namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Tuesday, January 26, 2016

හෙළ ගීත කලාවෙs රන් යුගයෙන් - අසුරු සැණක් ඇසුරු කළ අමා බිඳක්



//පදරචනාවක් අතට ගත්තාම මගේ සිතට ගොඩක් දේවල් ගලාගෙන ආවා හරියට දේදුන්නක් පෑවිවිd වගේ .................//

පෙර සසර පුරුද්දටදෝ රසිකයන් අති බහුතරය ගීයට පෙමි බඳිමින් මෙහි රොඳ බැඳ සිටින්නේ යම්සේද මෙs නිර්මාණකරුවන් ද තම ආසාමන්ය ගායන / වාදන හැකියාවන් ළමාවියේ දීම ප්රකට කළෝ බව ඔවුන්ගේ දිවිමග තොරතුරු හැද+රීමෙsදී පසක් වෙයි

ඔවුහුq වදH භාන්ඩ කිහිපයක් ගුරු උපදේශ රහිතව වාදනය කරමින් ඒ හැකියාව නිසා ම පසුව සංගීත ගුරුවරුන් ඇසුරේ වැඩී ස්වකීය ආත්මීය හැකියාව දියුණු තියුණු කරගත්තෝ වෙති

මෙs සංගීතවෙsදියාද වයලීනය සර්පිනාව පියානෝ එකෝඩියන් වාදනයෙන් සිය තත් දිවියේ ස්වරහැඩගැන්විමෙs කලාවට බටහ

මින් දශක 06 ට පමණ පෙරදී යාබද නගරය වූ පානදුරයේදී ප්‍රවීණ සංගීතවෙsදි ෂෙල්ටන් ප්‍රේමරත්නයන් යටතේ හා පුරා ශිල්ප හැද+රු ඔහු දෙවනුව ඉන් දසවසක ඇවෑමෙන් පිළියන්දලදී වින්සන්ටි සෝමපාල ගාන්ධර්වායණන් වෙතින් ශාස්‌ත්‍රීය සංගීතය හැදරීය

එයින් නික්ම 1967 වසරේ ගුවන් විදුලි වාදක මන්ඩලයට බැඳුනු හෙතම ඉහත කී ශිල්ප ඥානය ඔස්සේ දියුණු තියුණු කරගත් ප්‍රතිභාව මෙහෙයවා තමන්ට ආවෙsනික ව සරළ සුගම ලෙස රසික හදවත ප්රකම්පණයට පත්කරවන සුඵ ස්වර රටා මාලාවන් මවන්නට සමත් වී ඇති බව ඔහුගේ බොහෝ ගී නිර්මාණ රසවිඳිමෙන් පසක් වෙයි

රචකයාගේ අදහස මනාලෙස උද්දීපනය වී ශ්රාවක මනසේ අති සුන්දර සිත් රූ රටා චිත්රණය කළ තනු රටා සපිරි ගී පෙළක් ඔහු සතුය

----------------------------
සමකාලීන වාදH ශිල්පී / සංගීතවෙsදී කැළ

මර්වින් විජේවර්ධන / ඩී ඩී ඩැනී / එම් ඩබිලිවි පීරිස් / ඇන්තනි සාමි / ශාන්ති දිසානායක

 වාදH ශිල්පීන් විසින් එතරමි ප්‍රියනොකළ භාන්ඩයන් වූ එකොඩියන් තෝරාගෙන වාදකයෙකු ලෙස ඔහු විසින් පටිගත කිරීම් සඳහා සහය වූ සංගීතවෙsදීන්

ප්‍රේමසිරි කේමදාස / පී ඒල් ඒ සෝමපාල / තිලක් කරුණාරත්න / එමි කේ රොක්සාමි / ලයනල් අල්ගම / ෂෙල්ටන් ප්‍රේමරත්න

සිනමා සංගීත අධ්Hක්‍ෂණය

හරියනකොට ඔහොම තමයි / ලොකු තාත්තා / මල් වරුසා / ටොමි පචයා

ගී රසිකයා වසගZ කළ ඔහුගේ අමරණිය නිර්මාණ පෙළින් බිඳක්

 අමීතා දඵගම

ආදර චාරිකා ජීවන චාරිකා / විලක නෙඵමි මට කුමටද / රන් ෙ=දාරින් එන්න ආදරේ / වාලුකාවලින් ලියූ / අනෝතත්ත විල / දුරකථනයකින් අද දින සිට ඔබ / පින්න මල් පිපී

ඉන්ද්රාණී පෙරේරා (ත්‍රS සිස්ටර්ස්)

අපි මිතුරෝ මුහුදු ගියෝ / මිහිරි ගීත ගයාලා ද+තේ ද+ත තියාලා / මා ඔබෙs කඵ කෙල්ලයි / ඉඳුනිල් මැණිකා කියමින් අමතා / නෙත්යුග රන්තරු යුවළ සමයි / තරුණියන්ගේ හිත මලක් වගේ / රන් පහනකි පැල්පතේ

ඇන්ජලීන් ගුණතිලක

රන් ඔරුවෙs සත් සයුරේ / මල්හිනා නගන්න සුසුදු ආදරේ / ආදරවන්තයකි ද+න් ඔහු / දිනක ඔබසඳ වාගේ හැඩයි

ෆීලික්ස් ඇන්ටන්

ඕවිල්ලේ පෙමි සඳැල්ලේ

--------------------------------
  දුරකථනයකින් අදදින සිට ඔබ
                  මා අමතන්න එපා

       නුපුරුදු ලෙස අප හමුවන පෙරමග
                     යළිඔබ ඉන්න එපා


(වර්තමානයේ නෑසි සැගZව ගිය 70 දශකයේ ජනප්‍රිය නිර්මාණයකි)
ගී පද රටාව- දයානන්ද කුමාරසිරි - 1972 ?
-------------------------------
((තොරතුරු මුලාශ්‍රය මියෑසි හරසර කෘතිය- ලාල් ආනන්ද අබෙsධීර)

මෙතැනින් අසන්න

Monday, January 11, 2016

Mal_mada

තුන්කල් ගී / පැරණි ගී රසික තේරීමි


එදා 2000 වසර නමි බිළිඳු අද නව යවිවන වියට එළඹෙsමින් සිටී ඒ බිළිඳා බිහිවූ යුගයේ අප ගී රසයෙන් පරිණතබවට පමුණුවන්නට ස්‌වකීය ශ්‍රමය කැපකල ශිල්පිනියකගේ සමුගැන්ම සටහන් කළේය

එදා අත්නොවිඳි විදුහුරු තාක්‍ෂණය අද අධිවෙsගයෙන් පරිණතවෙමින් සිටී එයින් ඔබ අප වන් රසිකයන් උපරීම ඵලප්‍රයෝජන අත්විඳිය යුතුය එය එසේ වන්නේය

එදා අති බහුතරයක්‌ රසිකයන්ට අතීතයේ ඇසු ගීයක්‌ රසවිඳින්නට සිත්වීද ඒ රසය විඳගැනීමට මහත් සටනක යෙදීමට සිදුවිය

දුටු සිනමා පට ජවනිකාවක්‌ සිහිකළ සැනින් ද+කීම සිහිනයක්‌ම පමණක්‌ විය

ගී සංරක්‍ෂණය කරන්නට සිත් වී වැයකළ යුතු කාලය ද ගතයුතු වෙහෙස ද මහත්ය ඊට වැඩියෙන් සැළකිලිමත් විය යුතුවුයේ   පිරිවැයයි

2016 වසර සඳහා තොරාගත් නිර්මාණයන්හි අතීත පසුබිමි වාර්තා එහි පුර්විකාව සරසවන්නට රැස්‌කරමින් සිටිනා අතරවාරයේ මෙහි රසිකාවියකගේ සටහනක්‌ අනුව ඇය ඇතුඵ සමාජික සමාජිකාවන්ගේ රසිකවත්ය අගයා එය පොබයා මෙසේ කෘතගුණ දක්‌වන්නට සිත්විය

-----------------------------

ඇයගේ හඩ කිසිවෙකුට යමිතමින් හෝ සමාන නොවෙs ඒ යුගයේ ශිල්පීන්ගේ අනන්‍යතාවය එයමය ගුවන් විදුලි අසන්නන් වූ අප ඔවූහූ මුල් පදය උසුරුවන සැණෙහිම හඳුනාගත්හ

70 ගුවන් විදුලි සරළ ගී රන්යුගය බැබළවූ ශිල්පීන් අතර ඇයගේ නාමය හිනිපෙත්තේ රැඳී පවතී

රෝහන චිත්‍රකුමාර වීරසිංහ නමි වර්තමානයේ සප්තස්‌වර පෙළහර පානා ගාන්ධාර්යාණන්ගේ හඩ හා හා පුරා කියා අවදී වූ 1973 වසරේ ඔහුට සහය වුයේ ඈය ඒ  //රන් තරු මිණිමුතු ආභරණ ඇඳන් // (උපාලි ධනවල විතාන) නිර්මාණයේදීය එහි ස්‌වරරටා ඇමුණුම ඔහුගේය

60 දශකයේදදී ඇයගේ හඩ නොඇසුණා නොවෙs ඒ නව යවිවනියක්‌ ලෙස සමූහ ගායනයකට සහභාගි වෙමිනි එහිදී ඇය අත්වැල් ගායනා එක්‌කලේ ග්‍රේෂන් - ලෙනාඩි දෙපොළ හා සමගිනි ළමා ළපට අප පිනවු ඒ //යාල යාල යාල යන්න සතුන් බලන්න // නමින් ලියෑවුණු ගීය ගැයුවෙs ග්‍රෙන්ලෙනාඩෝස්‌ නමි කැලිප්සෝ ශෛලියෙනි (ගුවන් විදුලි කන්ඩායමි ගී තීරය - 1970-80 දශක)

ඇය එවක පස්‌දුන් කෝරළයේ ගැමි ලඳක්‌ වූ බී ඇස්‌ මාලනී නමින් ගී ලොවට එක්‌වූ අප ශිල්පිනී මාලනී බුලත්සිංහල ය

-----
මල් මඳ පවනේ......තාලෙට නටනා රන්වන් රන් ගොයමේ
මනෝහර ගීතය දුර ඇසිලා..
හදවත් පුබුදන්නා
මිහිරිතම දැයකට පන පිඹිනා....
රණ බෙර සද්දේ දෑතක ඇත්තේ පෙරමුනටම යන්නා
අපේ රට සව්සිරි සැප විඳිනා
සිරිකත හිනැහෙන්නා ඉසුරුබර යුගයක් එළැඹෙන්නා..

මල් මඳ පවනේ......

කළුවර නින්දේ තිමිරය බින්දේ
අරුණළු රැස් හලලා
උදාහිරු පෙරඹර පායන්නා
නව පන ලබමින්නා
මහාජන ගඟ පෙරටම ගලනා..
මල් මඳ පවනේ......


70-80 දශක උදා ගී / අරුණ කිරණ ගී වැඩසටහන්)

ගී පද - ජයමිපතී අල්ගම ?
ස්වර රටා - එච් එම් ජයවර්ධන


(පදමාළාව  උපුටාගැනීම මෙණු සිරිවික්රම සටහන)

මෙතනින් අසන්න