණ - 08
සිංහල ගීත සාහිත්‍යයෙන් මතුකළ එදා ගම්මානයේ අසිරි සිරිය........... 08
අඩසියවසකට එපිට යුගයක දිවි ගෙවූ ලාංකීය ගැමියන්ගේ නිවෙස් ආශ්‍රීතව ’ළිං’ කැණ තිබූනේ නම් ඒ පහත් බිමක, තැන්නක, ජලාශයකට ආසන්නව වන්නට ඇත. සෙස්සෝ නිවසේ ඉහුම් පිවුම් අවශ්‍යතා සඳහා දිය ගෙන එන්නට බැහැර යා යුතුව තිබිනි. මේ කටයුත්තේ යෙදුනේ ’ළඳුන්’ ය. ඔවුහූ මැටි කළයක් පමණක් ගෙන යන්නේ නම්, පෙරළා එන්නේ බොහෝ විට එය උකුළේ රුවාගෙනය. මේ දසුන ආශ්‍රිතව ගෙතුන මැවුනු කලා නිර්මාණ එමටය. මූර්ති කැටයම්, සිතුවම්, ගී කවි ඒ අතර ප්‍රමුඛය. දුෂ්කර වියළි පදෙස් හි වෙසෙන්නෝ බඳුන් කිහිපයකට දිය ගෙන එති.
එවැන්නන් හට රිසිසේ පැන් පහස සළසාගත නොහැක්කේමය. වත්මනුන් මෙන් ජල සම්පත අපතේ යන්නට සැළැස්විමේ හැකියාවක් ඔවුනට තිබුනේ නැත. ස්නානය සහ රෙදි සේදීමට යන ගම්වැස්සෝ එහිදි සිය කටයුත්ත සිදුකරගන්නා අතරවාරයේ අල්ලාප සල්ලාපයේ යෙදෙති. වන්දනා ගමනකට හැරෙන්නට ඉඳ හිට හෝ ගමෙන් බැහැරට පා නොතබන්නෝ හමුවුයේ එහිදි නොවේනම් කඩමන්ඩියේදීය.
මගතොටේදී හමුවෙන ආගන්තුකයන් හා සල්ලාපයේ යෙදෙන්නට හිරිමල් වියේ ළඳුන් මැළිවන්නේ, ගැමියන්ගේ රොස්පරොස් ඇනුම් බැනුම් දොස් අසාගන්නට සිදුවේ යැයි බියගනිමිනි. ඉක්මන් ගමනින් නිවස කරා පියනගන ඇය කුමක් හෝ හේතුවක් ඉදිරිපත් කරමින් තමා හා දොඩමඵ වන්නට එන්නන්ගෙන් මිදී වසන් වී යන්නට තැත් දරයි. අවසනදී ඔහුගේ සිතබිඳි ඇති බව දන්නා ඇය ඔහු පැතූ පිළීතුර සපයයි.
මොකද මැණිකේ හනික යන්නේ ...? තාම නෑනේ රෑ වෙලා ......
කලයේ දිය නෑ..ළිපට දර නෑ... මග ඇතී අම්මා බලා ......
ඔහොම.. පිටු පා ඒ දවස්වල කිසිම දුකදී නෑ ගියේ ...
ඔය නෝක්කඩු කියන බව ඔබ දන්නවා මම නම් ප්රීයේ ...
ලගදී ඉඳලා වෙනස් වීලා වාගේ මැණීකේ මා කෙරේ....
සත්තකට නෑ ඇත්තමයි සුදා ඒ වගේමයි ආදරේ............
(කරුණාරත්න අබේසේකරයන්ගේ ගී පද සංගීතවත් කොට ගැයුම දේවානන්ද වෛද්යසේකරගෙනි සහය මාලා නන්දනී - 1955?)
සරු අස්වනු ගෙට ගත් පසු, සිත් සනහන, සැහැල්ලු සිතින් ගතින් කල්ගතකරන හෙළයන්ගේ මහ සැණකෙළියේ අව්‍යාජ විසිතුරු අත්විඳින්නට නම් යමෙකු දිවිගෙවිය යුතුව තිබුනේ දුර ඈත ගොවි ගම්මානයකය. ඒවා සංකර ව, නාගරිකරණයෙන් දුෂිත වන්නට පෙර යුගයක පැවති විසිතුරු දැන් ශේෂව පවතින්නේ සාහිත්‍ය නිර්මාණයන් හි පමණකි. ’නාගරිකරණයට’ වහ වැටී එකා දෙන්නා නගර කරා සංක්‍රමනය වීම ඇරඹුනේ 70 දශකයේ මුල තරම් ඈත යුගයකදීය. එහෙත් එහි අවසන් කාලපරිච්ඡේදයේදී එය සිඝ්‍රයෙන් ඉහළ ගියේය. ගමට කොටුවි සිටි අවිහිංසක, කෝළ හැගුම් ඇත්තාවු යුවතියන් ’සරුව පිත්තල’ ලෝකයකට වහ වැටී පෙරනොවූ විරූ ලෙස නගර කරා ඇදී නවාතැන්ගෙන රැකියා කරන්නට පටන් ගත්තේ 1978 සිටය. එකිනෙකා හා බැඳුනු සාමාජ වගකීම් ලිහි බිඳි ගොස් විසිරි ගිය පවුල් ඒකකයේ දරුවන් ගේ ඛේදජනක පුවත් වාර්තා සමාජයට හෙළිදරවු වන්නේ ඉඳහිටය. වසන් ව ගිය සිදුවිම් එමට තිබිය හැකිය.
’සිංහල අවුරුද්ද’ ලාංකිකයාගේ ප්‍රමුඛතම ජාතික උත්සවයයි. වානිජකරණයට ලක් වන්නට පෙර, එහි පරම රමනිය විචිත්‍රතත්වය ළපැටියන් ලෙස එදා වින්දනය කළෝ, අතීතයට පිවිස, සිය මතක සැමරුම් සටහන් මහත් අභිරුචියෙන් සිහිකැඳවති. එයාකාර සුන්දරත්වය නැවත විඳගැන්මේ උන්මාදයෙන් පෙලුනද, විපර්යාසට ලක්වි ඇති සමාජයක එය යථාර්තයක් විමේ සම්භාවිතාවය අවමය.
අටුකොටු පමණක් නොව ගහකොළ ද මලින් ඵලින් බරවෙන්නේ බක්මහේදීය. උෂ්ණකලාපීය රටකට ආවේනික කාලගුණික තත්වයන් ගේ කටුක බව වඩාත් තිව්ර වන මේ අවධිය හෙළයන්ට ’වසන්ත සමයකි’.
අද මෙන්ම එදාද, කලහකාරී, පිඩාකාරී, ඝෝෂාකාරී නගරය සුසාන බිමක වෙස් ගන්නේ, මතු කි ලෙස එහි පැමිණි වැසියන් පෙරළා සිය ගම්බිම් කරා යන බැවිනි.
අරිසෙන් අහුබුදු ශූරීන් පන්ඩිත් අමරදේවයන් සමග එහි නෙක විසිතුරු දුටුවේ මෙඅයුරිනි.
කෝමළ වසත් කුමරි, නමත් මිහිරි...චාමර ගෝමර ....රැඳි මනරම්...
නව සිරිනි...මල්බරිනි.....වැජඹේ වැජඹේ....
මල් මල් ගුමු ගුමු ගන්වන්නී...මී වදවල පැණී පුරවන්නී...
කුරුඵ සරින් කන් පිනවන්නී...මුඵ ලොව උයනක් කරවන්නී......
ජම්බු ගහට රත පොරවන්නී..බක්මී ගහ කහ අන්දන්නී...
අඹ දඵ ළා රත තවරන්නී..මිහිකත විසිතුරු කරලන්නී....
එරබුදු පැහැයෙන් පුරවන්නී..නාගස් සුවඳන් කැරළන්නී..
විලේ නෙඵම් මල් පොපයන්නී....
අරිසෙන් අහුබුදු ගී පද සංකල්පානව පන්ඩිත් අමරදේවයන් විසින් නව්‍යකරණයට බඳුන් කරන ලදුව, 70 දශකයේ පටිගත කරන ලද්දේ ගුවන් විදුලියේදීය. ගැයුම - පන්ඩිත් අමරදේව ඇතුඵ ගායිකා පිරිස.
පිබිදුනු සිතින්, හසරැල් නංවමින්, කෙළි දෙලෙන් තුටින් කල් යවන්නට ඉතිරිව පවතින එකම සමිත කාල පරාසය ’සිංහල අඵත් අවුරුද්ද’ යි. ලැබුනු විවේකය එසේ කෙළි කවට බස් තෙපළමින් ගතකරද්දී, ඔවුහූ විවිධ ක්‍රිඩා ඉසව් වල නිරතවන අතර ඒවා සියල්ලම පාහේ සාමූහිකත්වය, අනf්‍යා්න්‍ය සුහදතාව සමිපබව වඩවන වාදබේද දුරු කරන දමයි. පංච දැමීම, ඔළිඳ කෙළිය වැනි ගෘහස්ත ක්‍රිඩා ද අං ඇදීම, පෙරපොල් ගැසීම, චක්ගුඩු පැනීම, මේවර කෙළිය එළිමහන් ක්‍රිඩා මෙන්ම දෙවියන් උදෙසා ගෞරව බුහුමානයෙන් සිදුකරන යාතු කරම් ලෙස සැළකේ. එනම් පිළීවෙතින් පෙළගැසෙමින්. කිසියම් සිමා බන්ධන ඇතිකරගනිමින්, එක්තරා අන්දමක හික්මීමකින් යුතුව ඒවා සිදු කරන්නට නියමිතව තිබුනි. මේ අතරින් කුඩා දරුවන් ’බිංකුන්ඩා’ නම් වූ පස් තට්ටුව මතුපිටට යටින් දකින්නට ලැබෙන පණු වර්ගයා උපයෝගී කරගනිමින් එක්තර කේවල ක්‍රීඩාවක නිතර වෙන්නේ ගී ගයමින්ය.
තෝත් නාටපිය මාත් නටන්නම්...
බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ....
තොට පොල් බෑයයි.. මට පොල් බෑයයි...
තොට බත් හැන්දයි ..මට බත් හැන්දයි....
(කමල් ඩී අතුකෝරාළ - 1972)
මහගු ඔසුවක් බඳු ’මී පැණි - බඹර පැණි’ ආහාරය සඳහා එක්කර ගන්නට වැදි ජනයා පුරුදුව සිටී. එසේම ගැමියන්ද ඒවා සොයා වන වදිති. වනස්පතී වෘක්ෂයන්හී සහ හුදකලා පර්වත බිත්ති මත ඒවා ගොඩනගන්නේ මි මැසි - බඹර කැළ විසිනි. බඹර වද නෙළිමේ අන්තරාකාරී කාර්යයේ නිරතවන්නෝ එය මනාව පුරුදු පුහුණු වී සිටිති. රැගෙන යන පන්දම දල්වා වදය දුම්ගසන්නේ එය පිහිටා ඇති තැනට රඳවා ඇති ලණු ඉනිමගේ ඉහළට නැගීමෙනි. අතපසු වීමකින් පහළට පතබැවී අත්වන නියත මරණය මෙන්ම බඹරුන් ඇවිස්සීමෙන් උන්ගේ විෂදළ පහරට ලක්වී රෝගාතුර විය හැකිය. මොරමල් පිපෙන කාලයට රොද බැඳී මී මැස්සන් ගේ මී වද පැණි පිරී ඇතැයි කියැවේ. ඒ අනුව එය මී වද කැඩීමට වඩාත් සුදුසු අවධියයි.
සිව්පද ජනකවි අතර ’බඹර කැපීමේ’ කවි ද ඇතුළත්ය. සහයකයා සමග බැද්දට යන බඹර කපන්නා, ඒවා ගායනා කරයි. මෙහි කියැවෙන ගැමි තරුණයා ඒ කටයුත්තට සහභාගි කරවාගෙන ඇත්තේ නෑනන්ඩියයි ඇය හෙළ පහළ රඳවා ඔහු සිය කාර්යය ඉටු කරන්නට සූදානම්ය. වැදගත් භාරදුර කටයුත්තක යෙදෙන විට ඔවූහූ බැද්දට අධීපති කන්දේ දෙයියන්ට යාතිකා කරති. පිහිට ආරක්ෂාව පතති. එසේ කරන්නේ කොළ අතු කැබැල්ලක් එල්ලීමෙනි. ’රෑස්ස ගහ කොළ සහිත වනය ජනවහරේ ’මහ මූකලාන’ ය. එහි අතුරු අන්තරා බහුලය. ඇතැම් වනසතුන් මිනිසුන් මගහැර සැගවී යද්දී, අහම්බෙන් මුණගැසුනු ’වළසා’ රුදුරුය. වහා සිය ඉදිරි ගාත් අමෝරාගෙන සෘජුව කඳ කෙළින් කොට තබා ගන්නා ඔහුගේ ශක්තිමත් ඉදිරි බාහුවෙන් පහර කන්නාගේ සිරුරේ මස් ගැලවී එල්ලා වැටේ. අත්තක වෙළි සිටිනා පිඹුරා ගේ ග්‍රහණයට හසුවන්නා ඔහුගේ තෙරපුම නිසා සිරුරේ අස්ථි බිඳිමේ අවදානමට පාත්‍ර වේ. දෙවියන්ට භාරහාර වූ වනයට පිවිසෙන්නේ ඒ නිසාය. ඈත වනන්තරයට රිංගා නොගොස්, බඹර වද කැපීම සිහිනයකි. බඹර කපන්නාු සහ ඇය මෙළෙසින් සංවාදයේ යෙදති.
බැද්ද වටට සුදුමොර මල් පිපීලා....
සද්ද කර බඹරු ඒ වග කියලා .....
ඉටි ත් පැණිත් ලොව හැමටම බෙදාලා ...
යන්නන් බඹරු දුක් මැසිවිලි කියාලා......
කන්ද දෙයියන්ට පින්දීපං නෑනෝ ...
පින්දෙඤ්ඤං අයියන්ඩි පිංදෙඤ්ඤකෝ
කොළ අතු කපාලා එන්නකෝ නෑනෝ...
එල්ලඤ්ඤං අයියන්ඩි එල්ලෙඤ්ඤකෝ...
අයියන්ඩියේ සීරුවෙ වැල්පොටේ බසී...
මාදෙ ගලට වැහි වැහැලා.....
(සී ද එස් කුලතිලක ජන සංගීත පර්යේෂන ගී, ටී එම් ජයරත්න සමග නීලා වික්‍රමසිංහ - 1975)
දෙසතියක විරාමයකින් නැවතත්......
Eda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.com2tag:blogger.com,1999:blog-4444846852168595125.post-91248208508829714402024-02-14T20:44:00.000-08:002024-02-14T20:47:46.320-08:00එදවස සිංහල ගම්මානය - 07
සිංහල ගීත සාහිත්‍යයෙන් මතුකළ එදා ගම්මානයේ අසිරි සිරිය..................... 07
හේන් ගොවිතැනෙහි දී, ගැමියා ට මහත් සේ කහ වෙහෙසන්නට සිදුවෙයි. තෝරාගත් බිම් කොටස එළි පෙහෙළි කිරීමට දින කිහිපයක් ගතවිය හැකිය. විසකුරු සර්පයන්ගෙන් සහ කටු සහිත ශාඛයන්ගෙන් බේරී සිටීමට ’වාංපතුල්’ නම් වූ පදම් කරගත් ’හරක් හම් කැබැලි දෙකක් වැල් පොටකින් පාද වලට තබා ගැට ගසනු ලැබේ. විවිධ කැති, පොරෝ.උදඵ ආදී වානේ ආම්පන්න සහ උපකරණ ඒ සඳහා යොදාගනී. ඉන් පසුව එය ගිනි තබනු ලබයි. පසුව වනයෙන් කපා ගත් දැව දඞු සිටුවා අටවා ගන්නා ඉනිවැට බොහෙවින් ශක්තිමත් විය යුත්තේ වල් ඌරන් රංචුවක ආගමනය පවා මැඩපැවැත්විය හැකි වන පරිදිය.
මිරිස්, පුහුල්, වට්ටක්කා, කැකිරි, මෑ වර්ග, අල වර්ග වැනි බෝග අස්වැන්න නෙළා ගන්නට කල්ගත නොවේ එහෙත් ඇල් වී සහ කුරක්කන් එසේ නොවේ. ’තල’ ’බඩ ඉරිගු’ ’මුං’ හේන්ද මෙම ලැයිස්තුවට අයත්ය.
උස් ගසක හෝ දැව දඞු මත පැලක් අටවා ගැනීමද අත්‍යවශ්‍ය කටයුත්තකි. භෝග වැපිරීමෙන් පසු එහි සිට රෑ මැදියම් පුරා පැල් රැකිම සිදුකළ යුතුය. නැතහොත් මේ දක්වා දැරූ උත්සහය අපතේ යා හැක්කේ භෝග වනසතුන්ගේ ආහාරය බවට පත්වීමෙනි. ඒ අනුව අස්වනු නෙළා ගැනීම එනම් තම මහන්සියේ ප්‍රතිඵලය අත්කරගැනීම සැබැවින්ම ඔහුට ජය මංගල්ලයකි.
ගම්මානයක ජනජිවිතය කැටිකොටගත් කලා නිර්මාණයන්හට රසිකයන් මහත් සේ පෙම්බැන්දේ ඔවුන්ගෙන් බහුතරයක්ම ගැමියන් හෝ දිවියේ එක්තරා අවධියක ගැමිපරිසරයක හැදී වැඩුනු නිසා වන්නට ඇත. 50 දශකයේ ලංකා ගුවන් විදුලි සේවය විසුරුවා හැරි ’කුරුඵ බැද්ද’ සහ එය පාදක කොට එනමින් නිපැයූ සිනමා කෘතිය ද එය ලද අසාමාන්‍ය ජනප්රසාදය නිසා පසුව රගදැක්වුනු ’මුවන් පැළැස්ස’ නාටකය සහ එයින් හැදුනු සිනමාපට ත්‍රිත්වයද රසිකයන් ගේ නිබඳ බුහුමනට පාත්‍ර විය.ප්‍රවින සිනමාවේදීන් වූ ධර්ම ශ්‍රී කල්දේරා, යසපාලිත නානායක්කාර, මූ අරුක්ගොඩ පිළීවෙලින් ඒවා නිර්මාණය කර දුන්නේ ප්‍රේමසිරි කේමදාස සහ සරත් දසනායක යන මහා ගන්ධර්වයන්ගේ ගී රස කළස මුසුකරවාගනිමිනි. 1980 දශකයේ සහ ඉන්පෙර 20 වන සියවසේ මුල් යුගයේ පැවති ලක්දිව ඈත ගම්දනව්වක අසිරිය විඳගැන්මට රිසිවූවන් එකි සිනමා නිර්මාණ නැරඹීම යෙහෙකි. පහත සටහන් ව ඇත්තේ මුවන් පැළැස්ස සිනමා නිර්මාණ පෙළෙහි නැගුනු මියැසියේ ගැබ්වුනු ගැමිදිවියයි. මේවයේ කියැවුනු චරිත මනංකල්පිතය. එහෙත් ඔවුන් සැබැවින්ම එදා ගම්මානයක දකින්නට ලැබුනු චරිතයන් ඇසුරෙන් නිර්මාණය වූ බව හෙළිදරවු කළේ මෙහි රචකයන් වූ ’මුදලිනායක සෝමරත්න’ සහ’වික්ටර් මිගෙල්’ යන රසවතුන්ය.
ඒවාට රසිකයන් දැඩිව ඇඵම් කරන්නට ඇත්තේ, එවන් නිර්මාණ ජනගත වූ යුගයේ, ඔවූහු තමා වෙසෙන. අත්දකින හාත්පස පැතිරුනු තමන්ගේම ගම්මානය ඒ නිර්මාණ තුළින් ද අත්දුටු නිසා විය හැකිය. එනම් ගම ඇසුරෙන් නිර්මිත එදා සිනමා සහ ටෙලි නඵ ඔවුන්ගේ සැබෑ දිවියේම පැතිකඩ හුවා දැක්වූ ඒවා විය.
ඒවා ඔවුනට නොදන්නා පරිසරයක නොදන්නා මිනිසුන් ගැන කියන අත්භූත කතා නොවීය. එවැනි අමුතු ලොවක් ගැන දැනකියා ගැනීමට, උනන්දුවක් දැක්වීමට කාරණය කිම්ද ? ඇරත්, එයින් එදා ඔවුනට ඇති ඵලය කිම ? ඔවුන්ගේ දරු මුණුපුර සමාජිකයන් ද ඔවුන් මෙන් ගම්මානයේ හතර මායිමෙන් එහා යන්නට උවමනාවක් තිබුනේ නැත.
ඉතා කලාතුරකින් ඉඳහිට එකකු දෙදෙනෙකු ඔවුන්ගේ බසින් ’අකුරු සෑස්තරය’ ඉගෙන දුර ඇති නගරයේ පාසලට ගොස් එහිම අවට නැවතී, ඔවුන්ගේ ’සිදාදියේ’ එනම් අපේ ’නගරයේ’ රැකියාවට සේන්දු වන්නට ඇත.
මිනිස් සත්වයාගේ මූලික අවශ්‍යතා වූ ආහාර, වාසස්ථාන, ඖෂධ හැරෙන්නට වෙනත් අතිශය සිමිත අවශ්‍යතා කෙරෙහි පමණක් අවධානය යොමුකළ ගැමියන්, දඩයමින් සපයා ගත් සත්ව මාංශ කල්තබා ගැනීමට උපයෝගි කරගත්තේ සුපිරිසිදු ’මි පැණි’ ය. සොබාදහම් මාතාවගේ විශ්මයජනක අනර්ඝ නිපැයුමක් වූ ’මී පැණි’ වල අගය අසිමිතව. සිරුරේ හටගන්නා රෝ පීඩා, තුවාල සුව කරගැන්මට කදිම ඔසුවකි මෙ’ ’මී පැණී’ සංයා්ගය.
සිදාදියට ආ එවැනි ගැටයන් ගේ ජීවිත එතැන් හි සිට සංකීර්ණ වෙයි. එහි නෙක විසිතුරු වලින් වශිවෙන ඔහු ඒවා තමන් හට අත්කර ගැනීමේ කුතුහලයෙන් උන්මාදයෙන් පෙළෙන්නට පටන් ගනී, එහෙත් ඊට කාසි බාගේ හිගය. ඔහුගේ ඊලග ඉලක්කය දිවා රෑ නොබලා බැලමෙහෙවරෙහි යෙදෙමින් ඊට කැපවීමයි, එසේ කරන්නට අපොහොසත් වූවෝ අසහනයෙන් පෙළෙන්නට පටන් ගනිති. බලහත්කාරයෙන් පටවා ගත් මනසින් විඳීන දුක් පීඩා විසින් ඔහුව පළමුව මානසික රෝගීයෙකු බවට පත්කර දෙවනුව කායික රොගීයෙකු ලෙස කිරුඵ පළඳවන්නේ නිරයකය. එයින් ඔහු අකාලයේ අහිමිකරගන්නේ උතුම් මිනිසත්බවය.
පැණිමොර මල් වෙනදා මෙන් පිපේදෝ........
තුරුමුදුනේ රස මීවද බැඳේදෝ ........
දුටුව සිහින යළි සැබැවින් පෙනේදෝ....
යන එන තැන මග මරුවැල් ඇදේදෝ.....
කන්දේ දෙවියනේ ...ලෙනගල මුදුනේ වෙසෙනා කන්දේ දෙවියනේ.....
ජීවිතයට නොකළ වැරදි පවට පැටලිලා ...
නිති සපුන් ලුහුබැඳ එන්නේ...
වන ගංගා ලේ කොටුවෙන්නේ...
උපන් කැලේ සිරගේ කොට මන්ද පෙළන්නේ...
එයින් එහා නෑ පැනයන්නේ...
මිනිසා මිනිසෙකු බිලිගන්නේ ...
(මුවන් පැළැස්ස - 02 තේමා ගීතයේ පද ජෝර්ජ් ලෙස්ලි රණසිංහගෙනි. සරත් දසනායක සත්සරයේ ගැයුම ටී එම් ජයරත්න - 1980)
02 ළමා ළපටි දෙමව්පියෝ ... කුරුඵ කොබෙයි පුංචි මුවෝ...
තුරු වදුලේ සෙවණැල්ලේ .. සෙනේ වඩනවා...
වන අරණේ ගෙයින් ගෙයට අවිහිංසක කවි සීපද ගමෙන් ඇහෙනවා...
පිපියන් පැණී මොර මල් වෙනදාමෙන් පිපීයන්...
මැවීයන් තව ලස්සන මැවියන්.... වනාන්තරේ තව ලස්සන මැවීයන්
(මුවන් පැළැස්ස - 03 තේමා ගීතය සුනිල් ආරියරත්නගෙනි, සංගීතය ප්‍රේමසිරි කේමදාස, ගැයුම නන්දා මාලිනී - 1983)
සටහන
කන්දේ දෙවියෝ එදා ගැමියන්ගේ දුක් දෝමනස්සයන්, වගාහානි, වගාපාඵ, වනසත්ව උවදුරු, වසංගත හමුවේ ඔවුන් පිහිට පැතූ අදිසි බලවේගයයි. උතුරුමැද, ඌව, නැගෙනහිර කලාපයන්හී ඔවුන් හා සමිප සබඳතා පැවැත්වූ ’වැදි ජනතාව’ අදහන්නේ ද ඔහුමය. ’කන්දේ යකා’ ලෙසද හැඳින්වේ.
ඈත වන්නිකරයේ ගැමියන් තමන්ගේ දුක් කම්කටොඵ,රෝ දුක් බිය නිරාවරණය පතා පිහිට අයදින්නේ ප්‍රධාන ධාරාවේ ’දේව මන්ඩලයට’ ද වඩා ’කන්දේ දෙවියන්ටය’. අදිවාසි වැදි ජනතාවගේ ආගමික විශ්වාසයන් ගොණු වි පවතින්නේ මේ ’කන්දේ දෙවියන් වටාය. ඔවුනට අනුව ඔහු වැඩ ඉන්නේ වනමැද මහ ගල් පර්වතයකදීය.
මහ මූකලානේ ගල් පර්වත ආශ්‍රීතව බවුන් වැඩූයේ භික්ෂූන්ය. ඒ හැරුනුවිට යෝගී තාපසයන් ද ඒ කර්තව්‍යයේ නිරතව සිටියහ. එක්තරා නොදන්නා ඈත අතීතයක භාවනානුයෝගීව සිටිමින් මහ අධ්‍යාත්මක බල උපදවා අත්කරගත් යෝගීන් වෙසෙන්නට ඇත. ’කන්දේ’ දේවත්වයට නංවා ගරු බුහුමන් දක්වන්නේ එවැනි අයෙකුට විය හැකිය. එදා ආදිවාසින් ඇතුඵ ගැමියන්ගේ මුතුන් මිත්තන්ගේ ලෞකික අවශ්‍යතාවයන් නොපමාව ඉටුකරදෙමින්, ඔවුන්ගේ දුකට පිහිට වූ යෝගීන් එමට සිටින්නට ඇත.
දැඩි නියං කාලයක ’වැසිවාර’ හටගැන්වීම, වසංගත රෝග උපද්‍රව පැතිරෙද්දී, ඒවා ට ඇවැසි වන ශාක ඖෂධ නම්කර සපයා ගැන්මට උදව් කිරීම, කෘෂිකාර්මික කටයුතු වලදී නැතිවම බැරි හරකාබාන සම්පතට වැළඳෙන රෝග සමනය කර දීම මෙකී යෝගීවරුන් විසින් ඉටුකරදෙන්නට ඇත. අද පවා එවැන්නෝ පොදු සාමාජයෙන් දුරස් වී හුදකලාව සිය අධ්‍යාත්මික ගවේෂනයේ නිරත ව සිටියත්, ලෝ සත්වයන්ට කරුණාවෙන් අධාර උපකාර කිරීමේ ’මෛත්‍රි’ කරුණා දයා ගුණය අනුව, නිසි පමනින්, නිසි කලට ඔවුන්ගේ දුක් පිඩා අවම කරගැනීමට පිහිට වනු ඇත.
මහ පර්වතයකදී මහබැද්දේ සතුන් දඩයමින් දිවිගෙවූ ’වෙඩික්කාරයන්’ සිටියහ. මාලා නාටකයේ දී ඔවුන්ව නියෝජනය කලේ ’කදිරා’ චරිතයයි. මතු කියැවෙන පදවැලේ ඔහු රජයේ නිලදරුවන්ගෙන් විඳි ගැහැට හුවා දක්වයි. ’ආරච්චිල’ නිතිරිති ක්රීයාවෙහි යෙදවූ නිසි බලධාරියාය. එකී තනතුර දෑරූ ඇතැමුන් අහිංසක ගැමි ජනතාවට සිදුකල හිරිහැර. අසාධාරනකම් එමටය. රූපත් ගැමි ළඳුන් ඔවුන්ගේ ග්‍රහණයට ලක්විමේ කිසිවෙකුගේ හෝ අභියෝගයට ලක්නොවේ. කලෙක හම්බන්තොට දිසාපති ධූරය හෙබවූ ලෙනාඩ් වුල්ෆ් ගේ ’බැද්දේගම’ නවකථාව සහ එයින් බිහිවුනු ’සිනමා පටය’ මෙය කදිමට චිත්රනය කරන්නට සමත් විය. සතුන්ට වෙඩිතැබීම සඳහා ඇටවු කදිම උගුලකි ’මරුවැල’ එහි එක් කොනක් සම්බන්ධ වන්නේ වෙඩි බෙහෙත් කොටන තුවක්කුවේ කොකාටය එය පෑගුවිට කොකා ගැස්සී, ගොදුර වෙඩිපහරට ගොදුරුවෙයි.
සී ද එස් කුලතිලක,ධම්ම ජාගොඩ, රෝහණ බැද්දගේ ඇතුඵ පිරිසගේ ’පළිගු මැණීකේ’ රූපවාහිනි ටෙලි සිත්තම (1984) විසිවන සියවසේ අවසානයේ ගම්මානයේ පිරිහීම සාකච්ඡා කරයි.
යටත් විජිත යුගයේ අවසන් සියවසේදී එනම් ඉංග්‍රීසින් විසින් ලක්දිව කිරුඵ දැරූ යුගයේදී උඩරට ගම්මාන ඇතුඵ මුඵ දිවයින පුරා ගැමියන්ගේ ජන ජිවිතය උඩු යටිකුරු වූයේ ඔවුන්ගේ සාම්ප්‍රදායික කුල ධූරාවලිය කඩාකප්පල් වී ගිය නිසාය. පිය පුතු උරුමයෙන්, සිය සෙසු සගයන් ද හා එක්ව සිදුකල කාර්යභාරයන් රාජකාරි අහිමි වි යන තැනට වැඩ සැළසුනු ඔවුන් හට අවසානයේ තමන් පරම්පරාවෙන් වගාකළ ගොවිබිම් ද අහිමි කරන ලදුව, අන් කිසිවෙකුගේ බැළමෙහෙවරෙහි යෙදෙමින් ජිවිකාව සළසා ගැනීමට සිදුවි තිබින. ප්‍රභූ පවුල් වලට මෙහෙවර කරන්නට සිදු වී, ඔවුනට ගැති වී, අහිමි කරගත් අභිමානය කරණකොටගෙන අවසානයේ ’නිවටයන්’ බවට පත් කෙරූ ගැමියන්ද විය. පෙරකී ගැමි මාලා නාටකයේ ’පිනා’ චරිතය ගොඩනගාගන්නට මෙවැන්නන් ගේ කල්ක්‍රියාව හේතුවන්නට ඇති බව නිසැකය.
ඔවුන්ගෙන් ඇතැමුන් ඉංග්‍රීසීන්ගේ වතුපිටිවල කුළියට වැඩ කරමින්, ඔවුන් ගේ උසස් නිලධාරීන් සහ ඒ නිලධාරින්ගේ ඌෂ්ණය අරෝපනය කරගත්තවුන්ගේ එනම් ’හාමු’ මහතැන්ලාගේ වැඩකරුවන් විය. ’හඳයා’ නාමය ලැබුවේ ’ගොන් වස්සන්ය’ එහෙත් ඒ නමින් උක්ත කී ගනයේ මිනිසුන්ද නොසිටියා නොවන්නට ඇත. ’හාමු’ ලා දිවිගෙවූ සුණු පිරියම් කළ, උඵ සෙවිලි කල නිවෙස් නැතැතින්ම ’බංගලා’ විය. ඒවා රජදවස දිවිගෙවූ ප්රභූවරූ නිවැසි ’වලව්’ හා සමව පැවතින. කිසියම් අවශ්යාතාවයකට (මෙය බොහෝ විට අග හිගකම් නැති බැරිකම් විය) ’බංගලාවට’ ගිය මේ නිවට ගැමියන් ගර්වයෙන්, අහංකාරයෙන් පෙඵනු හාම්පුතුන් හමුවේ නිරුත්තර විය. ’ඇයි උඹ මේ ඉසව්වේ...?’ පැණය ට පිළීතුර හැමවිටම ’නෑ අපේ හාමු මහත්තයෝ මේ...මේ... නිකං ආවා..........’ විය.
ධනයෙන්, පිරිස් බලයෙන්, සමාජ තත්වයෙන්, කුලයෙන් අඩ්ය වූ සිමිත පවුල් කිහිපයක් එක් එක් ගම්මානයකට බෝවීමේ වසංගතය ඇරඹෙන්නේ ’යටත් විජිත යුගයේදීය’. ඔවූහූ ඉංග්‍රිසි නිලදරුවන්හට ඉතා යටහත් පහත්ව සිටිමින්, ඔවුන්ගේ කුදු මහත් අවශ්‍යතා නොපැකිළිව ඉටුකරදුන් පුද්ගලයෝ වූ අතර ඊට හිලව් ලෙස පදවි තානාන්තර සහ ඇතැම් විට ඉඩකඩම් යායවල්ද තමන් සතු කරගන්නට ඔවූහූ සමත්වූහ. එතැන් හි සිට අහිසංක ගැමියන්, බලය පා තමන්ගේ අණසකට නතුකරගනිමින් ඇතැම් විට ඔවුන්ගේ සාමාජිකයන්ගෙන් සහ සාමාජිකාවන්ගෙන් සියඵ ආකාරයේ කායික අවශ්‍යතා හා වෙනත් දෑ ඉටුකරගත්තේ නොමිළයේය. ඊට හිලව් ලෙස තමන් ඉහළට බැළමෙහෙ කර අත්පත් කරගත් දේපොළ, වතුපිටි වලින් සිය නිවාස, ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට ඉඩදෙන ලදී, මේ දෙකොට්ඨාශය අතර අරගලය පාදක කොටගෙන ලියැවුනු පබැඳුනු කලා නිර්මාණ මෑත අතීතය දක්වා එමටය.
බුලත් මඩියක් හපාලා,... හඳයා බංගලාවේ දොරකඩ හිටියා................
හාමු මොරොන්දං සුපිරින්ටැන්ඩන්ට් තේජස් භාවෙන් හිටගත්තා.....
’මොකටද අවේ හඳයා’ සුපරින්ටැන්ඩන්ට් ඇසුවා...
’නිකං ආවේ..රළහාමි....හඳයා..උරහිස කැසුවා....’
’නිකං මොකද මෙහි ආවේ’.... සුපරින්ටැන්ඩන්ට් ඇසුවා...
’එහෙනං නිකම්ම පලයං ’...සුපරින්ටැන්ඩන්ට් කිව්වා...
’හුගක් දෙනා අද ලෝකේ බොරුවට බයාදු වෙනවා...’
’හඳයා යනතෙක් ඉඳලා සුපිරින්ටැන්ඩන්ට් හිතුවා...
’ආපසු අත්පුඩි ගහලා ..’ හඳයව ගෙන්නාගත්තා...
මිනිහට හොඳහැටි බැනලා .. ආ කාරණේ දැනගත්තා.....
(ප්‍රේමකීර්ති ද අල්විස් ගේ පදපෙළට මියැසි රටාව ප්‍රේමසිරි කේමදාසගෙනි, ගැයුම - ෆ්‍රෙඩී සිල්වා - 1977)
නැවතත් ඉදිරි දිනයක .........................
Eda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.com12tag:blogger.com,1999:blog-4444846852168595125.post-2700450602529198192024-01-31T21:40:00.000-08:002024-01-31T21:40:03.977-08:00එදා සිංහල ගම්මානය - 06
සීංහල ගීත සාහිත්‍යයෙන් මතුකළ එදා ගම්මානයේ අසිරි සිරිය..................... 06
නව සහශ්රකය එළෙඹෙද්දී ගම්මානය යටකර දමමින් නාගරික සංස්කෘතිය වේගයෙන් පැතිර යමින් පැවතියේය. ළපැටියන්හට නිදහසේ දුවපැන ඇවිදින්නට තිබු බිම්කඩ අහිමි වි, ’උයන්’ සහ ඉංග්‍රිසි ව්යාවහරය රජකරමින් ’සිටි’ සහ ’ගාර්ඩ්න්’ වදන් වලින් හැඳින්වූ බිම්කඩවල් බිහිවුයේ ’රබර් සහ ’පොල්’ වතු අතුරුදහන් කරමිනි. එහි පැමිණි ආගන්තුකයන්ගේ පළමු කාර්යය වූයේ ලැබුනු කුඩා බිම්කොටස වටා තාප්පයක් ඉදිකර ගේට්ටුවක් සවිකරගැනීමේ කටයුත්තයි. කසළ බැහැරකිරිමේ ක්‍රමවේදයක් නොතිබුනු මෙහි වැසියන් ගෙන් ඇතැමුන් ඒවා මාවත් අද්දරට විසිකර දැමිමේ අවකල් ක්රියාවේ නිරත වූහ. ගැමිදරුවන්හට දුවපැන ඇවිදින්නට ඉතිරි වුයේ සිමිත ඉඩකඩකි. ඔවුන්ගේ වැඩිහිටියන් බතසරිකරගත් කුඹූරු යායේ කෘමි උවදුර දුරුකරගත්තේ අධීක විෂ සහිත කෘමිනාශක යොදාගනිමිනි. ඒවා නිසා රාත්‍රිය එළැඹුනු බව කියමින් සිය අපූරු සමූහ ගායනයේ නිරත වන ’රැහැයි’ ගහනයටද බලපෑම් වන්නට ඇත. විෂ මුසුවුනු දියකඩිතිවල දිවිගෙවූ මැඞියන් සහ මාඵන් වඳව යාම නිසා ඒවා ’මදුරු’ රජදහන් සහ රෝග පතුරුවන තෝතැනි විය.
’රැහැයියන්’ මුහුණ පෑ ඉරනමට ලක්වූ අනෙක් අසිරිමත් කෘමි ගහනය වූයේ ’කණාමැදිරියන්’ සහ ’රෑ බදුල්ලන්ය’. මින් දශක දෙක තුනකට ඉහත රාත්‍රි චාරිකාවක යෙදෙන්නෝ, එක පොදියට තරු කඩා හැළෙන්නා සේ ඔබමොබ ඇදීයන ’කණමැදිරි’ සේනා අතරින් ඇවිද ගියහ. විදුලි බලය රහිත ගම්මනායන් හි වාසය කළ එදා පොඩිත්තෝ මේ අත්දැකීම් හොඳහැටි විඳගන්නට ඇතිබව බව නිසැකය. එවැනි නිවස් බොහොමයක අලෝක ප්රභවය ’කුප්පි ලාම්පු’ ය. ඉඳහිට හාත්පස එළිය විහිදුවන ’පැට්‍රෝමැක්ස්’ ලාම්පූ ද නොදැල්වූවා නොවේ එහෙත් ඒ උත්සවයකදී, පිංකම් පොළකදී, ගොයම් බැත පැගීම වැනි පොදු කටයුත්තකදීය.
සිගිත්තන්ගේ රාජධානියේ පොල්කටු අං සවිකළ පොල්පිති ගොණුන් ඇදගෙන යන්නෝ මෙන්ම කොළපත් වල නැගී චාරිකා කරන්නෝ අතර පොල්අත්තක් රිටිදෙකතුනක අටවාගත් ’සෙල්ලම් ගෙයකට’ වැදී ’කෝම්පිට්ටු’ සාදන්නියෝ ද නිහඞවම තමන්ගේ කාර්යය කරගෙන ගියාය. ඔවුන්ගේ බෝනික්කන්ගේ ආහාර වේල එය විය හැකිය. හැන්දෑකරයේ ගම්මානයට පිවිසෙන්නෙකුට නිතර ඇස ගැටුනු දසුන්ය. මේ සොඳුරු අතීතාවලෝකනයන් පසුකාලීනව වැඩිහිටියන් වූ ඔවුන්ගේ නිර්මාණ කෞෂල්‍යය ඔප මට්ටම් කළහ. ඒවා ඇතුළත් කළ කවි ගී සිංදු නවකථා කෙටිකථා සටහන් බිහිවිය.
ගම්මානයේ හැදිවැඩී මතුකී සොබාදහම් මතාවගේ ඇකයේ පහස විඳී සොයුරියන්ගේ අතීතාවලෝකයකි මේ.
රෑහි රංචු හඞ අහලා ........හැන්දෑවට තරු බලන්න...
බකිනි ගහේ ඉගි කරනා කණාමැදිරි මල් ගනින්න...
ඉස්සර වගේ ගොම්මනේට අම්මා එන මග බලන්න ...
අක්කන්ඩී ඉනි වැට ගාවට යමුද හිනා මල් මවන්න...?
කුප්පි ලාම්පුවේ එළියෙන් බිත්තියේ හෙවනැලි අඳින්න...
ඉරටු ඉලක්කම් ගැනලා පුංචි කතන්දර අහන්න...
කෝම්පිට්ටු ගෙදර ඉඳං රංඩු වෙවි හැඩ කරන්න ...
අක්කන්ඩි ඒ පුංචි ලොවට යමුද හිනා මල් මවන්න...
හැන්දෑවට හඳ එළියේ සාරි පොඩිත්තක් අඳින්න...
හීතලෙට නිදි පැදුරේ තුරුඵ වෙලා නිදාගන්න..,
ලියදි උඩින් පියමං කොට දං වාරෙට දං කඩන්ට ...
අක්කන්ඩි ඒ පුංචි ලොවට යමුද හිනා මල් මවන්න...?
(ප්‍රියානන්ද විජේසුන්දර ගී සංකල්පනාව පණපෙවීම නීලා වික්‍රමසිංහගෙනි සංගීතය රෝහණ වීරසිංහ - 1979)
අතීත ගම්මානය, ශ්‍රම විභාජනය යෙදුනු පිරිස් දිවිගෙවූ සමාජයකින් සමන්විත වූහ. එය රාජ නියමයද විය. කම්මල් කරුවන්, වළං තනන්නන්, රීදීරත්රන් වැඩ කරුවන්, විහාර සිත්තම් කරන්නන්, පටපිළි සෝදා පිරිසිදු කර ඒවා සපයන්නන්, කූඵ වට්ටි පෙට්ටි වියන්නන්, දෝලා කුණම් රැගෙන යන්නන්, හේවායන්, බෙර ඇතුඵ වාද්‍ය උපකරන වයන්නන් සහ නර්තනයේ යෙදෙන්නන්, නැකත් කරුවන්, උඵවඩුවන් සහ සැළසුම් ශීල්පීන් සහ මුහුදුකරයේ ධීවරයන්, ඇතුන් අල්ලන්නන්, වෙදැදුරන්, රහමෙර සහ පොල්,තල්, කිතුල් ආශ්‍රීත අතුරු ආහාර වර්ග නිෂ්පාදකයන් යන මොවුන් සිදුකල රැකියාව අනුව අදාළ ’කුලය’ තීරණය විය.
කිතුල් සහ පොල් ගස් මගින් රා මදින්නන් ඒ අතර විශේෂිතය, රසකැවිලි නිෂ්පාදනයට අවශ්‍ය හකුරු වැනි අතුරු නිපැයුම් බිහිකරන්නේ ඔවුන්ය. ’රා මදින්නෙකුගෙන් ගැමි තරුණයෙකු කරන ආයචනයකි මේ. සුපුරුදු ජන සම්ප්රදාය අනුව ඔවුන්ගෙන් ඇතැමෙකු අව්‍යාජ ලෙන්ගතුකම පළ කරමින් වැඩිහිටියා ’මගෙ සුදු මාමේ..........’ යනුවෙන් ඇමතූ අවස්ථා අරුම නොවේ.
’කිතුල් නිෂ්පාදන’ එක්තරා ඖෂධීය ගුණයන්ගෙන් යුක්ත බව නූතන පර්යේෂන පත්‍රිකා ලිපි ලේඛන අනුව කියැවෙයි. අහිතකර ’කොලොස්ටරෝල්’ දුරුකරගැනීම මෙන්ම හිතකර කොලොස්ටරෝල් වර්ධනය කරගැනීමටද ඉහවල් වන ඒවා, ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූන, දියවැඩියා රෝගීන්ට පවා හිතකර බව සඳහන්ය.
ළපටි රා තරුණ අපටයි බෙදන්නේ ..පැහුනු රා මහඵ අයටයි ඔබින්නේ....
විනාකිරට ඉතුරු කොටස තබන්නේ.. අච්චාරු වලින් සදන්නේ..
මගේ සුදු මාමේ නෑ බෑ නොකියා රා පොඩියක් දී මා සනසන්නේ..................
ගහෙන් ගහට අතුර දිගේ නගින්නා ..ළපටි කැකුඵ මල් බල බල තලන්නා...
මන්ඩි නැතුව රා හැමටම බෙදන්නා..අනේ වාසනාවන් මේ මදින්නා....
(සුසිල් සේනාධීර ගේ ගී පද ගැයුම සී ටී ප්‍රනාන්දු, මියැසිය පැට්රික් දෙණිපිටිය -1964?)
පහත කියැවෙන යුවතියගේ පෙම්වතා ඇතැම් විට ඇයගේ ඇවැස්ස මස්සිනා ම විය හැකිය. එදා සිරිත අනුව පවුලේ ’නෑනා’ ගේ අනාගත අතපැතීමේ හිමිකම දැරුවේ ’මස්සිනා’ ය. ඔහුට ඒ සඳහා සියඵ අයිතිය හිමිය. ’ගැමිවහර’ අනුකරණය කළ විශේෂාංග වැඩසටහන්, සංගීතමය විචිත්රාංගයන්, වේදිකා සහ ගුවන් විදුලි නාට්‍යයන්, සිනමා කෘතින්ටත් වඩා බහුලව සංසරණය වූයේ නවකථා සහ කෙටිකථා නිර්මාණයන්ය.
කෙනෙකු වෙසෙසින් යුවතියක්, පිරිමි අයෙකු අමතද්දී ’ඔහේ.........’ ,මේ ඇහුණද...?, වැනි වදන් භාවිතා කළ ප්‍රාදේශිය ගැමිවහර ද අප්‍රකට නොවේ. තමන් අවමානයට පරිභවයට ලක් කෙරේයැයි හෝ එවැනි කටයුතු ’මුණේ දැළි ගෑම’ කි. ඇළේ දොළේ බඩවැටියේ, කූඹුරේ, නානතොටේ, කමතේ දී, තමන් පසුපස හිතවතෙකු ලුහුබඳී නම්, අන් අයගේ අවධානයට ලක් විමේ අවදානම දැරීමට එදවස ගැමි යුවතියෝ මැළිවූහ.
ඇල් හේන දිගේ පාන වගේ කොයි යනවද නෑනා මගේ.....?
හෙනේ ළිඳට මම යනවා...මා පසුපස ඔබ එනවා ....
ගම්මානය හිනැහෙනවා...ඔහේ..... ඔතැන නවතිනවා....
සෙවණැල්ල වගේ යනෙන මගේ දැළි ගෑවෙයි මුණේ මගේ ....
ඇයි එහෙම අනේ නැනා මගේ කරුණාවක් නැතුව වගේ....?
නියම කලට බහ දෙනවා... එතකොට හිත සැනසෙනවා....
ඔබටත් හඳ පායනවා...අනේ .....එතෙක් ඉවසනවා.....
(ඩෝල්ටන් අල්විස් ගී පබැඳුමට සංගීතය සහ ගායනය - ප්‍රේමදාස මුදුන්කොටුව සහ කුමාරි බෝතොට- 1969)
ඒ ගැමිළඳුන් හැමවිටම ගම්මානයේම මානවකයෙකුගේ බිරිඳ බවට පත්වූවා නොවේ. ’නෑනා - මස්සිනා’ පෙම් පුවත බිඳි විසිරි එකිනෙකා අහිමි වූ අවස්ථා එමට තිබෙන්නට ඇත. එහෙත් එදා ගැමි තරුණ තරුණියන්ගෙන් අති බහුතරය ඒ අහිමිවීම්, වියෝවීම් ඉරණමට පවරා ලෝ දහම් දැන හැඳින අවබෝධකරගත් අය වූහ. කිසිවිටක එකිනෙකා කෙරෙහි ක්‍රෝධ වෛර සහගත සිතුවිලි ඇතිකරගත්තේ නැත. ඔහු ද ඇයගේ හෙට දිනය සරුසාර වන්නට පැතූ ලෙසම ඇයද පෙරළා ඔහුට යහපතක් ම වන්නට පතන්නට ඇත. මේ බව නිර්මාණකරනයේදී මතුකොට දක්වා අගයා පසසන්නට එදා නවකථා, කෙටිකථා කරුවන් පසුබට නොවිය. ගැමියන්ගේ හදවත්හි සදාලැගුම් ගත්, ඔවූහු අදරින් වැළඳ ගත් ’මුවන් පැළැස්ස’ නම් වු ගුවන් විදුලි කථාංග මාලා නාටකය සිහිගැන්විම යෙහෙකි. ඒ ගම්මානයේ ඔදතෙද කැටිකොටගත් හැඩිදැඩි තරුණයා ’දඩයක්කාරයා’ පසුව ’කදිරා’ ’වීරා’ ලෙසින් නම්කෙරිනි. ඔහු තමන්ට හෝ තම අසල්වැසි ඥාතිවර්ගයාට සිදුවු අසාධාරණයකදී වියරු වැටුනෙකු ලෙස ක්‍රියා කලද කිසිවිටක තමන් හට අහිමි, තමන් ප්‍රතික්ෂේප කළ දෙයක්, බලෙන් අත්පත් කරගන්නට හෝ අයෙකුට හිරිහැර පිඩා කරන්නට ගියේ නැත.
එගොඩහ වෙලේ ඉස්මත්තෙදි දුටුවාට... ඇළ කන්ඩියේ ඉඳගෙන අත වැනුවාට...
මගේ හිතු මනාපෙට මං බහ දුන්නාට..නාඞන් මස්සිනේ පෙරපින් නැතුවාට......
රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ ...මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ ...
හෙටදින නුඹත් දීගෙක ගිය පසු නෑනේ...මාසේපෝයදා වාගෙයි ගම්මානේ.....
ගෙපැළේ මට තනියෙන් හිඳින්නට.... බාලේ ඉඳං බැඳි ආලය විඳීන්නට....
රෑ තුන් යමේ මේ හැටි දුක් විඳීන්නට..හිනෙන් මිසක හැබැහින් එක්නොවන්නට..
නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි...සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි...
පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි..කුරහන් කපන දා මා සිහිකරන්නයි...
(අජන්තා රණසිංහ, අබේවර්ධන බාලසූරිය සහ ත්‍යාගා එන් එඩ්වර්ඩ් වෙනුවෙන් සංගීතය සරත් දසනායක - 1976)
මෙතැන් සිට ඉදිරි ලිපියකට....................
Eda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.com10tag:blogger.com,1999:blog-4444846852168595125.post-12550411593497555412024-01-17T20:25:00.000-08:002024-01-17T21:12:54.185-08:00 එදා සිංහල ගම්මානය - 05
සීංහල ගීත සාහිත්‍යයෙන් මතුකළ එදා ගම්මානයේ අසිරි සිරිය..................... 05
ජන්මයෙන් ලද කලා රසඥතාවය පුබුදුවන පරිසරය ’ගම්මානය සහ එය වටකරගත් ’බැද්ද’ යි. ගම්මානයේ ප්රභූවරයෙකු ලෙස සැළකූ වෙදරාළ තමාගේ ඔසු නිපදවාගන්නා කම්හල අවට වනයයි. එහි වැවි ඇති ඖෂධීය ශාක වර්ග හොඳින් හඳුනන්නේ ඔහු පමණක් නොව සාමාන්‍ය ගැමියන් පවා ඒවා පිළිබඳව හොඳින් දැනුවත්ය. ඒ බවට සාක්ෂි සැපයන්නේ 17 වන සියවසේ උඩරට සෙංකඩගලපුර රජවාසළ සිරකරුවෙකු ලෙස දිවිගෙවූ බ්‍රිතාන්‍ය ජාතික ’රොබ්ර්ට් නොක්ස්’ ය. ඔහු ලියු ජගත් පූජිත පුස්තකයේ ඒ බව සටහන් වි තිබේ. සංගීත කලාව අගයන්නෝ හට තම කුසලතාවය වඩවා ගන්නට ඇවැසි ගහකොළ් අතර උණ’ පඳුරු ප්‍රමුඛය. එයින් කපාගන්නා බට සිදුරු කරමින් ඔවුහූ ’බටනළාව’ නිර්මාණය කර ගත්තේය. ලන්දේ, බඩවැටියේ, කුඹුරේ ඇවිද යමින් ලද විවේකයේදී පාඵව කාන්සිය දුරුකරගත්තේ එය වැයීමෙනි. හේනේ කූඹුරේ අටවාගත් පැල තුළින් නැගඑන සීපද රාවය, සවන් වැකි වෙනත් පැල්රකින්නන් ද පිළිතුරු සීපදයකින් සංග්‍රහ කරයි. එය එකම සීපද රසගුලාවක් වන්නේ එවිටය. මෙ හඞ සවනත වැකි වල් සතුන් බැද්දෙන් මෑත් වීමට බියක් දක්වයි. මේ සංවාදය පැල් රකින හිරිමල් වියේ ගෙවිළියක් සහ ගොවි තරුණයෙකු අතරය.
රෑ.... රෑහඳේ හේනකින් සීපද ඇහුණයි....
හීනෙකින් ඒ හඞට මගේ හිත බැඳුනයි.....
රෑන බඹරු වටකරගත් වැටකේ මල වැන්නේ...
උඹේ රූ වරුනා සීපද මට කියන්න හිතදෙන්නේ ...
මීරකින් කීවොතින් ගී කවි සිංදු .....
ආදරේ කෝලපෙම් රූබර ලන්දූ .....
හව් හරනෙට පැළඉනිවැට විතරයි කල එළියේ ...
මා කාන්සියේ රෑ වරුවම හිරිමල් හුරතළියේ...
පාඵවේ රෑ දවල් කිමද තැවෙන්නේ...
ගංගොඩින් කවුරු හෝ කැන්දන් එන්නේ
නපුරු බහට සුබාරුසිරු අඩුවක් නොමවන්නා..,
රෑ බැත පාගන කමතෙහි කවි කියමුද අපි දෙන්නා....
(අජන්තා රණසිංහ කවි පද මියැසිය ප්‍රේමසිරි කේමදාසගෙනි, ගැයුම අමරදේව සහ නිරංජලා සරෝජිනීගෙනි)
’වැටකෙයා’ පඳුරු ශාඛය දිය සිරාවට පෙම් බඳියි. එය හොඳින් ගං හෝ..වැව් පොකුණු විල් ආශ්‍රීතව වැවෙයි. උද්භිද වේදයේ ’කඩොලාන’ පවුලේ සාමාජිකයෙකි. ’දුනුකෙයියා’ වැටකෙයියා වේ නිවුන් සොයුරා වැන්න. එය ද ජලජ පඳුරු ශාඛයකි. එකබැල්මට ’අන්නාසි’ ඵලයක් බඳූ වූ සුගන්ධවත් වැටකේ මල කටු සහිත ජලජ පඳුරු ගොන්නට ළංවි අසිරූවෙන් නෙළා ගත යුතු නිසදෝ එය බුදුපුදට පැමිණවු කල්හි ඔහුට ඇයට අනුසස් බොහෝ යැයි ජනවහරින් කියැවෙයි. වැටකෙයියා නොසළකා හැරිය නොහැකි ඔසු ශාක ගණයට අයත්ය. දියවැඩියාව, අර්ශස්, මුත්‍රා අඩස්සිය, උණ, අපස්මාරය ආදි රෝගාබාධයන් සංසිඳවාගන්නට එය පිහිටවෙයි.
වැටකෙයියා
ලක් ඉතිහාසයෙ ලියැවුනු සාහිත්‍යවංශයේ, වැටකෙයියා පත් ද ලේඛනකලාවට උපයෝගි කරගත් බව කියැවේ. වැටකෙයියා මල සංස්කෘත බසින් ’කේතකි’ යැයි කියැවෙද්දී, ඇතැම් විට ඒවා වර්ග දෙකක් බව සඳහන් වෙයි.
පිදූනු රන්වන් ගොයම හිසින් රැගෙන විත්, ගෞරව බුහුමානයෙන් ’කමතේ’ තැන්පත් කර, අම්බරුවන් යොදා පෑගිම අරඹන්නේ ගොම්මන් යාමයෙන් පසුවය. ලන්තෑරුම් සහ පසුකාලීනව පසුගිය සියවසේ අවසන් දශක කිහිපයේ ’පැට්‍රෝමැක්ස්’ ලාම්පුවෙන් එකාලෝක වූ කමතෙහිදි ’බැත’ පාගනු ලබයි. එහිදී ගොවිදරු දැරියන් හා වැඩිහිටියන් එකට එකතු වෙයි.
හේන අද්දර රෑස්ස ගහක ඇටවු අට්ටාලයේ සිට පැල් රකින ගැමියාට නින්ද පළවා හරින්නට සිදුවෙයි. නිදිබර දෑස පියවී ගොස් තිබුනේ යම් කාලාන්තරයකටද, තමා මෙතෙක් දිනක් දැරූ වෙහෙස මහන්සිය, උත්සහය සම්පූර්ණයෙන් අපතේ යන්නට ඒ කාලාන්තරය සෑහෙනු ඇත. පියවි ලොවට එළඹෙන ඔහුට ඇතැම් විට දක්නට ලැබෙනුයේ සතුන් විසින් කා දමා ගිය භෝගවගාව විය හැකිය. එය ඉවසා දරාගත හැකි පිඩාවක් හිරිහැරයක් කරදරයක් නොවනු ඇත. රැයක් පුරා නිදිවර්ජිතව අට්ටාලයේ හිඳිනා ගැමියා ගේ සසල සිතට නොයක් සිතුවිලි පහළ වනු ඇත. තවමත් විවහයක් කර නොගත්තේ නම්, එය සිදුකර ගන්නට පවා අස්වනු සරු විය යුතුය. භවභෝග සම්පතින් අටුකොටු පිරිය යුතුය. එවිටය ඔහුට ඥාති වර්ගයාට බත බුලතින් සංග්‍රහ කළ හැක්කේ. සිතුවිලි දාම රැහැන් පටින් වෙළෙමින් යන ගැමියා තම හෙට දිනය සරුකරගන්නට සිහින මාලිගා මවමින් සිටී.
බොල්පිනි වැටිලා හිරු රැස් වැටිලා මැණික් ලෙසින් දිලිසේ ....
මට බහ දුන්දා විළීයෙන් ඇඹුරුන මැණිකෙගේ නෙත් විලසේ ..,
මෙදා සැරේ කුරහන් කිරි වැදිලා සුළගේ ළෙලදෙනවා ....
කූඹුකෙන් නාගෙන වරළ විදා යන මැණිකෙව සිහිවෙනවා....
ගොවිතැන් සාරයි එකෙන් නැහැ නොවැ .....අතමිට අඩුපාඩු .....
පළඳන්නම් ගෙල මාල සවන් යුග ළෙලවමි රන්තෝඩු ...
ගේ පොඩියෙත් වැඩපල අවසන් මුත් ...
එළියක් එහි නැනේ ... මේ කන්නයෙදිම අස්වනු කැපුවම...
මැණීකෙත් එනවානේ ......
රෑ පැල් රැකලා ...පැල් කවි කියලා ....
නිදි නැති දෙනෙත බරයි ......
වෙහෙස නිවන්නට තුරුලිය නළවා ...
එන මද පවන සුවයි.....
(කරුණාරත්න අබේසේකර, පැට්රික් දෙණිපිටිය ගී තනුවේ මිහිර සී ටී ප්රනාන්දුගෙනි - 1973)
මතු කි ලෙසම,ගම්මානය පුරා ස්නානය පිනිස ඇති ළිං වලට ,කුඹුක් ගස් සෙවණ ලබන්නට සලස්වා ඇත්තේ ගැමියන් විසිනි. දියපිරිසුදු කිරීමේ කාරකයක් ලෙස එය නම් දරා සිටියි. ඒ නිසා සියඵම පොදු නාන ළිං ’කුඹුක ළිඳ’ නම් ලබයි.
වදමල
හේනේ පැල් රැකිමේ භාරදූර රාජකාරියෙන් ඉසිඹු ලද ගැමියා හිමිදිරි පිනි පොද වැටුනු , වදමල් යායේ ලෝහිත පැහැයෙන් සිත්තම් වූ දෙවැට දිගේ තම පැල්කොටය කරා පියනගයි. ගැමි යුවතියෝ ඒ යාමයේ ඉහුම් පිහුම් කටයුතු සඳහා ලක ලෑස්ති වෙති. ඇය ස්නානය පිනිස අසලින් ගලායන ඔයට, පිහිල්ලට, දියකඳුරට යන්නී, කලය උකුලේ රඳවාගෙනය. ඒ පැල්කොටයට දිය ගෙන ඒමටය. ඇය ඈතින් එන්නේ කෙත්යායේ නියර දිගේ හෙමින් ඇවිද යයි. රැයක් පුරා නිදිවරා එන ’ඇය’ ඔහුගේ නෙතට රසඳුනකි. නිතැතින්ම ඔහුගේ කවිසිතුවිලි පිබිද අත්තටු ලැබ ඈතට පියඹා යයි. මනහර මුව සරසන එකපෙළට කඩතොඵ රහිතව පිහිටි දසන් උපමා කරනුයේ ’සමන් කැකුඵ’ වලටය. ගැමි ගෙමිදුල් පුරා, ඔවුන්ගේ නිවසට පිවිසෙන කඩුල්ල දෙපසින් සමන් පිච්ච පඳුරු විරාජමානය. එහි පිපි ළෙලදෙන ’සමන් මල්’ පිසඑන මන්ද මාරුතය හමන්නේ සමන් මල් සුවඳ ද රැගෙනය. මිදුලේ කොණක අටවා ඇති පහන් පැළට පුදදෙන්නේ සමන් මල්ය. නුදුරින් ඇති විලෙහි සුපිපි ’නෙඵම්’ සහ ’මානෙල්’, එහි කරවටක් බැස නෙළා ගන්නේ විහාරය වඳිනු පිනිසය. ඒ කාර්යය පිනිසම කැපවූ කොඵ කෙළි පොඩිත්තන් ඔරුවක නැගී ඒ කාර්යය පහසුවෙන් ඉටුකරගනිති. විල් ඉවුරට එන ඔරු කඳ මත නෙඵම්, මහනෙල් පොදි ගැසී තිබේ.
අපුරු ඔසුගුණයක් රක්ත වර්ණයෙන් දිදුළන ’වදමල’ සතුය. එය දරුගැබ ඇතිවීම වළකන බව කියැවෙයි. රුධිර පෝෂනය කරයි. නිරක්තිය පළවා හරී. පොකුරු වදමල් පෙති උණුසුම් ජලයේ තබා එය පානය කරන්නෝ අධිරුධීර පීඩනයෙන් මිදෙති යැයි කියැවේ. පොල් හෝ තල තෙලින් රත්කරගත් මේ පෙති කල්ගිය පැසවූ තුවාල සමනය කර සුවය ඇති කරයි.
මහනෙල් මල් දෙකක් වගේ ... දෙනෙත දිළෙන්නේ ....
සමන් කැකුඵ දසන් විදා ... සිනහ නගන්නේ ...
වදමල් පැහැ ගත් දෙතොලග මිහිර පෙනෙන්නේ ...
පුරහඳ මෙන් මුතුමැණිකගේ මුහුන පෙනෙන්නේ .....
මුතු මැණිකේ කලේ අරන්........
දිගු වරළස පිටේ හෙලන් ...
කොයි යනවද උදෑසනින් ...?
තව පොඩ්ඩක් හිනාවෙයං....
නියර දිගේ සුමුදු පාද හෙමින් තබනවා....
විලේ නෙඵම් ඇය දැක ගන්නට පොරකනවා...
උදාගිරෙන් හිරු කුමරා මුකුඵ කරනවා...
ගමේ පහන මුතුමැණිකේ වතුරට යනවා.....
(සරත් මුණසිංහ ගේ පද පැට්රික් දෙණිපිටිය සත්සරයෙන් ගැයුවේ සී ටී ප්‍රනාන්දුය - 1967?)
විහගුන්, සමනලුන් මෙන් ගම්මානය පුරා දුවපැන ඇවිද ගිය ළපැටියෝ සොබාදහමේ අසිරිය විඳිමින් එහි දායාදයන් අත්දකිමින් තමන්ගේ නෙත ගැටුනු සොඳුරු දසුන්, පරිකල්පනය හා මුසුකරගනිමින්, රසකාමින් බවට පත්වූහ. මතු කීවාක් මෙන්, ගහකොළ පැළැටි ගැන ඔවුන් හොඳින් දැනුවත් විය. සිය කුසගිනි නිවාගන්නට සොබාදම් මාතාව දායාද කළ රසමසවුඵ කවරේද, රෝගාබාධ පීඩා දුරුකරගැනීමට ඇය පිරිනැමූ ගස්වැල් කවරේද යන්න ඔවූහූ අත්දැකීමෙන් දැනකියාගත්හ. ඔවුන්ගේ සිතකය සනසා නැළවූයේ ඇයයි. පාරිභෝගිකවාදයෙන් ජරාජීර්ණව, ගතවන හෝරාවක් පාසා අසහනයෙන් පෙළෙන නාගරිකයන් ගේ දූෂිත මනසින් කවර නම් නිර්මාණයන් බිහිවේද? කවර ලෙසට මානව වර්ගයා සුවපත් වේද? එසේ නොවන්නේමය. ඔවූහූ අතෘප්තියෙන්, අසහනයෙන් ජිවිතාවසානයට එළඹෙන්නේ බහුභාන්ඩිකත්වයේ වහලුන් බවට පත්වෙමිනි.
මෙහිදී, එදා දුරාතීතයේ විසු ගම්වැසියන් ද්‍රරිද්‍රතාවයෙන් පෙළීම නිසා, ඔවුන්ගේ ජීවන මට්ටම පහත් ව පැවතෙන්නට ඇතැයි, වර්තමානිකයන්ගේ දෘෂ්ඨි කෝණයෙන් අතීත ගම්වැසියා දෙස බලන්නවුන් තර්ක කළ හැකිය. එහෙත් එදා ගමක කුලධූරාවලියට යටත්ව, ඔවුන් සිය ජීවන මට්ටම පිළිබඳව සෝ දුක් සංකා ඇති කර ගත් බවක් කියැවෙන පුවත් දුලබය. එහෙත් සාමාජ අසාධාරණයට ගොදුරු විම අදටත් වඩා එදා තිබුනි. එවැනි පුවත්, වාර්තා සුලභය.
දෙසතියක විරාමයකි................
Eda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.com8tag:blogger.com,1999:blog-4444846852168595125.post-30394718564879391152024-01-03T20:36:00.000-08:002024-01-03T20:54:58.534-08:00එදා සිංහල ගම්මානය - 04 වන අංකය
සීංහල ගීත සාහිත්‍යයෙන් මතුකළ එදා ගම්මානයේ අසිරි සිරිය..................... 04
රසායනික පොහොර හඳුන්වාදෙන්නට පෙර, විෂරහිත ව පැවති ඇළ,දොළ, කුඹුරු, දිය කඩිති ආශ්‍රීතව නිරෝගි ව අභිජනනය වී, හොඳින් බෝවි වැඩුනු විසිතුරු නෙකවර්ණ මත්ස්‍යයන් වර්ග ගණනාවකි. ’තිත්තිය’, ’කොරළි’ ’දන්ඩි’ ’පෙතියා’ ’බුලත් හපයා’ ආදීන් ඒ අතර වූහ. ඔවූහූ ඒ දියකඩිති වල බෝවන මදුරු කීටයන් ආහාරයට ගැනීම නිසා, මදුරු ගහනයද ඒ හා ආශ්‍රිතව පැතිර පවතින වසංගත රෝග ද පාලනය වි තිබුනද, ඈත අතීතයේ සිට ලාංකිකයා ’මැලේරියා උණ’ රෝගයෙන් පීඩා විඳි බව වාර්තා වේ. පසුගිය සියවසේ පළමු දශක කිහිපය තුල ක්‍රමයෙන් හිස එසවූ ’මැලේරියා වසංගතයට’ ගොදුරු වී, මිනිසුන් බොහෝ දෙනෙකුට ජිවිතය අහිමි කරගන්නට සිදුවිය. ගැමි දරුවන් ගේ සුරතල් මත්ස්‍ය සම්පත බවට පත් වූයේ මොවුන්ය. වෙල්යායේ,නියරේ,ලන්දේ දුවපැන කෙළිකවටකම් කරමින් යන දරුවන් මේ මත්ස්‍යයන් අල්ලා, නිවෙස්වලට නොම ගෙනගොස් පසුව මුදාහැරියේය.
කෙකටිය යායක විසිතුරු
වගුර වැසෙන්නට කෙකටිය ගාලකි. එහි එන ගැමියෝ ඒවා නෙළා ගෙන ගොස් දඵ සහ මල් උයාපිහා ගනිති. ඔසුවකි, රසවත් පළා වර්ගයකි. තෙරටිය ද එසේමය. ඒවා වෑංජන ලෙස පිළීයෙල කරගෙන සප්පායම් වෙති. ගැමි මානවකයා ගේ වගාසරුවී අටුකොටු පිරි ඇත්තාසේය. ලන්දේ බඩවැටියේ දුව පැන ඇවිද යමක් එකතුකරගන්නා ඇය යනෙනා තැන් ඔහු නෙතට හසුකරගනියි. වරෙක ඇය තෙරටිය නෙළන්නී තවත් වරෙක කෙකටිය ගාල වෙත ළං වෙයි. මියෙන පඳුරු ගොන්නට ළං වන්නේ තම පළා කූඩය සරු කරගන්නට විය හැකිය. එය ඇත්තේ ’කණටිය’ ලගය. එනම් කූඹුරේ පැසී ඇති වී කරල් අනුභව කරන්නට එන කුරුඵ රංචු උදෙසාම වෙන්කළ බිම්කඩයි. එය ඔවුන්ගේ රාජධානීයයි. එහි ඇති ’වී’ රිසිසේ කුරුල්ලන්හට බුදින්නට ඉඩ සළසා දුන්නේ ’බොදු’ දහමෙන් හික්මවන ලද ගැමියාය.
ඔහුගේ කෙතේ අස්වැද්දූ ’මා වී’ වගාව සරු වි ඇත. එය එදවස දක්නට ලැබුනු ගුණදායි දේශිය වී වර්ගයකි. මිදුලේ වැවුනු ’බුලත්’වැල් පැතිර වැවෙන්නේ ඊට ආධාරකයක් ලෙස ගොඩනැගු ඇටවුමෙනි. එය පන්දමලයි. එහි අස්වනු නෙළන්නට අවසර ලැබෙනුයේ පවුලේ සාමාජිකයන්හට පමනි. වෙනත් ආගන්තුකයෙකු එයින් ඵලප්රයෝජන ලබන්නට තැත් දැරුවේ නම්, එය බුලත් කොරටුවේ (වැලේ) අවසානයයි. මෙය අත්දුටුවෝ එමට සිටිය හැක්කේය.
තෙරටිය ගොන්නේ තෙරටිය දඵ මැද ඉන්නේ...
කෙකටිය ගොන්නේ කෙකටිය දඵ මැද එන්නේ ...
කණටිය ලග මියෙන පඳුරු අතරේ ඉන්නේ ......
නුඹ නොබලා ඉන්න බැරිව ඇස් රිදවෙන්නේ ....
රත්ති අරන් උදැනැක්කේ කොහේද යන්නේ නගෝ...
රත්තීගෙන් පාන්දරම කිරි දෙව්වද නගො...?
හෙන කොටා ගිනි තියලා ඇල් ඉහලා ඇත....
මිදුලේ බුලත් පන්දලමේ දඵ ලියලා ඇත...
කූඹූරේ මාවි සරුවට කිරිවැදිලා ඇත....
නගෝ මගේ පැලට වරෙන් අගහිගයක් නැත...
(ප්රවිණ පුවත්පත් කලාවේදී දෙල්තොට චන්දපාල ගී පද ගැයුම සනත් නන්දසිරි- 1973)
හිමිදිරි පිනිපොද බිම සිපගන්නා යාමයේ, ඇය ඈත පෙනෙන ’කෙකටිය ගාල’ වෙත අත දිගුකරමින් ආවර්ජනය කරන්නේ බොඳ ව ගිය පෙම් පුවතකි.
කෙකටිය දඵ
ලන්ද පුරා පුංචි පුංචි මල් හිමිදිරියේ සැලෙනා ...
මන්ද පවන් වැද ළහිරු දසුන් සිප අන්ද මන්ද වෙමිනා..,
අද සිදාදියට යන පුංචි මස්සිනා සිත කළඹයි නිතිනා.....
අපිත් මෙදා එන බක්මාසේදී අත ගනිමුද කියලා ..
කීව කතා පොඩි සිතට බරක් වෙයි...
ඉවසන්නේ කෝමා...
සිත් හදාගන්න අස්වසාලන්න බෑ..,
හිත දෑලේ බැඳුනා......
කෙකටිය යායේ සිරිපොද ඉහිලා ආාාාංංංං බලං කදිමා..........
සිරි සිරි නාදෙන් සරනා වැහිපොද මන බඳිති බෝමා ....
ඔබ සිහිවෙයි පෙරසේමා.........................
(කුලරත්න ආරියවංශ ගී පබැඳුමේ හඞ චන්ද්‍රලේඛා පෙරේරා, සංගීතය රෝහණ වීරසිංහ - 1985)
කෙත්යායේ තැනින් තැන ’මී ගස්’ වවා ඇත්තේ ඒවා ’වවුලන්ගේ’ රජදහන් බැවිනි. දිවා කාලයේ සිය ගනනින් එහි විත් ලැගුම් ගන්නා වවුලන් ගේ වසුරු, ගොයමට දිව ඔසුවක් බඳු පොහොරකි. ඊට මහත් සම්පතකි.
මී ගස
ඒ හැරෙන්නට මී ගස විසින් නිපදවන මල්, ගෙඩි, ඉටි ගැමියන් ගේ විවිධ අවශ්‍යතා සපුරයි. ඒ අනුව එය ගමට දායාද වු තවත් කප්රුකකි. ’වන රුක්’ අමිල සම්පත් බවත්, ඒවා පිළීබඳව වර්තමානිකයන් නොදත් බොහෝ දේ පැරැන්නන් දැන සිටි බවත් පසක් වන්නේ ඒවා පිළිබඳව ලිඛිත මුලාශ්‍ර හැදෑරීමේදීය. ’මී ශාඛය’ ද ඒ අතරට එක්වෙයි. අන් වෘක්ෂ මෙන් දිවා කාලයේ ’ඔක්සිජන්’ නිපදවා රාත්‍රි යාමයේ ’කාබන්ඩයොක්සයිඩ්’ නිකුත් නොකර, දිවා රෑ සියඵ කල්හී නිතිපතා අංගාරික වාතය එනම් ’ඔක්සිජන්’ නිකුත් කරන්නේ මෙකී මී ගස යැයි ඇතැමුන් ගේ මතවාදයකි. එසේම ’පොල්තෙල්’ ද පරදවා රසගුණ දෙන ’මී තෙල්’ යොදා පිසින ලද ආහාර අහිතකර මේද සංඝටකයන්ගෙන් සිරුර රැක දෙන බව ද කියැවෙයි. ’මී පුෂ්ප ද ඵල ද ගෙන ’හැලප’ සදා රස බැලීමේ පුරුද්ද ඇතැම් ගැමියන් අතර අදද පවතින බව අනාවරණය වෙයි. ’මී ඇට’ ගෙන හිඳගන්නා තෙල් වෙනත් දෑ සමග මුසුකර ධුමායනය කර, පරිසරයේ විශබිජ නසා අවට සුවඳවත් කළ බව ද කියැවෙයි. ඈත අතීතයේ ගැමියන් ගේ නිවහන් ආලෝකමත් කල පහන් දැල්වුනේ මෙම ’මී තෙල්’ වලිනි.
පෙර රජ දවස, ’මී ගස’ ට හානි කිරීම, දණ්ඩනයට යටත් වීමට හේතු වූ බව ද සඳහන්ය. එහෙත් යටත් විජිත යුගයේ අවසන් භාගයේ සියවස් එකහමාරකට පමන පෙර යුගයකදී, ’ඉංග්‍රිසි’ න් විසින් එය අවලංගු කර දමන්නට යෙදුනු බවක් වාර්තා වේ. එතැන් හි සිට, ක්‍රමයෙන් මේ සම්පත පිරිහෙමින් පැවතී, අද ඇස ගැටෙන්නේ ඉඳහිට බව වර්තා වේ.
මේ කරුණු සාධක දැනුවත්, අව්‍යාජ ගැමියන් ම ඒවා සිය කවි ගී සිංදු නිර්මාණයන්හට වැද්දා ගත්හ.
මේ කවියා අතීතාවර්ජනයක යෙදෙයි. ඔහු සිය සොයුරා සහ දුවපැන ඇවිද ගිය කෙත්යායේ අසිරිය සිහිගන්වයි. ඈත නොව මෑත අතීතයේ ගම්මානයේ දිවි පෙවෙතෙහි අසිරිය වින්දෝ මේ අත්දැකීමේ ලද්දෝ ඒවා නිබඳව සිහිකරති. මනසින් සිය ළපැටි වියට පියමං කරති. ඥාති පරපුරේ ඇත්තන්ගේ ලද ආදර සැළකිලි කවට කෙළි සිනා බස් සිහිවි නෙතු බොඳ කර ගනිති.
මී ඵල
තමන් සමග එකට දුවපැන ඇවිද ගිය සොයුරු කැළේ සාමාජිකයන්ගෙන් ඇතැමුන් අද මෙලොවින් සමුගෙන ගොස් තිබෙනවා විය හැකිය. හෝ දුරු රටක නුහුරු නුපුරුදු දේශයකට යන්නට සිදුවී, බඩවියත සරි කරගන්නට සිදුවි තිබෙනවා විය හැකිය. එහෙත් ඒ දුරස්වීම් කිසිසේත් යමෙකුගේ අතීත මිහිරි මධුර මතක සේයාවන් බොඳ නොකරනවා මතුනොව ඒවා තව තවත් තිව්ර කරනු නිසැකය. මේ සටහන වෙත නෙත් පහර දල්වා ගත් සහෘද ඔබටද මේ අත්දැකීම් පොදුය. ඒවා හද පාරන්නේය. ඔබටද මටද යළිදු ඒ ගම්මනායට පිවිස දුව පැන යන්නට ඇත්නම් එය කවර නම් සොම්නස් සහගත අත්දැකීමක් වනු ඇද්ද?
මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා ....
මී ගස් යට මී වැහි වැහැලා ...
බාලේ මෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ ....
මට තනියක් දැනෙනවා ..........
දරට ගිහින් කුරුඵ කැලේ ....
මග වැරදීලා......
මං එනතුරු හඞා වැටෙද්දී...
නුඹට දැනුනු පාඵව දුක...
මෙදා මටත් මලේ ...
නුඹ නැති දා මට තනිකම දැනෙනවා......
පැදුරු කොටේ තුරුඵවෙලා ගොම්මන් යාමේ...
හොල්මන් ගැන කතා කියද්දී...
මගේ ඇගේ දැවටීගෙන අසාවුන්න මලේ ...
නුඹ නැති දා මට තනිකම දැනෙනවා.....
(කුලරත්න ආරියවංශ, පන්ඩිත් අමරදේව - 1980?)
(ඇතැම් කරුණු උපුටාගැනීම - නඳුන් ලියනගෙදර - රොවර් මිඩීයා සහෘදයා ගේ අඩවියකිනි)
ගම්මානයේ සුවඳ මෙතැනින් නොම වියැකී යැයි.... සත්දින යුග්මයකින් මෙහි එනු මැනවි....
Eda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.com8tag:blogger.com,1999:blog-4444846852168595125.post-60113076884270862092023-12-21T00:44:00.000-08:002023-12-21T00:44:09.226-08:00එදා සිංහල ගම්මානය - 03 අංකය
සීංහල ගීත සාහිත්‍යයෙන් මතුකළ එදා ගම්මානයේ අසිරි සිරිය..................... 03
කූලීන යුවතියන් ගේ පොදු නාමය ’මැණීකේ’ ය. ඔවුනතරින් ’හීන් මැණීකේ’, ’පොඩි මැණිකේ’, ’කඵ මැණිකේ’ , ’සුදු මැණිකේ’, ’කොයින් මැණිකේ’, ’මුතු මැණීකේ’ සිටියාය. මේ අතරින් ’රන් මැණීකේ’ වඩාත් උසස්ය. වර්තමානයේ මේවා ඇතැම් නාගරිකයන් ගේ දූවරුන්ගේ පවුල් ජාලය තුල ’සංකේත නාම’ බවට පත්වී තිබුනද, එදා ඒවා ළඳුන්ගේ අව්‍යාජ නාමයන්ය. වැඩිමනත්ව භාවිත වූ බව කියැවෙන්නේ පෙර දවස උඩරට රාජධානියට යටත් බල ප්‍රදේශයන් හිදීය.
කූඹුකේ ළිඳෙන් දිය නා අපූරුයි ...
රන්කඳ වාගේ රන්මැණීකේ ..........
සීතල වතුරට නුහුරුද මන්දා ...
හිතට දුකයි මගේ රන් මැණීකේ....
ගිනිකන ගිනිඅව්වේ කොටනවා ...
වෙල් නියරේදී මට පෙණුනා ....
අනේ හැබෑටම මොකදෑ මන්දා ...
හිතට ඉබේටම දුක හිතුනා.....
(අජන්තා රණසිංහ නිබන්ධකයාගේ ගීයේ ගැයුම අබේවර්ධන බාලසූරිය සහ නිර්මලා රණතුංග ගෙනි, සංගීතය රෝහණ වීරසිංහ - 1976)
වියළි කාලයකදී, සැඩ හිරු රැසින් පීඩා ලබමින් සිය කාර්යයේ නිරතවනවා විනා වෙනත් විකල්පයක් ගොවිතැනෙහි නිරතවන ගැමියෙකුට නැත. මේ තත්වය, කර්කශ දේශගුණයකින් යුත් පළාතකදී තවත් දැඩි වෙයි. කය වෙහෙසා දහඩිය මුගුරු හෙළමින් මිහිකත සමග පොර බදන ඔහු, ඒ සිදුකරන්නේ භෝග වගාව සඳහා පොළොව සකස් කිරීම, කටුකොහොල් හැර නව බිමක් සූදානම් කිරීම හෝ අස්වනු නෙළාගැනීමේ කටයුත්තද විය හැකිය. ’අත්තම්’ එනම් ගම්මානයේ සෙසු පුද්ගලයෙන්ගේ කටයුතු සඳහා ස්වේච්ඡාවෙන් සහභාගි වෙන්නට ගිවිස ගෙන සිටින ඔහුට සිය බිම්කඩේ වගකීම අහවර කළ පසු, වෙනත් අයෙකු වෙනුවෙන් ශ්‍රම දායකතවය පුදදෙන්නට සැදී පැහැදී සිටිය යුතුවේ. ’වගා කටයුතූ’ පමණක් නොව නව නිවසක් එනම් පැල්කොටයක් අටවා ගැනීම වැනි තරමක භාරදුර කටයුත්තකදී ඔහුට මිනිස් ශ්‍රමය ඇවැසි වේ.
ගමේ ප්‍රභූවරුන් වූ ’වෙද මහත්තයා’ මෙනම් ’ආරච්චිල හෝ කොරාළ’ ගේ ඉඩකඩම් සම්බන්ධ කුදු මහත් කටයුතු වලදී, ඔහුගේ අණ පරිදි තම ශ්‍රමය කැපකරන්නට සිදු වන්නට ඇත. ඊට හිලව් ලෙස ’ආහාර සහ වගා ඉඩම්’ භුක්ති විඳිමේ වරය පමණක් ලබන්නට ඇත. ’වලව්වක’ සේවය කරනු සඳහා ගැමියන් ගැමිකතුත් විශාල සංඛ්‍යාවක් සැදී පැහැදී සිටියහ, එහි මුඵතැන්ගෙය නිරතුරු කාර්ය බහුලය. මක් නිසාද යත් වෙනත් දුර බැහැර සිට සිය බල ප්‍රදේශය පසුකරගෙන යන ප්‍රභූන් හට බත බුලතින් සහ වෙනත් දෑ සපයා සංග්‍රහ කරන්නට ප්රභූවරයා වගකීමෙන් බැඳි සිටින බැවිනි. ඒ වැඩ රාජකාරි ඉටු කරන්ගන්නේ තම යටත් වැසියන් වූ ගැමියන්ගේ ශ්‍රම දායකත්වයෙනි. ඔවුන්ගේ යහපැවැත්ම කලදවස තිරණය කරන්නේ එකී ප්රභූවරයාමය. ඉංග්‍රිසි යටත් විජිත සමයට පෙර, රජ දවස හමුදා සේවයට මානව සම්පත සපයන්නේ ද නිළමේතුමාණෝ මය. එදවස ඔහු ගේ අණ පරිදි සිය අඹු දරුවන් තනිකොට දමා, ගැමියා රාජසේවයට දුර බැහර යා යුතුම වේ. එවිට ඔහුගේ ගොවිතැන් කටයුතු අඩාල වීම නොවැළැක්විය හැකිය. උඩරට පළාතේ ’එකගෙයි කෑම’ නමින් ව්යාවහරයට පත් එකම පවුලේ සහෝදරයන් ගණනාවක් එක් යුවතියක් සිය පවුලේ පොදු ’භාර්යාව’ ලෙස තොරාගැනීමේ චාරිත්‍රය පැතිර යන්නට ඇත්තේ මෙවන් කාරණා හේතුකොටගෙනද විය හැකිය. කිසියම් කරුණක් නිසා එක් සහෝදරයෙකු ජිවිතක්ෂයට පත් වුවහොත්, ඔහුගේ අඹු - දරුවන් අනාථ විම එයින් වැළකී යයි.
උඩරට රජදවස නිත්‍ය හමුදා සාමාජිකයන් සමන්විත වූයේ අදමෙන් වැටුපකට සේවය කරන්නට ඇපකැප වූ සිමිත සංඛ්‍යාවක විදේශිකයන් ගෙනි. ඔවුනතර දක්ෂින භාරතීය ජනවාර්ගිකයන්ද, අග්නිදිග ආසියානු රටවලින් පැමිනි (මැලේ හමුදාව) පුද්ගලයන්ද විය. ඔවුන් සෙංකඩගල මහවාසල අවට, රජුගේ පෞද්ගලික අංගාරක්ෂක භට පිරිස නියෝජනය කරන්නට ඇති නමුදු, ආක්රමනයකදී දස දහස් ගණනින් පෙරට ආවේ ගැමියන් සහ දුනුවායන්ගේ රාජකාරිය ඉටුකරදුන් ’වැදි’ ජනතාවය පමණකි.
කුලීන රදළ වංශිකයන් ගේ පවුල්වල සාමාජිකයන් හා සමීප සබඳතා පැවැත්වීමේ වරය උසස්ම කුලය නියෝජනය කල ’ගොවි වංශිකයන්’ ට පවා අහිමිය. එහි ආදිනවය විනාශකාරීය. මක් නිසාද යත් ව්‍යවස්ථාදායකයද, විධායකයද, අධීකරණයද උක්ත ප්රභූවරයා විම නිසාය. ඔහුගේ අධීකරණ බලය එනම් මරණීය දන්ඩනය පැනවීම වැනි දෑ පමණක් සිමා වී තිබුනත්, එයින් පහළ දන්ඩනයන් ඔහුට පැනවිය හැකිය. මරණ දන්ඩනය පමුණුවන්නේ ’රජු’ ය. එහෙත් ප්‍රභුවරයා තම සිමාව ඉක්මවා කටයුතු කළේ නම් ඔහුව අධීක්ෂනය කිරීමේ බලධාරීයා වූ ’රජු’ ද අසරණ ගැමියන් ගේ පාර්ශ්වය උදෙසා සාධාරනය ඉටුකරන්නට ඇත්දැයි යන කුකුස හටගනී.
නුදුරින් ඇති කුඹුරු යායේ දිය පිරි ඇත්තේ එය අස්වද්දා එතරම් දිනක් ගතනොවූ නිසා විය හැකිය. ළීයදි වෙන්කෙරෙන ’නියර’ අතරින් එකකින් අනික් ළියද්දකට දිය බේරි ගලා යන්නේ වක්කඩෙනි. එහි ජලය වේගයෙන් ගලාබසී ඒ අනුව
වක්කඩ කැඩුවා සේ සිනාසෙන සිනා ගගුල මැවුනේ ..........
නුඹෙ සිනා ගගුල මැවුනේ....
පොඩිකුමාරිහාමියේ... එපා වලව්වට යන්න නියර පිට...
බලා ඉන්න පොඩි කුමාරිහාමියේ...
කාසි එපා නුඹ හිනා වෙවි ඔහේ බලා ඉන්නවානම්...
නිලමෙත් නපුරුයි ළමාතැනිත් නපුරුයි...
නපුරු වලව්වට කෝමද කෝමළ කතා නුඹට ලැබුනේ ....
(මහඇදුරු සුනිල් ආරියරත්න, ආචාර්ය වික්ටර් රත්නායක - ’ස’ ප්‍රසංගය-1975)
මතු කී ලෙස, 19 සියවසේ උඩරට ගම්මානයේ උසස් ප්රභූවරයා ’නිළමේතුමා’ ය. ළමාතැනී ඔහුගේ බිරිඳට කරන ගෞරවනීය ආමන්ත්රණයයි. කුමාරිහාමි ඔවුන්ගේ දියණියයි. එයද ගෞරව නාමයකි. මේවා වලව්වේ ප්රමුඛ ප්‍රභූවරියට ද යොදන ලැබේ.
නිළමේවරුන්ගේ තෙදබල තෙලිතුඩකින්
ඇහැළේපොල නිළමෙතුමා විසුවේ සෙංකඩගල නගරාශ්රීතව ශ්‍රී වික්‍රම රජ මැදුරට නුදුරිනි. ඔහුගේ භාර්යාව කුමාරිහාමි සහ දරු පිරිස රාජඋදහසට ලක් වි දිවි අහිමිකරගත්තේ 1814 දීය. ඔහුගේ භාර්යාව වූ වංශවත් ’කුමාරිහාමි’ මාතලේ දිසාව භාර ප්රභූවරයා ව සිටි ’කැප්පැටිපොළ නිළමේ’ තුමානන්ගේ නැගනියයි. 1818 මහ කැරැල්ලෙන් පසුව, ඊට අනුබල අනුග්‍රහ දැක්වූ බවට චෝදනාවට ලක් කර, හිස ගසා දැමේමේ ඔහුගේය.
පෙරකී කුඹුරු යායේ අභිජනනයට ලක් වූ සහල් වර්ග වපුරන්නට පෙර යුගයේ, වැවැනු දේශිය බිත්තර වී පෝෂනය ලද්දේ ස්වභාවික පොහොරනි. ’මා වී, කුරුඵ තුඩ, හිනටි. පච්චපෙරුමාල්’ ඖෂධීය ගූණයෙන් පරිපූර්නව තිබුනු බව කියැවේ. සත්ව ගහනයට තර්ජනයක් නොවූ, විෂසහිත නොවූ ඒ පොහොර නිසා, වෙල්යායේ දිය කඩිති ආශ්‍රීතව විසු විවිධ මත්ස්‍යයන් වර්ග වූ ’දන්ඩි, තිත්තියන, කොරළි’ නිරතුරු දිය කෙළිමින් සිටියහ.
වක්කඩ ලග දිය වැටෙන තාලයට ...........
තිත්ත පැටවු උඩ පැන නැටුවා .....
වැස්ස වසින්නට ඉස්සර අහසේ ....
වළාකුලින් විදුලිය කෙටුවා ....
කිව්වටවත් නැත නිල් නිල් පාටින් ...
කටරොඵ මල් වැට කෙරුවා ...
තුන්දවසක් අමනාපෙන් හිටි කඵ ...
නෝක්කාඩු බැල්මෙන් බැඵවා .....
(මහගම සේකර, පන්ඩිත් අමරදේව - 1965)
නැවතත් මෙතැනින් ඉදිරියට දෙසතියකින්....
Eda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.com6tag:blogger.com,1999:blog-4444846852168595125.post-85293805293055275072023-12-06T22:08:00.000-08:002023-12-06T22:08:17.394-08:00එදා සිංහල ගම්මානය - 02
සීංහල ගීත සාහිත්‍යයෙන් මතුකළ එදා ගම්මානයේ අසිරි සිරිය..................... 02
මේවා වස්දඞු රාවයෙන් හැඩගන්වා ඇත්තේ කිනම් කරුණක් නිසාද? එය ’ගැමියා’ ගේ සංගීත භාන්ඩය වන නිසයි. අත පොවන දුරින් වැවී ඇති ’උණ පඳුරු’ ගොල්ලෙන් බටයක් කපා ගන්නා ඔහු එයින් බටනලාවක් නිර්මාණය කරගන්නේ වැඩි ආයාසායකින් තොරවය. හුදකලා පාඵ බව මකා ගන්නට ඔහු බඩවැටියේ, ළන්දේ ඇවිද යමින් එය වාදනය කරයි. උච්ච ස්වරයෙන් හඞවන එහි රාව ප්රතිරාවය ඈත කඳු වළල්ලෙන් හැපී දෝංකාර දෙන්නා සේය. එයින් මත්වෙන ගැමිලියකගේ සිතතුළ ගුලිවි නිදිගත් ප්‍රේමාදරය කිතිකැවී වහා වහා අවදිවෙයි. දුරින් නැගෙන්නාවු ඒ මෝහණිය වස්දඞු රාවය ඇදී එන ඉසව්ව කරා ඇය පියනගන්නී හදවතේ තෙරපෙන ළයාදරය පවසන්නීය.
දෑත දරා පෙරදා කීව කථාවේ.....
දෑස රැඳි තාම බැඳිලා......
සීත රැයේ හඞනා දෑස ගියාවේ ...
ඈත ඔබේ ලෝකේ සොයාලා ......
ලන්ද දිගේ හැංගි හොරා සැඳැ කාලයේ....
රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ....
පාඵ පැයේ මුමුණා ගීත ගැයේවා..,
පාඵ සිතේ ශෝක නිවාලා ...
ජීවිතයේ තනිවි දෑත රෑඳේවා..,
ආයේ ඔබේ දෑතේ බැඳිලා ....
(කුලරත්න ආරියවංශ ගී පද ගැයුම නන්දා පතිරණ, සංගීතය ස්ටැන්ලි පීරිස් - 1978)
අරුත් විමසුම
’ඇල් වී’ හේන සහ ’කුරහන් හේන’ ගොඩගොවිතැනක් වූ ’හේන්’ වගාවේ නිරතව සිටි ගැමියන්ගේ කුසගිනි නිවූහ. කුරහන් පැසුනු විට ගොයම් සේම ’රන්වන්’ පැහැතිය. එය ශුෂ්ක භෝගයකි. ඒවායේ අස්වැන්න නෙඵ කල්හී ’කුරහන්’ ඇඹරුම් ගල යොදාගෙන අඹරා පිටි කරවීමෙන් පසුව විවිධ ආහාර නිපදවා ගනී, ඒ අතරින් බහුලම වුයේ ’කුරහන්’ රොටියයි. එය නීරස ආහාරයකි. දඩමස් හෝ එවැන්නක් ඊට එකතුකරගැනීමෙන් පමණක් ආහාර රුචිය වඩවා ගත හැක්කේය. එනමුත් සිරුරු බලගන්වයි. වරක් ආහාරයට ගත් පසූ, කුසගින්න මැඩපවත්වා ගත හැකි කාලය දිගුය.
ඒ කුරහන් සහ වෙනත් භෝග වවා ඇති හේන්, වනසතුන්ගෙන් රැකගත යුත්තේ ඔවනු එළවා දැමීමෙනි. නමුත් වළසුන්, අලින් ගෙන් මෙන්ම විසකුරු සර්පයන්ගෙන් ජීවිත තර්ජන එල්ල විම නිසා හේනේ උස් ගසක හෝ උස් රිටි මත ’පැලක්’ අටවාගනී. අඳුරු වැටුනු පසු පැල්රැකීම ඇරඹෙන්නේ සීව්පද කවි ගයනා ද සමගිනි. ඒවා තනිව සිටින ගැමියා ගේ කාන්සිය මගහරවයි. යාබද හේන් ගොවින් ගේ සිව්පද ද අතරින් පතර නිහඞ වනයේ රැව් පිළීරැව් දෙයි. රාත්‍රී යාමය පුරා නිදිවර්ජිතව නිවසින් බැහැරව සිටින්නා ගේ යුගදිවියේ සතුරන් සිටී.
මේ යුවතියද ’තුන්හිරියා’ වැනි ශාඛ (ඒවා පොදුවේ පන් නමිනි) පත්‍ර කපා ගෙනෙන්නේ, වට්ටි පෙට්ටි ඇසුරුම්, පැදුරු වියා ගැනීමටය.
අදද, නිවෙස් නවීකරණයට ලක් වුවද, නිවස ඉදිරිපට මිදුලේ ’පහන්පැල’ අවටා තිබේ. තමන් ගේ දුක් කරදර කම්කෙටොඵ උදෙසා පිහිටාධාර පතන්නේ ඒ ඉදිරිපිටය. එහි ඇති දේවරූපයට ’පහනක්’ දල්වනු ලැබේ.
අපමණ දුක් හිරිහැර කරදර ඉවසා දරාගෙන රකින ’කුරහන් යාය’ රන්වන් පැහැ ගන්නේ පැසීගෙන එද්දීය. තම ශ්‍රමයේ ඵල නෙළාගන්නට ආසන්න බව වටහගන්නා ගැමියා අටලෝ දහම් සක කැරකී, දැන් අපමණ ප්රිති ප්රමෝදයට පත්වෙයි. නුදුරු දිනකදී රන්වන් කුරහන් නෙළාගන්නට සැරසිය යුතුය. එවිට අටුකොට පිරීයයි. අතමිට සරුවෙයි. සම්පත, සිරිදෙව්දුව වඩින්නේය. ඔහුගේ වසන්තය සමය එළඹෙයි. හෙළයන්ගේ බක්මහ සැණකෙළිය ද ළං ළංව එයි. හාත්පස තුරුලිය මලින් ඵලින් බරවී දඵ ළා මද සුළගේ රගදෙයි. ඔහුට ද රැගුම් රගන්නට සිත්දෙනුවා වන්නට ඇත.
කරල් බරින් නැමි දිළෙයි රන්වන් කුරහන්.....
රෑන් ඇදී ගිරව් සැදී කරතෙයි සෙල්ලම් ...
නගේ මලේ ...මොකදැයි ඔය කම්මැළිකම් ...
අත්වැල් බැඳ නෙළන්න යමු හේනේ කුරහන් ......
කුරුඵ පැටවු සිංදු කියති ..බැද්දේ නිල්වන් ...
බඹරු නටති..නලා පිඹිති රොදබැද රුං රුං.....
මමත් මෙතැන බලා ඉඳිමි නෑනා එනකං.....
පුංචි පුංචි නෑනාවරු එක් රොක් වෙන්නයි...
පුංචි පුංචි පුටුවල ඉඳ ඔමරි කරන්නයි....
නගේ මලේ කුරහන් සිංදු කියාපං ...
කුරක්කනේ මංගල්ලය ජයටම ගන්නයි....
(ජයම්පති අල්ගම, එඩ්වර්ඩ් ජයකොඩි ඇතුඵ පිරිස ට මියැසි රටා පන්ඩිත් අමරදේවයන්ගෙනි - 1975)
කූඹුක් ශාකයෙන් වැටෙන බීජ ජල මුලාශ්‍රයන් පිරිසිදු කරන ස්වභාවික සම්පතකි. එසේම කුඹුක් ගස නිසා ඒ ආශ්‍රීත උල්පත හෝ දියවලේ, නානළිඳේ ජලය සිහිල් සිසිළසක් ගෙනදෙයි.
’කුඹුකෙ ළීඳ’ ගමේ පවතින පොදු නාන ළිං අතර ප්‍රසිද්ධය
මට මතකයි මන බැන්දූ සිනා ඔබේ....
හද පතුලේ සිහිවෙන්නේ ඔයාමයා කුඹුකේ ළිඳ ලගදී...
කුරහන් හේනේ කරල් කපන්නට තනියෙන් නම් මට බැහැ මැණීකේ...
මගේ පොඩි පැල්පත එළිය කරන්නට ... හනිකේ ඇවිදින් මා හමුවෙනවද කුඹුකේ ළිඳ ලගදී...
(ක්ලැරන්ස් විජේවර්ධන ගේ නිර්මාණයේ ගැයුම මර්වින් මිහිඳුකුලගෙනි - 1978)
කුඹුක් ගස අසබඩ ළිඳ (දිය උල්පත) - සුපිරිසිදු ජල මුලාශ්‍රයකි
එහි විත් කළය බහා දිය පුරවා.. උකුලේ තබා නිවසට පියමං කරන යුවතිය ඒ කාර්ය කරන්නේ ස්නානාය කිරීමෙන් පසුව විය හැකිය. ඒ අනුව ඇය ආපසු යන්නේ දියබේරෙන වරළ මුදාගෙනය.
නාමල සේමයි පෙණුනේ ....
නාගෙන යනවද ළඳුනේ ...
රෑන කිතුල් සේම රුවට වරළ උනාලා ...
වක්කලමින් ගලා බසින කලබල දියරැල්ල වගෙයි.
වයස ගෙවෙනවා ළඳුනේ වයස ගෙවෙනවා...
(ඩෝල්ටන් අල්විස්ගේ රචනයේ හඞ විජේරත්න වරකාගොඩගෙනි, සංගීතය වික්ටර් දඵගම ගෙනි- 1970)
නළ වතුරෙන් කරාමය ඇර පැන් පහසුව සනහාගන්නාවුන්, එදා නාගරිකයන් අතර පවා අතළොස්සකි. ඔවූහූ වියළි කර්කශ පොළොව හා පොරබදනවුන්ගේ දුක් වේදනා නොහඳුනති. දිය කළයක් උරමත රුවා හෝ කිහිපයක් හිස මත දරා දුර මග යන්නී, එකී සිමිත පැන් සම්පතින් දවසේ පානීය අවශ්‍යතා සපුරා ගනිති. ’කළය උකුලේ රුවා දිය ගෙන යන්නියන්’ තරම් සාහිත්‍ය නිර්මාණයන් හට ද වෙනත් මූර්ති, සිතුවම් කලා නිර්මාපකයන් හටද විෂය වූ අන් යමක් නැත්තා සේය.
වතුර කලේ ඇයි උකුළ තෙමන්නේ ....
කාගෙන් අහලද එහෙම කරන්නේ ...
පිපුනු මලක් සේ සූරිය තැන්නේ ...
ළීඳට ගිහිල්ලද තනියම යන්නේ .....
(ඩෝල්ටන් අල්විස්, ගැයුම සිසිර සේනාරත්න - 1971)
සැළෙන ළෙලෙන උකුඵ තලේ ...
ළිඳට යනෙන වතුර කළේ ....
කළමහ පින පෙනෙන වෙලේ ....
(ඩෝල්ටන් අල්විස්, අයිවෝ ඩෙනිස් - 1968)
මෙතැන් සිට ඉදිරියට දෙසතියකින්....
Eda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.com12tag:blogger.com,1999:blog-4444846852168595125.post-90248611851407982142023-11-22T21:22:00.000-08:002023-11-22T21:22:12.926-08:00එදා සිංහල ගම්මානය
සීංහල ගීත සාහිත්‍යයෙන් මතුකළ එදා ගම්මානයේ අසිරි සිරිය..................... 01
සමාජ විද්‍යව, මානව විද්‍යව. ජන සංස්කෘතින් හදාරන සිසුන් වෙසෙසින් විදෙස් සිසුන් මෙහි විත් හෝ නිබන්ධන,ග්රන්ථ, සගරා පරිශීලනය කරමින් ශ්‍රී ලංකාවේ අතීත ගැමි සමාජය ද අධ්‍යයනය කරනු ලබයි. ඒ පිළිබඳව ’ඉංග්‍රිසි‘ බසින් පළවූ පොත්පත් එමටය. එයින් බොහෝ කෘති යටත් විජිත සමයේ, මෙහි සේවය කළ බ්‍රිතාන්‍ය සිවිල් නිලධාරීන් සහ වැසියන් විසින් විරචිතය. එදා ඔවුනට මෙහි දක්නට ලැබුනු අපුර්ව ගැමි සමාජය, ඔවුන් ලෝකයා ගේ දැනගැන්ම පිනිස ග්රන්ථාරූඩ කර තබන්නට උත්සුක වූහ.
අදද, ගැමියන් නොවූ පුද්ගලයන් හට ඒවා දැන හැඳින, ඔවුන් කළ කී දෑ, භාවිතයට ගත් උපකරණ, සිරිත් විරිත් සහ ඇදැහිලි, ජනක්‍රීඩාවන් සහ ආගමික යාතු කර්ම, වෛද්‍යකර්මය, සත්ව පාලනය, ගොවිතැන් කටයුතු, කර්මාන්ත, විනෝදාස්වාද එනම් රංගන සහ ගායන විධික්රම, ප්‍රවාහනය,ජල සම්පාදනය, පරිපාලනය යන මේවයේ අතීත තොරතුරු සපයා ගැනීමේ මහගු මූලාශ්‍රය පෙරකී ග්රන්ථ සමූහයයි.
70 දශකයේ අවසනායේ ඇරඹී සිංහල ජන සමාජය වානිජකරණයට නතු වන තෙක් වසර සිය ගණනකදී ඔවුන්ගේ ජීවන රටාවන් බරපතල විපරිනාමයකට භාජනය නොවී තිබුනු බව පෙනෙයි.
සද්ධර්මරත්නාවලියේ, රොබට් නොක්ස් ගේ කෘතියේ, සහ මෑත කාලීනව මාර්ටින් වික්‍රමසිංහ සහ කේ ජයතිලක ශූරීන් ගේ සාහිත්‍ය නිබන්ධන වල සිංහල ගැමිදිවිය පිළිබඳවු සඳහන් වු දෑ අතර පරතරය අවමය.
සිංහල ගද්‍ය පද්‍ය සාහිත්‍යය මෙන්ම සිංහල ගී සාහිත්‍යය සවිස්තරාත්මකව අවධානයෙන් හැදෑරීමෙන් යමෙකුට අතීත ගැමියන් ගේ ලොවට කාලතරණය කරන්නට හැකි වනවා ඇත.
මෙම සටහනේ අරමුන මතු අවසානයට කී සිංහල ගීත සාහිත්‍යය ඇසුරෙන්, පුරාන ගම්මානයට පිවිස විවරණයකට යෙදීමයි.
අල්පේච්ඡ ජීවිත ගත කරන්නට හුරු පුරුදු වී සිටි ඔවුන් ඈතින් ඈත පිහිටි සිමිත ජනගහනයකින් යුත් ගම්මානවල කොටුවි සිටීමින්, කෘෂිකාර්මික කටයුතු වල නිරතව සිටියේ ගම්මාන වසා පැතිර පැවති වන ගහනය හා එහි බහුලව ජීවත් වූ වන සතුන් හා අරගලයක යෙදෙමිනි. අද මෙන්ම එදාද ඇතැම්විට අදට වඩා කිහිප ගුණයකින් ඔවුන්ගේ භෝගවගාවන් වනසතුන් ගේ ගොදුරු බවට පත්විමේ අනතුරට ලක් වි සිටි බව කියැවේ. ඒවා ආරක්ෂා කර ගැනීම පිනිස නොපෙනෙන බලවේගයන්ගේ පිහිට පැතීම සිදු කළ අතර ඒ සඳහා විවිධාකාර වූ යාතු කර්ම උපයෝගි කොටගත්හ.
ඔවුන් ගේ අස්වනු නෙළාගත් පසුව, ඊට ඊලග වාරය එළඹෙන තුරු ලැබුනු විවේකය ’බක්මහ උළෙල’ හා සමපාත වෙයි. එහිදි ඥාති සබඳතා තරකරගනිමින්, විවිධ විනෝදාංහ, කෙළි සෙල්ලම් ආදියෙන් දවස ගතකළහ. ඔවුන්ගෙන් ඇතැමුන් දුර ඈත පිහිටි ආගමික සිද්ධස්ථාන කරා වන්දනා ගමන් ගියේ පා ගමනිනි. තවත් අය ’කරත්ත’ යොදා ගත්තේය. වියපත්, වැඩිහිටියෙක් කන්ඩායමේ නියමුවා වූ අතර ඔහු ’නඩේ ගුරා’ ය. ඒවා සඳහා සති මාස ගණනාවක් ගතවිනි.
බ්‍රිතාන්‍යයන් විසින් නිතීරීති අණපනත් පමුණුව, සම්ප්රදාය විපර්යාසයකට ලක් කරන ලද 19 සියවසේ මුල් භාගය දක්වා, ඔවුන් තමන් අයත් කුලය අනුව ශ්‍රම විභාජනයේ යෙදෙන්නට නියම වි තිබිනි. ඒ අනුව කිසිවෙකුට සිය අභිමතය පරිදි සිය කර්මාන්තය වෙනස් කරන්නට හැකියාව නොලබන්නට ඇත. ඒ අනුව ’බෙර වාදකයෝ සහ සංගීත කරුවන්’ ගේ දරුවන්ට පිය උරුමයෙන් එය නියම කෙරී තිබුනු අතර ’කම්මල්කරුවන්’, ’ආභරන තනන්න් සහ මෝස්තර ශීල්පීන්, සිත්තරුන්, මැටි භාන්ඩ නිෂ්පාදකයන්, රෙදි වියන්නන්, ධීවර කාර්මාන්තකරුවන්, හේවායන්, කැටයම් කරුවන්, ගෘහ භාන්ඩ නිෂ්පාදකයන්, නැකැත්කරුවන්, යාතුකර්ම කරන්නන්, ශාකමය අමුදව්‍ය යොදා පානවර්ග නිපදවන්නන් ආදී වෘත්තිකයෝ එහිම කොටු වී ඊට කැප වී සිටිය යුතු වූ අතර එයින් වෙනස් කර්මාන්තයකට මාරු විමේ වරම අහිමි වි තිබෙන්නට ඇත. ’දඩයක්කරුවන්, දෝලාගෙනයන්නන්, ආදීන් ද ඔවුන්ට පැවරුනු රාජකාරි ඉටුකිරීමට බැඳි සැදී පැහැදී සිටියයුතුම විය.
ජන කථා සහ ජන ගී කවි සාහිත්‍යය, පුරාන ගද්‍ය සහ පද්‍ය සාහිත්‍යය, මුලින් කී ග්‍රන්ථාවලිය, සහ ගැමියන් අසුරෙන් මෙන්ම තමන්ගේම සමාජ අත්දැකීම් ඇසුරෙන් ගීත රචනා කලාවේ නිරතවුනු නිර්මාණකරුන් වෙතින් බිහිවූ අතිවිශාල ගී පද්‍ය නිර්මාණවලියේ ගැමිජනදිවිය හා සබැඳී තොරතුරු එක්රැස් වී සංග්‍රහ වී පවතී. ඒවා රසවිඳිමෙන් සීරූවෙන් අධ්‍යයනයෙන් යමෙකුට සිංහල ජනසංස්කෘතිය විපර්යාසයට ලක්වෙන්නට පෙර පැවති අතිදිර්ඝ යුගයකට මනසින් පිවිස, දැහැන්ගත වී, එහි සැරිසරන්නට වරම් ලැබෙන්නේය.
එහිදී, ඒවා හදාරන්නෝ අතීත කර්මාන්ත, කෙළි සෙල්ලම්, යාතුකර්ම, සිරිත් විරිත් යන මෙකී නොකී දෑ මෙන්ම වෘක්ෂ, පැළෑටි, ඇතුඵ වනජීවීන් පිළීබඳව ගී කවි පද අතර රුවා තිබෙන ඒ හා සබැඳී සුවිශාල වදන් කෝෂයේ පිහිටෙන් මහත් දැනුම් සම්භාරයක් අත්කර ගන්නවා ඇත.
ආහාර, ඖෂධ, ආභරණ, ඇසුරුම් සකසා තනා ගැනීමේ කටයුත්තේ යෙදුනේ කන්තා පාර්ශ්වයයි, ඒවා ගොතා නිපදවා ගැනීමේ දැනුම හැකියාව ’ඇය’ ගේ විවහය තින්දු විමේ සුදුසුකම් ගණනාවක් අතර රැඳි පැවතියේය. ඒවාට අවශ්‍ය අමුද්‍රව්‍ය වූ ශාක පත්‍ර කොටස් නුදුරින් පිහිට වනරොදකින් සපයා ගැනීමේ වගකීම ද ඔවුන් විසින්ම දැරූහ.
පහත නිබන්ධන විමසනු මනාය.
රන් කුරහන් හේන උඩින්, සී පද හඞ ඇසෙන පැයෙන්....
එන්න මගේ හද අරණට සපුමල් කුමරෝ....
රෑ තිස්පැය දිවා රැයේ ඔබ එනතුරු හිමිදිරියේ ....
ඕවිට ලග බලා සිටිමි සපුමල් කුමරෝ.....
වැටකෙයියා යාය මැදින් තුන්හිරියා පන් උදුරන් ...
පාන්දරින් ඔයත් එක්ක පාන්පැලේ දෙවියන් වැඳ...
කුඹුකේ ළීඳෙන් දියනාගමු සපුමල් කුමරෝ.....
රෑ ඉරබටු තරුව ලගින් ..පායන සඳ අපට හොරෙන්..
නැකත් අරන් ඒවි ඉතින්... අඵත් බතේ සුවඳ අරන්...
බක්මාසෙට එක්තැන් වෙමු සපුමල් කුමරෝ.....
(උපාලි ධනවලවිතාන ගී සංකල්පනාවේ සංගීතය සරත් දසනායකගෙනි, ගැයුම නිරංජලා සරෝජිනී - 1978 පමණ)
මඞ ගොවිතැන භාරදුර කටයුත්තකි. ඊට මහ පිරිස් ඇවැසිය. අතීතයේ එය සිදුකරන ලද්දේ ’අත්තම’ පිහිටකොටගෙනය. එනම් කිසියම් ගොවියෙකුගේ කුඹුර අස්වැද්දීමේ කටයුත්තට ඔහුගේ ගමේ සෙසු සාමාජික සාමාජිකාවන් ගේ දායකත්වය සපයා ගැනීමේ ක්රමවේදයයි. අදාළ දිනයට පෙර, බුලත් අතක් එනම් බුලත් හතළිහක ප්‍රමානයක් ගෙන ගොවියා ගම්මානයේ සෙසු ගැමි නිවෙස් කරා ගොඩවැදී ඔවුනට තමන්ගේ ’කයිය’ අසවල් දිනයේ සිදුකරන බවත්, ඊට සහභාගී වන ලෙස ආරාධනා කරන්නට පැමිනි බවත් දන්වයි. ඊට සහභාගී වන්නේ නම් නිවස් හිමියා හෝ ඔහු වෙනුවෙන් එහි සාමාජිකයා බුලත් කොළයක් ලබාගනී. එසේ වැයවූ බුලත් කොළ ගනනින් තමන්ගේ කටයුත්තට ලැබෙන ශ්‍රම දායකත්වයේ තරම ඔහු කලින් දැනගෙන ඊට සූදානම් වන්නේ ඔවුනට ’ඇඹුල’ සැපයිම ආදිය කළයුතු බැවිනි. කූඹුරේ සිදුකරන සාමූහික කටයුතු ’කයිය’ ලෙස ද එහි සැපයෙන ආහාර ’ඇඹුල’ ලෙසද වෙසෙස් ගැමි වහරේ හැඳින්වෙයි.
කුරහන් හේන.......
එහෙත් ගොඩ ගොවිතැන සාපේක්ෂව ශ්‍රම දායකත්වය අඩු කාර්යභාරයකි. එහිදී ’ඇල්’ වී සහ ’කුරහන්’ වපුරයි. ඇතැම් ගැමියන්ගේ ප්‍රධාන ආහාරය කුරහන් ය. එය හාල් ඇටයට වඩා ප්‍රමනයෙන් කුඩා ධාන්‍ය ඇටයකි. නමුත් ඒවාද කරල්ය. ’කහ’ වර්ණයට හැරීගෙන එන කුරහන් නෙළාගන්නට පිටත්වන්නේ ’ගැමි තරුණියන්ය’ ඔවුන් ඒ සඳහා විශේෂ දෑකැත්තක් භාවිත කරයි. එය ගොයම් කපන්නාවු දෑකැත්තට වඩා ප්‍රමානයෙන් කුඩාය.
එසේ කපාගන්නා කුරහන් අඹරන්නේ ’කුරහන් ගලේ’ ආධාරයෙනි. නිවසේ වී අටුව මෙන්ම කුරහන් අටුවක් ද තිබෙන්නට හැක. දිනයට නියමිත සරිළන ප්‍රමානයෙන් කුරහන් අඹරන්නේ ද කාන්තා පාර්ශ්වයයි. ඒ කුරහන් පිටි ගෙන ’තලප’ සහ ’පිට්ටු’ වැනි ආහාර පිළීයෙල කෙරේ. කුරහන් රඵ ආහාරයක් නමුත් ගුණදායකය. වරක් ආහාරයට ගත් පසු දිරවන්නට යන කාලය අධික නිසා, කුසගින්නකින් තොරව වැඩි වේලාවක් සිටිය හැකිය.
සිංහල සංස්කෘතිය හා සමීපව සබැඳී ’කුරහන්’ උදෙසා ලියැවුනු ගී කවි සින්දු විරළ නොවේ.
කුරහන් හේනේ පිපුණු මලී.............
මගේ නෙත් හඞනවා නුදුටු කලී ....
ඔබ කියනා කවි සුවඳ රැඳී...
මට රිදවනවා මහද වෙලී.....
පිරිපුන් උකුළෙන් කලය වඩාගෙන...
උදෑසනින් නිල් වරළ උනාගෙන ...
යනෙන මලී..සුවඳ මලී....
තවත් සුවඳ මල් ගමේ පිපෙනවා ...
ඔබේ දෙනෙත් ඇයි මා ඉල්ලන්නේ ...
මහද සැලේ නුඹව දැනී .......
(ඩෝල්ටන් අල්විස් ගී පද ගැයුවේ ටි එම් ජයරත්න සහ මාලිනි බුලත්සිංහල විසින් ස්ටැන්ලි එම් ප්‍රනාන්දුගේ සංගීතයටය - 1976)
අසන්න මෙතැනින්
ගී ශ්‍රාවකයන්ගෙන් සිමිත පිරිසකට එහි අරුත් පිරිසිඳ දැනකියා ගැනීමේ ශාක්‍යතාවය ඇත්තේ, ඔවුන් ඇසූ පිරූ තැන් ඇත්තන් විම නිසාය. එහෙත් වැඩි පිරිසකට අරුතේ වගක් නැත. ඔවූහූ ඒවා ’ඇහෙනවාට’ අසති.
කුඹුක් ගස
රමණිය ’කුරහන් ගී’ කවි සින්දු එදා ගීත සාහිත කලාව වර්ණවත් කළේ මෙඅයුරිනි.
කුරහන් යායේ සඳ උතුරාගෙන සිතට දුකක් ගලනා වේලේ...
රෑ තුන්යාමේ ගැයෙනා මේ ගී නුඹට ඇසේවා සුදුනෑනේ ....
එදා වගේ සැඳැ අඳුර වැව් බැම්මෙන් ගලා ඇවිත් ....
උණ පඳුරේ සෙවණ සදනවා ...
කීව කථා රහසේ යළි සිතට නැගෙනවා .....
(කුලරත්න ආරියවංශ පබැඳුමේ ගායනය ටී එම් ජයරත්නගෙනි. සංගීතය ස්ටැන්ලි පීරිස් - 1979)
මතු දිනක ඉතිරිය.........
Eda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.com8tag:blogger.com,1999:blog-4444846852168595125.post-47646027579819967292023-11-08T20:22:00.004-08:002023-11-08T20:34:08.201-08:00ඈත දිනක ගිය පාසල් ගමන
උදෑසනම පොඩි අපි දිව ආ ඒ යුගයේ අත්දුටු සොඳුරු අත්දැකීම්......(1973-1989)
ගම්මැද්දේ, පාසල් ක්‍රියාශිලීව පැවති 80 දශකය දක්වා, ළමෝ අකුරු කරන්නට එහි ගියහ. නමුත් අද මෙන් එදාද ශීෂ්‍යත්වය විභාගය ඉහළින් සමත්වූවෝ ඉන් පසු නගරයේ පාසලට පියමං කළහ. එහෙත් ඒ ආසන්නතම මහ විද්‍යාලය දක්වා මිස සැතැපුම් ගණනාවක් මග ගෙවා යා යුතු නමගිය පාසල් කරා නොවේ. එවැන්නෝ ඒකී පාසල් ආසන්නයේ පදිංචිව හෝ ඒ පාසල් නේවාසිකාර පහසුකම භුක්ති විඳිමින් හෝ පෙර කී තරම් දිර්ඝ වෙහෙසකර ගමන් මගහරවාගත්හ.
90 දශකයේ දී,ක්‍රමයෙන් පුඵල් වූ ’පාසල් බස් සහ වෑන් රථ සේවාව’ කර්මාන්තයක් බවට පත්කරමින්, සමාජයේ එක්තර කොටසකට ජිවිකාව සපයද්දී, ළමෝ කිලෝමීටර් විස්සක් ද ඉක්මවා දුරකට එකී වෑන් රථ සේවාවේ පහස ලබමින් ගමන් කරන්නට පුරුදු වූහ, මාර්ගයේ වාහන තදබදය තිව්ර වුයේය. කාර්යල කරා ගමන් කරන්නෝ අපහසුතාවයන්ට ලක්වුහ. ඒ සියල්ල අභිබවා, කුකුළා හඞලන පැයේ, තවමත් පරිසරය අඳුරේ ගිලී පවතිද්දී, ළමෝ මහමාර්ගයන්ට අවතීර්ණ වුයේ නිදිබර ගතියෙනි.
මේ තත්වය උදාවන්නට පෙර පරපුරේ පාසල් දරුවන් ගේ සුහද ප්‍රවාහන මාධ්‍යය වූයේ ලක්වැසියන් ගේ හදවතට සමීප ’ලංගම’ බස්රථ ඇණියයි. නගරයේ සිට ගම්මාන ගණනාවක් හරහා තවත් ගම්මානයක් ගමාන්තයක් කරගත් මේ බස්රථයේ සේවකයන් සහ මගීන් එකිනෙකා ලෙන්ගතුව බැඳී සිටියේය. රියදුරු අසුන වටා ගැවසෙමින් කුඩා පාසල් සිසුන් එහි නැගී ගියහ. එතැනින් හාත්පස හොඳින් දර්ශනය වන නිසාත්, තෙරපීමට ලක්නොවීමත් නිසා එසේ කරන්නට ඇත.
ඇතැම් උඩරට පළාත්වල ධාවනයට යොදා තිබුනු ’ටාටා’ ලාංජනයේ හැරුණුවිට, සෙසු මාදිලි බටහිර කලාපයෙන් බිහිවී ලෝ පරසිඳු නාමයන් වූ ’මර්සඩීස් බෙන්ස්’ ’ලේලන්ඩ්’ සහ ’ෆියට්’ සහ ජපානයේ ’ඉසුසු’ වාහන ආයතනයේ නිෂ්පාදිත චැසි උදෙසා ලංගම කාර්මික වැඩපලවල් හීදී තනා සම්පුර්ණ කරන්නට යෙදිනි.
රඵ පරඵ නිමාවකින් යුත් ඒවා නිමාවෙන් සහ පෙනුමෙන් ද සැප පහසුවෙන්ද ලොව නිෂ්පාදිත උසස් ගනයේ මගී ප්‍රවාහන බස්රථ හා සැසඳිය හැකි මට්ටමක නොවිය. කොහුබත් හෝ රබර් ගුදිරි වලින් ආවරණය කළ රෙක්සින් ආසන රඳවා තිබුනු ලෑලී රඳවනයන් හී මතුපිට ලියැවුනු කුරුටු ගී එදා සුලබ එහෙත් එක්තරා ආකාරයකට විචිත්‍රවත් දසුනක් විය.
1980 ජපානයෙන් අනයනික
කරුණු එසේ තිබියදී, පොදු ප්‍රවාහන සේවා භාවිත කරන, සාමාන්‍ය ලාංකීය මගී ජනතාවට නැවුම්, ප්‍රසන්න පෙරනොවු විරු සොඳුරු අත්දැකීමක් අත්කර දෙමින් මුල්වරට ශ්‍රී ලාංකීය නොවන බස්රථ බඳ සහිත සමකාලීනව ධාවනය වූ ලංගම බස්රථ ඇණියට වඩා නිමාවෙන් බොහෝ ඉදිරියෙන් පැවතී නිමි බස්රථ ආනයනය කලේද වත්මනෙහි මෙන් ඉන්දියාවෙනි. ඒ 1978 වසරේ අවසන් කාර්තුවේදීය.
තහඩු එකිනෙක පුරුද්දා ඇති ස්ථාන සියුම් ලෙස රබර් වැසුම් ආවරණ ගන්වා, කවුඵ මැදින් දිවයන, හරස් යකඩ පටී, මෘදු පී වී සී ආවරණ ගන්වා, ප්‍රාථමික ඇඵමිනියම් තහඩු රඵ ලෙස නංවා තැනූ ඇතූළත විදුලි බුබුඵ වෙනුවට, එකල මධ්‍යම පාන්තික නිවස් හි භාවිතා කල, ප්ලාස්ටික් විදුලි බුබුඵ ආවරණ බඳු වැසුම් යොදු විදුලි ආලෝක පද්ධති සවිකරවා, එමතුදු නොව, දෙපස කවුඵ පේළි ඉහළින් සවිකෙරූ වා කවුඵ දාර පවා, රබර් පටි මගින් හැඩගන්වා, තිබූ මේ බස්රථයේ දකුණු පස ආසන පේළි ආරම්භ වන පුජ්‍ය පක්ෂයේ ආසනය ඉහලින් මෙම ටාටා 1`210 බස් ඛාන්ඩය නිමවූ ආයතනයේ නාමය රඳවා ආනයනික මේවා කුඩා පාසල් දරුවන් වූ අපගේ නෙතට රසඳුනක්ම වු අතර ගතට නැවුම් සුවපහසුවක්ද ගෙන දුනි. ( Sundaram Coach Builders) නමින් ඉහත ලේබලයේ කොටා තිබුනි.
ටාටා 1210 - 1978 ඉන්දීය සුන්දරම් මගීරථ නිෂ්පාදනය
පහළ - ෆියට් - ඉතාලි චැසිය සහ ලංකාවේ බඳ - 1970?
එහෙත් ප්‍රවණතාවය වඩාත් යහපත් අතට පත්වී, ජපානයේ ’ඉසුසු’ සමාගමේන් පුර්ණ ලෙස නිෂ්පාදිත ’නිමි බස්රථ’ වල දීප්තිමත් ෆ්ලුවොරසන්ට් ආලෝක ධාරා වලින් ආලෝකමත් ව, සුවපහසු අසුන් අරා, ගමන් බිමන් යෑමේ වරප්‍රසාදය ලැබුනේ 1980 වසරේදීය. තනි ඇතුඵවිමේ - පිටවීමේ දොරටුවකින් යුත් ඒවා පොදු මගී ජනයා ගේ ප්‍රවාහන පහසුව සඳහා යෙදවූ එදවස නවීන සුපිරි ගනයේ බස්රථ විය.
එහෙත් මේ ’ඉසුසු’ කුමාරවරුන්ගේ රාජකීය සුපිරි සාමාජිකයන්ගෙන් පොදු මිනිසාගේ ප්‍රවාහන මාධ්‍යය ඔපවත් වූයේ 1986 වසරේදීය. එවර ලාංකීයයන් හට මුල්වරට එදා නවීන තාක්ෂනයෙන් ස්වයංක්‍රීයව වීවෘත ව වැසෙන ඉදිරි දොරටුවකින් යුත් ද්විත්ව දොරටු සහිතව එපමණකින් නොනැවතී ස්වංක්‍රීයව ක්‍රියාත්මක වන ගියර පද්ධති සහිත බස් රථ ගමන් හී යෙදෙන්නට වරම් ලැබීය.
පෞද්ගලික බස්රථ ධාවයකන් සතුව ජපානයෙන් ආනයනය කල බස්රථ ඒ වනවිටද මගී ප්‍රවාහනයට එක් වී සය වසක් ගත වී, ඒවා හුරු පුරුදු වී තිබුනද, ඒවායේ සැපපහසුව සහ තාක්ෂනය අභිබවා යන්නට පෙරකී ’ඉසුසු’ බස්රථ ඇණිය සමත්විය. කඳු බෑවුම් සහිත බිමට විශේෂඥ ධාවන අත්දෑකීමක් තිළිණ කරදුන් ඊට පරසිඳු ’ඉසුසු’ මාදිලිය, ඒ වසරේ සිට ඒ නිසාම උඩරට ලංගම බස් ඩිපෝවලදී නිතර ඇස ගැටෙන දසුනක් විය. ඔවූහූ ඒවා යොදාගනිමින් කන්ද උඩරට නගරයන් හි සිට අගනුවර දක්වා අධි සීඝ්‍රගාමි සේවා පවත්වාගෙන ගියේ ඒවයේ ගුණාත්මක බව මදකුදු හෝ පිරිහෙන්නට ඉඩකඩ නොතබමිනි.
සංවර්ධනය නොකළ වත්මන් තත්වය හා සසඳන විට එයින් භාගයක් තරම් පළලකින් යුත් ලංකාවේ අංක 01 මහාමාර්ගය වු කොළඹ - නුවර මාර්ගයේ ඒවා නියමිත කාලසටහනට අධිවේගයෙන් ධාවනය විය. මගීන් විසින් වැයකරන මුදලට සරිළන සේවය මනාව සපුරාලීම තමන්ගේ වගකීම බව සේවක දෙපොළ හොඳින් අවබෝධ කරගෙන සිටියහ.
මෙට්‍රෝ රැපිඩ්’ ලෙසින් විශාල අකුරෙන් පින්තාරු කළ ඒ බස්රථ සේවාවේ පිහිට ලබාගත් ඒ පිළිබඳ අතීත මතක සටහන් සතු ළමා - ළපටි - තරුණ කැළ මීට සාක්ෂි දරනු ඇත.
මේ සුපිරි ඉසුසු හැඩකාරයන්ගේ නිවුන් සහෝදරයාගේ ආගමනය සිදුවුයේ 1989 වසරේදීය. ඊට අනන්‍යතාවය හිමිකර දුන් බඳ මත - හරිත - කසා වර්ණ ද්විත්වයෙන් යුත් තීරු යුගළය සහිත ඒවායේ ’ස්වයංක්රීයත්වය ව්යාන්ධිකරණයට ලක්කර තිබිනි. එහෙත් දෙවර්ගයේ බාහිර පෙනුම සර්වසම විය.
රථය තුළ ගමන්ගන්නා මගීන් හට නොදැනෙන, වෙහෙසඇතිනොකරන මේවයේ ගමන් බිමන් හි යෙදුනු පාසල් ළමෝ එය ඔවුන්ගේ මිහිරි අතීත මතකාවර්ජනයට එක් කරගන්නට ඇත.
අදට වඩා ගීත රසවින්දනයට හුරුව සිටි දරුවන් හට සිය ’පාසල් බස් රථ ගමන’ ගැන ලියැවුනු ගැයුනු ඇසුනු එකම ගීතය මතකයට නැගෙන්නට ඇත. ’දෙසතිය’ නම් වූ වාර සගරාවේ සංස්කාරක ධූරය හෙබවුද අත්දැකීම බහුල ගීත නිබන්ධකයෙකු වූද නැසිගිය ගාමිණි විජේතුංග ශූරීන් විසින් ලියු එහි නාද මාලාව සැකසූයේ සිනමා ගීතාවලියේ හැඩවැඩ වඩාත් ඔපවත් කල සංගීතවේදී නැසිගිය සරත් දසනායකයන් ය.
පොදුපාසල් බසයක එදා ගමන් ගිය දරුවෙකු අත්විඳි, කළ කී දෑ නොඅඩුව එහි ලැයිස්තු ගතකොට දක්වා ඇත්තේය.
උදෑසනම පොඩි අපි දිව එනවා.........
කොහේද සැගවී එළියට එනවා ....
උදේ පාන්දර පාසල් යන්නට ...
බසයක් ඇවිදින් කථා කරනවා...............
දෙබර මුලක් ගල් ගැසී සැළෙන ලෙස...
එපා පුංචි ළමයිනි පොරකන්නට....
පේළී ගැසී බසයට නැගගත් විට....
මුතු ඇමිනුවා වාගේ මුතු පොටකට.....
මේ පොඩි බස්රිය ඔබේය හිතලා....
කුරුටු ගෑම හරි නෑ ඉරි ඇඳලා.................
අසුන් කඩා බිඳ දමා නොයන්නේ ...
ඔබේය මේ බස්රිය රැකගන්නේ ....
(ලලිත් සිරිවර්ධන සහ ළමෝ - 1973)
මේවා නිසා ව්‍යාපාරයක් බවට පුර්ණලෙස පත්වි තිබුනු ’පෞද්ගලික බස්’ සේවාවට අගතියක් සිදු වන්නට ඇත. ඒවයේ අවසනාවන්ත අවසානයට එකරුණ නිසැක ලෙස හේතු වන්නට ඇත.
මේ සියඵ සේවා 90 දශකයේ මුල් යුගය දක්වා කෙටි කාලයක් ක්‍රියාත්මක වීමෙන් පසු, ධාවනයෙන් මතුනොව ඒවා හිමිකරගෙන තිබු ඩිපෝවලින්ද අතුරුදහන් වී තිබීම අංජනමකින් සොයා යා යුතු ශෝචනීය පුවතක් නොවීය. ඒවා මෙම රාජ්‍යයේ වෙනත් වැඩකටයුතු සිදුවන අයුරු අනුවම සිදුවි තිබිනි. මේ අතරින් එකක් දෙකක් ඉඳහිට ද ඔබට මගතොට මුණගැසිය හැක්කේය. නමුත් ලංගම ලාංජනයෙන් නොවේ.
අද ’ලංගම’ සහ පෞද්ගලික’ සේවා වෙන්කෙරෙන්නේ මතුපිට බඳ පින්තාරු වී ඇති වර්ණයෙන් පමණකි. අන් කිසි කරුණකින් නොවේ. ඉතා කලාතුරකින් හැරෙන්නට ප්‍රධාන මාර්ගයන්හී ප්‍රසිද්ධ ධාවන අංක යටතේ ධාවනය කෙරෙන්නේ එකම වර්ගයේ එකම තත්වයේ බස්රථය. ඒවයේ පෙළපත, නිමාව පිළීබඳව නොයෙකුත් අවලාද චෝදනා නැගෙයි. 80 දශකයේ පෙරකී සේවාවන් වෙතින් ප්‍රවාහන පහසුකම් සලසාගත් පරපුරේ සාමාජිකයන් හට සංසන්දනයේ යෙදෙමින් වත්මන් ප්‍රවාහන සේවාවන් පිළීබඳව කියන්නට බොහෝ දෑ තිබිය හැකිය.
බරපැන යහමින් වැයවෙන අධිවේගී ගමන් නොව පොදුමගී ප්‍රවාහන සේවාව උදෙසා වත්මනෙහි අසල්වැසි දේශයෙන් හැරෙන්නට, බස්මගී ප්‍රවාහනයේ ගුණාත්මක බව සැපපහසුව අගයන බටහිර සහ ඈත පෙරදිග දේශයන් විසින් මෙහි බස්රථ එවනු නොලබන්නේය.
එදා මෙන් ’මර්සඩීස් බෙන්ස්’, ’බ්‍රිටිෂ් ලේලන්ඩ්’, ’ෆියට්’ , ’මිට්ෂුබිසි’ ’ටොයටා’, ’ඉසුසු’ ආදී ..ලෝකයේ සුප්‍රසිද්ධ වාහන නිෂ්පාදනාගාර සහ දැවැන්ත සමාගම් විසින් නිපදවනු ලබන, පරසිඳු මාදිලි දැන් මෙහි දක්නට නැත්තේය. ඒවයේ ආගමනය අඩමානය අවිනිශ්චිතය.
ඒවා යළිත් දිනක මෙහි එවනු ලබත්වා. පාසල් ගමනෙහි යෙදෙන වත්මන් ළමා ළපැටියන්හට අව්‍යාජ බස්රථ ගමනක සැපහසුව විඳගන්නට වරම් ලැබේවා.
'සේයාරු උපුටාගැනීම -අන්තර්ජාල මුහුණුපොත
http://sltbbus.blogspot.com/ බ්ලෝග් මෙහෙයුම් සහෘදයන්හට ස්තුතියි
ප්‍රභාත් රාජසූරිය
Eda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.com2tag:blogger.com,1999:blog-4444846852168595125.post-67563668226899950172023-10-26T22:34:00.003-07:002023-10-30T22:33:53.424-07:00Sinhalese Children's Hits of 70s with EP-45 rpm
එදා ඊ පී තැටි ගීයෙන් දොරට වැඩි ළපටි කැළ................
සිනමා කලාවේ මෙන්ම ගීත කලාවේ ද විවිධාකාර ’රැළි’ බිහිවන්නේ ලක්බිමේ පමණක් නොවේ. ඒ අනුව ’බීට්ල්ස්’ රැල්ල විසින් ශ්‍රි ලංකාවේ කන්ඩායම් ගී යුගය බිහිකරදුන්නේ 60 දශකයේදීය. ඉක්බිති උදාවූ දශකයේ මුල් භාගයේදීම දෙවැනි රැල්ලට මුල පිරුවේ ’ළමා ගායිකාව’ කි. ඇය පෙරකී කන්ඩායම් ගී රැල්ලේ ගසාගෙන ආ ’ධරමරත්න සහෝදර’ කන්ඩායමේ ඥාති දියනිය වූ ’ශිරෝමි ප්‍රනාන්දු’ ගේ ගී ප්‍රවාහයයි. ඇය ඒකලව ගැයු ගීත හතරකින් සමන්විතව නිකුත් වූ ’සූරිය’ තැටිය විසින් ඇතිකළ ආන්දෝලනය සුඵ පටු නොවිය.
ශිරෝමි ප්‍රනාන්දු - 70 දශකයේ අගභාගය
ඒ ලක්බිමේ මුල්වරට වේගරිද්ම බටහිර ’පොප්’ ශෛලිය අනුව ’ළමා ගායිකාවක්’ ගීත ගයනා කිරීමේ ප්රවණතාවයයි. ඇයගේ ’කොන්ද නමාගෙන (ආච්චි)...’ සහ ’ පොඩිකාලේ දගකෙරුවාම (අම්මා-තාත්තා)’ ගීත අත්කරගත් අසාමාන්‍ය ජනප්රීයතාවයෙන් කුඵගැන්වුනු වෙනත් තැටි නිෂ්පාදකයන් ද සිය ලේබල් සඳහා ගයන්නට ’ළමා ගායිකාවන්’ සොයන්නට තැත් දෑරිමේ ප්‍රතිඵලය වූයේ ’නිව් සවුන්ඩ්’ නම් වූ ජනප්‍රිය ගීත ලේබලයෙන් ’දමයන්ති ඒකනායක’ සහ ’ලෝටස්’ ලේබලයෙන් ’ලිලන්ති කරුණානායක’ මෙන්ම ’මොණරා’ නම් වු උද්ධෘතයෙන් සහ ’සරස්වතී’ලේබලයෙන් ’ශිරෝමාලා ප්‍රනාන්දු’ කරළියට පැමිනීමයි. මීට අමතරව ’මලා ටී වඩුගේ’ නම් වූ දැරිය ද තැටියකට ගී ගැයුවාය. මේ සියල්ල 1971 සිට 1979 කාලය ආවරණය කරයි.
ශීරෝමි මෙම ප්රවාහයේ නියමු ගායිකාවයි. ඇයගේ ගී පද රචනා මෙන්ම තනු සහ සංගීත අධ්‍යක්ෂනය ද මාමාවරුන්ගේ සංගීත කන්ඩායමේ නියමුවා වු ’මෙල්රෝයි ධර්මරත්න’ සහ ’මැක්ස්වෙල්’ ඇතුඵ පිරිස විසින් සිදු කළහ.
01 පොඩි කාලේ දග කෙරුවාම .....
02 කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන ....
03 සකළ බුජං කොට කළිසම් තමයි අඳින්නේ...
04 හඳහාමි සුදු හඳහාමී.................
05 පුඵන් කොට්ට අත්දෙක තබලා ...(බළල් හාමිනේ)
06 රුවට රුවක් නැත මෙහෙම රුවක් නැත..................
07 මං දුකින් තමයි ඉන්නේ කවුද මාව බලා ගන්නේ .................
08 උඳුවප් මාසේ සීතල දවසක ....(ජේසු බබා)
09 මං සමනලයෙක් වෙලා ...................
’ශිරෝමි’ නම් ළමා ශිල්පිනිය බිහිකරදීමේ පුර්ණ ගෞරව බුහුමානය ඇයගේ ම මවගේ බාල සොයුරු සංගීතඥ මෙල්රෝයි ධර්මරත්න ට හිමිවිය යුතුය. ඇයගේ ගීත සියල්ලකම පාහේ පද රචනාවන් මෙන්ම තනුව සහ සංගීත අධ්‍යක්ෂනය පවා සිදුකළේ ඔහුය. එහිදී ඔහු විවිධාකාර විෂය පඨයන් ඔස්සේ සිය ගී පද රචනා කෞෂල්‍යය මෙහෙයවූ බවක් පෙනීයයි. 70 දශකයේ මධ්‍යම පාන්තික සහ ඉහළ මාධ්‍යම පාන්තික දෙකොට්ඨාශයේ නිවෙස් හී දොරක් පාසා දකින්නට ලැබුනු ’ළමා මෙහෙකරුවන්’ ගේ අවසනාවන්ත, අසරණ දිවිපෙවෙත ඔහු සිය නිර්මාණ ඔස්සේ සකච්ඡා කලේය (සකළ බුජං, මම දුකින් තමයි ඉන්නේ කවුද...)
ශිරෝමි ප්‍රනාන්දු - 70 දශකයේ මුල් යුගය
ඒ ගීත සංගීතවත් කිරීමේදී ඒකාකාර රාමුවකට කොටුවීමෙන් වැළකී, පෙරාපරදෙදිග විවිධ වාද්‍ය භාන්ඩ සංකලනයෙන් ඔහු ඒවා රසගැන්වීය. පහත වාදනය වන ගීතය සංගීතවත් කරනු වස් ඔහු සාම්ප්‍රදායික ලාංකීය වාද්‍ය භාන්ඩයක් වන ’උඩැක්කිය’ ද බටහිර ශූෂිර වාදf්යා්පකරණයක් වන ’ඕබෝ’ වද යොදාගෙන ඇත.
’රුවට රුවක් නැැත............මෙහෙම රුවක් නැත.............
ඇයගේ ගීත ජනාදරයට පාත්‍ර වෙමින් දිවයින පුරා මහත් ආන්දෝලනයකට ලක්වෙද්දී, කරළියට පැමිණී දෙවැන්නිය ’දමයන්ති ඒකනායක’ ය.
01 අම්මාගේ උකුලේ නැළවි ............
02 එක දවසක් සියා අපේ ගෙදර ඇවිල්ල......(බෝනික්කා)
01 උදේ සුපිපුනු මලක් බඳු...(නංගී)
02 මුඵ ලොව ලැබුනත්..... (පියා - දුවනිය සංවාදය)
උදේ සුපිපුනු මලක් බඳු ...........................
දමයන්ති ඒකනායක
’කරුණාරත්න අබේසේකර’ විසින් පබඳින ලදුව ’මොහොමඩ් සාලි’ සංගීතවේදියා විසින් රසගන්වන්නට යෙදුනු අතර ඒවාද ’ශීරෝමි’ ගී රැල්ළේ පාවි යමින් ජනප්‍රියත්වයේ හිණිපෙත්තට ගියේය. එහි ඇතුළත් සංවාද ගීය ද සැළකිල්ලට ගෙනදෝ, ලිලන්ති කරුණායක සහ ඇනස්ලි මාලේවන ගේ සංවාදය ’සුළග සහ ළමයා’ අතරය. සත්සර රටාවන් ක්ලැරන්ස් විසිනි.
01 කියන්න සුළගේ ඔබ කොයි සිටදෝ.... (කරුණාරත්න අබේසේකර)
02 ඇය කොන්ඩේ දිගට දාලා ..(ටීචර්) - (ක්ලැරන්ස්)
03 අහසේ ඈත දිළීසෙනවා ....(කණාමැදිරියෝ) (ක්ලැරන්ස්)
04 වැනියන් කලු වැනීයන්...(කේ ඩි කේ ධර්මවර්ධන)
ගීත අතරින් ’කියන්න සුළගේ’ අත්කරගත් ජයග්‍රහනය දිගු පුඵළින් මහත් විය.
ලිලන්ති කරුණානායක
ඇය කොණ්ඩේ දිගට දාලා හැම උදේම එනවා...
ශිරෝමාලා ප්‍රනාන්දු මතු කි තිදෙනා අතරින්ම ළාබාළතම දැරිය වන්නට ඇත. මන්ද ඇයගේ හඞ එකී ගීතයන්හි ඉතා ළපැටි, හුරුබුහුටි කෙළිලොල් බවකින් සමන්විත බැවිනි. ශ්‍රී ලංකාවේ සිනමා-ගුවන් විදුලි-තැටි ගීත නිර්මාණ සාහිත්‍යයේ හදවත් බඳු ජ්‍යෙෂ්ඨතම ප්රවිණ සංගීත අධ්යක්ෂවරු’සරස්වතී’ තැටි ලේබලය උදෙසා, ’වාදක මන්ඩලය’ හොබවමින් මේ කුඩා දැරියගේ ගීත රසගැන්වූහ. ඒ අතර ....
පියානෝ - ඒලියන්ද සොයිසා,
වයලීන් කන්ඩායම - එම් කේ රොක්සාමි, වික්ටර් දඵගම, අමරසිරි පීරිස්
ස්පාඤ්ඤ ගිටාරය - මර්වින් විජේවර්ධන
හවායන් ගිටාරය - පැට්රික් දෙණිපිටිය
ක්ලැරිනට් - සරත් බාලසූරිය
සැක්ස්ෆෝන් - ස්ටැන්ලි පීරිස්
සිතාරය - වයි එම් සුමනසිරි
ඩබල් බේස් - එම් මානික්කවාසගර්
ජෑස් - ෆාරුක් මිස්කින්
බොංගෝ - ඩබ්ලිව් ශ්‍රියාරත්න (ෂෙල්ටන් ප්‍රේමරත්න සොයුරු)
කොංගෝ - ඩබ්ලිව් විජේසිරි
මෙකී ප්රවිණයන්ගේ අති විශීෂ්ඨ වාද්‍ය රසය හේතුවෙන්දෝ ඇයගේ ගීත සංගීත නාද රසයෙන් පිරි ඉතිරි ගිය බවක් හැගී යයි.
01 කිංචි පිංචි හාවා යද්දි තනිවෙලා ................ (කරුණාරත්න අබේසේකර ගී තනුවට සංගීතය සංගීතවේදී වික්ටර් දඵගම)
02 රණ මොනරු රන්වන් රන් රණ මොනරු .................(ගී පද සහ සංගීතය - ක්ලෝඩ් ද සොයිසා වෙතිනි)
ශිරෝමාලා ප්‍රනාන්දු
රණ මොනරු රන්වන් රන්...............
යන මේ ගීත සමනළ වර්ණ මොනරෙකුගෙන් විචිත්‍රවත් වූ තැටි කවරයකින් හෙබි ඇයගේ ඇල්බමයේ ඇතුළත් විය.
ස්වරාලංකරණයෙන් විශීෂඨතා සහ නිපුනතා අත්කරගැන්මට තරම් පරිණත නොවුනු වයසක පසුවන ’දරු දැරියන්’ ලවා සම්පුර්ණ ගීතයක් ගයවා ගන්නවාට වඩා ඇයව හෝ ඔහුව ගායනයට නිරාවණය කිරීම සිමා කරන ’සංවාද’ ගීයක් නිර්මාණය වඩාත්ම වාසිදායක වන්නට ඇත. එහි ප්‍රතිපලය පහත ගැයුනු ගීතයන්ය. ගීත ප්‍රබන්ධ කලාවේ ’මහගුරු’ ලෙස හැඳින්විය හැකි, ප්‍රවින ගුවන් විදුලි මාධ්‍යවේදී දිවංගත කරුණාරත්න අබේසේකර හැදූ මේ සංවාදයේ යෙදුනේ ජනකාන්ත ගායක එච් ආර් ජෝතිපාල සමග එදවස ළමා ගායිකාවක් වූ ’මැණික් චන්ද්‍රිකා’ ය. තනු රටාවද සංගීත සංයෝජනයද එය නිකුත් කල ’ෂාන්ස්’ ලේබලයේ නිර්මාතෘ ’ෂන්මුගම්’ සංගීතඥයාගෙනි.
දරිය -
තාත්තී ....? තාත්තී....?
’ජෝති’ -
දසමසක් කුසේ හොවලා ...
ලේ කිරි ලෙසින් පොවලා...
ඔබව හැදුව පුංචි කලේ ...
දැරිය
අම්මා.....
ජෝති
රෑ දවාලේ වැස්ස අව්වේ ...
ජිවිතේම වෙහෙස වූයේ ...
හොඳට හැදෙන තාලේ කිවේ ...
දරිය
තාත්තා ....
සවන්දෙන්න මෙතැනින්
මේ ආකෘතිය ට අනුගතව ඊට සමාන්තර යුගයේ බිහිවුනු ගීතයකි මේ.
පියා -
ලස්සනට වෙන්නට හදන්නේ .....
අඵත් මෝස්තර හොයන්නේ ....
තිස්සේම සිංදුයි අහන්නේ ....
දුවනිය -
අක්කා ...........
දුවනිය
දවසේ හිතෙන හිතෙන ගානේ ...
තුන හතරක් ගවුම් ඇඳන් ....
රෝස මලක් පෙනයි මූනේ ....
පියා
නංගී ....
සවන්දෙන්න මෙතැනින්
උක්ත සංවාදයද සුපුරුදු ලෙසම ’කරු අයියා’ යන ආදරණිය වදනින් කලාලොව දැන හැඳිනගත් ’කරුණාරත්න අබේසේකරයන්’ ගේය. තනු නිර්මාණය සහ සංගීතය ’ආර් ඒ චන්ද්‍රසේන’ සංගීතවේදියාගෙනි.
ශීරෝමාලා ට නොදෙවෙනි, ඇයගේ වයස් ඛාන්ඩය නියෝජනය කරන්නට ඇතැයි අනුමාන කරන ළපැටි දගකාර හඞකින් ගී ගැයූ ළදැරිය ’මාලා ටී වඩුගේ ළමා ශිල්පිනියගේ තැටි ගීත, එදවස ගුවන් විදුලි ළමා ගී විචිත්‍රාංගයේ දී දරුවන් වෙත තිළිණ කලේ ලංකා ගුවන් විදුලි සේවය විසිනි. එහි වාදක මන්ඩලයේ ප්රවිණ සරපුවරු වාදකයෙකු ලෙස කටයුතු කල සංගීතවේදී ස්ටැන්ලි එම් ප්‍රනාන්දු තනු නිර්මාණය කරමින් සංගීතවත් කල ඇයගේ නිර්මාණ පබැඳූවේ එදවස එහි තාක්ෂනික කාර්ය මඞුල්ලේ සාමාජික චන්ද්‍රසේන රංගේ විසිනි.
ගල්ලෑල්ලේ කුරුටුගාන ශීරුමාලී අර බලන්නකෝ.....
පාට පාට රූප පොතක් ගුරුතුමි ගෙනෙල්ලා....
වෙලට උඩින් ඉර පායා...
ගමට උඩින් හඳ පායා....
හරිම ලස්සනයි ඒ පිංතුරේ....
සවන්දෙන්න මෙතැනින්
70 දශකයේ වෙළඳ තැටි උදෙසා ගී හඞ එක්කල සෙසු දැරියෝ ළමා වියෙන් නික්ම, නව යොවුන් වියට එළඹ සිටියහ. ආර් ඒ චන්ද්‍රසේන සංගීතවේදියාගේ දෙටු දියනිය විසිවසට එලඹි ’තිලංගනී’ සමග ඇයගේ වයස් ඛාන්ඩය නියෝජනය කල ’චම්පා අතපත්තු’ ද, එවකට දොළොස් හැවිරිදි වියේ පසුවූ ’දර්ශනී චන්ද්‍රසේන’ ද මෙන්ම ළමා ගී පද සාහිත්‍යයට අනුගත නොවූ ’වින්ස්ලෝ සික්ස්’ නම් වූ හාර්මනි සංගීත කන්ඩායමේ සහෝදරියන් ද ඔවුන් අතර වෙති.
මරදාන හන්දියේ වර්තමාන ’එල්ෆින්ස්ටන්’ රගහලට යාබද මාවතේ ’චන්ද්‍රසේන සංගීතායතනය’ පවත්වාගෙන යනු ලැබූ සංගීතවේදී ’ආර් ඒ චන්ද්‍රසේන’, ඔහුගේ නමින් ’ආර් ඒ සී’ තැටි ලේබලයේ මෙහෙයුම් කටයුතු ද සිදු කරනු ලැබීය. ඔහුගේ දියණියෝ ද, සිසුන්ද ඒ ගී තැටි ඔස්සේ ගීත රසිකයන් හඳුනාගත්හ. චන්ද්‍රසේනයන් ගේ වාද්‍ය වෘන්දයේ එදවස වාද්‍ය කලාවේ කෙළ පැමිනි ප්රවිණයන් ගණනාවක් සේවය කළහ. ඒ කාරණය නිසාවෙන් ඔහුගේ තැටි ගීතයන් විදුලි ඕගන් රටා ඇතුඵ වාද්‍ය රසයෙන් අනූන විය. ’මල් කිනිත්ත වාගේ...’ ගීතය එදවස ලංකා පරිපාලන සේවයේ නිලදරුවෙකු ලෙස කටයුතු කල අමර කුමාරරත්න විසින් එය රචනා කරන ලදී.
දර්ශනී සහ තිලංගනී - - 70 දශකයේදී
දර්ශනී සහ තිලංගනී ගැයු ජනප්‍රිය ගීත යුගළයකි
මල් කිණීත්ත වාගේ චූටි නංගි ලස්සනයි.....
අක්ක කන්නේ බොන්නෙ යන්නෙ එන්නේ හරිම තාලෙටයි.................
රාජසබේ තැගී ගෙනා ...................
සාරකථා මේවා තබා...
කාසිපනම් නැතුව නිකම් බෑ ළමයෝ කියන්ටා .......
සවන්දෙන්න මෙතැනින්
තිලංගනී සහ චන්ද්‍රසේන සංගීතායතනයේ ශිෂ්‍යා ’චම්පා’ ද එක්ව ගැයූ ගී තැටි ත්රීත්වයක ගීත ද ’කරුණාරත්න අබේසේකරයන් ගේ පද සංකල්පනාවන්ගෙන් සමන්විත විය. ඒ සියඵ ගීතවල තනු, සංගීත අධ්‍යක්ෂනය, වාදක මන්ඩල මෙහෙයවීම, ආර් ඒ චන්ද්‍රසේනයන් විසින් සිදු කරන්නට යෙදුනි.
’රොන්සුනු මල්පැනි දිගන්තේ ...................’
යව්වන යව්වන වසන්තේ ...................’
’රස ජීවන සිතුවිල්ලේ ...සුව සාදන සැනසිල්ලේ ...
හද සෝබන ගී නාදේ...ඔබ ගයන්න ඇයි නාවේ ..............’
මෙතැනින් සවන්දෙන්න
’විලේ මලක උපන්නී... ජලේ රළක නිදන්නී...
මලේ සුවඳ විඳින්නී...පැළේ එළිය ලබන්නී....
අරුණෝදේ උදාගිරෙන් නැගෙන හිරුද සිනාසේ......
චිරං ජයතු මංගලම් ....මංගලම්..
ජය කුසුම්..ජය පැතුම්.. චිරං ජයතු මංගලම්...
’සිරිල් ඒ සීලවිමල’ එදවස පරසිඳු දිනපතා ජාතික පුවත්පත වූ ’දවස’ අගසකසු ධූරය හෙබවීය. ඔහු ද චන්ද්‍රසේන තැටි ගී සඳහා ගී පබඳීම සිදුකළේය. ඔහුගේ තාක්ෂනික ප්‍රයෝග සහිත සංකීර්ණ බටහිර තනු උදෙසා වදන් සැකසීම ඔවුන් හට අභියෝගයක්ම වන්නට ඇත. පහත ගී පද රචනය විමසනු මනාය. එය සාර්ථක පද ගැළපීමක් නොවූ නමුත් ඒ සියඵ කඩතොඵ ’සංගීත රසය’ විසින් අකාමකා දමනු ලැබිය.
සිරිලංකා අලංකාර ලංකා ................
මැණික් ගල ලංකා..මැණික් බිම ලංකා ...............
පොළෝ ගැබ හංගා ඉන්නා අසාවෙනි.............
(සිරිල් ඒ සීලවීමළ ගී පද)
චන්ද්‍රසේන සංගීත පාසලේ ශීෂ්‍ය ’ලලිත් ගම්හේවා’ මේ ’දැරියන් සහ යුවතියන්’ අතර කැපී පෙනුනු එකම ’යෞවනයා’ විය.
අපේ සිංහලේ ඔපකලේ .....
සම්බුදුන්ගේ ශ්‍රී දන්තදා .....
හිසේ රන්දවා ...
වැඩමුවේ ...හේමමාලි කුමරි එදා....
(කරුණාරත්න අබේසේකර ගී පද)
මෙතැනින් සවන්දෙන්න
ඔහු දිනක සිය සංගීතාගාරය වෙත කැඳවාගත් අටහැවිරිදි දැරියකට ගීතයක් පුහුණු කරන්නට යෙදුනි. ඇය නියමිත පරිදි එය ගායනා කළ යුත්තේ ඇයගේ සෙනෙහෙබර මව සමගය. දැඩි පුහුණුවකින් පසුව ඇය නියමිත දිනයේ නියමිත ශබ්දාගාරයේදී චන්ද්‍රසේන සංගීතවේදියා ගේ මෙහෙයවීමෙන් අදාළ ගීතය ගයනා කළාය. ඇයගේ දෙමව්පියන් ඔහුගේ සුහද සමීප මිතුරෝ වූහ. ඔවුන් ඔහු හා එක්ව දශක ගණනාවක් සමීප ව කටයුතු කළහ. ඔවුන් දෙදෙනා ශ්‍රි ලංකාවේ ප්රවිණතම ජ්‍යෙෂ්ඨ ගායන ශීල්පීන් යුවළක් වු ’ධර්මදාස වල්පොළ’ සහ ’ලතා වල්පොළ’ ය. දියණිය ’ධම්මිකා’ ය. ඇය සිය මව හා සමග ගැයු පළමු යුග ගීතය වු එය ’බිස්වා’ ලේබලයෙන් ජනගත විය. ගී පද අමර කුමාරරත්නගෙනි.
මෙතැනින් සවන්දෙන්න
ඉහත ගීත සියල්ල සාවධානව සවන්යොමන ශ්රාවකයා මනාව අවබෝධ කරගන්නේ ඒවා සඳහා පුඵල් ලෙසත් බහුල ලෙසත් යොදාගෙන ඇති වාද්‍ය සංකලනයේ විචිත්රත්වයයි. වෙළඳ තැටියකදී එයාකාර සංගීත සංයෝජනයක් අත්‍යවශ්‍ය විය. ගීතයේ අරුත මෙන්ම එදා යුගයේ වාද්‍ය මිහිර ද රසිකයන්ගේ නොමද සැළකිල්ලට බඳුන් වූ බැවිනි. ඒ කරුණෙන්ද, ප්‍රමුඛතමයා වූයේ ආර් ඒ චන්ද්‍රසේනයන්ය. ඔහු ඒ කටයුත්තේ නිපුණයෙකුව, විශේෂඥයෙකුව සිටියේය. ඒ බව ඉහත වැයෙන ඔහුගේ නිර්මාණයන් වෙතට අවධානය යොමු කරන්නෙකුට පසක් වෙනවා ඇත.
බටහිර ගීත ගැයු ’ජෙට්ලයිනර්ස්’ සංගීත කන්ඩායමේ මෙහෙයුම්කරු ’ටෝනි ප්‍රනාන්දු’ සහ ඔහුගේ ප්‍රිය බිරිඳ ගායිකා ’මිනෝන් රත්නම්’ ගේ දරුවන් දෙදෙනා විසින් ද එක් ඊ පී තැටියකට ගීතයක් ගයන්නට යෙදුනේ කරුණාරත්න අබේසේකරයන්ගේ ගුවන් විදුලි ළමා ගීතයක පදමාළාවක් ඇසුරෙනි.
දැන් නිවාඩු කාලේ හින්ද නෑ ඉස්කොලේ ...
හායි හායි අපි ඔන්න සෙල්ලම් කාලේ ....
මං පළවෙනියාව කියලා අම්මට හරි අස හිතිලා...
දෙනවා කිව්වා තෑගි ගෙනෙල්ලා...
තාත්තා මට ආදරේලු .... අම්මා දේවි ඇඳුම් මසාලා ....
(කරු අබේසේකර)
ඊ පී තැටි පරපුර ඇසුරේ ගී ගැයු ළමාපෙළහෙි අන්දරය මෙපමණකින් නිමා වේ. ඔවුන් අතරින් වැඩිම ගීත ගණනක් ගැයූ ’ශිරෝමි ප්‍රනාන්දු’ ද ඇයට පසුව එකී ලැයිස්තුව නියෝජනය කළ ’ලිලන්ති කරුණානායක’ කැපි පෙණුනේය.
විශේෂ ස්තුතිය
කරුණාරත්න අබේසේකර පුත් දීලීප අබේසේකර මහතා ඇතුඵ ශ්‍රී ලංකා ඊ පී තැටි සංරක්ෂක සංසදය වෙත
--------------------The End ---------------------------------
Eda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.com2tag:blogger.com,1999:blog-4444846852168595125.post-50241109961920058802023-10-13T01:22:00.001-07:002023-10-13T01:22:09.409-07:00Sarath Dasanayake - Upali Danawalavithana
මා ඔබට නොකී වග නම්.......
කැළණි විහාරය අසබඩින් හැල්මේ දිවයන කැළණි ගං කොමළියගේ සිරුර මතින් ඔබමොබ යන්නට දැන් බාධාඅවහිරතා නැතත්, එදවස ගැමියන් ඊට සරණ පැතුවේ තොටියාගෙනි.
ඔරුව මතට සිරුරු බර තබගත් ඇතැමෙකු හට නදී තරණය තමන්ගේ එදිනෙදා දිවියේම කොටසක් වෙද්දී තවත් අයගේ සිත කැළඹී යන්නේ ගංදියේ කැළඹීම පරදවමිනි. නදිතමෝ රුදුරු වෙසක් ගත් පැයේ ඔවුන්ගේ ඒ බිය සාධාරනය. සිරිපා අඩවියේ සිට පැමිනි තම චාරිකාව අහවර කරන්නට සැදී පැහැදී සිටින ඇය, කඩිමුඩියේ ඊට ලක ලැහැස්ති වන්නීය.
’මාලතී’ ද සිය පිරිවර සමග ඔරුකඳ තුරුළට වැදුනේ එහා ඉවුරේ නුදුරින් තිබුනු සිය නිවහන කරා යන්නටය. ඉරණමේ රුදුරු රකුසා කඩාපැන පෙරළා දැමූ ඔරුවෙන් ගංදියට වැටුනු පිරිසේ එකිනෙකා අවට ගම්වැසියන්ගේ පිහිටෙන් මරු කටින් එතෙර වූහ. එහෙත් පිහිණුම් ශූරී ’මාලතී’ අතුරුදහන්ය. සෝ සුසුම් හෙළන්නට, සැක සංකා උපදවාගන්නට ඇවැසි නැත්තේය. ඇය පිහිනා හෝ කිමිද එතෙර වි ඇති බව නිසැකය.
ඇය කොතැනින් මතුවී ඒදැයි ඔවූහූ ගංඉවුරුතලාවට රොක්වි විපිළිසර විය. විනාඩි ගණන පැයක් බවට පත්වෙද්දී, ඇයගේ නෑ සිය හිත මිතුරන් කුහුල් සිතින් ඔබමොබ දිව ඇවිද යන්නට විය. ඇතැමෙක් දෙබැම රැළි නංවා, විමතිය පළකරමින් ඇය කොහේ ගියේදැයි විමසන්නට විය. කිසිම හෝඩුවාවක් නැත්තේය. පෙරඵනු ඔරුව ඉවුර වෙත ඇදගෙන එන්නට තැත් දැරූ පිරිසට කිසියම් අමුත්තක් දැනිනි. එය අසාමාන්‍ය ලෙස බරැතිය. තමන්ගේ කාර්ය භාරය අවසානයේ ඔවුන් නොපිට පෙරඵනු ඔරුකඳ ඔසවාලීය.
දුටු දසුනින්, අයෙකු යටිගිරියෙන් කෑ මොර දෙන්නට පටන් ගත්තේය. සෙස්සෝ වහා ඒ දෙසට දිවවිත් ඔරුකඳ වටකරගනිද්දී, බවලත් ඇත්තෝ හිසඅතබදා විලාප නගන්නට විය. ’මාලතී’ ඔරුකඳ තුළ සැතපී සිටී. වහා ඇයව ඔසවා ගත් පිරිස රෝහල කරා පිටත්ව ගියත්, දිය රකුසාට අභියෝග කළ ඇයගෙන් ඔහු පළිගෙන තිබිනි. ඇය ඔවුන් සියල්ලගෙන් සමුගෙන නික්ම ගොසිනි.
විළාප තබන්නන් අතරින් එක් අයෙකු සෙස්සන්ගේ වෙසෙස් අවධානයට පැහැර ගත්තේ, ඔහු නැගූ අඳෝනාව අන් අය ඉක්මවා උස්ව නැගී ආ හෙයිනි. ඔහු ඇයගේ පණනළ සැගව ගිය සිරුර බදා වැළඳ කෑ මොර ගසන්නට විය. විපත හමුවේ එතරම් සසළ නොවූ උදාසීන සිතැත්තන් හට බොහෝ දේ අනුමාන කරන්නට ආගන්තුකයාගේ විලාපය ඉඩ හසර ලබා දි තිබිනි.
ගම්මු එකිනෙකා හා අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට පටන් ගත්තේය.
ඔය කොඵවා ... ’මාලතී’ ගේ කවුද බං ?
ඒකී කවුරු එක්කලාවත් හාදකමක් තිබුනේ නෑ...
එකත් එකටම මේකාට එකී බහ දෙන්නට ඇති. ඒත් මාලතී නම් යස්සනියක්. එහෙම කළා නම් ඉතිං ...? අයේ ... ඉර අනිත් පැත්තෙං පායයි බං...
භවගමනේ මේ නැවතුමෙහි, මෙතුවක් රැඳුනු නිවහනේ දෙතුන් දිනක් නිසලව සැතපී සිටි ඇය, යළි නොම එහි එන්නට නික්ම යන හෝරාව එළඹියේය. එදා නැගූ විළාපය ට නොදෙවෙනි වැළපුමක සෝ සුසුම්....මැද ඇය සැතපී ගත් දෙණ නිවසින් බැහරට ගත් පිරිස අතර පෙරකී මානවකයා සිටිනු හැම විසින් දක්නා ලදී. ඔහු කදුඵ වගුරුවමින්, පහතට නැඹූරු කරගත් දෙනෙතිත් යුතුව දෙණෙහි එක් අන්තයකට පිටදී, සුසානය කරා පියමං කරනු පෙණිනි.
එහි කටයුතු නිමාකළ පිරිස, ආපසු නික්ම යන්නට සැරසෙද්දී, ඔහු ඉන් මදක් මෑත්ව ඈතින් පිහිටි සොහොන්පල්ලා ගේ කුටියට වැදී එහි කවුඵ දොරින්,හිස් බැල්මෙන් යුතුව ඇයගේ සොහෙන වෙත දෙනෙත් යොමා දැහැන්ගතව රැඳි සිටිනු ඇස ගැටිනි. ඒ දසුන දුටුවෝ යළි යළිත් ඔහු ගැන කරුණු විමසන්නට විය. එය ගැමි සමාජ රටාවේ ස්වභාවයයි.
ඔවුනතරින් තවත් අයෙක් තරුණයා වෙතට සෙමින් පියනැගුවේ සිතේ හටගත් සැකසංකා මේ සිදුවිමෙහි අවසන් ජවනිකාවේ තිරය වැසී යන්නට පෙර දුරකරගැන්මේ අටියෙනි.
මල්ලී.. සිසිර... මම කථා කරාට කමක් නැද්ද?
මානවකයා නිරුත්තරය.
ඔයා ’මාලති’ නංගී එක්ක මොකක්හරි ...? එයා ඔයාට කැමතිවෙලාද හිටියේ ...? අපි හැමෝම දැක්කා ඔයා මේ දවස්ටිකේ හිටපු හැටි....
ඔහු සෙමින් හිස ඔසවා සිය අසල්වැසි තරුණයා වෙත නෙත් යොමු කළේය.
’නැහැ’ කවදාවත් ’නැහැ’
ඒ කිව්වේ සිසිර ..?
එයා ට මම ගොඩක් ආදරේ කලා ... හිතින් ... අවුරුදු ගණනක්.... මගේ හිතේ හිටිය ගැණුළමයා... දවස පුරා..එයා විතරයි... පහුගිය අවුරුදු තුන හතරටම...
ඉතිං..? ඔයා එයාට ඒබව දැන්නුවා ..?
’නැහැ’ ඒත් කවදාවත් ’නැහැ’... මට ඒ බව එයාට කියාගන්න විදියක් තිබුනේ නෑ. මට බය හිතුනා..සැක හිතුනා. අනිත් එක හැමෝම දැනගෙන හිටියා එයාගේ හැටි. ඒත්.. මම අදටත් ..හැමදාමත් එයාට ආදරෙයි.මට මෙතැනින් එයාව තනිකරලා යන්න හිතෙන්නේ නෑ. මෙතන ඉඳන් මම කියනවා මම එයාට ආදරෙයි කියලා. අපි ඊලග භවයේ හමුවෙනවා. මම එදාට කොහොම හරි එයා මට අයිතිකරගන්නවා.
කලක් ගතවිය, එක්තරා දිනක කැළණි ගං ඉවුර අසබඩ ඒ ගම්මානය සිසිකරණින් නැහැවෙමින් තිබිනි.ඉඳහිට නැගෙන බිරුම් හඞක්, කලාතුරකින් නැගෙන වාහනයක හඞ, නිරන්තරයෙන් ගැයෙන රැහැයි ගීතයට බාධා කළේය. එහෙත් නිවසක එළිපත්තට පිවිසි අයෙකුට ඒ සියඵ හඞ පරයා සවනත වැකෙන්නේ එහි ඇතුඵ ගැබකින් නැගෙන ගුවන් විදුලි යන්ත්‍රයෙන් නැගෙන ගී රාවයයි.
වේලාව රාත්‍රි නමය පසුවි විනාඩි විස්සයි.
මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල දෙවැනි සේවයයි.
(තේමා වාදනය)
ප්‍රිය අසන්නෙනි, මේ ඇරඹෙන්නේ ඔබේ රාත්‍රි අසන්නන්ගේ ඉල්ලීම් තීරයයි..
(යළිත් තේමා වාදනය)
අද අසන්නන්ගේ ඉල්ලීම් තීරය අරඹමින් ගායන ශිල්පී එච් ආර් ජෝතිපාල ගයන ගීතයක් මේ අසන්නන් වෙනුවෙන්.... පොල්ගොල්ලේ එස් එම් ගාමිනි රත්නායක.... මෝදර ගාමා ගාමිනි සුබසිංහ... ඇතුඵ පිරිස ...
ගී පද රචනය උපාලි ධනවලවිතාන සංගීතය සරත් දසනායක.
පහන් ටැඹ යට සොහොන් කොත ලග ....
කවුද කාටද අත වනන්නේ ..?
දෑස නිදිනැති රෑක මැදියම ඔබේ ඉකිහඞ දෝ ඇසෙන්නේ ....
ඔබ වියෝවෙන් වේදනාවෙන් ... හීන් හිරිපොද වැටුනු දවසක...
නෑසියන් හා කරපිටින් මා ගෙනගියා ඔබ සොහොන් පිටියට.....
ඒ සොහොන්කොත පෙනෙන මානේ ...
පුංචි කුටියක කවුඵවක් ලග...
බලා ඉන්නෙමි සිතින් හමුවී ...
කියා ගන්නට සිතක බැඳි පෙම....
එහි නිවැසියන් හෝ ගම්මානයේ කිසිවෙකු, වෙනකක් තබා ’සිසිර’ හෝ එහි කියැවෙන්නේ තමන් අත්දුටු අත්විඳි පුවත යැයි අනුමාන නොකරන්නට ඇතිබව නිසැකය.
(ඒ ගුවන් විදුලි ගීතය, එසේම පවතිනු දක්නට පොදුජන ගායක ජෝති රිසිවූයේය. එය කිසිවිටත්, කවර කළෙකත් ඔහු යළිත් ගායනා නොකළේය. ඒ කවරහෙයින්දැයි කියා දැනගන්නට අද උපාලි ධනවලවිතානයන් හෝ සරත් දසනායකයන් හෝ ජෝති අප අතර නැත. පසුබිම් පුවත හා සබැඳි නම් පමණක් මනංකල්පිතය)
(විශේෂ ස්තුතිය - ශ්‍රීමති ධනවලවිතාන මහත්මිය වෙත.)
ප්‍රභාත් රාජසූරිය.
Eda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.com2tag:blogger.com,1999:blog-4444846852168595125.post-61483060780635368202023-09-20T23:35:00.002-07:002023-09-21T01:49:54.457-07:00බිංදුමතී, ඉන්දුමතී සහ ඇයයි මමයි අප දෙදෙනා
තුන්කොන් පෙමක තතු පැවසූ ගී යුග්ම යුගළයක පවත.........................1973-1979
ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ’ස’ ප්‍රසංගය වේදිකාවේ දියත් වෙමින් තිබිනි. එහිදී ගැයුනු ගීයකින් ඔහු ’බිංදුමති’ ය අමතයි.
මං ආදර පෙම්මාදර බිංදුමති...............
පෙමා වඩන ලද බිංදුමතී......................
ළිඳ ලගටා යන්න එපා දියබරියා කයි..........
වැට ලගටා යන්න එපා කබරගොයා එයි..................
වෙළ ලගටා යන්න එපා අබිමානා එයි..............
ගම හැරදා යන්න එපා මා මෙහි තනිවෙයි.....................
කඵ උක්ගස විළසා කඵ කඵ නංගියේ.........
දර කඩලා ඉහ තියලා කොයිදෑ ගියේ .................
ගොම්මං සමයමටා ගම හොල්මං තියේ.....
නුඹ එන්නා මා එක්කා යම නංගියේ...............
අසන්න මෙතැනින්
ඊට සවන් යොමන ශ්‍රාවක අප සිත්හි මැවෙන්නේ ගම්මානයේ එදා නිතර දුටු මෙන්ම ඉඳහිට අදද ඇස පිනවන දසුනකි. ඒ ’දරකෝටු’ මිටි බැඳ හිස මත රඳවා ලැසි ගමනින් පියමනින යුවතියකි. ඒ ’බිංදුමතී’ වෙත පෙමින් බැඳෙන්නේ ගම්මානයේ තරුණෙකි. ගී පද රචකයා ගම්මානයක අසිරිය චිත්ත රූ රටා අතරින් මවන්නට උත්සහ දරා ඇත්තේ ජනශ්‍රැතියට නිතර ඉලක්ක වූ ’කබරගොයා’ සහ ’දියබරියා’ නම් වු උරග සත්වයන් දෙපොළ ආධාරයෙනි. මෙහි කියැවෙන ’අබිමානා’ කවුරුන්දැයි පසු පරපුරේ ගීත රසිකයන් අතරින් බහුතරයට එතරම් අදහසක් ගෙන නොදෙනවා විය හැකිය. එයද පෙරකී ’ජනශ්රැතිය’ පදනම් කොටගෙන ’ජනවිඥානයේ පැළපදියම් වූ චරිතයකි. ඒ අනුව ඔහු ’අමනුස්සයෙකි’. එනම් මිනිස් ආත්මයක් දරා නොසිටින්නෙකි. තනිපංගලමේ පාඵ ගම්මානයේ ගොම්මන් යාමයේ සැරසරණ යුවතියන් හට අනතුරු ඇගවිමේ ආයුධයක් ලෙස ගැමියන් අත රැඳුනේ මෙකී අමනුෂ්‍ය භිතිකාවයි. එවැනි ගමන් බිමන් යෙදෙන රූ සිරියෙන් අනූන යුවතියන් හට එදාද ඉඳ හිට හෝ නොහික්මුනු චරිතයන් ඇත්තන්ගේ හිරිහැර අතවර වලට මුහුණු පාන්නට සිදු වන්නට ඇත. ඔවුන් එයින් වළක්වා ආරක්ෂා කිරීමේ උපක්‍රමය නම් ’අබිමානා’ සහ ඔහුගේම වරිගයේ තවත් සාමාජිකයෙකු වූ ’කඵ කුමාරයා’ ය.
’බිංදුමතී’ වෙත එසේ හදපුද දෙන්නට වළි කෑ ’යෞවනයා’ හට ඒ සුබ සිහිනය සැබෑ කරගන්නට හැකියාව ලද බවද, පසුදිනයක ගම්මානයේ තවත් ළඳකගේ එනම් ’ඉන්දුමතී’ ගේ ද නෙත්සර පහර ලබන්නට තරම් භාග්‍යවන්ත වී ඇතිබවක් මෙසේ කියැවෙන්නේය
ඉන්දුමතී හා බිංදුමතී................
දෙදෙනා මා පතයි .....................
මේ දෙදෙනාමත් .............
මට හැමදාමත් .................
එක වගේ තාමත් ............
ආදරෙයි ..............
නොසිතු සේ දෙදෙනෙක් එදා ....
හමුවිලා වෙන්වී ගියා ...............
ළතවිලා දෙහිතක් නිසා .........
තනිවූවා මතකයි සදා ..........
පෙරදා කඳුලේ ගිළෙයි ....
තනිවෙලා සිටිකාලෙදී ............
අත පෑ ඒ මා හා බැඳි ....
ඇගේ දෑසේ සිහිළෙන් මිදී ...
මා එයිදෝ ඔබ හා බැඳී ....
කිසිදා ඉන්දූමතී..................
අසන්න මෙතැනින්
මෙවර තරුණයා ගේ භූමිකාවට පණපොවන්නේ ’වික්ටර් රත්නායකයන්ගේ’ සමකාලීන ’මිල්ටන් මල්ලවාරච්චි’ ය. එහිදි වික්ටර් එහි ස්වර සම්පාදකයාගේ වගකීම පවරාගනී. ඔහු කියනා පරිදී එවර ඔහු ගැමිවහර අනුව ’අල්ලපු අත්තත්’ මෙන්ම ’පයගහපු අත්තත්’ යන දෙකම අහිමිකර ගැනීමේ විපතට මුහුණ දෙයි. ඔහු අතීතාවර්ජනයක යෙදෙමින් ඒ පිළීබඳව විපිළිසර වෙයි. නෙත කඳුලින් බර කරගනියි.
ගී නිර්මාණයේ අන්වර්ථ නාම දෙකකින් පෙනී සිටින්නියන් ගේ දැළට හසුවී ත්රිකෝණප්රේම වෘතාන්තයක පැටළෙන්නට යන්නා මේ ගීත රචකයාම නොවිය හැකිද?
ඔවුන් තිදෙනාට කුමක් සිදුවන්නට ඇද්දැයි ශ්රාවකයා ගේ කුතුහලය සංසිඳවන්නට ඔහු උත්සුක වි ඇතිසේය. මේ යුවතියන් අතරින් එකෙකු ඔහු අමතන්නී, ඇයගේ දුක්ගැනවිල්ල පවසයි.
ඔබගතින් මා ලගයි .... සිත ඈ සොයා යනවා ..............
මා ගතින් ඔබ ලගයි....සිත වේදනා දෙනවා .........
ඇගේ සුවඳේ සිත යාවේ ...මුසුවී වෙළි පැටලී ...
පිබිදෙද්දී අරුමැල්ලේ ...ඔබ ගාව මා ඉන්නේ ....
අප දෙන්නා ඔබ රවටා ... දෙහිතින් බැඳි ඵල නෑ ...........
සිත එක්තැන් නොම වේ නම් ..ඔබ ඈට හිමිවේවා .................
අසන්න මෙතැනින්
කොපුල් තල මතින් උතුරා ගලා යන සන්තාපය මැඩපවත්වා ගනිමින් ඇයගේ ශෝකී ගීත රාවය ඔහුගේ හද කිතිවන්නේය. මේ ’ඉන්දුමතී’ ද එසේත් නැතහොත් ’බිංදුමතී’ දැයි අපැහැදිළිය මන්ද යත් ඒ බව ඉගි කරන්නට හැකි වදනක් හෝ එහි නොම ඇතුළත් වි ඇති බැවිනි. මෙවර ඇයගේ අඳෝනාව ගුවන් තරංග අතරට පා කර හරින්නේ ’ඉන්ද්‍රානි විජයබන්ඩාර’ නම් වූ ප්රවිණතම ගායිකාව විසිනි. එිහිදි ඇය නුහුරු නුපුරුදු බටහිර ගී මංපෙතක් ඔස්සේ ගමන් කරන්නීය. එදවස පරසිඳුව පැවති ’ලතින් ඇමෙරිකානු’ රටාව මතුකළ ’කන්ඩායම් ගී...’ කලාවේ හැඩතල එයින් මතුකරන්නීය. නිරන්තරයෙන් පසුබිමෙන් වැයෙන ’ගිටාර්’ නාදයකට අත්වැළ සපයන්නේ අන්තරා කොටස් හි විරාමය හගවන ’කොංගෝ’ බෙර නාදයයි. ඒ ගායිකාවගේ පෙම්බර සැමියාණන් සංගීතඥ සිසිර සේනාරත්න ගේ සත්සර මහිමයයි.
ඇයගේ අවනඩුව එසේ පවසද්දී ත්‍රිකෝණ පෙම්පුවත එක් කෝණයක් අරක් ගෙන සිටින්නිය ද නිහඞ නොවේ. ඇයගේ හද සන්තානයේ සන්තාපය වියැකි නැතිවා සේය. ඇය ද පෙරකී පළමු යුවතිය සේම ඔවුන් දෙදෙනාට පිරිසිදු සිතින්, පැහැබර සිතින්, ’ආසිරි’ සෙමෙර සළන්නීය. එදවස අවිහිංසක ගැමි යුවතියකගේ ඇතුඵ හද අනාවරණය කරමින් ඇය මෙසේ පවසන්නීය.
පෙරමාගේ දැතේ ...බැඳි දෑත ඈගේ... දෑතේ පැහිලා .................
මල හා ජලාසේ..... විළසේ බැඳේවා වේවි වාසනා ..........
දෙදෙනා සැරදේ ............ජය වේ ..............ජය වේ...................
සාගරය පරදා උතුරා පිදුව පෙරදිනේ ............
ආදරය කොයිදෝ ඔබගේ නපුරු කුමරුනේ ........?
ඔබේ කතා නැසී ගියා ..................
සිනමාහලේදී ..උයනේ මගේදී ප්‍රේම නගරයේ .........
අපේ ප්‍රේම පුවතේ දෙදෙනාට මැදිවි..... ආව නිහඞව් ....
අද මා යෙහෙළි ඔබගේ මිහිරී....
අසන්න මෙතැනින්
එදා යුගයේ සිංහල සිනමා ගීතයේ කිරුඵ පැළඳී ඉන් නොනැවතී එයින් බැහැරට සිය අප්‍රමාණ නාදරටා වියමන පතුරුවාහල නැසිගිය සංගීතවේදී සරත් දසනායක ’ඉන්ද්‍රානි පෙරේරා’ ගායන ශීල්පිනිය හට ගී පද රචකයා එනම් ’ඉන්දුමතී- බිංදුමතී’ දෙදෙනා ගේ සිහින කුමරාණෝ පද අතර රුවා හොවා සගවා ඇති එකියකගේ සන්තාපය මතුකරගන්නා රටාව කියාදෙයි. තමා පණ සේ පෙම්කළ ඔහුගේ අතපතා, සිය අවිහිංසක ප්‍රේම විජිතය සුණු විසුණූ කරමින් කඩා පිනූ ආගන්තුක චරිතය හමුවේ, පෙමින් පැරදී පළා යන්නට තැත් දරන ඇයගේ ඇතුඵ හදට එබි බලන්නට ශ්රාවකයා හට ඇරයුම් කරන්නේ එහි තාල ගැයුම් රටාවන් මැවූ දසනායකයන්ය.
මේ ’ත්‍රිකෝණ ප්‍රේමාලිංගනයක සිතිවිලි අවදිකළා වූ යාථාලෝකයේ පසුබිම් වෘතාන්තය විමසා දැන ගන්නට ඔහු අද අප අතර නැත්තේය. ඔහුව නොසිතූ නොපැතූ ආකාරයකට නොසිතූ නොපැතූ යුගයක සිය කරජකය ඉවත ළා ... මිහිමතින් සමුගෙන යන්නට දෛවය විසින් දැඩිව පොළඹවා තිබිනි. පස්වන දශකයේ සත්වසක් පමණක් භුක්ති විඳී ඔහු ගේ ආත්මය කොහේදෝ දුර ඈතක නොපෙනි ගියේය. එහෙත් ඔහු ඔබට අපට ගී රස වින්දන අටුකොටු පිරෙන්නට ඉතිරිකර තබා ගිය ගී සංකල්පනා අස්වැන්න ඔහුගේ නික්ම යෑමෙන් තිස්වසක් ද ඉක්මවමින් ඔබ අප භූක්ති විඳින්නේය.
ඔහුව ඔබ හැඳිනගත්තේද ?
ඔව්, ඔබ නිවැරදිය.... ඒ අසමසම කවිපද රචනා කුසලතාවය දෝතින් දරාගෙන මෙහි පහළ වී සහසික ’වෙඩිපහරකින්’ 1989 ඇසළ මස අවසන් දිනයේ අප අතරින් නික්ම ගිය සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස්’ ය.
ඉහතින් පෙළගස්වා ඇත්තේ ඔහුගේ මහරු ගී පබැඳුම් පෙට්ටගම අවුස්සා එයින් තෝරා ගත් එකිනෙක හා සමිපව බැඳුනු නිර්මාණ දාමයක සතර පුරුකකි.
ආදරණිය නිර්මාපකයාණෙනි ඔබ නිතිපතා දිනපතා අප හදවත් තුළ සදා අමරණිය වෙයි.
Eda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.com1tag:blogger.com,1999:blog-4444846852168595125.post-33433659663953924922023-09-07T01:28:00.005-07:002023-09-07T02:10:54.348-07:00Clarance අසමසම මියැසි නිමැයුම්කරුවාණෝ
ශ්‍රී ලංකාවේ කන්ඩායම් සංගීතය සහ ක්ලැරන්ස් විජේවර්ධන ගී රසදහර (ලිපි මාලා අංක -08)
එහෙත් 70 දශකය ගෙවි යද්දී කරළීයට පැමිණි ඇතැම් අල්ප ගණනක ’කන්ඩායම් ගී’ මෙම සංස්කෘතික සිමා උල්ලංඝනය නොකළා නොවේ. ප්‍රථිපලය වූයේ ඒවා ලංකා ගුවන් විදුලි සේවයේ ස්ථිර ලෙසම වාරණයට ලක්වී තහනම් වීමයි - (දුන්නේ කිස් එකයි..., මල්ලිකා ම්ල්ලිකා...’ ’ඔයා මිස්ද මිසිස්ද... යමං බන්ඩො වෙසක් බලන්න..)
පන්ඩිත් අමරදේව විසින් සාම්ප්‍රදායකි ’ජන ගායනා’ ඇසුරෙන් කල නව නිර්මණ පෙළගස්වමින් ගුවන් විදුලිය ඔස්සේ මෙහෙයවූ ’මධුවන්ති’ වැඩසටහන, කන්ඩායම් ගී යුගය හා සමපාත වූ අතර, ලතින් ඇමෙරිකානු කැලිප්සෝ සංගීත භාන්ඩ උපයෝගී කරගෙන සිය ගායනා ඉදිරිපත් කල මෙම කන්ඩායම් අතරින් ඇතැම් සාමාජිකයන් ද ’ජන ගී’ යට නව මුහුණුවරක් දෙමින් ඒවා ප්‍රතිනිර්මාණය කරන්නට යෙදිනි. මේ කටයුත්තේ නිරත වූ ප්‍රමුඛතම ගායක කන්ඩායම වින්ස්ටන් ජයවර්ධන ඇතුඵ පිරිස නියෝජනය කල ’ලොස් ෆ්ලෙමින්කෝස්’ ය.
’කන්ඩායම් ගී’ යුගය හා එක්ව සිය ගයන දිවියේ මුල්යුගය වර්ණවත් කරගත් පසුව විශීෂ්ඨ ගුවන් විදුලි ගායිකාවක් වූ ’මාලිනි බුලත්සිංහල’ මෙහිදී සිහිකටයුතුය. ඇය ’ග්රෙන් ලෙනාඩෝස්’ කන්ඩායමේ කාන්තා හඞවල් නියෝජනය කරන ලද අතර එක්වරක් පමණක් එදවසද ජනප්‍රිය ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි ගායිකා සුජාතා අත්තනායක ද ’ධර්මරත්න බ්‍රදර්ස්’ කන්ඩායම සමග කන්ඩායම් ගීයක් ගැයුවාය. (රොමියෝ මමයි සේම ජුලියට් ඔබයි...)
අහසට පිබිනා ............භූමි කළේයා.............
පොළොවට පිඹිනා එරන් කලේයා...........රන්මසු දහසක් වටින කළේයා...
නොබිඳින් නෑනෝ මගේ කළේයා.............
තනනේ තනනේ තනනේ තනා ...තනානේ තනා නා............
පෝය සඳයි ඔය මුහුණයි සුදට දිළෙනවා ........
ඇඹුල උයාගෙන මගේ සුදු නෑනා යනවා ............
1960-70 දශකයන්හි බිහිවු ජනප්‍රිය කන්ඩායම් ගී අතරින් තෝරාගත් ගී කිහිපයක්
ලොස් මූචාචෝස්
ආදරිය රන් මැණිකගේ, යකඩ තලන්නා (මුඵ ගතම වෙහෙසුනා), සෝබමාන ගුවන් සේවිකා, කුමුදුමලී එයි නාගෙන,
ලොස් ෆ්ලෙමින්කෝස්
අහසට පිබිනා, පෝය සඳයි ඔය මුහුණයි, කඵ කෙල්ලේ ඔබ හරිම හැඩයි, පොඩි මලියා මගේ, සුදු මැණීකේ ඔබ උකුල සලන, සුදු මගේ හිනහවෙලා...
ජිප්සීස්
අම්මා අම්මා මේ මට, තොරන් බඳින්නට රබන් ගසන්නට, මල් මල් පිපිලා පරිසරය පුරා, මල්ලිකා, ඔබ දුටු ඒ මුල්දිනේ සිදූවූ සැමදේ, හිනා හිනා වෙන්න හිනා, ළිඳ ලග සංගමය මුල්තැන, කුරුමිට්ටෝ, නුඹ නාඩන් නුඹ නාඩන්, පිස්සු පිස්සු ...
මී මැස්සෝ
අත් පොඩි මි මැස්සෝ,
ගේ සහෝදරියෝ
ඈත ගම්මානෙක ගැමි ළඳකි මැණීකා..ඇයි දුක් වන්නේ කරදර වන්නේ,ළා හිරු බැසයනවා
ධර්මරත්න සහෝදරයෝ
ඈත හෙමින් වළා රොදක්, අව්ව පායලා , නොන්ඩි කිරා, සහෝදරයෝ හතර දෙනෙක්, මුතු මැණිකේ කුංකුම චන්දන, රාජකුමාරි මල්සර දෝණි, රොමියෝ මමයි. ප්‍රියංගිකා මගේ ප්‍රියංගිකා, වැහිදාක ගගනේදරේ, මෙන්න අපේ සුහද පැතුම්, බොරුවට අඩ අඩ..., කඳුකරේ පෙම් කථන්දරේ..
ජේ බ්‍රදර්ස්
කරට කදේ රැගෙන යමි පාරදිගේ මං,
සියැක් එන්ටර්ටේන්මන්ට් (රේමන්ඩ් ෆොන්සේකා)
බිනරමලී ඔබ හැඩයිනේ, ඩං ඩං ඩංකුටු කුටු, මෑතක සිට ඔබ මා ගැන
ලා බම්බාස්
ලක්නදී සෝබා, කොක් අ ඩුඩ්ල් ඩූ, නුවර මැණිකෙලා (කලේ උකුලේ තියලා),
සමණළයෝ (රේමන්ඩ් ෆොන්සේකා)
කඳුගැට පසුකර යන්නේ, තේ රබර් පොල්, නැළවෙන මව් උකුලේ, සුන්දර ගැයුම් ගෙනෙන,මැණිකේ ඩිංගක් හිනැහෙනවා..
ග්රෙන් ලොනාර්ඩෝස්
දුන්හිඳ කෙල්ලේ, යාල යාල යලා යන්න
වින්ස්ලෝ සික්ස්
මුතුවාගේ බබළනවා (දුවරෝසී), රන් මොණරුන්
ලොස් කැබැයියරොස්
ගයන ගැයුම් නටන නැටුම්, මල්බර හිමිදිරියේ,
ලා ලැවිනියන්ස්
හේවිසි හඞ මැද්දේ, රන් තරු බැබළෙන නිල් ආකාසේ
ලා සෙයිලනියන්ස්
හිරු නැගී එන උදයේ, පුංචි නංගී මාගේ, හොයියා හොයියා............
ද ලවර්ස්
ඉද්ද පිච්ච මල් පිපිලා..., ලස්සන සුසිනිඳු සඵ ඇඳලා...., කිරි පැණි ඉතිරෙන....
බෙන්තොට බීස්
මුහුදු තෙරේ සැන්දෑවේ, සළ සළ දිවසඵ උකුඵ තලේ,
ද සන්ෂයින්ස්
ඔයා මගේ සුරංගනා කථාවේ, පොපියන දෙතොලේ....
සූපර්ස්ටාර්ස්
පිණිපොදේ වැටෙන පියකරු මල
බඹරාස්
පුංචි පුංචි පොඩි කොල්ලෝ,
ඇමිගෝ රොමැන්ටිකාස්
ඇගේ නම රන් එතනා, රුවන් අඹර සෙමෙර සලන
හමින් බර්ඩ්ස්
සමණළයෝ ඔබ උදෙන්ම යන්නේ...
මී මැස්සෝ
විලේ මලසේ දිළේ....
ලොස් මුචාචෝස්
සෝබමාන ගුවන් සේවිකා, මහගැටබෙර සද්දේ (පෙරහැර), මුඵ ගතම වෙහෙසුනා (යකඩ තලන්නා)
යුගයක් විචිත්‍රවත් කළ කමණීය කන්ඩායම් ගී කලාව පිරිහි යන්නට විවිධ හේතුසාධක ගෙනහැර දක්වන අතර ’කැසට්’ මාධ්‍යයේ ආගමනය සමග එක් කන්ඩායමකට ඊට ගැළපෙන ලෙස ගීත 12 ක් තරම් විශාල ගණනක් නිර්මාණය කරගැනීමේ අපහසුතාවයද, ඊට සමගාමීව 80 දශකය එළඹෙද්දී ඔවුන් හා ශ්රාවකයා සම්බන්ධ කල ප්‍රධාන පුරුක වූ ’ගී තැටි’ මාධ්‍යය ක්‍රමයෙන් අභාවයට යමින් පැවතීමද, විවහ සබඳතා සහ වගකීම් හමුවේ කාර්ය බහුල වීමද ඊට හේතු වන්නට ඇතැයි අනුමාන කළ හැකිය. එහෙත් එකම පවුලේ සාමාජික සහෝදරයන් ගෙන් සමන්විත වූ ’ධර්මරත්න බ්‍රදර්ස්’ සහ ’ජිප්පීස්’ සිය සාමාජිකයන් එකට ගොණුකරගෙන සාර්ථකව 80 දශකයෙන් ඔබ්බටද පියනැගීය.
ක්ලැරන්ස් ගේ නාමය හා සබැඳි සතරවැනි ගායක කන්ඩායම පිළීබඳව එතරම් කතාබහට ලක්වූ අවස්ථා විරළය. ’මදාරා’ නමින් හැඳින්වූ ඒ හා බැඳුනු සාමාජිකයන් අතර ’රුකාන්ත ගුණතිලක’ ද වෙයි. කන්ඩායම් ගී යුගය අධිවේගයෙන් වියැකෙමින් පැවත ආ 80 දශකයේ දී වඩාත් කැපි පෙනෙන්නට සමත් වූයේ ’කන්ඩායම් ගී’ නොගැයූ වාදනයට මුල්තැන් දුන් ’වාදක කන්ඩායම්’ ය. රූපවාහිනි තාක්ෂනයේ ආගමනයත් සමගම, තමන් ප්‍රියකල ගායන ශිල්පීන් ගේ රුව නිතර එහි දිස්වෙද්දී, රසිකයන් ගේ ඊලග නොමද කුතුහලය යොමුවූයේ ඒවාට සංගීතය සැපයූ වාදක කන්ඩායම් වෙතටය. ඒ අතුව තම නවිනතම ඉලෙක්ට්‍රෝනික වාද්‍ය භාන්ඩ උජාරුවෙන් වයමින් රූපවාහිනියෙන් පෙනී සිටින්නට ඔවූහූ ප්‍රිය කරන්නට ඇත. තමන්ගේ වාදන රිද්මයන් සහ සංගීත නාදරටා අනුව, පෙරටුව රැඳි සිටින ගායකයා ගේ සමූහ ගායනයකට හෝ අත්වැල් ගායනයේ යෙදෙන්නට මැළීවූ ඔවූහූ, නිහඞවම සිය වාදන කාර්යයේ පමණක් පෙනී සිටියහ. එහෙත් ඉඳහිට ස්වත්රන්ත්ර නිර්මාණයේ යෙදෙමින් ගීත ගයන්නට පෙළඹී ගායක කන්ඩායම්ද ඉඳහිට නොසිටියා නොවේ. ඔවුනතරින් 80 දශකයේ මුල් යුගයේ සංගීතඥ අර්නස්ට් සොයිසා’ මෙහෙයවූ ’සුපර්ස්ටාර්ස්’ කන්ඩායමද ස්ටැන්ලි පීරිස් විසින් 70 දශකයේ සිට පවත්වාගෙන ආ ’ෆෝර්චූන්ස්’ ද 80 දශකයේ දෙවන භාගයේ නීල් වර්ණකුලසූරිය විසින් නියමු කර්තව්‍යය ඉෂ්ඨකල ’සන්ෆ්ලවර්’ වාදක කන්ඩායමද 90 දශකයේ උදාවේදී සංගීතඥ ආනන්ද පෙරේරා ගේ ’ශක්ති’ ද කැපි පෙණුනි.
වේගරිද්මයේ හැඩතල මතුවු මෙම ගීත කලාවේ ආභාෂය ලද නිර්මාණ මෑත අනාගතයේ තවත් දශක ගණනාවක් ගෙවෙන තුරු ලාංකිය ගීතලෝලීන්ගේ හදවත් අරා රැඳි සිටිනු ඇතිබව නිසැකය. ඒ කෙසේ වෙතදු, අද පවා ප්‍රිය සම්භාෂනයන්, විනෝද චාරිකා සහ ප්රිති උත්සවයන් හැඩවැඩ කරන්නේ එහි ගයනු පිනිස තෝරාගන්නේ ක්ලැරන්ස් ඇතුඵ සෙසු කන්ඩායම් ගී සාමාජිකයන් පිරිස සහ ඔවුන්ගේ ආභාෂය ලබමින් කළ වෙනත් නිර්මාණයන් විමෙන් ඒ බව මනාව පසක් වෙයි. ශ්‍රී ලාංකික සමාජයේ පුඵල්තම වයස් ඛාන්ඩය, විවිධ සමාජ ස්ථරවල දිවිගෙවන්නන් මුවග ඒවා රැව්දෙයි.
ක්ලැරන්ස් ගේ තෙවැනි සංගීත සැරිසර නැවතුම්පොළ වූ ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ සාමාජිකයන් කෙමෙන් එකිනෙකා විසිරි යමින් සිටිද්දී, ඔහු සිය රිද්ම ගිටාරය වඩාත් තදින් ළයට තුරුඵ කරගනිමින්, ඒකල නිර්මාණකරණයේ යෙදුනේ තමන් විසින්ම නව ගීත ගණනාවක් හඳුන්වා දෙමිනි. එමගින් ඔහු 60 දශකයේ අත්කරගත් අසාමාන්‍ය ප්‍රසාදය නොම වියැකි, නොනැසී පවත්වා ගෙන 70 දශකය තරණය කරමින් සිය ගීත සංචාරයේ තෙවැනි දශකය එනම් 80 දශකයද ගෙවා දමන්නට සමත් විය. ඔහුගෙන් පසුව බිහිවූ ගායකයන් ගණනාවක් හා කරට කර සිටිමින්, තම ගායන දිවියේ මුලාරම්භයේ ළදරුවන් ව සිටියවුන් යොවුන් විය පසුකර යද්දීද තමන්වෙත් වසග කරවා තබන්නට ඔහුගේ අසාමන්‍ය ප්රතිභාවය විසින් ඉඩකඩ ලබා දි තිබිනි.
සැන්දෑ වළාවන් පා වුනාවේ .............
වැල්ලේ මා තනිවු වෙලේ ................
ඇය එන්නේදෝ මග එන්නීදෝ සිතෙහි නම් සැකයක් නැතේ.................?
මෙතැනින් සවන්දෙන්න
ඒක පුද්ගල ප්‍රසංග කලාව ශ්‍රී ලංකාවේ මුල්බැස ජනප්‍රියත්වයට පත්වූ 70 සහ 80 දශකයන්හී, සිය සමකාලීනයන් වූ වික්ටර් රත්නායක, නන්දා මාලිනී, සනත් නන්දසිරි, දයාරත්න රණතුංග අමරා, සහ ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ එච් ආර් ජෝතිපාලයන්ද ඇතුඵ පිරිස ඒ වෙතට නැඹරුවෙද්දී, තම ස්වාධීන නිර්මාණ එපමණටම බහුලව තිබියදී පවා, තමන්ගේ එවැනි ප්‍රසංගයකට මුල පුරන්නට ඔහු සමත් නොවීම ගැටඵ සහගතය. එවැන්නකදී කාර්ය බහුලත්වයට පත්වීමට සිදුවී සිය නිර්මාණ උල්පතට වැට කඩොඵ බඳීන්නට ඇතැම්විට ඔහු අකමැති වන්නට ඇතැයි අනුමාන කළ හැකිය.
කෙසේවුවද, සිංහල ගීත ඉතිහාස වංශ කථාවේ නව පරිච්ඡේදයක තතු ඔහුගෙන් ඇරඹෙයි. ඔහුගේ පූර්වගාමියා වූ ’සී ටී ප්‍රනාන්දු’ විසින් 50 දශකයේ දී හඳුන්වාදුන් ගී ආර, ඔහු විසින් නවතාවයකින් එතැන් හි සිට වඩාත් විචිත්‍රවත් ලෙස ඉදිරිපත් කරනු ලැබූ අතර විනෝද අවස්ථාවන් මියැසියෙන් රසගන්වන්නට වරම් අහිමි වූ උපන්බිමේ උරුමය රකින ගීතරසිකයන් ගේ රික්තයේ වැඩිකොටස ’ක්ලැරන්ස්’ විසින් පුරවනු ලැබීය.
ඔහු කන්ඩායම් ගීත කලාවේ පුරෝගාමියා ලෙස හැඳින්වීම නොකළයුත්තක් වුවද, නිසැකවම ඔහු සිංහල සංගීතය නවදිශානාතියකට යොමු කරන්නට පුරෝගාමි වූවන් ගෙන් ප්‍රමුඛයා බව අවිවාදාත්මකය. බටහිර ගී ආර සිංහල සංගීතයට හඳුන්වාදුන්නෝ ඔහුට පෙර සිටියත්, සංඛ්‍යාත්මකව ඒ ගණයේ වැඩිම ගීත සංඛ්‍යාවක් තමන් වෙනුවෙන් මතුනොව අනුන් උදෙසාද නිර්මාණය කරගත් කරදුන් සංගීත ශීල්පියා ඔහු පමණි. ඊට නිදසුන් ඉහත ලිපි පෙළෙහි එමට ඉදිරිපත් කර තිබේ. ඔහු ගැයු මුල්කාලීන ගී එකක් දෙකක් හැරෙන්නට සෙසු සියඵ ගීත ආශ්චර්යජනක ලෙස ශ්‍රාවක අවධානයද ආකර්ෂනයද දිනා ගන්නා ලදී. ඒවා ඔහුගේ යුගය ට වඩා දශක ගණනාවක් ඉදිරියෙන් පවතින්නට පවා ඉතා සුදුසු බව තහවුරු කර දෙන්නේ ඔහුගේ වියෝවෙන් පසු මෙළොව එළිය දුටු සංගීත රසිකයන්ද අතිවිශාල සංඛ්‍යාවක්, ඔහුගේ ගී ආර සහ නිර්මාණයන් වෙත දැඩිව වශිවි තිබිමෙනි. සිංහල සංගීතයේ සෙසු ශිල්පීන් විසින් බිහිකර පෝෂනය කළ ගීත අතිවිශාල සංඛ්‍යාවක් තිබුනද, ඒවායේ සංගීත සංයෝජනයන්, තනු නිර්මාණවල පූර්ණ ගෞරවය සියයට සියයක් ඒවයේ සංගීතඥයා වෙත පවරා දිමේ අයුක්ති සහගත බවක් හැගී යයි. මන්ද යත්, වාදක මන්ඩලයේ ජ්‍යෙෂ්ඨ සංගීතඥයන් සහ සෙසු ශිල්පීන් ගේ අදහස් උදහස් උක්ත ගී රසගැන්වීමේ ක්‍රියාවලියට බලපා ඇති බවක් වාර්තා වන නිසාය. එහෙත්, ’ක්ලැරන්ස්’ විසින් නිර්මාණිත ගී උදෙසා වෙනත් ශිල්පීන් එසේ සෘජුව මැදිහත් වූ බවක් අසන්නට ලැබෙන්නේ ඉතා විරළවය. එනම් ඒවා සියයට අනුවකටත් වඩා ඔහුගේ තනි දායකත්වයෙන් බිහිවූ ගීත බව එයින් පැහැදිළි වෙයි. '
මුතු මැණීකේ උදේ රැයින් ..........
මුතු පොටසේ හිනා වෙයන් ............
හිමිදිරියේ සිත සපරා හිනාවෙන්කෝ ...........................
පුරපෝදා සඳවාගේ ...හිනාවෙයන් ළඳමාගේ.......
මුතු මැණීකේ හිනාවෙයන්කෝ..................
මෙතැනින් සවන්දෙන්න
ආරම්භක දශකයේ, ඔහුගේ ක්‍රියාකාරිත්වයෙන් බිහිවූ සංගීත කන්ඩායම් ත්‍රිත්වයම ලාංකීක වේගරිද්මය ලැදි සංගීතලෝලීන්ගේ නොමද ගෞරව සම්මානයට පාත්‍ර වූ අතර අන් සංගීත කන්ඩායම් ගණනාවක් අතරින් ඉතා ඉහළ පිළිගැනීමට ලක්විය. ඔවුනතර විවිධ සමාජ ස්තරවල සාමාජිකයන් සිටිම වෙසෙසින් සඳහන් කළ යුතුය. ’මුන්ස්ටෝන්ස්’ කන්ඩායම අභාවයට ගිය අතර, ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ සාමාජිකයන් එක්ව ප්‍රසංගයක් පවත්වා 2015 වසරේදී සිය කන්ඩායමේ සමුගැනීම සටහන් කළේය. එහෙත් ’ද ගෝල්ඩන් චයිම්ස්’ අඩසියවසක් ඉක්මවා අදද ක්‍රියාකාරිත්වයෙන් පවත්වාගෙන යන්නේ එහි නායක ’ෂානක’ පෙරේරා සහ ’ලාංකිකා’ දෙපොළ විසිනි.
’ක්ලැරන්ස්’ විසින් ඉතිරි කර තබා ගිය රික්තය හොඳින් පිරවිය හැකි සාමාජිකයෙකු දෙන්නෙකුගේ සේයා මතු වි නැගි ආවත්, ඔවුන් හට ද එය අඛන්ඩව ම අප කථා නායකයා සේම ජව සම්පන්නව ඉදිරියට පවත්වාගෙන යැමේ හැකියාව අහිමි වි ගියේය. ’ක්ලැරන්ස්’ හා 80 දශකයේ සමිප ව නිර්මාණකරණයේ යෙදුනු ඔවුන් දෙදෙනා අන් කවරෙකු හෝ නොව, සංගීතඥ ගායක ’රූකාන්ත ගුණතිලක’ සහ ’ග්‍රේෂන් ආනන්ද’ ය.
කලා ක්ෂෙත්රයේ මතුනොව අන් කවර හෝ වෘත්තියකදී, එහි විශේෂඥතාවයට පත් වූවන්හට සිය කටයුත්තට දැඩිලෙස බාධා අවහිරතාවන්ට මුහුණ පාන්නට අන් කවර දේශයකට වඩා මෙහිදී සිදුවන බවක් පෙනියයි. ඔවුන් ගේ විවිධ දක්ෂතා අගයන්නට අවංක සිතින්, අව්‍යාජව පෙළඹෙන්නෝ මෙහි විරළය. ඔවුන්ගෙන් අති බහුතරය, මුහුණ දෙන්නට සිදුවන බාධා අකුල් හෙළිම් හමුවේ, උකටලීව සිය කාර්ය භාරයේ මන්දෝත්සාහී වෙයි. එයින් ඇතැමුන් තමන් කරන්නට යෙදුනු කටයුත්තෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙති.
අසල්වැසි භාරතයේදී ඒ තත්වය වඩාත් හිතකරය, ධනාත්මකය. උත්තර භාරතීය බොලිවුඩ් සිනමා සංගීතයට නව හැඩතල එක්කරන්නට සමත් වූ ’රහුල් දේව් බර්මන්’ විසින් එය ජාත්‍යන්තරව දිනාගෙන තිබූ විජයග්‍රහනයන් පුඵල් කරනු ලැබූ අතර ඔහුගේ යුගය අවසන් වෙද්දී ඒ කටයුත්තෙහි ’බප්පි ලහිරි...’ නිරතව සිටියේය.
කන්ඩායම් ගී සාමාජිකයන් ගේ විජයග්රහකයා ලෙස කිරුඵ පැළඳි ක්ලැරන්ස් නිර්මාණ රන්දාමය නොකැඩි නොබිඳි ඔහුගේ නොකල්හී සිදූවු සමුගැනීම දක්වා පැවතියේය. ක්ලැරන්ස්ලෝලීන් නොපැතූ නොසිතු ලෙස තෙපණස් වසක් තරම් වූ අයුකාලයක් පමණක් භූක්ති විඳ 1996 වසරේ සීතල උඳුවප් මසින් 13 දිනකදී ඔහු මෙළොවින් නික්ම ගියද, තිස්වස් පමණ කාලයකදී දහසක් ගී කුසුම් පුබුදුවා හෙළ ගී කෙත සුගන්ධවත් කළ ඔහුගේ නාමය, අනාදිමත් කාලයක් ලක්වැසි ගීත ලෝලී පරම්පරාවන් අතර යුගයෙන් යුගය රැව්දේවා යැයි පතමු.
මලට බඹරෙකු සේ..............
සිතට ඔබ එනවා...............
කිරණ සේ හිරගේ ................
හද සිනාවෙනවා ...............
ඔබ සිනහවෙනවා .................
ක්ලැරන්ස් නිර්මාණ වංශකතානේ සමාප්තිය සමගින් කන්ඩායම් ගී කලා රසය මෙතැන් සිට ඉදිරියට....
මුලාශ්‍ර තොරතුරු - කෘතඥ පූර්වක ස්තුති ප්‍රනාමය
ගායන ශිල්පී ඇනස්ලි මාලේවන මහතා (මූන්ස්ටෝන්ස් - ද සුපර් ගෝල්ඩන් චයිම්ස්)
ගායන ශිල්පී අනිල් භාරති මහතා (ද ගෝල්ඩන් චයිම්ස්)
ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය (ත්‍රී සිස්ටර්ස්)
ගායන ශීල්පිනී ලාංකිකා පෙරේරා මහත්මිය (ද ගොල්ඩන් චයිම්ස්)
සංගීතඥ ගායන ශිල්පී මෙල්රෝයි ධර්මරත්න මහතා (ධර්මරත්න බ්‍රදර්ස්)
සංගීතඥ ගායන ශිල්පී මහින්ද බන්ඩාර මහතා (ෆෝර්චූන්ස්) - ප්රවිණ ගිටාර් වාද්‍ය ශිල්පී -
පීටර් රණසිංහ මහතා (ලාංකා ගී තැටි සංරක්ෂකයන් -එකතුකරන්නන්ගේ සංගමය)
Eda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.com5tag:blogger.com,1999:blog-4444846852168595125.post-4293813479107698792023-08-24T00:04:00.008-07:002023-08-24T00:51:38.620-07:00ක්ලැරන්ස් - ඉන්ද්‍රානී - රුක්මණී දේවි - පන්ඩිත් අමරදේව - චිත්‍රා සෝමපාල ඇතුඵ පිරිස
ශ්‍රී ලංකාවේ කන්ඩායම් සංගීතය සහ ක්ලැරන්ස් විජේවර්ධන ගී රසදහර (ලිපි මාලා අංක -07)
ලිපිමාලා අංක 06 අවසානයේ වාදනය වූ මර්වින් මිහිදුකුළ ගීතයේ ඇතුළත් සංගීත සංයෝජනයේ මිහිරියාව විසින් ශ්රාවකයා ගතානුගතික ක්ලැරන්ස් වාද්යරටාවෙන් තරමක් එපිටට කැඳවාගෙන යයි. ඒ මෙහි අංක 05 ලිපියේ සඳහන් වූ ’සන්තුරය’ මුල්වීමෙනි. දසවස් කාලයක් තිස්සේ ඔහු සෙවනේ නැළවී සැනහී පැවතුනු ’ලීඩ් ගිටාරයේ’ තනිනොතනිය මකන්නට ඒ හා අත්වැල් බැඳගත් නවක නාද උත්පාදකයා මතු කි ලෙසම ’අපේක්ෂා’ ගීතාවලියෙන් පසුවද ක්ලැරන්ස් මියැසියේ වාද්‍ය සාමාජිකයන් හා බැඳි සිටියේ එපමණකින් නොවේ. ක්ලැරන්ස් හා සමකාලීනව කන්ඩායම් ගී ලොව ජයදද නැංවූ තවත් සාමාජිකයන් දෙපොළකගේ සුසංයෝගයෙන් ගැයූනු ’ක්ලැරන්ස්’ ගීයකදී එය යළිත් නාද රසය පැතිරවීය.
සමුගෙන යන්නෙමි ..............
මම ඔබ තනිකොට ...............
අපේ මතු දියුණ සොයා ................
හිතකින් නොව මා ................
නැව්නැග යන්නේ ...............
සිත ඔබේ තුරුලෙ තියා ...................
ගතින් මෙතැන මම ...
සිතින් ඔබගේ ලග .....
කිසිදින වෙනස් නොවේ ...
ජිවීතයට නැත ඔබේ වැනි ...
මිණී කිරුළක් මේ ලොවේ.....
ගැයුම - වර්ණන් පෙරේරා (ද සන්ෂයින්ස් ගායක කන්ඩායම) සමග ඉන්ද්‍රානි පෙරේරා (ත්‍රී සිස්ටර්ස්)
ගී පද - නැසිගිය කරුණාරත්න අබේසේකර
සංගීතය, තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
මෙතැනින් සවන්දෙන්න
මේ ලැයිස්තුවේ පෙළගැසෙන්නට මිලගට ඉදිරිපත්වන්නේ ද ඉංග්‍රිසි ගීත ගැයු යව්වනියකි. ඇයව නොහැඳිනගත් අතිමහත් සංඛ්‍යාත සිංහල ගීත ලෝලීන් ගේ හදවත් කරා එකරැයින් සමිපකරවාලූයේ අන් කවරෙකු හෝ නොව ’ක්ලැරන්ස් විජේවර්ධනයන්මය’. ඇය ගැයු ක්ලැරන්ස් නිර්මාණයන් සති අන්ත ගුවන් විදුලියෙන් විසුරුවා හරිද්දී නාමය කියැවුනේ ’ෂ්‍යාමි ෆොන්සේකා’ නමිනි. එසේ වාදනය කෙරුණේ එදවස වෙළඳ තැටි ගීත කලාවට අවතීර්ණ වූ නවතම සාමාජිකයා වූ විජය රාමණායකගේ ’තරංගා’ ලේබලයයි. එහි සංගීත සංයෝජනයන් ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ වරුන් ගේ ලෙස තැටියේ පැහැදිලිව සඳහන් වෙයි.
01 ගියකින් කෙසේ කියන් සිතුම් ළයේ ..............රන් රුවක් ගෙනෙල්ලා......මා ලගින් තියාලා නොඉල්ලනූ ආදරේ.
02 රස පිරුණු කථා හොඳට ගොත ඔබට කියන්නම් ......ඉර හැරනු වෙලේ සඳපහනේ ගීත ගයන්නම්... එනු ඉක්මන් වී...මා වෙත ළංවි...
ක්ලැරන්ස් විජේවර්ධන නිර්මාණ පෙළහර විසිර පැතිර ගිය ඉසව් එයින් සිමානොවේ, එදා ගුවන් විදුලියේ ප්රවිණ ජ්‍යෙෂ්ඨයන් විසින් ’කැසට්’ යුගය වර්ණවත් කරමින් ගැයූ නව ගීත රාශියක ’තනු’ නිර්මාපකයා වුයේ ඔහුය. ඒවා එකී ගායක ගායිකාවන් ගේ ගායන දිවිය නව ඉසව් කරා රැගෙන ගියේය.
මහාචාර්ය සනත් නන්දසිරි - සීත රෑ වසන්තේ කාටදෝ ගයන්නේ (මහාචාර්ය සුනිල් ආරියරත්න) ,
ආදරේ නෑ ආදරේ.. (කිත්සිරි නිමල් ශාන්ත) , විකසිත වත කමලේ .... (කැමිලස් පෙරේරා)
ගායන ශිල්පී ටී එම් ජයරත්න - රුවට රුවේ සකුරා ඉවුරේ (උපාලි ධනවලවිතාන),
දෙගොඩ තලා ගග ගලා (ප්‍රේමකීර්ති ද අල්විස්),
කුන්ද සමන් මල් මල් රැන්දු සිනාවා (ආචාර්ය අජන්තා රණසිංහ).
හදිස්සියේ හනි හනිකට පය තබනා, (කැමිලස් පෙරේරා),
සොවින් බර නුවන් විදාලා (හෙමසිරි හල්පිට)
සිගිරි ළඳුනේ ඇයි තනිවී (වර්ණන් පෙරේරා),
අපමණ සාගරේ ජලාසේ (අජන්තා රණසිංහ)
මාලිනී බුලත්සිංහල - බිංදු ඉහෙන පින්නේ අරුණ උදේ (අජන්තා රණසිංහ)
ප්‍රියා සූර්යසේන - ඈත රන් විමන් තුලින් (ෂෙල්ටන් විරරත්න), පැතුම් පිරිලා උතුරා යනවා,
සැන්දෑයාමේ එක්වූ යාමේ.... (අජන්තා රණසිංහ) රටකින් එහා ඉගිලී .... (ප්‍රේමකීර්ති ද අල්විස්),
හිරුද මුවාවි ලැසි ගමන..(උපාලි ධනවලවිතාන)
එච් ආර් ජෝතිපාල - මල් පිබිදෙන එක වසන්ත සමයක (ක්ලැරන්ස් ගී පද සහ සංගීතරටා)
මරියසෙල් ගුණතිලක - යොවුන් සිහින ලෝකේ (ක්ලැරන්ස් ගී පද සමග සංගීතරටා)
නීලා වික්‍රමසිංහ - රහසේ හඞනා අප පැතුම්...යුග ගැයුම ක්ලැරන්ස් (කිත්සිරි නිමල්ශාන්ත)
ප්‍රියන්ත ප්‍රනාන්දු (ඉන්ද්‍රානි පෙරේරා සමග) - නිරංජලා කාටදෝ ආදරේලු දැන් ..
නිහාල් නෙල්සන් - සූකිරි බට්ටෝ තණකොළ පෙත්තෝ ....
රෝහණ සිරිවර්ධන - නුදුටු ඔබ හා ඇසුරෙන් එක්වි...........
මැක්ස්වෙල් මෙන්ඩිස් - මගේ සුරතල් පොඩි දුව.......
වර්ණන් පෙරෙරා සමග ඉන්ද්‍රනී පෙරේරා -සමුගෙන යන්නෙමි මම ඔබ තනිකොට ..(කරුණාරත්න අබේසේකර)
ලංකා ගුවන් විදුලියේ කැපී පෙනෙන භූමිකාවක යෙදුනු ප්රවිණ සංගීතඥ ’පී එල් ඒ සෝමපාල’ 50 දශකයේ මුල් යුගයේදී, සිය දයාබර බිරිඳ ’චිත්‍රා’ සමගින් ගැයු රමණිය යුග ගීතාවලිය 70 දශකයේ දී පවා බිඳකුඳු ගීතලෝලී,ශ්‍රාවක මතකයෙන් ඈත්ව නොතිබුනු අතර, ඒ නිසාදෝ ඒවායේ මුල් ගීත එදවස නිරන්තරයෙන් ගුවනින් ඇසුණු විවිධ වැඩසටහන් අතරින් වාදනය විය. 50 දශකයේ ග්රැමෆෝන් යුගයේ ගීත රචනා ශෛලිය අනුව යමින් ශ්‍රී ලාංකාවේ ස්වභාව සෞන්දර්යය සහ ඓතිහාසික මෙන්ම ආගමික සිද්ධස්ථාන පාදක කොටගෙන ලියැවුනු එකී ගීතාවලිය බිහිවී රජත ජයන්තිය එළඹුනු 1978 වසරේදී ඒවා නව ඉලෙක්ට්‍රෝනික සංගීත සංයෝජනය යොදා අධ්‍යක්ෂනය කරමින් ප්‍රතිනිර්මාණය කිරීමේ භාරදුර කටයුත්තට අතගැසුවේද ’ක්ලැරන්ස්’ ය. ඒ අනුව උඩරට කඳුකර සිරියා පරදන....., යමුනා යමුනා සෝබන ගංගා....., උකුළේ කළේ හොවා පිරි සිසිල් ........, ලලිත කලා ඔපකරනා..., දඹුඵ ගලේ රංගිරි දඹුඵ ගලේ..., නම් වූ ඒ ගීතාවලිය සිය ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ සංගීත කන්ඩායමේ සාමාජියන්ගේ සහභාගීත්වය මෙන්ම එවකට දිවයිනේ තවත් සුප්‍රකට වාදක මන්ඩලයක් වූ ’ෆෝර්චූන්ස්.....’ පවත්වාගෙන ගිය සංගීතඥ ’ස්ටැන්ලි පීරිස්’ ගේ සැක්ස්ෆෝන් වාදන රසයද කැටිකොටගෙන ප්‍රතිනිර්මාණය කරන්නට යෙදුනි. එහිදී ජ්‍යෙෂ්ඨ ගායිකා චිත්‍රා සෝමපාල සමගින් ඔහු ’කුරුඵ ගමේ කුරුඵ ගෙදර කුරුඵ කුමාරී...(ගී පද ප්රවිණ ගුවන් විදුලි නිවේදක නැසිගිය ලලිත් එස් මෛත්‍රිපාල) නම් වු අතිශය ජනප්‍රිය ගීතය ගයමින් නැවත පටිගත කලේය.
පහතින් සවන්දෙන්න
1978 වසරේ රජත ජයන්ති සැමරූ තවත් කැපී පෙනෙන නිර්මාණයක් වුයේ ඩබ්ලියු ඒ සිල්වා ගේ එනමින් වු චිරප්රසිද්ධ නවකථාව ඇසුරෙන් බී ඒ ඩබ්ලිව් ජයමාන්න විසින් හැදු ’කැළෑ හඳ’ සිනමාපටයයි. 1950 දශකයේ යව්වන යව්වනියන්ගේ සදාතනික සිහිවටනයක් බවට පත් ව තිබුනේ යැයි කියැවෙන ’කැළෑහඳ’ සිනමා සිත්තම, එදවස නාගරික ජන සමාජයේ වැඩියෙන්ම කථාබහට ලක් වි තිබුනු මෙන්ම එහි සාමාජිකයන් විසින් වැඩියෙන්ම නැරඹු සිනමාපටයක් බවට පත් වි තිබුනු බව වාර්තා වේ. වර්තමාන පරපුරේ සාමාජිකයන් දැනුවත් වූ මෑත කාලීනව තිරගත වූ ’හෝ ගාන පොකුණ’ , ’සූරිය අරණ’, ’ඇබා’ වැනි සිනමා කෘති ලද්දේ යම්කිසි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ද ඊට නොදෙවෙනි වූ ජනප්‍රියත්වයක් 50 දශකයේ ’කැළෑහඳ’ අත්කරගෙන තිබුනි. එදවස යව්වනයන් සිය පාසල් වියේ පරිශීලනය කල සාහිත්‍ය කෘති අතරට ඒ නමින් පළවී තිබුනු නවකථාව ද ඊට රුකුළක් වන්නට ඇත.
1978 වසරේ දී ඔවුන් වැඩුනු දරුවන් සහිත මැදිවියේ රසිකයන් බවට පත් වී සිටිද්දී, සිය යොවුන් වියේ කළ කී දෑ ආවර්ජනය කරමින්, එදවස තමන් වසගයට පත් ගායක ගායිකාවන් අගයමින් ඔවුන්ගේ නිර්මාණ ගුවන් විදුලිය ඔස්සේ රසවිඳිමින් සිටින්නට ඇත. එකී සාමාජිකයන් අතර, ලියුම්කරුගේ දෙම්ව්පියන්ද විය. ඔවූහූ ’රුක්මණි දේවී’ ශිල්පිනියට මුඵ හදවතින්ම ඇඵම් කළ ඇයව ප්‍රාණසමාන ලෙස සැලකූ රසිකයන්ය. මෙම වසරේ සිදුවු ඇයගේ හදිසි අභාවයෙන් ඔවූහූ මහත් සේ කැළඹීමට පත්වූ අතර, ඇයගේ දේහය මිහිදන් කරනා තුරු, ගුවන් විදුලිය ක්‍රියාත්මක කරවමින්. එයින් දිනය පුරා නිරන්තරයෙන් වාදනය කෙරුණු ’රුක්මණී ගී’ ශ්‍රවණය කලේ නෙත කඳුලක් රඳවාගෙනය. ඒ අතරින් ගුවන් විදුලිය විසින් වැඩිම වාර ගණනක් වාදනය කළේ ’කැළෑහඳේ’ ඇතුළත් වූ ’රුක්මණී ගීතාවලියයි’.
’රූපවාහිනි සේවා’ ඒ වනවිටත් ලාංකීය සාමාන්‍ය ජනයා හට අත්විඳින්නට නොලැබුනු මෙකී වසරේ, මෑත ලංකා ඉතිහාසයේ මුල්වරට ඒ වසර දක්වා කවර හෝ කලා ශිල්පියෙකු හෝ ශීල්පිණියකගේ අවමංගල්‍යයකට සහභාගි වූ වැඩිම ජන සන්නිපාතය ඇයගේ දේහය හොව තිබුනු මීගමූවේ ’ජයරුක්’ නිවසේ වන්නට ඇත. ඒ බව පුවත්පත් වාර්තා පසක් කල අතර, රාජ්‍ය චිත්‍රපට අංශය විසින් රූ ගත කරන්නට යෙදුනු රුක්මණී අවමංගල්‍යය ඇතුළත් සේයාපටය ඊට සාක්ෂි ගෙනහැර දක්වයි.
1953 වෙසක් මහේ තිරගත වූ ’කැළෑහඳේ’ ඇතුළත් ගීත, ප්‍රධාන රංගන ශිල්පිනී සහ ගයන ශිල්පිනී භූමිකාවන් හි යෙදුනු හෙළයේ පළමු නිළි රැජින ’රුක්මණි දේවි’ ගේ හඞින් ගායනා කරන්නට යෙදී, මහත් සේ ශ්‍රාවක සම්මානනයට පාත්‍ර විනි. අවසනාවන්ත ලෙස එය ඇයගේ ජීවන ඉරණම විසඳූ තිරණාත්මක සමුගැනීම සිදුවු වසරද වූයේය. මතු දැක්වූ පරිදිම, ’රුක්මණී දේවි’ අකල් වියෝව යොවුන් වියේ සහ වැඩිහිටි වියේ සිටි ඇයගේ රසිකයන් දැඩිව කම්පනයට භාජනය කළ සිදුවිමක් වූ අතර. ගුවන් විදුලියෙන් නිරන්තරයෙන් වැයුනු ඇයගේ ගීතපෙළට පරිබාහිරව සමරු වැඩසටහන් ද පවත්වමින් ඇයට උපහාර දක්වන්නට යොදුනු අතර, ඉතිරිව තිබුනු ප්‍රධාන ජාතික පුවත්පත් සියල්ලම පාහේ ඇයගේ දිවිමග තොරතුරු ඇතුළත් ලේඛන සහ සේයාරූ වලින් පිරි තිබිනි. එපමණකුදු නොව ’රුක්මණි දේවි’ උපහාර ගීතිකා වහා වහා පටිගත වු අතර ඒවා තැටිවල ඇතුළත් වි වෙළඳ පොළට නිකුත් වෙමින් පැවතියේය. වේගරිද්මයෙන් උන්මාදයට පත්, එදා යෞවනයන්ගේ ජනප්‍රියතම පොප් ගායන ශිල්පියා සහ ශිල්පිනිය වූ ’ක්ලැරන්ස්’ සහ ’ඉන්ද්‍රානි’ දෛවෝපගතව ’රුක්මණී දේවි’ නිර්මාණයන් ප්‍රතිනිර්මාණය කරන්නට කටයුතු යොදා තිබුනේ ඇයගේ ගීත 04 ක් ඉන්ද්‍රානි ගේ හඞින් ගයන අතවාරයේද ’ඉන්ද්‍රානි’ ගේ ජනප්‍රියතම ගීත 04 ක් ’රුක්මණි දේවි’ විසින් ගයන්නට එකගතාවයකට එළඹෙීමෙනි. එය සැබැවින්ම මේ නිලිරැජින ගේ කරුණික ඉල්ලිමක් අනුවය. ’ක්ලැරන්ස්’ ගේ සංගීත සංයෝජනයන්ට අනුකූලව ඉන්ද්‍රානි ’රුක්මණී ගී’ ගයා තිබුනත්, එහි ඉතිරි කොටස ක්‍රියාත්මක කරන්නට රුක්මණි දේවි ජීවත්ව සිටියේ නැත.
කෙසේවෙතත් රුක්මණිදේවි ගේ අකල් වියෝව සිදුවන්නට පෙර, ආසන්න යුගයකදී, ’කැළෑහඳ’ සිනමාපටයේ ඇතුළත් වූ ඇයගේ ජනප්‍රිය ගීතයක් නව සංගීතයෙන් ප්‍රතිනිර්මාණය කරගන්නට අවස්ථාව ලද එකම එදා නව පරපුරේ සංගීත අධ්යක්ෂවරයා වුයේ ’ක්ලැරන්ස්’ මය.
ඇය හා පුරා කියා ගීත ලොවට පිවිසවූ රන් දොරටුව වූ ’සිරිබුද්ධගයා විහාරේ’ පටිගත වී ඇත්තේ 1939 වසරේ දී ’ග්රැමෆෝන්’ ගීතයක් ලෙසිනි. ඒ ඇය එදවස අතිමහත් භක්තිපූර්වකව සිහිපත් කළ ඇයගේ සංගීතාචාර්යවරයා වූ දිවංගත ප්රවිණ සංගීතවේදී එච් ඩබ්ලිව් රූපසිංහ සමගය. ගිල්බට් වීරසේකර විසින් විරචිත එය, වසර 38 කට පමන පසුව දෛවෝපගතව ප්‍රතිනිර්මාණය කරන්නට වරම් ලද්දේ ’ක්ලැරන්ස්’ ය. ඔහූ 1972 වසරේ සමුගෙන ගිය එච් ඩබ්ලිව් රූපසිංහයන්ගෙන් පසුව එදවස සිංහල ගීත කලාවේ ජ්‍යෙෂ්ඨතමයා වූ ආචාර්ය පද්ම ශ්‍රී පන්ඩිත් අමරදේවයන් සිය භාරදූර කටයුත්තට යොදාගත්තේය. ක්ලැරන්ස් ගේ වෙනත් නිර්මාණ සඳහා අනුග්‍රහය දැක්වූ එදවස සංගීත ලෝලී ව්‍යාපරික ’අජන්තා විජේසේන’ ගේ ’ලෝටස්’ වෙළඳ තැටි ආයතනය විසින් එය නිකුත් කරන්නට යෙදිනි.
පහතින් සවන්දෙන්න
එයින් නොනැවතුනු ක්ලැරන්ස් ශ්‍රි ලංකිකයන්ගේ හදවතේ ලැගුම් ගත් පැරණිතම බොදු බැති ගීය ලෙස කිරුඵ පලන් ටවර්හෝල් නූර්ති ගී යුගයේ නිතිඥ ජෝන් ද සිල්වා ගේ සිරිසගබෝ නාටකයට ඇතුළත් වූ චිරප්රසිද්ධ ’දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා..............’ ප්‍රතිනිර්මාණය කරන්නට යෙදුනු අතර එහි ඇතුළත් වු සෙසු ගීත වූයේ 01 දැඩිකල මාතා පෙම්බර මාතා.....(රුක්මණි ගේ මුල් යුගයේ ගීතයකි)
ඉන්ද්‍රානි සහ ක්ලැරන්ස් විසින් ගැයු ’රුක්මණි ගී...............’ අතර
අන්න සුදෝ අර පාටවලා ....................
සන්ධ්‍යවේ විනෝදේ ප්රිති කෙරේ ...............
සුරතේ වෙළි යස සුළග වැදී ....................
යස ඕඵ පිපිලා නීල ජලේ ......
(ගී පද නැසිගිය හර්බට් එම් සෙනෙවිරත්න)
දෙවා ගිනි මවාදී මගේ හෘදයේ ........
ගියාදෝ අනේ මා දමාලා ප්‍රියේ..................
(ගී පද නැසිගිය හර්බට් එම් සෙනෙවිරත්න)
මෙන්ම 1949 වසරේ තිරගත වූ බී ඒ ඩබ්ලිව් ජයමාන්න ගේ ’පෙරළෙන ඉරණම’ සිනමාපටයේ ඇතුළත් වූ, ’ඕඵ මලෙහි සුදෝසුදූ................’ ගීතයද විය. (ගී පද ජේ එල් පී නන්දනකීර්ති, සංගීත නිර්මාණය - බි ඇස් පෙරේරා)
පහතින් සවන්දෙන්න
70 දශකය ඉකුත් වී යද්දී පවා දිවයිනේ ව්‍යාපාරික භවතුන් හට සිය නිෂ්පාදන ප්‍රචලිත කරගැනීමට ඉතිරිව තිබු එකම සහ ප්‍රධාන විද්‍යුත් මාධ්‍යය නාලිකාව වුයේ ලංකා ගුවන් විදුලියේ සිංහල දෙවැනි සේවයයි (දැන් වෙළඳ සේවය) එහි මිහිරි ලෙස ගැයුනු වෙළඳ දැන්වීම් ගී ඛන්ඩ ගණනාවක් නිර්මාණය කර ගයනු ලැබ තිබුනේ ඔහුය. සිනූ හඞ දෙයි බෙත්ලෙහෙමේ... (පාවහන්), දේදුන්නේ පාට පෙරා දසුන් මවන සතිය පුරා (චිත්රකථා පත්‍රයක්)
ක්ලැරන්ස් සහ මරියසෙල් එක්ව ඔහුගේ නිර්මාණ එක්තැන් කොට ප්‍රතිනිර්මාණය කළ එදවස ජනප්‍රිය වෙමින් පැවති නොනවතින රැල්ල ගණයේ කැසට් පටයක වග තුග වෙළඳ දැන්වීමකින් - 1980 දශකයේ මුල් භාගය
මතු සඳහන් කල පරිද්දෙන් ඔහුගේ වසන්ත සමයේ අතුඉති පිරි ඉතිරි යන්නට ගී මල්ඵල හට ගැන්වූ ’කන්ඩායම් ගී’ යුගය මුකුලිත වුවද, සුවඳැති, නෙක වර්ණයෙන් බබළන ගී කුසුම් නිරන්තරයෙන් විකසිත වෙමින් පැවතිනි. සූපර් ගෝලඩන් චයිම්ස් රසවතුන් ගේ දුරස් වීමෙන් පසුව කරළියට පැමිනි ’කැසට්’ ගී යුගයද ඔපවත් වූයේ ’ක්ලැරන්ස් ගී’ මල්වරුසාවෙනි.
අඳුර ඉරා සඳමිනි මේලාවේ ........තුෂර බිංදු තීරයේ .....(අජන්තා රණසිංහ), මෙන්ම ඔහුට හුරුපුරුදු රසවදන් පිරිද්දිමේ කලාවෙන් විචිත්‍රවත් වූ ’සැන්දෑ වලාවන්................’ මලට බඹරෙකු සේ ..........’ ’රන් සමණළයින් (රම්‍යා)...........’දිනෙක මේ නදී තිරේ........’ ’සිහින ගෙනෙන ඔබ කවුරුන්දෝ.........’ මුතුමැණිකේ උදේ රැයන්...........’ ’අරුණ කිරණ වැදි ................’ ’සඳ එක් දිනක් තරු හා බැඳී...........’ ’පියඹා යනවා මා අකාසෙයේ............’ මලේ හැන්දෑවේ වහින වෙලාවේ.... ’මාලිනියේ මා ලාලනියේ....’ ඒ අතර වෙයි
රුසිරු ගී තනු උල්පතකට උරුම්කම් කී මේ සොඳුරු ගාන්ධර්වයා වෙනත් මියැසි මැවිසුරුවන්ගේ ගී රටාවන් උදෙසා නොගැයුවේද? නැත... එය එසේ වී තිබේ. සංගීතඥ ස්ටැන්ලි පීරිස් ගේ ගී තනුවකට අජන්තා රණසිංහයන් ලියූ ’දුව මා වගේ නේද නෑ අම්මා..............’ මෙන්ම එදා අංකුර තනු නිර්මාපකයෙක් වූ රූකාන්ත ගුණතිලක ගේ ’සාගරේ තරංගයේ... (අජන්තා) එවැනි අවස්ථා සිහිකැඳවයි.
70 දශකයේ මූලාරම්භයේදී පවා ’කන්ඩායම් ගී’ කලාව නමැති වෘක්ෂය සුපුෂ්පිතව සුවඳ විහිදමින් තිබුනත්, ඔවුන්ගේ තැනු ගීතවල එක්තරා පැහැදිලි කැපී පෙනෙන අඩුවක් පැවතීයේය. ගීතයක තිබිය යුතු සංගීත සංයෝජන සුමියුරු අන්තර් වාද්‍ය සංගීත ඛන්ඩ ඒවයේ නොතිබුනු අතර වෙළඳ තැටි නිපදවූවන් විසින් ඒවායේ ඒ අඩුපාඩුව සම්පූර්ණ කරගන්නා ලෙස මෙම කන්ඩායම් වෙතට උපදෙස් නිකුත් කර තිබිනි. එකි විශේෂඥ කාර්ය භාරය ඉටුකරගැනීම උදෙසා එවකට ඔවුන්හට දිවයිනේ සිටි ප්‍රමුඛතම අත්දැකීම් බහුල බටහිර සංගීතය ශිල්පීය කලාව පිළිබඳව අවබෝධයෙන් සිටි සංගීතඥයන්ගේ අධාරෝපකාරය අතවශ්‍ය වි තිබිනි. ඒ අනුව සංගීතඥ ආර් ඒ චන්ද්‍රසේන, එම් කේ රොක්සාමි සහ පැට්රික් දෙණිපිටිය ඒ භාරදුර කටයුත්තේ නිරතවිය. තැටිගත වී ගුවන් විදුලි ශ්‍රාවක මනස කුල්මත් කල ’කන්ඩායම් ගී’ බොහෝ ගණනක සංගීත සංයෝජනයෙන් වර්ණවත් වූයේ මෙකී නිර්මාණකරුවන්ගේ දායකත්වය නිසාය. ’මුන්ස්ටෝන්ස්, ගෝල්ඩන් චයිම්ස් සහ සුපර් ගෝල්ඩන් චයිම්ස්’ පමණක් මේ කුලකයට ඇතුඵ නොවූයේ ’ක්ලැරන්ස්’ ගේ කමනීය සංගීත ඛන්ඩ වලින් එකී ගී හැඩවී තිබිම නිසාය.
60 දශකයේ මධ්‍ය භාගයේ දී ගුවන් විදුලිය විසින් මේ ගීත වර්ගය වාරණය කළ මැනවැයි ක්ෂේත්රයේ මීට එරෙහි වූ පිරිස හඞ නැගූවත් ’කන්ඩායම් ගී’ සංසදයක් පිහිටුවා ගත් එකී සාමාජිකයෝ ආයාචනාත්මක ලිපි යොමුකරමින් මේවා වාරණය නොකරණ ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිබව වාර්තා වේ. සැබැවින්ම මේවා ලද දැවැන්ත ශ්‍රාවක ප්‍රතිචාරය ට මගපාදාදෙන ලද්දේ අන් කවරෙකුටත් වඩා ’ලංකා ගුවන් විදුලිය’ විය. අගනුවරින් ඈත දුර වෙසෙන ගැමි ශ්‍රාවකයන් පවා ’කන්ඩායම් ගී’ හඳුනාගත්තේ එයිනි.
’සංකරත්වයේ’ සිමා මායිම් අතික්‍රමණය කළා යැයි චෝදනා නගා ඒවා පාගා පොඩිකර දමන්නට ඇතැම් බලදරුවන් තැත් දැරූවද, ඒවායේ ගී පද පිරික්සද්දී, ඒවා අතිමහත් බහුතරය ’ළමා ගී’ යක රුවගුණ ගනී.
සංස්කෘතිකාංග (කඳසුරිඳුනි ඔබේ....’ ’ඩං ඩං ඩං ඩංකු ටුකුටු, මංගලම් කියලා මල් මිටක් තබාලා..’ රුහැණුබිමේ කතරගමේ, වාසනාව දෝතට ගෙන සිනහසලා, මෙන්න අපේ සුහද පැතුම් ....) ජනශ්රැතිය (මහදැනමුත්තා අපේ ගුර රටේ උගත්තා.., අහසට පිඹිනා භූමි කළේයා, ඔළිද තිබෙන්නේ කොයි කොයි දෙසේ, එදා මෙදා වෘත්තීන් (සෝබමාන ගුවන් සේවිකා..., කරට කදේ රැගෙන යමි පාරදිගේ මං, මුඵ ගතම වෙහෙසුනා, හෝයියා හෝයියා........., අපි මිතුරෝ මුහුදු ගියෝ...) ස්වභාව සෞන්දර්යය (ඉද්ද පිච්ච මල් පිපිලා, ගළනා දිළෙනා ලක්නදී සෝබා, දුන්හිඳ කෙල්ලේ, යාල යාල යාල යන්න, හිරු නැගී එන උදයේ අප යන්නෙ, පාට පාට රන්තටු සළලා, අව්ව පායලා, හෝ වැස්ස වහිනවා) පාසල් සමය (සඳක් බැස ගියා අවරගිරෙ, ), සහෝදර- දාරක ප්‍රේමය (පුංචි නංගි මාගේ ඈ හරිම ලස්සනයි, ලස්සන සුසිනිඳු සඵ ඇගලා..., ගමෙන් ලියුමක් ඇවිල්ලා, නැළවෙන්න නොහඩන්න චූටි පුතා, සිහින පැතුම් විමනේ, කිරිමුහුද කළඹාලා ගෙනා, බොරුවට අඞ අඞ...) වැනි දෑ ඒවා මාතෘකා කරගනී. ශෘංගාරය කැටිකොට ගත් ගීත ද ඒ අතර පැවතියද ඒවා එදා නිතර ඇසුනු සරළ ගුවන් විදුලි ගී පදවැල් හා නොසම වූයේ නොවේ.
මෙතැන් සිට ඉදිරියට ................
සේයාරුව අනුග්‍රහය - රුක්ෂාන් කරුණානායක මහතා (විශේෂ ස්තුතිය)
Eda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.com0tag:blogger.com,1999:blog-4444846852168595125.post-79444161506716628522023-08-09T21:14:00.011-07:002023-08-09T23:16:31.374-07:00Clarance and Dickson - legends of 70s
ශ්‍රී ලංකාවේ කන්ඩායම් සංගීතය සහ ක්ලැරන්ස් විජේවර්ධන ගී රසදහර (ලිපි මාලා අංක -06)
70 දශකයේ ක්ලැරන්ස් මියැසි රසගුලාව වර්ණවත් කළ තත් නාද පෙළහර....ඔහුගේය...
ලෝක පූජිත සෙංකඩගල ඇසළ මංගල්‍යයේ වඩාත් කමනීය දසුන ’සධාතුක කරඞුව රැගෙන පාවඩ සහ මුතුකුඩය යටින් යන මංගල හස්තිරාජයාන් වුවද ඊට පමණක් දෙවැනි වන ආකර්ශනීය වෙස් නැටුම් නර්තන කන්ඩායම් කිහිපයක් අතරින් කැපි පෙනෙන්නේ සම්පුර්ණ පෙරහැර මංගල්‍යය සඳහා එක් කන්ඩායමක් පමණක් සහභාගි වන කතරගම පෙරහැර සිහිගන්වන කාවඩි සංදර්ශනයයි. ’කතරගම’ දේවාලයේ වඩාත් ප්රශස්ත සංස්කෘතිකාංගය වූ ’කාවඩි නැටුම්’ එහි අනන්‍යතාවය ප්‍රකට කරයි. එසේම ක්ලැරන්ස් විජේවර්ධන නම් වූ අසමසම ප්‍රතිභාසම්පන්න කලාකරුවාගේ අනන්‍යතාවය ප්‍රකට කලේ ඔහුගේ නිර්මාණයන්හි වැයෙන රසාලිප්ත ’ලීඩ් ගිටාර්’ වාද්‍ය ඛන්ඩයන්ය. ඒවා ’ක්ලැරන්ස්’ වෙනුවෙන් ඔහුගේ ගුරුහරුකම් උපදෙස් අනුගමනය කරමින් වැයුවේ 70 දශකයේ ශ්‍රී ලංකාව බිහිකල අග්‍රගන්‍ය ලීඩ් ගිටාර් වාදන ශුරයෙකු වු සුපර් ගෝල්ඩන් චයිම්ස් කන්ඩායම් සාමාජික ’ඩික්සන්’ ය. එනම් ’ඩික්සන් ගුණරත්න’ ය. ඔහුගේ මධුර මනෝහර සංගීත ඛන්ඩයන් නොවන්නට එකී ගීත ලද අසාමාන්‍ය ශ්‍රාවක ප්‍රසාදය හීනවන්නට ඉඩ තිබිණි. සංකේතාත්මක, එසේම ඇතැම්විට චේතනාසහගතබවින් තොරව මේ බව අපුරුවට අනාවරණය වුයේ ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ වාදකයන් ගේ රූ රටා ඇතුළත්ව නිකුත් වූ ’කතරගම’ කඳසුරිදු උපහාර ගීය ඇතුළත් වු ගී තැටි කංචුකයෙනි. එහි කන්ඩායමේ සාමාජිකයන් අතරින් කතරගම අනන්‍යතාවය හුවාදක්වන ’කාවඩිය’ උරමත දරා සිටින්නේ ’ක්ලැරන්ස්’ ගිතාවලිය වර්ණවත් කළ ඩික්සන් ගුණරත්නයන්ය.
මෙම ලිපි පෙළ සම්පාදනය කරන අතරවාරයේ, ක්ලැරන්ස් ලෝලියෙකු මෙන්ම නිපුණ ගිටාර් වාද්‍ය ශිල්පියෙකු වූ ’රුක්ෂාන් කරුණානායක’ දැනට සුපර් ගෝල්ඩන් චයිම්ස්’ සාමාජිකයන් අතරින් දිවමන්ව සිටින දෙදෙනා අතරින් එක් අයෙකු වු (අනික් තැනැත්තා ඇනස්ලි මාලේවනය) ඩික්සන් ගුණරත්න කලාකරුවා හා යූ ටියුබ් සමාජමාධ්‍ය ඔස්සේ සංවාදයක නිරතව සිටියේය. එහිදි අනාවරණිත විශේෂිත කරුණු සම්පින්ඩය කරමින් මෙම ලිපි පෙළට ඇතුළත් කරනු යෙහෙකි යැයි සිතුවෙමි.
එහි හෙළිදරවු වන පරිදි, එදා ’සූරිය’ ලේබලයෙන් එළිදුටු ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ ගීතමලාවේ ඇතුළත් සියඵම ගීත සඳහා ක්ලැරන්ස් අනන්‍යතාවය ප්‍රකට කරන ලද ’ලීඩ් ගිටාර්’ වද්‍ය ඛන්ඩ වයා ඇත්තේ ’ඩික්සන්ය’.
වරෙක නියමු ක්ලැරන්ස් සිය බොක්ස් ගිටාරය වයා අදාළ සංගීත ඛන්ඩය හෙළිදරවු කරන ලදුව, තමා ඊට අනුගතව එය ලීඩ් ගිටාරයෙන් ප්‍රතිනිර්මාණය කරන ලද බවද තවත් වරෙක ගීතයක පසුබිමේ වැයෙන සුඵතර එහෙත් සුවිශේෂි වාද්‍ය ඛන්ඩ ’සුදුසු’ ලෙසකින් සම්පුර්ණ කර දෙන ලෙස කළ ඉල්ලිමට අනුගතව වැයූ බවද ඔහු කියා සිටින්නේය. ’ලීඩ්’ ගිටාරයේ පැණෙන සුවිශේෂී නාද උත්පාදක විධික්රම ’සිංහල’ ගීත සඳහා මුල්වරට යොදාගන්නා ලද්දේ ’ක්ලැරන්ස් ගී’ උදෙසා බවද ඔහු විසින් අනාවරණයක කරයි.
මෙම ලිපි පෙළෙහි පූර්වයෙන් සඳහන් වූ ’වා..වා..පැඩල’ (Wah Wah paddle) තාක්ෂනය ට අමතරව, ’ටේරම්ලෝ ආර්ම්’ (Tremolo Arm ), මෙන්ම මියුට් (Mute) ගිටාර් නාදසංකලනයන් ද එකී ගීතපෙළ සඳහා මුසු කරවන ලද බවද වැඩිදුරටත් කියා සිටී. ’සුපර් ගෝල්ඩන් චයිම්ස්වරුන්’ තමන්ගේ නිර්මාණයන්ට පරිබාහිරව පසුබිම් වාද්‍ය සංගීත මිහිර මවන ලද්දවුන් අතර ප්‍රමුඛතමයන් වූයේ ’ඉන්ද්‍රානි පෙරේරා ඇතුඵ ත්‍රී සිස්ටර්ස්’, මිල්ටන් මල්ලවාරච්චි, ෂ්‍යාමි ෆොන්සේකා, ලිලන්ති කරුණානායක සහ මර්වින් මිහිඳුකුල යන මේ ශිල්පි ශීල්පිනියන්ය.
මෙම සාමාජිකයන් ගැයූ ක්ලැරන්ස් නිර්මාණයන්හි මඳාුල් පිටපත් (තැටියේ ඇතුළත්) හි වැයුනු ’ඩික්සන් ගුණරත්න වාද්‍ය ස්වරදැහැනේ ද බලමහිමයෙන් ද ඒවා අලෙවි වාර්තා කඩාබිඳහෙළමින් ශ්‍රාවක රසියන් අතරට පිවිසියේය පසුව, නොපමාව එකී ගීතයන් ගේ දසවස් පුර්ණය ද ඉක්මවන්නට පෙරාතුව, ඒවයින් සැළකිය යුතු සංඛ්‍යාවක් අදාළ ශිල්පීන් විසින් ප්‍රතිනිර්මණය කරවන්නට යෙදුනි. එහෙත් එකී දෙවන වටයේ පිටපත් ’මුල් ගීතයේ’ ගැබ්වුනු මධූරත්වය අභිබවා යන්නට අසමත් වූ බව නොපිරිහෙළා කිවයුතු අතර ඒ වගට ශ්‍රාවක දනන් ද සාක්ෂි දරනු නිසැකය.
පහත වාදනය වීමට සලස්වා ඇති මුල් ගීතයන්හි සියඵ ලීඩ් ගිටාර් වාදනයන් සිදුකරනු ලැබුවේ ඔහු විසින් බව කිවයුතුය.
පහත කලතා පෙරා සංක්ෂිප්තකොට උපුටා දක්වන්නට යෙදුනේ ’ක්ලැරන්ස් විජේවර්ධන - ඩික්සන් ගුණරත්න’ සුසංයෝගයෙන් නිපන් මෝහණිය අන්තර්වාද්‍ය ඛන්ඩ පෙළ අතරින් තෝරාගත් නිර්මාණයන්ය.
ක්ලැරන්ස් ලෝලී ගීටාර් වාද්‍ය ශීල්පී රුක්ෂාන් කරුණායක සමග සුපර් ගෝල්ඩන් චයිම්ස් ලීඩ් වාදන ශූරී ඩික්සන් ගුණරත්නයන් පැවැත්වු සාකච්ඡාව
පසුගියදා පටිගත කරනු ලැබූ සංවාදයේ ඔහු වැයූ ගීටාර් වාදන රටාවන් මෙහි වැයෙන මුල් ගීතයන්ගෙන් උපුටාගත් වාද්‍ය රටාවන් හා සැසඳීමෙන් වසර 50 ක් තරම් දිර්ඝ කාලයකට පසුවද ඔහුගේ වාද්‍ය ප්‍රතිභාවයන් නොගිළිහි නොපිරිහි ඔහුගේ ආත්මය හා ලැගුම් ගත් ආකාරය මනාව ප්‍රකට වේ
01 ඩික්සන් ගුණරත්න වැයූ වාද්‍ය ඛන්ඩ ... සුපර් ගෝල්ඩන් චයිම්ස් සමග
02 ඩික්සන් ගුණරත්න ... ත්‍රී සිස්ටර්ස් සමග (සංගීත සංයෝජනය සුපර් ගෝල්ඩන් චයිම්ස්)
03 ඩික්සන් ගුණරත්න ... ප්‍රියා සූරියසේන වෙනුවෙන් වැයූ වාද්‍ය ඛන්ඩ - සංගීතය ක්ලැරන්ස් විජේවර්ධන
1982 වසරේදී යළිත් වරක් ඔහුගේ නාමය රිදීතිරයේ නමාවලියේ ’සංගීත අධ්යක්ෂ’ යටතේ දෙවරක් පතීතවෙයි. ඒ එම් එස් ආනන්ද ගේ ’හලෝ ෂ්‍යාමා’ සිතුවම් පටයෙනි. එහෙත් ඒ ගී අතීතයේ බොඳවී ගිය ගී මතක බවට පමණක් පත් වු අතර යළිත් ’සෝමපාල ලැනරෝල් ගේ ’චතුමධුර’ හිදී ඔහු කරළියට සපැමිණෙයි. එවර ගීතාවලියද හුදු ලැයිස්තුවට එක් විම පමණක් සිදුවූ අතර 1985 වසරේදී මර්සලීන් එස් පෙරේරා ගේ නමින් දිවයින පුරා සැරසූ සිනමා පුවරු දැන්වීමක ’චලිත රංගලි’ යන ආකර්ෂනීය නාම යුගලය ලියැවි තිබුනි. ඔහු දායකත්වය දුන් මෙකී සිනමා සිත්තම් වලදී මහත් අවසනාවකට මෙන් එකදු ගීයක් හෝ එතරම්ම රසිකයන් අතර රැඳුනේ නැත. එහෙත් ලාංකීය කලාකරුවන් හට සිය ශීල්ප දැක්වීම සඳහා විවර වී තිබු නව දොරටුව වූ ’රූපවාහිනී ටෙලි නඵ’ කලාවේ නොමැකෙන සිහිවටනයක් තබන්නට හෙතෙම වරම් ලැබිය. ඒ ජනක රත්නායක ගේ චිත්රකථාවක් ලෙස මුලින් පළවූ ’සුසීමා’ රූපවාහිනි ටෙලි නඵවක් ලෙස නවසඵපිළි හැඳ ගැනීමේදීය. සිංහල ටෙලිනාට්‍ය කලාවෙන් බිහිවී අදටද ඉතිරි වී ශ්‍රාවක හදවත් අරා ලැගුම් ගත අල්ප සංඛ්‍යාත ගී අතරට ඔහුගේ නිර්මාණ වූ ’දෑස පියාපත් කල මට මැවෙන්නේ ඔබේ රුව...’ (ජැක්සන් ඇන්තනි සමග) මෙන්ම ’දේවතාවන් සිතන දේවල්..........’ එකතු වි පවතී.
ඔහුගේ ආසිරිවාදය ලැබ නිර්මාණකරණයෙන් අතහිත දුන් වෙනත් ශිල්පීන් එක රැයින් රසිකයන් අතරට සපැමිණ සදා ඔවුන්ගේ හදවත් අරා ලැගුම් ගත්තේය. ඒ ඔහුගේ අසිරිමත් ගී තනුවල බලමහිමයයි.
පාසල් වියේ සහෝදරියන් පස් දෙනෙකු හා ඔවුන්ගේ ළා බාල සහෝදරයා ඇතුඵ සයදෙනා ගේ කන්ඩායම එකී සොයුරා ගේ නාමය පෙරටුකොටගෙන ’වින්ස්ලෝ - සික්ස්’ ලෙසින් නම්කෙරණු අතර ඔවුන් ගේ නාමයෙන් සිංහල ගීත 02 ක් නිර්මාණය කරදී එය ද ඇතුළත්ව තැටියක් නිකුත් කරවාගන්නට ක්ලැරන්ස් සමත්විය. මනෙලා, මෙලනි,ලීවන්, නෙලානී,ඉරෝමි සෙසු ගායිකාවන්ය. ඔවුන්ගේ එකී ගීත ද්විත්වය ද ගුවන් විදුලියේ කන්ඩායම් ගී තිරයේ නිතිපතා වාදනය කෙරුණු අතර. ’වින්ස්ලෝ සික්ස්’ ගායිකාවන් දිවයින පුරා එකරැයින් ජනප්‍රිය විය. එදවස ප්රවිණ ගායක ගායිකාවන් සඳහා පසුබිම් සංගීතය සැපයූ දිවයිනේ තවත් ප්‍රසිද්ධ වාදක කන්ඩායමයක් වූ සංගීතවේදී ස්ටැන්ලි පීරිස් මෙහෙයවූ ’ෆෝර්චූන්ස්’ කන්ඩායම විසින් පසුව නිකුත් කරන ලද ගී අනුවාදන ඇතළත් වෙළඳ තැටියකට තෝරා ගන්නා ලද ගීත අතරට මෙම ගීත ද්විත්වයද ඇතුළත් කර ගැනීමෙන් එදවස ඊට ලැබුනු ශ්‍රාවක ප්‍රතිචාරයේ පුඵල් බව දැන වටහගත හැකිය.
රන් මොණරුන් රගදෙනු දුටුවා..........
විල් දිය මත මහනෙල් දුටුවා..........
මල් උයනේ බඹරුන් දුටුවා ..........
මුතු වාගේ බබළනවා..
නෙත ඈගේ දිළිසෙනවා...
දුව රෝසී හිනැහෙනවා .................
සවන්දෙන්න
වින්ස්ලෝ සික්ස් ළමා ගායිකාවන් ගැයූ ගීත යුගළයකින් පමණක් ඔවුන් එක්රැයකින් ලක්දිව ගීත ලෝලීන් ගේ ජනාදරයට පාත්‍ර වීමේ සියඵ ගෞරව බුහුමන් හිමිවිය යුත්තේ ක්ලැරන්ස් හට බව අවිවාදාත්මකය. එකී ගීත අතරින් එකක් වූ ’මුතු වාගේ බබළනවා.....’ (දුර රෝසී) ජනප්රසාදයේ තරම කොතරම්දැයි කිවහොත් එදවස සුපර් ගෝල්ඩන් චයිම්ස් කන්ඩායමට පසුපසින් සිටියත් ශ්‍රී ලාංකීය සිනමා සහ ගී තැටි - කැසට් ගැයුම් සඳහා පසුබිම් සංගීතය සම්පාදනය කළ සංගීතඥ ස්ටැන්ලි පීරීස් ගේ ෆෝචූන්ස් (පද්මසිරි පැස්කුවෙල්, රංජිත් පෙරේරා, මිල්ටන් පීරිස්, ප්‍රේමනාත් කොඩිතුවක්කු, නේසන් ත්‍යාගරාජා, මහින්ද බන්ඩාර, කීර්තී පැස්කුවෙල් (පසුව) ක්ලොඩ් ප්‍රනාන්දු ඇතුඵ පිරිස) වාදකයන් නිකුත් කල ගී අනුවාදන තැටියක් වෙනුවෙන් ශ්‍රි ලංකාවේ ජනකාන්ත විශිෂ්ඨ ජ්‍යෙෂ්ඨයන්ගේ ගීත අනුවාදන අතරට, මෙම ගීතයද ඇතුළත් කෙරින. මේ 1975 වසර පමණ යුගයේදීය.
සවන්දෙන්න
ඉංග්‍රිසි ගීත රුචි සමාජයේ සංගීතලොලීන් අතර නමක් දිනාගෙන සිටි 70 දශකයේ ජනප්‍රිය ගයන තරුව ’ඩැල්රීන් ආනෝල්ඩා’ වෙනුවෙන් සිංහල ගීත නිර්මාණය කරදී ඇයව සිංහල ශ්‍රාවකයන් අතරට රැගෙන එන්නට ක්ලැරන්ස් ගේ ඉන්ද්‍රජාලික නිර්මාණ මෙහෙවර සමත්විය. එහිදීද ’සූරිය’ තැටි ලේබලය ඊට දායකත්වය සැපයුවේය.
01 චූඩාමාණිකේ බලාලා යනවා මේ අපි
02 අප දෙදෙනා පමණක් ලොව තනිවි හිටියානම්
03 ඔබ මා සතුවෙයි කියා හිරු මට කීවා ...
සවන්දෙන්න
එහි ඇතුළත් ඩැල්රීන් ගේ පළමු ක්ලැරන්ස් ගීතයන් වේ.
ළමා ගායිකාවන් දොරට වැඩිමේ ප්‍රවණතාවයක් පැවති මෙම යුගයේදී, එකී කටයුත්තට මැදිහත් වන්නටද ඔහු නොපැකිළිව පෙළඹුනේය. වෙනත් ගී ලේබල් ඔස්සේ විවිධ ළමා ගායිකාවන් බිහිවෙද්දී, ක්ලැරන්ස් හැදූ ළමා ගී නිර්මාණ එළිදක්වන්නට ඉදිරිපත් වූයේද සූපර් ගෝල්ඩන් චයිම්ස් නිර්මාණ ජනගත කරවාදෙන්නට දායක වූවන් අතර රැඳුනු ’ලෝටස්’ තැටි ලේබලයයි. එයින් දොරට වැඩි කුඩා දැරිය දස හැවිරිදි පමණ වියේ සිටි ’ලිලන්ති කරුණානායකය’ ඇය එහිදී ක්ලැරන්ස් ගේ සුපර් ගෝල්ඩන් චයිම්ස් සාමාජික ගායන ශීල්පී ’ඇනස්ලි මාලේවන’ සමග ගී ගැයුවේ කරුණාරත්න අබේසේකරයන්ගේ ගී පදවැල් දෙබසකට පණපොවමිනි.
01 කියන්න සුළගේ ඔබ කොයි සිටදෝ එන්නේ ... සැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ ..................
02 පුංචි පුංචි බෝනික්කෝ සාප්පුවේ මම දැක්කෝ ... ඇවිදිනවා.. නැගිටිනවා.. දෑස පියා නිදියනවා............... (කරුණාරත්න අබේසේකර)
03 වැනියන් කඵ වැනියන් කඵ........වැනියන් කඵ වැනීයන් මාත් එක්ක වැනියන් ...........(කේ ඩි කේ ධර්මවර්ධන)
04 අහසේ ඈත දිළීසෙනවා පුංචි තාරකා........මිදුළ කොනේ රහස් කියයි සේපාලිකා.............(කරුණාරත්න අබේසේකර)
05 කොන්ඩේ දිගට දාලා සැම උදේම එනවා ... (ටීචර්)...
සවන්දෙන්න
ලිලන්ති කරුණානායක ළමා ගායිකාව - 70 දශකයේ දී
1978 වසර පමණ වෙද්දී ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ සාමාජිකයන් එකිනෙකා කාර්ය බහුල වීමෙන් ද ඇතැමුන් දිවයිනෙන් බැහැර වීමෙන්ද එය අකර්මන්‍ය වුවත්, නියමු ක්ලැරන්ස් ගේ බුබුඵ දමා උතුරා ගලා යන නිර්මාණ උල්පත බිඳකුදු පිරිහි ගියේ නැත. ඔහුගේ අසිමිත ගී තනු දියදහර නොනැවතී ගලා ගියේය.
එවර එයින් සරුඵල නෙලා ගත් ඔහු අප හැඳිනගත්තේ ’මර්වින් මිහිඳුකුල’ නමිනි.
01 මට මතකයි මන බැන්දු සිනා ඔබේ.........හද පතුලේ සිහිවෙන්නේ ඔයාමයි කුඹුකේ ළිඳ ලගදී .......................
02 මුතු දෙපොටක් ගිලිහුනා ...රතු දෙකොපුල් හිනැහුනා.......හෙනේ පැලේ පැල් රැකලා .........එනකොට මට හමුවුනා................
සවන්දෙන්න
මෙතැන් හි සිට ඉදිරියට.................
කෘතඥ පුර්වක ස්තුතිය
රුක්ෂාන් කරුණානායක මහතා.
Eda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.com2tag:blogger.com,1999:blog-4444846852168595125.post-55013502553361673752023-07-26T20:55:00.002-07:002023-07-26T22:07:12.204-07:00අමතක නොකරනු මැනවි ඒ සුන්දර රසවතා ............
ශ්‍රී ලංකාවේ කන්ඩායම් සංගීතය සහ ක්ලැරන්ස් විජේවර්ධන ගී රසදහර (ලිපි මාලා අංක -05)
ඔහුගේ මනනන්දනීය විසිතුරු තනු විදෙස් ගී තනු අනුකරණයන් නොවිය හැකිදැයි ඇතැමුන් කුකුස් පහළ විය හැකිය. ඔහු ඒවා ගුරු කොට නොගන්නට ඇතැයි නොකිව මනාය. 70 දශකයේ දසත පැතිර ගිය ’බොනි එම්’  (BoneyM)  නම් වු සංගීත කන්ඩායමේ ගීත ඇල්බම අතර පරසිඳු ’By the Rivers of Babylon.....’ නම් වූ ගීතයේ තනුව අනුව ගිය ඔහු ඊට හෙළවදනින් සංග්‍රහ කරමින් ’කඳුකරයේ සිතලේ.... මීදුම් තිර යා කෙරේ....’ නමින් ත්‍රී සිස්ටර්ස් කන්ඩායමේ නායිකා ’ඉන්ද්‍රානි පෙරේරා’ හා එක්ව ගැයුවේය. එයින් විදෙස් ගී තනුවක් සෘජුව අනුකරණය නොකර සිටීමේ ප්‍රතිපත්තිය කඩ කලේය.
සවන්දෙන්න එම ගීතයට .....
ඇය සහ ක්ලැරන්ස් තරමටම වෙළඳ ගී තැටි රජදහනේ ආධිපත්‍යය පතුරුවා තිබූ ශ්‍රී ලංකීය ’ජිම් රිවිස්’ අන්වර්ථ නාමයෙන් හැඳින්වූ ’මිල්ටන් මල්ලවාරච්චි’ ගේ එකී තැටි ගීතාවලියේ ජනප්රසාදය උදෙසා ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ දායකත්වය ද සුඵ පටු ලෙස ගිණිය හැකි නොවේ. අතිජාත සමකාලීන මිතුරන් බවට පත් වී සිටි ඔවුන් දෙදෙනා නිසා සිංහල ගී තැටි සහ පසුව කැසට් පටි ව්‍යාපාරය ගී ලෝලීන් ට රසඋල්පතක්ද ව්‍යාපාරිකයන්ට ධනඋල්පතක්ද බවට පත් විය.
කැසට් වංශ කථාව දියත් කරමින්, ශ්‍රී ලංකාවේ ගායකයෙකු උදෙසා දොරට වඩින ලද මංගල කැසට් පටය ලෙස පිළිගැනීමට ලක්වූ ’තරංගා් ලේබලයේ නිර්මාතෘ දිවංගත විජය රාමණායකගේ 'Anytime_Anywhere ' කැසට් පටයේ සංගීතය නිර්මාණය කරනු පිනිස ඇරයුම් ලද්දේ ’ක්ලැරන්ස්’ ය.
පෙම් රජ දහනේ...(අජන්තා රණසිංහ) (රුක්මණි දේවි සමග), සඳෙන් එහා කඳු මුදුන් ඉමේ ...(කුලරත්න ආරියවංශ), නාඞන් රෑ සඳ තනිවී ...(උපාලි ධනවලවිතාන),තරිඳු සේ මා දිවි ගමනේ.....(කුලරත්න ආරියවංශ), සැදී රන් අබරණින් .....(කුලරත්න) අවසර නැත මට ඔබේ අත ගන්නට... (ප්‍රේමකීර්ති ද අල්විස්), සමනළ සමනළියන් මැද්දේ....(ප්‍රේමකීර්ති), හෙමින් සැරේ පා නගනා දුවේ හර්ෂනී ...(ප්‍රේමකීර්ති), අද හෙට ඔබ මා අතහැර.. (කේ ඩි කේ ධර්මවර්ධන), නිරතුරු මම ඔබ ගැනම .....(කේ ඩි කේ), කෙසේ කියන්නද ඔබ මා අතහැර ...(කේ ඩි කේ) , රැයේ රැදුරු සිහින ලොවක .........(කේ ඩි කේ), මට මෙන් ඔහුටද කදුළ ඔබයි ...(ප්‍රේමකීර්ති) වැනි ගීත මෙන්ම තමන්ම ගී පබැඳු සදඵතලේ ඔබ සිටියා බලා..., සුළගේ පාවි ඈ වෙත යාවී ...., තවත් කෙනෙක්... මට ඔබ ලියු ගී....’ ’රත් නෙඵම් මල් කැකූළී.....’ ’තනිවි සිටින්නයි මා අදහස් කළේ...’, ’සැන්දෑවේ රන් වළා..’ වැනි අකාලික ප්‍රේම ගී මියැසි සයුරක රසිකයන්ව පා කර හරින්නට ’ක්ලැරන්ස්’ ගී තනු සහ සංගීත රටා සමත්විය. කේ ඩි කේ ධර්මවර්ධන - මිල්ටන් සදාතනික මිතුරුදම් සුසංයෝගයෙන් බිහිවූ ගීත විසින් ඔහුව එදා යව්වනයන්ගේ ගීත ලොවේ රජූ ලෙස කිරුඵ පළඳවාලූ අතර මෙම සමාගමයට ආගන්තුක සංගීතවේදියෙකු වූ ද ගුවන් විදුලි ගී ඕවිල්ල සැරසූ ’ඔස්ටින් මුණසිංහ’ ගේ තනුවක් ’ක්ලැරන්ස්’ ගේ රසපුර්ණ නාදරටාවෙන් සරසා මිල්ටන් වෙත තිළිණ වුයේය.
සංගීතඥ ඔස්ටින් මුණසිංහ
’මලින් මලේ රොන් ගන්නා බඹරු බඹන්නා.............’
’රැලින් රැලේ මොණරුන් ඉඳ පිල් විහිදන්නා...............’
’බඹරු බඹන්නා... මොණරු රගන්නා..................’
මෙතැනින් අසන්න'
ලීඩ් ගිටාරයෙන් අන්තර් සංගීත ඛන්ඩ මවමින් ගී මවන මේ යව්වනයා පිළිබඳව රාගධාරි සංගීත කලාවේ පරතෙර පැමිනි හා වෙනත් සංගීත ශිල්පීයක්රමවේදයන්ට අනුගත වූ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් විසින් දැරුවේ දියාරු උදාසීන අකල්පයකි. ජනප්‍රිය පොප් වේගරිද්ම ගී ගයනවා හැරෙන්නට ඉන් ඔබ්බට යමක් කරනට ඔහු කිසිදින සමත් නොවනවා පමණක් නොව, තමන් මෙන් බුහුමන් හා සම්මානනයට පාත්‍ර වන්නට අවස්ථාවක් උදාකරනොගනු ඇතැයි ඔවූහූ අනාවැකි පළ කළ අතර ඒ පිළීබඳව යටි සිතින් සතුටු වන්නටද ඇත. සැබෑ ලෙසම ඔහුට සූරිය ලේබලය ප්රමුඛ වෙළඳ තැටි උදෙසා නව නිර්මාණ බිහිකර ගයනවා හෝ ගයවනවා හැරෙන්නට ’ලංකා ගුවන් විදුලියේ’ සම්මත සංගීතමය විචිත්රාංගයන් හෝ සිනමා සංගීතයට ප්රවිශිෂ්ඨ වන්නට වරම් ලැබි තිබුනේ නැත. එහෙත් ඉරණම විසින් ඔහුව යොමු කළ යුතු දිශාව තිරණය කර තිබුනි.
1975 වසරේදී සිනමා කලාවට ප්රවිශ්ඨ වූ ආධුනික නිර්මාණකරුවෙකු වූ ’එච් ඩී ප්‍රේමරත්න’ ක්ලැරන්ස් ගේ දිශානතිය නව මගකට යොමු කරවන්නට නියමිත ඉරණම්කරුවා ලෙස ඔහුගේ දෛවය විසින් තෝරාගෙන තිබිනි. සාම්ප්රුදායික වට්ටෝරු වානිජමය සිනමා කලාවට පූර්ණ ලෙස ගැති නොවී එය පර්යේෂනාත්මකව නව මගකට යොමු කරනට සමත් වූ ප්‍රේමරත්නයන් සිය භාරදුර කාර්යයේ ප්‍රධාන කොටස්කරුවෙකු බවට ’ක්ලැරන්ස්’ ව පත්කරගන්නට තිරණය කලේ ’සිකුරුලියා’ සිනමා පටයේ සියඵ පසුබිම් සංගීත ඛන්ඩ, තේමා සංගීතය සහ ගීත නිර්මාණය කෙරෙහි පුර්ණ ලෙස ඔහු කෙරෙහි විශ්වාසය තබමිනි.
එච් ඩී ප්‍රේමරත්න නම් වූ සරුපසෙහි රෝපනය වූ ක්ලැරන්ස් විජේවර්ධන සිනමා පසුබිම් සංගීතය නම් වු මී අඹ රුක - මෙතැනින් රසවිඳින්නට ඇරයුම් (මෙම හඞ පටයේ සිකුරුලියා සහ අපේක්ෂා තේමා සංගීත ඛන්ඩ ඇතුළත්ය)
සම්මානිත ප්රවිණ සංගීතඥයන් ගේ තෝතැන්නක් බවට පත් වී තිබූ මේ අවධියේ සිනමා සංගීත කලාව වෙත, ක්ලැරන්ස් වැනි නිර්මාණකරුවෙකු පිවිසීම ඇතැමුන්ට ගැටඵ සහගත පැවරීම අවදානම් කටයුත්තක් ලෙස හැකිව තිබිනි. එහෙත් සියල්ල ඉතාමත් විශීෂ්ඨ අයුරින් විසඳාගෙන තමන්ට පැවරූ අභියෝගය හොඳින්ම ජයගන්නට ඔහු සමත්වුයේ, තම සංගීත දිවියේ නවමංසලකුණක් තබමිනි.
ධර්මසිරි ගමගේ ශූරීන් විසින් ලියැවුනු තේමාගීතය ’විරහව’ කැටිකොටගත් අතර එය ගයන්නට අසවල් ගායකයා තොරාගන්නා ලෙස ක්ලැරන්ස් වෙත සිනමාපටයේ බරපැණ දරන්නන්ගෙන් එල්ල වූ බලපෑමට ඔහු යටත් වුයේ නැත. විරහ ගියේ එදා සංකේතය වූ ගුවන් විදුලි සහ සිනමා ගී ගායක ’මිල්ටන් පෙරේරා’ හැරෙන්නට කිසිවෙකු තම නිර්මාණය ගායනා නොකළ යුතුයැයි ඔහු තරයේ කියා සිටියේය. කැළණිය ශබ්දාගාරයේ දී ගීතය එක්වරකින් පටිගත විය. එය ’සිකුරුලියා’ සිනමාපටයේ ජයසංකේතය බවට පත් වී ඉන් නොනැවතී එදාමෙදා තුර සිංහල සිනමා සංගීතයේ නොමැකෙන මංසළකුණුක් සටහන් කරන්නට සමත් විය. සිනමා පටයක ’තේමා’ ගීයක හැඩරුව මනාව දැන හැඳින අවබෝධකරගෙන ඊට ආවේනික ගුණාංග ’සිකුරුලියා’ ට ආදේශ කරන්නට ඔහු වගබලාගත්තේය. එහිදී තම සුපුරුදු රිද්මයෙන්, මියැසි රටාවෙන් මිදෙන්නට ඔහුට සිදුවන්නට ඇත.
කොමළලියා .............බොළඳලියා .............මාව දමා යන්න ගියා.............සියුමැලියා සිකුරුලියා...................
ප්‍රේමරත්න රූප දසුන් පෙළ උත්කර්ෂනයට ලක් කල ක්ලැරන්ස් මියැසිය නරඹමින් රසවිඳිනු මැනව
'ක්ෂේත්රයේ ඇතැමන්, ඒ දෙස සැකමුසු බැලුම් හෙඵහ. ඊට පෙර දශක ද්විත්වයේදී සිදුවූ ලෙසම, ඇතැම් නිෂ්පාදකයන් සහ අධ්යක්ෂවරුන් ගේ අණසකට යටත් ව, ’විදෙස් ගී තනු සියුම් ලෙස පැහැර ගැනීමේ’ ක්‍රමවේදය දැනකියා ඊට හුරුපුරුදුව සිටියවුන් එය ද ’විදෙස් ගී තනු අනුකරණයේ ගොඩට ඇද දමන්නට තැන් දැරූහ. අසල්වැසියාගේ සිනමා ගීත කලාවෙන් පුරුද්දා නොගත්තේ නම්, වෙනත ්බටහිර රටක නුහුරු ගීයක තනුවකැයි කසු කුසු ගෑහ. එහෙත් ඔවුන් හට එදාමෙදා තුර ඊට ගුරු වූ මුල් විදෙස් ගීතයක් දැන හැඳින මතුකරගන්නට හැකි නොවීය. සියල්ලෝ නිරුත්තර වූහ.
ප්රවිණ සිනමාවේදී දිවංගත එච් ඩී ප්‍රේමරත්නයන්
එතැන් පටන්, සිදුවිය යුතුව තිබුනේ වෙනත් නිෂ්පාදකයන් වෙතින් ඔහු වෙත ඇරයුම් ගලා ඒමයි. එහෙත් විශ්මයකි... එච් ඩී ප්‍රේමරත්නයන් විසින්ම සිය දෙවැනි නිර්මණය ’අපේක්ෂා’ ඉන් වසර 04 කට පසුව නිර්මාණය කරනා තෙක්, එදවස වසරකට පණහකට ආසන්නව නිපැදවුනු එකදු සිනමා පටයක නාමාවලියේ ’සංගීත අධ්‍යක්ෂනය - ක්ලැරන්ස් විජේවර්ධන’ යන්න සඳහන් වුයේ නැත.
’සිකුරුලියා’ මියැසිය නැවැත්වූ තැනින් ඔහු ’අපේක්ෂා’ ගී මියැසි පෙළහර ආරම්භ කළේය. සිංහල සිනමාවේ ප්‍රේම විප්‍රයෝගයේ පෙම්වතුන් ගැයුනු තවත් විශීෂ්ඨතම විරහ ගීතයක්, සිනමාලෝලීන් මුවග දශක ගණනක් රැව් පිළිරැව් දෙන්නට නියම වූවා වූ යුග ගීයක් ඔහු නිර්මාණය කර දුන්නේය.
සඳ තනිවෙලා අහසේ ....................හිරු තනිවෙලා ..................... උතුරා ගැඵ ගගුලක් අද වියළිලා ................
ක්ලැරන්ස් ගේ වෙළඳ තැටි ගීතාවලියෙහි දක්නට නොලැබුනු පරිණත බවක්, අපුර්වත්වයක් ඔහුගේ කුඵඳුල් සිනමා සංගීත නිර්මාණයන් සහ දෙවැනි නිර්මාණ පෙළ සඳහා දක්නට ලැබුනේ එහි ඔහු මුල්වරට තම නිර්මාණවලිය සඳහා භාවිත කර නොගත්, එහෙත් එදවස ගුවන් විදුලි සරළ ගීතයේදී මහත් සේ ජනප්‍රියත්වයට පත් ’සන්තූර්’ සහ ’වයිබ්රෆෝන්’ නම් වූ සිංහල ගීතාවලියට නව හැඩතල එක්කල සංගීත භාන්ඩ ද්විත්වය මුල්වරට යොදා ගනු ලැබීම නිසා විය හැකිය.
අපේක්ෂා සිනමා පටයේ දී රංගනවේදිනී ගීතා කුමාරසිංහ සහ රංගධර රොබින් ප්‍රනාන්දු දෙපොළ පෙනී සිටින ශංගාරාත්මක එසේම උද්වේගකර ජවනිකා පෙළක් සඳහා ඔහු නිර්මාණය කර තිබූ පසුබිම් සංගීත ඛන්ඩයේදී ’වයිබ්රෆෝන්’ නාදමාලා රැව්දෙයි. එසේම, එහි ඇතුළත් ආචාර්ය සුජාතා අත්තනායක සහ ජෝතිපාලයන් ගැයූ ’සොඳුරු ලොවට මල් වැහැලා....’ (අන්තර්වාදනයේදී) සහ ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චි සහ ශීල්පිනී ඇන්ජලීන් ගුණතිලක ගැයු ’කලක් ඇවෑමෙන් පෙරුම් පුරා...’ (ආරම්භක වාද්‍ය ඛන්ඩය) යන මේ ගීතවලදී ’සන්තූරය’ වැයෙන්නේය.
සිකුරුලියා හි ඉන්ද්‍රානි පෙරේරා ගැයු ’වසන්තයේ මල් කැකුළයි.............’ ඒකල ගීතය මෙන්ම අපේක්ෂා හී ක්ලැරන්ස් විසින්ම ගැයු ’සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි..............’ ගීත ඔහු විසින්ම පද සැකසූ අමරණිය සිනමා ගී අතරට එක්ව තිබේ. මේ ගී සඳහා සංගීත සංයෝජනය සහ වාද්‍ය සහය ඔහුගේ ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ කන්ඩායමේ සාමාජිකයන් විසින්ම සිදු කරන ලදැයි කියැවෙන අතර එහි ඩ්‍රම්ස් වාදනශුරී දිවංගත ශ්‍රී කාන්ත දසනායකයන්ගේ දායකත්වය එහිදි වෙසෙසින් කැපී පෙනෙයි.
සම්මාන උළෙලවල් එකිනෙක පසුපස එකිනෙක පෙළගැසිනි. එහෙත් ඒ කිසිම වේදිකාවක ඔහුගේ නාමය කොතැන කවර කල්හී හෝ සඳහන් වූ වගක් වාර්තා නොවේ. අද අප අතර නැති ඔහු ලද්දේ සිනමා ගීත ලොලීන් හද පිනවා ඔවුන් ගේ හදවත් දිනාගැනිමේ සම්මානය පමණකි.
50 දශකයේ පටන් හින්දි සිනමා රූ සත්සර රටාවන් හැඩගැන්වූ සුවිශේෂි තත් භාන්ඩයකි ’සන්තූරය’. එක ගොණුවකට තත් සතරක් බැගින් ගොණු 10 ටත් වඩා ප්‍රමානයකට තත් සකසා ඇති ඒ මත ස්පර්ශ වන දන්ඩක් නිසාවෙන් එකිනෙකා පසුව එන කම්පන මාලාවකින් එය හැඞවෙන්නේ ඉන් උපදවන තත් නාදයට නැවුම් හැඩයක් ගෙනදෙමිනි. 70 දශකයේ මධ්‍ය භාගය ගෙවී යද්දී එය ’ගුවන් විදුලි’ සිංහල ගීත පටිගතකිරීම් සඳහා යොදාගැනුනු අතර එය හඳුන්වාදීමේ පුරෝගාමි වාදන ශිල්පිය සංගීතඥ ආචාර්ය රෝහණ විරසිංහය. ’ඔබ පෙම් කරනා ඔබේ කුමාරී............. (ගුණදාස කපුගේ) ගීයේදී, එහි රාව ප්රතිරාවය අත්විඳිය හැකිවන්නේය. එතැන් හි සිට මහත් අභිරුචියකින් ’සිංහල ගි’ නිර්මාණයන් සඳහා එය යොදාගන්නට උත්සහ කළ සංගීතඥයන් අතර ප්රමුඛයෙකු බවට පත්වුයේ ’ක්ලැරන්ස්’ ය. මතු කී, ’අපේක්ෂා’ සිනමා සළරූ පෙළහරේ සියඵ ගීතයන්හි විවිධ අන්තර්වාද්‍ය ඛන්ඩ සඳහා ’ක්ලැරන්ස්’ ගේ ඇරයුමෙන් එය වැයුවේ ’රෝහණයන්’ විසිනි. සිනමා ගීයෙන් ඔබ්බට ද එහි රසය පුඵල් කරන්නට සිතු ඔහු එතැන්හි සිට සිය නිර්මාණ ගණනාවක් උදෙසා ’සන්තුර’ යේ නාදරටාව මුසු කරන්නට නොපැකිළිව පියවර ගත්තේය.
වර්ණන් පෙරේරා සහ ඉන්ද්‍රාණී පෙරේරා ගැයූ ’සමුගෙන යන්නෙමි මම ඔබ තනිකොට...............’ මර්වින් මිහිඳුකුල ගැයු ’කුඹුකේ ළිඳ ලගදී...මට මතකයි මන බැන්දු සිනා.....’ වැනි අතිශය ජනප්‍රිය නිර්මාණයන් ඔපවත් වුයේ මෙකී ’සන්තුර්’ හඞ මුසුවිමෙනි.
මර්වින් මිහිඳුකුල නාමය එක රැයකින් රටටම හඞගා කියූ ක්ලැරන්ස් මධුරසය
'ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සත්සර නිර්මාණයෙන් දායක වූ කේ ඒ ඩබ්ලිව් පෙරේරා ගේ ’ජනක සහ මංජු’ සුමියුරු ගී රස උල්පතකින් ගීතලෝලී මනදොළ සැපිරිය. ඔහු ඇරයුමෙන් ’ක්ලැරන්ස්’ හඞ අවදිවූයේ 1978 වසරේදීය. එහිදි ඔහු ’ගෝතමි පතිරාජ’ සහ ’ජයන්තදාස් පෙරේරා’ නම් වු අධුනික නඵනිළි යුවලකගේ ජවනිකා පෙළක් දෙවරකදී ප්‍රේක්ෂක හදතුල ලැගුම් ගන්වන්නේ වරෙක ඒකල ගීතයක්ද වරෙක ලතා ව්ලපොළ සමග යුග ගීයක්ද ගයමිනි.
01 ’සුවඳක් දැනෙවි හදෙහි ආදර ලෝකේ හා හා........ කුමරෙක් ඇවිදින් සිටිවී කුමරී කොහේද මා හා ..............’ (ගී පද ධර්මසිරි ගමගේ)
02 ’ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ..........ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ.........මංජූ (ගී පද ධර්මසිරි ගමගේ සහය ගැයුම ලතා වල්පොළ)
පසු සටහන - ’එච් ඩී ප්‍රේමරත්න- ක්ලැරන්ස්’ සුසංයෝගයේදී ඔහු සිනමා සංගීතකරණයේදී අති සාර්ථක වූ බව පෙනිගියද එය බිඳුනු පසුව ඔහුට සිදුකරන්නට ලැබුනු සිනමා සංගීත නිර්මාණයන්හිදී, එක්තරා අන්දමකට හුදකලා වීමකට ලක් වූ බවක් හැගී යයි. මේ අතරවාරයේ එච් ඩී ප්‍රේමරත්න ගේ පසුකාලීන නිර්මාණයන් සියල්ල ම මනරංජනීය ගීතාවලියකින් වර්ණවත් ව හැඩගැන්වී තිබිණි. ඒ අනුව පරිත්‍යාග - 1980 (ළා හිරු පායලා - ටී එම් ජයරත්න - මාලිනි බුලත්සිංහ - සංගීතය ප්‍රේමසිරි කේමදාස), ආදර හසුන - 1986 (සුදුමුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ - නීලා වික්‍රමසිංහ - ටී එම් ජයරත්න - සංගීතය රෝහණ වීරසිංහ), මංගල තෑග්ග - 1987 (වාසනා වේවා - සංගීත් නිපුන් මහාචාර්ය නැසිගිය සනත් නන්දසිරි, එකයායේ කකා වැටි - බන්දුල විජේවිර, සුනිල් එදිරිසිංහ - සංගීතය එච් එම් ජයවර්ධන)
එච් ඩී ප්‍රේමරත්නයන් සිනමා සංගීතය කෙරෙහි අතිසංවේදිව කටයුතු කළ, වෙනත් කැපී පෙනෙන සිනමාකරුවන් කිහිපදෙනා අතරට එක්වූ චරිතයක් බව මෙයින් හැගී යන්නේය. එනම් ඔහු සිය නිර්මණයන්හී ඇතුළත් කරන්නට නියමිත ගීතවල මධුරත්වය සහ යෝග්‍යතාවය කෙරෙහි සැළකිළිමත් වෙමින් ගී පද රචකයන් සහ සංගීතඥයන් ගේ භූමිකාවට සක්‍රිය ලෙස මැදිහත් වන්නට ඇතැයි අනුමාන කළ හැකිය.
ක්ලැරන්ස් විසින් ඔහුගේ සිනමා නිර්මාණ ද්විත්වයේදීම සරුසාර පසුබිම් සංගීත රටාවන් පවා මුසුකරන්නට සමත්වි තිබිනි. ’අපේක්ෂා’ පසුබිම් සංගීත ඛණ්ඩ පසුව එයින් පරිබාහිරව ගුවන් විදුලි වාද්‍ය සංගීත ඛන්ඩ සහ තේමා වාදනයන් උදෙසාද 1979-1989 දශකයේදී යොදාගනු ලැබිය.
’වසන්තයේ මල් කැකුළයි....’ වෙනුවෙන් වාද්‍ය රසය මුසුකල ක්ලැරන්ස් ගේ ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ කන්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශූරී ’ශ්‍රී කාන්ත දසනායක’ යන් ගීතය කැළණිය දඵගම ශබ්දාගාරයේ පුහුණුවීම අරඹන්නට පෙර.... එහි මුල් ස්ථායි කොටසට ගී පද පේළි පහක් ඇතුළත් ව තිබෙනු දැක ගීතයේ රිද්මයට එයින් බාධා සිදු නොවන්නේදැයි ගී පද රචක ක්ලැරන්ස් ගෙන් කළ විමසීමට, ඔහු එය එසේ සිදු නොවන බවද, ගීතයේ තනුව ඊට සුදුසු ලෙස තමා සිරුමාරු කරඇති බවද කියා සිටි බව එක්තරා සටහනකින් එළිදරවු විය. මෙම සිද්ධිදාමයේ සත්‍යතාවය තහවුරු කර ගැන්මට එදා මේ නිර්ාමණයට දායක වු කිසිවෙකු අද අප අතර නැත්තේය
මෙතැන් හි සිට ඉදිරියට.................
Eda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.com4tag:blogger.com,1999:blog-4444846852168595125.post-20960384572846296062023-07-12T21:44:00.010-07:002023-07-12T23:01:46.793-07:00ක්ලැරන්ස් විජේවර්ධන නොනිමි මෙහෙවර......
ශ්‍රී ලංකාවේ කන්ඩායම් සංගීතය සහ ක්ලැරන්ස් විජේවර්ධන ගී රසදහර (ලිපි මාලා අංක -04)
මීට සමගාමීව, ’ද ගෝල්ඩන් චයිම්ස්’ කන්ඩායමද සිය සංගීතමය චාරිකාව සුපුරුදු පරිදි සිදුකරගෙන ගියේ ඥාතිත්වයෙන් එකට බැඳුනු ’ලාංකිකා - ෂානක - විජිත්’ තිදෙනා ගේ මූලිකත්වයෙනි. ඔවූහූ තමන්ට ඉඩ කඩ ලැබෙන අවස්ථාවන්හිදී බටහිර වෙරළ තිරයේ සංචාරක නිකේතනයන්හි දී, විදේශිකයන් මෙන්ම ස්වදේශිකයන් වෙත ’ඉංග්‍රිසි’ ගීත රසය බෙදා හරිමින් සිය කටයුත්ත නිහඞවම සිදුකරගෙන ගියහ. එහෙත්, හැකි හැම අවස්ථාවන්හිදී ’ගී තැටි’ ඇල්බම නිකුත් කිරිමේ කටයුත්තටද අත ගැසුවේය. ඒවා දැන් නිකුත්වන්නේ ’ද ගෝල්ඩන් චයිම්ස්’ ලේබලයෙනි. බරපැන සාමාජික ’ෂානක පෙරේරා’ ගෙනි. ඔවුන්ගේ ගීත ද ’ගුවන් විදුලි කන්ඩායම් ගී’ වැඩසටහන වර්ණවත් කරන්නට එක්කරගන්නා ලද අතර ’ද ගෝල්ඩන් චයිම්ස්’ නාමයෙන් ජනගත වන නිර්මාණ ඇතැමුන් විසින් ’ක්ලැරන්ස්’ ගේ ගීත ලෙස වරදවා හඳුනාගන්නට පටන් ගැණිනි. එදා ගුවන් විදුලි වැඩසටහනේ ’ලාංකිකා පෙරේරා’ ගායන ශීල්පිනිය විසින් සංගීත කන්ඩායමේ නාමය යටතේ ’තනි’ ව ගැයු අල්ප ගණනක ගීත අතරින් වඩාත්ම ජනප්‍රිය වූ නිර්මාණය පහත පරිදිය. ගී පද නැසිගිය කරුණාරත්න අබේසේකරයන්ගෙනි. තනු රටා සහ සංගීත නිර්මාණයන් ’ලා බම්බාස්’ කන්ඩායමේ නායක ’ප්‍රියා පීරිස්’ විසිනි. මේ 1974 පමණ යුගයේ විය හැකිය.
මා මතක නැති කලාට දුකක් නෑ ................
තරහක් නෑ..............
මට ඉවසගන්න බැරිව යන්නේ ............
ඔබ මගේ හිත රිදෙව්වම තමයි...................
--------------------- අසන්න පහතින්
ලාංකිකා සහ ඇයගේ සැමියා ශානක පෙරේරා ’ගෝල්ඩන් චයිම්ස්’ යුගයේ... 1972
ඉංග්‍රිසි සේවාවන්හි විසුරුවා හැරි ’සිංහල’ කන්ඩායම් ගී 1967 වසර පමණ වෙද්දී එහි සාමාජිකයන්ගේ ආයාචනය සලකා සිංහල වෙළඳ සේවයේ අඩපැයක් තරම් දිර්ඝ කාලයකදී විසුරුවා හරින්නට එවකට එහි මුල්පුටුව හෙබවු ජ්‍යෙෂ්ඨ පරිපාලක නිලධිරී නෙවිල් ජයවීරයන් පියවර ගත්තේය. එය එකී වර්ගීකරණය යටතේ ගැයුනු සිමිත ගීත ගණනකින් සමන්විත වූ අතර, වසරින් වසර කන්ඩායම් ගී පුෂ්පකරණිය සුවඳ විහිදුවමින් හාත්පස විසිර පැතිර වැඩෙන්නට වූ කල්හී 1970 වසරින් ඔබ්බට එය අඩපැයකින්ද අඩකට සිමා කර දමන්නට ක්‍රියා කරන ලදී. ගී තැටිධාවන යන්ත්‍ර සතුවූ සිමිත ශ්‍රාවක පිරිසගෙන් ඔබ්බට තම නිර්මාණ විසුරුවා හරින්නට ඉතිරව පවතින එකම විද්‍යුත් මාධ්‍යයෙන් එසේ වැඩකඩොඵ බඳිද්දී, ඇනස්ලි මාලේවන සහ ලා සියෙලනියන්ස් හි නායක ’නෙයෙල් රණසිංහ’ ප්රමුඛව කන්ඩායම් ගී සාමාජික සංසදයේ පිරිස ඊට එරෙහිව නැගි සිටිමින් ’ගුවන් විදුලි බලධාරීන්’ වෙත පැමිණිළි කළහ. ’තුප්පහි’ ගීත කලාවෙන් ලාංකීය ගීත ශ්‍රාවකයන් බේරාගන්නට තමන් හට එක්තරා පිරිසකගෙන් දැඩිව බලපෑම් ඇති බවද ඒ නිසා එය සම්පුරණයෙන් සීමානොකර දිනපතා විනාඩි පහළොවක් වෙන්කරන්නට නියම කළ බවද දන්වා නව පරිපාලකයන් වෙතින් පිළීතුරු ලැබිනි. තමන්ගේ නිර්මණයන් හට ’ලේබල්’ ගසා කොන්කීරීම පිළිබඳව එයින් ඔබ්බට අවිඅමෝරාගන්නට ඔවූහූ අසමත් වූ අතර හිරු මුදුන්වූ ’කන්ඩායම් ගී’ භූමියෙන් එය ක්‍රමයෙන් අස්ත ගත විමේ ලෝ දහමට නතුවෙමින් පැවතියේය.
සතුරු බලමුඵ ක්‍රමයෙන් කඳවුරු බැඳ සටනට එළඹෙද්දී වුවද, සංගීත අධ්‍යක්ෂනය, ගී තනු සහ පදරචනය යන ත්‍රීත්ව කලාවේ පරසිඳු ’ක්ලැරන්ස්’ ගේ නාමය ඒ ආකාරයෙන් තැටි ලේබලය සිසාර ලියැවෙමින් දිගින් දිගට වසරින් වසරට, සරළ ගී පද කැටිකොටගත්, නවමු වාද්‍ය රටාවෙන් සැරසීගත් නව ගී බිහිවීම කිසිවෙකුටත් වැළැක්විය හැකි නොවිය. ඊට අත්වැළ සැපයූවේ එවකට ප්‍රබල ස්ථාවරත්වයකට පත්වී සිටි ’තැටි’ ව්‍යාපාරික ගීත රසවතුන්ගේ එකමුතුවයි.
01 සඳ කිරණින් ................ 02 දයාබර අක්කේ ....(ගමෙන් ලියුමක් පිළිතුර) 03 ගම දන්න අය................. 04 සිත බැඳුනා............... ගී පෙළ එළිදුටු ’ලෝටස්’ තැටිය තරමක පසුබෑමකට ලක් වූ අතර ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ කන්ඩායමේ පස්වැනි ඇල්බමයේ ’වික්ටරි’ ලේබලය (ජීප්සීස් සංගීත කන්ඩයම සතු) ඊට හාත්පසින්ම වෙනස් ලෙසින් අසීමිත රසික සම්මානයට පාත්‍ර විය 01 සඳ ගිලුනත් හිරු ගිඵනත් මට කමක් නෑ ....(ක්ලැරන්ස්) 02 රන් සීනු හැඞවේ රිදී සීණු හැඞවේ .........(මංගලම් - ඇනස්ලි) 03 අඵයම ළා හිරුරැස් වාගේ සීතල සඳපානක් වාගේ.... (ඇනස්ලි) 04 සිහින ලොවක් දුටුවා මතකයි ...(ක්ලැරන්ස්)
----------------------------අසන්න පහතින්------------------
'සදාඅනුස්මරණිය ක්ලැරන්ස් නිර්මාණ අතරට එක්ව දශකයෙන් දශකයෙන් පරපුරෙන් පරපුරට ඔහුගේ නාමය බබළවයි. ’සරසවී’ තැඹිලි පැහැ වෘත්තය මත සටහන් වී තිබුනු 01 දුවනී (ක්ලැරන්ස්) 02 නිල් අහසේ (ඇනස්ලි) 03 ඔබ සොයා (ඇනස්ලි) 04 මහවැලි (ක්ලැරන්ස්) සහ නීල ලේබලයේ ඇඳුනු 01 දිල්ෂාන් ... 02 ටිකිරි නගේ........ 03 සායිබාබා........... 04 ආදර දුරුතු මහේ.....  යළිත් ඔහුගේ සෙසු දැවැන්ත නිර්මණ අතර හැකිළී සැගව ගියහ. මේ වනවිට ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ සාමාජිකයන් දෙවසරක ගී යුගයක අයු විඳිමින් සිටියේය.
පාදක සටහන
1975 පමණ ඈත අතීතයක සිට, ලේඛකයා ගේ ළපැටි වියේ ’සුපර් ගෝල්ඩන් චයිම්ස් ගායන - වාදන රසවන්තයන්ගේ සජිවී ප්‍රසංග වේදිකා ගායන ලීලාව විඳ ගන්නට වාසනා මහිමය ලද්දේ මින් පෙර ලිපියේ සඳහන් කළ පරිදී සාම්ප්‍රදායිකව ඇසළ පෙරහැර සමයේ මහනුවර බෝගම්බර පිටියේ උත්කර්ෂවත් ලෙස පැවති ’ඇසළ මේලා’ සැනකෙළි බිමෙහිදීය. අදමෙන් දැවැන්ත වේදිකා සහ ආලෝක සැරසිලි නොතිබූ ඒ නොපැතිරුනු තහඩු වේදිකාව මත එකිනෙකා උරෙනුර ගැටෙන තරම් ළංවී සිටිමින් සිය නායකයා ’ක්ලැරන්ස්’ ව පෙරටු කොට ගනිමින් ඔවූහූ වැඩිහිටි තරුණවුන් මතුනොව කුඩා අපවද වසග කළහ. ගිටාරය අතදරමින් ගයන්නට වූ ’ක්ලැරන්ස්’ ගේ මුවින් නැගී ආ ගීත රාවය ’සඳද ගිලි ගිය, හිරු ගිලි ගිය ඒ සොඳුරු රාත්‍රි යාමයේ හාත්පසින් නැගි සිටින යෝධ ’බහිරව කඳුපෙළ’ ද ඊට තනි රකින ’හන්තාන’ කඳුරැල්ල ද සිසාරා පැතිර යන්නට ඇත. එතැන්හිදී ඔහු එසේ ’සඳ ගිඵනත් හිරු ගිඵනත් මට කමක් නෑ.............’ , ’සිහින ලොවක් දුටුවා මතකයි..................’, ’මුව හසරැලි සාගරේ..............’ නිවිහැනහිල්ලේ ගයද්දී. වේදිකාව සිසාරා රොක් වි සිටි එකකුදු වත්මන් යුගයේ මෙන් නර්තනයේ යෙදෙනවා තබා අභිනයක් හෝ නොපෙන්වා සෙල් පිළිම මෙන් දැහැන් ගතවී ඔහු සහ පිරිසගේ ගායන රසය විඳගන්නා අයුරු ඉතා හොඳින් නැරඹුවෙමි.
විවිධ රටා මවමින් නිවි නිවි දැල්වෙන දස දහස් සංඛ්‍යාත විදුලි බුබුඵ විවිධාකාරයේ පොකුරු හැඩතල සරසවද්දී, අනතුරුව වේදිකා ගතවුයේ ඉන්ද්‍රානි පෙරේරා ප්රමුඛ ’ත්‍රී සිස්ටර්ස්’ යුවතියන්ය. යව්වනියන් තිදෙනෙකු මයික්‍රෆෝන දරා එකවර එකට එක්වී ප්‍රසංග වේදිකාවේ ගී ගයන අත්දැකීමක් ලාංකීය ගීත රසිකයන්හට හා පුරා කියා අත්කර දුන් මේ යව්වනියන් ද ’ක්ලැරන්ස්’ ගේ ගී තනු සහ සංගීත රටාවන්ට ගයද්දී, පසුබිමේ සිට ක්ලැරන්ස් ඇතුඵ පිරිස ඊට වාදන රසය මුසුකළහ. 1975 -1982 අතර යුගයේ මේ අත්දැකීම එදවස එහි ආ සෙසු කඳුරට රසිකයන්ද ලබන්නට ඇති බව නිසැකය.
ඔහු විසින් මේ යුගයේදීම ඉන්ද්‍රානී පෙරේරා වෙත නිර්මාණය කර දුන් ’එදා තරම් මගේ සිතේ....(සැනකෙළිය) නම් වු ගීතය මෙන්ම පසුව අපේක්ෂා සිනමා පටය වෙනුවෙන් ඔහු ලියා සංගීතවත් කල ’සැනකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි....’ වැනි ගීත ඔහුගේ සිත්හි පිළිසිඳගන්නට ඇත්තේ ඔහු ඇතූඵ පිරිස් එදවස දිවයිනේ ප්‍රමුඛතම මෙන්ම වඩාත් ජනප්‍රිය ‘සැනකෙළිය’ වූ ’මහනුවර ඇසළ මේලා’ වට සහභාගි වී ලද අත්දැකීම් විය හැකි යැයි අනුමාන කරමි.
එදා ළපැටි පෙළ වෙනුවෙන් වෙසෙසින්ම තැනුනු ගී මහත් රාශියක් තිබියදීත් ඒ වෙනුවෙන් දිනපතා වැඩසටහන්ද මෙහෙයවමින් ගුවන් විදුලියෙන් ගී ප්‍රචාරය කරන්නට යෙදුනත් ළමා අපව ඒ සියල්ල අභිබවා ආකර්ෂනය කරගත්තේ ’ක්ලැරන්ස්’ ගී රටාවයි. සැබැවින්ම ඒවයේ ගී පදමාළාවන් ළපැටි මෘදු සිත් අකර්මන්‍ය කර කළඹා දමන්නට තරම් වු සැහැසි වදන් වලින් තොර වූයේය. මේ කාරණය මෙන්ම ඒවයේ ගැබ්වු අපුරු රිද්මය ද වාද්‍ය සංයෝජනයන්ද අපවන් කුඩා දරුකැළ ඊට ඇඳබැඳ තබාගත් රැහැන් වන්නට ඇත.
60 දශකයේ අවසානයේ බිහිවූ බොහෝ ගී පද රචනාවන්ට මුලාශ්‍ර සැපයුනේ තම ගම්පියසේ එනම් රත්නපුර දිවිය සහ බැඳුනු ජන ජිවිතය බව ඔහු නෙයෙක් වර පවසා තිබේ. ඒ අතර ඔහු විවහ දිවියට එළඹෙන්නට පෙර සිය පෙම්වතිය බවට පත්වූ ’ශිලා...’ (පසුව ඔහුගේ දයාබර බිරිඳ) හා තමා අතර බැඳි සබඳතාවය හා ඒ හා බැඳුනු සිද්ධි දාමයන්ද වූ බව හෙළිදරවු කර තිබේ. ඔහුගේ ගීතාවලියේ පෙනීසිටින ’මැණීකේ (සුදු මැණීකේ) ඇයයි. සූපර් ගෝල්චන් චයිම්ස් - මූන්ස්ටෝන්ස් එකට යා කල ක්ලැරන්ස් ගේ දෙවැනි හර්මනි ගායන සහකරුවා ’ඇනස්ලි මාලේවන’ යුගදිවියට එළැඹී සිය සංගීත දිවියෙන්ද සමුගෙන නික්ම යද්දී 1978 වසර ගෙවියමින් තිබිනි. ඓහත් ’ක්ලැරන්ස්’ ගේ දැඩි බලකිරීම ද පෙළඹවීම මත එතැන් හි සිට තවත් දසවසරක විරාමයකින් පසු යුගයකදී ඔහු ඔවුන් හා නැවත එක්ව කටයුතු කරන්නට එකගතාව පළකළේය.
ක්ලැරන්ස් ඇතුඵ පිරිස මෙන්ම සෙසු ගායක කන්ඩායම් ගැයූ ගීත ලද අසිමිත ජනප්රසාදය හමුවේ ඒවා හීන් සිරුවේ එකිනෙක සිනමා පටවල පසුබිම් ගායනා ලෙස ඇතුළත් කරවා ගැනීම එදවස නිෂ්පාදකයන් ගේ උපක්‍රමයක් වි තිබිනි.
1974 වසරේ තිරගත වූ ටයිටස් තොටවත්තයන්ගේ ’තොටවත සළරූ’ සිනමාපෙළේ නිපැයුනු ’සිහසුන’ ප්‍රහසන සිනමා පටයේ එක්තරා ජවනිකාවක ඔවුන් පෙනී සිටිමින් ගීතයක් ගයන්නේ උඩරට කඳුකරය කරා සෙමෙන් ඇදෙන දුම්රිය මැදිරියකට කොටුවෙමිනි. සාමාන්‍යයෙන් ගී තැටිවලින් නිකුත් වූ ගීත අතර නොඇසූ ’මවුත්ඕගන්’ නාදරටා (වාදනය නැසිගිය මවුත් ඕගන් වාද්‍ය ශිල්පී හර්බට් ගුණවර්ධන විසිනි) ඇතුළත් ’ක්ලැරන්ස්’ ගී රටාවට අනුගත වූ මෙම ගීතයේ නිර්මාණයට සිනමාපටයේ සංගීත නිර්මාපක ’සෝමදාස ඇල්විටිගල’ ජ්‍යෙෂ්ඨ සංගීතඥයා ගේ මගපෙන්වීම ලැබෙන්නට ඇත.
උඩරට මැණිකෙට පටසඵ පොරවන ..................
සුදුමුදු මීඳුම් දෝනාවේ .......................
කඳුරට දිවයන දුම්රිය මැදිරිය ..............
ආලේ ආලක මන්දාවේ.................
-----------------------------------------පහතින් අසන්න-------
සුපර් ගෝල්ඩන් චයිම්ස් එළෙස හඞ අවදිකරද්දී, වෙනත් කන්ඩායම් ගී ද අතරින් පතර සිංහල සිනමාපට උදෙසා ඇතුළත් කරන්නට යෙදුනි. 1972 වසරේ තිරගත වූ සිරිල් වික්‍රමගේ නිර්මාණ ’සිහින ලොවක්’ වෙනුවෙන් සාහිත්‍යවේදී මහගම සේකර ගේ ගී පදවැළක් දෙවැනි වරටද කන්ඩායම් ගීතයකට යොදාගන්නා ලදී (පළමු අවස්ථාව දෙළොවක් අතර -1966 ලොස් කැබැයියරෝස් ගැයූ ’ගයන ගැයුම් නටන නැටුම්) එදවස දිවයිනේ ප්‍රමුඛතම කාන්තා ගායක කන්ඩායම වූ ’ත්‍රී සිස්ටර්ස්’ ඊට හඞමුසුකරන ලදී.
ගාලා සුවඳ රස අඳුන්......... කාලා සුවඳ රස බොජුන්....
බීලා මිහිරි මීවිතෙන්..........ජිවිතේ ගෙවී යාවි මේ ළෙසින්...
සැමදාම සන්තෝසයෙන්..................
(තනුව - සෝමදාස ඇල්විටිගල)
1974 වසරේදී ඔවුන්ව දෙවැනි වරටත් කන්ඩායම් සිනමා ගීයකට කැඳවන ලද්දේ දයානන්ද රොද්රීගෝ ගේ ’ජීවන ගංගා’ සිනමාපටය උදෙසාය. (ඔමරි ලතා බොළඳ කතා..........සම්පත සොම්නස දෙන්න ලබා.............. - ගී පද සරත් විමලවීර සංගීතය - එම් කේ රොක්සාමි - දයාරත්න රණතුංග සහ ජස්ටින් සිල්වා) 1978 දී තෙවැනි කන්ඩායම් ගීතය සඳහා ඔවුන් සම්බන්ධ වූයේ දයානන්ද ජයවර්ධන ගේ ’සමන්මලී’ සිනමා සිත්තමේ ඇතුළත් ගැට කපන යුවතියන් තිදෙනෙකුගේ කන්ඩායම ගයන සමාජ ශාලා ගීතයක් උදෙසාය.
මන්දහාසේ ...මන්දහාසේ ... මන්දහාසිනි...
පුංචි හීන ලෝකේ පාවේලා..පිහිනා නැළවී පිහිනා සැගවි ...........
(ගී පද ධර්මසිරි ගමගේ - සංගීතය සරත් දසනායක)
එවක සුප්‍රසිද්ධ වූ තවත් ගායිකාවන් පිරිසකගේ කන්ඩායමක් ’ගේ සහෝදරියෝ’ ලෙසින් හැඳින්වූ අතර 1974 දී ’හදවත් නැත්තෝ’ සිනමාපටයේ ඔවුන් ගයන්නීය. (ඇයි දුක්වන්නේ කරදර වන්නේ .......ජීවිත අඳුරේ මුසුවිලා .............ඔබ නළවන්නයි ....සිප සනසන්නයි අදහස මගේ ඔබ පිනවාලා)
පුහුණුකරවමින්....
මෙළෙසින්, මූන්ස්ටෝන්ස් සහය ගායිකාව ලෙස දොරට වැඩි ’ඉන්ද්‍රානි පෙරේරා’ ගේ ගී හඞෙහි අපුර්වත්වය දැන හැඳින ගත්තෝ සංගීතය මනාව හැදැරූ ඇයගේ දෙටු සහෝදරිය වූ නැසිගිය ’මල්ලිකා පෙරේරා’ ගායිකාව ද කණිටු සහෝදරිය ’අයිරාංගනී’ ද කැටිව නව ගායිකා කන්ඩායමක් බිහිකරගන්නා ලෙස ලද උපදෙස් අනුව බිහිවුයේ ශ්‍රී ලාංකීය ප්‍රථම පොප් ගායිකා කන්ඩායම වූ ’ත්‍රී සිස්ටර්ස්ය’ ඔවුන්ගේ පසුකාලීන නිර්මාණ ගණනාවක තිරයෙන් පිටුපස භූමිකාව රගදක්වූයේ ’ක්ලැරන්ස්’ ප්රමුඛ ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ වාදයකයන්ය. ඒ ඔහු ලියා සංගීතවත් කරමින් ඇය ඇතුඵ සහෝදරියන් ගැයු ගීත උදෙසා පටිගත කිරීමේ සංගීත වාද්‍ය සංයෝජනයන් සිදුකරමිනි.
ඒ අනුව 01 ’හා හා හොරේ දැනුනා දැනුනා...’ 02 අම්මා (මතකය ඇසුරින්)... 03 එදා තරම් මගේ සිතේ (සැණකෙළිය).... 04 සිරිකත වැඩියා අද දවසේ.. 05 එක දවසක් මම දුටුවා'....06 සිහින් සිනිඳු දුහුල් රිදී, 07 පිපෙන පියුම් සඳෙහි කැඵම් ....08 මං කිරිල්ලියක් වෙලා................. 09 කල්පනී දූවනී ............ 10 මගේදෑතේ නැළවි සඳරේණු දුවනී.... (ගී පද ෂෙල්ටන් වීරරත්න) 11 දොයි දොයි පුතුනේ... (කරුණාරත්න අබේසේකර)''12 මේ ගීය මම ගයන්නේ වැසි වළාකුල .... 13 නිසංසලේ අපි තනිවෙලා .. නම් වූ 70 දශකයේ ගීතලෝලීන් කිසිවෙකු ගේ මතකයෙන් නොමියෙන නිර්මාණ පෙළක් ඔහුගේ ගිටාරයේ තත් හඞවා උපදවා දුන්නේය. ඒ ඔහු සිය ගායක කන්ඩායම සමග රටපුරා යමින් සැණකෙළි ප්රිති උත්සව ප්‍රසංග වේදිකාවන් වර්ණවත් කරමින් ඔබමොබ ගිය අතිශය කාර්ය බහුල දිවිය අතරවාරයේදීය.
----------------------------අසන්න පහතින්------------------
ක්ලැරන්ස් ගේ නිර්මාන කෞෂල්‍යය අරභයා ගෙනහැර පෑ හැකි නෙක නිදසුන් අතර, ප්‍රමුඛත්වය ලැබිය යුතු පහත නිර්මානය, ඔහුගේ ගීත රසිකයන් වෙත සදානුස්මරණිය අත්දැකීමක් තිලිණ කරන්නේය. ඔහු, සිය පරිකල්පනය ශූරලෙස කොනිති ගන්වා ඔවුන්වද තම චිත්තරූප සංකල්ප ඔස්සේ හදේ ඇඳන අපුරු සිතුවමක් වෙතට කැඳවා ගන්නේය. මසැසින් දුටු දසුනක් වහා වහා සිය පින්සල් තුඩින් පුවරුවකට නංවන්නට නොඉවසිල්ලෙන් පසුවන ළමා සිත්තරෙකු බඳුව, අපට ද ඔහුගේ වදන් පෙළින් හදේ මවාදෙන රූ රටා සිතුවම් කරන්නට පොළඹවන්නා සේය. ’හර්මනි’ සංගීත ශිල්පයේ අපුරු හැඩතල ඉතා පැහැදිළිව මේ නිර්මාණයේදී අත්විඳින්නට හැකිවන අතර, ඒ බටහිර සංගීත රටාවේ ස්වභාවය කෙබඳුදැයි එහි ආධුනිකයෙකුට මනාව අවබොධ කරගත හැකිවන සේ එය නිර්මාණය කෙරි ඇත.
සිහින් සිනිඳු දුහුල් රිදී රේණුවල නැගී ...........
සිහින් දෙපා පොඩි හොවලා ලොවට එන සැටි ...........
පළගැටි ගී තනුව අනුව මලක් මත නැගී ............
සඳ කුමරිය පිණිකැට නා නැවත යන සැටි ..............
සඳ කුමරියේ කුමරු ඔබේ නොදැක ඇයි මෙසේ....
කලකට ඔබේ වත පෙන්වා නැවත හැකිළ යේ ......
කුමරු සොයා යන්නට ඔබ නෑ සැරසෙන්නේ ..............
සඳුන් ගසයි සමන් ලතාවයි මුමුණන්නේ ..............
(ත්‍රී සිස්ටර්ස් ගායිකාවෝ උදෙසා ගී පද, තනුව, සංගීත අධ්‍යක්ෂනය සහ වාද්‍ය රටා සැකසුම ක්ලැරන්ස් විජේවර්ධන විසිනි)
----------------------------------අසන්න පහතින්----------------------
මෙතැන් හි සිට ඉදිරියට.................
මුලාශ්‍ර තොරතුරු - කෘතඥ පූර්වක ස්තුති ප්‍රනාමය
ගායන ශිල්පී ඇනස්ලි මාලේවන මහතා (මූන්ස්ටෝන්ස් - ද සුපර් ගෝල්ඩන් චයිම්ස්)
ගායන ශිල්පී අනිල් භාරති මහතා (ද ගෝල්ඩන් චයිම්ස්)
ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය (ත්‍රී සිස්ටර්ස්)
ගායන ශීල්පිනී ලාංකිකා පෙරේරා මහත්මිය (ද ගොල්ඩන් චයිම්ස්)
සංගීතඥ ගායන ශිල්පී මෙල්රෝයි ධර්මරත්න මහතා (ධර්මරත්න බ්‍රදර්ස්)
සංගීතඥ ගායන ශිල්පී මහින්ද බන්ඩාර මහතා (ෆෝර්චූන්ස්) - ප්රවිණ ගිටාර් වාද්‍ය ශිල්පී -
පීටර් රණසිංහ මහතා (ලාංකා ගී තැටි සංරක්ෂකයන් -එකතුකරන්නන්ගේ සංගමය)
Eda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.com0tag:blogger.com,1999:blog-4444846852168595125.post-20535722788613602392023-06-29T22:33:00.002-07:002023-06-29T22:37:24.133-07:00ක්ලැරන්ස් විජේවර්ධන ගී මධූරස
ශ්‍රී ලංකාවේ කන්ඩායම් සංගීතය සහ ක්ලැරන්ස් විජේවර්ධන ගී රසදහර (ලිපි මාලාවකි) - අංක 03
ඒකාකාරී සංගීත රටා මුසුකිරීමේ ප්‍රවණතාවයෙන් මිදී, ඉඩලද හැකි අවස්ථාවලදී ඔහු සිය ගිටාරයෙන් විවිධ පර්යේෂනාත්මක අත්හදා බැලීම් සිදු කරන්නටත් ඒවා නිර්මානයන් වෙත අනුගත කරන්නටත් පසුබට නොවීය. පෙර දැක්වූ පරිදි, සුරගන වෙස් වලා සළා උකුඵ තලා හිදී ඔහු සාම්ප්‍රදායකි උඩරට භේරිවාදන රටා ගිටාර් තතින් මතුකරගන්නට උත්සහ දැරූ අතර උඩරට නිලිය හැඩ වගේ .....’ ඊට සමාන ලෙසින් ගිටාරයෙන් හැඩවැඩ දමන්නට උත්සහ දැරීය. අනිල් භාරතී ගැයු ’සඳයි තරුයි රැයයි හිරුයි .................’ ඇනස්ලි මාලේවන සහ ඉන්ද්‍රානි පෙරේරා ගැයු ’මම එදා ගොසින් ඇගේ සුසුම් අසා ................’ මෙන්ම තමන් ගැයු ’මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැද යනවෝ’ වැනි ගීත වලදී එදවස බටහිර සංගීත කන්ඩායම් අනුගමනය කරමින් ගිටාරයේ තත් නදින් නැගෙන හඞ ළෙලවා පතුරුවා හැරීමේ කලාව වූ ’වාවා පැඩල’ තාක්ෂනය භාවිතා කලේය.
1972 පමණ වෙද්දී ෂානක පෙරේරා ගේ ඥාති සොයුරු ’අනිල් භාරතී’ කන්ඩායමේ සාමාජිකත්වය ලබා පැමිණි අතර ,"The dynamic New Sound of The Golden Chimes -
volume 02" , නම් වු රක්තවර්ණ තැටි ලේබලය ’සූරිය’ තැටි ප්‍රදර්ශනාගාරය මෙන්ම දිවයින පුරා විසිර පැවති ’රෙකෝඩ් බාර්’ වෙළඳ සැල් ජාලය වර්ණවත් කලේය.
01 මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැද යනවෝ............(ක්ලැරන්ස් )
02 අද වෙයි ඉරු දින.........(අනිල්)
03 සඳයි තරුයි රැයයි හිරුයි............. (අනිල් සමුග ලාංකිකා පෙරේරා)
04 තක්කිට තරිකිට කොකෙක් වෙලේ නටතෙයි.....(ක්ලැරන්ස්)
මුල් ගීත පෙළ සවන්දෙන්න
එවකට ගීතලෝලීන් වසගයට ගත් කන්ඩායම් ගී ධාරාවේ නවමං සළකුණු තබමින් දසත පැතිර විසිර ගියේ විදුලි වේගයෙනි. 1972 වසර ගෙවි යද්දී, ක්ලැරන්ස් ගීතදාමයේ කන්තා ගී හඞ ඔපවත් කළ තෙවැනි සාමාජිකාව වූ ’ලාංකිකා පෙරේරා’ හඞ සම්ප්‍රාප්තිය මෙයින් සිදුවිය.
<ahref b="" blogger.googleusercontent.com="" https:="" img="" ooriya1.jpg="" s600="" style="clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;" vxsehxxkvauzlxrfjyadpxhrtgf8jk_s_u4ptyizhrzorljsbnvbdyytswzhti3rjg-tos3-mojqwuau4vcoyf18q75l5gpcoj-dimvmrymvz81_scsri4-wepivseui2kbv-ugv0xwavg4xpcziiytcybfmtpsz7k-aawegjhkxl_9ylzpenpm40efxhnyjyt="" vz2xl=""></ahref>
ප්‍රදර්ශනාගාරය ඉදිරිපිට එහි කාර්යමන්ඩලය සමග ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතා සේයාරුවේ
----------------------------------------<o:p></o:p>
සිනමා ගීත රචනා කලාවේ මෙන්ම ගුවන් විදුලි සංගීතමය වැඩසටහන් ගීපද රචනාකරණයේ හිනිපෙත්තේ වැජඹි කරුණාරත්න අබේසේකරයන් ගේ පබැඳුම් ඔස්සේ ක්ලැරන්ස් තනු නි්ර්මාණයන් හැඩවැඩ වෙමින් ඔවුන්ගේ ගී වපසරිය ක්‍රමයෙන් පුඵල් වෙමින් පැවතියේය. ගී තැටි ව්‍යාපාරයට පිවිසි ’අජන්තා විජේසේන’ මහතා ගේ නෙඵම් පුෂ්ප සළකුණ සහිත ’ලෝටස්’ ඇල්බමය මෙවර ඊට අනුග්‍රහ දැක්විය. කිතුණුවන්ගේ සාම්ප්‍රදායික ’නත්තල්’ බැති ගී තරුපොකුර දීප්තිමත් කරවමින් එහි උදාවූ පහන් තරුව බඳු අනිල් භාරතී ගේ ’බෙත්ලෙහෙම් පුරේ..........’ (හර්මනි සහය ගායිකාව ලාංකිකා පෙරේරා) දොරට වැඩියේ මෙම තැටියෙනි. එය එතැන් හි සිට අද දක්වා ලක්බිමේ නත්තල් උදාව සංකේතවත් කරන මියැසියේ ප්රමුඛතමයාව සිටි.
01 මා අදරෙයි නංගියේ................
02 ජේසු බිළින්දා ................
ක්ලැරන්ස් ගේ පබැඳුම් වූ
03 කිරි මුහුද කලඹාලා ගෙනා.............. සහ
04 සුදු මැණිකේ ...........
එහි ගීත යුගල් යුග්මය සම්පුර්ණ කළේය.
මුල් ගීත පෙළ සවන්දෙන්න
ලාංකීය ගීත ක්ෂේත්රයේ ’කන්ඩායම් ගී’ ධාරාවට අනුගත වූ ගායක කන්ඩායම් වලට ආවේනික ලක්ෂනය ඒවයේ සාමාජිකයන්ගේ ගේ අස්ථාවරත්වයයි. ඒ අනුව යම් යම් හේතුසාධක කරණකොටගෙන ඔවුන් බිඳි විසිරි යෑම දක්නට ලැබෙයි. පසුකාලීනව ’ගෝල්ඩන් චයි්ම්ස්’ හි කැපි පෙනෙන භූමිකාවක් ඉටු කළ ’අනිල් භාරති’ ද කන්ඩායමෙන් දුරස් ව, සිය ඒකල නිර්මාණයන් වෙත වඩාත් නැඹුරු ව, එහෙත් සිය ජනප්‍රියත්වයෙන් නොපිහිරි සිටින්නට සමත්විය. ඔහුගේ ඒ නිර්මාණ මෙම ලිපිමාලාවේ විෂයපඨයෙන් බැහැර වූවත් ඒවා පිළිබඳව කෙටි සටහනක් තැබිම වටනේය.
ලෝටස් තැටිය - ’සුළග සමග එකතුවෙලා කිව්වට සුළමුල.......’ සහ ’හිරු ඉපදෙන විට නෙඵමි පිපෙන ලෙස............’ ගීතද්වය දිවංගත ප්‍රේමකිර්ති ද අල්විස් විසින් පබැඳු අතර ’ටිකිරිමලී පාසල් යන .....’ ක්ලැරන්ස් ගේ සංගීතයට වර්ණන් පෙරේරා විසින් පද සැකැස්ම කළ අතර ඔහුට ’මගේ පංතියේ ....පුංචි සරෝජිනී....’ ප්‍රබන්ධ කළේ වෛද්‍ය රංජිත් බොලොන්නේ ගේ සංගීත රටාවන්ට අනුවය. ’වර්ණන් පෙරේරා සහ රංජිත් බොලොන්නේ’ එදවස කන්ඩායම් ගීතාවලියේ නමරැන්දු ’ද සන්ෂයින්ස්’ සමාජිකයන්ය.
'’සුරිය’ තැටි නිර්මාපක ගීතලෝලී ’ජෙරල්ඩ් වික්‍රමසූරිය’ ගේ ’ඇනස්ලි - ක්ලැරන්ස්’ යුගය ප්‍රතිනිර්මාණය කිරිමේ අප්‍රතිහත උත්සහය ඵලදරමින් නැවතත් දෙදෙනා එකට එක්වූ අතර එවර එය ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ නමින් නමකරණය ලද්දේය.එය පෞද්ගලිකව ’ක්ලැරන්ස්’ ගේ සංගීත ජීවන චාරිකාවේ තෙවන නවාතැන්පොළ අතර එතැන් හි සිට ඔහුගේ අපරිමිත ගී තනු උල්පතින් නැගී මතුවි එන මධුරතර වේගරිද්ම ගී තනු පෙණ බුබුඵ වඩ වඩාත් හැඩ වැඩ වන්නට විය.
’සූපර් ගෝල්ඩන් චයිම්ස්’ පරිච්ඡේදය යටතේ ලියැවෙන ’ක්ලැරන්ස්’ ගී වංශකථාවේ පළමු පියවර තිරයෙන් පිටුපස කථාව, ඊට මුල්වූ ගීතය තරමටමට රසයෙන් අනූනය.
1973 වසරේදී සිය අභිනව සංගීත කන්ඩායමේ සාමාජිකයෙකු වූ ’ශ්‍රී කාන්ත’ ට සිදූවූ අකරතැබ්බයක් හේතුවෙන් ඒ පිළීබඳව සහනයක් පතා සාමාජිකයෝ දකුණු ලක මහ දේව මන්දිරය වූ ’කතරගම’ ට ගියහ. සෙසු බැතිමතුන් අතරට පිවිස, එහිදී ඔවුන්හට එක්තරා ’භාරයක්’ ඔප්පු කරන්නට නියමිතව තිබිනි. කතරගම කඳසුරිඳු අරභයා ලියැවුනු අති සුප්‍රසිද්ධ බැති උපහාර ගීයේ උපත සිදුවුනේ එළෙසිනි. ඒ ගී ඇතුළත් ඇල්බම් කවරය අදටද වරෙක වර්ණයෙන්ද වරෙක කඵසුදු සංකලනයෙන්ද බබලන කතරගම මහ දෙවොළ පසුබිමින් ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ කන්ඩායමේ පංච පුද්ගල සාමාජිකයන් පෙනි සිටිති.
බැතිමතුන් කරලා ගන්නා ’ඇටමාලයක්’ පැළඳගෙන වම්අත පැත්තේ ’ශ්‍රී කාන්ත දසනායක’ නම් වු කන්ඩායමේ ඩ්‍රම්ස් වාදකයා ගේ රුව දිස්වේ. එතැන් හි සිට පිළීවෙළින් ශ්වෙතවර්ණ ඇඳුමකින් සැරසි ’ක්ලැරන්ස්’ ද, ලීඩ් ගිටාරය වෙනුවට කාවඩිය උරමත රුවාගත් ’ඩික්සන් ගුණරත්න’ ද ඔහුට යාබද විමසුම් දෑසින් ඉපැරණි සාමාජිකයා ගායන ශිල්පී ’ඇනස්ලි’ ද, දකුණු කෙළවරේ කන්ඩායමට අඵතෙන් එක්වු ’කොන්රඩ් ගුණරත්නද’ වෙයි.
පෙරනොවූ විරූ අපුර්වත්වයකින් හෙබියා වූ මෙකී දසුන ගී තැටි කවර ඉතිහාසයේ සුවිශේෂී මංසළකුණකි. ’සූරිය’ සමාගමෙන් නිකුත් වු ගී තැටි ඇල්බම කංචුකයන් බොහොමයක් නිර්මාණශීලිත්වයෙන් පෙරමුන ගෙන තිබුනු අතර ඒවා ද සැරසුනේ අදාළ ගායකයා හෝ ගායිකාව ගේ වර්ණ සේයාරුවකින් පමණකි. නමුදු ’කතරගම’ තැටිය ලාංකීය ආගමික බැතිමතුන්ගේ නිරන්තර ගෞරවාදරයට පාත්‍ර වූ කතරගම මහදේවාලය සහ පසුබිමෙන් මෙම සමාජිකයන්ගේ දසුන මතුකරදක්වයි.
01 කඳසුරිඳුනි ඔබේ ඔදතෙද....(ක්ලැරන්ස්)
04 පෙණ බුබුළයි සුදු සඳ කැල්මයි... (ඇනස්ලි)
02 සීත සුළගක් අහසේ වළාකුළක් තෙරපනවා'.... (ක්ලැරන්ස්)
04 සතුට සැනසුම ලග රන්දා'.... (ඇනස්ලි)
නමින් එහි ගීතයුග්ම ගීත එහි පෙළගස්වා තිබිනි.
මුල් ගීත පෙළ සවන්දෙන්න
ඊට අමතරව, නැවතත් ’ලෝටස්’ ඇල්බමයේ ඇනස්ලි මාලේවන ගැයූ 01 වන බඹරො රෝස මලක්..............., 03 උඩරට නිළිය හැඩ වගේ.......... 02 ක්ලැරන්ස්ගේ ’ගමෙන් ලියුමක් ඇවිල්ලා...............’ සූරිය ලේබලයේ ක්ලැරන්ස් ගේ 01 මොරටුව මොරටුව.............02 සඳක් බැස ගියා අවරගිරේ......... මෙන්ම ඇනස්ලි ගේ 03 සිහින පැතුම් විමනේ............ සහ 04 ඇළදොළ පිරුනා කුඹුර සරුවුනා........ එළිදක්වද්දී සුපර් ගොල්ඩන් චයිම්ස් නාමය දිවයිනේ අස්සක් මුල්ලක් නෑර ගුවන් විදුලි සහ ගී තැටි රසිකයන්ගේ හදවත් පැහැර ගෙන තිබිනි. සැණකෙළි බිම් ඇතුඵ ප්‍රසිද්ධ ගෘහස්ත ප්‍රසංග වේදිකාවන්හිදී නිවේදකයා ගේ මුවින් කන්ඩායමේ නාමය කියැවෙද්දී හාත්පස ඔල්වරසන් හඞින් ගිගුම් දුනි.
’සිහින පැතුම් විමනේ...........’ බිළීඳුන් අරභයා ක්ලැරන්ස් හැදූ ගී පොකුරේ පස්වැන්නයි. පළමු ගීත හතරෙන් දෙකක් ’ශ්‍රී සගබෝ’ ගේ බිළිඳියන් දෙපොළක් වෙනුවෙනි. තෙවැන්න කරුණාරත්න අබේසේකරයෙන් ගේ ’දිලීප’ පොඩිපුතු හටය සතරවැන්න නිර්ණාමිකව ’විජය කොරයා’ ගේ පුතණුවන්හටය මේ ගැයුවේ ගොල්ඩන් චයිම්ස් යුගයේ සිය කන්ඩායමේ සාමාජිකාවක් වූ ’ලාංකිකා’ ගේ මෙන්ම ’ෂානක’ ගේ බිළිඳු පුතු දෙස බලමිනි.
මුල් ගීත පෙළ සවන්දෙන්න
------පසු සටහන----
මෙම ගීතපෙළ එළිදුටු 70 දශකයේ ශ්‍රාවක අපි වයසින් දසවසකට ද වඩා කුඩා සිගිත්තන්ව සිටියහ. සිය නිවස්හී තැටි ධාවක යන්ත්‍ර සතු නොවූවන් ට ඒවා සවන් දීමට පැවති එකම විකල්පය වූයේ ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් දිනපතා විනාඩි 15 ක් තරම් කෙටි කාලයකදී විකාශයක කරන්නට යෙදුනු ගීත 04 (හෝ වෙළඳ දැන්වීමක් ඇතුළත් වූයේ නම්. එය සිදුවූයේ ඉතා කළාතුරකිනි එවිට ගීත 03 ක් හෝ අවසන් ගීතයේ කොටසක් පමණකි, ගීත 03 වාදනය කළ කල්හී ඉතිරි කොටස ද වෙළඳ තැටි ඔස්සේ නිකුත් වූ ගී අනුවාදනයකින් සමන්විත විය.) පමණකි. කාල විරාම ඝටිකාව හැඞවීමෙන් පසු (දැන් මෙය සිදු නොකෙරේ)
’ ... වේලාව උදෑසන අට පසුවී විනාඩි හතළිස්පහයි..... මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල දෙවැනි සේවයයි.... මෙතැන් සිට කන්ඩායම් ගී තීරයක්.... ආරම්භ කරමින් ... ’
අද දින ’සුපර් ගෝල්ඩන් චයිම්ස්, මූන්ස්ටෝන්ස්, ගෝල්ඩන් චයිම්ස්, හෝ ත්‍රී සිස්ටර්ස් ... ගීතයක් වාදනය වේවා යැයි සිතින් පතමින්... මහත් නොඉවසිල්ලෙන් ඔවූහූ සාලයේ තැන්පත් කර තිබු දැවැන්ත ගුවන් විදුලි යන්ත්‍රය අසළ රැඳි සිටියහ. මේ බව හොඳින් දැන කියා ගත් ගුවන් විදුලි නිවේදක සමාජිකයෝ සතියකට මේ කන්ඩායම් වල ගීත පහක් හයක් වාදනය කරන්නට උත්සුක වූහ. එහෙත් ’කැසට් ධාවක යන්ත්‍රය’ පවා ශ්‍රී ලංකාවට ආනයන නොකළ යුගයක (අප එවැන්නක් ඇත්දැයි දැන සිටියේ නැත) ගීතය වාදනය වූ පසු යළිත් අසන්නට නම් මතුදිනයක ’ගුවන් විදුලි යන්ත්‍රයේ’ අපහැදිළී හඞ ම මිසක වෙනත් සරණක් නොවීය. එබැවින් අප වෙනත් සියඵ කටයුතු නවතා දමා අදාළ වේලාවට ගුවන් විදුලිය අසළට රොක්වන්නට අමතක නොකළහ. ක්ලැරන්ස් ගේ රුව දකින්නට සැණකෙළියක් සංවිධානය වනතුරු බලාසිටිය යුතු වූ අතර එහි යම්තමින් ඇටවූ සිමිත ඉඩකඩ සහිත ටකරං වේදිකාව අසළට රොක්වි ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ ගායකයන් වේදිකා ගතවන තුරු රාත්‍රී නවය කණිසමද පසුවන තුරු බලා සිටියහ, මේ සදානුස්මරණිය රසවත් සිදුවීම මතු මතු යුග යුග පවතින ලෙසට සිනමා කැමරා කාචයේ සටහන් කරදුන් සිනමාවේදී ’එච් ඩී ප්‍රේමරත්න’ හට පින් සිදු වේවා...(මේ පසුබිම් පුවත සහ තොරතුරු මෙම ලිපි පෙළෙහි මතුවට පළවනු ඇත)
සැළකිය යුතුයි -
මෙහි වාදනය වන මුල් පිටපත් හී සම්පූර්ණ ගීතය ඉදිරිපත් කිරීමට අසමත්විම සම්බන්ධයෙන් කණගාටුව පළකරමි. බුද්ධිමය දේපොළ හිමිකම් ගරු කරමින් එසේ සිදු කිරීමෙන් වැළකී සිටිමි.
මෙතැන් හි සිට ඉදිරියට.................
මුලාශ්‍ර තොරතුරු - කෘතඥ පූර්වක ස්තුති ප්‍රනාමය
ගායන ශිල්පී ඇනස්ලි මාලේවන මහතා (මූන්ස්ටෝන්ස් - ද සුපර් ගෝල්ඩන් චයිම්ස්)
ගායන ශිල්පී අනිල් භාරති මහතා (ද ගෝල්ඩන් චයිම්ස්)
ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය (ත්‍රී සිස්ටර්ස්)
ගායන ශීල්පිනී ලාංකිකා පෙරේරා මහත්මිය (ද ගොල්ඩන් චයිම්ස්)
සංගීතඥ ගායන ශිල්පී මෙල්රෝයි ධර්මරත්න මහතා (ධර්මරත්න බ්‍රදර්ස්)
සංගීතඥ ගායන ශිල්පී මහින්ද බන්ඩාර මහතා (ෆෝර්චූන්ස්) - ප්රවිණ ගිටාර් වාද්‍ය ශිල්පී -
පීටර් රණසිංහ මහතා (ලාංකා ගී තැටි සංරක්ෂකයන් -එකතුකරන්නන්ගේ සංගමය)
Eda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.com2tag:blogger.com,1999:blog-4444846852168595125.post-85563536448451122862023-06-14T20:53:00.004-07:002023-06-14T22:19:54.887-07:00ක්ලැරන්ස් විජේවර්ධන - Clarance's Creations
ශ්‍රී ලංකාවේ කන්ඩායම් සංගීතය සහ ක්ලැරන්ස් විජේවර්ධන ගී රසදහර (ලිපි මාලාවකි) - අංක 02
1969 පමණ වෙද්දී මූන්ස්ටෝන්ස් සාමාජිකයන් ගේ ලැයිස්තුව සමන්විත වූයේ නියමු ක්ලැරන්ස් (රිදම් ගිටාරය සමග ගායනය) ප්රමුඛ චානක පෙරේරා (බේස් ගිටාරය දරමින්), සුනිල් මාලේවන (ලීඩ් ගිටාරය), විජිත් පීරිස් (ඩ්‍රම්ස්), ඇනස්ලි මාලේවන (ගායන), මංගල රොද්රීගෝ (ගායනය) සහ ඇන්ටන් ගුණතිලක (ලීඩ් ගිටාරය) යන සාමජිකයන්ගෙනි. මේ කන්ඩායමට පමණ කාලයක් ගතවෙද්දී ඊට කාන්තා ගායන ශිල්පිනියක් ඇතුළත් කර ගැනීම සුදුසු නෙවේදැයි යනුවෙන් වූ ජෙර්ල්ඩ් වික්‍රමසූරිය නම් ව්‍යාපාරික ගී රසවතා ගේ යෝජනාව අනුව පසල් ගමන නිමකල යව්වනිය ’ඉන්ද්‍රානි පෙරේරා’ ඊට එක්කර ගැණිනි.
මුලින් සඳහන් කල කුඵඳුල් ’මූන්ස්ටෝන්ස්’ තැටිය ජේවිසීපි ඛාන්ඩ අංක 1007 යටතේ 01 මංගො කඵ නැන්දේ 02 ආදරය 03 රුවන්පුරය අපේ ගම තමයි 04 සුදු මැණීකේ ගීත පෙළගස්වා තිබිනි.'
සවන්දෙන්න - ’මංගෝ කඵ නැන්දේ’
මේසමයෙහි ජෙරල්ඩ් වික්‍රමසූරිය විසින් කොටුවේ එවකට ද පැවති පොත් සාප්පුවක් මිළදී ගෙන තිබුනු අතර එය පසුව ළමුන් උදෙසා ආනයනික පොත්පත් සඳහා ප්‍රමුඛස්ථානය දී ’චිල්රන්ස් බුක් ෂොප්’ ලෙසින් නම් කෙරුණි. මේ අතර ’ලුවිස් බ්‍රවුන්’ තැටි ලේබලය නියෝජනය කළ සමාගම සිය ව්‍යාපාරික කටයුතු අත්හිටුවන්නට තිරණය කළ අතර එහි නියෝජිතත්වය ද න්‍යායානුකුලව සංගීත විෂය හොඳින් හදාරා ඒ සම්බන්ධ ව්‍යාපාරික ක්ෂේත්රයට පිවිසෙන්නට ලැදියාවක් දැක්වූ ජෙරල්ඩ් වික්‍රමසූරිය ආයතනය වෙත පිරිනමන ලදී. එතැන්හි සිට ඔවුන් ’සූරිය’ තැටි ලේබලය හඳුන්වාදුන්හ.
රත්නපුරය නිජබිම කරගත් මේ සාමාජිකයන් එහි ප්රමුඛ පෙලේ බාලිකා විදුහලක පැවැත්වූ සංදර්ශනයකදී ගීත ගායනා කරන්නට අවස්ථාව ලද අතර, ක්ෂේත්රයට පිවිසෙන ආධුනිකයන් එදවස මුහුණ පෑ ’කටුක’ අත්දැකීමකට නතු ව ’හූ’ සංග්‍රහයකින් ප්‍රතිචාර ලබන්නට සිදුවී, වේදිකාවෙන් බැස යන්නට සිදුවූ බව කියැවේ. එයින් මහත් වික්ෂෝපයට පත් ’ක්ලැරන්ස්’ මින්මතු රත්නපුරයේ ගීත නොගයන්නට දැඩි ව තීරණය කරගත් බවද එහි ගීතගැයූ වෙනත් ගායක කන්ඩායමක අගය කිරීමට ලක්ව ඔවුන්ගේ ඇරයුමෙන් ’මොරටුව’ රසිකයන් හමුවේ පෙනී සිටිය බව ද වාර්තා වේ. එහිදි ඔවූහූ හාත්පසින් වෙනස් අත්දැකීම් ලබා ප්රෙු්ක්ෂකයන්ගේ උණුසුම් සුහද ප්‍රතිචාරයෙන් කුල්මත් විය. පසුකාලීනව ’ද සුපර් ගෝල්ඩන් චයිම්ස්’ නාමයෙන් ගැයු ’මොරටුව.........මොරටුව........’ ගීතයෙන් ඔහු එහි රසිකයන් වෙත ඊට සිය කෘතඥතාවය පිරිනමන්නට අමතක නොකළේය.
සවන්දෙන්න - ’ගොයම් කපනවා...’ සහ ’මාමේ අපේ කඵ මාමේ...............’
මුල්ම ’සූරිය’ ඊ පී තැටි ලේබලය
වෙන්කෙරුනේ ්මූන්ස්ටෝන්ස්’ උදෙසාය
මේ 1969 වසරයි. ඉහත කී ’රමණි’ මෙන්ම සහ ’දිල්හානි’ දුවණි ගීත සිය නිර්මාණ චාරිකාව පවත්වා පුබුදුවා ගන්නට අත්වැල සැපයූ ’ශ්‍රී සගබෝ කොරයා’ ට උපහාරයක් ලෙස ඔහුගේ දියණියන් අරභයා පබඳින ලදැයි වාර්තා වේ.
ඉන් අනතුරුව සූරිය නියෝජිතත්වයෙන් එළිදැක්වූ ’ඩෙකා’ නමින් වූ ලේබලය වෙන්කෙරුනේ මේ ගායිකාව සහ ගායක කන්ඩායමේ ගීත උදෙසා වූ අතර එය තෙවසරකදී නිකුක් කෙරුනු ඔවුන්ගේ සතරවන තැටියයි. 01 වන දෙව්ලිය තුරුලේ (සිගිරිය - ගැයුම ඉන්ද්‍රාණි පෙරේරා) 02 සුමුදු සමන් මල් පොඩි පිපුණාවේ ............. (ගැයුම - ඇනස්ලි මාලේවන) 03 රාළහාමි 04 මම එදා ගොසින් ඇගේ සුසුම් අසා (පෙම්කථාව - ඇනස්ලි සහ ඉන්ද්‍රානී) දොරට වැඩියේ මේ ඇල්බමයේදීය.
කරුණාරත්න අබේසේකරයන් සිය කැදැල්ලට සපැමිනි අමුත්තා ’දිලීප පුතු’ උදෙසා පුවත්පතකට යොමුකොට තිබු කවිපදවැළක් ඔස්සේ හඹාගිය ක්ලැරන්ස් ගේ ගී හඞ වඩාත් පැහැදිළිව හා හොඳින් රසවිඳින්නට රසිකයන්හට හැකිවූයේ ’දිළිප පොඩි පුතු ............සනීපයට නිදි’ ගීතය නිකුත්විමෙනි. මේ අවධිය වෙද්දී වෙනත් ’කන්ඩායම් ගී ’ ද ’පිලිප්ස්’ සහ ’සූරිය’ ලේබලයන්ගෙන් එළිදුටු අතර ඒවාට ඉතා හොඳින් තරගයක් දෙන්නට ද නිරන්තරයෙන් තම ශ්‍රාවක ප්‍රසාදය ඉහළින් රඳවා තබා ගන්නටද ඔවුන් හට හැකිවුයේ ’ක්ලැරන්ස්’ ගේ මිහිරි තනු හා එකට කැටිවූ නවමු පෙර නොවු වීරූ මනරම් ’ගිටාර් වාදන සංකලන’ නිසා වන්නට ඇත. ඔහුගේ රසිකයන් හට සිය ආදරණිය ශිල්පියාගේ ඒකල ’ගී හඞ’ මුල්වරට ගුවනින් රසවිඳින්නට අවස්ථාව ලද්දේ මෙම ගීතයෙනි. එක්ස්වී ... ලේබලය විසින් ගෙන ආ ’දීලීප’ ඇල්බමයේ ගීත අතරින් කරළියට පැමිනියේ මතු දැක්වූ ගීතය පමණකි. ඊට අමතරව එහි 04 සළා සළරුවන් 02 නාලී සහ 01 ගමරාළ නම් වු අපක්‍රට ගී ඇතුළත් විය. මේ 1970 වසර විය හැකිය.
සුමුදු මල් පිපිණු අතුකොනේ...... සහ ’දිල්හානි....’
විජය කොරයා ගේ පුතු ගේ නාමය යොදනු ලැබ ලියු ගීතය ඔහු විසින් කාරුණිකව ප්‍රතික්ෂේප කරන ලද්දෙන් නැවතත් නිර්ණාමිකව පද යොදමින් ’කිරි මූද කළඹලා ගෙනා මගේ කුඩා පුතුටයි.................. මුතු මාලිගාවෙන් මා ගෙනා පැතුම් මගේ පුතුටයි............’ ලෙස ගයා ඔහුටද සිය කෘතඥතාවය පළ කරනන්ට ක්ලැරන්ස් පසුබට වුයේ නැතැයි කියවේ.
අද මෙන්ම එදත් සංගීතයෙන් ජීවන යාත්‍රාව පැදයන්නට සුදුසු කෙම්බිමක් නොවූ මෙහි ඒ බව දැන අවබෝධ කරගත් ක්ලැරන්ස් ගේ මවගේ ඉල්ලිම පිට, ඔහුට පුවක්පිටියේ එක්තරා වත්තක පුහුණුවන වතු අධිකාරිවරයෙකු ලෙස කටයුතු කරන්නට සගබෝ කොරයා මහතා අවස්ථාව සළසා දුන්නත් එවැනි වගකීමක් දරන්නට මේ කලාකරුවා මැලිවන බව පසුව ඔහු විසින්ම අවබෝධ කරගන්නා ලදැයි, ඔහු ලියූ පුවත්පත් ලිපියක සඳහන්ය.
මේ සියඵ ගීත වල ඒකල නිර්මාණකරුවා මෙන්ම කන්ඩායෙම් රිදම් ගිටාරයේ හිමිකරුවා ’ක්ලැරන්ස්’ ය. ඔහුට ගායනයෙන් සහය වූ ’ඇනස්ලි මාලේවන’ සහ ’මංගල රොද්රීගෝ’ මෙන්ම ලීඩ් ගීටාරය වාදනයෙන් සහය වූ සාමාජික ’සුනිල් මාලේවන’ සහ ’ඇන්ටන් ගුණතිලක’ මෙන්ම බේස් වාදක ’ෂානක පෙරේරා’ සමග ඩ්‍රම්ස් වැයූ ’විජිත් පීරිස්’ මෙවක ’මුන්ස්ටෝන්ස්’ හි නිත්‍ය සාමාජිකත්වය ලද්දහ. මේ අවධියේ පවා ගායනයට පිවිසෙන්නට මැළිකමක් දැක්වු ක්ලැරන්ස් තිරයෙන් පිටුපස නිර්මාණකරණයේ දැවැන්තයා විය.
’පෙම් කථාව’ ලෙස තැටියේ සඳහන් ගීතය... ’මම එදා ගොසින්... - ඇනස්ලි සහ ඉන්ද්‍රානී
වාරතා වන පරිදි හිතේ සැංගී මතුවී නැග එන තනුවකට වදන් යොදා එය ගීතයක් බවට පත් කරන්නට ඔහුට ඒ හැටි වෙහෙසවිය නොවිය යුතුව තිබිනි. එපමණ ගී තනු කැකෑරී බුබුඵ දමමින් ඔහුගේ නිර්මාණඋල්පත උතුරුවා දැමුවේය. ප්‍රථිපලය වූයේ, ඒවා ඔහුගේ කන්ඩායමෙන් ඔබ්බට ඈතට ගලා ගෙන යෑමයි. එනම් වෙනත් ගායක ගායිකාවන් රැසකට ඔහු අතින් ගී නිර්මාණ බිහිවීමයි.
ඔහුගේ ගී වංශ කථාවේ දෙවන පරිච්ඡේදය විවෘත වන්නේ ’ද ගෝල්ඩන් චයිම්ස්’ නම් වු හිසිනි. ඒ 1971 වසරේදී ඔහු මුල්වි බිහිවන්නට යොදුනු දෙවැනි ගායක වාදක කන්ඩායමයි. මේ නව කන්ඩායම බිහිවිම පිළීබඳව සිංහල පමණක් නොව ඉංග්‍රිසි ඉරුදින පුවත්පත් විසින් පුඵල් ප්‍රසිද්ධියක් දෙන ලද්දේ ඒ වනවිට ඔහු ලබා තිබූ ජනප්‍රියත්වය ඔවුන් හොඳින් අවබෝධ කරගෙන සිටි බැවිනි.
ඩික්සන් ගුණරත්න (ලීඩ් ගිටාර්), රන්ජන් ද කොස්තා (ගායන සහය), ක්ලැරන්ස් (රිදම් ගිටාරය සමග ගායනා), විජිත් පීරිස් (ඩ්‍රම්ස්) සහ ෂානක පෙරේරා (බේස් ගිටාර් සහ ගායනා) මේ නව කන්ඩායමේ සාමාජිකයන් ලෙස පෙනී සිටියහ. නවක ගායිකාවක් ලෙස කළ එළි බට ’ප්‍රියන්ති සේනාරත්න’ විසින් මේ කන්ඩායමේ කාන්තා ගී හඞ නියෝජනය කලේ තාවකාලිකවය. ඇය විසින් ඔවුන්ගේ පළමු ගී තැටියේ ගැයුනු ගීයකට හඞ මුසුකළත්, අදටත් ක්‍රියාකාරීව එනමින්ම පවතින ඊට එකතු වු නිත්‍ය සාමාජිකාව ’විජිත් පීරිස්’ ගේ කණිටු සොයුරිය මෙන්ම පසුව ෂානක පෙරේරා ගේ ආදරණිය බිරිඳ බවට පත්වූ ’ලාංකිකා පෙරේරා’ ය.
සී එච් බී 0014 අනු අංකය යටතේ, සුපුරුදු සූරිය ලේබලය විසින් නැවතත් මේ අපුරු රසවතා ගේ ගී පෙළහර මතුවූ අතර මෙය එය පැහැදිළිවම නව මාවතකට පිවිසියේය. ඒ මෙතුවක් කල් පසුබිමි ගායනයේ යෙදුනු ක්ලැරන්ස් මුල්වරට සිය ඒකල ගී හඞ අවදිකරන්නට පෙළඹිමයි. ඒ අනුව 01 සිහින් සිනාවයි ඔබේ ළපටි මුවේ................ 02 පාට පාට රන්තටු සළලා (සමනළයෝ - ක්ලැරන්ස්).... 03 මගේ පැල්පතේ මා අඳුරේ වෙලී ...(ක්ලැරන්ස්) 04 කිමදනාවේ ඇයිනාවේ..........(ප්‍රියන්ති) ගුවන් විදුලි කන්ඩායම් ගී තීරයේ'වාදනය වන්නට පටන් ගත්තේ ’ ද ගෝල්ඩන් චයිම්ස්’ නාමය යටතේය.
’කිමද නාවේ’...... සහ ’මගේ පැල්පතේ’ ....... සවන්දෙන්න
මේ අතරවාරයේ මතු කි ’මූන්ස්ටෝන්ස්’ සාමාජිකයන් ගේ පුරප්පාඩු ලලිත් ප්‍රනාන්දු (ගායනය), ලොරන්ස් මැන්රික්ස් (ඕගනය), ස්ටැන්මෝ ඩී ජොන්ක් (ඩ්‍රම්ස්) සහ මයික් ගුණසේකර (ගායනය - රිදම් ගිටාරය) යන තුරුණු රසවතුන් විසින් සම්පූර්ණ කරන්නට යෙදුනු අතර ඔවුන් තවදුරටත් ’සූරිය’ තැටි දාමයේ පුරුක් බවට පත්විය. 01 තොටියා 02 ඉංග්‍රිසි ගීතයක් 03 සමනළයෝ සහ ගීත රසික මතකයෙන් නොමියෙන 04 උඩරට කඳුකරයේ (දුන්හිඳ මනමාලී) එකී ගීත ඇල්බමය සැරසුවේය. එහෙත් ඔවුන්ගේ ප්‍රමුඛස්ථානය ’ඉංග්‍රිසි ගීත’ සඳහා යොමුවිනි.
’සුරගන වෙස් වළා...’ සමගින් ’සිහින් නුවන් යුග’ ගිටාර් රිද්ම රසය රසවිඳින්න .......
මෙතැන් හි සිට ඉදිරියට.................
මුලාශ්‍ර තොරතුරු - කෘතඥ පූර්වක ස්තුති ප්‍රනාමය
ගායන ශිල්පී ඇනස්ලි මාලේවන මහතා (මූන්ස්ටෝන්ස් - ද සුපර් ගෝල්ඩන් චයිම්ස්)
ගායන ශිල්පී අනිල් භාරති මහතා (ද ගෝල්ඩන් චයිම්ස්)
ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය (ත්‍රී සිස්ටර්ස්)
ගායන ශීල්පිනී ලාංකිකා පෙරේරා මහත්මිය (ද ගොල්ඩන් චයිම්ස්)
සංගීතඥ ගායන ශිල්පී මෙල්රෝයි ධර්මරත්න මහතා (ධර්මරත්න බ්‍රදර්ස්)
සංගීතඥ ගායන ශිල්පී මහින්ද බන්ඩාර මහතා (ෆෝර්චූන්ස්) - ප්රවිණ ගිටාර් වාද්‍ය ශිල්පී -
පීටර් රණසිංහ මහතා (ලාංකා ගී තැටි සංරක්ෂකයන් -එකතුකරන්නන්ගේ සංගමය)
Eda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.com3tag:blogger.com,1999:blog-4444846852168595125.post-35411733614193131912023-06-01T01:45:00.002-07:002023-06-01T01:45:52.531-07:00ක්ලැරන්ස් විජේවර්ධන - Clarance's Creations
ශ්‍රී ලංකාවේ කන්ඩායම් සංගීතය සහ ක්ලැරන්ස් විජේවර්ධන ගී රසදහර (ලිපි මාලාවකි) - අංක 01
60 දශකය යනු ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්රයට නවක ශීල්පීන් පිවිසෙන්නට පටන් ගත් යුගයයි. එසමයෙහි සිනමාව, නාට්‍ය කලාව, ගුවන් විදුලි නාට්‍ය මෙන්ම සංගීතය, චිත්‍ර කලාව, ඉගිනඵ, නර්තනය, කවි කලාව, සාහිත්‍යය, පුවත්පත් කලාව ආ දී මෙකි නොකී ශිල්පයන් හි විශීෂ්ඨතමයන් ගේ නිර්මාණ මහත් රාශීයක් කළඑළි බැසීම ඇරඹුනේ මේකී දශකයේදී වුවද එය ඉන් පසු දශක ද්විත්වය දක්වා ක්‍රමයෙන් පරිණත වෙමින් පුඵල් වෙමින් පැතිර ගොස් 90 දශකයේදී අනපේක්ෂිත බාධක හිරිහැර කම්කටොඵ වලට මුහුණ පෑ බවක් පෙනීයයි. පළමු කී දශකයේ ශීල්පීන් ගේ දිවියේ ප්‍රඥා දශකය ගෙවි යන්නටද පෙරාතුව ඔවුන් හට දිවියෙන් සමුගෙන යන්නට සිදුවිම ද ඊට හේතු වන්නට ඇත.
මේ ලැයිස්තුව ආවර්ජනය කරන්නේ නම් - නාට්‍ය කලාව - මහචාර්ය සරත්චන්ද්‍ර ඇතුඵ හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා, ගුණසේන ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන, පී වැලිකල, ද නර්තනය - පණිභාරත, මිරැන්ඩා හේමලතා, ඉගිනඵ - ප්‍රේමකුමාර එපිටවෙල, චිත්‍රසේන සහ වජිරා සාහිත්‍යය - මහගම සේකර, ජී බී සේනානායක, පුංචිබන්ඩාර සන්නස්ගල, බද්දේගම විමලවංශ හිමි, සිරිසේන මාඉටිපේ, කේ ජයතිලක, සිරි ගුණසිංහ, ගුණදාස අමරසේකර සිනමාව - ලෙස්ටර් ජේම්ස් පීරීස්, සුගතපාල සෙනරත් යාපා,ගාමිණි ෆොන්සේකා, තිස්ස ලියනසූරිය, කේ ඒ ඩබ්ලිව් පෙරේරා, ලෙනින් මොරායස්, ජී ඩී එල් පෙරේරා, චිත්‍ර කලාව - එල් ටී පී මංජුශ්‍රී, පුවත්පත් කලාව - මිමන ප්‍රේමතිලක, රෙජී සිරිවර්ධන, ටී බී පෙරමුණේතිලක, ධර්මසිරි ගමගේ, ආතර් යූ අමරසේන, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, කැපී පෙනෙන පරමාදර්ශී චරිත වෙති. ඔවුන්ගේ ඇතැම් නිර්මාණ 50 දශකයේ එළිදුටුවද, ඒවා විකාශනයට පත්ව පරිණතභාවයට පත්වුයේ ඉන් ඉක්බිති දශකයේදීය.
මේ අතරින් සංගීත ක්ෂේත්රයේ යුග පුරුෂයන් ලෙස පන්ඩිත් අමරදේව, සනත් නන්දසිරි. වික්ටර් රත්නායක, මෙන්ම නන්දා මාලිනී, මර්වින් පෙරේරා, ප්‍රේමසිරි කේමදාස, සෝමදාස ඇල්විටිගල, ලයනල් අල්ගම, ඩී ආර් පීරිස්, වැන්නෝ සිහිකටයුතුය.
එදවස උත්තර භාරතීය සහ දක්ෂින භාරතීය සිනමා සංගීතයේ බලපෑම නිසා ලාංකීක ගීත ලෝලීන් වඩාත් නැඹුරුව සිටියේ රාගධාරි පෙරදිග සංගීත ශෛලිය අනුව ගැයුනු ගීතයන් රසවිඳින්නට බව කියැවෙයි. එදවස පැවති එකම විද්‍යුත් මාධ්‍යය වූ ’ලංකා ගුවන් විදුලිය’ ද හින්දී ගීත ද හින්දි තනු අනුකරණිත සිංහල ගීත ද ඊට අමතරව රාගධාරි පෙරදිග සංගීත මූලධර්මයන් අනුව ගැයුනු ගීතද සිය සංගීතමය වැඩසටහන් ඔස්සේ විසුරුවා හරින්නට වඩාත් නැඹුරුවක් දැක්වීය.
දැවැන්ත සංස්කෘතික බලපෑමක නිරත විය හැකි මහා භාරතයේ වගකිවයුත්තන් හට සිය අල්වැසි කුඩා දිවයින් වාසීන් ද තමන්ගේ සිනමා සහ සංගීත කලාවේ සෙවණ යටට ගන්නට අවැසි ව තිබුනු බවද ඊට රැකුල් දෙන එය ඉගි කරන සිද්ධීන් මෙන්ම වෙනත් සාක්ෂි ද හෙළිදරවු වු අවස්ථා වාර්තා වේ.
එහෙත් ඒ මහද්විපයට වඩා බ්‍රිතාන්‍ය ආධිපත්‍යය දැඩිව පැතිර එහි සංස්කෘතික බලපෑමට යටත් ව තිබු ලක්වැසියන් අතරින් එක්තරා කොටසක් එකී සංගීත සහ කලාව පිළීකුල් කරන්නට නැඹූරු වූ අතර ඔවුන් බටහිර සංගීතය දෙසට වඩාත් ආශක්ත ව. ඒ ආරට ගැයෙන සිංහල ගීතවලට ප්‍රිය කරන්නට වූහ.
මීට පූර්ව දශකයේ ආරම්භක යුගයේදී ’සුනිල් සාන්ත’ විසින් හඳුන්වාදෙන්නට යෙදුනු සරළ ලගන්නා සුඵ තනු නිර්මාණයන්ගෙන් යුත් ගී දහරට මෙන්ම ඔහු ඉන් දුරස්ව යාමෙන් පසුව මතුවූ ’සී ටි ප්‍රනාන්දු’ ගායන ශීල්පියා ගේ ගීත කලාව අසාමන්‍ය ලෙස ජනාදරයට පත්වන්නට මෙම කාරණය හේතු වන්නට ඇත.
60 දශකයේ දී මේ දෙදෙනාට අමතරව එම ආරට ගී ගයන්නට පුරුදු පුහුණූ වූ ’මොරිස් දහනායක’ ’ක්‍රිස්ටෝපර් පෝල් ගේ ගීත ද ක්ෂණික ශ්‍රාවක ප්‍රතිචාරයන්ට ලක් වූයේ ද ඒ නිසා වන්නට ඇත.
මෙම රික්තය වටහාගත් එක්තරා පිරිසක්, නවමගක යන්නට තිරණය කරන ලදුව, එතෙක් ඉතිහාසයේ නොපැවති ’ගී නවයුගයක්’ ඇරඹීමේ භාරදුර කටයුත්තට අතගැසුවේය. ඔවුන් අතරින් පළමුව නමක් රැන්දු පුද්ගලයා ’නෙවිල් ප්‍රනාන්දු’ නම් වු යව්වනයාය. ඔවූහූ කන්ඩායම් ලෙස පෙළගැසී බටහිර ගී අනුකරණය කරමින් සරළ පදවැල් ඇතුළත් ගී ගයන්නට නැඹූරුවෙද්දී සාම්ප්‍රදායික පෙරදිග සංගීත භාන්ඩ ඉවත ලා ලතින් ඇමෙරිකානු ප්රමුඛ වෙනත් වාද්‍ය භාන්ඩ තම ගායනයන් සරසන්නට යොදාගත්තේය. ’නෙවිල්’ ගේ ලොස් කැබැයියරෝස්’ ගායක කන්ඩායම විසින් වසග කරන ලද්දාවූ ’ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස්’ සිනමාවේදියා, සිය සිනමා නිර්මණයන් හි පිටපත් පවා වෙනසකට බඳුන් කරමින් මෙම යව්වන ගායක පිරිස ට අවස්ථාව ලබා දුන්නේය.
ඔහුගේ ’දෙළොවක් අතර’ - 1966 සිනමා පටයේ දී එදාමෙදාතුර සිංහල ගීත කලාවේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කල ’ගයන ගැයුම් ..............නටන නැටුම්’ ගීතය මුල්වරට ගැයුනේ ’සමාජ ශාලා ජවනිකාවක්’ ඇසුරු කරගෙනය.
එතැන් හි සිට බිහිවන්නේ ’ශ්‍රී ලංකාවේ කන්ඩායම් ගී නවයුගයයි’ හතු පිපෙන්නා සේ ’ ගායක කන්ඩායම් ’ එකපෙළට බිහිවූ අතර ඒවායේ සාමාජිකයන් තිදෙනා ගේ පටන් සයදෙනා දක්වා වූ අතර නායකයා බොහෝවිට ගේයවාග්කරුවෙකුම විය. (ගී පද රචනය, ගායනය, තනුව තනි පුද්ගලයෙකුගේ) පළමුව බටහිර වෙරළ තීරය ආශ්‍රීත සංචාරක හෝටල් හී ගී ගයද්දී, 60 දශකයේ මධ්‍ය භාගයේදී දේශපාලන පෙරළීයකට හසුවු ලංකා ගුවන් විදුලියට පත් ව ආ නිසි බලධාරීයා වූ ’නෙවිල් ජයවීර’ නම් කීර්තිමත් පරිපාලන නිලධාරියා විසින් මෙම කන්ඩායම් වල ගීත සඳහා එහි ඉඩකඩ විවර කර දුන්නේය.
ඒ අනුව 1962 පමණ කාලයේ සිට ක්‍රමයෙන් මෝදුවෙමින් ආ කන්ඩායම් ගී උන්මාදයේ කුටප්‍රාප්තිය 1972 පමණ වෙද්දී එළඹුනේ ඒ වනවිට බටහිර නගරාශ්රීතව විවිධ ගායක කන්ඩායම් පණහකටත් වඩා බිහිව තිබිමෙනි. මොවුන්ගෙන් බොහෝ දෙනෙක් ප්රශස්ත නිර්මාණකරණයේ යෙදෙමින් ස්වාධීන තනු සහ ගී පද ඇතුළත් නව ගී බිහිකරගත්තේ එවක පැවති ගී තැටි වෙළඳ සමාගම් හි පිහිටෙනි.
පැට්රික් කොරේරා ගේ ’ගෞරි කෝපරේෂන්’ - පිලිප්ස් ලේබලය, විජයපාල හෙට්ටිආරච්චි ගේ ’විසාකාමාල්ස්’ හි ’ජෙම්ටෝන් ලේබලය, ජෙරල්ඩ් වික්‍රමසූරිය ගේ ’චිල්රන්ස් බුක් ෂොප්’ හී ’සූරිය’ ලේබලය, ඒ අතරින් ප්රමුඛ විය.
නෙවිල් ප්‍රනාන්දු සිය කන්ඩායමට ස්පාඤ්ඤ බස අනුව තැබූ ’ලොස් කැබැයියරොස්’ අනුව යමින් බොහෝ සාමාජිකයන් එකී නාමකරණයෙන් තම කන්ඩායම් හඳුන්වා ගනිද්දී තවත් අය ඉංග්‍රීසි බසින් ද ඇතැමුන් ’සිංහල’ බසින්ද සිය සාමාජිකයන් නම් කළහ.
මෙල්රෝයි ධර්මරත්න ගේ ’ධර්මරත්න බ්‍රදර්ස්’, ප්‍රියා පීරිස් ගේ ’ලා බම්බාස්’ , වින්සන්ට් ජයවර්ධන ගේ ’ලොස් ෆ්ලෙමින්කෝස්’, ’ලොස් මුචාචෝස්’ නොයෙල් බ්‍රයන් රණසිංහ ගේ ’ලා සෙයිලනියන්ස්’ වර්ණන් පෙරේරා සහ වෛද්‍ය රංජිත් බොලොන්නේ ගේ ’ද ෂන්සයින්ස්’, ජෙරී ජයසේකර ගේ ’ජේ බ්‍රදර්ස්’ ටෝනි ප්‍රනාන්දු ගේ ’ජෙට්ලයිනර්ස්’ ජෝ බී පෙරේරා ගේ ’මි මැස්සෝ ග්‍රේෂන් ප්‍රනාන්දු ගේ ’ග්රෙන් ලෙනාඩෝර්ස්’ රේමන්ඩ් ෆොන්සේකා ගේ ’සමණළයෝ’ සහ පසූව ඔහුම සාමාජිකත්වය දැරූ ’සියැක්’ , නිශ්ශංක විමලසූරිය ඇතුඵ පිරිස නියෝජනය කල මිගමූවේ ’ඇමිගෝ රොමැන්ටිකාස්’ මැක්ස්වෙල් මෙන්ඩිස් ගේ මෙන්ඩිස් ෆෝසම් ලෙස්ලි ප්‍රනාන්දු ප්රමුඛ බෙන්තොට බීස්, කන්නන්ගර ඇතුඵ පිරිස ගේ ’ද ලවර්ස්’ සහ ළාබාලතම කන්ඩායම වූ ’සුනිල් පෙරේරා ඇතුඵ සහෝදරයන්ගේ ’ජිප්සීස්’ මේ අතර විය. මේ ලැයිස්තුවට ’ස්ටැන්ලි පීරිස’ ගේ ෆෝර්චූන්ස්’ මෙන්ම අර්නස්ට් සොයිසා ගේ ’සුපර්ස්ටාර්ස්’ ඇතුළත් නොකළ හැක්කේ ඔවුන් සිය නමින් ’කන්ඩායම් ගී’ කිහිපයක් පසුව පටිගත කළත් ඒවා ඉහත ගුවන් විදුලිය විසින් මුල්වී කෙරුණු ’කන්ඩායම් ගී’ වර්ගීකරණය ට ඇතූලත් නොවූ නිසාය. ජෙට්ලයිනර්ස් කන්ඩායම වැඩිමනත්ව ’ඉංග්‍රිසි ගී’ ගැයුවත් ඔවුන්ගේ සමාජිකා මිනෝන් රත්නම් ප්‍රනාන්දු’ විසින් සිංහල ගී කිහිපයක් පටිගත කරන්නට යෙදුනු අතර ඒවා අතිශයින් ජනප්‍රිය විය. (කැදැල්ලේ ඇතිවූ කිරිල්ලී වගේ................, අද අපි ඉන්නේ විනෝදෙන්ම මත්වී - සතපණහ සිනමාපටය - 1965 සහ රණමොණරාගෙන් මොණරිය ඉල්ලන්නේ - සැණකෙළිය - 1975)
මෙම කන්ඩායම් අතරින් සියඵ සාමාජිකයන් අභිබවනය කරමින් කිසිවෙකු හට මතු වි කැපී පෙනෙන්නට හැකි වූයේ නම් ඔහු එවකට ලාංකිකයන් අතර පැවති උසස් ගණයේ කලා සාක්ෂරතාවය අනුව, සුවිශේෂි ගායන ශීල්පියෙකු නිර්මාණකරුවෙකු විය යුතුමය. සැබැවින්ම එතැන ගන්නට සමත් සාමාජිකයෙකු මතු වි නැග ආවේය. ඔහු අන් කවරෙකු හෝ නොව ඔබත් මමත් හොඳින් හඳුනන ’මූන්ස්ටෝන්ස්’ කන්ඩායමේ මෙහෙයුම්කරු ලෙස මුලින්ම කටයුතු කල අනගිභවනීය කලාකරු ක්ලැරන්ස් විජේවර්ධනය.
කන්ඩායම් ගී ගැයූ සෙසු සාමාජිකයන් අනුව යමින් හේතමේ තනු නිර්මාණයේ යොදුනේය. ඒවා සෙස්සන්ට වඩා විචිත්‍රවත් විය. වර්ණවත් විය. ඉන් නොනැවතී ඒවාට කමණිය සිංහල ගී පද ඇතුළත් කරමින් අරුත්බර ගී පද රචනාවන් ඉදිරිපත් කලේය. අරුමයකි. ඒ සෑම නිර්මාණයක්ම එකක් පසා මහත් සේ ජනප්‍රසාදයට ලක් විය. සෙස්සන්ගේ ගී නිර්මාණ ගණනාවකින් දෙක තුනක් පමණක් ඉදිරියට එද්දී ඔහුගේ ගී නිර්මාණ අතළොස්සකින් එකක් දෙකක් පමණක් ගිලිහි ගොස් අන් සියඵ ඒවා ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ වැජඹුනේය. ඒ රහස කිම ?
ඒ ඔහුගේ ජන්ම වාසනාව නිසාද ? නැතහොත් සහජ නිරමාණශීලිත්වය නිසාද ? නව ක්‍රමවේද අත්හදා බැලීම නිසාද ? ඇතැම් විට ඊට මේ සියඵ කරුණු හේතු වුවා නිසැකය.
ඔහු පිළීබඳව හොඳින් දැන හැඳින ගත්තෝ ඔහුගේ සමකාලීනයන් ය. ඔවුන්හට ඔහු ගැන බොහෝ දෑ පවසන්නට ඉතිරිව තිබෙනවා විය හැකිය. මෙම අපුර්ව නිර්මාණකරුවා ලාංකීය ගීත ලෝලීන් උදෙසා තිස්වසක කාලයක් තුල කළ කී දෑ ලුහුඞින් විමසා බැලීමට දරන්නා වු තැතකි මේ. මෙහිදී හුදෙක් පුද්ගලාභිවාදනයකට සිමානොවී ඔහු ගේ නිර්මාණකරනයේදී අත්වැල් බැඳගත් සෙසු ශිල්පීන් ගේ තොරතුරු ද ඊට සහය වූ පුද්ගලායතනයන්ගේ වතගොත ද සාකච්ඡාවට බඳුන් කෙරෙයි.
විතාන කුරුප්පුආරච්චිගේ ක්ලැරන්ස් ආතර් සේමසිංහ විජේවර්ධන 1943 වසරේ අගොස්තු මස 03 දින හපුතලේ දී උපත ලබා පසුව රත්නපුර බටුගෙදර ප්‍රදේශයට පැමිණියේ සිය පියා වතුයායන්ගේ වෛද්‍ය නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටි නිසාය.
ලීවර් සහෝදර සමාගමේ දැන්විම් අංශයේ සේවය කල ’ශ්‍රී සගබෝ කොරයා’ මුණගැසෙන ලදුව 1966 වසරේදී ඔහු ’මූන්ස්ටෝන්ස්’ නම් වු ගායක වාදක කන්ඩායම පිහිටුවා ගන්නා ලද අතර පළමුව ගීත 04 ක තනු සහ වදන් ඔහු විසින්ම සකසා ප්රැටික් කොf්රරා ගේ ’පිලිප්ස්’ ජාත්‍යන්තර ලේබලයේ ඊ පී තැටියක් උදෙසා පටිගත කරන්නට යෙදුනි. එහි පෙරටුගාමී සාමාජිකයන් ව සිටියේ ධම්මික විජේසිරි, මොන්ටි වත්තලදෙනිය සහ ඇනස්ලි මාලේවනයි. ඉන් ටික කලකට පසුව ඊට ෆෙරෝස් අස්මන් (ගිටාරය), උපාලි උබයසේකර (සිතාර්) ද සම්බන්ධ විය.
'ගුවන් විදුලි ඉංග්‍රිසි සේවයේ ප්රවිණ නිවේදක ’විජය කොරයා’ විසින් ඔහුගේ ගීත ඇතුළත් තැටි ඇල්බම ගුවන් විදුලියේ ඉංග්‍රිසි සේවයේ සති අන්තයේ ’සැටර්ඩේ ස්ටාර්ස්’ වැඩසටහනේ වාදනය කරන ලදුව, ඔහුද ඔහුගේ කන්ඩායම ද දිවයින පුරා සංගීතලොලීන් විසින් ආදරයෙන් වැළඳගන්නා ලදී. ඔහුගේ මැදිහත්වීම නොවන්නට, ඔවුන් ඇතුඵ සියඵ කන්ඩායම් ගී සාමාජිකයන් ගේ ගීත ’වෙළඳ තැටියට සිමාවී ඒවා ධාවන යන්ත්‍ර පෞද්ගලිකව සතු කරගත් ඉතා සිමිත ගණනක සංගීත ලෝලීන්ට සිමා වන්නට ඉඩ තිබිනි.
මෙම ලිපිමාලාවේ දී ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ මුල් ගීත ගණනාවක් ඉදිරියේදි පළකරන්නට අදහස් කරගෙන සිටිමි. මෙහි ඉදිරිපත් කෙරෙනුයේ පූර්විකාවක් බැවින්, ඔහුගේ අනගිභවනීය නිර්මාණ හැඳින්වීමේ සංයුක්ත සංගීත ඛණ්ඩයක් එනම් ඔහු විසින් තමන්ගේ සහ අනුන්ගේ ගීත උදෙසා පබඳින්නට යොදුනු සුරම්‍ය විදුලි ගිටාර් වාදන ඛන්ඩ රටා සහ ඔහුගේ නිර්මාණයන් ගුරුකොට ගෙන සහෝදර ශීල්පී ස්ටැන්ලි පීරිස්  ඇතුඵ ඔහුගේ ෆෝර්චූන්ස් වාදක මන්ඩලය (දුව රෝසී - වින්ස්ලෝ සික්ස් ගායිකාවන් - 1971)  විසින් කළ අනුවාදනයක් ඇතුළත්ය.
මෙතැන් හි සිට ඉදිරියට.................
මුලාශ්‍ර තොරතුරු - කෘතඥ පූර්වක ස්තුති ප්‍රනාමය
ගායන ශිල්පී ඇනස්ලි මාලේවන මහතා (මූන්ස්ටෝන්ස් - ද සුපර් ගෝල්ඩන් චයිම්ස්)
ගායන ශිල්පී අනිල් භාරති මහතා (ද ගෝල්ඩන් චයිම්ස්)
ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය (ත්‍රී සිස්ටර්ස්)
ගායන ශීල්පිනී ලාංකිකා පෙරේරා මහත්මිය (ද ගොල්ඩන් චයිම්ස්)
සංගීතඥ ගායන ශිල්පී මෙල්රෝයි ධර්මරත්න මහතා (ධර්මරත්න බ්‍රදර්ස්)
සංගීතඥ ගායන ශිල්පී මහින්ද බන්ඩාර මහතා (ෆෝර්චූන්ස්) - ප්රවිණ ගිටාර් වාද්‍ය ශිල්පී -
පීටර් රණසිංහ මහතා (ලාංකා ගී තැටි සංරක්ෂකයන් -එකතුකරන්නන්ගේ සංගමය)
Eda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.com4tag:blogger.com,1999:blog-4444846852168595125.post-16021686679543473552023-05-18T20:19:00.001-07:002023-05-18T20:21:04.120-07:00Somapala Ratnayake Creations
සොයුරු බැම්මෙන් බැඳි තත් සර .....ඔහු සෝමපාල රත්නායක නම් විය....................
බටහිර සංගීතයේ නාද රසගුලාව මවන්නේ සංගීත භාන්ඩ සංවාදයේ යෙදෙන සංධවනියයි. එයින් ශ්රාවකයා ගේ මනසේ විචිත්‍ර රූප මවයි. ඔවුන් ශ්‍රාවක ඔබට කිසියම් සිදුවිම් පෙළක් නෙකාකාර වු රස මවමින් කියාපායි. අසල්වැසි භාරතීය බලපෑම නිසා එකී සංගීත ශෛලිය හුරු පුරුදු ලාංකිකයන්හට මතු කි ’බටහිර සංගීත’ මිහිර ආගන්තුකය. එවැන්නකට සමාධිගත වී සිත්සනහා ගන්නට සිය ශ්රවණෙන්ද්රියන් හුරුපුරුදු කරගත්තෝ ඉතා අල්ප විය හැකිය.
සංධවනි වාදක බලමුඵවක සාමාජිකයන් අත ශුෂිර ගණයේ භාන්ඩ ගණනාවකි. තත් භාන්ඩද එපමණටමය. අඵවෙන් වයා තත් ප්‍රකම්පනය කරවා හද කිතිකවන භාන්ඩ පවුලේ සාමාජිකයන්ගේ වෘද්ධතමයා ට පියවරක් පසුපසින් සිටින්නේ ’ෂෙලෝ’ වයි. ඔහුගේ දෙටු සොයුරා ’ඩබල් බේස්’ වන අතර ’කණිටු සොයුරන් අතර ’වියෝලා’ සහ ’වයලීන්’ සිටිති.
70 දශකයේ ද එය පිරිවරාගත් දශකයන් ද්විත්වයේදීද, කර්ණරසායන ගී තනු හැඩගන්වන්නට මතු කී බටහිර වාදf්‍යා්පකරණ මහත් රාශියක් යොදාගන්නට තරම් ලාංකීය ගාන්ධර්වයන් නාද රස හඳුනන්නෝ බවට පත් වී සිටියහ. එවයින් දිව්‍යමය ගාන්ධර්යාණෝ ’පන්සිඵ’ ද විළියෙන් විපිළිසර වන්නට ඇතිවා නිසැකය.
එයින් මතු කී ’ෂෙලෝ’ නම් වු තරමක් විසල්, පොළොව මත සෘජුව ස්ථානගතකරමින් අඵවෙන් වයා නාද උපදවූ වාද්‍ය භාන්ඩය වැයු රසවතුන් අතර ප්‍රමුඛයා ඔහුය. සිය දෙටු සොයුරා ගේ සංගීත සමාධිය එනම් ’ස’ ප්‍රසංගයේ වාද්‍ය වෘන්දයේ කොණක සිට ඔහු දැහැන්ගත විය.
ආශීර්වාද කරම් .............
තින් දිවයුරු ...මැවූ සුරගුරු ... නිතින් මල්බර ...............
ගුවන් විදුලියෙන් නිතර ගුවනට මුසුවූ මෙම ආසිරිපැතුම් ගී මිහිර ගැයු දෙදෙනාම අද අප අතරින් සමුගෙන ගොසිනි. ඒ මාලිනි බුලත්සිංහල සහ නීලා වික්‍රමසිංහ ප්රවිණ ගායන ශීල්පිනියන් දෙපොළයි. මහඇදුරු සුනිල් ආරියරත්න පබැඳු එහි සත්සර රටා පෙළගැස්වූ ඔහු ද කලකට පෙර ලක්වැසි ගීත ලෝලීන් හට සිදුකළ මෙහෙවර නිමවා දිව්‍ය ගාන්ධර්වයන් අතරට ගිය සංගීතවේදී සෝමපාල රත්නායකය.
වතපුරා වැවුනු පුඵන්රොදක් වන් සුදු රැවුළින් යුතු ඔහුව රූප මාධ්‍යයෙන් හඳුනාගන්නට අපහසු නොවේ. තමන්ට පැවරුනු කාර්ය භාරය නොසැළී නෙැපැකිළී මහත් කැපවීමකින් ඉටුකරදෙන්නට සැදි පැහැදී සිටි ඔහු විසින් 70 දශකයේ සිංහල ගීත වසන්ත සැණකෙළියේ පෑ විස්කම් දස්කම් වත්මන් පරපුරේ ගී රසවතුන් නොහඳුනනවා විය හැකි වුවද ඔහු විසින් නිමවන්නට යෙදුනු ගීතාවලිය පිළිබඳව ඉතා හොඳින් දැනුවත්ය.
ලංකා ගුවන් විදුලි ආයතනයට සම්බන්ධ වී එහි සේවය කරනාතරවාරයේ සංගීතවේදී ’සෝමපාල රත්නායක’ විසින් අඩසියවසකට ඉහත යුගයකදී හැදු ගීත අදද ශ්‍රාවක මනසින් බිඳකුදු හෝ ඈත් නොවීමෙන් පසක් වන්නේ ඔහු ගේ රමණිය ගී තනු සහ නාදරටා නිර්මානයන්හී සඵලතාවයයි.
ගායනශිල්පි මිල්ටන් මල්ලවාරච්චි ගීතාවලිය ඔප්නංවන්නට ඔහු විසින් පෑ දායකත්වය හුවා දක්වන ගී යුගළයකි මේ
ඔබ වෙනුවෙන් මා ගැයු ගී පෙරදා...........
යලි ඔබ සවනේ නොරැඳි නොඇසි ....
සුළගේ මිලින වුනාවේ ..................
සඳ උතුරා ගංගාවේ ...........
ඔබේ රුව දෝ මැවුනේ ...................
මෙතැන්න සවන්දෙන්න
1979 තිරගත වූ ටයිටස් තොටවත්තයන්ගේ සම්මානනීය ’හඳයා’ සිනමාපටයේ ළමුන් විසින් ගැයූ ගී ද්විත්වයද, ඔහුගේ රූපවාහිනි ආගමනයෙන් අනතුරුව නිමැයුනු ’සැකිළී රූ’ රසගුලාවේදී ඇසුණු ගීතයන්හිද සත්සර නිර්මාණකරුවා ද සෝමපාලයන්මය.
01 කවුරුද කවුරුද දැන් ලොක්කෝ ......
අපිමයි අපිමයි දැන් ලොක්කෝ................
02 සිගිති ලොවේ හුරතල් හඳයා .......
සිහින රටේ සිට ආ හඳයා ...........
ළපටි සිතුම් හඳුනන හඳයා .............
අදත් හෙටත් හිනැහෙයි හඳයා....................
03 මුහුද මගේ ගොඩබිමයි .......
නැව මගේ නිවසට සමයි...
සියඵ සතුන් මගේ තමයි...
දොස්තර හොඳහිත මමයි...
විකපිඩීයා වෙබ් අඩවියේ ලියැවි ඇති පරිදි, සියවස් පහක අධිරජ කිරීටයෙන් ලක්මව නිදහස ලැබු දිනය ගතවෙද්දී ඇයගේ ඇකයේ ඔහු තෙමස් වියැති බිළීඳෙකි. අගනුවර සිට කඳුරට පුරය දක්වා අධිරද යුගයේ ඇරුණු මාවතේ මහාකඳුහෙල් ගිරිදුර්ග පෙළ අවසන් වු වහාම මුණගැසෙන්නේ ’සෝමපාල’ ඇතුඵ පිරිසගේ ජාතභූමියයි. එතැන්හි සිට ගව්වක පමන දුරින් මහවැලි නදියෙන් එතෙරව මද දුරකින් ඒ මාවත අද්දර පිහිටුවා තිබුනු ’එම් ජී පී’ අක්ෂර ත්‍රිත්වයෙන් සැම දැන හැඳිනගත් ’කලායතනයේ’ ඔහු ස්වර සප්තකයේ’ මහිමය හැදෑරිය. ඒ පියස ’වික්ටර් රත්නායක’ නම් වු මහරු සංගීතවේදියාද ගුරුහරුකම් ලැබු බිමයි.
අගනුවර වෙත පසුකලක පිවිසි ඔහු ’සිලෝන් සිම්පනි’ සංගීතසමූහයේ සාමාජිකා බර්ගර් ජාතික ජෝයිස්’ මහත්මියගෙන්ද, ආර් ඒ චන්ද්‍රසේන, එම් කේ රොක්සාමි, ප්‍රේමසිරි කේමදාස යන ප්රවිණයන්ගෙන්ද බටහිර සංගීතයේ ශීල්පියක්රම ප්‍රගුණ කරන ලදුව ’ෂෙලෝ’ වාද්‍ය භාන්ඩයේ තත් හැඞවීමේ ශිල්පයේ නිරත විය.
’හඳයා’ ගෙන් පසුව දශක දෙකක තරම් කාලයකදී සිනමාකෘති සියයක පමන සංගීත මෙහෙයුම් කර්යභාරයේ නිරතව සිටියද, ඒවා බොහොමයක් ඔහුගේ පෙරකී ගුවන් විදුලි ගීතාවලිය තරම් පරසිඳු වුයේ නැති බව පෙනීයයි.
අරුන්දතී තාරකාව සේ දිළී දිළී ........
නුවන් පෙති විඩා බලා හිඳ සැලී සැලී .........
බ්රහස්පතී මැනික් යොවුන් සිත් බැඳි බැඳි .......
දවස්පති රුවින් සිනාසෙයි නැගි නැගී .................
මෙතැනින් සවන්දෙන්න
විවිධ නිෂ්පාදකරුවන් විසින් හැඩගැන්වූ සංගීතමය ප්රණිතාංගයන් වෙත දායකත්වය ලබාදී, එයින් අමයුරු ගී පෙළක් ලක් දනන් වෙත දායද කරන්නට ඔහුගේ ඉරණම් ප්‍රතිභාව ඉඩකඩ ලබාදුන්නේය. වරෙක ඔහු ගී අරුතෙන් කියැවෙන පණිවුඩය වඩාත් දියුනූ තියුණූ කරන්නට, විසල් ගණනක වාද්‍ය භාන්ඩ සංකලනයක් යොදා ගන්නට උත්සුක විය.
නිදහස් අදහස් දැයට හොවා .................
නිවහල් සිතිවිලි බසට කවා ................
දෙසබස රැස වැඩු නියාමක වී..............
ජන යුගයේ ජන යුගයේ ....................
මෙතැනින් අසන්න
කුංකුම අංජන චන්දන තවර රංජනී සිනාසුනා......
නළළ පුරා තිලකය තියලා මට ආදර බස්දුන්නා ......
මා හද සනසන්නී බැඳි ආලය පවසන්නී............
එක්තරා දිනයක රූපවාහිනි ’නන්දන වින්දන’ රූ සරණියේදී ළබැඳි ගායන මාධූර්යය ’මිල්ටන් මල්ලවාරච්චි’ ගයද්දී, තනු සහ සංගීත නිර්මාණය නාමාවලිය යටතේ තිරයේ ඇඳුනේ ඔහුගේ නමයි. එය මිල්ටන් ගීතසමුච්ඡයේ අතිශය ආකර්ෂනීය ගී මුතුකැට අතරට එක්ව තිබිණ.
සිහිනෙන් ඔබමට පෙනෙනවනම්..........
අවදි නොවි ඉන්නම් ..........
කිසිදා ඔබේ අත නොලැබේනම් ...........
හැමදා තනි වෙන්නම්..................
කැසට් පටයකින් ශ්‍රවණය වු වේගරිද්ම සංගීතය ගැබ්වු මිල්ටන් ගීතයකට මුල් වූ ’ගුවන් විදුලි’ සරළ ගීතයේ දී සාම්ප්‍රදායික බටහිර සංගීත ආරෙන් මිදි ඔහු හඞ අවදිකළේ ද සෝමපාල රත්නායක සංගීතවේදියාගේ මියුරුනාදරටාවන් වෙතටය.
රණබර ඉඳුදුනු සිතුවම් වෙලා ........
බිගුරැස් මල්පෙති මතමත් වෙලා ..........
වසන්තේ උදා වුනා .................
ගුවන් විදුලි පිටපතට සවන්දෙන්න
භාව ප්‍රකම්පිත ගී හඞ අවදිකරන්නියන්ගේ ප්රමුඛ සාමාජිකා ගුවන් විදුලි ගායිකා ආචාරිනී නිලා වික්‍රමසිංහ ගේ ගැයුමකට හදකිතිකවා දැහැන්ගතකරවන මියැසි රටාවක් එක්කරන්නට තරම් ඔහු බුහුටි වුයේ ඊට නියම අව්‍යාජ ගුවන් විදුලි ගීතයක හැඩතල අත්කරදෙමිනි. ඒ ඉහත ගීතාවලිය හා සමකාලීනව 70 දශකයේ මධ්‍ය භාගයේදීමය.
වෙනෙකුගේ දුක් පීඩා වෙනුවෙන් ..........
ගුවන් විදුලි ගායිකා පරපුරේ 70 දශකයේ පහන් කන්ද මත දිදුළ පහන් තරුව බඳු ආචාර්ය නන්දා මාලිනී ගුවන් විදුලි නිර්මාන වෙත නාදසංකලන මුසුකරදෙන්නට වරෙක ඔහු ඉදිරිපත් විය. එහි ඇයගේ 70 දශකයේ ගුවන් විදුලි ගීතාවලියේ ඇයගෙන් පරිබාහිර සංගීත සංයෝජනයන් සහ තනු වලින් විනිර්මුක්ත වූ අතළොස්සක් වු ගීත අතර නොමැකෙන සිහිවටනයක් බවට පත්විය.
දනිම් හැඳින්නෙමි හිමි සඳිනේ ................
ඉරත් ඔබට මට සඳත් ඔබට මට මවත් ඔබය මට ............
හිමි සඳිනේ ..................
ප්‍රේමකිර්ති ද අල්විස් නම් වූ සුන්දර නිර්මාණකරුවා වෙතින් ගීත රචනා ප්‍රවාහයක් එකවර මතු වි නැගි ගලා ගියේ 70 දශකයේදීය. ඔහු 1969-1982 අතර කාලයේ දී ගුවන් විදුලියට ටද වෙළඳ ගී තැටි සඳහා මෙන්ම සිනමාවටද එකවර අතිවිශාල ගී සංඛ්‍යාවක් රචනා කළ අතර ඒවා අතර රසිකයන් විසින් ආදරයෙන් නොවැළඳගත් ගී තිබුනේනම් ඒ අතක ඇගිලි ප්‍රමාණයකය. සංගීතවේදී සෝමපාල රත්නායකගේ නෙතට ද ප්‍රේම් ගී රචනා නිරන්තරයෙන් ගැටෙමින් තිබුනු අතර ඒවා ඔහු අතින් මධුර ගී කාව්‍ය ලෙසින් රූපාන්තරනයට ලක්විය.
සමන් පොකුර මැණික් කැටය .............
හංස දේණුවේ ..........................
මෙවන් වදන් වලින් මොටද මා අමතන්නේ .................
මිනිස් ළඳකි ආදරයෙනි ඔබ ලග ඉන්නේ ................
සුරංගනා කථා වලින් පළක් නැත ප්රීයේ ....
බඳුරු ඝටය කප්රුක හද උයන් තුළ තියේ
අඳුර තරම් ..එළියක් ආදරයෙන් පිරිළයේ ...
තව කොතනද කියනු මැනවි හැගුම් ඉදිරියේ ...................
රතැගිලි තුඩු රන්මුදු ලා මොටද සරසවා ....
මහමැදුරක දොරටු තුලින් පිවිසි රෑ දිවා ...
ධන සම්පත් පිරි ගෙයක් පළක් ලොව නැතේ...
ආදරයෙන් අමතනු මැන එයම මට ඇතේ .....
මෙතැනින් සවන්දෙන්න
සිංහල සංගීත ලෝකය විචිත්‍රවත් කරනු වස් මතු දැක්වූ කමණීය ගීතාවලියට අමතරව තවත් බොහෝ ගීත නිර්මාණය කරදුන් ’සෙලෝ’.. වාද්‍ය ශුරී සෝමපාල රත්නායකයන් ’70’ වසරක ජීවන චාරිකාව’ නිමාකරමින් 2017 වසරේ ජූලි 18 දිනදී මෙළොව හැර ගියේය.
Eda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.com6tag:blogger.com,1999:blog-4444846852168595125.post-36369478872777454092023-05-03T22:30:00.001-07:002023-05-03T22:30:20.461-07:00Premasiri Khemadasa - Pandith Amaradeva Creations
ආචාර්ය ප්‍රේමසිරි කේමදාස - පන්ඩිත් අමරදේව ’පිරිත්’ ස්වරමාලාවේ ඇසුර ලබමින් ....................................... ඔබව දැහැන් ගත කරයි .....1965-1978
සිම්පනි එනම් සංධවනි ලාංකීය සංගීත රසිකයන්හට එතරම් හුරු පුරුදු නොවන බවක් පෙනෙයි. අගනුවර සහ ප්‍රධාන නාගරික පදෙස් අවට දිවිගෙවන රසිකයන් මෙන්ම විදෙස් ගත ව පෙරළා සපැමිනියවුන් එවැනි සංගීත රසයන් කරා ඇදුනද නගරයෙන් දුර බැහැර බහුතර ගීත ලෝලීන් ඒවා කෙරෙහි උනන්දුවක් දක්වන බවක් නොපෙනේ.
ශ්‍රී ලංකීය සංගීත ක්ෂේත්රයේ සංධවනී නිර්මාණය කර සංදර්ශන පැවැත්වූ එකම සංගීතඥයා ලෙස ඉතිහාස ගත වන්නේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් බව නොදන්නෙක් නැත. ඔහු අඩසියවස් කාලයකට පමන පෙර 1967 වසරේදී පළමුවරට ’සිංහල අවුරුද්ද’ නමින් සංධවනියක් ඉදිරිපත් කරන්නට යෙදුනු අතර එය පසුව 70 දශකයේ දී එක්තරා වෙළඳ ආයතනයක ලේබලයක් යටතේ තැටිගත වී වෙළඳ පොළට පැමිණියේය.
එහි අඩපැයක පමන කාලයකට කැටි වූ සංගීත ඛන්ඩයක් අඩංගු ව තිබුනු අතර ඒ වාද්‍ය ඛන්ඩ පසුව ලංකා ගුවන් විදුලි වැඩසටහන් වල ’තේමා’ සංගීතය ලෙස යොදගන්නා ලදුව නිරතුරු අදාළ වැඩසටහන විකාශය වෙද්දී වාදනය කරන්නට යෙදුනි.
පසු කාලීනව දිවයිනේ ප්‍රමුඛතම සංගීතවේදීන් බවට පත් වූ සරත් දසනායක, රෝහණ විරසිංහ, ඩී ඩී ගුණසේන, වැන්නන් පෙරකී සංධවනියේ වාද්‍ය ශිල්පීන් ලෙස සහභාගී වී විශාල අත්දැකීම් සහ දැනුම් සම්භාරයක් අත්කර ගත් බව කියැවේ.
සංධවනියක් යනු කිම ? මසැසින් නරඹන දසුන් ද දෙසවනින් සවන් යොමන සංවාදයක් ද දැන අවබෝධ කරගැනීම පහසුය.භාෂා මාධ්‍යය හඳුනන්නේ නම් වටහා ගත හැක්කේ නම් එවිට එහි අරුත ශ්රාවකයා නිරායාසයෙන්ම හඳුනාගනී. නමුත් සංධවනියකදී සංගීතඥයා ගේ මනසේ ඇඳෙන රූප දසුන් ඔහු හොඳින් ප්‍රගුණ කර ඇති සංගීත ස්වර භාෂා මාධ්‍යයක් ලෙස උපයෝගී කොටගෙන එයින් ශ්රාවකයාට කිසියම් පණිවුඩයක් සංනිවේදනය කිරීමයි. ඒ අනුව එයින් කියැවෙන පණිවුඩය ශ්රාවකයා දැන හැඳින ගත්තද නොගත්තද ඔහු ද ඔහුට ආවේනික රූප දසුන් සිත්හී මවාගෙන එයින් දැහැන්ගතව කිසියම් වින්දනයක් ලබන්නේය.
මෙහි වැයෙන ’සිංහල අවුරුද්ද’ හිසින් යුත් වාද්‍ය ඛන්ඩ මාලාව අවධානයෙන් රසවිඳිමෙන් එහි වැයෙන්නා වු විවිධ සංගීත භාන්ඩ සහ ඒවයේ ස්වර රටා පළපුරුද්දෙන් පුහුණුවෙන් අවබෝධකරගැනීමෙන් එයින් සංනිවේදනය කරන්නට යන අදහස ගැන අවබෝධයක් ලබාගත හැකිවනු ඇත. එහි සාර්ථකත්වය රඳා පවතින්නේ ශ්රාවකයා විසින් අත්කරගෙන ඇති සංගීත ඥානය ඔහුගේ වින්දන ශක්තිය මතය.
මෙවැනි සංධවනී වලට සවන් යොමා දෙසවන හුරුකරගත්තවුන් හට ’සංගීතය’ නම් විශ්වීය බසේ තම නිම්වළලු පුඵල් කරගෙන එහි සරළ සංඝටකයක් වූ ’ගීතය’ වඩාත් අර්ථසම්පන්න ලෙස දැන හැඳින අවබෝධකරගැනීමේ හැකියාව ලබනු ඇත්තේය. ගීතය ’අන්තර් වාදන’ සංගීත ඛන්ඩ වෙතින් සංගීතඥයා කුමක් අදහස් කරන්නේද යන්න ශ්රාවකයා හැඳිනගත්තේ නම් මුලින් කී ශීල්පියාගේ ප්රයන්තය අපතේ නොයයි.
අවසනාවකට ලාංකීය ශ්‍රාවකයන් අදටත් එදාටත් දෙසවන හුරුකරගෙන ඇත්තේ ගීයක පදමාළාව විමසා බලා පිරික්සන්නට මිස එහි ස්වරසංකලනයෙන් සංගීත සංයෝජනයෙන් කියැවෙන අදහස පිළීබඳව නොවේ.
’70 දශකයේ’ නිකුත් වූ මෙම සංධවනී මාලාව රැගත් වෙළඳ තැටියේ කංචුකයේ සඳහන් ව ඇති සටහන මෙම ’සිංහල අවුරුද්ද’ නම් වූ සංධවනියේ එක් එක් සංගීත ඛන්ඩය වඩාත් හොඳින් හැඳිනගන්නට ඉගි සපයනු ඇත.
1979 තිරගත වූ ’වීර පුරන් අප්පු’ සිනමාපටයේ පසුබිම් සංගීත රටා නිර්මාණය භාරවුයේ ද කේමදාසයන්හටය. ඔහු විසින් ඊට දශකයට පමන පෙර පිළියෙළ කල ’සිංහල අවුරුද්ද’ සංධවනියේ වැයුනු එක්තරා සංගීත ඛණ්ඩයක් එකී සිනමා පටයේ කුඩාපොළ හිමි ඇතුඵ කිහිපදෙනෙකු ගේ විහාරස්ථාන ආශ්‍රීත ජවනිකා පෙළකට පසුබිම් වාදනයක් ලෙස භාවිත කරන්නට යෙදිනි. ඉතා සංයමයෙන් සිතාරයෙන් සහ බටනලාවෙන් වැයෙන ඊට තාලවාද්‍ය භාන්ඩ ඇතුළත් නොවේ.
(ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් විසින් 1967 පමණ පටිගත කරනු ලැබු සංධවනීයක ’සිංහල අවුරුද්ද’ ලෙසින් නම්කෙරුණු සංගීත පර්ච්ඡේදයෙන් මෙම නාදරූපකාව්යය උපුටා ගැනිනි. මෙහි ’සිංහල අවුරුද්ද’ මියැසි බසින් ඔබට කියාදෙයි. මෙම හඞ පටයේ විනාඩි 4 තත්පර 20 දී ඇරඹෙන්නේ ’හිස තෙල් ගැමේ’ චාරිත්‍රයයි’. එහි මතු වි නැගෙන්නේ රුවන් සුතුරේ නාදමාලාවයි. මෙම භාරදුර කර්තව්‍ය සඳහා අතිවිශාල වාද්‍ය වෘන්දයක් සහභාගී වූ බව කියැවේ සංගීතඥ ’සරත් දසනායක’ ද මෙහි සිතාර් වාද්‍ය වෘන්දය නියෝජනය කළබැව කියැවේ.
මෙතැනින් සවන්දෙන්න
මෙකී සංගීත ඛන්ඩයට ඉතා සමිප නාදමාලාවක් ඔහු විසින් සංගීතවත් කරන්නට යෙදුනු තවත් සිනමා පටයක් වූ ’විමලදාස පෙරේරා’ ශූරීන් ගේ’ ’සමනල කුමරියෝ’ හි ගැයෙන තේමාගීතය වෙනුවෙන් ඔහු භාවිතා කරන්නට යෙදිනි. ඒ ගීතය ගැයුවේ මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි සමගින් තවත් ගුවන් විදුලි ගායිකාවක් වූ ’නාලිනී රණසිංහ’ විසිනි. මේ 1972 වසරයි.
සුමන සමන් දෙවි විමන කෙරෙන් එන ...................
ගිමන නිවන මහිමේ ....................
සුමුදු උදෑසන මුණිපා නමදින ...............
සමනල කඳුවැටියේ ....
පාමුල පිහිටි මනා .....
සමනල ගම සොබනා .....
මෙතැනින් සවන්දෙන්න
මෙකී සංගීත නිර්මාණද්වයෙන් ඔහු පර්යේෂනාත්මකව සිදුකල කටයුත්ත කුමක්දැයි සුභාවිත සංගීතයට දෙසවන් හුරුකරගත් ශ්රෘවකයන්හට දැන හැඳිනගන්නට අපහසු නොවන බව නිසැකය.
සංගීත ඛන්ඩයත් ගීතයත් ආකෘතියෙන් සර්වසම වෙයි. එය සිංහල බොදු සංස්කෘතියට ඉතා සමීපය. බොදු ආගමික මෙහෙයන් හි නිතර නිරත වන සංගීතලෝලීන් ඊට කේමදාසයන් විසින් ගුරුකොට ගත් මූලික නාදමාලාව කුමක්දැයි හඳුනාගනු ඇත.
එය අන්කවරක් හෝ නොව බොදු ’මහපිරිත්’ දේශනාවන්හී පැණෙන සුවිශේෂී පිරිතක් වූ ’රතන සුත්‍රය’ යි. සර්වරාත්‍රීක පරිත්ත දේශනාවන් හට සවන් යොමා ඊට දෙසවන හුරුකරගත්තෝ හට මැදියම් රැය එළඹෙන යාමයේ නිහඞ නිසසල නිශා යාමය සසල කරවමින් නිවුනු සංයමයෙන් ශාන්ත ස්වරයෙන් එය සජ්ජායනයේ යෙදෙන සගගන සමූහයා සිහියට එනු ඇත.
යානිධ භූතානි සමාගතානී .............
භුම්මානිවයා නිවහංතලික්ඛේ...............
තථාගතං දේව මනුස්ස පූජිතං ................
බුද්ධං නමස්සමා සුවත්ථි හෝතු ..................
යේ ඛීණ බිජා අවිරුහිඡාන්දා ....
නිබ්බන්ති ධීරා යථායං පදිපෝ .........
ඉදම්පි සංඝේ රත්නං පනිතං .............
ඒතෙන සජ්ජේන සුවත්ථි හෝතු ...................
ආදි වශයෙන් එකසිරුවට හෙමින් ඇදීයන ස්වරයෙන් ’රතන සුත්‍රය’ සජ්ජායනය වෙයි.
කේමදාසයන් ගේ උක්ත නිර්මාණයන්ට පෙරාතුව බොදුණුවන්ගේ ’පරිත්ත’ සඡ්ජායනාවන්ගේ ඇසුර ලබමින් නිර්මාණකරණයේ යෙදුනේ ’පන්ඩිත් අමරදේව’ විසිනි. ආචාර්ය ලෙස්ට්ර ජේම්ස් පිරිස් ගේ ’රන්සඵ’ සිනමා සිත්තම අරභයා ’මහගම සේකර’ විසින් පෙළගැස්වූ සිරිපා නමස්කාර බැති ගී වදන්, අමරදේවයන් ගේ සුපැහැදිළි හඞින් නිවුනු ස්වරයෙන් ගැයේ. ඒ ගී දැහැනට සමවදින, සවන පුරුදු පුහුණු කළ ශ්රාවකයා ගේ සිත පහන් වී නිවිසැනසෙයි. නිසොල්මනේ සිරිපා අඩවියෙන් කෙමෙන් පහළ ගලා බසින සිගිති මහ වාලුකා නදි තමෝ මෙන් ඔහුගේ ගී හඞ රැව් පිළිරැව් දෙයි.
සිරිපා පියුමේ රොන් සුණු තැවරේ.................
ගිමන් නිවන පහන් හමා ඒ ....................
නිවි පහන් වී ළය සැනහේ ............
නිවන් දොරට මග පානා ................
සමනොළ රන්කොත මුදුනේ .............
බැන්ද වියන් සේ ..........
අරුණු වළා රන් සඵ පැටලේ .....................
හද කිමිදී ලොව්තුරු සුවයේ ...............
1978 වසර ශ්‍රි ලාංකික බොදුනුවන්හට සුවිශේෂි මතක සැමරුම් ඉතිරි කොට තැබු වසරකි. එවකට භාරත දේශාධිපති අගමැති ’මොරාජි දේසායි’ ද එහි නියමුවා බවට පත් වි වැඩිකාලයක් ගත වි තිබුනේ නැත. ඔහුගේ ආසිරිවාදයෙන් කපිලවස්තුපුරදී කැණිම් කොට සොයාගත් බුදුන්වහන්සේගේ සර්වඥ ධාතු මුල්වරට මෙහි වැඩමවන්නට එවකට මෙහි අභිනව පාලකයන් සමත්විය. සංස්කෘතිත අමාත්‍ය ධුරය හෙබවූ ඊ ඇල් බී හුරුල්ලේ මහතා විසින් ගුවන්තොටුපළේ විශේෂ යානයකින් එය මහත් ගෞරව පූර්වකව හිසමත තබා වැඩමවූ අනතුරුව දිවයින පුරා දසත පැතිරුනු ප්‍රසිද්ධ සිද්ධස්ථානයන්හිදී එය ප්‍රදර්ශනය කරන්නට යොදුනු අතර ඒ හැම ස්ථානයක ඉතාදිගු පෝලිම්වලට එක්වූ බැතිමතුන් මහත් ශ්රද්ධාබැතියෙන් ඊට නමස්කාර කළහ.
ඒ අවට නගර ආශ්‍රිතව නිතර ඇසුනු බොදුගීයක් එදා ශ්රාවකයන්හට එතරම් හුරුපුරුදු නොවුනද බොදුගී ගායනයේ නිපුන අල්හාජ් මොහිදීන් බෙග් ගේ හඞ මුසුවූ එහි භක්ති රසය නොඅඩුවම ගැබ් වී තිබිනි.
සකල සතම බොදු බැතියෙන් ........
නමදින සුරහැර හැම බේදේ ...........
සුගත තථාගත ලෝක සිවංකර ......
සම්බුදු සිරිපාදේ ...................
සිරිපාදේ ........සිරිපාදේ .......හා හා ...සිරිපාදේ ....
දිවංගත කරුණාරත්න අබේසේකරයන් ගේ සාහිත නිර්මාණයක් ව,සංගීතවේදි නැසිගිය එම් කේ රොක්සාමි ගේ නාදමාලාවකින් ඔප් නැංවූ එය එවකට දිවයින පුරා ප්‍රදර්ශනය කරන්නට යෙදුනු ’බොදු තේමාවක්’
රැගත් ’ශ්‍රී පතුල’ සිනමාපටයේ තේමා ගීය විය. පන්ඩිත් අමරදේවයන් ගේ බොදු පාලී ගාථාපාඨ සජ්ඡායනයේ අසමසම මහිමතාව විශිෂ්ඨතාවය පිළිඹිබු වන ’සිරිපතුල’ සිනමාපටයේ දී, ඔහුගේ හඞින් බොදු ජනතාව බුදු සිරිපා සටහන නමදීමේදී මුවට නංවන ’ශ්‍රි පාදලංචන ගාථාව’ ගැයෙයි.
යං නර්මාදිය නදියා ...............
පුලිනේචතිරේ ...................
යං සච්චබද්ද ගිරිකේ .............
සුමනාජලග්ගේ ....
යං සත්ථ යෝනක පුරේ ........
මුනිනොචපාදං .........
තං පාද ලාංජන මහං .....
සිරසා නමාමි...........
මෙතැනින් සවන්දෙන්න
සිරිපතුල සිනමාපටය උදෙසා ’බෙග්’ මාස්ටර් විසින් ගයන තවත් ගීයක පදසංකලනයෙන් අබේසේකරයන් බොදුනුවන්ගෙන් පැණයක් විමසයි.
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ .........
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ ...............
ඇසින් දුටුදේ බොරුවි නෙයෙයිදෝ ..........
දෙකනින් ඇසූ දේ නොවේ ....................
තන්හා පොදි ගසා ................
තව කෙනෙකුන් නසා ..........
මොනවද අවසානේදී අරගෙනයන්නේ ? ...................
බුද්ධ වර්ෂ 2566 වෙසග පුන්පොහෝ දින ඒ අසිරිය අත්විඳින ගී ශ්‍රාවක ඔබ සැමගේ සිත් නිවි පහන් වේවා.......................
Eda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.com0tag:blogger.com,1999:blog-4444846852168595125.post-87152511067366552422023-04-20T20:51:00.001-07:002023-04-20T20:52:14.076-07:00පන්ඩිත් විමල් අබේසුන්දර ගී පද සංකල්පනා
නීල වරළස මුදන්නී දෙදන දක්වා හෙළන්නී................ ඔබ පිය ඔසවන මංපෙත පියවිලි අතුරා පුදන්නී.............
ලක් ඉතිහාසය වෙසෙසින් සමාජ ව්‍යූහය හා ජන දිවිය පිළීබඳව අතීත යටගියාව ගවේෂනය කරන්නන් හට ඇතැම් අවස්ථාවලදී රසවත් තොරතුරු මුලාශ්‍ර හමු වේ.
’ආගන්තුක සත්කාරය’ පිළිබඳව මහත් සේ අවධානය යොමු කරන ලද්දා වු ජනවාර්ගිකයන් වු ’සිංහල’ ජාතිකයන් සිය නිවසට දුර බැහර සිට මෙන්ම නොදුරින් සිට පැමිණෙන අමුත්තන් හට සිය ශක්ති ප්‍රමාණයෙන් ආගන්තුක සත්කාරයේ යෙදෙන්නට පෙළඹෙයි.
ඒ අතර වත්මන් සමාජ සංස්ථාවේ සාමාජිකයන් හට නුහුරු නුපුරුදු අසාමන්‍ය වත්පිළීවෙත් ඔවුන් අතර පැවති ඇති බව පුරාන සාහිත්‍ය මුලාශ්‍ර සහ ජනශ්රැතිය අධ්‍යයනය කිරීමෙන් හෙළිදරවු වේ.
ඒ අතරින් කැපී පෙනෙන්නේ අදාළ අමුත්තා වෙසෙසින් උසස් ප්‍රභූ පෙළැන්තියකට අයත් වරප්‍රසාද ලත් අයෙකු වී නම් නිවසේ තරුණ ළඳුන් ඔවුන් හා නිශා යාමය ගතකීරීමට යොමුකරවීමේ සිරිතයි. අදාළ අමුත්තාට දැක්විය හැකි ඉහළ ගණයේ ආගන්තුක සත්කාරයක් ලෙස ඔවුහූ ඒ කටයුත්ත සැළකු බව කියැවේ.
උක්ත සම්ප්‍රාදය තරමටම බරපතල නොවූ තවත් සිරිතක් ව පැවති තිබී අතර එයද සිතුම් පැතුම් අතින් වත්මනට වඩා පූර්ණ ලෙස වෙනස් වූ සමාජයක දිවිගෙවූ සාමාජිකයන්ගේ ජීවිත පැතිකඩක් හෙළිදරවු කරයි.
දෙදණ, වළලුකර හෝ ඇතැම් විට පතුල් දක්වා දිගු කමණිය කේශකලාපයකින් සිය පංචකල්්යානිය ඔප් නංවා ගත් යුවතියන් කැඳවනු ලබයි.
අනතුරුව ඔවුන් හට මුණින්තලා වී පොළවේ වැතිරෙන්නට නියම කරනු ලබන අතර විසුරුව විහිදාගත් කේශකල්්යානිය පා පිස්නක් මෙන් ඔවුන්ගේ හිස් ඉදිරියෙන් අතුරුවා ගන්නට අණ ලබයි.
මතු කී ප්රභූවරයා ගමට පිවිසෙන්නේ ඉහතාකාරයෙන් විහිදුවා ගත් කේශකල්්යානිය ඇති යුවතියන්ගේ කොණ්ඩා කළාලය මතින් පා තබමිනි. එවැන්නකින් පුදලද ප්රභූවරයා fඔහුට අදාළ ගම්වැසියන් විසින් පුදරකනු ලබන ඉහළම ගෞරව බුහුමානීය සම්මානයට හිමිකම් කියයි.
මහ ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් ඔහු විසින් රචනා කරන්නට යෙදුනු කෙටිකතා කථාංගයක මෙකී චාරිත්‍රය අපුරූවට විස්තර කෙරෙයි. එය ’කෙස් වැටිය’ නමින් 1945 තරම් දුර ඈත යුගයක ලියූවකි. එහි විස්තර කෙරෙන ආකාරයට දුටුවන් ආකර්ෂනය කරන මනාව පිහිටි අංග ප්‍රත්‍යංගයන්ගෙන් යුත් පුන්සඳැති වත කමලකින් හෙබි ’නාගසෝම’ නම් භික්ෂුව වෙතින් ධර්මශ්රවණය කරන්නට වඩාත් පෙළෙඹෙන්නේ ගමේ මාගමුන්ය. ඈලා නෙතනොපියා, ඈණුම් නොහැර ඔහුගේ ධර්මදේශනාවකට සමවැදෙති.
එක්තරා දිනකයදී ඔහු ගම්මැද්දේ පිංකම් පොළක පැවැත්වෙන ’දහම්’ දෙසුමකට ආරධනා ලබන අතර ඔහුව නිසි ගරුබුහුමන් දක්වමින් මහ ඉහළින් එහිදී පිළීගනු ලබන්නේ මෙකී ’කෙස්වැටි’ පාවඩය මතිනි. එහිදි ගමමානයේ රුසිරු ළඳුන් මෙන්ම දිගුකෙස්කළඹකට හිමිකම් කියන පිරිමි පාර්ශ්වයේ සාමාජිකයන්ද විහාරයට පිවිසෙන මංපෙත දෙපස උක්කුටුකයෙන් නැමී හිස පහතට හෙළා සිටින්නේ තම තමන්ගේ දිගුකෙස් කළාලයක් සේ විහිදා හරිමිනි.
පහතට නැඹුරු කරගත් දෙනෙතින් කේශපාවඩය මතින් පියමනින භික්ෂුව ගේ සැගවුනු ක්ලේශයෝ කැකෑරි මතුවී ඔහුගේ දෙනයන වේගයෙන් දෙපසට චලනය කරවමින් යුවතියන්ගේ අගපසග වෙතට එල්ල කරවයි. ඒ අතර වැතිර සිටින රූසිරියෙන් අනූන යුවතියකගේ ළැම පදෙස අතරින් ඒවා ඇතූළට කිඳා බසින්නට තැත් දරයි. ඒ යුවතිය තම පාසල් මිතුරියක් බවද එදවස තමන් දෙස අනග මල් හී සර හෙළමින් මදහස පෑ ඇය නමින් ’මල්ලිකා’ බවද ඔහු වහා හඳුනාගනී.
අසිරූවෙන් මැඩපවත්වාගත් ස්වභාවික මානසික ආවේග හමුවේ පරාජය භාරගන්නා ඔහු ’මල්ලිකා’ ව සිය මනසින් බැහැරකරන්නට අසමත්ව, ඇය ගේ සමාගමය පතා සිහින මවමින් උපැවදී වන්නේය. පසුව බිරිඳක් වූ ඇයනිසා ඇය වෙතින්ම ’හීරඵවා’ යන ආමන්ත්‍රණයෙන් පරිභව අපහාස උපහාසයට ලක්වන්නට සිදුවෙයි.
මෙයින් කොග්ගල මහ ප්‍රාඥයාණන් ගේ යුගයේ පවා ගම්මාන ආශ්‍රිතව මෙම අපූරු සමාජ චාරිත්‍රය පැවතී ඇති බවට පසක්වෙයි. ඇතැම් විට එය ඔහුගේ ළමාවියේ ඇසූ දුටු මතකාවර්ජනයක් ඇසුරෙන් සැකසුනාද විය හැකිනම් ඒ පසුගිය සියවසේ ද ආරම්භක අවධියේ පවා පැවතී ඔහුගේ පැසුඵ වියේදී අභාවයට ගියා වන්නටද පුඵවන. ඔහුගේ සාහිත්‍ය මෙහෙවර සිදුවූ යුගය එනම් 1910-1960 පමන අවධියේ අතිශය දිගු කේශ කල්්යානිය උරුමකරගත් යුවතියන් එමට සිටින්නට ඇත.
දෙවන රාජසිංහ නරපතියා කටුගස්තොට මහවැලි නදියේ දිය කෙළියේ යෙදෙද්දී ගංගාවේ පාවී අවුත් ඔහුගේ සිරුරේ දැවටුනු මහත් දිගැති කෙස් රොද සිය ආරක්ෂකයන් හට පෙන්වා, ඒ කෙස්රොද හිමි යුවතිය නොපමාව තමා හමුවට පමුණුවන ලෙස ’රාජාඥාව’ නිකුත් කරන්නට යෙදිනි. එය එසේම ඉටුනොවුනේ රාජසේවකයන් විසින් සොයාගන්නා ලද ඒ කෙස්රොද හිමිකාරිය අකුරණ පදෙසේ ඉස්ලාම් භක්තික යුවතියක් වීමත්, රාජඥාව ක්‍රියාත්මක වන්නට පෙරාතුවම මැදියම් රාත්‍රියේ සිය දෙමව්පිය ඥාති වර්ගයා සමගින් සෙංකඩගල රාජධානී සිමාවෙන් පැනගිය නිසාත්ය. මේ විස්තරය දක්නට ලැබෙන්නේ ඩී පී වික්‍රමසිංහයන්ගේ ’මග දිගට ජන කථා’ එකතුවේය.
මේ අසාමාන්‍ය අපුරු චාරිත්‍රය විහිදා දැක්වූ සිනමා නිර්මාණ හෝ වෙනත් කලාංගයන් වේදැයි නිශ්චිතවම කිවනොහැකි වුවද මින් අඩසියසකට පමණ ඉහත දුර ඈත යුගයකදී ගුවන් විදුලියෙන් ශ්‍රවණය වූ එක්තර උපහාර ආසිරි ගීයකට අවධානය යොමුකරනු වටී.
සුනිල් සරැලි කෙස් කළඹ මගේ .................
ඔබේ පයට පාවඩ කරම් .............
හිසේ ගසන මලිගිය මල් දම් වැල් ................
ඔබයන මේ පෙරමගට ඉසී .................
දනිම් දනිම් හිමි ....... දනිම් දනිම් හිමි...............
දනිම් දනිම් හිමි ....... දනිම් දනිම් හිමි...............
ඉතිහාසයේ එක්තරා යුගයකදී සැබැවින්ම එවන් චාරිත්‍රයක් පැවතියේදැයි නොදැන සිටි රසිකයන් හට එය හුදු රූපකයක් විය හැකිය. එහෙත් එය එසේ නොවන බව දැනගත්තෝ ඒ පිළීබඳව විමසා දැනකියාගන්නට උත්සුක නොවන්නේ නම්, ඔවුන් වෙතින් ඉපැරණි ලක් ජනයාගේ රසවත් අතීත තොරතුරු නොසළකා හරින අඥානයන් බඳුය.
ඈත යුගයේ උක්ත ගීතය හා බැඳුනු එක්තරා සටහනක කියැවුනු පරිදී යටත් විජිත රාජ්‍යයක් ව පැවතී නිදහස ලැබීමෙන් පසුව සිදුවු ප්‍රථම ඛේදවාචකය වූ අග්‍රමාත්‍ය එස් ඩබ්ලිව් ආර් ඩී බන්ඩාරනායක ශ්‍රිමතානන් ඝාතනයට ලක් වී දස වරෂ පූර්ණය සැමරූ 1969 හෝ ඒ අසන්න යුගයකදී, වාර්තා වන පරිදී ඔහුගේ ගුණානුස්මරණයකදී ලංකා ගුවන් විදුලි සංගීත අංශය වෙනුවෙන් මෙම රමණිය පදපෙළගැස්ම සිදු කරන ලද්දේ එදා එහි සේවය කරන ලද ප්රවිණ විද්වතෙකු වූ දිවංගත පන්ඩිත් විමල් අබේසුන්දරයන් විසිනි. එතුමා බස්රසබස් කවියට නංවන සරසවි මහඇදුරු ප්‍රණීත් අබේසුන්දරයන්ගේ පියාණන්ය. එහෙත් මේ කරුණ විමසා සිටි කළ මහඇදුරු ප්‍රණීත් අබේසුන්දර මහතා ඒ බව තහවුරු නොකළේය.
ළමාපිටියෙන් ගුවන් විදුලි ගීත ගායනයට පිවිසි ගායන ශීල්පිනි මල්කාන්ති නන්දසිරි ඇතුඵ යුවතියන් පිරිසක් විසින් ගැයු එකී ආසිරි ගීතයේ මියැසි නාදරටා සැකැස්ම මහඇදුරු සනත් නන්දසිරි විසිනි. ’70 දශකයෙන්’ පසුව ශ්‍රාවකයන්ගේ මතක පොතින් ගිලිහි යමින් පවතින එය එතැන් සිට සවනත වැකුනේ ඉතා සිමාසහිත වාර ගණනකි. ඇය විසින් හෙළිදරවු කරන ලද පරිදී. ඇය ළමාපිටියෙන් සමුගන්නට ඔන්න මෙන්න කියා සිටියදී පන්ඩිත් අබේසුන්දරයන් වෙතින් ලද මෙම අපූරු පබැඳුම ගායනා කරන්නට පෙළඹි තිබේ. එයින් එදවස ගුවන් විදුලියේ පැවති එක්තරා ගායනා තරගයකින් පළමු ස්ථානය ලබමින් ජයග්‍රහනය කරනට ඇය සමත්වූ බව හෙළිදරවු කරන ලදී.
’මලිගිය’ මල් දම් කවරේද ? ඇතැමුන් එය ’ඉද්ද’ ’දෑ සමන්’ මල් ලෙස හඳුන්වන්නට රිසිය. ’මල්ලිකා’ ද යනුවෙන් පර්යාය පදයකි. ඒ පදය ඇතුළත් ගීයක් හමුවන්නේ 1910-1930 ටවර් හෝල් නූර්ති ගී යුගයේය. නිතිඥ ජෝන් ද සිල්වා ගේ ’රාමායන’ නෘත්‍යයේ චී හනුමා විසින් එය ගායන කරන ලදී
’මල්ලිකා වැල් බොහෝ තිබෙන්නා ...’
’විසාල මෙවනේ මං... ප්‍රවේසං බොහොම වෙලා ඉන්නෙම්..........’
වාසි සොඳා බැද්දේ මෙදා ප්රිති සදා වෙයි නිබඳා ............’
’බෝ මාදං ඇත්තේ මේ ගසේ..................’
(පසු පටිගතකිරීමේ ගායනය දිවංගත ටී ෂෙල්ටන් පෙරේරා)
ප්‍රස්තුතයට අදාළ වන ගීතයේ පළමු කොටස ගැයෙන්නේ, මෙම ප්රශස්ති ගී පදවැළේ කථා නායකයා ගේ අවසනාවන්ත ඉරණම පිළිබඳව ඉගි කරමිනි.
ඒ රන් දෙරණයි මේ රන් පොකුණයි ..................
ඔබ දුන් පොදුජන තිළිණ තමා ..................
මගේ උතුම් මව්බිම වෙනුවෙන් මං...
ඔබ මෙන් දිවි දී ළය හොවමී.............
මෙහි ද්විතීය අන්තරා කොටසේ පදපෙළ පිළීබඳව අවධානය ලක්කිරීමේදී, එය හුදු සාමාන්‍ය ගීත පබැඳුමක් ලෙස හඳුනාගැනීමකට වඩා යමක් වටහගත හැකිය. එය මතු කි අනුස්මරණ මතය තහවුරු කරනට රුකුල් දෙන වදන් මාලාවන්ගෙන් සන්නද්දය. මේ ගීතය පබඳින්නට ඇතැයි අනුමාන කෙරෙන 1968 පමණ යුගය දක්වා මෑත අතීතයට එබී බැලීමේදී ’රුදු මරණය’ ට ලක්වූ ජනනානායකන් සිටියේ දෙපොළකි එයින් මහමාන්‍ය ඩී ඇස් සේනානායක 1951 වසරේදී අසුපිටින් වැටී තුවාල ලබා මියයෑම සහ එස් ඩබ්ලිව් ආර් ඩී බන්ඩාරනායක මැතිඳුන් 1959 දී වෙඩි පහරකට ලක්වීමේ ඛේදවාචකයන්ය. මෙහි කියැවෙන පරිදී පරිදී ඒ රුදු මරණයට මුහුණ පෑ පොදුජන ජනහිතකාමියා කවරෙක්ද ? රචකයා ඔහු අමතා අවධාරණය කර සිටින්නේ තමන්ද ඔහු මෙන්ම ’දිවි දෙන්නට ළය පාන්නට’ සූදානම් බවකි.
’පොදුජන යුගයක්’ පිළීබඳව 1956 සංස්කෘතික විප්ලවයට පෙර යම් යම් කථාබහ සිදු වි ඇති බව කියැවේ. එක්සත් ජාතික පක්ෂයේ අසහාය පුරෝගාමි නායක මහමාන්‍ය ඩී ඇස් සේනානායක ගේ අකල් මරණයෙන් පසුව සුක්කානම දරා සිටියේ එහි තවත් බලවතෙකුව සිටි රත්මලාන කඳවල වත්තේ ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිඳුය. 1956 මහ මැතිවරණය පැවැත්වූයේ ඔහුගේ විධායක අග්‍රමාත්‍ය ධූරය හමුවේය. ඔහු විසින් සිදුකල යම් යම් ක්‍රියාකාරම් එදවස පුවත්පත් මගින් අතිශයෝක්තියෙන් වාර්තා කරන ලදුව ඔහුගේ ප්‍රතිරූපයට හානී වන්නට සැළැස්වීමේ කුමන්ත්‍රණයක් සිදු වෙමින් පැවතින. එයින් එකක ඔහු නුවරඑළියේ දී ගවයෙකු ගේ මස් පුඵස්සා අනුභව බවක් කියා තිබිනි. ඩී බී ධනපාලයන්ගේ එදා ’ලංකාදීප (විජය ආයතනයෙන් එනමින් අද නිකුත්වන ප්රකාශනය නොවේ එය එදවස ’ටයිම්ස්’ ආයතනයෙන් පළකරන ලද්දකි) එයට මහත් ප්‍රසිද්ධියක් දුන් බවද වාර්තා වේ. එය කොතලාවලයන්ගේ ප්‍රතිවාදී ’එස් ඩබ් ආර් ඩී බන්ඩාරනායක’ ගේ වාසියට හේතු විය. මේ ක්‍රියාවලිය ඉන් හැටවසරකට පසුව 2019 වසරේදී ’යහපාලන’ රජයට එරෙහිව විරුද්ධ පාර්ශ්වයට වාසි සහගතව සිදූ වූ මාධ්‍ය භාවිතාව ට සමරූපිය.
පෙර ගමනේ රජ මාවත් සනසන ...
ජනහිතකාමින් ගෙළම සිඳේ .....
රුදු මරණය ඔබ හට වාගේ මට...
සුදා රසින් පිරි අමා බිඳක් මය....
පසුව පටිගතකරන ලද මුඵ ගීතයට සවන් යොමන්න
පසුකාලීනව ප්‍රතිනිර්මාණයට ලක්වි විපර්යාසය ලක් වූ එහි ඇතැම් පද (දනිම් දනිම් හිමි ...දනිම් දනිම් හිමි.....)පසුව ගිලිහි ගොස් ඇතත් ඉහතින් දක්වා ඇත්තේ එහි මුල්පදපෙළය.
බන්ඩාරනායක අනුස්මරණ උළෙලවල් උදෙසා ගුවන් විදුලිය විසින් නිර්මාණය කෙරුණු වෙනත් ගීත ද කිහිපයක් පවතින අතර ඒවා 1970-1977 කාලයේ ගැයෙන්නට ඇතැයි ුඅනුමාන කළ හැකිය.
විවධ විෂයන් අළලා එදාමෙදාතුර ගී නිර්මාණ සතශ්රහස සංඛ්‍යාත ප්‍රමාණයක් බිහි වී තිබී ඇති පසුබිමක මෙම අපූරු දුර්ලභ අතීත චාරිත්‍රය අරභයා ලියැවෙන්නට ඇතැයි අනුමාන කළ හැකි එකම ගීතය මෙය විය හැක්කේය. ඒ කරුණ විසින්ම මේ නිර්මණය විශ්ෂඨත්වයට පත් කර ඇත්තේය. එදවස තරමට නැතද අදද සමාජයේ සුභාවිත ගීත කලාවට පෙම්බැඳි යව්වන යව්වනියන් අල්ප සංඛ්‍යාවක් අවධානයෙන් පදයෙන් පදය ගීත අරුත් වටහා ගන්නා ලදුව රසවිඳියි. ඔවුන් නිසැකවම මෙය හුදු ’රූපක’ යක් මිස අන් කවර දෙයක් දැයි වටහගනු ලැබීමෙන් එහි ඇති සමාජමය වටිනාකම හෑල්ලු වන ඇත්තේය.
මෙවන් නිර්මාණ විසිරී සැගවි යටපත් වී යා නොදී එහි පසුබිම් තොරතුරු ගෙනහැර දක්වා මතුදා ඒ රසය සොයා යන්නට තැත්දරන අනාගත හෙළ දරුපරපුර වෙත රැකදීම ලාංකීය සාහිත කලා සංස්කෘතික උරුමය අගයන්නන්ගේ වගකීම සහ ළබැඳි යුතුකම විය යුතුය.
වෙසෙස් ස්තුති පූර්වක ප්‍රණාමය
මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහත්මා
ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පීනී මල්කාන්ති නන්දසිරි මහත්මිය
(එදා ඇසුණු ගී බ්ලොග් ලිපි මන්ඩපය)
Eda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.com2tag:blogger.com,1999:blog-4444846852168595125.post-40126191208058596812023-04-06T20:34:00.008-07:002023-04-17T01:28:23.685-07:00Mandolin Music in Sri Lankan Music Industry - මැන්ඩලීනය වැයුනු සිංහල ගීත
’මැන්ඩලීනය’ හැඞවෙන හැඩ - කැටිවූ එදා ගී රස මල් මුවරද - 1940-1990
විවිධ රසයෙන්, විවිධ නාදරටාවන්ගෙන්, පරිපූර්ණ ගී පොකුරක් බිහිවූ පෙර කී යුගයේ විසු ගාන්ධර්වයන් එකිනෙකා ගේ නිර්මාණ ඔස්සේ අභාෂය ලබමින් ඒවා වඩා වඩාත් රසයෙන් උද්දීපනය කරන්නට තමන් හට ශ්‍රවණය කරන්නට ලැබුනු විදෙස් ගීත ඒ සඳහා උපයෝගි කරගන්නට ඇත.
ප්‍රවින සංගීතවේදී මැන්ඩලීන් වාදක - ඇන්තනි සුරේන්ද්‍ර
අන්තර්ජාල මුලාශ්‍ර හෙළිදරවු කරන පරිදි 18 සියවසේ ’මැන්ඩෝලා’ නම් වූ තත් සංගීත භාන්ඩය වැඩිදියුණූ කිරීමෙන් නිපදවා ගනු ලැබ ඇති මැන්ඩලීනයේ ද්විත්ව තත් සහිතව තත් අටක නාදපුවරුවක් සහිතය.
මැන්ඩලීන පවුලේ සාමාජිකයන් වූ ’මැන්ඩසෙලෝ’ ’මැන්ඩෝලා’ ’මැන්ඩෝබේස්’ අතදරමින් එක්ව වයන සංගීත ’සංධවනි’ රිසිසේ රසවිඳින්නට ලොව පුරා සංගීත ලෝලීන්හට දැන් කිසි බාධා අවහිරතා නැත්තේ ඒවා බොහොමයක් සමාජ මාධ්‍ය ගතකර ඇති නිසාය.
බටහිර සංගීත ශෛලියේ ’තත්’ වාද්‍ය භාන්ඩ පවුලේ නැතිවම බැරි මෙම උපකරණයේ ස්වභාවය ලිපියකින් ඉදිරිපත් කිරීම නිරර්ථක වන්නේ එහි සේයාරූ මතුනොව වාදනය කරන විඩියෝ පවා අසුරු සැනින් තම අතරැඳි දුරකථනයෙන් සවන්දීමේ වරම වර්තමානිකයන් සතුවන බැවිනි.
මෙම බටහිර තත් වාදනෝපකරණයට පෙම්බැඳි භාරතීය ගාන්ධර්වයන් අතර වෙසෙසින් කැපී පෙනෙන්නේ උත්තර භාරතීය හින්දි සිනමා සංගීතයේ සාම්ප්‍රදායිකත්වයට දැවැන්ත ලෙස අභියෝග කළ විප්ලවීය සංගීතඥ නැසිගිය රාහුල් දේව් බර්මන් එනම් අර් ඩී බර්මන්ය. බොලිවුඩ් සිනමා සංගීතයට 70 දශකය උදාවන්නේ ඔහුගේ සංගීත සම්ප්‍රදායට එය සැලකිය යුතු ලෙස නතුවී ගිය යුගය සටහන් කරමිනි.
ඔහු වෙනත් බටහිර තූර්ය භාන්ඩයන් ගණනාවක් සමගින් ’මැන්ඩලීනය’ ද සිය සිනමා සංගීත රාවය මතුකරගන්නට නොපැකිළීව භාවිතා කලේය. අභිතව එය හින්දි සිනමා ගීතයට හඳුන්වා දුන්නේය,
එදා බොලිවුඩයේදී එහි මිහිර මතුකර ගත් අයුරු නිදසුන් කිහිපයකින් විමසනු වටි
සී අයි ඩී - 1956 - ඕ පී නයියාර්
ප්්‍යාර් කේ මෝසම් - 1969 - රාහුල් දේව් බර්මන්
දුලාරී - සුහානී රාත් - 1949 - නවුෂාඩ්
ගැයුමෙන්, නැටුමෙන්, වැයුමෙන් පදිකයන්ගේ නෙත පිනවා එදාවේල සරිකරගත්තෝ මගතොටේ කඩපිලේ පදික වේදිකාවේ අදට වඩා එදා බොහෝ සේ දක්නට ලැබිනි. එවැන්නෙකු තනි නොකරන්නට යුහුසුඵ වූ මගී රසිකදණෝ වහා වහා ඔහු වටකරගෙන වළල්ලක් මෙන් සැදී ඒ ආනන්දය විඳගත්හ. එවැනි දසුන් එමට එදා හැදූ හෙළ සිනමාපට මහත් රාශියකට පවා ඇතුළත් කරන්නට එහි නිර්මාණකරුවෙන් පෙළඹුනේ තම සිනමා සිත්තමට රසපූර්ණිත ගීතයක් එකතු කරන්නට සිත් වූ විටදීය.
ඔවූහු අතරින් ඇතැමුන් අත ’මවුත්ඕගනයක්, එකෝඩියනයක්, හෝ ඉඳහිට මතු කී ’මැන්ඩලීනය’ ක්ද නොරැඳුනේ නොවේ. නිතර ගුවන් විදුලියෙන් ද ’වාද්‍ය සංගීතය’ අසන්නට හුරු පුරුදු වී සිටි රසික දනන් හට එය වින්දනය කිරිමේ හුරුව පුහුණුව මනාව තිබිනි. ඒ හැරුණුවිට මෙම වාද්‍ය භාන්ඩයේ නාදමාලාව රැව් පිළීරැව් දුන් හෙළ ගීත නොතිබුනේදැයි විමසා බැලීම අගනේය.
1980 දශකයට එළඹෙද්දී, හෙළකලා මහ මංගල්ලය එනම් බක්මහ උළෙල ළංවේද්දී එක්තරා රමණීය යුග ගීතයක් ගුවන් විදුලියෙන් වාදනය වන්නට විය. මේ 1980-85 අවධියේදී ඒ තත් රාව ප්රතිරාවය නිතර දෙසවනට ළං වූ වග මතකය.
ප්රවිණ මැන්ඩලීන් වාද්‍ය ශීල්පී ඇන්තනි සුරේන්ද්‍ර සිය ශීල්ප දක්වමින්
සුවඳ මලේ පැණි බඹරුනට පිරෙන්නයි ................
යළට මහට කෙත්සරු වී පැහෙන්නයි .....
ගොයම් කරල් රන් පාටින් ළෙලෙන්නයි ...
අවුරුද්දේ සුබාසිරි ගෙනෙන්නයි ..................
නව හිරු පායා ...නව සඳු පායා ...................
මෙතැනින් සවන්දෙන්න
දහස් ගණනින් බිහිවි ඇසුනු සිංහල ගීත අතර, මෙම බක්මහ මංගල ගීතයේ අරුමය, සුවිශේෂීත්වය කිමද ? එහ අන්කවරක් හෝ නොව උක්ත ගීතයේ විරාමයන් පුරාවට නිරන්තරයෙන් වැයෙන ’මැන්ඩලීන’ වාදන රසයයි.
එතරම් සුලභ නොවු පිරිමි ගායන ශීල්පීන් දෙදෙනෙකු විසින් පමණක් ගැයීමේ සම්ප්‍රදායට අනුගත වූ මෙහි හඞ මුසුව සිදුකලේ එදවස ලංකා ගුවන් විදුලියේ ගායන ශීල්පී ලැයිස්තුවේ ප්‍රමුඛතමයන් වූ ’එඩ්වර්ඩ් ජයකොඩි’ සහ ’රෝහණ බෝගෝඩ’ යන දෙදෙනාය. ගී පද සංකල්පනාව නැසිගිය පුවත්පත් කලාවේදී ජෝර්ජ් ලෙස්ලි රණසිංහයන්ගේය. සත්සර රටා ඔවුන්ගේ සමකාලීන ගායන ශිල්පී සංගීතඥ බන්දුල විජේවිරයන්ගෙනි.
සංගීතඥ ලෙස්ලි අසෝකා
එදවස දොරින් දොර කලින් කල පෙළීන් පෙළ පැවතී ’සංගීත පැදුරු සාජ්ජ’ යන් විසින් ඉගිකලේ එදවස පොදුජන විඥානය හා වඩාත් සමීපව සබැඳි ’කලාරසයයි’. ගීත රසවින්දනයට විවේකය විනෝදයෙන් ගත කිරීමට ලාංකීය පොදුජනයා අතර පැවති නැඹූරුවයි. මතු කී ’මවුත්ඕගන’ ’වස්දඞු’ අතරට එවිට ’ඩෝල්කය’ ’සර්පිනාව’ ’අත්රබාන’ මෙන්ම ඇතැම් විට මෙකී ’මැන්ඩලීනය’ ද එකතු වී අපුරු සත්සර රස මවන්නේය.
සංගීතවේදී එඩ්වර්ඩ් ජයකොඩි ඔහුගේ නාමය ශ්‍රාවකයන් අතර රඳවන්නට සමත් වූ සුවිශේෂී නිර්මාණයන් අතර 80 දශකයේ මුල් යුගයේ බිහිවුනු මෙම ගීතයද ප්‍රමුඛත්වයේ රැඳුනේය. 80 දශකයේ මුල් යුගයේදී සිය රාජකාරියේ නිරතවෙමින් අනුරාධපුරයේ සිට කොළඹ බලා ධාවනය වන ලංගම බස්රථයේ සේවය කළ ’සිරිල් සමරකෝන්’ නම් වූ රසවතා හට, මරදාන ටෙක්නිකල් හන්දියේදී බසය නතරකල අවස්ථාවේ ඇස ගැසුනු දසුනක් ඇසුරෙන් ඔහු පබැඳුවා යැයි කියැවෙන මෙම ගීතය පුරා නිරන්තරයෙන් වාදනය වන ’මැන්ඩලින්’ හඞ යොදමින් එහි තනුව සහ සංගීතය නි්ර්මණය කළේ ප්‍රවින වයලීන් වාදන ශුරී කළණි පෙරේරා විසිනි.
කැරකෙන රෝදේ පුංචි කරත්තේ ............
ඉඳගෙන මම ඉන්නේ ...................
පදික වේදිකා පසුකර යන්නට තල්ලුකරන් පුතුනේ ...................
තල්ලුකරන් පුතුනේ ..........................
කැඩුනු පාවහන් උඩ ඉඳවාලා දවසේ වියදම සරිකරවාලා ........
අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට ....
තල්ලු කරන් පුතුනේ .....
පහතින් නරඹන්න
මැන්ඩලීනයේ නාද සංයෝජනයේ මිහිර විඳගන්නට රිසි ඊට පෙම්බැඳි සංගීතලෝලීන් විසින් මගනොහැරිය යුතු මෙම ගීතයට ඉන් ලැබුනු ආලෝකය ඉමහත්ය. ගීතයෙන් කියැවෙන අරුතට, මෙන්ම ගායන ශීල්පියාගේ සංයමයෙන් යුත් හඞට ද, රිද්මයටද ඇඵම් කළ රසිකයන් ඊට අපුරු හැඩතල එක්කල මෙම නාදසංයෝජනය පිළීබඳව අවධානයක් යොමු නොකරන්නට ඇති බව නම් නිසැකය.
ප්රවිණ සංගීත විශ්ලේෂක වාද්‍ය ශිල්පී දිනේෂ් සුබසිංහ ගේ මැන්ඩලීන වාදනයක්
1979 වසරේදී ’සිංග්ලංකා’ ගීත කැසට් සමාගම සිය අභිනව ව්‍යාපාර කටයුතු අරඹන්නට තෝරාගත්තේ එදවස ශ්‍රී ලංකාවේ ජනප්‍රිය තලයේ වැජඹුනු ගායන ශීල්පීන්ය. එතරම් විශාල ගණනක් ගීත ගායනා නොකළ ශිල්පියෙකු ව සිටියද ඔවුන් අතරට ගුවන් විදුලි ගායක රෝහණ සිරිවර්ධනයන් ද විය. ඔහු ලංකා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් සම්පාදක සහ නිෂ්පාදක වරයෙක් ලෙස වසර 40 ක් තරම් දිර්ඝ කාලයක දැයේ ණැන පහන් දල්වන්නට වෙහෙස වෙමින් ඒ කර්ත්‍යයේ අදද නිරතව සිටින්නේය.
අතීතයේ එනම් 70 දශකයේ ගුවන් විදුලියේ ජනප්‍රිය නාට්‍ය ගණනාවක චරිත නිරූපනය කර ඇති ඔහු ගේ චරිත අතර ’පහන් සිඵව’ නාටකයේ චරිතය ළමා අපගේ සිත් ගත්තේය.
සිංග්ලංකා අධිපති ප්‍රකට ව්‍යාපාරික ආනන්ද ගනේගොඩ රසවතාණන් විසින් එවකට ප්රවිණ ගායන ශීල්පීන් ගේ කැසට් පට 10 ක් නිකුත් කරන්නට කටයුතු කරමින් තිබු අතර එවකට ගුවන් විදුලියේ යොවුන් ගායන ශීල්පියෙකු ව සිටි ’රෝහණ සිරිවර්ධනයන් ’ ද ඊට තෝරාගනු ලැබීය. ඔහු විසින් නිකුත් කරන්නට යෙදුනු ’මටත් හොරෙන්’ හිසින් යුතු කැසට් පටයේ ඇතුළත් කරන්නට යෙදුනු මේ ගීයේ පද සංකල්පනාව එවකට සිංග්ලංකා ආයතනයේ මෙහෙයුම් කළමනාකරුවෙකු ලෙස කටයුතු කල ප්රවිණ ගීත රචක කුලරත්න ආරියවංශයන්ගේය. සංගීතය සහ තනු සංගීතඥ සරත් ද අල්විස් ශූරීන් විසිනි
බම්බලපිටිය ’ඕගී’ ශබ්දාගාරයේ පටිගත වූ මෙහි ’මැන්ඩලීන’ කන්ඩායම නියෝජනය කලේ ’ඇන්තනි සුරේන්ද්‍ර’ සමග ප්රවිණ සංගීතවේදී වී හේමපාල පෙරේරා ය
දෑසේ මල් විලේ .............
ආශා රොන් සැලේ .............
ඡායා පාවෙනා මේ සැඳෑ යාමයේ ...........
ආශා විල්තෙරේ පායා රන්සඳේ ................
සන්සුන් නදී තෙරේ ..........
මේ මල් විමානයේ ..........
ගී ගායනා ..........
විසිරෙනා මේ රැයේ ......
ආදරෙන් ළංවෙමු ................
මෙතැනින් අසන්න
ගායන ශිල්පී බන්දුල විජේවීර එදවස ලංකා ගුවන් විදුලි සේවයේ සංගීතමය විචිත්රාංගයන් උදෙසා මධූර තනු රචනා කරන්නට යෙදුනා වූ අප්‍රකට සංගීතවේදියෙකු ද වෙයි. ඔහු ගේ එකී කාර්යභාරය පිළිබඳව දැනුවත් වූ රසිකයන් අල්ප සංඛ්‍යාත වේ. ඔහු මෙකී වාද්‍ය භාන්ඩයට වෙසෙස් ඇල්මක් දක්වන්නට ඇතැයි අනුමාන කළ හැක්කේ ඔහු විසින් ගායනා කරන්නට යෙදුනු තවත් තත්කාලීන ගුවන් විදුලි දෑ අබිමන් ගීතයක රසය විඳිනු ලබද්දීය.
නිදහස ගැන කවි කියන්න ...........
රසකර සීපද ..............
නිවහල් කවි පද බඳින්න ...
පතුරමු ගී පද .............
ජාතික රණ ගී ලියන්න සුමිහිරි ගී පද ..........
ජාතිය පණවගන්වන්නට පතුරමු ගී නද ............
අසන්න මෙතැනින්
’මැන්ඩලීන’ වාද්‍ය රසය ගැබ්වු හෙළ ගීතාවලිය පිළීබඳව කරුණු හදාරද්දී, එය සුඵපටු කරතව්‍යයක් නොවන බව වැටහී ගියේ එවන් ගීත ඉඳහිට හෝ ශ්‍රවණය නොවන නිසාය.
සංගීතයේ රන්තොටිල්ල වූ අසල්වැසි භාරතයේ දී එය වයන්නෝ දුලබ නොවූවත් මෙහි ඒ තත්වය සපුරා වෙනස්ය. ’70’ දශකයේදී ලංකා ගුවන් විදුලි වාද්‍ය වෘන්දය නියෝජනයක කරමින් ඒ කටයුත්තේ යෙදී සිටි බවට වාර්තා වී ඇත්තේ වාදකයන් ත්‍රිත්වයක් පමණකි.
ප්රවිණ සංගීතවේදී වයලීන් වාද්‍ය ශූරී එම් කේ රොක්සාමි ගේ දෙටු සොයුරු ’ඇන්තනි සාමි’ හැරුණුවිට 80 දශකය නියෝජනය කළ ප්රවිණ ගුවන් විදුලි ගායිකා ’යමුනා විනෝදනී’ ගේ පියතුමා වූ ’ලෙස්ලි අශෙෘ්කා’ ද, පසුව 90 දශකයේ සුපක්‍රට වද්‍ය කන්ඩායමක් නියෝජනය කළ ’ඇන්තනි සුරේන්ද්‍ර’ ශිල්පියා ද ඒ තිදෙනාය.
සංගීතඥ බන්දුල විජේවිර ගී නිර්මාණ වෙනුවෙන් ’මැන්ඩලීනය’ වයා ඇත්තේ මේ අතරින් ඇන්තනි සුරේන්ද්‍ර සංගීත ශීල්පියාණෝය. 90 දශකයේම කරළියට පැමිනි ’නිරෝෂා විරාජිනී’ ශිල්පිනිය ගැයු ’රෑ දොළොස් පැයේ ඉණි කඞුඵ ඇරන්... කර ඔසවා බලා උන්නා ...............’ නම් වූ ජනප්‍රිය ගීතයේ තනු නිර්මාණ ශීල්පියා ද ඔහුය.
උත්තර භාරතීය රිදී චලන සිත්තම් කර්මාන්නයේ දී ඉහත පරිදි යොදා ගැනුනු මෙම වාදf්යා්පකරණය සිංහල සිනමාවේදී කෙසේ යොදාගනු ලබන්නට ඇද්දැයි යන්න විමසා බැලිමේදී අප පිවිසිය යුත්තේ ’60’ දශකයටය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ දෙවැනිසිනමාගමනය සිංහල සිනමා වංශ කථාවේ නොමැකෙන සිහිවටන රැසක් ඉතිරි කර තැබූ ’සංදේශය’ වේ. 16 සියවසේ පෘතුගිසි සමය පදනම් කොට ලියැවුනු මෙම තිරපිටපතේ ඇතුළත් වූ රසපුර්ණ ගීතපෙළෙහි තනුරටාවන් මහ සංගීතවේදී ’සුනිල් සාන්ත’ ගෙනි. ඒවාට අන්තර්වාද්‍ය ඛන්ඩ මුසුව ’ආර් මුත්තුසාමි’ ගෙනි. එහි කලාශුරී ලතා වල්පොළ ගේ හඞින් ගැයුණු ළයාන්විත නැළවිලි ගීතයක් අරඹන්නේ ’මැන්ඩලීනය’ හඞවමිනි. ගී සංකල්පනාව කලාශූරී නැසිගිය අරිසෙන් අහුබුදු ශූරින්ගේය.
සුදට සුදේ වළාකුළයි .........
නිල් අහසේ පාවෙන්නේ ............
කන්ද උඩින් පණිවුඩයයි .........
පුතුට මගේ ගෙන එන්නේ ...
දොයි දොයි දොයි දොයිය පුතා ...
බයි බයි බයි බයිය පුතා.........
සංගීතවේදී එම් කේ රොක්සාමි ගේ මෙහෙයවීමෙන් ’මැන්ඩලීනය’ ඉඳහිට නාද නගන්නේ ’සුජාගේ රහස’ සිනමාපටයේදී 1964 වසරේදීය.
අම්බරේ බලන්න පුන්සඳේ ...........
මැදින්ම සුදුළපේ පෙනේ ...
රෝස මලෙත් නටුවේ කටු කවුද නොදන්නේ ....
කලියුග කාලේ මාඵ නටයි සෝඩා බෝතලේ ..
මේවගේ කාලේ එන්න දෙන්න බැරිද පොල්පැලේ ...
ඉහත කියූ ලෙසම ’මගතොට’ ගායක නර්තන වාදකයන්හට තරමටම සාජ්ජයකදී නැතුවම බැරි සංගීත භාන්ඩය බවට පත්වූ ’මැන්ඩලීනය’, අතදරා නටමින් ගයන අපුරු වාදකයෙක් පැහැදිලිව තිරයේ දිස්වුයේ 1965 වසරේ ජූනි පස්වැනිදිනදීය. පන්ඩිත් අමරදේවයන් ගේ මියැසි දැහැන් ගත වූ එය තිස්ස ලියනසූරිය ගේ ’සාරවිට’ සිත්තම් රූ පටයයි. සාජ්ජයේ පිරිස එකට එක්වි ගයන්නේ
ලස්ස ගනන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා ............
රත්තරනින් පෑදිලා හිත්වල මල් පීදිලා ...............
සාරයි සාරයියා ....සාරයි සාරයියා...................
මෙතැනින් නරඹන්න
අනතුරුව 1976 වසරේ තිරගත වූ ’ආශා’ සිනමා පටයේ සංගීත නිර්මාපක ප්රවිණ සංගීතඥ නැසිගිය සෝමදාස ඇල්විටිගල ශූරීන් එය සමූහ ගීතයකට යොදාගනු ලැබ තිබින. ගැයුම අබේවර්ධන බාලසූරිය අයිවෝ ඩෙනිස් ඇතුඵ පිරිසගෙනි.මෙහි ගී පද සංකල්පනා අජන්තා රණසිංහයන්ගෙනි
සරණ අරන් අපේ සුරිඳු ...............
රත්නපුරේ සමන් දෙවිඳු .................
සරන මැණික් ලොවම පසිඳු .....
පරදයි රැස් නගන තරිඳු .....
සවන්දෙන්න පහතින්
සිංහල සිනමාවේ මුලි අවධියේ ඊට සංගීත රටා මුසුකල භාරතීය සංගීතවේදීන් මෙන්ම පසුව ලාංකීය වූ කර්ණාටක සංගීතඥ ආර් මුත්තුසාමි ද මෙම වාද්‍ය භාන්ඩය තම නිර්මාණ සඳහා යොදාගැනීමට වැඩි කැමැත්තක් දැක්වූ බව ඔවුන්ගේ සිනමා සංගීතය විමසීමේදී පෙනීයයි.
ඊට අමතරව සිංහල සංගීතවේදීන් අතර පන්ඩිත් අමරදේවයන්ගේ පටන් පී එල් ඒ සෝමපාල, පැට්රික් දෙණිපිටිය,ෂෙල්ටන් ප්‍රේමරත්න ඇතුඵ කිහිප දෙනෙකු ඊට පෙම් බැන්දේය. එහෙත් සිංහල සිනමා සංගීතයේ ජයදද බැන්දූ ප්‍රමුඛතමයන් ද්විත්වය වූ ’සරත් දසනායක’ සහ ’කේමදාස’ දෙදෙනාගේ ගීත සඳහා එය භාවිතා කල අවස්ථා හමු නොවන තරම්ය.
මේ කරුණු හෙළිදරවු කළ හැකි සාක්ෂි පෙළයි පහත දැක්වෙන්නේ.
මැන්ඩලීන තත් රටා ඇඳුනු වෙනත් සිනමා ගී
ආරාධනා සංසාරයේ .... ගැයුම - ලතා ව්ල්පොළ - නීලා - 1977 - එම් කේ රොක්සාමි
දොයි දොයි දොයිය පුතා... ලතා වල්පොල - මාතලන් - 1956 - ආර් මුත්තුසාමි
ගලනා සීත ජලේ - ලතා වල්පොල - අක්ක නගෝ - 1968 - පී එල් ඒ සෝමපාල
මලකින් මලකට ගොස් පැණි බොන්නද - නන්දා මාලිනී - බක්මහ දීගේ - 1969 - සෝමදාස ඇල්විටිගල
හොඳා මගේ කාලේ - සිඩ්නි ආටිගල - සුබද්‍රා - 1959 -
ප්‍රීතිය හෘදේ පුරා දෙන්නම් රංජනා - ලතා වල්පොළ
ලාලිත රූපේ සෝබන දේහේ - ධර්මදාස වල්පොල - ජී එස් බී රාණි - සුන්දර බිරිඳ - 1960 - ටී ආර් පාපා
මගේ හද වෙණ පිරිමැදලා - ඇන්ජලීන් ගුණතිලක - සූජිවා - 1972 - ටී එෆ් ලතීෆ්
පෙම් රාජයේ මංගල යෝගයේ - ලතා සහ ධර්මදාස වල්පොළ - ඩිංගරි මැණීකා - 1956 - ඇස් ඇස් වේදා
පිපෙන මලක මී මධූරස පිරෙන්නයි - ලතා වල්පොළ - ඔක්කොම හරි - 1967 - ආර් මුත්තුසාමි
මලින් මලේ රේණු උරා - නාරද දිසාසේකර - මිල්ටන් පෙරේරා ඇතුඵ පිරිස - ආදරයයි කරුණාවයි- 1965- අමරදේව
පිපිලා හද විලේ පිපි සුමුදු සිනිඳු - ලතා වල්පොළ - ධර්මදාස - සැගවුනු මැණික - 1967 - පැට්රික් දෙණිපිටිය
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ - ජේ ඒ මිල්ටන් පෙරේරා -
රන්පාට රන්වන් වලා - ලතා සහ ධර්මදාස - මංගලා - 1977 - පී එල් ඒ සෝමපාල
රෑණ ගීරා රෑන අඹේ - ලතා වල්පොළ - 1960 - ආර් මුත්තුසාමි
සුරතලී සංගීතේ රසේ වෙළී - ධර්මදාස වල්පොළ - සුරතලී - 1957
පුංචි පැංචි කාලේ (අලී බබා) - එම් එස් ප්‍රනාන්දු - හිතක පිපුණු මල් - 1972 - ෂෙල්ටන් ප්‍රේමරත්න
තත් භාන්ඩ නාද අසිරිය ගැබ්වූ ගීත අතර ඒවා එකිනෙකා සංවාදයේ යෙදෙන්නා සේ නිමැයුනු මෝහණිය නාද මිහිරියාවකින් යුත් එක්තරා ගුවන් විදුලි ගීතයක් දෙසවන රැව් පිළීරැව් දෙයි. එහි මැන්ඩලීනය හා එක්ව වැයෙන්නේ සිතාරයයි.
පහන් දොරින් දොරින් දොරට...................
පින් සිරිකත වැඩමවන්න .................
ඉතිං සබඳ උදෑසනේ ....................
නිදි දැහැනින් අවදිවන්න ............
බුද්ධ රත්නයේ සරණං ඉතිං සබඳ අවදිවන්න .....................
(අජන්තා රණසිංහ ගී පද උදෙසා සංගීත මුසුව දයාරත්න රණතුංගයන් විසිනි)
අසන්න මෙතැනින්
වෙළඳ තැටි සහ පසුව ගැයුනු කැසට් ගීතයන් වර්ණවත් වුයේ බටහිර ඉලෙක්ට්‍රෝනික සංගීත භාන්ඩයන්ගේ පිහිටෙනි. එහෙත් ගුවන් විදුලි වාද්‍ය වෘන්දය විසින් මෙහෙයවූ එහි ගැයුනු ගීතාවලියේ පෙරදිග වාදf්යා්පකරනයන්ට ප්‍රමුඛත්වය ලැබුනි. පහත ලැයිස්තුවේ පෙළගස්වා ඇත්තේ ’මැන්ඩලීනයේ’ නාද සිත්තම් ඇඳුනු ගුවන් විදුලි ගීත වේ.
ආදරයේ උණුසුම ලග - සෝමතිලක ජයමහ - විජයසිරි අමරතුංග - සංගීතඥ අමරසිරි පීරිස්
පොඩි දුවගේ සිනාවැලයි - සෝමතිලක ජයමහ - සුනිල් ආරියරත්න - රෝහණ වීරසිංහ
දෙනුවර මින්පසු එක නුවරක් විය - සෝමතිලක ජයමහ - පුන්‍යා කත්‍රිආරච්චි - සෝමතිලක ජයමහ
අහන්න මගේ හොඳ පුංචි පුතේ - ජේ ඒ මිල්ටන් පෙරේරා - ඇලෝයි ගුණවර්ධන - මොහොමඩ් සාලි
අපේ පැතුම් බඳුන - මිල්ටන් පෙරේරා - කරුණාරත්න අබේසේකර - මොහොමඩ් සාලි
එක දිය බිඳුවෙන් කෙළෙසද පවසත් - රෝහණ වීරසිංහ - බන්දුල විජේවීර - චිත්‍රානන්ද අබේසේකර - රෝහණ වීරසිංහ
සිහින සිනාවෙන් සිහිනෙන් දකින හිනාවයි - රංජනී පෙරේරා සහ සරත් සන්දනායක - අජන්තා රණසිංහ - විමල් ජේ ශ්‍රීයාරත්න
සිනා සපිරි මුව කමලේයා - සී ඩී ෆොන්සේකා - ධර්මසිරි ගමගේ - සීඩී ෆොන්සේකා
සඳ මල පිබිදුනු නිල් කඳුරැල්ලක - සුනිල් එදිරිසිංහ - නන්දා මාලිනී - කුලරත්න ආරිවංශ - නිමල් පෙරේරා
ඈත දියඹ වැන්නේ ඔබ නිසසල - සුජාතා අත්තනායක - රත්නාලංකා අබේවික්‍රම - ඔස්ටින් මුණසිංහ
මුතුකුඩ ඉහළන මල් වරුසාවේ - රෝහණ වීරසිංහ - රෝහණ වීරසිංහ
පින්න පිපුණු ළන්ද දිගේ ඉරට මුකුඵ - ටී එම් ජයරත්න - කුලරත්න ආරියවංශ - රෝහණ වීරසිංහ
සූ සැට බරණින් සැරසීලා - නීලා වික්‍රමසිංහ - ජයරත්න ගමගේ - වික්ටර් රත්නායක
පිය හිමියනි මා හදවත කුසුනෙඵම් - රූපා ඉන්දුමති සහ ලක්ෂමන් රොද්‍රිගෝ - කරුණාරත්න අබේසේකර - මොහොමඩ් සාලී
සිහින සිනාවයි සිහිනෙන් දකින සිනාවයි ............
කුන්ද සමන් මල් පුබුදන ඔබේ සිනාවයි............
ළඳේ හීන අගින් ආදර ඉගි පාන සිනාවයි .................
සීපද රාවේ සීතල රෑ හඳපානයි ...........
කන්ද උඩින් පාවෙන ඔබේ ගීත කලාවයි .........
ප්‍රියේ ...නින්ද නැතුව මා කැඳවන ප්‍රේම කථාවයි ............
කුන්ද සමන් මල් පුබුදින ඔබේ සිනාවයි........
තුන්ඉරි ගෙල රත්තරනින් මාල බඳින්නයි ...........
රත්තරනින් ලස්සන රන් තෝඩු ගෙනෙන්නයි .........
ළගින් ඉඳින් ආදර කථා කියන්නයි........
අත්තන මල් සේල වටා නෙරිය තියන්නයි.............
සවන්දෙන්න මෙතැනින්
ගී පද ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - විමල් ජේ ශ්‍රියාරත්න (ප්‍රවින තබ්ලා වදන ශිල්පී - ලංකා ගුවන් විදුලිය)
ගැයුම - රංජනී පෙරේරා සමග සරත් සන්දනායක
වසර - 1971
ඒ අතර ඉඳහිට කැසට් ගී නිමැයුම් අතර වැයූ මේ වාද්‍ය භාන්ඩයේ මිහිර විඳිනු වස් පහත ගී රසවිඳිනු වටී.
තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාඵවෙන් - වික්ටර් රත්නායක
ඔබ ගතින් මා ලගයි - ඉන්ද්‍රාණි විජයබන්ඩාර - සිසිර සේනාරත්න - (වෙළඳ තැටියකි)
කරුංකා ගෙඩියක් තරමට කොණ්ඩය බැඳලා - ශිරෝමි ප්‍රනාන්දු - 1970 (වෙළඳ තැටියකි)
සැරයටියෙන් අපි යනෙන තුරා - විජය කුමාරණතුංග - චන්ද්‍රලේඛා පෙරේරා
තත් භාන්ඩ පවුලේ දෙටු සොයුරන් දෙදෙනෙකු වන ’ගිටාරය’ සහ ’සිතාරය’ ට වඩා තියුණු හඞක් නංවන මෙම සාමාජිකයාව සහභාගී කරවා නොගත් ග්රැමෆෝන් ගීත නෙවෙත්ද ? මැන්ඩලීනය වැයූ එවැනි ගීත නැතුවාම නොවේ. 1960 වසරට පෙර යුගයේ ගීත මෙකී ’ග්රැමෆෝන්’ යුගය ලෙස සලකනු ලැබීම කොතරම් යුක්ති සහගත දැයි කිව නොහැකි නමුත්, ඒ යුගයේදී තාරුණ්‍යයෙන් නික්ම යමින් සිටි ගායන ශීල්පිනී ’විවියන් ද සිල්වා’ බොරලැස්ස’ ශිල්පිනිය ’හිස් මාස්ටර්ස් වොයිස්’ ජාත්‍යන්තර ලේබලයේ දේශීය නියෝජිතයා වෙනුවෙන් ගීත ගැයුවාය. ඇයගේ මධූර ගී හඞ පසුබිමින් ’මැන්ඩලීන’ නාදරටා මැවි මැවි යයි. මෙම ීතය ඇරඹෙන්නේ එයින් වැයෙන ස්වර රටාවකිනි.
නංගී නංගී රූපිකා ...................
නංගී නංගී රූපිකා ...................
ගම්මානේ ශාන්ත වූයේ ගම්බද ළලනී තී නිසා ....................
ඇගේ මූනේ බොරු ඔප නෑනේ ...
පිරිසිදුවේ සපුමල් වාගේ ....
රූබර මාලතීයේ ...
ගීතය තී රිද්මය වුයේ .....
(ආනන්ද සරත් විමලවීර - බී ඇස් පෙරේරා)
සවන්දෙන්න
විවියන් ද සිල්වා ගැයූ තවත් ගීතයකට ද මුසුකර ඇත්තේ ’මැන්ඩලීනයේ’ නාදරටාමය.
බුදු මගුල ලගම එවි මුදු සිතලේ උදා ............
බුදු දහම සාමයේ දසඅත එයි පිරි නැගී බැබළෙන්නේ ලෝකයේ .............
(ආනන්ද සරත් විමලවීර - බී ඇස් පෙරේරා)
’මැන්ඩලීන’ පවුලේ සුවිශේෂී නිර්මාණය ලාංකීකයන් විසින් ’ජපන් මැන්ඩලීනය’ ලෙසින් හඳුන්වාගන්නා ’ටයිෂෝගොටෝ’ නම් වු සංගීතෝපකරණය වේ. එය හවයන් ගිටාරය, සරපුවරුව මෙන්ම මතුපිටක තිරස්ව රඳවාතබා පතුරකින් තත් හඞවනු ලබන අතර ස්වරස්ථාන ඊට අදාළ යතුරක් එබීමෙන් තෝරාගනු ලබයි. ඈත අතීතයේ ග්රැමෆෝන් යුගයට සමගාමිව මෙන්ම ඊට පසුවද සංගීතලෝලීන්ගේ නිවස්වල මෙම උපකරණය බහුලව දැකිය හැකිවිය.1967 තිරගත වූ සිරි ගුණසිංහයන්ගේ ’සත් සමුදුර’ සිනමා සිත්තමෙහිදී එවැනි ’සාජ්ජයක’ ජවනිකා පෙළක් ඇස ගැටෙයි. එහිදී ටවර් හෝල් නුර්ති ගීයක් වූ ’දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී..............’ ගයමින් එය වැයුවේ ප්‍රවණ රංගධර ’සිරිල් වික්‍රමගේ’ ශූරීන්ය.ජවනිකාවට පමනි (පසුබිම් ගායනයේ යෙදුනු එවකට ලංකා ගුවන් විදුලියේ ප්රවිණ නුර්ති ගී ගායන ශිල්පී එම් ඩී චන්ද්‍රපාලයන් විසිනි)
https://www.youtube.com/watch?v=nNgGz-j8uRE
යූ තලයේ ලිපින කොටුවට මෙය කොපිකරන්න
මෑත කාලයේ සංගීත සංයෝජන ක්‍රියාන්විතය ’පරිගණක ආශ්රිත’ නවිකරණය වීමත් සමගින් ගීයක මිහිර දෙගුණ තෙගුණ කරන්නට සමත් වන වාද්‍ය භාන්ඩ විවිධාංගීකරණයේ පැහැදිලි පිරිහිමක් දක්නට ලැබෙන අතර රසපුර්ණ තනු නිර්මාණ පවා සවනට නොවැකෙන තරම්ය. කලකට ඉහතදී එම තත්වය අවම තාක්ෂනික පසුබිමකදී පවා ඉතා අනර්ඝ ලෙස පැවති බව කියාපානු පිනිස, විවිධ සංගීත භාන්ඩ ලාංකීය සංගීත කලා ඉතිහාසය ඔපවත් කරන ලද ආකාරය විස්තර කෙරෙන ලිපිමාලාවක ෙතවැන්න යි මේ.
නැවතත් නුදුරු අනාගතයේ, බිහිවන නව ගීත රචනා පෙරමෙන් අරුත්බර බවින්ද සුමධුර තනු සහ සංගීත සංයෝජනයන්ගෙන් ද නොපිරිහී පවතීවා යන්න සංගීත ලෝලී ඔබ අපගේ පැතුම විය යුතුය.
ස්තුතියි - ප්රවිණ ගායන ශීල්පි රෝහණ බෝගෝඩ මහතාට -
- ප්රවිණ ගායන ශිල්පිනි සංගීතඥ නාලිනී රණසිංහ මහත්මියට
ප්රවිණ ගායන ශීල්පී රෝහණ සිරිවර්ධන මහතා
පර්යේෂක - ඉසුරු උදයංග කාරියවසම් මහතා.
ගීත මූලාශ්‍රය
ලියුම්කරු සතු මුල් ගී එකතුවෙනි
Eda Asunu Geehttp://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.com13