namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Sunday, June 18, 2017

නාරද දිසාසේකර දිවිමග චාරිකාවෙන් පරිච්ජේදයක් - 03

බැඳුනෙමු - වෙන්වෙමු - එක්‌‌වෙමු - සමුදෙමු - අවසාන 03 කොටස - ලස්සන සැමදේ මොහොතක සුවදේ

ඒ අනුව ඇය සසර සයුරෙන් කෙසේ වෙතත් උපන් බිමෙන් නික්‌‌ම සත් සයුරෙන් එතෙර එපිටට පිටමං කරනු ලැබිය ඒ අනුව දියණියන් දෙදෙනා හා ඇය ගේ නව නවාතැන වුයේ කැන්ගරු දේශයයි





රන් ගිරගින් රන් බඳුනට රන් මසුරන් වැටෙන හඞින් සිනා නගන් ළඳේ........


දෑස කොණින් සිනා සපිරි සතුටු කඳුඵ ගලන තුරා සිනා නගන් ළඳේ.......

ඔබ අසලින් මා නැතිවට මුඵ ලෝකය ඔබ පාමුල........

කිරි සයුරේ රැල්ල රුවින් සිනා නගන් ළඳේ.........


ඔබ දෙනෙත් කෙවෙණි වසා දුක්‌ කදුළක්‌ උනන දිනක.......

ඔබ සමගින් වැළපෙන්නට මා එන්නම් ළඳේ.......

සිනා පහන් සිඵව එදින දල්වනු මැන ළඳේ...........


මෙතැනින් සවන්දෙන්න




කාලය පියඹා ගොසිනි එවර සති මාස නොව වසර ගණනකිනි මිනිස්‌ ලොව වසර පස්‌ විස්‌සක්‌ තරම් දිගු විරාමයකිනි ඇය දැන් දිවිමගේ හතරවන දශකය ද ඉක්‌මවා ගොසිනිදි යොවුන් වියේ විවාපත්වු ඇයව දැන් මිත්තණියකි


වියපත් දෙමව්පියන් ගේ අදර සැළකුම් ලබන්නට ඇය මව්බිම එළඹි කාලපරිච්ඡෙදයක එක්‌ රාත‍්‍රි යාමයක විවෙක මොහෙතේ ආලින්දයේ තෙලදසුන ක‍්‍රියාත්මකය

කෘෂ ව  වැහැරී ගිය පුද්ගලයෙකු ගේ දසුනකින් තිරය වැසි ගියේය


මේ භවයෙදි මුඵ දිය දායේ ..............


එකතු නෙවනු ඇත අප ආයේ ...........

පවස නිවන දිය පොදක්‌ නොවී ඔබ

ඇයි මහ සාගරයක්‌ වුයේ ......................

(ප්‍රවිණ ගුවන් විදුලි මාධ්‍යවේදී ගීත රචක නැසිගිය කරුණාරත්න අබේසේකර)


(තනු නිර්මාණය - නාරද දිසාසේකර)

මෙතැනින් සවන්දෙන්න


ඇය හිස බමන්නට විය තොළකට වියළිනි සියොලග හිරිගඩු පිපිගියා සේය ඒ ඔහුය කෙසේනම් අදහන්නද ඇගේ කුඵඳුල් නැවුම් පෙම් සිහින විජිතයේ කිරුඵ දැරූ අති සුන්දර රූපකාය සතුවූ සිහින කුමාරාණෝ ඔහු නෙවේද මේදි අට ලෝ දහම පසක්‌ කරදෙන්නේ ?

සියල්ල සිනමාරූපි දසුන් පෙලක්‌ මෙන් එකිනෙක සිත වෙලා ගනිමින් පවතී ඔහුට කුමක්‌ සිදුවිද මේ ? මා ඔහු අතරමං කලාද ?
කදුඵ දහරා දෙකොපුල් තෙමි රූරා වැටෙයි අහිසංක ඔහු ?

ඇය වහා දුරකථනය වෙත දිව ගියාය වසර විසිපහකින් පසු යළිත් ඇගේ අතැගිලි නළවා නාද කරවන්නෙ ඒ ගුවන් විදුලියයි
එයා දැන් මෙහෙ නැහැ මෙහෙන් අයින්වෙලා බොහොම කල් ............................

දශක දෙකකට පසු එවන් පිළිතුරක්‌ නෙැලැබිනි නම් එයයි අරුමය


මේ සිදුවිම එළඹියේ ඇයට නැවත යළි නික්‌ම යන්නට නියමිත දින ළංවි තිබියදීය


ජයාරෑපය - ගී පද රචක මාධ්‍යවේදී  නැසිගිය ධර්මසිරි ගමගේ සමග නාරද කතාබහක

ඒ රූපවාහිනි දසුන් පෙළ ඇය මනස කළඹනු ලැබ ඇත එය වෙනදා මෙන් නිවා පහන් කරගන්නට නොහැකි සේය යළි යළිත් මැවෙන්නේ ඔහු ගේ වැහැරුණු රූපකායයි


අනේ දෙවියනේ මා ඔහුට අනුකම්පා විරහිත ලෙස දෙ‍්‍රාහි වුවා නොවේද ?

ඔහු කොපමණ නම් අසරණ වන්නට ඇද්ද ?

මා පිටුපා ගිය පසුවත් ඔහු මට බාධා නොකර මගේ කැමැත්තට ඉඩ හැරියා නෙවේද ?

මා සිත ගිනිගෙන දැවෙන්නක්‌ මෙන්ය එය දැන් මෙහි නැත එය ගව් ගණනක්‌ දුර මව්බිමේ ඔහු ගේ රුව මවනු ලබයි මින් දශක දෙකකට ත් දුර අතීතයක පියවි ලොව මැවුනු දසුන් එකින් එක දර්ශනය කරවයි

රක්‌ත වර්ණ දෙනයන තෙමි උතුරා දෙකොපුල් සිසාරා වැගිරෙන කඳුඵ අතරින් ඔහු ගේ එදා ඒ පිරිපුන් සුන්දර රූපකාය මැවියයි

එදා ඒ දගකාර බාලිකාව එක්‌තර සැඳෑ යාමයක ඔහු ලග දැවටෙමින් කැළණි වෙහෙර මල් පිදු වගදි මතු වෙන් නොවන සේ එක්‌වන්නට පැතු වගදිදි වරෙක මෝටර් රථය වෙත් දිවවිත් නැගී මා අසලින් තෙරපි තෙරපි ගිය සැටිදි ඔහු නිවසින් බැහැරව මාවත වෙත පියමං කරද්දී ඔහු පසුපස්‌සේ වැටි දුරින් දුරට දොඩමඵ වු හැටිදි නිවැසියන්ගේ දොස්‌පරොස්‌ නොඅසා ආපසු යන්න යෑයි මුදු වදන් තෙපඵ හැටි

දි අසරණ ඔහු තනිව සිටිනු ඇද්ද ? පමා විය නොහැකියි මට

යෙහෙළියකගේ පිහිට පතා යළිත් දුරකථන ඇමතුම් වැළක්‌ මව්බිම වෙත යොමුකලෙමි එහෙත් ඒ කිසි තැනක ඔහු නැතදි ලැබුනු ලිපින වෙත ලිපි යොමුකලෙමිදි පිළිතුරු නැත

ඔහු මා මගහරින්නේද ? මට ඉවසුම් නොදේ

සති ගණනාවක්‌ ගෙවි ගොසිනි උත්සහය නෙහරිමි බලාපොරොත්තුවේ පහන් සිළ නොනිවන්නෙමි ඔහු හමුවන තෙක්‌ දින සති මාස ගණනක්‌ වුවද මෙසේ ම කරමි


එක්‌තරා දිනක ඇමතු ඥාති සොයුරෙකුගෙන් කදිම හෝඩුවාවකිදි මගේ උත්සහය මල්ඵල ගැන්වෙන ලකුණු පහළ වි ඇත වසර 25 කින් පසුව ඔහු මට පිළිවදන් දෙනු ලබයිද ? ඒ සොඳුරු අතීතය යළි උපදිනු ඇද්ද ?
මල්ලි දැන් ඔය ලයින් එක නාරදට දෙන්න

නාරද මාව අඳුනාගන්න පුඵවන්ද ඔයාට මම ........................

ආ ඔව් නිලෝ මට අඳුනාගන්න පුඵවන් ...............

අනේ නාරද මට කියන්න තියන දේ කියලා ඉවරකරගන්න මම එනවා ලංකාවට හෙට අනිද්දාම .............

මගේ වැඩුනු දියණියන් දෙදෙනා ට සියල්ල පැහැදිලි කලෙමි ඔවුන්ගේ සම්පූර්ණ එකගතාවය අනුව සියල්ල සිදුකරමි මා ඔහු වෙත යා යුතුය එදා මල්පුදාලමින් මා පැතු පැතුම ඉටු කළ යුතුය මේ ඊට හොඳම අවස්‌ථාව නොවේද ? මා නිසා සිඳිබිඳි සුණුවිසුණු වි ගිය ඔහුගේ සිත සුවපත් කළ යුතුමයදි එයින් අප දෙදෙනා දවාලන දුක්‌ගිනි නිවා දමමි කෙසේ හෝ මම එය ඉටුකරමි

මේ 90 දශකයේ මැද භාගයයි මා මේ දේශයෙන් නැවත මව්බිම වෙත නුදුරු දිනයකදී පියඹා ගොස්‌ ඔහු හා කැදළි තනමි සදා ලැගුම් ගමි ඒ කැදැල්ලේ යළි කිසිදු ලෙසක කිසිදු දිනක වෙන් නොවනා ලෙස
ඔහු ට ඇවැසි යෑයි සිතුනු සියඵ දෑ මිළදී ගතිමි එහි ගොස්‌ අප දෙදෙනා

වෙනුවෙන් මා නව නිවහනක්‌ ගොඩ නගමි


සිතල උඳුවප් මහ එළඹෙන්නට අසන්න සමයක එක්‌ මැදියම් රැුයක දි දශක දෙකකින්  අප නෙත් යුග එකිනෙක යා වු ඒ තීරණාත්මක අසිරිමත් මොහොත එළඹියේය ගුවන් තොට ඈත කොණක ඒ රුව කෙමෙන් මා වෙත ඇදී විත් මා සුරතම ගෙන සිපගත් ඒ මොහොතේ සිතතුල තෙරපි විසිරි ගිය හැගුමන් වදන් වලට කැටි කල නොහේ
ඔහු ඒ සොඳුරු රුව ඒතරමටම ලෝ දහමට නතුවීද ? සිතින් මවන ඒ සොඳුරු අතීතය ගතිනුදු ඔහුට ලබාදිය හැකිවේද මට ?
ඒ රැුය පහන් වෙන වගක්‌ අපට නොවැටහීමේ අරුමයකුදු නැත දොඩමඵ වන්නට ඇති දෑ අපමණය දෛවයේ කිනම් විපර්යාසයක්‌ද මේ ? දුරස්‌කල අප දෙදෙනා එක්‌වන්නට මෙතරම් දිගු කාලයක්‌ ගතවි තිබීම සැබැවින්ම අදහනු බැරිය හෙට නව අරුනඵ නැගෙන පැයේ මගේ දිවියේ ද ඒ දිනිඳාණෝ නව අරුණඵ පතිත කරනු ඇත

යළිත් මාස ගණනක ඇවැමෙන් අගනුවරට නුදුරින් නව නිවසක හිමිකරුවන් වු අප ගේ වසන්තය උදා වෙමින් තිබිනි මා විසින් කල සාත්තු සප්පායම් කරණකොටගෙන ඔහු ගේ ගත වත කෙමෙන් සෙමෙන් ප‍්‍රාණවත් වන්නේ ඒ වසන්තයේ දඵ ලා වැඩෙන නැවුම් තුරක්‌ සේය
අව්‍යාජ නිකැළල් පේ‍්‍රමයේ සොඳුරු පහස ලබන මේ අධ්‍යාත්මික බැඳීම කොතරම් සුන්දරදැයි සිතේ අප නිතර බුදුපුද පිනිස වෙහෙර වදිමි
එදා රිදී තිරය සිසාරා ගිගුම් නැංවු ඔහුගේ මුවින් පිටවු ගැඹුරු වදන් සිතේ දෝංකාර දෙයි

පිපි පිපි රේණු නටන වනේ මලක හැප්පිලා........

වරෙන් වරෙන් සුළං පොදක්‌ අපේ ඇගේ ගෑවිලා........

කාගෙත් කාගෙත් පින් පලදීලා..........

කාටත් කාටත් දෙයියෝ දිලා...............

පුංචි පහේ ඉල්ලමකුත් පෑදිලා..................



පද සංකල්පනාව - ප්‍රවිණ පුවත්පත් කතුවර නැසිගිය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

තනු නිර්මාණය - පද්ම ශ්‍රී පන්ඩිත් නැසිගිය අමරදේව

(රන්මුතු දුව සිනමා පටයෙනි - 1962 - අධ්‍යක්‍ෂණය - මයික්‌ විල්සන් සංගීතමය ජවනිකා අදියුරු - තිස්‌ස ලියනසූරිය)

මෙතැනින් සවන්දෙන්න


ඔහුව පසසන අගයන විමසන රසික දනන් ගේ නාරද ගී රස පවස අප දෙදෙනා අපට හැකි අයුරින් නිවාලූ‍වෙමු සමාජ සත්කාර කටයුතු ඉටුකළෙමු ඒවයන් බොහෙමයක්‌ ඔහුගේ ගම් පියස වු කලූ‍තර පදෙස ආශ‍්‍රීතවයි තමන් ඇදැහූ ගරුකල දේශපාලන මතය නියෝජනය කළ පිල වෙනුවෙන් සක‍්‍රීයව පෙනිසිටි ඔහු වෙත ඔවුන් වෙතින් වගකීම් සම්භාරයක්‌ පැවරි තිබුනි සුපුරුදු ගුවන් විදුලි රාජකාරිය අනුව ම යමින් ඒවාද දේව කාරියක්‌ සේ ඉටු කරන්නට ඔහු නිති සැදී පැහැදී සිටියේය

සංසාරිකව පතා ආ සේ දෝ එසේ එක්‌වන්ව අත්වැල් බැඳ ආ අපගේ දිවි චාරිකා තවලම සෙමෙන් ඉදිරියට ඇදෙමින් දින සති මාස වසර ගණනින් ගෙවි ගොස්‌ ඇතිබවක්‌ හෝ නොදැනුන සේය

එසේ 21 සියවසේ පළමු දශකයේ අවසානය එළඹ තිබිණි ඔහු ට ආහාර ගැනිමේ අපහසුතාවකින් ඇති සේය සුපුරුදු මදහස පිරි පිරිපුන් වත මැළවි ගොස්‌ ඇති සෙයකි නොසන්සුන්ය නෙඉසිලිමත්යදි

මදක්‌ හෝ පසු නොබා ඔහුට වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීමට ඉටා ගත් මා ඒ අනුව මා හට ඥාති සම්බන්ධකමක්‌ ඇති දිවයිනේ නමගිය වෙදැදුරක්‌ වෙත ඔහුව යොමුකරවන ලදී

රෝගියා හොඳින් පරික්‍ෂා කල ඔහු මට උපදෙස්‌ දුන්නේ තවත් එවැනිම විශේෂඥ වෙදැදුරෙකු වෙක නොපමාව මුණගැසෙන ලෙසයි

ඒ අනුව කටයුතු කෙරෙමින් පැවතිනි රෝග නිශ්චයන් වාර්තා පිටපත් පෙළකි අවසානයේ සවනත වැකුනේ මෙළොව වෙසෙන ප‍්‍රිය බිරිඳක්‌ මවක්‌ දියණියක්‌ සිහිනයකුදු හෝ නොපතන පුවතකි

ඒ අනුව ඔහු දැන් පසුකරන්නේ සුවකළ නොහැකි කර්ම රෝගයක දුස්‌සාධ්‍ය අවස්‌ථාවයි මා අවට මුඵ ලොව භ‍්‍රමණය වි හිස අඹරවා පැළි යන සේය

ළමා වියේ මැවු සිහින විජිතය සැබැව යම්තම් දශක එක හමාරක්‌ ගතවුවා පමණි දෛවය යළිත් ඔහුව මගෙන් උදුරාගෙන යන්නට තැත් දරන්නා සෙයකි

මෙ අසුභදි පුවත් කිසිවක්‌ ඔහුට දැනගන්නට ඉඩ නොතැබුවෙමි සුපුරුදු ලෙන්ගතුකමින් දිව මතුරක්‌ සේ මා මුවින් පිටකලෙත් සිතින් පැතුවේත් ඔහු හැකි ඉක්‌මනින් සුවය ලබනා බවකි යළිත් වරක්‌ සිතින් දහස්‌ වරක්‌ තැවෙමින් ඒ වගක්‌ නොඅගවමින් ගතින් ඔහු ට කලයුතු සාත්තු සප්පායම් සියල්ල කළෙමි

අනේ ඔයා ට මගේ කැත කුණු අතගාන්න වුනා නේද .....?

ඔහු ආයාචනාත්මක දුබල හඩ අවදිකරමින් තෙපළයි

කමක්‌ නෑ නාරද මම මේ දේවල් කරන්නේ සතුටින් ඔයා ඉක්‌මනින් සනිප වෙන්නකෝ............. හදවතට හෘද සාක්‍ෂියට ඔච්චම් කරමින් මගේ මුව ක‍්‍රියාත්මක වි ඇත
ඔහු දිනෙන් දින අකර්මන්‍ය වන සේය බලාගත් අත බලාගෙන සිටි

2010 වසරේ අසිරිමත් බුදු තෙමගුල් සමය ලගා වි ඇත ඔහු සුපුරුදු සයනයේ වැතිර හිස්‌ බැල්මෙන් ඈත ගගන තලය වෙත නෙත්යොමා සිටිමින් දුබල හඩින් මතුරන්නට විය

කියන්න වාගිශ්වර හාමුදුරුවන්ට එයාගේ මුණුපුරා ඇවිල්ලා කියලා ....................

මගේ හිස බමන්නට විය දෙඇස්‌ නිලංකාර වෙමින් යයි

අනේ නාරද මාව දාලා යන්නද හදන්නේ ......................?


ඒ මුසල අඳුරු රාත‍්‍රි යාමයේ අපේ කැදැල්ල සිසාරා යළිත් එක්‌වරක්‌ පමණක්‌ රටක්‌ දැයක්‌ නැළවු ඒ ගැඹුරු මෝහණිය හඩ අවදි කරමින් රාව ප‍්‍රතිරාව නැංවිය

අනේ්..................................නිලෝ ...............................

ඔහු දෙනෙත් ආයා මා දෙසම බලා සිටි


නාරද නාරද අනේ ඇයි ? ..................

ඔහුගේ ශීතල දෙඅත නිසලය ඒ මියුරු හඩ ඉතිරිකොට තබා ඔහු සමුගෙන ගොසිනි

ඔහුව තරයේ වැළඳගත් මා නැගු විළාප අඳෝනා මේ පොළෝතලය පුරා විහිද විසිර යන්නට ඇත මා සසර චාරිකාවේ එක්‌ පරිච්ජේදයක නිමාව සටහන් වි ඇත
පුරා පසලොස්‌ වසක්‌ ඔහු හා අත්වැල් බැඳ ඔහුගේ දිවිමග සහකාරිය ලෙස මට හැකි උපරිම මට්‌ටමෙන් මගේ යුතුකම වගකීම ඉටුකළෙමි සසර පතා ආ අප ඊට වැඩි කාලයක්‌ දුරස්‌ ව වෙන්වි එකිනෙකාගෙන් සැගවී සිටියහ ලෝ දහම කැටිකොටලා ඔහු ගේ මුවින් එදා ළයාන්විතව තෙපඵ වදන් අපමණ සිත් සතන් සුවපත් කරවා නිවි සනසවාලන්නට ඇත


රූපං ජීරති මජ්ජානං - නාම ගොත්තං නජීරතී .......................

ලස්සන සැමදේ මොහොතක සුවදේ එහි කෙළවර දුක දේ ....................

දෙනෙත පෙනේ නම් සුවඳ දැනේ නම් සවන බිහිරි නැත්නම් .....................

දැල්වෙන අතරේ සදහම් දිපේ මන්ද ගිලෙන්නේ අඳුරෙහි පාවි ...............

සියල්ල ලෝකේ වැනසි යයි දිරා ජරාවට යයි ......................

(ප්‍රවිණ ගුවන් විදුලි මාධ්‍යවේදී ගීත රචක නැසිගිය කරුණාරත්න අබේසේකර)



(තනු නිර්මාණය - නාරද දිසාසේකර)

මෙතැනින් සවන්දෙන්න




දස දහස්‌ ගනන් සිය රසික දනා මන්මත් කල ඔහුගේ ඒ ආරෝහ පරිණාහ රූපකාය ලෝ දහමට නතුවු ඒ සිරුර දවාඵ භෂ්මාවශේෂ අගනුවර සුසාන භුමියේ මිහිදන් කරවුවෙමි ඒ මත ඔහු වෙනුවෙන් ගොඩනැගු ඒ සිහිවටනය පරම පවිත‍්‍ර රමණීය පේ‍්‍රමයේ නාමයෙන් මාගේ ටජ්මහලයි


හෙළ ගී කලා ලොව එකඵකල මිණි පහන් ටැඹෙන් එක්‌ ප‍්‍රදිපයක්‌ නිවිගිය තැන් පටන් යළිත් සත්වසක්‌දි ගෙවි ගොස්‌ ඇති මේතාක්‌ නච්ච ගීත වාදිත විසුක දස්‌සන මාලා ගන්ධ විලේපන පිළිකෙව් කරමි

මතුයම් දිනක මා සිරුර දවන භෂ්මාවශේෂ ඔහු ගේ ඒ කුටියේ ලැගුම් සොයා යනු ඇතදි එතැන් පටන් යළිත් අප දෙදෙනා එක්‌තැන්වෙනු ඇත

එය මාගේ පරම පැතුමයි .......සසර පැතුමයි.............!!!!

සමාප්තයි

------------------------------------------------------------------------

මෙහි කියැවුනු පුවත ද පසක්‌ කරන්නේ අනියතබවයි එය මෙලෝ වැසි සියල්ලන්ගේ ම උරුමයයි දායාදයයි වත්කමයි ඒ අනුව මා අප ඔබ සියල්ලෝ ද ඉහත කියු පරිදි අදද හෙටද සසර ගමන පුරාවටම යළි යළිත් බැඳුනෙමු - වෙන්වෙමු - එක්‌වෙමු - සමුදෙමු


පරිශීලනය වැඩිදුර කියවීම් මුදු හදවතක තතු කෘතිය

(ස්‌තුති පුර්වක ප‍්‍රණාමය එයින් උපුටාගන්නට අවසරය දුන් නීලංගනී දිසාසේකර මහත්මිය වෙත)