namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Tuesday, May 30, 2017

නාරද දිසාසේකර දිවිමග චාරිකාවෙන් පරිච්ජේදයක් - 02

බැඳුනෙමු - වෙන්වෙමු - එක්‌‌වෙමු - සමුදෙමු - 02 කොටස -ආදර නිල් දෑසේ

සති අන්ත ගණනාවක්‌ ගෙවි යද්දී නව යව්වනයේ එළිපත්තේ සිටි මේ ළමා රසිකාවිය ඔහු සමාගමය නිති ප්‍රිය කරන සේය පැදුරු සාජ්ජයේ මිහිර විඳින්නට එක්‌රොක්‌ වූ  සමවයසේ සෙසු දැරිවියන් අතරින් ඇය කැපී පෙනෙයි 



මේ සහෘද මිතුරා ගේ නිවසේ නතරව මද දුරකින් පිහිටි කඵතර බාලිකාවට අකුරු කරන්නට යනබවත්  ඇය ඔවුන්ගේ සමිප ඥාති දියණි කෙනෙකුන් බවත් මව්පිය දෙපොළ රාජකාරි කටයුතු නිසා දුර ඈත මාතර පුරවරය ඇසුරේ දිවිගෙවන බවත් ඔහුට දැනගන්නට ලැබිය

මව්පිය දෙදෙනා ගෙන් දුරස්‌ ව වෙසෙන ඇය ඔහුගෙන් පිය සෙනෙහස අයදිනවා වන්නට ඇතැයි ඔහුට වරෙක සිතෙන්නට ඇත ?


ඔහු ඇය පෑ ලෙන්ගතුකමට පෙරළා හිතවත්කම් පෑහ

මේ අවධියේ එක්‌තරා දිනයක බෙන්තොට පුරවරයේ සිනමා තරු  - ගායක ප්‍රසංගයක්‌ මහ ඉහළින් පවත්වන්නට කටයුතු පිළියෙළ වී තිබුනේ එවක ප්‍රමුඛ පෙලේ පුවත්පත් ආයතනයක අනුග්‍රහකත්වයෙනි ඇය ඇතුඵ ගී රසික පවුලේ සමාජිකයෝ ඊට සහභාගි වන්නට එහි පැමිණ තිබිණි 


අනේ අද නාරදත් සිංදු කියනවා අපි යමුද ඒ පැත්තට 


ඇය කන්ඩායමේ ඥාති සොයුරියක්‌ අමතා පිංසෙන්ඩු වූවාය


දිරැස්‌කමින් සිටි මහා රසික ජන ගග අතරට යුවතියන් දෙදෙනා මැදිවි තෙරපි යන්නට වු නිමේශයේ යමෙකු ඇයවෙත කඩා පැන්නේය


මේ කොහේද ළමයෝ සෙනග ගොඩේ  යන්නේ ? මොකද මේ කරන්නේ ?  


දෙවියනේ මේ නාරද ඇවිත් 


ඔහු ඇය ගේ අතින් අල්ලා ඇදගෙන යයි සොයුරිය අනෙක්‌ අතේ එල්ලිගෙනය  පවුලේ සමාජිකන් අතරට ඇයව තල්ලුකරදමා ඔහු නෙපෙනී ගියේය


සතිඅග නිතිපතා එහි පැවතුනු මෙකී පැදුරු සාජ්ජය අතරේ වෙනත් දිනක නාරදයන් ඇතුඵ කන්ඩායමට අම්බලන්ගොඩ පදෙසේ බැති ගී ප්‍රසංගයකට සහභාගි වන්නට අරධනා ලැබ ඒ ගමනට සුදානම් විය


ඇය ඇතුඵ පැදුරු පාටියේ පවුල් හි රසික සාමාජික සාමාජිකාවන් ද එහි යන්නට ලකලෑස්‌ති වෙමින් සිටියහ  රථපෙළ සුදානම්ය ඇයද ඥාති සොයුරිය ක්‌ද ඒ ෆෝර්ඩ් ඇංග්ලියා කුඩා මොටර් රථයේ පිටුපස අසුනේය ඉදිරිපස අසුනේ තවත් සමවයස්‌ යුවතියකි


රථය පිටත්වීමට සුදානම්ද අරුමයකි ?


දිඔහු ද දිවවිත් රථයේ පසුපස දොරහැර එහි අසුන්ගත්තේය 


විසිහත් හැවිරිදි  යෞවනයෙකු වු ඔහු මේ පැගිරි වයසේ නව යෞවනිය හා සිතින් බැඳී ගියේද ?


කලෙකට පසු කඵතර බාලිකාව හැරපියා අගනුවර නිවැසි ඇය දැන් මියුසියස්‌‌ බාලිකාවකි ඉහත මිතුරා ගේ පවුල ද අගනුවරට සේන්දු රිය යළිත් දිනක පවුල් දෙකේ සාමාජිකයන් කැළණි වෙහෙර වැඳ පුදා ගන්නට පිටත් වීය


එදිනද ඔහු එහිය ඇය ම සොයා ඔහු එහි පැමිනියේ ද ? ගැහෙන හදින් දෙදෙනා නෙත් හී සර විදගනු ලැබීද ?



විමානයේ කවුඵ දොරින් නෙත් හී සර විදලා....

කුමාරියක්‌‌ කථා කරයි කාටද අත වනලා.....


ආදර නිල් දෑසේ - මැණික්‌‌ රුවක්‌‌ ඇඳි තිබේ.......


ආදර නිල් දෑසේ......


සිනහ දෙතොල් යහනාෙව් වැතිරෙමි හද පුරලා......


හද ලෙන් දොර වසනු මැනවි මා එහි සිරකරලා .......

(
ගී පද නැසිගිය ධර්මසිරි ගමගේ - තනුව නැසිගිය ප්‍රේමසිරි කේමදාස)

මෙතැනින් සවන්දෙන්න

--------------------


පොදින් පොද හිරිමල් වියේ හදේ තෙරපි උතුරා ගලා යන චමත්කාර ජනක පෙම් හැගුම් අතර සිහින ලොවක සැරිසරන්නට වන් ඇය ට කෙමෙන් කෙමෙන් ඔහු ගේ දසුන නෙත් රසඳුන් ගැල්වීය තම විදුහල අසලම පෙනෙන තෙක්‌‌ මානයේ ඥාති නිවසකට ගොඩවැදුනු ඇය ඒ යාමයේ රාජකාරියේ යෙදුනු ඔහු හා පෙම්බස්‌‌ තෙපළන මොහොත එළඹෙන තෙක්‌‌ නොසන්සුන්ය නොඉවසිළිමත්ය 

ඒ නිවසේ දුරකථනයේ යුහුසුඵව දිවගිය අතැගිලි ඉන් යම් දුරකට ඔබ්බෙන් පිහිටි ගුවන් විදුලි කාර්යාලයේ දුරකථන සිණුව හැඩවිය දින සති මාස ගෙරි ගොසිනි පාසල් ඇරි ඇය ඔහු හා රැහැනින් බැදුනු සිහින ලොවක තනිවී  සිටි 


ඒයි කවුද ඔය අනික්‌‌ පැත්තේ ?

 කාටද ඔය කථා කරන්නේ ඇත්ත කියනවා ?


මං කාට කථා කරාම මොකද ?


ආ එහෙමද එහෙනං බලමු මිට පස්‌‌සේ ටෙලිෆොන් එකට ලගට එනවකෝ බලන්න ලොකු අය ඔක්‌කෝටම කියනවා 


අනේ අනේ එපා ........

මම මිට පස්‌‌සේ කථා කරන්නේ නෑ ..............


නිවසේ ඥාති සොයුරෙකු ගේ ගෝරනාඩුවකට ඇය ගේ පිළිවදන් ය ඒ



දින ගණනාවක නිහැඩියාවකි ගග ඇය යළිත් ඔහු අමතා ආයාචනාත්මක තමන් පත්වී ඇති තත්වය විස්‌‌තර කරමින් බැගෑපත්විය



ඇයට ඔහුගෙන් දැඩි තීරණයකට එළඹෙන්නට යෝජනාවකි ....

අදහස ක්‍රියාත්මක කිරීමට සැළසුම් මලාවකි


ඒ බැරෑරැම් යෝජනාව කෙසේ ක්‍රියාවට නගන්නද ?

 එයින් තැතිගත් ඇය යළිත් කල්පනා ලොවකය එය එසේ කළහොත් ?

 එහිදි දෙදෙනාගේම වි‍ශේෂයෙන් ‍මේ කලාකරුවාණන්ගේ අනාගත කලා දිරිය ? ඔහු වැර වෑයමෙන් කැපවීමෙන් දිනාගත් සියල්ල අහිමි ව යනු ඇත


තම අනාගතයේ මේ භවයේ මුඵ දිය දායේ හැරවුම් ලක්‍ෂ්‍යයකට එළැඹ තිෙබ් යලිදු ඔහු අමතා කුමක්‌‌ පවසන්නද ?

 මුණිවත රකිමි ඇගේ අවසන් තීරණයයයි ඒ



ආදර කිතියෙන් හද සැඵණු ඒ සිහින මල් විමන් හැරපියා පියවි ලොවට වෙතට පියමං කරන්නට දිවියේ යාථාර්ය ට මුහුණු දෙන්නට සිදුවී තිබේ පාසලින් සමුගත් ඒ හිරිමල් වියේදීම ඇය ට සරණ බන්ධන ට එළෙඹෙන්නට සිදුව තිබිනි


මුඵ හදින් මම ඇයට පෙම්කොට .......

අනාගත පෙම් සිහින මැව්වෙමි....


මගේ සොදුරිය වෙනත් කෙනෙකුට .....


අයිති වන හැටි බලා දුක්‌‌වෙමි.......


(ගී පද  එඩ්මන්ඩ් ජයසූරිය  තනුව - කුලරත්න තෙන්නකෝන්)


මෙතැනින් සවන්දෙන්න

-------------


යලිත් කාලය අත්තටු ලැබ පියඹා ගොසිනි ඇය ගේ කුටුම්භයේ දැන්  තිදෙනෙකි ඇය දියණියන් දෙදෙනෙකු ගේ ළයාදර මතාවකි එවර ඇගේ දෛවය ඇයට ඒ කැදැල්ලේ උනුසුම ලබනට අවසර දි තිබුනේ යම්තම් තුදුස්‌‌වසරකට පමණි ඇගේ දයාබර සැමියාණන් ඔහු ගේ සසර ගමනේ එකී නවාතැනින් නික්‌‌ම ගියේ ඊට ඇය වෙනුවෙන් එහි මිළග පියවර ක්‍රීයාත්මක කරන්නට ඉඩ දීම පිනිසය

ඒ අනුව ඇය සසර සයුරෙන් කෙසේ වෙතත් උපන් බිමෙන් නික්‌‌ම සත් සයුරෙන් එතෙර එපිටට පිටමං කරනු ලැබිය ඒ අනුව දියණියන් දෙදෙනා හා ඇය ගේ නව නවාතැන වුයේ කැන්ගරු දේශයයි

යළි හමුවෙමු ........

විශේෂ ස්‌තුතිය - නිලංගනී දිසාසේකර මහත්මිය 

^මුදු හදවතක තතු - ඉනෝකා පෙරේරා බන්ඩාර ලියු කෘතිය ඇසුරෙනි&


Sunday, May 14, 2017

නාරද දිසාසේකර දිවිමග චාරිකාවෙන් පරිච්ජේදයක්

බැඳුනෙමු - වෙන්වෙමු - එක්‌‌වෙමු - සමුදෙමු - 01 කොටස - එන්නකො මෙහි රොක්‌වෙලා




අයියලා සහ අක්‌කලා - නංගි මල්ලි එක්‌වෙලා..............
කියන්න මේ පොඩි කථාව - එන්නකො මෙහි රොක්‌වෙලා.............


අම්මලා පුංචම්මලා මාමලා සහ නැන්දල - අප්ප කුඩප්පල ඔක්‌කොම අහගන්නකෝ ලංවෙලා.............

ගතිගුණ ඇති ආරිය - සුමනා හැඩකාරිය - දිසා තරුණයා හිතුවා කරගන්නට බාරිය.....................



යුතුකම ගරු කරනවා - හයි හත්තිය තියනවා ....................

දඩයම් කර සතුන් මරා - දිසා කාලේ ගෙවනවා..................



දඩයමටයි කෑදරේ - කැලේට හිත යා කෙරේ...................
සුමනා අවවාද දිදි - පෙන්වයි තම ආදරේ..................



පවටම ඇයි හිත ගටා - හේනක්‌ කුඹුරක්‌ කොටා..............

ඉන්නකෝ යෑයි ඇය කී වග  - පවසමි රවුමක්‌ නටා....................

.....................

මගේ පොඩි සුමනෝ දයා - දුක්‌වන්නේ ඇයි ඔයා...................

හොඳ මිනිහෙක්‌ වෙන්නම් මම කසාද බැඳගෙන ඔයා................


කේන්දරේත් පෑහුණු පොරොන්දම්ද සීහුණා - ලණුවයි කණුවයි වාගේ ................

තරිකිට තම් දා නේනා ......................

.....................
...........................


කවි කොළය විරිදු පද නිර්මාණය - බිංගිරියේ සෙනරත් විජය කුමාර කවියා

තනු හා සංගීත ස්‌වර රටාව - නැසිගිය සම්මානනීය සංගීතවේදී ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

සිනමා පටය - රෑණ ගිරව් 
වසර -1967

අධ්‍යක්‍ෂණය - ප්‍රවිණ පුවත්පත් කලාවේදී ධර්ම ශ්‍රී කල්දේරා

කථා පිටපත - අනුරාධපුර කැලැත්තෑවේ මිනීමැරම ? සත්‍ය සිදුවිම ඇසුරෙනි

ප්‍රධාන චරිත නිරූපනය - නැසිගිය ප්‍රවිණ රංගනවේදී ආචාර්ය ගාමිණි ෆොන්සේකා සහ නැසිගිය රංගන ශිල්පිනී සන්ධ්‍යා කුමාරි

ජවනිකා නිරූපනය - නැසිගිය හියුගෝ ප්‍රනාන්දු රංගන ශිල්පියා විසිනි


මෙතැනින් සවන්දෙන්න

----------------------------------------------------------



ඔහුගේ අපුර්වතම හඞ පෞරුෂය අවදි කරවමින්දි මේ සුන්දර විරිඳු පෙළ මවනු ලැබ තවත් මාස කිහිපයකින් අඩසියවසක්‌ සපිරෙයි එහෙත් එය සමරන්නට මේ නිර්මාණයට දායක වු කිසිවකු අද අප අතර නැත ඔහු ම වරෙක ඉහතින් මෑත යුගයක ගැයු ලොව්තුරු බුදු වදන අනුව ඔහු ඇතුඵ ඔවුන්ගේ රූපයන් දිරා ජරාවට ගොස්‌ ඇතද රසික සහෘදයා වෙනුවෙන් ඉතිරිකර තබා ගිය නිර්මාණ සුගන්ධය ඔවුහු නාමය ද දසත පතුරුවයි


එවකදි ඉතා සුලභ දසුනක්‌ වූ මෙවකදිතරමක්‌ දුලබ වූද මගතොටේ කඩමන්ඩියේ බස්‌ නැවතුමේදි සතිපොළේ සැරිසැරු විරිදු කරුවා නම් ජනතාවගේ මාධ්‍යවේදියා ඇසුරු කොටගත් මෙයින් ඒ සිනමාසිත්තමේ කථාංගය විශිෂ්ඨ ලෙස හකුඵවා දක්‌වයි කථාන්දර කියාදෙන්නට සමත් වැඩිහිටියන් එදවස පිරිවරා සිටිමින් ඔවුන්ගෙන් කථාන්තර අසන්නට රුචිකළ ළපැටි අප හට මේ කථාන්තරය ගුවන් විදුලියෙන් ඇසෙද්දී ද ඒ අපුරු රසය බිඳකුදු අඩුනොවි විඳගන්නට ලැබුනේ ඔහු තම ස්‌වරය ලෙළවමින් ගයන මේ විරිදුව ඔස්‌සේ මැවි මැවි ආ රූප පෙළ හා මුසුවය

නිර්මාණදිවියේ එයින් කියෑවුනු සිද්ධි දාමයට සර්වසම නොවුවද සැබෑදිවියේ ඊට තරමක්‌ සමාන සිදුවිම් පෙළක කථානායකයා වන්නට තමාට සිදුවේ යෑයි ඔහු කිසිවිටක නොසිතන්නට ඇත 

මෙතැන් සිට මෙහි සැකෙවින් දිගැහැරෙන්නේ ඒ අන්දරයයි 


ශ‍්‍රි ලංකා අග‍්‍රාමත්‍ය ධුරන්ධර එස්‌ ඩබ් ආර් ඩි බන්ඩාරණායක ශ‍්‍රීමතානන්ගේ අභාවය සිදුවු 1959 වසරේ එහි අවමංගල්‍ය වැඩකටයුතු සිදුකරණ අවස්‌ථාවේ ගුවන් විදුලි මැදිරිය වෙත සෙමෙන් සෙමෙන් පියනගන රුවකි ඔහු එහි සේවකයන්ට අමුත්තෙක්‌ නොවූවත් එදා ඒ රුව එහි දිස්‌වුයේ වසර ගණනාවක පසුව නොවේදැයි ඔවුහු එකිනෙකා හා මන්ත‍්‍රණය කලේය

එයින් දස වසරකට ඔබ්බෙන් යුගයකදී එවකට පැවතුනු හෙළ ගීත කලාව නවමගකට යොමු කරමින් එය උඩු යටිකුරු කළ අපුර්ව ගීතාවලියක හිමිකරුවාණන් ගේ එකී දැවැන්තයාගේ ආගමනය ඔවුන්ගේ කුතුහලය ට හේතු වන්නට විය

ඔහු එදා පැමිණ සිටියේ තමා මහත් සේ ගෞරව කල රටේ නායකයාණන්ගේ වියෝව නිමිතිකොට ගෙන තම හඩ අවදිකරමින් උපහාර ගීතයක්‌ පටිගත කිරීම පිනිස බව දැනගන්නට ලැබිනි පටිගත කිරීමේ මැදිරියේ ක‍්‍රියාකාරි තාක්ෂණික ශිල්පියා සුදානම්ය

වාදක මන්ඩලය සහභාගි නොකරගෙනම ඔහු තම කාර්ය අරඹා තිබිණි පටිගත කිරීමේ යන්ත‍්‍රය ක‍්‍රියාත්මක විම මදකට නැවතු ශීල්පියා ගායකයා වෙත සෙමින් ලංවි මෙසේ කියයි

මාස්ටර් හුස්ම ගන්නා සද්දේ ඇහෙනවා මයික‍්‍රෆෝන් එකෙන් මොකද කරන්නේ ? තාම්පූරාවක්‌ වත් වාදනය කරමුද ?

නෑ නෑ කමක්‌ නෑ මිනිස්‌සු සුනිල් සාන්ත තවමත් හුස්‌ම ගන්නා බව දැනගත්තාවේ

ගායකයා පිළිතුරු ලැබිනි

 කෙසේ හෝ අවසානයේ බන්ඩාරණායක සමරු ගීතය පටිගත කෙරිණි


තමා කරණ කාර්යයට සම්බන්ධ තාක්‍ෂණික දැනුමෙන් පමණක්‌ම සන්නද්ධ නොවී ඊට සබඳකම් පැවති සියඵ පරිබාහිර ඥාන සම්භාරයෙන්දි පරිපුර්ණව එදා එකි කටයුත්තේ ඔහු නිරතවිය ස්‌වර ඥානයදි ගායකයෙකු ගේ ගායනා පරාසය ශබ්ධ උච්චාරණය වාද්‍ය භාන්ඩ හා එයින් ජනිත වන හඩ සංකලනය යන මෙකි නොකි සියල්ල ඔහු මනා ලෙස ප‍්‍රගුණ කරමින් එහි නිපුනත්වයට පත් වි සිටි ඔහු වෙත

මෙරටට සැපත් ව එහි සපැමිණි විදේශිය සම්භාව්‍ය ගායන ශිල්පීන් හා වෙනත් සම්භාවනීය අමුත්තන්ගේ හඩ සම්මුඛ සාකච්ඡුා හා වෙනත් වැඩසටහන් පටිගත කිරීමේ කාර්යය පැවරී තිබුනේද  මෙකී සුවිශේෂී හැකියාව නිසාය

හඩ දායකත්වය සැපයු නිර්මාණ ප‍්‍රමාණාත්මකව සාපේක්‍ෂව අඩු වුවද පසුව හෙළ සිනමා ගීතයේ සරළ ගීතයේ ජයදද නැංවු ඔහු මෙරට සුභාවිත හෙළ ගීතයට පෙම්බැඳි එදා රසිකයන්ට කිසේසේත්ම ආගන්තුකයෙකු නොවීය

මේ සුමධුර හඩ පෞරුෂය දුර්ලභ ගායන ලතාව සතුකරගත් ආරෝහ පරිනාහ දේහධාරි ඔහු නාරද ලලිනාග දිසාසේකරය

මෙතැන් සිට ඔබ දෙණයන දෙසවන සනසාලන්නේ ඔහු පිළිබඳව දිගැහැරෙන ඔහුගේ දිවිමග පුවත් දාමයෙනි


මේ විසිවැනි සියවසේ තෙවන දශකයයි දසත පතල රාජකීය පන්ඩිත ඩබ්ලිව් ඞී සී වාගීශ්වර මහ පඩිවරයා ගේ එකම දියණි අධ්‍යපනඥ තමරාසා වාගීෂ්වර ඇගේදි අනාගත ආත්මිය සහකරුවා වූ රජයේ ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සැලසුම්කරු ලෙස කටයුතු කල තෝමස්‌ කල්දේරා දිසාසේකර හා සරණ බන්ධනගත විමේ මහෝත්සවය මහ ඉහළින් සිද්ධ කෙරිණි

ඔවුන් දෙපොළ සංසාරිකව උරුම කරගත් වත්කම් ප‍්‍රකාරව ලැබුනු දරු කුඵඳුල් දරු සම්පතේ අසිරිය විඳගනු ලැබුවේ ස්‌වාමි දරුවානන්ගේ වසරින් 1933 ක්‌ වු පොසොන් මස සත්වැන්නේය ඔහු එවන් යුගයක දම්පතීන් ගේ සදාතනික සිහිනයක්‌ බඳුවන් පුත‍්‍රරත්නයක්ම විය

වාගීශ්වර පඩිිරුවන සතු වු කුඵඳුල් මුණුපුරාණෝ නාරද ලලිනාග ලෙසින් නම් කෙරිණි

තම මුත්තණුවන් ඇසුරේ සමවයස්‌ දරුවෙකු ලබන සිප්සතර අභිබවණය කරමින් එය මනාව ග‍්‍රහණය කරගත් කුඩා නාරද ව හා පුරා කියා ජයවද්දධනපුර කෝට්‌ටේ සාන්ත තොමසුවන්ගේ සිප්හල ට ඇතුළත් කෙරිණි

තෝමස්‌ දිසාසේකර පියාණන් ගේ රාජකාරිය මය වැඩ කටයුතු නිසා අගනුවරින් බැහැරවන්නට සිදුවු නාරදයන් ගේ දෙවැනි පාසල් මාතාව වුයේ කඵතර මහ විදුහලයි

එහිදි ලැබු සිප්සතර හා සමසමව තම ක‍්‍රිකට්‌ ක‍්‍රිඩාව ප‍්‍රගුණ කරනු ලැබු ඔහු එය ද මනාව හදාරමින් මනාව පුහුණවේ යෙදෙමින් කැපවීමෙන් කටයුතු කරමින් සිය විදුහලට මහත් කීර්තියක්‌ අත්පත් කරදෙන්නට නොපැකිළිවිය

සාහිත්‍යය විෂය අරභයා එකි විදුහලෙන් අපොස ජයකෙහෙළි නංවන ලද්දේ සම්මාන සහිතව ඒ කඩඉම පසුකර පළමුවැනියා වන්නට වරම් ලැබිමෙනි

තාක්ෂණික විෂයන් කෙරෙහි වඩාත් නැඹූරුව 1955 දෙසැම්බර් 15 දාතමින් යමෙකුට ලැබෙන දුර්ළභ වාසනාවකට උරුමකම් ලබමින් දිවයිනේ මර්මස්‌ථානයක්‌ ලෙස රජයේ අතිශය වැදගත් අයතනයක්‌ වු ගුවන් විදුලි දෙපාර්තුමේන්තුවේ තාක්‍ෂණික පුහුණුවන කාර්මිකයෙකු ලෙස ස්‌වකිය මුල්ම රැුකියාව අරඹන ලදී

එතැන්සිට තම රාජකාරිමය කටයුතු නිසාම දිවයිනේ මුල්පෙලේ සංගීතවේදීන් හා විද්වතුන්ගේ ඇසුර ලැබී තමා විසින් සසරෙහි ප‍්‍රගුණ කරමින් ආ කලාකාමිත්වය ගායන කෞෂළ්‍යයය දියුණු තියුණු කරගත්තේය ඒ යුගයේ විද්වතුන් පමණක්‌ නොව සාමාන්‍ය රසිකයන්ගේද නිති පුරුද්දක්‌ වු ග‍්‍රන්ථ පරිශීලනය තම දිවිය හා බද්ධ කරගැණීමෙන් නොනැවතී ඒවා තම දිවිමග සරුකරවාලන්නට උපයෝගි කරගනු ලැබිය

ගැඹුරු එහෙත් ඔහුටම ආවේනික රටාවකට හැඩ ගස්‌වා ගත් හඩ පෞරුෂයකට හිමිකම් ගී නාරදයන් ට ඊට නිසි අගය වටිනාකාම ලබාදෙන්නට ඉදිරිපත් වුයේ ද හෙළයේ මහා ගාන්ධර්ව පන්ඩිත් අමරදේවයන් ය

බි‍්‍රතාන්‍යයෙන් මෙහි සපැමිණ මෙහි පවතින ස්‌වභාව සෞන්දරයට වෙත සෙනෙහස පෑ මයික්‌ විල්සන් හා ශ‍්‍රීමත් ආතර් සි ක්ලාක්‌ ඇතුඵ කණ්‌ඩායමක්‌ විසින් බිහිකරන්නට යන ලංකාවේ පළමු වර්ණ හා ක‍්‍රියාදාම සිනමා සිත්තම වූ රන්මුතු දුවේ සංගීත අදියුරු රටා මවන්නට ඇරයුම් ලැබ සිටියේ අමරදේවයන්ය එහි පද රටා සිත්තම් කරන්නට කැඳවුයේ එවක පුවත්පත් කලාවේ දැවැන්තයෙකු වු ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ටය

දිඑහි අඩංගු කරන්නට නියමිත ගීතයන් හට ජීවය ලබාදීමේ කර්තව්‍යය පැවරුනේ නාරදයන් හටයි එවක ආධුනික යෞවණියක්‌ ව සිටි නන්දා මාලනී යුවතිය ඔහුගේ ගායන සහයිකාව ලෙස යොදා ගන්නට නියමිත යෑයි එතුමෝ නාරදයන් හට හෙළි කරනු ලැබ තිබුනු අතර නිහතමානි ගුණයෙන් සපිරි ඔහු ඊට ඉතා කැමැත්තෙන් එකග විය

යුග යුග රසවිඳින ඔහුගේ ගි පෙළ අතර තුඩ තුඩ රැුඳුනු

ගලන ගගකි ජීවිතේ - දයාඵ ලෝකයේදි.................

නම් සම්මාණනිය නිර්මාණයේ උපත සිදුවුයේ එයාකාරයෙනි


දිවි ගමනේ තෙවන දශකය ගෙවියන්නට තෙවසරකින් මෙපිට තාරුණ්‍යයේ සුන්දරත්වයේ අසිරිය විඳිමින් සිටි නාරදයන්ගේ එවක නිවහන වුයේ කඵතරයි තමන්ට වඩා දස වසරකින් පමණ වැඩිමහඵ වුවද එවකටද දිවියේ මැදිවියට පවා පියමං නොකල පන්ඩිත් අමරදේවයන් හා සල්ලාපයේ මිතුරු සංගමයේ නිරත වෙමින් දෙමිතුරෝ කඵතර වෙනත් මිතුරෙකු ගේ නිවහන ඇසුරු කරමින් සති අන්තයේ සැඳෑ ගීත රස මවන්නට පුරුදු ව සිටියහ

එවිට එහි මැවුනේ අපුර්ව ගීත රස ගුලාවකි බාල මහඵ ඥාතිහුදදි අසල්වැසියෝද එහි රොක්‌වෙමින් තමන්ට තිබුනු එකම විද්්‍යුත් මාධ්‍යය වු ගුවන් විදුලියේ නිති හඩ පතුරන මේ ගයක මිතුරන්ගේ හඩ සජිවිව රස විඳින්නට ලැබුනු අව්ස්‌ථාවන් පැහැර නොහැරීය

මේ රසික කැළ අතරින් මතුව ආ සිගිත්තියකි පෙනුමෙන් එකොළොස්‌ හැවිරිදි වියේය ඇය යොවුන් නාරදයන් අසලටම විත් දෙනුවන් අයා දෙනයන නොපියා ඔහු ලග දැවටෙන්නට පුරුදුව සිටියාය කෙමෙන් දින දින මදහස පාමින් ලංව ලංව බොළඳ බස්‌ තෙපළන්නී වරෙක ඔහු ගේ කාළාලයේ කොණකය තවත් වරෙක ඔහු පසුපස ඇදී නිවසේ ඈත වැට මායිමේ ගේට්‌ටුවේ එල්ලි පැද්දෙන්නී ඔහු හා දොඩමඵ වන්නීය ඔහු අහාර කිස පිණිස මේසයේය

ඇයද එහි කොණක වාඩිවි සිටී

මතු දිනක එතැන් සිට.....................



(විශේෂ ස්‌තුතිය - නිලංගනී දිසාසේකර මහත්මිය 

මුදු හදවතක තතු - ඉනෝකා පෙරේරා බන්ඩාර ලියු කෘතිය ඇසුරෙනි)