namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Monday, May 30, 2016

කාංචනා ගේ අන්දරය - (02 කොටස)

කාංචනා ගේ අන්දරය - (02 කොටස) - භවතු සබ්බ මංගලම්


ප්‍රවිණ ගුවන් විදුලි නිවේදිකා මාලා වජිරා පෙරේරා පබැඳූ ගී අතර හමුවෙන සුවිශේෂී නිර්මාණයකි

තම දිවියේ එක්‌වරක්‌ පමණක්‌ අත්විඳිය හැකි අසිරිමත් මොහොතේ එනම් හෙළ කුල සිරිත ලෙස පතිකුලයට යන යුවතිය පෝරුමස්‌තක වු නිමේශයේ ගැයෙන මංගල අෂ්ඨක අතර එන ඉහත පාඨය රැගත් එකම ගී නිර්මාණය එය යෑයි අනුමාන කෙරේ

එවක 70 දශකයේ ගුවන් විදුලියේ දේශිය ගී සම්ප්‍රාදයට ප්‍රමුඛත්වයක්‌ ලැබී තිබිණි ඒ අනුව නිපැයුණු වැඩසටහන් අතරින් සිංහල විරිදු ගීත කලාවේ උන්නතිය උදෙසා එයින් සිදුවූ කාර්යභාරය ද සුඵකොට තැකිය නොහේ

ඒ අනුව ශ්‍රාවකයා අතරට සපැමිණි ශිල්පීන් වූ දයා නෙල්ලම්පිටිය සේන ෆොන්සේකා ට පසුව කියෑවුනේ ශිලා පරණමානගේ නාමයයි

ඇයගේ ශිල්පීය දක්‍ෂතාව ඉන් ඔබ්බට විහිදවාලන්නට අතහිත දුන් ඒ ගීතය සම්බන්ධයෙන් මාලා වජිරා පෙරේරා දොඩමඵ වුයේ මෙසේය

ඕකේ මෙලඩි එක හැදුවේ අපේ ආයතනයේ සේවය කරපු බොහෝම දක්‍ෂයෙක්‌ එයා තමයි සරත් බාලසූරිය

එතකොට අපි පදිංචිවෙල හිටපු මහරගම ගෙදරට ඇවිත් පදමාලාව මගෙන් ඉල්ලාගත්තා

ආලින්දයේ පුටු සෙට්‌ එකේ වාඩිවෙලා එයා අතින් මේසයට තට්‌ටු කර කර කොල කෑල්ලක ඒවා සටහන් කරනවා මං බලාගෙන

ඒ වගේ පුදුම හැකියාවක්‌ තිබුණු කෙනෙක්‌ මට මුණගැසුනාමයි

එයා හදපු මියුසික්‌ නිසා ඒකත් බොහොම ඉක්‌මනට ජනප්‍රිය වුනා කියලයි මම හිතන්නේ

සරත් බාලසූරිය අපේ සංගීතවේදියා ත් මේ වෙලාවේ මා ගෞරවයෙන් සිහිපත් කරනවා

මෙතැනින් සවන්දෙන්න
---
(කාංචනා සත්‍ය සිදුවීමක්‌ ඇසුරෙන් කල නිර්මාණයක්‌ )

සේයා  රූ  විස්‌තර

01 මලා වජිරා පෙරේරා තම දියණිවරුන් සමග



වමේ සිට
තරංගා සම්මානී

(වැඩිමහඵ දියණි)මාලා වජිරා පෙරේරා මහත්මියතුෂාරා රංගනී
(බාලම දියණි)සිතාරා පවිත්‍රානී (සුජාත දියණී රූපවාහිනී හඩ නඵව - චංගුමී හඩකැවීම් ශිල්පිනිය)

02 කඵ - සුදු සේයාරුව - ප්‍රවිණ සංගීතවේදී නැසිගිය සරත් බාලසූරිය (1997)

(ඔහු පිළිබඳව තොරතුරු සඳහා පෙර ලිපි පරිශීලනය කරන්න)


Wednesday, May 4, 2016

කාංචනාගේ අන්දරය

පසුවට ඔබ පසුතැවෙනු එපා


මේ කියන කාංචනා කොළොම්පුරවරයේ යොවුන් දැරිවියක්‌

ඈ තමාට වඩා බෙහෙවින් වැඩිහිටි පුද්ගලයෙකු හා පෙමින් වෙළි සිටියා

ඇගේ දෙම්ව්පියන් එයාකාරයේ සම්බන්ධයකට විරුද්ධ වීම අසන්නත් දෙයක්‌ද ?

 ඔවුන් මහත් සේ කැළඹී සිටියා

ඒ වගේම බෙහෙවින් අසිරූතාවයකට පත් වී සිටියා

 ඇය වැඩිහිටි කිසිවෙකුගේ බහට කන්දෙන්නට සූදානම් ව සිටියේ නෑ ඒ නිසා ඔවුන්ද මහත් අසරණ තත්වයකට පත් වී සිටියා

එය මගේ සිතද බෙහෙවින් සසළ කළා

මේ අතරවාරයේ  ගුවන් විදුලියේ එක්‌තරා වැඩමුඵවකට සහභාගී වීම පිනිස අපට උතුරුමැද පළාතට යන්නට සිදුව තිබුනා

එදා රාත්‍රියේ  ගුරු ඇබැසී පුහුණු විදුහලක අපට නවාතැන් ලැබුනා

ඈතඉමේ රක්‌තවර්ණ අහසේ හිරු අවරට යමින් තිබුන ගොම්මන් වෙලාවේ දී පවා ඇගZට දැණුන අපහසුව කියන්න බැරි තරම්  ග්‍රිෂ්මය සමග තවත් මහ කරදරයකට මුහුණ දෙන්නට අප කන්ඩායමේ සාමාජිකාවකටත් මටත් සිදුවුනා

ඒ කෝඳුරු කරදරයක්‌

මේ කෝඳුරු සේනාවෙන් බේරෙන්නට නම් අපට කොහෙත්ම පුඵවන් වුනේ නෑ

 මෙs ගැන සංවාදයක්‌ ගොඩනැගෙද්දී අපට ඒ පළාතේ උදවියගෙන් දැනගන්නට ලැබුනේ අපූරු කථාවක්‌

ඒ දඵක්‌ ගස්‌වල මල් හටගන්නා කාලයක්‌ බවත් එහි පැණි උරා බොන්නට මේ කෝඳුරුවන් දහස්‌ ගණනින් ඇදි එන බවත් ය

නමුත් දඵක්‌ පැණි විෂ සහිතයි ඒ නිසා මෙa කුඩා සතුන් එහි ඇළි මියයනවා

ඒ සැන්දෑ යාමයේ අප නැවතී සිටි ගොඩනැගිල්ලේ කවුඵවෙන් එපිට ඇසගැටුණු තුරු සෙවණක්‌ යට හිඳ පෙම්බස්‌ දොඩමින්  සිටින යුවළකගේ දසුන කාංචනාගේ සිදුවීම  මතකයට නංවනු ලැබුවා

කෝඳුරු කරදරයද මෙකී සිදුවීම ද පාදක කරගනිමින් මා අතින් කාංචනා පදවැල් එකින් එක ගෙතෙන්නට පටන් ගත්තා

පසු දිනක ත්‍යාගා මා සොයා ආවේ ඇගේ සරළ ගී වැඩසටහනක ගීතයක්‌ සොයාගන්න උත්සහ දරමින් සිටියදීය

එදා ගෙතු පදවැළ ඉතිරි කොටස්‌ එතැනදී සම්පූර්ණ කරනු ලැබq මා එය  ඇය අත තබා විමසා සිටියේ සංගීත නිර්මාණය කරන්නේ කවුරුන්ද යන වගයි

 ඒ අපේ ස්‌ටැන්ලි මාස්‌ටර්

පිළිතුරු ලෙස ඇය ප්‍රකාශ කළ

එදින මෙය පටිගත කරනු ලැබුවා

පසුව මෙය තැටිගත කර ප්‍රචාරය කරන්නට පටන් ගත්තට පස්‌සේ අති මහත් ශ්‍රාවක ප්‍රතිචාරයක්‌ ලැබුවා මතකයි


ඒ මෙය සමහරුන්ගේ පෞද්ගලික ජීවිතයට කෙළින්ම බලපාන කරුණක්‌ අරභයා ලියූ පදවැළක් නිසා වන්නට ඇතැයි සිතෙනවා

ඇය මෙs නිර්මාණයේ පසුබිම් කථාව ට විරාමය තැබුවේ ඒ අයුරින්

ඇය ප්‍රවිණ ගුවන් විදුලි නිවේදිකාවක්‌ කිවිඳියක්‌ පුවත්පත් විශේෂාංග ලේඛිකාවක්‌ වන මාලා වජිරා පෙරේරා ය
 









දඵක්‌  (Euphorbia antiquorum)- වියළි කලාපයේ වැවෙන ඔෂධීය පැළැටියකි කටු සහිතය අර්ශස්‌ මළබද්ධය ඉදිමුම් සමේ රෝග ඇතුඵ රෝග කිහිපයක ප්‍රතිකාර සඳහා භාවිතා කෙරේ


මෙතැනින් අසන්න

(පසු පිටපතකි)

වෙනත් පටිගතකිරීමක්‌ රසවිඳින්න - සුපර් ෂයින් වාදක මන්ඩලය ත්‍යාගා එන් එඩ්වර්ඩ් සමග

(අනුග්‍රහය - ගී සංරක්‍ෂක ළකිඳු පීරිස්‌ මහතා විසිනි)

------------------------------

මේ ඇයගේ කථාවයි


කොළඹ දෙමටගොඩ පදිංචිවී සිටි ඇය හා පුරා කියා අකුරු කලේ යාබදව පිහිටි ශාන්ත ජෝශප් බාලිකා පාසලට ඇතුළත්වීමෙනි


ඉන් පසුව එවකට බැප්ටිස්‌ට්‌ විදුහල ලෙස ද හැඳින්වූ දැන් යශෝධරා බාලිකාවියක්‌ව පාසල් අධ්‍යාපනයේ යෙදෙන අතරතුරදීය ගුවන් විදුලි වැඩසටහන් සඳහා සහභාගි විය

සුගතපාල සෙනරත් යාපා ගේ හන්තානේ කථාව සිනමා සිත්තම වෙනුවෙන් හඩ දායකත්වය සැපයූ ඇය එහි සුඵ චරිතයක්‌ද රගZපැවාය

පසුව ගුවන් විදුලියේ රන් යුගයේ එනම් 1972 වසරේ දී සහන නිවේදිකdවක්‌ ලෙස සේවයට බැඳුනු කණ්‌ඩායමට ඇය ඇතුඵ ආරියසිරි විතානගේ / සමදරා කෝට්‌ටගේ / ඉන්ද්‍රා රාමණායක / සෝමසිරි චන්ද්‍රසේන ද ඇතුළත් විය

 එතැනින් ඔබ්බට පියමං කරමින් ගුවන් විදුලි ළමා වැඩසටහන් නිෂ්පාÈදිකාවක්‌ ප්‍රවෘත්ති ප්‍රකාශිකාවක්‌ ශිල්පීන් පුහුණු කරන්නියක්‌ ලෙස කටයුතු කරනු ලැබූ මාලා වජිරා තම ආයතනයේ අමිල සම්පත වූ තැටි-පටි පුස්‌තකාලය වෙනුවෙන් කරනු ලැබු මහගු කර්තව්‍යය වූයේ එහි ග්‍රැමෆොaන් තැට්‌ වර්ග කර තෝරා ඊට සුචියක්‌ සකස්‌ කිරීමයි

 ඇය ගේ පෑන් තුඩින් ලියෑවුණු ගීත ද සංඛ්‍යාත්මක අඩු ගණනක්‌ වූවද ඒවා ශ්‍රාවක හදවත් ආදරයෙන් වැළඳගත් නිර්මාණයන් විය

 ඒ අතර

 දෑස වසා සිටියා (මායා දමයන්ති) / රන්හූයෙන් (ශීලා පරණමානගේ) /  එපා එපා ඉකිබිඳ හඩනු එපා (අමරා රණතුංග) වැනි නිර්මාණ ද සුවිශේෂීය

පෞද්ගලික දිවියේ විවහක තිදරු මවක්‌ ලෙස කාර්ය බහුල වූවද ඉහත කී වැඩකටයුතු කරමින්ම දිවයිනේ නමගිය පුවත්පත් - සගරා සඳහා ලිපි සැපයීම ද අඛන්ඩව සිදු කළේය

 තම නිසග හැකියාව ගුවන් විදුලියට පමණක්‌ සිමා නොකර ඈ සිනමාවට අවතීර්ණ වූයේ ද ස්‌වකීය ජන්ම දායාදය වූ කටහඩ උපයෝගි කරගනිමිනි ඒ

සිනමා සිත්තම් 250 කට ආසන්න සංඛ්‍යාවකට දෙබස්‌ කවන්නට එක්‌වීමෙනි ඒ අතර  කල්යානි ගංගා / ඇස්‌ ඉÈßපිට / පෙම්බර මධු / සතර පෙර නිමිñති / රත්තරං අම්මා / කෝලංකාරයෝ ද වෙයි

  80 දශකයේදී එවක පැවති රජයේ අමාත්‍ය පෙස්‌ටස්‌ පෙරේරා මහතා යටතේ ක්‍රියාත්මක වූ ධීවර හා විදුලි බල අමාත්‍යංශයන්හි ප්‍රචාරක කටයුතු භාරව කටයුතු කරනු ලැබීය (ධීවරයා සගරාවේ කාන්තා අංශය ද ඇතුලත්ව)


එවකට ගුවන් විදුලි ශ්‍රාවක දන තුඩ තුඩ රැව්දුනු තම නිර්මාණය අනුව යමින් දඵක්‌ මලේ පැණි නමින් වූ චිත්‍ර කථාව රචනා කරන්නට ඇය සමත්වුයේ ඒ යුගෙයේ ජනප්‍රියතම ලේක්‌ හවුස්‌ චිත්‍රකථා ප්‍රකාශනය වූ මධුර පත්‍රය වෙනුවෙනි

 මේ කටයුතු අතරවාරයේ තම සුපුරුදු ගුවන් විදුලියේ තෙවන ප්‍රදේශිය මධ්‍යස්‌ථානය ලෙස ඇරඹුනු මහනුවර සේවයේ එනම් වර්තමාන කඳුරට සේවයේ නිවේදිකාවක්‌ ලෙස ද 1984-86 කාලයේදී කටයුතු කරනු ලැබීය

ඒ එවක ළදරු වියේ පසුවුනු සහෝදර විද්Hqත් මාධ්‍යය වූ ජාතික රූපවාහිනියේ ද කාන්තා හා ළමා වැඩසටහන් සඳහා තම දායකත්වය සපයමින්ය

දශක 3 ට අධික කාලයකදී කලා ක්‍ෂේත්‍රයට කරනු ලැබූ සේවය අගයා ඇය 2014 වසරේ කලාභුෂණ සම්මානයෙන්
පුදනු ලැබිය
-------------------------------------


වෘත්තිය ජිවීතයේදී තම ප්‍රධානීන් ලෙස කටයුතු කළ නැසිගිය රිජ්වේ තිලකරත්න තේවිස්‌ ගුරුගේ මහත්වරුන්ගෙන් ලැබුනු මග පෙන්වීම සහ සහයෝගය ඇය කෘතවේදිව සිහිපත් කරන්නීය

Monday, May 2, 2016

හෙළ ජන ගී සම්ප්‍රදාය සොයා ගිය ගී චාරිකාව

හෙළ ජන ගී සම්ප්‍රදාය සොයා ගිය ගී චාරිකාවක රසමුසුව  - 01



ගීතයකට සවන් යොමා පුරුදු ශ්‍රාවකයා නිතැතින්ම එහි සම්මත ආකෘතියක්‌ හඳුනාගනී

ඒ අනුව

01 ආරම්භක වාදනය
02 ස්‌ථායි කොටස
03 පළමු අන්තර් වාදනය
04 අන්තර කොටස
05 ස්‌ථායි කොටසේ පුනරුච්චාරණය
06 දෙවන අන්තර් වාදනය (පළමු වාදනය හා සමාන විය හැක)
07 දෙවන අන්තරා කොටස
08 ස්‌ථායි කොටසේ දෙවැනි පුනරුච්චාරණය
09 අවසන් වාදනය

ගීතයක රස මිහිර උද්දීපනය කරන්නට මේවා යේ විවිධත්වය වැයෙන නාදරටා සංකලනය කළ ඇති අයුර යන මේවා හේතු විය හැකිය

මෙහිදී මින් වෙනස්‌ මගක්‌ ගනු ලැබුවේ සිංහල ගැමි ජනකවි හා ගායන පාඨ ඇසුරෙන් නිර්මාණය වූ ගායනාවන්ය

ඒ සඳහා කැපවුනු පළමු හා එකම රාජ්‍ය ආයතනය ගුවන් විදුලියයි ඒ 1970 වසරේදි එහි ප්‍රධානි නෙවිල් ජයවීරයන්ගේ මග පෙන්විමෙන් පිහිටවු සංගීත පර්යේෂණ අංශයයි

ඊට මුල්වී කටයුතු කරන්නට ඇවැසි දැනුමෙන් හා අත්දැකීමෙන් පරිපූර්ණත්වයට පත් සමතුන් එවකට එහි සේවය කරනු ලැබීය

ඒ අතරින් කියෑවෙන ප්‍රමුඛතම නාමය වන්නේ

නැසිගිය සී ද එස්‌ කුලතිළක යන්න යි

 ජන සංගීතයට ඇඵම් කළ එය ප්‍රවර්ධනය කළ දැවැන්තයා ඔහුය

භාරතයේ විශ්ව භාරති සංගීත ආයතනයෙන් ලැබූ හින්දුස්‌ථානි සංගීතය පිළිබඳ විෂයානුබද්ධ දැනුමෙන් පරිපුර්ණව සිටියද ඔහුගේ ගත- සිත රැඳුනේ තම මව්බිමේ අනාදිමත් කාලයක්‌ සිට පැවතෙන ජන ගීතයේය

උක්‌ත විෂය සම්බන්ධයෙන් අත්කරගෙන තිබු ප්‍රමාණත්මක දැනුමෙන් ද අනුනව සිටි ඔශු ට ලැබුනු මහගු අවස්‌ථාව වුයේ තම ආයතනයට අඵතෙන් පත්ව ප්‍රධානියා වූ රිජ්වේ තිලකරත්නයන්ය

1974 වසරේ දී දෙදෙන ගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රථිපලය වුයේ මුල්ම ගුවන් විදුලි ජන ගී දිර්ඝ ධාවන තැටිය එළි දැක්‌වීමයි ඒ ගුවන් විදුලි සංගීත පර්යේෂණ අංශය වෙතිනි

එවකට එහි පැවති හින්දුස්‌ථානි සංගීත ගුරුකුලයේ පැවැත්ම වෙනුවෙන් පෙනි සිටි කලහකරුවන් වෙතින් එල්ල වූ අභියෝගය ජයගන්නට තමා සමත් වූ බව කුලතිලකයන් විසින් පසුව සඳහන් කරන්නට යෙදිනි

ඔවුහු එකි ගී පටිගත කිරිම උදෙසා යොදාගනු ලැබුවේද දේශිය සංගීත භාන්ඩයන්ය

ඒ අනුව ගැට බෙරය / පහතරට බෙරය / තාලම් පොට / තම්මැට්‌ටම යන මේ වද්‍ය භාන්ඩයන්ගේ හඩ මුසුවූ ගීත වෙන කවරදාකටත් වඩා වැඩියෙන් ගුවන් විදුලයෙන් ඇසෙමින් තිබිණි

එකී අංශයේ නිර්මාණ පෙළ සඳහා හඩ මුසු කරන්නට වරම් ලැබුවන් අතර

රෝහන බැද්දගේ / ටී එම් ජයරත්න / නීලා වික්‍රමසිංහ / නන්දා පතිරණ වැන්නවුන් ගේ නාමය ඉහළින්ම කියෑවෙයි

එදා එකී පර්යේෂණ ගී අංශයෙන් කළඑළි බට එදා ගුවන සිසාර ඇසී අද දිනයේ සැගවී නොඇසි ගීය නිර්මාණයක රස මිහිර යළි විඳගන්නට ඇරයුමකි මේ


------------------------------------
මෙs නෙඵම් කවි ඇසුරු කරමින් එහි රසමිහිර මතු කරවාලන්නට දරනු ලැබූ උත්සහයකි

හිරු දෙවියන් වැඳ අවසර  ගත්තා
සඳ දෙවියන් වැඳ අවසර   ගත්තා
ඉටු දෙවියන් සැම සිහිකර  ගත්තා
ගොයම් කැපුමකට දෑකැති ගත්තා

මෙහි හඩ මුසුකරනු ලැබු ජ්‍යෙෂ්ඨ ශිල්පිණි නන්දා පතිරණ ගේ හෙළිදරවුවයි මේ

මේ ගීතය මට ලැබුනේ එදා මීට සංගිතය නිර්මාණය කරන්නට යෙදුනු නැසිගිය ප්‍රේමදාස අතුකෝරාළ සංගීතවේදියා හරහායි

ඒ අනුව එහි පදරචනය කොට ඇත්තේ කැළණියේ ඩබ්ලිව් විල්ෆ්‍රඩ් මහතා විසින්

එදා මෙහි වාදන සහයට පියදාස අතුකෝරාළ සංගීතවේදියා ද සම්බන්ධ වු බවට මතකයි බෙරය වාදනයය කලේ එදා ගුවන් විදුලි වාදක මන්ඩලයේ ප්‍රවිණ බෙරවාදන ශිල්පී සන්දෝරිස්‌ ජයන්තයන් විසින්

කොහොම හරි මේ ගීතය පටිගත කරන සමයේ මගේ පසුව ඉතා ජනප්‍රිය වූ මල්වනේ රෝස කැකුඵ ගීතයට පෙරාතුවයි



මුලාශ්‍ර - හඩ සගරාව

විශේෂ ස්‌තුතියි - නන්දා පතිරණ මහත්මිය

මෙතැනින් සවන්දෙන්න