namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Monday, December 26, 2016

ශිරෝමි ප්‍රනාන්දු - කිතුණු ළමා බැති ගී

ආ - ලෙ - ලු - වි  - යා ...................!
(Peace be you)


සීතල දුරුත්තට ඇරයුම් කරමින් අසිරිමත් නත්තල සමුගනිමින් තිබේ 

මෙසමයෙහි ගී රස ලෝලීන් සවනත නිරතුරු දෝංකාර නංවන්නේ නත්තල් බැති ගීතිකාවන්ය  

මුඵ ලොවම සමරණ ජේසු උපත සිහිගන්වන එවැනි ගීතික ඒ නිසාම අපමණය බහුලය එය එසේ වුවද 

පසුගිය සියවසේ මැද භාගය පමණ වන තෙක්‌ම ලක්‌වැසි සිහල කතෝලික දනන් හට සමිප ස්‌වභාෂීත නත්තල් බැති ගී බිහිව තිබුනේ ඉතා සිමීතවය

සියවස්‌ තුනකට ඔබ්බෙන් උඩරට රාජධානිය පැවති සමයේ ලන්දේසින්ගේ රෙපෙරමාදු ක්‍රිස්‌තියානිය නිසා මෙහි පිරිහෙමින් පැවති කතෝලික දහම යළි නගා සිටුවන්නට පෙරමුණ ගත්තේ දක්‍ෂින භාරතයෙන් මෙහි සැපත් වූ ජාකොබේ ගොන්සාල්වේස්‌ පියනම විසිනි

එතුමාණෝ ගේ අප්‍රතිහත ෙෙධ්‍යයර්ය නිසාත්  සිංහල භාෂාවෙන් කතෝලික දහම ප්‍රචාරය කිරීමේ පුරෝගාමි මෙහෙවර නිසාත් ස්‌වදේශිය සිංහල බැති ගී සරණියක්‌ උපත ලැබිය

එතුමා විසින් විරචිත ඇතැම් ගී දශක කිහිපයකට පෙර  ගුවන් විදුලි පටිගතකිරීම් උදෙසා ප්‍රවිණ ශිල්පී අයිවෝ ඩෙනිස්‌ විසින් යළි ප්‍රතිනිර්මාණය කරනු ලැබිය 
ඉන් අනතුරුව ඒ සඳහා ක්‍රියාශීලිව පෙරමුණ ගත්තේ පන්සලේ පියතුමා නමින් බොදුණු ගී රසිකයන්ගේ  පවා සිත් ඇඳබැඳ ගත් මර්සලිනු ජයකොඩි පියතුමාණෝය 

එතුමෝ ජනප්‍රිය බටහිර කිතු බැති ගී නාදමාලාවට සරිලන සේ සිංහල බැති ගී රචනා කරනු ලැබූහ

රෑ තරු බබලනවා.........

(චිත්‍රා සෝමපාල පසුව ලතා වල්පොළ)


රොනට වඩින බිගු ඔබයි..........(චිත්‍රා)
මේ කටයුත්ත සිදුකරනු ලැබුවේ 50 දශකයේදීය ඉන් ඉක්‌බිති ලාංකීය ගී වංශ කථාවේ නව පරිච්ජේදයක්‌ අරඹමින් සිංහල බටහිර වේග රිද්ම ගී කලාවේ උපත සිදුවුයේ 60 දශකයේදීය ඒ සඳහා පෙරමුණ ගත්තේ මුල්වුයේ ද සිය ළදරු වියේ සිට උරුමයෙන් ගී රස පහස ඇසුර නිති ලැබු බටහිර වෙරළ තීරය ඇසුරු කල යව්වන කතෝලික බැතිමතුන්ය

ඒ අනුව

 මීගමුවේ  නෙවිල් ප්‍රනාන්දු ඇතුඵ කණ්‌ඩායම ලොස්‌ කැබැයියරෝස්‌ 

මිගමුවේ  මෙරිල් ප්‍රනාන්දු ඇතුඵ පිරිස ඇමිගෝ රොමැන්ටිකාස්‌ 


මිගමුවේ ජෝ බි පෙරේරා අතුඵ පිරිස ලොස්‌ මුචාචෝඕස්‌ 


මොරටුවේ මනිලා ප්‍රනාන්දු ඇතුඵ පවුලේ සැම වින්ස්‌ලෝ සිකස්‌ 


මොරටුවේ ජෙරී ජයසේකර ඇතුඵ පිරිස ජේ බ්‍රදර්ස්‌ 


කෝට්‌ටේ නොයෙල් බ්‍රයන් රණසිංහ ඇතුඵ මිතුරෝ ලා සිලෝනියන්ස්‌ 


කඵතර රේමන්ඩ් ෆොන්සේකා ඇතුඵ පාසල් මිතුරෝ සමණළයෝ


රත්නපුරයේ ක්‌ලැරන්ස්‌ විජේවර්ධන ඇතුඵ මිතුරු කැළ මුන්ස්‌ටෝන්ස්‌ 

හා 

මේ නිර්මාණයට දායක වූ

කොටහේනේ මෙල්රෝයි ධර්මරත්න ඇතුඵ සහෝදර කැල ධර්මරත්න බ්‍රදර්ස්‌ 

හා තවත් කන්ඩායම් 50 ට අධික සංඛාවක්‌ උපත ලැබීය  

ඔවුහු බොහෝ අවස්‌ථාවන්හිදී තම තමන්ම පද රචනා කරන ලද ගී තමන්ම තනු නිර්මාණය කර තමන්ගේම සරළ සංගීත භාන්ඩ යොදා ගනිමින් ගැයුහ වැයුහ බටහිර ගී ආර ට අනුගත වන ලෙසින් ඒවා ස්‌පාඤ්ඤ ගිටාර් මධ්‍යම ඇමෙරිකානු ගෝත්‍රික වාද්‍ය උපකරණයක්‌ වූ බොංගෝස්‌  ලතින් ඇමෙරිකානු ගයිරෝ මරකස්‌ වැනි වාද්‍ය භාන්ඩයන් ඒ සඳහා භාවිත කෙරිනි බටහිර වෙරළ තීරයේ සංචාරක නිවාඩු නිකේතන හා හෝටල් හි අදද ඇසෙන්නේ මේ ආරේ ගායනයන්ය


පසුව ඒව ක්‍රමයෙන් ජනප්‍රිය වු අතර ඔවුන් සාමාන්‍ය ශ්‍රාවක ජනයා වෙත කැන්දා ආ පාළම වුයේ 65-70 ගුවන් විදුලියයි ඔවුන් වෙත වාසනාව ලගාකරදුන්නේ එවකට එහි මහ පුටුව හෙබවු ප්‍රවිණ පරිපාලක නෙවිල් ජයවීරයන්ගේ සෘජු සංගීත ප්‍රතිපත්තියයි හින්දුස්‌ථානි සංගීතය අරක්‌ගත් ගුවන් විදුලියේ බහුතර සංගීත ශිල්පීන් ගේ විරෝධය නොතකා ඒවා තැටි වලට නංවනු ලැබීය

එතැන් සිට පෞද්ගලික තැටි ව්‍යාපාරිකයන් විසින් ලැබු ඇරයුම් නිසා ඔවුන් හට ඉහත කී සම්ප්‍රදායික ලතින් ඇමෙරිකානු සංගීත භාන්ඩ වලට අමතරව වෘත්තිය වාදන ශීල්පීන්ගේ සේවය ලබා ගන්නට සිදුවිය ඒ වෙළඳතැටි ගීතයන්හි ශ්‍රවණ මාධූර්යය හා ප්‍රමිතිය රකින්නටය

70 දශකය එළැඹ තිබුණි

ගසට පොත්ත මෙන් බෞද්ධයන් ගේ වෙසග හා එක්‌ව බැඳුනේ බෙග් මාස්‌ටර් ගේ ඔබේරාගී මණ කැළඹේදෝ (බුද්ධං සරණං ගච්ඡාමි - අංගුලිමාල - හින්දි සිංහල හඩකැවු සිනමාපටය වෙනුවෙන් 1962 කරුණාරත්න අබේසේකර) යම්සේද ඊටත් වඩා හෙළ කිතුණුවන්ගේ නත්තල හා බැඳුනු ගීතයේ උපත සිදුවුයේ අසාමන්‍ය අපූර්ව කුසලාතවයක්‌ නිධනාගත වූ ක්‌ලැරන්ස්‌ විජේවර්ධන කිතු බැතිමන් ගායකයා පද රචකයා  තනු නිර්මාපකයා - සංගීත සංයෝජකයා නිසයි 

 මුන්ස්‌ටෝන්ස්‌ ගායක කන්ඩායමෙන් ඉවත් වී සුපර් ගෝල්ඩන් චයිම්ස්‌ නමින් 1972 වසරේදි පමණ ඔහු පිහිටුවාගත් කන්ඩායමේ අනිල් භාරති ශිල්පියා ගේ හඩදායකත්වයෙන් උපන් ඒ ගීතය මෙහි සැරසරණ ගී රසිකයන්ට හඳුන්වාදෙන්නට අවශ්‍ය නැත

බෙත්ලෙහෙම් පුරේ - දිළිඳු ගව ලෙනේ ........
ඔරුව තුලේ සිසිලේ නිදයි - ජේසු බිළින්දා ............

පද සංකල්පනය නැසිගිය කරැණාරත්න අබේසේකර
 සංගීතය - නැසිගිය ක්‌ලැරන්ස්‌ විජේවර්ධන

මේ අනුව 
දිවයිනේ වාඩාත්ම වැදගත් අගමික උත්සව ද්විත්වයේ වඩාත්ම වැදගත් ගී නිර්මාණයන්හි හිමිකරුවා විමේ දුර්ලභ වාසනාව අබේසේකරයන් සතුය

(මුල් පිටපත මෙතැනින් සවන්දෙන්න)


හෙළ කිතුණු ළමා ළපැටියන් වෙනුවෙන් බැති ගීයක්‌  ?


කිතු උපත ප්‍රස්‌තුත කරගනිමින් වු එවන් නිර්මාණයක තතු විස්‌තර අප්‍රකටය නමුත් 50 දශකයේ දී ජේසු බිළිඳා හැරුණුවිට නත්තලේ මහා සංකේතය වූ ශාන්ත නිකලස්‌ පියතුමා සිහිගන්වන නත්තල් සීයා වෙනුවෙන් එවන් ගීතයක්‌ ගුවන් විදුලියේ පටිගත කෙරී තිබිණි ඒ එවක ගුවන් විදුලි ගායකයෙකු වු ආර් එස්‌ මෙන්ඩිස්‌ විසිනි එවක ගුවන් විදුලියේ සේවය කළ පසුව සිනමා නඵවෙකු ලෙස අභිෂේක ලැබු නැසිගිය උපාලි අත්තනායක ශිල්පියා ගේ කවි සිතිවිල්ලක්‌ වූ එහි තනු නිර්මාණය නැසිගිය පැට්‍රීක්‌ දෙණිපිටිය සංගීතඥයා විසින් සිදුකරනු ලැබිය

පුඵන් වගේ සුදු රැවුල දිගයි - ලස්‌සන ඇඳුම හැඩයි කදිමයි'...........

රබන් ගසයි ගෙජ්ජිද සොලවයි - මේ එන්නේ නත්තල් සීයයි........


 ඉන් මෙපිට 70 දශකයේදී බෙත්ලෙහෙම් පුරේ ගීතය උපන් අවධීයේ උක්‌ත මාතෘකාගත ගී නිර්මාණයක්‌  සඳහා පෙරමුණ ගත්තේද ඉහත කී කන්ඩායම් ගී සාමාජික කැළක මෙහෙයුම්කරු මෙල්රෝයි ධර්මරත්නයන් විසිනි

දරුවන්ට ගැළපෙන අපුර්ව පද සංකල්පනා ගෙතිමේ ශූරයෙකු වු ඔහු ගේ එකි ප්‍රතිභාව මෙහි ද මනාව ප්‍රකට කෙරෙයි

උඳුවප් මාසේ  - සිතල දවසක පුංචි පහේ ගවමඩුවක ඉපදුනි
පුංචි බබා - ජේසු බබා .........
ලස්‌සන අහසේ -තරුවක්‌ දිළිසේ  - ඉපදුනු ආරංචිය පැතිරෙව්වේ


පුංචි බබා - ජේසු බබා ..........................


(එකම පිටපත මෙතැනින් සවන්දෙන්න)


ගීතය තනුව නිර්මාණය කරමින් එවකට ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටි ස්‌වකීය ඥාති දියණි ශිරෝමි ප්‍රනාන්දු ඒ සඳහා පුහුණු කරවනු ලැබිය


ගීතය පටිගත කිරීමට සුදානම්ය එහෙත් එහි තනුව සරසවන්නට තවත් යමක්‌ කරන්නට තිබුනේ නම් අපුරුය 


ඔහුට අපුරු අදහසක්‌ පහළ විය  '''''''දේවස්‌ථානයේ පියතුමා තෙපළන ඒ වදන් වැළ මෙහි ඇතුළත් කළේ නම් ?


ඊට සුදුසුම පුද්ගලයා සොයා ධමර්තනයන් පියමං කලේ මරදානටය ටවර් රගහල ට මදක්‌ එපිටින් තිබු පියගැටපෙළක්‌ නැග අතුරු මගකට පිළිපන් ඔහු එහි එවකට වාසය කල ඩෝල්කි වාදකයෙකු හමුවිය

ඒ ඩොල්කි වාදකයා ඉස්‌ලාම් බැතිමතෙකි නමින් පූජා ඉස්‌මයිල් ය 

එවක ජනප්‍රිය වෙළඳ තැටි හා සිනමා ගී පටිගතකිරීම් සඳහා මැදිරියේ ඩොල්කි වාදනයේ යෙදුනු ඔහු ට එදින තමාට සුපුරුදු ඩොල්කි වාදනය වෙනුවට ගීතයක කොටසක්‌ ගායනා කරන්නට සිදුවි තිබිනි 


ගීතය ට ඇවැසි අන්තර් වාදනය සරසවන්නට කැඳවුයේ සරත් දසනායකයන් ස්‌ටැන්ලි පීරිස්‌ ඇතුඵ සංගීතවේදින්ගේ පටිගත කිරීම් ප්‍රියතමයා වු ක්‌ලෝඩ් ප්‍රනාන්දුය 


ඔහු එදා මේ සඳහා වැයු යමහා  (YAMAHA YC 45) එවකට ශ්‍රී ලංකාවේ  තිබුනු තාක්‍ෂණයෙන් වඩාත් පරිපුර්ණ ඕගන් මාදිලියයි එහි හිමිකරුවාණෝ ප්‍රවිණ පොප් ශිල්පිනි මරියසෙල් ගුණතිලකයන්ගේ පියාණන් වූ රාජා මහතාය 

පාදක සටහන
එවකටද ලාංකීය කිතුණු දේව මෙහෙයන් පැවැත්වුයේ ලතින් බසිනි 

 ඉහත මාතෘකා කෙරුණු මෙම ගීතයේ ආරම්භක ගායන පාඨය  දේව මෙහෙයන් පැවැත්වීමේදී තෙපළන ලතින් ආසිරිවදනකි  එහි අර්ථය සාමය වේවා    යන්නය 


( විශේෂ ස්‌තුතිය - ප්‍රවිණ සංගීතඥ ගායක මෙල්රෝයි ධර්මරත්න මහතා වෙත) 

Sunday, December 25, 2016

උඳුවප් මහේ මිළිනව ගිය කෝකිල නාදය - ධර්මදාස වල්පොල

ධර්මදාස වල්පොළ - අතීතාවලෝකනය

ඇසේවා අදද හෙටද එදා ඇසුණු ඒ කන්කඵ කෝකිල නාදය ...... 02

(උඳුවප් මහේ මිළිනව ගිය කෝකිල නාදය - ධර්මදාස වල්පොල තෙතිස්‌ වන ගුණ සමරුව - දෙසැම්බර් 25 දින )



වරෙක ඔහු මෙසේ පවසනු ලැබ තිබිණි

චිත්‍රපට ලෝකයත් ගුවන් විදුලියත් දෙකම එකයි නයි පොළොංගු කැස්‌වටුවෝ වැනි සතුන් මැද්දේ දළවත් නැති එකා ජීවත් වන්නේ කොහොමද ?

එයාකාරයෙන් දෙදෙනාම ක්‍ෂේත්‍රය හොඳින් දැන හැඳින වටහගෙන සිටියත් සංවේදී කලාකරුවන් වූ ඔහුවූද තමන්ට ලැබෙන අරියාදු ඉවසා දරා ගනිමින් සිය දහස්‌ වර සිතින් හඩා වැටෙන්නට ඇත සාන්තයන් මෙකී තත්ත්වය මනාව අත්දැක තම දුවා දරුවන් ගීත කලාවට පිවිසීම පිළිකෙව් කල ත් වල්පොළයන්ගේ දරුවන්ට ඊට බාධා නොකෙරිනි සතරදෙනාම තම නිවසේ වල්පොළ කලායතනයෙන් බැහැරව ද දස්‌කම් දැක්‌වීය

එයින් දෙටු දෙදරුවන් වූ සුනෙත් තම පියාගේ මිතුරු ගුවන් විදුලි වාදක මන්ඩලයේ එම් ආරියදාස යටතේ තබ්ලා වාදනය ද අමිත් පියාගේ ද ගුරුවරයෙකු බඳු ආර් ඒ චන්ද්‍රසේනයන් වෙතින් වැයුම්ද පි වී නන්දසිරි ගාන්ධර්වයා යටතේ ගැයුම්ද හැදෑරූහ

ධර්මදාස වල්පොළයන් තමන්ට පැවරුණු වගකීම දිවි දෙවැනි කොට සලකනු ලැබුවෙකි කලායතනයේ පංති පැවැත්වෙද්දී ඊට ලතා ද දරුවන්ද බධා සිදුකරන්නේ නම් මහත් සේ කෝප ගනී එහි ප්‍රථිපලය වහාම ලැබිණි සමස්‌ත ලංකා අන්තර් කලායතන තරගයෙන් 1975 වසරේදි එය ට මුල්තැන ලැබී තිබිණි

ජෝතිපාලයන්ට පූර්වගාමීව ක්‍ෂේත්‍රයේ එදා පැයූ උදා තරුව වූ වල්පොළයන් ඊට තමන්ට අතහිත දුන්නෝ අතර ප්‍රමුඛව කියෑවෙන ආර් ඒ චන්ද්‍රසේන නාමය ගෞරවයෙන් සිහිපත් කරන්නට අමතක නොකලේය

50 දශකයේ කොළඹ රීගල් සිනමාහලේ ඉන්දීය ගී තාරකාවන් ගයද්දී ඒ වෙනුවෙන් වැයුම් සිදුකලේ චන්ද්‍රසේන වාද්‍ය වෘන්දයේ සාමාජිකයන්ය කේමදාසයන් හා වල්පොළයන් එහි වස්‌දඩුරාව නැගුවෝ වූහ

තමා මහත් සේ දුක්‌ විඳ කැප කිරීමෙන් අත්කරගත් ශීල්පීය නිපුණතාවය ද එහි අභිමානයද හෑල්ලුවට ලක්‌ කරන්නට ඔහු සුදානම් නොවීය එයින් ඔහු හා සරි වන්නේ මහාරංගධර ගාමිණී ෆොන්සේකා ය දෙදෙනාම ඉතා ඉහළ මිල ගණන් අයකරනු ලැබීය ඒ නිසා ඔහු අහිමිකරගත් අවස්‌ථා බොහෝ වුවද ප්‍රතිපත්තිය එසේම රැකගැනිණි

එහෙත් සමාජයේ වරදාන වරප්‍රසාද නොළැබූවෝ වෙනුවෙන් වල්පොළ ගී රාවය කිසිවිටක නොඇසි ගියේ නොවේ මුල් දෙදශකයේ රිදී තීරයේ රන්ස්‌වරය වූ ඔහු ට එක්‌තරා දිනක ඇරයුමක්‌ ලැබිණි ඒ ආබාධිත දිනය වෙනුවෙන් යුග ගීයක්‌ සඳහා එක්‌තරා අන්ධ ගායිකාවක්‌ වෙතිනි ඔහු නියමිත වේලාවට එතැනට පැමිණි වග කණවැකුණු අන්ධ ගායිකාව කදුඵ සලන්නට විය

70 දශකයේ දී රිදී තිරයේ සිහින කුමාරාණෝ ජෝතිය නිෂ්පාදකයන් හා අධ්‍යක්‍ෂවරු පෙරහැරෙන් විත් ඔහු ගේ ගීතයක්‌ තමන්ගේ සිනමා නිර්මාණයට එක්‌කර ගන්නට බලු පොරයක නිරත වෙද්දී ජෝති  පූර්වගාමි කෝකිලයා වූ ධර්මදාසයන් ව අමතක කර දමා තිබුනි

ඔහු ගේ දැඩි ප්‍රතිපත්තිය ද අයකිරීම් ද ඒ තත්වය තිව්ර කරන්නට ඇතැයි කිව හැකිය

ඓහෙත් 1976 දී තිරගත වූ නයනා සිනමාපටයේ දී යළිත් ඔවුන් දොපොළගේ ගී නදිය ගළා ගියේය


රන් පාට රන්වන් වලා - යා වි මේ පාවේලා..........

පින්වන්ත පින්වන්තයෝ - ආවේ මා ඔබව සොයා.................

(පද රචනය - දිවංගත ධර්මසිරි ගමගේ)

අසන්න මෙතැනින්




   ජව සම්පන්න තුරගෙකු මෙන් පිම්මේ දිවගිය කාල තොමෝa 1980 වසරට පසුකරමින් සිටියේය එක්‌දිනක හිමිදිරියේ වල්පොලට අසන්නට ලැබුනේ හදවත පුපුරා යන තරම් සෝ බර පුවතකි තමන්ගේ කලා දිවිමග කටුකොහොල් හරවා එළිපෙහෙළි කළ ඒ මහා පහන් ටැඹ චන්ද්‍රසේන මාස්‌ටර් නික්‌ම ගොස්‌ තිබේ වල්පොල යුවළ වහාම මරදානේ චන්ද්‍රසේන නිවස්‌න වෙත ඇදී ආහ

ඇවැසි සියඵ දෑ සොයාබලා සිදුකරන්නට මොහොතක්‌ වත් පමා නෙවූ ධරමදාසයන් ලතා ද කැටිව එහිම සත්දින පිංකම තෙක්‌ එහිම රැඳී සිටියේය ඒ කටයුතු ඉවුම් පිහුම් නොපිරිහෙලා කරන්නට ලතා ට උපදෙස්‌ දුන්නේය

දැඩි බෞද්ධයෙකු වූ ඔහුට ජිවිතයේ අනියත බවේ ලෝ දහම පසක්‌ වන්නට ඇත ගීත කලාවෙන් ඈත් ව වෙසෙන ඔහුගේ සිතට නොයෙක්‌ දේ වැටහෙන්නට ඇත

සිංහල සිනමාවේ ද ගීත කලාවේ ද මතුනොව සමස්‌ත ලක්‌ ඉතිහාසයේ කඵ අකුරින් ලියෑවුනු 1983 වසර ගතවෙමින් පැවතිනි

වල්පොළයන් තම අවසන් ගමන පිළිබඳව නිතර කියන්නටද සිහිකරන්නටද විය ලතාවෝ ඇතුඵ කතෝලිකයන්ගේ වසන්තය උදාවන උඳුවප් මහ එළැඹියේය


ලතා මේ පාරේ සුදුකොඩි 13 ක්‌ වැටුනා 14 එක මගේ හරිද ?වල්පොළයන් ගේ මුවින් පිටවිණි

මේ අතර එක්‌තරා දිනක යෞවණයේ සමනල් වියේ සිටි දියණි ධම්මිකා ව සොයා කැගලූ පුරවරයේ සිට අමුත්තන් කිහිප පොළක්‌ වරාගොඩ ලතාවාසයට පැමිණ සිටියහ ගුවන් විදුලි වාදක මන්ඩලයේ තබ්ලා වාදක ප්‍රේමණාත් කොඩිතුවක්‌කු ගේ සොයුරි ගුවන් විදුලි ගායිකා චන්ද්‍රා බන්ඩාර හා සැමියා ද පුතු මහින්ද පැමිණ තිබුනේ ධම්මිකා ට මංගල සිණු හැඩවිමේ වැඩකටයුතු සම්පාදනය කරන්නටයි

ධර්මදාසයන් ඔවුන්ව අපාසු නුවරපාරේ බස්‌නැවතුම කර ඇරළවා අගනුවර ට ගොස්‌ අපාසු බස්‌රථයෙන් පැමිණමින් තිබිණි තොරණ හන්දියේදී ඔහු ළයබදා මහාමාර්ගයේ වැතිරිණී අවට සිටියෝ ඔහුව ලගම ඇති දිස්‌පැන්සරියකට ගෙනයන ලදී වහාම ජාතික රෝහල කරා ගෙනයන ලෙස අනතුරු ඇගවිනී

ලතා ඇතුඵ දරුවන් එහි දිවආවේය ඔහු බලවත් ලෙස රෝගී වි සිටියේය දින කිහිපයක්‌ ගත විය තමන්ට නිවසට රැගෙන යන ලෙස බල කරන ලදීන් බලෙන් ටිකට්‌ කපන්නට ඇයට සිදුවි තිබිණි


මව් පාර්ශ්වයෙන් ඥාතිවන ධර්මදාස මාමා බලන්නට සුජාතා අත්තනායක රංජනී පෙරේරා දොසොහොයුරියෙන්ද පැමිණ සිටියහ නත්තල් දින එය ඔවුන්ගේ චාරිත්‍රයක කොටසක්‌ ලෙස ඉටු කරන ලද්දකි

අසිරිමත් නත්තල දින උදාවිය බුදුන් නැමදි ධර්මදාසගෙන් ලතාට අවවාදයකි


මේ මගේ අන්තිම දවස්‌ වෙන්න පුඵවන්

දරුවන් ටික හොඳින් හදාගන්න

මගේ ඇස්‌ දෙක දන් දෙන්න


රාත්‍රිය උදාවිය ලතා ට තමා තනි කර නොයන ලෙස ඉල්ලීමකි නිදාහුන් වල්පොළයන් එකවර තිගැස්‌සි ඇහැරිනි ලතා දෙස බලාහිඳි දෙනෙත් යළිත් පියෑවිණි

මහත් හඩින් විළාප නගමින් ලතා දරුවන්ද කැටිව අසල්වැසි නිවසක උදව්වෙන් ඔහුව යළිත් රෝහල් ගත කෙරිණී එහෙත් ඒ වනවිටත් සිංහල සිනමාවට මුල්වරට පහළ වූ ඒ හෘදයාංගම මුදු පිවිතුරු හඩින් ශ්‍රාවකයන් නැළ වූ කෝකිලයා සදහටම නෙත් පියාගෙන තිබිණි




ධර්මදාස වල්පොල ජීවන මං පෙත



උපත 1927 සැප්තැම්බර් 27

විවහය - 1958 අප්‍රේල් 07 දින

අභාවය - 1983 දෙසැම්බර් 25 දින

උපන් ගම - දෙයියන්නේවෙල - මහනුවර

මව කොටුගොඩැල්ලේ ගෙදර කරුණාවතී රත්නායක

පියා - වල්පොල කංකානම්ගේ පෑලිස්‌ පෙරේරා

පාසල - රාසිංදෙව් විදුහල දෙයියන්නේවෙල

- මාලිගාවත්ත රජයේ විද්‍යාලය

- ශාන්ත ලෝරන්ස්‌ විද්‍යාලය



මුලීක සංගීතය හැදැරීම - බී එච් ද සිල්වා (එඩී ජූනියර්)

වැඩිදුර හැදැරීම - ආර් ඒ චන්ද්‍රසේන වෙතින් මරදානේ චන්ද්‍රසේන කලායතනයේදී

- බී වික්‌ටර් පෙරේරා

ශිල්පීය දක්‍ෂතා - බටනලා වාදන ශිල්පී - චන්ද්‍රසේන වාද්‍ය වෘන්දය

එම්බ්‍රොයිඩරි චිත්‍ර කලා ශිල්පී

ජනප්‍රිය වූ මුල්ම ගුවන් විදුලි ගායනය - නිදි යහනේ ඇයිද සෝක සිතින් (විවියන් ද සිල්වා බොරලැස්‌ස සමග - 1952)

පටිගත කල මුල්ම සිනමා ගීතය - හොඳ හොඳම වේය ලොව කිසිම තැනක - ප්‍රේම තරගය - 1953

අතහිත දුන්නෝ - එම් ආරියදාස - තබ්ලා වාදක - ගුවන් විදුලි වාදක මන්ඩලය

- රාමයියා මුත්තුසාමි- ප්‍රේම තරගය සංගීත අධ්‍යක්‍ෂක



විශේෂ ගායන දක්‍ෂතා - ලංකාරෙන් මලක්‌ පිපී (ලතා සමග)- අහංකාර ස්‌ත්‍රි - 1954

- මාගේ නම අබ්දුල් රෙහෙමාන් - අයියයි මල්ලියි - 1954 (සිංහල හඩ කැවූ හින්දී සිනමා පටයක විනාඩි 7 ක දිගු ධාවනකාලයක ගීයක්‌)

- මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතී - සේපාලී - 1955 ස්‌වත්‍රන්ත්‍ර නිර්මාණයකි - සංගීතය ටී දක්‍ෂිණමුර්ති

- පෙම් සුවඳයි මංගල සිරිදෙයි (චිත්‍රා සෝමපාල සමග) - අසෝකා - 1955 (ලතා හැරුණුවිට ගායිකාවක්‌ සමග මුල්ම වරට)

- වාසනාවන්ත කල ලබා (රුක්‌මනී දේවි සමග) - දොස්‌තර 1956 (රුක්‌මණි දේවී සමග මුල්ම ගීය)

- සිරිකත එන මග ලා තන ගොබ - කැළෑමල් නාටකය (මිතුරු කේමදාසයන්ගේ සංගීතය අනුව)

- සියා මනමාලයා නාකි ඉලන්දාරිය (ගැයු එකම විකට ගීය - සහය මොහිදීන් බේග්) - අසෝකා - 1955

- ජිවිතේ ප්‍රිති සංචාරෙකි ලොවේ (තම ගුරුදෙව් ආර් ඒ චන්ද්‍රසේන සංගීතය අනුව) - කොළඹ හාදයෝ - 1966



ගුවන් විදුලි සරළ ගී එකතුව අතරින් -

සුන්දර සිරිබර සිරි ලංකා - හේම ශ්‍රී ද අල්විස්‌ - රමයියා මුත්තුසාමි

රහසක්‌ ඇත ඔබ හට පවසන්නට - හේම ශ්‍රී ද අල්විස්‌ - රමයියා මුත්තුසාමි

උත්තම මුණි දළදා - අජන්තා රණසිංහ - සනත් නන්දසිරි


ජීවන නිරැදක කතරේ - හේම ශ්‍රී ද අල්විස්‌




තොරතුරු මුලාශ්‍රය හා වැඩිදුර කියවිම - ධර්මදාස වල්පොල - කපිල කුමාර කාලිංග (ධර්මදාස වල්පොල රසික සමාජය - වෙනුවෙන් විරචිතයි)

විශේෂ ස්‌තුතිය

වර්ණන් ද සිල්වා මහතා- ගරු ලේකම් - ධර්මදාස වල්පොල රසික සමාජය - මහනුවර
ප්‍රවිණ ගායන ශිල්පිනී දර්ශණී චන්ද්‍රසේන මහත්මිය

ළකිඳු පිරිස්‌ සහෘදයා

දිළිඳුන් අතරේමයි විමානේ  - දෙවියන්ගේ ...............................

ලෝකයේ තැන තැන ප්‍රිතිය ලුහුබැඳ සැරිසරති මගියෝ ........................................

මිනිසුන් ධනපති සිහිනෙන් දැකනැති - සැපදනිති දුගියෝ 
.........................

ගුණයෙන් පිරිහි සිරිතෙන් දුරුවි කවුදෝ නොම රැකියෝ .....................

පද රචනය - නැසිගිය ප්‍රවිණ නිවේදක ගී පද රචක කරුණාරත්න අබේසේකර 

තනු නිර්මාණය - නැසිගිය සංගීතඥ - ප්‍රේමදාස අතුකෝරාළ

සිනමා නිර්මාණය - කේසර සිංහයෝ  - 1971 - විජය කුමාරණතුංග   - නීටා ප්‍රනාන්දු


අසන්න මෙතැනින්



.....................සමාප්තයි.......................

Tuesday, December 13, 2016

හඳපානේ මල් පිපුණා



ආලෝකේ පතුරා - සිසිර සේනාරත්න සිනමා ගීතාවලිය - 02 - හඳපානේ මල් පිපුණා

ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර පහළවු අතිවිශිෂ්ඨ සිනමා ගී නිර්මාණපෙළක උපත සිදුවූයේ මෙකී 60 දශකයේදී බව පෙනීයයි ඒවා පද රචනා මෙන්ම සංගීත නිර්මාණයෙන් හා තනු රචනාවන්ගේ ඊට පෙර දශකය හා සංසන්දනයේදී ගව් ගණනාවක්‌ ඉදිරියෙන් පවතින බව සාමාන්‍ය ගී රසිකයන් හට පවා වැටහී යනු ඇත

මහගම සේකර   ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ  අරිසෙන් අහුබුදු   මර්සලීනු ජයකොඩි පියනම  වැනි මහා දැවැන්තයන් ද දෙවැනි පෙළ නියෝජිත ධර්මසිරි ගමගේ   ජෝර්ජ් ලෙස්‌ලි රණසිංහ  සිරිල් ඒ සීලවිමල  ශ්‍රී නිහාල් ජයසිංහ   ගී සාහිත්‍යය ඔප කරනු ලැබු අතර එකී නිර්මාණ සඳහා තනු යොදා සංගීතවත් කලෝ එකී ක්‍ෂේත්‍රයේ ද දැවැන්තයන් විය


ඒ අනුව පන්ඩිත් අමරදේව  ආර් ඒ චන්ද්‍රසේන   සෝමදාස ඇල්විටිගල  ප්‍රේමසිරි කේමදාස  ෂෙල්ටන් ප්‍රේමරත්න  සුනිල් සාන්ත  එම් කේ රොක්‌සාමි  ලයනල් අල්ගම  යන මෙකී අමරණීය නාමයන් අතරට


50 දශකයේ ක්‍ෂේත්‍රයට පිවිසි ඉන්දීය ජාතික පසුව ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලැබූ රාමයියා මුත්තුසාමි නාමය ද ඒ පෙළටම එකී මට්‌ටමේම සඳහන් නොකලේ නම් එය ඔහු බලවත් අසාධාරණයකි ඔහු ඊට සැපයූ අමිල දායකත්වය  ඉහත සංගීතවේදීන් ට කිසිසේත් නොදෙවෙනිය


මෙකි නාමාවලිය අතරට පිවිසි ආගන්තුක නවකයන් දෙපොළ නැසිගිය තිලක්‌ කරුණාතිලක සංගීතවේදියා හා සිසිර සේනාරත්නයන් ය පළමුවැන්නා මි මි 16 සිනමා සිත්තම් කලාවේ සප්ත ස්‌වර සංකලනයේ  අංක 01 ස්‌ථානයේ වැජඹිනි 


සම්මානයට බුහුමුනට පාත්‍ර වූ එදාමෙදා තුර අමර වරම ලද එකී ගිතාවලිය හා කරට කර රැඳෙන්නට තරම් සුදුසු වන ස්‌වර සංකලන මෙහෙයුමක යෙදී ඒ හා සම මට්‌ටමක රැඳෙන ගී නිර්මාණ බිහිකරවාදෙන්නට තරම් නවක යව්වනයෙකු වු සිසිරයන් සමත් විය


ඒ බවට හොඳම සාක්‍ෂි වන්නේ ඉහත දක්‌වා ඇති  හඳපාන සිනමාසිත්තමේ ගීතාවලියයි


එදා රසිකයන් මන්මත් කළ භාරත ගී රසය ට නොදෙවෙනි මෙකි මෝහණීය ගී පෙළෙහි මිලග අදියර දියත් වුයේ එකී වසරේම බිනර මහේ දසවැනි දාතමින් දිගහැරුණු කිංස්‌ලි රාජපක්‍ෂයන්ගේම හිතට හිත සිනමා පටය ඔස්‌සේය


හඳපානේ මල් පිපුණා - කිරිමුදේ රැල් නැගුනා

අප දෙන්නා ඒ වගේ බැඳුනි ආදරේ


ජීවනයේ මී වනයේ පැණි පිරුණා - ආදරේ


ඒ පැණි බොන බඹරි මමයි ප්‍රේමනිය හදේ -


ඔබගේ සෙවනැල්ල ලෙසේ එන්නෙමි හැමදාම මෙසේ


මේ දෛවේ තීරණේ - මතු අනාගතේ


අසන්න ෙමතැනින් 


සිනමා පටයට ගැයු මූල් ගීතය සහය නැසිගිය ශිල්පී හරූන් ලන්ත්‍රා

සිංහල ගීතාවලියේ අමිල මිණිමුතු බඳු ගුණාත්මක  ගී නිර්මාණ එකපෙළට එළිදුටු 60 දශකයේ එකී ගීත හා කරට කර සිටිමින්  ප්‍රේමණීය යව්වනයේ ගී රසිකයන් හදකිතිකැවු මෙකී නැවුම් ගී අමාඵලයන් බිහිකරවාලන්නට ඉන් පසු එළැඹියේ  සිංහල සිනමාවේ පුරෝගාමි දැවැන්තයෙකු බඳු වු තිස්‌ස ලියනසුරියන්ය




50 දශකයේ යව්වනයෙකුව ජී ඩී එල් පෙරේරා ගේ කළාපෙළ සිනමා පාඨමාලා පර්ෂදයේ සාමාජිකයෙකු ව සිනමා චාරිකාව ඇරඹු ඔහුගේ


පුංචිබබා නමින් වූ සිනමා සිත්තම හෙළ සිනමාවට සදාතනික ආයෝජනයක්‌ වුයේ නිළි රැජිනි මාලනී ෆොන්සේකා නම් එවකට ආධුනික වේදිකා රංගන ශිල්පිණියගේ සිනමාගමනය සිදුකල නිර්මාණය ලෙසිනි ඊට සිසිරයන්ගේ දායකත්වය සැපයුනේ සප්තස්‌වර සංකලනය හා හඩද එකට මුසුකරවාලමින් මෙයාකාරයෙනි




මාගේ පුතුට මල් යහන සදන්නේ  - ඈත සිහින වැල් පාවි එන්නේ

රෝස කැලේකින් හමුවු වැන්නේ - මට ඒ කුමරුන් කවුදෝ දුන්නේ


පුංචි පුතුනි ඇයි කිරට හඩන්නේ - කවුද පුතුට ලේ කිරිකර දුන්නේ


අම්මා කියාලයි බහතෝරන්නේ - ඒ සුදු අම්මා කොහේදෝ ඉන්නේ


ගී පදවැල්  - ධර්මසිරි ගමගේ (සිඵමිණ කර්තෘ මන්ඩලික ප්‍රවිණ පුවත්පත් කලාවේදී)




ඔහුගේ ප්‍රිය බිරිඳ ඉන්ද්‍රණී හඩ අවදිකරමින්



පෙම් මදිරා රස මී රසේ  - ඔබටයි පුද දුන්ෙන් සදා
 මා කුඵඳුල් තිර ආදරේ




සුජාතා අත්තනායක හරූන් ලන්ත්‍රා ගායන තරු ද්විත්වයේ ප්‍රභාවය දශක ගණනාවක පරම්පරා දෙකක ඇවෑමෙන් දිදුලවන මේ ගීතයේ රසමිහිර ඉහත ගී හා ඉක්‌මවානොයයි නම් සමවෙයි



ගංගාවේ නීල ජලේ  - රැල්ල බිඳී වැල්ලෙ වදී..........

මෙල්ල වෙවි ආපසු ඒදෝ....................


මුතු බෙල්ලගේ මුතු කිමිදි ගොඩ ගෙනා යුතු -..................




පබැඳුම - කරුණාරත්න අබේසේකර

මෙතැනින් සවන්දෙන්න



සුජාතා අත්තනායක සමග හරූන් ලන්ත්‍රා ගායනය


සිනමා පටය - පුංචි බබා - 1967 (මාලනී ෆොන්සේකා මංගල සිනමා රංගනය - තිස්‌ස ලියනසූරිය අධ්‍යක්‍ෂණය)


පද සංකල්පනය - නැසිගිය ප්‍රවිණ ගී පද රචක කරුණාරත්න අබේසේකර


තනු නිර්මාණය හා සංගීතය - ප්‍රවිණ ගායන ශීල්පී සංගීතඥ නැසීගිය සිසිර සේනාරත්න


1969 දුරුතු මස එකොළොස්‌වන දින තිරයේ ඇඳුනු කිංස්‌ලි රාජපක්‍ෂයන්ගේම සෙනෙහස සිනමා සිත්තම මේ ගිමිණිමුතුදාමයේ දිගුව සටහන් කරනු ලැබීය

එහිදි ඉන්ද්‍රාණි විජයබන්ඩාර ශිල්පිනිය තම තියුණු හඩ මෙලෙස අවදිකරන්නී




ඔබේ නාදය කොවුලෝ - මධු පානෙකි කොවුලෝ

හද පාරන පෙම මෝරණ - අම ගීතෙකි කොවුලෝ


මේ ජීවන සංගීත ලොවේ සුන්දරතාවේ - මල් පීදෙන මධු වෑහෙන මේ යව්වන කාලේ


උතුරා ගියා ගියා අමරස ගංගා කොවුලෝ




ගී පද සංකල්පනාව - හර්බට්‌ එම් සෙනවිරත්න

මෙහි වැයුනු වෙනත් ගී අතර

 ආදරය කරුණා දයා ගුණ  (පද කරුණාසේන ජයලත්)
මේ ශාන්ත පරිසර   ......
මේ වගේ හඳ පෑයූ  ....
දුව සුජාතා
 මේ ලෝ තලේ

තිබිණි

මතු සම්බන්ධයි............

Sunday, November 27, 2016

ධර්මදාස වල්පොළ - අතීතාවලෝකනය

ඇසේවා අදද හෙටද එදා ඇසුණු ඒ කන්කඵ කෝකිල නාදය ...... 01
සප්ත දශකයකටත් පෙරසිට  භාරතයේ හින්දි සිනමාව හා ගීතය එකිනෙක හා තදින් වෙලී පවතින්නේ යම්සේද එයින් ආභාෂය ලැබ පෝෂණය වූ සිංහල සිනමාව හා ගීතය ද එකිනෙක හා අනුබද්ධව එකකින් අනික පෝෂණය වෙමින් සහජීවනයෙන් බැඳි පැවතිනි

එදා ජීවන අරගලයෙන් එදිනෙදා හෙම්බත් වූ අසල්වැසි භාරතීයයන්ගේ  මෙන්ම ලාංකිකයන් ගේද ඒ දාහය නිවාලු සිහිල් පවන සිනමා කලාවයි 

වර්තමානයේ මෙන් අසිමාන්තික අවශ්‍යතා ගොන්නක පැටලී භෞතික සම්පත් වඩා ගැනීමේ පොරයක නිරත නොවූ  50-80 දශකයන්හී ලාංකික රසික දනෝ හට ජීවිතය වින්දනය කරන්නට අවැසි තරම් කාලය ඉතිරිව පැවතුන අතර ඒ සඳහා වෙන්කල යුතු මුල්‍යමය සම්පත් දරාගැනීමට හැකි මට්‌ටමක විය
ඒ අනුව සිංහල සිනමාවට යෝධ ශක්‌තියක්‌ වූ අති විශාල ප්‍රේක්‍ෂක ජනකාය ඊට ආභරණයක්‌ වූ ගීයෙන් සනසවන්නට ඇවැසි හඩ පෞරුෂයක්‌ සතු ගායන  ශිල්පීන් ගණනාවක්‌ සිටියේය

ඒ අතර සිංහල රිදී තිරයේ ආකර්ශනිය ජවනිකා මවන ප්‍රධාන පිරිමි රංගන ශිල්පියා වෙනුවෙන් හඩ සැපයූවන් අතර මුල්ම තැනැත්තා මෙහි ජන්ම ලාභය නොලද භාරතය නිජබිම කොටගත් අල්හාජ් මොහිදීන් බෙග්ය
 අතිශය ගැඹුරු ස්‌වර උපදවන්නට සමත් වූ ඔහුගේ හඩ පෞරුෂය ගායකයෙකුට ඉතා කලාතුරකින් පිහිටන දායදයක්‌ විය
ඔහුගේ අනුප්‍රාප්තිකයා මේ ලිපියට පාදක වන ශිල්පියාගේ ආගමනය සිදුවුයේ අහම්බෙනි 

ඒ 1953 වසරේ දී සිංහල සිනමාවේ පුරෝගාමි නිෂ්පාදක ව්‍යාපාරික නායගම් විසින් තැනු ඉන්දිය ජාතික ඒ බී රාජ් විසින් අදියුරු මැවු ප්‍රේම තරගය සිනමා පටයේ ගීත පටිගත කිරීමේ අවස්‌ථාවේදීය

අදාළ පටිගත කිරීමට තෝරාගෙන තිබුනු ගායකයා නියමිත වේලාවට එහි පෙනි නොසිටීම හේතුවෙන් එහි සංගීත අධ්‍යක්‍ෂණයේ නිරතව සිටි රාමයියා මුත්තුසාමි වෙත වාද්‍ය වෘන්දයේ තබ්ලා වාදක ගුවන් විදුලියේ එහ් ආරියදාසයන් විසින් කල නිර්දේශයක ප්‍රථිපය වුයේ සිංහල රිදී තිරයේ වඩාත් ප්‍රේමණිය කෝකිල නාදය සොයාගනු ලැබීමයි

ඒ ප්‍රවිණ ගායන ශිල්පී බටනලා වාදක චිත්‍ර හා මූර්ති ශිල්පී මහනුවර දෙයියන්නේවල ග්‍රාමයේ සිට අගනුවර ට පිවිසි

ධර්මදාස වල්පොළයන්ය


පසුව ඔහුගේ අනුප්‍රාප්තික ජෝතිපාලයන් කරළියට පිවිස ජනප්‍රියවන තුරුම ඔහු සිංහල සිනමාවේ සදාදරණිය ගීත කෝකිලයා ලෙස කිරුඵ පැළැඳ සිටියේය

මේ ශිල්පී ධර්මදාස වල්පොල ජීවන තතු බිඳක සම්පින්ඩනයයි


1952 වසරේදි ගුවන් විදුලියේ එවක බලධාරීන් විසින් ගන්නට යෙදුණු තීරණයක්‌ අනුව එහි ලියාපදිංචි වූ සරළ ගී ගායකයන් ප්‍රමිතිගත කරන්නට සිදුවී තිබුණු අතර ඒ සඳහා ඔවුන් ඉන්දියාවේ භාත්ඛන්ඩේ විශ්ව භාරතී සංගීතායතනයේ විදුහල්පති ධුරන්දර රතන්ජන්කර් පඩිතුමා කැඳවන ලදී

මේ තීරණයට විරෝධය පා එවක සිංහල ගායන ක්‍ෂේත්‍රයේ අංක 01 ස්‌ථානයේ වැජඹුණු සුනිල් සාන්තයන් එය වර්ජනය කළහ ඔහුට තම ශිල්ප හෙළිදක්‌වන්නට ඉතිරි ව තිබුනු එකම මාධ්‍යය අහිමි ව එයින් එළියට බසින්නට හේතු විය සුනිල් සාන්ත සංගීතවේදියා ගේ නිර්මාණ චාරිකාව එසේ අවසනාවන්ත ලෙස ඇණහිටියේය

මේ ශිල්පී කන්ඩායම අතර සිටි නැගී එන ගී තාරකාව යව්වන වියේ ධර්මදාස වල්පොළ ඊට සහභාගී වූ අතර ඒ අනුව විශිෂ්ඨ ශ්‍රේණිය යටතේ වර්ග කරන්නට යෙදුනි

තවත් කලක්‌ ගතවිය

ධර්මදාස බෙග් මාස්‌ටර් අභිබවා සිංහල සිනමා ගීයේ යව්වනයේ සිහින කුමරා බවට පත් ව සිටියේය එපමණකුදු නොව කඨෝර ද්‍රවිඩ උච්චාරණයෙන් ගැයූ දක්‍ෂිණ භාරතීය ගායකයන් විසිවී යන තැනට කටයුතු යෙදී තිබිණි

ඔහුගේ ළයාන්විත ප්‍රේමණීය හඩට රසිකයන් පෙම් බැන්දෝය

මේ අතරවාරයේදී ගුවන් විදුලිය විසින් කුමන හෝ කරුණක්‌ නිසා ඔහුව ඒ ශ්‍රේණිය දක්‌ව පල්ලම් බස්‌සවා තිබිනි විනාඩි 15 ක සරල ගී වැඩසටහනකට රු 45 ක දීමනාවක්‌ ගෙවනු ලැබිය මුදල් අවශ්‍ය නැති බවත් තමන්ගේ වැඩසටහන අඩපැයක්‌ දක්‌වා දිර්ඝ කරවා දෙන ලෙසත් ආයචනයක්‌ ඉදිරිපත් කෙරුනේ වල්පොළයන් විසිනි එය ප්‍රතික්‍ෂේප ව වල්පොළ ට සාන්තයන්ගේ සුපුරුදු කලදසාව ද ලබන ලකුණු පහළ වෙමින් තිබිණි ඔහු මහත්සේ කළකිරී සිටියේය

ඔහු ටද තමා ට සාමාන්‍ය රසිකයා වෙත පියමං කරන්නට තැනුනු පාළම වූ ගුවන් විදුලිය එපා විය

ධර්මදාස ප්‍රකාශ කලේ මුදල්වලට වඩා තමන්ට ශිල්පය වටින බවයි එදා මුල්වරට සංවේදි වල්පොළ හදවත හඩා වැටෙන්නට ඇත මතුයම් දිනයක ඔහුගේ ඉරණම තින්දු කරන්නට සමත් වූ හේතුවේ උපත සිදුවන්නට ඇත

සාන්තයන් මෙන්ම ධරමදාසයෝද තම ශීල්පය පවා දෙන්නට සුදානම් නොවීය එහි ගෞරවය ද ස්‌වකීය අභිමානය ද දිවි දෙවැනි කොට රැකීය

එහෙත් දෙදෙනාම ස්‌වකීය කුටුම්භය රැක ගැනීමේ සටනට මුහුන දෙන්නට සිදු ව තිබිණි ගුවන් විදුලියෙ මුල්ම සිංහල තැටිය රසගැන්වූ සාන්තයන් ජා ඇළ නිවසක කුකුඵ ගොවිපොළක නවාතැන් ගෙන සිටී එහිම සතිපොලේ කරවල වෙළඳාමේ යෙදෙයි

ධර්මදාසයෝ කැළණියේ වරාගොඩ ලතාවාසයේ සිල්ලර කඩයක්‌ කරයි ණයට බඩු දෙන්නට ගොස්‌ බංකොලොත් වෙයි

සුනිලුන් යළි කැඳවනු ලැබ අපුර්ව ගී මිණි ගණනාවක්‌ ජාතියට දායද කරන්නට සමත් වුවද ධර්මදාසට ඊට අවස්‌ථාවක්‌ හිමි නොවිය සිනමා ගී ක්‍ෂේත්‍රය ට පැයූ නව හිරු ජෝතිපාලයන්ගේ ප්‍රභාවයෙන් එය එකාලෝක වෙමින් පැවතිනි

1973 වසරේ දිනක ලේක්‌හවුසියේ කර්තෘ මාන්ඩලිකයෙකු වූ අජන්තා රණසිංහ තරුණයා වල්පොළ මුණගැසී ගුවන් විදුලියට ගොඩවැදෙන්නට පෞද්ගලික ආරාධනාවක්‌ කරනු ලැබ තිබුණත් ඔහු එය ප්‍රතික්‍ෂේප කලේ

"මම දැන් සිංදු කියන්නේ නෑ කියමිනි........."

අජන්තා යළි යළිත් ඇවටිලි කරයි අවසානයේ ඔහු නිසා සිංහල බොදු ගීතාවලිය එකාලෝක කරවු සුපුන්සඳක්‌ වන් ගීයක්‌ ඉපදිනි

"උත්තම මුණි දළදා වඩම්මන මොක්‌පුර රන් නවුකා බලන් සකි සත්සමුදුරු ගැඹරේ ...................................."

අබමල් රේණුවකින් හෝ වියපත් නොවි තිබූ වල්පොළ ගී නාදයෙන් ගුවන් විදුලි මැදිරිය ගිගුම් දිනි

පටිගත කිරීම අවසානයේ තමන්ට නියමිත් ගෙවිම ප්‍රතික්‍ෂේප කල ඔහු යළි එහි නොඑන්නැමැයි සිතා එයින් නික්‌ම ගියේය


ඔහුගේ අතිජාත මිත්‍ර  ප්රේමදාසයන් අගමැතිඳු විය එතුමෝ සුනිලුන්ට නිවසක්‌ පරිත්‍යාග කරන්නට සූදානම් විය සුනිලුන් ගේ සුපුරුදු විරෝධය නැගිනි එය මාසික මුදලක්‌ ගෙවීමට යටත්ව මිසක හෝ භාරගැනීම ප්‍රතික්‍ෂේප කරනු ලැබිය

ධම්දස්‌ වල්පොළයන්ට ද එයාකාරයෙන් එහෙත් එකක්‌ නොව නිවස්‌ යුගලයක්ම පරිත්‍යාග කරන්නට අගමැතිවරයා සුදානම් ව සිටියේය

සුනිලුන් කළා සේම ධර්මදසායන්ද  එය එකහෙළා ප්‍රතික්‍ෂේප කරනු ලැබිය

 මුදලට ගී ගයන තමන්ට මහජනතාවගේ මුදලින්ම තැනු නිවෙස්‌ ලබාගන්නට අයිතියක්‌ නැතැයි කියා සිටියේය......

  xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

ජීවන නිරුදක කතරේ - දියපහර ඔබද සොඳුරේ........................

මගේ හද ආදර සයුරේ  - පාදන්න මිණිමුතු - පාදවා මිණිමුතු.................

ගී පද ඇමිණුම - ප්‍රවිණ ගුවන් විදුලි වැඩසටහන් සම්පාදක  - හේම ශ්‍රී ද අල්විස්‌

තනු නිර්මාණය හා සංගීතය - ප්‍රවිණ සංගිතඥ නැසිගිය රමයියා මුත්තුසාමි

(ධර්මදාස වල්පොල 60 දශකයේ ගුවන් විදුලි සරළ ගී පටිගතකිරීමකි)

සවන්දීම මෙතැනින්




ඔහු පිළිබදව යළි පවසනු වස් ඉදිරි දිනක යළි හමුවෙමු ....................

විශේෂ ස්‌තුතිය 

තොරතුරු මුලාශ්‍රය හා වැඩිදුර කියවිම - ධර්මදාස වල්පොල - කපිල කුමාර කාලිංග (ධර්මදාස වල්පොල රසික සමාජය - වෙනුවෙන් විරචිතයි)
වර්ණන් ද සිල්වා මහතා- ගරු ලේකම් - ධර්මදාස වල්පොල රසික සමාජය - මහනුවර

Monday, November 14, 2016

කුසුම් පිපී තුරු මතේ - ජයමහ සරළ ගී මිණිදමයෙන්

සෝමතිලක ජයමහ -  දිදුලණ සරළ ගී මිණිදාම‍යේ අසිරි සිරිය


ප්‍රවිණ ශිල්පී සෝමතිලක ජයමහ ශූරීන් ගේ ගණනින් සිමීත එහෙත් ගුණාත්මකභාවයෙන් අපරිමිත නිර්මාණ අතරින් රසික සිත් ආලෝලනය කළ එදා ඇසුණු ගීයකට පාදක වූ පසුබිම් කථාව ඔහු විදචැබදචසින් මෙසේ හෙළිදරව් කරන්නට යෙදිනි


මේ කථාවකට පසුබිම් වූ සිද්ධි දාමය අදින් වසර 47 ට පෙර එනම් 1969 වසර තෙක්‌ දිවයයි එවකට මා ගුවන් විදුලියේ යොවුන් ආධුනික ශිල්පියෙකු ලෙස සේවයේ යෙදිමින් සිටිය යුගයයි

සති අන්තයේ නිවාඩුව අපේ ගම් පියස වූ වයඹ පළාතේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයට අයත් කුළියාපිටිය ප්‍රදේශයේ ගතකිරීම මගේ පුරුද්දයි

විදුලි බලය ලැබී නොතිබුනු වර්තමානයේ මෙන් නාගරිකරණයට හසු නොවුනු සුන්දර ගම් පියසක්‌ වූ එහි සැන්දැ යාමයන් එකම රස ගුලාවකි

ඒ මන්ද යත් ඩෝල්කි සර්පිනා රැගත් කොලු ගැටවුන් අපේ නිවසට රොක්‌වී මා සමග ගීත ගායනයට හවුල් වීම පුරුද්දක්‌ කරගෙන තිබිම නිසයි

අප ගම් පියසට අසන්නව ඔවුන් අකුරු කෙරෑ කුලියාපිටිය නක්‌කාවත්ත මැදි මහ විදුහල පිහිටා තිබිණි

එහි එවකට සංගීත විෂය ඉගැන්වූයේ අප ප්‍රදේශයේ ගොමුගොමුව නමින් හැඳින්වූ ගමිපියසේ වැසියෙකු වූ ජොර්ජ් පල්ලෙවත්ත ගුරු මහතායි

ඔහු එකී සිසු දරුවන්ට සෞන්දර්ය විෂයානුබද්ධව ගායනා කිරීම සඳහා මෙකී මනරම් ගීතය පබඳා තනුවක්‌ යොදා නිර්මාණය කර තිබිනි

සංගීත සාජ්ජය වඩාත් හරබර වූයේ පල්ලෙවත්ත මහතාගේ මෙකී ගීතය ද එහි නිතර වැයුණු නිසාවෙනි

එහි ආ සුන්දර යෙදුම් මෙන්ම සොබාදහම් වැණුම් පිනිස යොදාගත් සරල පද සංකල්පනාව මා සිත් ආලෝලනය කරනු ලැබ තිබීණි

ඒ නිසා එය සරළ ගීයක්‌ ලෙස වැඩිදියුණු කරවා ජනගත කරන්නට තරම් වටිනා නිර්මාණකැයි යන්න මට හැගී ගියේ වරක්‌ දෙවරක්‌ නොවේ

ඒ අනුව ඔහු හමුවි මේ පිළිබදව කථාබස් කිරීමට විජේසිංහ නම් වැඩිහිටි සිසු දරුවා ලවා පාසලට පණිවුඩයක්‌ යවන ලදී  

නිසි අවසරය පතා විමසන ලදින් 
එකහෙළාම තම කැමැත්ත දුන්නේ ගීයේ තනුව හා සංගීතය සරළ ගීයකට වඩාත් ගැලපෙන ලෙස යළි සකස්‌කරවාදීමෙනි

මාගේ මුල්ම ගුවන් විදුලි සරළ ගී වැඩසටහන පටිගත කෙරුණු 1969 වසරේ අගභාගයේදී මේ ගීය ද ඊට අමතරව මා විසින්ම පබඳා තනුව යෙදූ සැඳෑ අඳුර ලොව ගලන වේලාවට නම් ගීතයද පටිගත කරන්නට යෙදිනි

සරළ ගීයකට සරිලන ලෙස විනාඩි 05 ක කාලයකට ගැළපෙන ලෙස එහි ඇතැම් පද ඉවත් කරන්නට සිදුවුයේ අකමැත්තෙනි මක්‌නිසාද යත් ඒවා ද මුල්ගීයට ඇතුළත් වූ පදරටාවට නොදෙවෙනි සුන්දර යෙදුම් නිසාවෙනි 

ඒ අතර 

බන්ඩි ගොයම නැමි නැමී
ගමටම ආසිරි පැතී
ගැමි දැරියක්‌ නොකිළිටී
රුව ගෙන පෑවේ මධුර වසන්තේ

යන පද කොටස ද ඇතුළත් වූ බව සඳහන් කළ යුතුය 

තවද මේ ගීයේ පද සංකල්පනාවෙන් කියෑවෙන පරිසරය එවකට එකී පාසල් බිමේ සැබැවින්ම විද්‍යාමාන වූ බව කිව යුතුය

අඹ මල් පොකුරට වෙලා ලේනෙකු ටිං ටිං කියා
මධුරස ගී ගය ගයා - අමරස වින්දේ 

එහි පැවතුනු මි අඹ ගස්‌ සිහිගන්වයි


රේණු සැලේ වැලි තළේ
පෙති ගිලිහී දිය වැළේ
ගඟබඩ තුරු වදුල තුලේ
කුරුළු ගී ඇසේ


පාසල අසලින් ගලාගිය දිය දහරාවද එහි අද්දර වැවී තිබුණු ගස්‌පෙළින් වැටෙන මල්රේණු ඒ මත පතිතවන ආකාරය චිත්‍රණය කරයි


ගම්මානය කෙළවරේ - පන්සල් බිම බෝරුකේ

සිලි සිලි ගා කොළ නැටවේ සම්බුදු මිහිරේ

ගමේ විහාරස්ථානයේ දී රචකයා ‍ඇසු දුටු දෑ ගෙනහැර දක්වයි


මේ නිර්මාණයේ හිමිකරුවාණෝ එනම් ජෝර්ජ් පල්ලෙවත්ත ගුරු පියාණන් පසුව හොරණ ශ්‍රීපාලියේ සෞන්දර්ය අධ්‍යාපනය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරනු ලැබූ අතර මින් දස වසරකට මත්තෙන් දිවියෙන් සමුගෙන ගිය බව දැනගන්නට ලැබිණි


කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දසඅතේ
කෝකිල කූජනය නැගේ 
ලියගොමු අතරේ 
මධුර වසන්තේ


රේණු සැලේ වැලි තළේ
පෙති ගිලිහී දිය වැළේ
ගඟබඩ තුරු වදුල තුලේ
කුරුළු ගී ඇසේ
මධුර වසන්තේ

ගම්මානය කෙළවරේ
පන්සල් බිම බෝ රුකේ
සිළි සළි ගා කොල නැටවේ
සම්බුදු මිහිරේ
මධුර වසන්තේ

අඹ මල් පොකුරට වෙලා
ලේනෙකු ටිං ටිං කියා
මධු රස ගී ගය ගයා
අම රස වින්දේ
මධුර වසන්තේ


පද සංකල්පනාව තනුව හා සංගීත නිර්මාණය - නැසිගිය ජොර්ජ් පල්ලෙවත්ත 

ගායනය - සෝමතිලක ජයමහ 

වසර - 1969

(ස්තුති පූර්වකව කෘතඥතාව - ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී සෝමතිලක ජයමහ මහතා වෙතට)

අසන්න මෙතැනින්



Sunday, October 23, 2016

ආලෝකේ පතුරා - සිසිර සේනාරත්න සිනමා ගීතාවලිය

සිහල සිනමා සප්ත ස්‌වරය ඔපලූ සිසි කිරණ

80 දශකයෙන් මෙපිටට උපත ලබා එයින් එපිට එදවස නිර්මාණය වූ සිංහල ගී රසවිඳින්නෝ ඊට පෙම් බැන්දෝ හඳුනාගන්නා මියුරු ගීතාවලිය ට හඩ මුසුකල ගායක ගායිකාවන් රැසක්‌ අතරින් හෘදයාංගම සිත් ආලෝලනය කරවන ප්‍රේමණීය ගී ගැයු ගායකයෙකු ලෙස ඔහු ව හඳුනාගනු ලබනවා ඇත

එකී සංගීත රසික රසිකාවියන් අතිබහුතරය සිසිර සේනාරත්න නම් සොඳුරු සංගීත අධ්‍යක්‍ෂකවරයා හා තනු නිර්මපාකයා පිළිබඳව දැනුවත් නොවි සිටීම නොහැඳීනීම කණගාටුදායකය ඔහු ඒකලාව ද ඇතැම් අවස්‌ථාවන්හිදී තම ප්‍රිය භාර්යාව වූ ජ්‍යෙෂ්ඨ ප්‍රවිණ ගායනශිල්පිණි ඉන්ද්‍රාණී විජයබන්ඩාර හා කැටුව හඩ අවදි කල ගී නිර්මාණ සියල්ලම පාහේ මේ සංගීතඥයාගේම හද පත්ලෙන් ගලා ආ මියුරු තනු ද අන්තර් වාද්‍ය සංගීත විරාම වලින් අලංකෘතය
ඔහු විසින් නිර්මාණය කරනු ලැබු ගී කව් ගොන්නෙන් අසාර්ථක වූ රසිකයන් ආදරයෙන් වැළඳනොගත් ගැයුමක්‌ හමුනොවන තරම්ය

සිසිකිරණ විහිදාලන සොමි සඳ වතැති සිසිරයන් ගේ දිවිමග සටහන් අතරින් බිඳිත්තක්‌ මෙයාකාරයෙන් යව්වනයේ රසික ඔබ වෙත නිරාවරණය කරන්නට සිත්විමි

ප්‍රවීණ සංගීතඥ තනු නිර්මාපක - සිනමා සංගීත අධ්‍යක්‍ෂ හා ගායන ශිල්පී සිසිර සේනාරත්න - (1939 මැදින් මස 29 දාතමින් මෙහි සැපත්ව 2015 ක්‌වූ නවම් මස 05 දාතමින් ජීවන ගමණ නිමකරනු ලැබිය)

දිවියේ පසු අවස්‌ථාවක සෙසු මිනිස්‌ වර්ගයා අතර තම නාමය රඳවන්නට සමත් වූවන්ගේ ළදරු අවධියේදීම ඔහුගේ හෝ ඇයගේ දෙම්පියන්ගේ අකල් වියෝව හෝ වෙන්වීම සිදුව ඇති බව කියෑවෙයි මෙකී සංගීත ක්‍ෂේත්‍රයේ ම මෙකී දිවයිනේ එවන් ප්‍රකට චරිතයක්‌ වූයේ මහා සංගීතවේදී සුනිලුන්ය (සුනිල් සාන්ත - 1914-1981)

එයාකාරයෙන්ම ඔහුගේ ද දයාබර මැණියන්වූ ලක්‌දූවේ වයඹකොණ හලාවත එම් ඒ ලිලාවතීය තම පුතුගේ ළදරු වියේදීම දිවිමග චාරිකාව හමාර කර නික්‌ම ගියාය ඔහු ගේ ආදරණිය පියාණන් වූ හෙන්රි සොලමන් සේනාරත්න ද නව කුටුම්භයක්‌ අරඹමින් මේ පවුල් ඒකකයෙන් දුරස්‌ වූයෙන් ළදරු සිසිර ගේ අනාගතයේ නිමැයුම්කරුවුයේ සේනාරත්න ආයූර්වේද වෙදැදුරාණන්ය ඒ මෙකි අනාගත සංගීතවේදියාගේ මුත්තනුවණ්‌ය

ඇසූ පීරූ තැන් ඇති සංස්‌කෘත - පාලි භාෂාන්තරයන්හි කෙළ පැමිණියෝ අතර එදා පාරම්පරික වෙදැදුරන් ඉදිරියෙන්ම සිටියහ මුත්තනුවන්ගේ ගැඹුරු හඩින් ගැයෙන සංස්‌කෘත ශ්ලෝක පාඨ කුඩා සිසිර එදා රසවිඳි ගායනයන් ය තමා ගේ පසු නිර්මාණකරණයට හා ගායන කෞෂල්‍යය ඔප්නැංවීමට ඉන් ලද ආභාෂය අතිමහත් යෑයි ඔහු නොයෙක්‌ වර සඳහන් කරනු ලැබ තිබිණි
පසුව අගනුවරට පිවිස මරදාන සංඝරාජයේ සිප්සතර හදාරන්නට වූ සමයේ අසල්වැසි ධර්මදාස වල්පොළ නම් පාසල් මිතුරු සමාගමයේ යෙදී සප්ත ස්‌වර සුරුවිරුකම් දියුණු තියුණු කරගනු ලැබීය

දෙමිතුරෝ අසල්වැසි භාරත රාජ්‍යයෙන් ඇසෙමින් පැවති සිනමා ගී පෙළින් මන්මත්ව වශිකෘතව ගොස්‌ තිබිනි දෙදෙනා එකිනෙකා ට නොදෙවෙනිව එකී භාරත ගී රස උල්පතේ ගිලී කිමිදුනේ ඒවා යළි යළි මුමුණමිනි
එකි ශීල්පකලාවේ වැඩිදුර හැදැරීමේ නොනිත් පිපාසයෙන් ඔහු පෙලෙන්නට විය

මේ අතරවාරයේ එදවස කොළොම්පුරයේ සංගීතකලාවේ නම රැන්දු ආර් ඒ චන්ද්‍රසේන ඇසුරේ තමා ඇසු දුටු ප්‍රගුණ කෙරුණු එකී ශීල්පයේ තතු විස්‌තර ධර්මදාසයන් විසින් සිසිරයන් හා බෙදාහදාගනු ලබන්නට ඇත

විසිවන සියවසේ දෙවන භාගය එළැඹී යම්තම් දෙවසරක ඇවෑමෙන් භාරතයේ ශාන්ති නිකේතනයේ මුල්ම හෙළ සිසුවාණන් වූ ලයනල් එදිරිසිංහ මහා සංගීතවේදියාණන් ගේ සෙවණේ ඇරඹුනු රජයේ සංගීත විදුහලේ හා පුරා කියා ගී සිප්සර ලබන්නට සිසිරයන්ට ඇවැසි විය
දෙවසරක ඇවැමෙන් තමා සෙවූ පැතූ එකී ගීරස වින්දනයේ අක්‌මුල් හා ඇතිතතු මෙහි නොමැත්තේ යැයි කුකුසක්‌ හට ගත්තේ එයින් ලැබුණු උත්තර භාරතීය සංගීත ශිල්පයේ මුලික යමෙකුට කඨෝර යෑයි හැගෙන මූලධර්ම නිසාවෙනි එයින් මුකුලිත වූ ඔහු ගීරසඋල්පත සිඳීයන්නක්‌ සේ හැගිගිය නිසාවෙන්දෝ එයින් ඉවත් වූයේ එතැන් සිට ස්‌වාධීන නිර්මාණකරණයේ නිරතවන්නට ඉටාගෙනය

මෙසමෙයේදී සිංහල සිනමාව නම් වෘක්‍ෂය දඵා ළා වැඩෙමින් පැවතුණු අතර එහි අතුඅග පිපි සුන්දර ගී පුෂ්ප සුගන්ධය දසත පැතිරව යමින් තිබිණි


මේ ලෝකේ නවාතැන වේ දෙදිනයි මෙහි වාසේ.......................

සිංහල ටීටර් කලාවේ මහගුරු වු සිරිසේන විමලවීරයන් විසින් රිදීතීරයේ දිගහරිනු ලැබූ පොඩි පුතා සිනමා නිර්මාණයට ඈඳා පෙරකි සුමියුරු භාරත සිනමා ගී තනුව සිසිරයන් විසින් ප්‍රතිනිර්මාණය කරනු ලැබුයේ එයාකාරයෙනි

මෙයුගයේම මහා සංගීතවේදී ගුරුදෙවි සුනිල් සාන්තයන් විසින් මවනු ලැබු සප්තස්‌වරය රැව් පිළිරැව් දුන්නේ වචනයේ පරිසාප්ත අර්ථයෙන්ම සිංහල සිනමා පටයක්‌ ව උපත ලැබ තිබුණු අව්‍යාජ පුරෝගාමි සිංහල සිනමා සිත්තම වූ රේඛාවේදීය

ඊට ගී හඩ මුසු කරන්නට කෙළිලොල් යව්වනයෙකු සිටි සිසිරයන් භාග්‍යවන්ත විය එය මෙකී ගායකයා හෙළ ගී රසිකයන් ගේ හදේ ලැගුම් ගැන්වූ ඔහු ගේ ද දිවියේ හැරවුම් ලක්ෂ්‍යයයි එහි කාන්තා හඩ මුසුකළ එකම යව්වනිය වූද අගනුවර මියුසියස්‌ විදුහල් බලිකාවියක්‌ සිටි ඉන්ද්‍රනී විජයබන්ඩාර යුවතිය හා දිවිමග චාරිකාව අරඹන්නට මුල් වූ නිමිත්තයි

රේඛාව තිරගත වී වසර සයවසරක ඇවෑමෙන් ඊට වෙසක්‌ කැකුඵ අතු අග ඉඳ නටන විලාසේ යෑයි තම නවයොවුන් හඩ මුසුකල ඉන්ද්‍රාණී 1962 පින්බර වෙසක්‌ කැකුඵ පිදුණ සමයේ අවසාන දිනයේ සිසිරයන් හා දෑගිලි පටලවාගත්හ එවිට ඔහු එපමණම කාලපරිච්ජේදයක රජ්‍ය සේවයේ වගකිවයුතු නිලදරුවෙකු ලෙසින් ශ්‍රී ලංකා රේගුවේ සේවය කරමින් සිටියේය

නිලදරුවන් නම් අපට බොහෝය එහෙත් ඔබවන් සුන්දර මධුර මනෝහර ගී තනු නිර්මාපකයන් ගායකයන් නම් නැතිසේමයදි


රජ්‍ය නිලදරු සිසිර මෙන්ම සංගීතඥ සිසිර ගේ අගය වටහගත් ප්‍රධානියා වරෙක තෙපළිය

එතෙක්‌ ලක්‌ රිදීතිරයේ ඇඳුනු සිනමා සිත්තම් පෙළ වෙනුවෙන් ගී සත්සර රටා මැවූ ගාන්ධර්ව ලැයිස්‌තුවට ඔහුගේ නම එක්‌වුයේ එයිනුත් තෙවසරක විරාමයකදීය ඒ කිංස්‌ලි රාජපක්‍ෂ නම්වු ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියාගේ අදියුරුවෙන් දොරට වැඩි 1965 වසරේ නවම් මස පස්‌වැනි දින මුල්වරට තීරයේ ඇඳි හඳපාන කථාංගයෙනි

එහි දී ඔහු හෙළසිනමා ගී වංශය පවතිනතාක්‌ කල් එදා වැයුණු ගැයුණු නිපැයුණු ගී රසබැඵවෝ අගයන්නෝ දිවි පවතින තුරාවටත් දිවමන් යළි යළි සිහිවෙන නිර්මාණ ගණනාවකට සත්සර රටා මුසුකරමින් නොනැවතී ඒවා තම හඩ අවදිකරමින් පණපෙවීය


ඉන්ද්‍රාණී විජයබන්ඩාර ඒකල හා සමූහ ගායනා

මල් මල් මල් ලස්‌සන වනමල් පිපිලා තුරුමත හිනැහෙන්නා

ඔබ නැති මේ බිම පාඵයි - අඳුරුයි


සිසිර - ඉන්ද්‍රාණී යුග

ඈත අහසේ නැගි දිණිදු පායා


සිසිර සේනාරත්න ඒකල ගායනා


01 පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමේ නැත මහ මන්දිරේ

ටිකිරි හසරැලි බොළඳ සිතිවිලි එහි තිබේ හොඳ ආදරේ



02 ආලෝකේ පතුරා මුඵ ලෝකේ ඔපලා - චන්ද්‍ර හෙමින් එයි නැගී

ලොව මිහිර නොබලා - රස සිහින පෙණිලා මගේ මැණික සුවසේ නිදී

කොවුලන්ගේ මධු ගීත - සුලගින් ගෙනා සීත සුවදායකයි රෑ මෙහි.......................


සියොතුන් හඩන්නේ මොණරුන් රගන්නේ නෑ ඔවුනොත් නිදියාගනී

කොඳ මල් සීනාසේ - විල් නීල් ජලාසේ
රණ හංසයෝ පීනතී - සඳ කැන් බිබි නැහැවෙති

කිංකිණි නොසොල්ලා නටමින් වරෙල්ලා - සුර කෙල්ල නේ ඈ නිදී

මගේ මැණික සුවසේ නිදී............................


වදන් ඇමිණුම - නැසිගිය හර්බට්‌ එම් සෙනෙවිරත්න (හඳපාන චරිතාංග රංගනශිල්පියෙකු ලෙස ද කටයුතු කලේය)
සිනමා පිටපතේ මෙම මුල් ගීතය සවන්දෙන්න මෙතැනින්

(මුලාශ්‍ර හා වැඩිදුර පරිශීලනය - මියැසි හරසර කෘතිය - ලාල් අනන්ද අබේධීර)



යළි හමුවෙමු............

Tuesday, October 18, 2016

ආවා ආදරෙන් රන් කැඵම් දිදී

හෙළ සංගීත වංශයේ රන් අකුරෙන් ලියැවෙන වික්‌ටර් රත්නායක පියමග සටහන් අතරින් අංශු මාත්‍රයක්‌ -
ආවා ආදරෙන් රන් කැඵම් දිදී - 1974


සුංසවාද යනු ගීතය එක්‌තරා ස්‌වර පරාසයක ගැයෙද්දි ඊට වෙනස්‌ ස්‌වර පරාසයක ගැයුමක්‌ හෝ වැයුමක්‌ මුලින් කී ගැයුමට හෝ වැයුමට පසුබිමින් මුසුකරලීම යනුවෙන් සරළව පැහැදිලි කළ හැකිය

මෙකී ශිල්පිය ක්‍රමය සම්පූර්ණයෙන්ම බටහිර සංගීත මත පදනම් වූවක්‌ වූ අතර ඒ මත පදනම් වූ නිර්මාණ 40 දශකයේ පටන් ලාංකීය ගීත කලාවේ දක්‌නට ලැබුනි

එවකට ඊට මුල් වූ ශීල්පීන් අතර ප්‍රමුඛයා ලෙස සැලකිය හැක්‌කේ  මියුසික්‌ ස්‌කූල් ආයතනයෙන් සහතික ලාභි බැද්දගේ ශ්‍රීනාත් පෙරේරා එනම් බී ඇස්‌ පෙරේරා (එනමින් හැඳින්වූ සිනමා නඵවා නොවේ) යෑයි කියැවේ

ප්‍රයෝගික සුමියුරු කන්කඵ ගීත නිර්මාණයන්ට සෘජුව යොදාගත නොහැකි රාගාශ්‍රීත හින්දුස්‌ථානි සංගීතය පමණක්‌ හැදෑරූවන් බහුතරය නිතැතින්ම ඊට අදාළ ගුරුකුලයකට ගැතිව කටයුතු කරනු ලබන බවක්‌ හැගී යයි එකී සංගීතායතන මගින් ඔවුනට ලැබෙන ගුරුහරුකම් නිසා එක්‌තරා අන්දමක දැඩි මතධාරීන් ලෙස අනම්‍යව කටයුතු කරන්නට පෙළඹීම නිසා ද එසේ වන්නේ යෑයිද සිතිය හැකිය

ඔවූහූ බහුතරය ඉහත සඳහන් කෙරුණු බටහිර සංගීත ශීල්පීය ක්‍රමයන් නුරුස්‌සති ඒව ප්‍රචලිත වීම හා ඒ මත පදනම් වූ නිර්මාණ පිළිකෙව් කරති
පෞද්ගලික ගුවන් විදුලි නාලිකා බිහිවූ 90 දශකයට එපිටින් දේශිය පොදුජන ගී රුචිය වඩවාලන්නට හා එය හැඩගස්‌වන්නට මූලික කාර්යභාරයක්‌ ඉටුකළ රාජ්‍ය ගුවන් විදුලියේ සංගීත ප්‍රතිපත්තිය තීරණය වුයේ දෙවනුව සඳහන් කළ හින්දුස්‌ථානි රාගධාරී සංගීත ශීල්පය හැදැරූ ගුරුකුලයේ නිර්දේශ හා ඕනෑ එපාකම් මතය

බටහිර සංගීතයේ භාවිතා වන වාද්‍ය භාන්ඩ ඒ ආයතනය තුලට වැද්දා ගැනීම පවා කලෙක සිමා වී තිබුණු බව ද කියැවේ

නමුත් ශ්‍රාවක වින්දන ඔවුනට ආවේනිකය සියල්ලෝ හින්දුස්‌ථානි රාගාශ්‍රීත ගීත ප්‍රියකරන්නෝ වෙත්ද ?

එසේ පොදුජන බහුතරයකගේ ගී රසය පොබයූවේ ඔවුන් විසින් වුවද ඊට විකල්ප ශිල්පිය ක්‍රම ඔස්‌සේ බිහිවූ ගී නර්මාණ ප්‍රචලිත කරන්නට පෞද්ගලික අංශය දායක වූයේ ඒ යුගයේ ගී නිකුත්කිරීමේ තාක්‍ෂණය වූ තැටි හරහය එයාකාරයේ ගීතයන්ට හොඳ වෙළඳ පොලක්‌ පවතින බව ඔවුන්ට වැටහි යන්නට ඇත

සුනිල් සාන්තයන් විසින් 40 දශකයේ ඔහුටම ආවෙනික ව නවමු ආරකින් හින්දුස්‌ථානි ශිල්පීය ක්‍රම බැහැරකරවාලමින් එළිදැක්‌වු ගි පෙළ ලැබු අසිමිත රසික ප්‍රසාදය එකී ව්‍යාපාරික මතය කෙරෙහි හේතුවන්නට ඇතැයි සිතේ

මෙම තැටි ගී නිකුතුව ඔස්‌සේ ප්‍රචලිත වූ ගී නිර්මාණයන්හි  ඒකාකාරි ගුවන් විදුලි ගී අභිබවා බටහිර වද්‍ය භාන්ඩ වැඩිමනත්ව මුසු වඩාත් කන්කඵ මිහිරි සංගීත රටා අඩංගු වී ඇති බව ශ්‍රාවකයන් අවබෝධකරගන්නට ඇත

60 දශකයේදී රජයේ සංගීත විදුහලේ රාගධාරී හින්දුස්‌ථානි ශුද්ධ සංගීත විෂයානුකූල ශිල්ප හදාරමින් සිටි දෙවැනි පරම්පරාවේ සිසුකැල මේ නව ප්‍රවණතාවය වඩාත් හොඳින් වටහගන්නට ඇත

මර්වින් පෙරේරා  හා වික්‌ටර් රත්නායක ඒ අතරින් කැපි පෙනේ

අධ්‍යයන කටයුතු අවසන්ව එයින් බැහැරව නිර්මාණකරණයේදී එනම් ව්‍යාවහරික සංගීතය වෙත නැඹුරුවෙන්නට සිදුවෙද්දී ඔවුනට ඊට අනුගතව කටයුතු කරන්නට සිදු වි තිබෙන්නට ඇත

ඒ අනුව ඔහුවූ හින්දුස්‌ථානි - බටහිර - දේශිය ජන සංගීතය යන මේ ත්‍රිත්වය සංකලනයෙන් නැවුම් ගී තනු හා සංගීත රටා බිහිකරනු ලැබිය 

දශක ගණනකට ද පසුව වත්මන් ගී ශ්‍රාවකයන් අත්විඳින්නේ කුල්මත්කරවන්නේ මිහිරියාවෙන් මත්වන්නේ එකී ගී රටාවයි

ඒ අතරින්  එදා 60 දශකයේදී වික්‌ටර් රත්නායක නම් ආධුනික ශිල්පියා රසික හදවතේ ලැගුම්ගැන්වුයේ බටහිර සුසංවාද ශිල්පීය ක්‍රමය මනාව භාවිතා කරන ලද ඔහු හඩමුසුකල  සිසිල් සුළං රැල්ලේ නම් ගීතයයි
එදා ඇසුණු වෙනත් ගී අතරින් එයින් ඇතිකළ විපර්යාසය ගී ශ්‍රාවකයා ට මනාව වැටහෙන්නට ඇතැයි කිව හැකිය

පසුව එළඹි 70 දශකයේදී වික්‌ටර් රත්නායක විවිධ අත්හදාබැලීම් ඔස්‌සේ නව නිර්මාණ ගණනාවක්‌ බිහිකරමින් ප්‍රවිණත්වයට පත්ව ලැබූ අසිමිත ජනප්‍රියත්වයට හේතුවුයේ එකතැන පල් නොවුනු ඔහුගේ ගී ආරයි

දශක හතරක සංඛ්‍යාත්මකව විශාල නිර්මාණ ගණනාවක්‌ බිහිකළ ඔහු තරම් ඒ  සඳහා සුසංවාද ශිල්පය භාවිතා කළ වෙනත් ලාංකික සංගීතවේදියෙකු ඇද්දැයි යන්න සැක සහිතය

හැළහැප්පිලි හිග නොවන සංගීත ක්‍ෂේත්‍රයේ එකී චාරිකාව නිමග්න වීමේදී ඔහු අපමණ කැපකිරීම් හා දුක්‌ කම්කටොඵ විඳගන්නට ඇත

සුසංවාද රටා  සියඵ ආකාරයේ බටහිර තූර්ය වාද්‍ය භාන්ඩ මුසුව එයින් නොනැවත ජන සංගීතය ඇසුරේ රබාන උඩැක්‌කිය බෙර දවුල් තම්මැට්‌ටම් පමණක්‌ නොව කර්ණාටක සංගීතයේ වාද්‍ය භාන්ඩ ද ඔහුගේ නිර්මාණ සඳහා යොදාගැණනි

ඇවැසි විටක තම ශ්‍රාවකයා වෙත ගීතයේ උපරිම වින්දනය හා මිහිරියාව ලගා කරදෙන්නට කැප වී විඳින්නට සිදුවූ අසීරුතා නොමසළකා දැවැන්ත වාද්‍ය වෘන්දයන් යොදාගන්නට ඔහු නොමැළි විය (මල්සර උක්‌දඩු දුන්නෙන් පැණි බී)

ගායන ශිල්පියෙකු  ව තමා ම වෙනුවෙන් නිර්මිත ගී තනු හා සංගීත සංයෝජන අභිබවා ගියේ ඔහු සමකාලීන වෙනත් ශිල්පීන් උදෙසා කල නිර්මාණයන්ය

ඒකි නම්වැළ දීර්ඝය නමුත් ඒ අතරින් මිල්ටන් මල්ලවාරච්චි හා ශ්‍රීමතී තිලකරත්න අබේවර්ධන බාලසූරිය යන මේ ශිල්පීන් නම්කළයුතුමය
අන්තර් වාද්‍ය ඛන්ඩ පමණක්‌ නොව ගීයක ආමුඛ සංගීත ඛන්ඩය වෙත පවා ඔහු කොතරම් අවධානයක්‌ යොමු කරන්නට ඇත්දැයි යන්නට නිදසුන් බොහෝය 

තමා ගැයූ

තම්බපන්නී දිපවංසේ ජන්මදිනයේ - මුවා වුණා සඳක්‌ සිනාපාලා - උදයට මා හිරු එළිය - ගුරුපාර දිගේ සිනහ සළලා 

කිහිපයකි එනමුත් වඩාත් මෝහණිය සංගීත සංයෝජන මුසුකරවුයේ වෙනත් ශිල්පීන් වෙතයි

ඔබයි මමයි මැවූ සිහින- පියාසලනා ලිහිණියෙකු සේ  - සුඛ වේදනා දුක්‌ වේදනා - ආවා ආදරෙන් රන් කැඵම් දිදි - ඉන්දුමතී හා බිංදුමතී - ලබන්න බැරි සුව සහනය


මිල්ටන් මල්ලවාරච්චි වෙනුවෙන්ද

කල්පනා දැහැනින් බැඳී- අනන්තයට මා ඉගිල්ලු - පිය මදහස මුව මුකුඵ හිරු ගෙනෙවිල්ලා පුතු ලග - කල්බලමින් ලතවෙමි නෙත්   නෙඵම් විල මමයි  -  රත්තරං මැණික්‌ මුතු

ශ්‍රීමති තිලකරත්න වෙනුවෙන්ද

සැකබිය ඇත්තේ සෙනෙහස ඇතිතැන - ඉරට උඩින් සක්‌වලට උඩින් - දෙතැනක පිපුණත් එකමල් එකම සුවඳ  

සුජාතා අත්තනායක වෙනුවෙන්ද

මං නැති දා මේ රට - අනුරාධපුරය ඔබයි - ඔබෙන් තොර ලෝකයක්‌ අවසන් හුස්‌ම පොද 

අබේවර්ධන බාලසූරිය වෙනුවෙන්ද 


තනු හා සංගීත සංයෝජනය කල සුමියුරු නිර්මාණ ගණනාවකින් අල්ප ගණනකි


මෙකී සුසංවදි ශෛලිය අනුව ගැයුම පසුබිමෙන් ඇසෙන වයලින් වාදන පෙළකින් සැරසු මෙම ගීතයේ අසිමිත ජනප්‍රියත්වය නිසා මිල්ටන් මල්ලවාරච්චි විසින් එය වාර ගණනාවක්‌ නොයෙක්‌ අවස්‌ථාවන්හිදි යළි ගැයිණි නමුත් ඒවා කිසිවක්‌ මෙම මුල්ම පටිගත කිරීම ඉක්‌මවා යනු තබා සම හෝ නොවේ යන කරුණ සම්බන්ධයෙන් බහුතරය රසිකයා එකග වනු නොඅනුමානය

පද සංකල්පනාව - ප්‍රවිණ ගුවන් විදුලි නිවේදක වැඩසටහන් සම්පාදක නැසිගිය - කරුණාරත්න අබේසේකර ශුරීන්

තනුව හා සංගීත සංකලනය - ප්‍රවිණ ජ්‍යෙෂ්ඨ සංගීතවේදී ගායන ශිල්පී වික්‌ටර් රත්නායක


සවන්දෙන්න මෙතැනින්


Sunday, October 2, 2016

ප්‍රවිණ සංගීතඥ ආර් ඒ චන්ද්‍රසේන ජීවන තතු














එදවස දෙසවන් නැළවු සත්සර රන්ස්‌වරය (1924-1980)

ආර් ඒ චන්ද්‍රසේන තම වාද්‍ය වෘන්දය මෙහෙයවමින් එවකට ජනප්‍රිය ශිල්පිනී ගායිකා මේබල් බ්ලයිත් විසින් ගයනා කරන සිනමා ගීතයක්‌  සංගීතවත් කරනු ලබයි - 1950 දශකයේ දෙවැනි භාගය ලංකා චිත්‍රාගාරය වනලිය  - අධ්‍යක්‍ෂණය බී ඒ ඩබ්ලිව් ජයමාන්න

01 ප්‍රවිණ සිංහල සිනමාවේ පුරෝගාමි චිත්‍රපට අධ්‍යක්‍ෂ මීගමුවේ මිනර්වා නාට්‍ය කණ්‌ඩායමේ ප්‍රධානි බී ඒ ඩබ්ලිව් ජයමාන්නයන්
02 1950 දශකයේ අතිශය ජනප්‍රිය සිනමා ගී ගනනාවකට පදවැල් ඇමිණු ගී පද රචක ඒ ජේ ද සොයිසා
03 මයික්‍රෆෝනය ට හඩ මුසුකරමින් ගායන ශිල්පිණි මේබල් බ්ලයිත්
04 සිංහල සිනමා සංගීතය විප්ලවීය වෙනසකට බඳුන් කරන ලද දැවැන්තයෙකු බවට පසුව පත්වූ ආචාර්ය ප්‍රේමසිරී කේමදාස  (මයික්‍රෆෝනය  පසුබිමින් කැමරාව දෙසට මුහුණලා පාදය දුරට විහිදුවා)

ඕබෝ   සැක්‌සෆෝනය   ක්‌ලැරිනට්‌    ට්‍රම්පට්‌   වාදකයන් (කෙළවර සිටගෙන) ඩ්‍රම්ස්‌ වාදක ශිල්පයාට වම්පසින් වයලීන් කණ්‌ඩායම එවකට හා පසුව  ඔබ මෙහි සාමාජිකයන් හඳුනගන්න සමත් වේ නම් කරුණාකර සටහනක්‌ මගින් එකී විස්‌තර දක්‌වන මෙන් ඉල්ලා සිටිමි

(විශේෂ ස්‌තුතිය - ඡායාරූපය අනුග්‍රහය - ආචාරිනී දර්ශනී චන්ද්‍රසේන මහත්මිය - ආර් ඒ චන්ද්‍රසේන කණිටු දියණිය)


------------------------------------------------------------------------



(සීණුව දෙවරක්‌ නාද වෙයි) වේලාව පෙරවරු නවය පසුවි විනාඩි තිහයි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ සිංහල දෙවැනි සේවයයි මෙතැන්දි සිට කණ්‌ඩායම් ගී තීරයක්‌ ආරම්භ කරමින් සුපර් ගෝල්ඩන් චයිම්ස්‌

ඩ්‍රම්ස්‌ වාදන පමණක්‌ද නැත නැත ගීටාර් වාදන විවිධාකරයෙන් සැක්‌සෆෝන් ට්‍රම්පට්‌ ඒ සියල්ලට ම වඩා අධිවේග රිද්මය විසින් අමුතු චමත්කාරයක්‌ මවනු ලැබ තිබේදි


යළිත් දෙවැනි ගීතය වාදනයට සුදානම් වන සෙයකි
අසවල් ගායකයන්ගේ අසවල් ගීතය වන්නේනම් යන සිතිවිල්ල සමග හෘද ස්‌පන්දනයද ඉහළ ගොසිනි

නිවේදිකාවගේ හඩ ඇසේ එවර ඇය මෙසේ කියයි

දැන් තිලංගනී හා දර්ශනී චන්ද්‍රසේන ගැයු ගීතයක්‌

ඒ සියල්ල රස වෑහෙන විදුලිරටා වේගයෙන වැයෙන විදුලි සරපුවරු නාදමාලා වලින් අනූනය
දවස පුරාවටම අඩුවෙන්ම ඇසෙන දුර්ලභ එතරම් සුන්දර සුමියුරු ඕගන් වාදන මොහොතකින් ඇසෙනු ඇත

ශ්‍රී ලංකා අලංකාර ලංකා ?
විලේ මලක උපන්නී ?
රොන්සුනු මල්පැණි දිගන්තේ ?


එලෙස ළමා ශ්‍රාවක අප කුල්මත් කළ ඒ ගීතයන්හි නිර්මාපකයන් පද රචකයන් මේ කිසිවෙකුත් පිළිබඳව දැන ගන්නට එදා අපට අවැසි නොවිය

නමුත්

එලෙස දිනෙන් දින වසරින් වසර ගතවී පරිණත වැඩිහිටි සිසුන් වූ අප මේ සුමියුරු ගීතාවලියේ සංගීතය වාදන රටා මේවා කවරෙකුගේද ?

යන්න පිළිබඳව සොයා බලන්නට සිත්වූයේ සංගීත විෂයයේ පුඵල් බවේ සංකීර්ණ බවේ දිග පළල අවබෝධ වන්නට පටන් ගත් අවධියේය

සෙසු ශිල්පීන් සරල ගීතාවලිය මත පදනම් වූ ගායන රටාවේ ගැඹුරු බව පදමාලාවන්හි අරුත්බර බව පමණක්‌ නොවදි අරුත්සුන් බවදි සංගීත අධ්‍යක්‍ෂණයේ සංයෝජනයේ විසිතුරු යන මේ කරුණු නිරවුල් කරගන්නට සමත් වූ වයස්‌ මට්‌ටමකදී ඒ අපුරු සංගීතඥයා ගේ වතගොත සොයා දැනගන්නට පෙළඹවීය

ඔහු නවක ගායක ගායිකාවන් රැසක්‌ හඳුන්වාදෙමින් ඔවුන් ගේ හෙට දිනය යහපත් කරන්නට පසුනොබා ගුරුහරුකම්ලබා දෙමින් මැවු තම මුල්ම ස්‌වරරටාවෙන් ඔවුන් ගැයු ගීතය ඔස්‌සේ ඔවුන්ව ජනප්‍රියත්වයේ නම් සෝපානයේ මුදුන් ඉමටම කැඳවාගනිමින්දි සිංහල ගීත ක්‍ෂේත්‍රයේ ප්‍රගමණයට අනුපමේය දායකත්වයක්‌ ලබාදුන්

ප්‍රවිණ සංගීතඥ ආර් ඒ චන්ද්‍රසේනයන්ය රණසිංහ ආරච්චිගේ චන්ද්‍රසේනය

ඔහු පිළිබඳව අදදවසේ ගී ශ්‍රාවකයන් සහෘදයන් නොදන්නා දෑ බොහෝ ය ඇතැම්විට එදා එකී ගී පෙළ රසවිඳී රසික ඔබද ඒවා නොදන්නා බව නිසැකය


ඔහුගේ නිර්මාණ දිවිය කිසිසේත් රෝසමල් යහනාවක්‌ නොවීය පියමං කල ගී මං පෙතේ විඳින්නට සිදු වූ දුක්‌ ගැහැට කැපිළි කෙටිලි අවමන් ගැරහුම් නම් මහා ප්‍රවාහය විසින් ලද සිමාසහිත කිත් පැසසුම් තලාපෙළා පොඩිකර දැමුවා වැන්න

මෙතැන් සිට එදා එකී ගී ශ්‍රවණිත අගය කළ ශ්‍රාවක ඔබවෙත නිරාවරණය කෙරෙන්නේ ඒ මහා පෞරුෂය දරාගත් කුඩා සිරුරකින් හෙබියා වූ මෙකී ගාන්ධර්වයාගේ දිවිගමනේ තොරතුරු බිඳකි


ප්‍රිය රසිකය

පහත පේළි කරා සෙමෙන් ඔබේ දෙනුවන් මෙහෙයවනු ලබත්වා මක්‌ නිසාද යත් ඔබ මින් පෙර නොඇසු දෑ මෙහි ඇතැයි යන්න හැගෙන නිසාවෙනි
මේ ලක්‌ පොළොවේ තම සහෝදර ජනයන් වෙත සංසාරිකව තමා උරුමකරගත් සංගීත ශිල්පයේ විසිතුර පාන්නට දෛවය විසින් යොමුකරවන ලද ඔහුට මුහුණදෙන්නට සිදුවූ අනුවේදනීය සිදුවිම් පෙළක අනාවරණයයි මෙසේ ලියෑවි ඇත්තේ

එයින් රසික සහෘද ඔබටද මතු නොව මෙකී ශීල්ප සතර හදාරන විද්‍යර්ථීන්හටද තම දිවිමග චාරිකාව වඩාත් සුමුදු සුමට කරගැනීම සඳහා එය මහෝපාකරීවනු ඇත

මේ සටහනේ ඇරඹුම පිණිස හෙළයේ අවසන් රාජධානිය වූ කන්ද උඩරට සෙංකඩගල පුරවරය වෙත පිවිසෙමු

ඒ විසිවන සියවසේ දෙවැනි දශකයි 1924නිකිණි මස 07 වන දිනයයි චන්ද්‍රසේන දරුවා සාමාජිකයන් එකොළොස්‌ දෙනෙකු ගේ පවුලේ තෙවැන්නා ලෙස රණසිංහ ආරච්චිගේ පීරීස්‌ පෙරේරා හා සෙලෙස්‌තිනා ඩයස්‌ යන මේ දම්පතීන්ට දාව උපත ලැබීය ඔහු අකුරු කලේදිඑවකට රාහුලය නමින් හැඳින්වූ මහනුවර සිරි සුමංගල විදුහලෙනි එහෙත් අකුරට යන ඔහුගේ ගත එහි රැඳුනද සිත පියඹා ගියේදිවාදනය වෙතටයි පියාගේ දැඩි විරෝධය හමුවේ පෙර අත්බැව්හි පටන් ප්‍රගුණ කරන්නට ඇතැයි යමෙකුට හැගීයන සංගීතය විෂයෙහි ඔහු ඇලි ගැලී සිටියේය ඒ තුර්ය භාන්ඩ සාදමින් ඒවා වාදනය කරමින් හා අසල්වැසියන්ගේ ඒවා අඵත්වැඩියාකරදීමෙනි

යම් දිනක ඉවසීමේ සීමාවේ අන්තයට ගිය පියාණන් විසින් අඵත්වැඩියා කර තිබු වයලීනයක්‌ උදුරා පොළවේ ගැසීමේ ප්‍රථිපලය වූයේ තමා හැදුණු වැඩුණු නිවස ද පවුල ද හැරදමා නික්‌ම යන්නට ගත් හිතුවක්‌කාර තීරණයයි

එය ඉරණම විසින් ඔහු යා යුතු මග තීරණය කල සිදුවිමක්‌ වැන්න ඔහු අගනුවරට සේන්දු විය

කලාවට ලැදී කලාවේ නිමග්න මිතුරෙකුගේ නිවසේ නවාතැන් ගෙන වේදිකා නිළියක්‌ වූ එකී මිතුරාගේ භාර්යාව රගපෑ අන්ධ ආලය නාට්‍යයේසර්පිනා වාදකයෙකු ලෙස කටයුතු කරන්නට ඉඩ හසර ලබා ගැනිනි


1930 අවසන් වසර කිහිපයක එක්‌තරා දිනයකදී මාතර පැවැත්වුනු එය නැරඹිම සඳහා පැමිණ සිටි මහ සංගීතඥ ආනන්ද සමරකෝන් හා නාලන්දයේ ප්‍රවිණ ගුරුවරයෙකු වූද ගුවන් විදුලයේ ළමා පිටියේ මහ මෙහෙයුම්කරු අධිනිතිඥ යූ ඒ එස්‌ පෙරේරා චන්ද්‍රසේනයන්ගේ එතැන් සිට දිවිමග එළිය කරන්නට පායා හා හිරු සඳු ය

එදා ලැබි ඔවදන් හිස්‌මුදුණින් පීලිගනිමින් යළි පාසල් ගමණ ඇරඹු චන්ද්‍රසේන අදද පවතින කොටහේනේ කුමාර මහා විදුහලට ඇතූළත්ව එයින් නික්‌ම පසුව පුවත්පත් කලාවේ විස්‌කම් දෙව්පුත් බවට පත් ඩී බී ධනපාලයන් විදුහල්පති අසුන් අරා සිටි කැළණීයේ ධර්මාලෝකයේදී ශිල්ප දැක්‌වීය

විවේක වේලාවන්හිදී ගුවන් විදුලි ළමා පිටියේ වාදකයෙකු ලෙස ශිල්ප දක්‌වන්නට පටන් ගත්තේ සුපුරුදු සර්පිනාවෙන් පමණක්‌ම නොවේ තමා ඉන්ද්‍රජාලික වාදකයෙකු බව මනාව පසක්‌ කරවමින් තබ්ලා වටද වයලීනයටද මැන්ඩලීනයටද ඔහුගේ අතැගිලි පහස ලබන්නට ඉඩ හැරියේ නියමු යූ ඒ එස්‌ හෙවත් සිරි අයියාගේ නළල රැළිගන්වමිනි

තම දෑතට හසුවන කිනම් හෝ අයුරක හෝ වාද්‍ය භාන්ඩයක්‌ සොළොස්‌හැවිරිදි මෙතරම් තරුණ දරුවකු මෙයාකාරයෙන් වාදනය කරන්නේ කෙලෙසකදැයි තමාගේ ඇස්‌ අදහගත නොහැකිව තිබු බවත් එය නිසැකවම අනවග්‍ර්‍ර සංසාරයේ දුරඈතක සිට ප්‍රගූණ කරමින් එන්නා වූ දස්‌කමක්‌ විය හැකිය යන්න තමාගේ අදහස වන බවත් චන්ද්‍රසේනයන් මෙළොව හැරගියදා යූ ඒ එස්‌ පෙරේරා මහතානන් ලියූ සටහනක සඳහන් ව තිබේ

ශිල්පය මැනැවින් හදාරා ගායිකාවක්‌ ලෙස කිරුඵ දරන්නට සිහින මවමින් හඩ පරික්‍ෂණයක්‌ අරභයා ගුවන් විදුලියට ආ ගිය මියුසියස්‌ බාලිකාවියක්‌ වූ ශ්‍රීයාවතී පෙරේරා ඔහුගේ දිවිමග අත්වැල දරන්නිය බවට පත් වුයේ දිනදසුනේ පිටු 1946 වසර වෙනුවෙන් පෙරළෙද්දීය

අගනුවරින් තාවකාලිකව සෙංකඩපුර වෙත යළි සේන්දු වූ නවයුවළගේ පසුව ස්‌ථිර නවාතැන බවට පත් වූයේ එවක මරදානේ ඩේවිඩ් මාවත වූ වර්තමාන එල්ෆින්ස්‌ටන් රංගශාලාව පදෙසය

1948 යනු ලක්‌ ඉතිහාසයේ වංශකතාව මෙන්ම මෙකී සංගීතඥයා ගේ දිවිගමන ද එකාලෝක කල වසරයි අදද පැරණි රසංග තීරයේ සවනත වැකෙන දසබලධාරී බුදුරජු පෙරකළ ගීතය ගැයූ ආර් ඒ චන්ද්‍රසේන නම් ගායකයා ගේද සංගීතඥයා ගේ ප්‍රභා කාන්තිධාරා ලක්‌ පොලොව මත විහිදගියේ එකී වසරේදීය

එය ඔහුගේ පවුලේ හිතවතෙකු වූ වසන්ත කුමාර නම් ශිල්පියා නිර්මාණය කළ සඳකිඳුරු මුද්‍රා නාටකයේ ආරම්භක ගීතයයි එය එහි කථාංගයේ ද රචකයා වූ පාඨශාලාචාර්යය සෝමපාල කැකුළවලගේ පද සැකසුමකි

අගනුවර කලා ලැදී සංගීත ශිල්පය හැදෑරීමේ පිපාසාවෙන් පෙළෙන සිසු දරුවන් වෙනුවෙන් මරදාන චන්ද්‍රසේන කලායතනයේ දොර කවුඵ විවෘත වුයේ අදින් පන්සැට වසරකට ඔබ්බෙන් 1951 වසර ගෙවෙද්දීය එවකට භාරතයේ භාත්ඛන්ඩයේ හා ශාන්ති නිකේතනයේ ශිල්ප හැදාරා ලක්‌බිමට සැපත් වූ දෙවැනි ගාන්ධර්වයා ලෙස සැලකෙන සුනිල් සාන්තයන් ද නුදුරින් බම්බලපිටියේදීද සංගීත පාඨමාලාවක්‌ පවත්වාගෙන යමින් සිටියේය

දසුන නෙත ගැටුනු මතින් යමෙකුගේ නිසග හැකියාව දැන හඳුනාගැනීමේ ගුප්ත හැකියාවක්‌ ලද ඉන්ද්‍රජාලික චන්ද්‍රසේනයන් ගේ පෙළඹවීම මත එහි ඇතුළත්ව මෙකී සංගීතායතනයේ ඔහුගෙන් ගුරු හරුකම් ලබා ශිල්ප හැදෑරුවන් අතර පසුව සිංහල ගීතාවලිය බැබඵවෝ ගණනාවක් විය

මෙසමයෙහි චන්ද්‍රසේන නාමය අගනුවර කලා ලෝලීන් ගේ මුවග තුඩ තුඩ රැව්දෙන්නට පටන් ගත්තේ ඔහුගේ සප්තස්‌වරය කැවූ වේදිකා නාට්‍ය ගණනාවක්‌ එළිදැක්‌වීම නිසාය ඒ අතර පසුව දසත පතල දැවැන්තයන් වූ හර්බට්‌ එම් සෙනෙවිරත්න ජී ඇස්‌ බී රාණී ඇතුඵ පිරිසක්‌ චරිත නීරූපනය කළ දස්‌කොන් ද අරුණ ශාන්ති ජේශප් සෙනවිරත්න රගපෑ නගර ශෝභනී ද විය

ඒ චන්ද්‍රසේන නාමධාරී මිළග පරපුර දරු සම්ප්‍රාප්තිය ඉහත වසරින් ඇරඹුනු දශකයේදී සිදුවුයේ කෙසේද යත් පවුලට සිරිදුව කැන්දු කුඵඳුල් දුවණිය තිලංගනී ද පුතු ලලිත් ද දශකය ගෙවීයද්දී තෙවැන්නිය දර්ශනී ද ඩේවිඩ් මාවත කැදැල්ල ට එකතුවීමෙනි

අඳුරු වළා පටල ඈතින්වත් නොදිස්‌ වූ පැහැබර කාන්තිමත් නීලම්බරයේ හමනා මදපවනේ පහස ලබමින් චන්ද්‍රසේන කුටුම්භයේ දිවි තවලම කිරිසිනහා උතුරවමින් ඇදී යන්නට විය...........................

විරාමයකින් මතු හමුවෙමු.....................
(විශේෂ ස්‌තුතිය - ආචාරිනී දර්ශනී චන්ද්‍රසේන මහත්මිය - ආර් ඒ චන්ද්‍රසේන කණිටු දියණිය)
මූලාශ්‍රය - චන්ද්‍රසේන ගාන්ධර්ව අපදාන - මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් විරචිතය

ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං

හෙටටත් අදටත් සර්වකාලීනය - මියුරුය ඒ අමයුරු ගී සරය  - ශ්‍රී ලංකාවේ ග්‍රැමෆෝන් ගී යුගය - 1915-1950


ලෝ නාථා බුදුහිමි රාජා  - පා ප්‍රේමා මුදු සිත ලොවටා
ගායනය  - ආර් ඒ චන්ද්‍රසේන - ශ්‍රියානි චන්ද්‍රසේන යුවළ විසිනි
පටිගත කිරීම - සිල්වර්ෆෝන් ශබ්දාගාරය (ප්‍රාථමික මට්‌ටමේ පැවති අවම තාක්‍ෂනික පහසුකම් සහිත ශබ්දාගරයකි) - කොළඹ යුනියන් පදෙස (වර්තමානයේ දක්‌නට නැති 90 දශකය දක්‌වා පැවති එම්පයර් සිනමා ශාලාව අසල පිහිටා තිබිණි)
හිස්‌ මාස්‌ටර්ස්‌ වොයිස්‌  ලේබලය - නිෂ්පාදනය - සිමාසහිත කාර්ගීල්ස්‌ සමාගම කොටුව - 1949 ?
තැටි අනුක්‍රමික අංකය - WN 151

පද රචනය - ශ්‍රියානි චන්ද්‍රසේන 


තනු නිර්මාණය හා සංගීත අධ්‍යක්‍ෂණය - ආර් ඒ චන්ද්‍රසේන


විශේෂ කරුණු - චන්ද්‍රසේන යුවළ විසින්ම සම්පූර්ණයෙන්ම දායක වූ ගී නිර්මාණයකි ගායනා කිරීමේදී ආර් ඒ චන්ද්‍රසේනයන් ස්‌පාඤ්ඤ ගිටාරය අතදරා වයමින් ගායනා කරනු ලැබූ බව වාර්තා වේ


මෙතැනින් සවන්දෙන්න

Wednesday, September 14, 2016

ගෝකණ්‌නපුරයෙන් ඇසුණු සංධවනිය

ඔවූහූ එදා තම සහෝදර හෙළ ගී රසිකයන් එසේ පිනවූහ




ඒ වික්‌ටර් රත්නායකයන් විසින් ඔහුගේ ස ප්‍රසංගය ඇරඹී හෙලදිව සිසාරා වේදිකාප්‍රාප්ත වූ යුගයයි එනම් 70 දශකයේ මැද භාගයයි 

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් යාපනය සරසවියේ ඇදුරු ව එකී ප්‍රසංගය වටා දස දහස්‌ ගණනක දමිළ ජාතික රසික රසිකාවියන් රොද බැඳවූ යුගයයි

සීමා මායිම් වියුක්‌ත වූ ගී රස කලාව සත්මුහුදු සිසාරා මිනිස්‌ සිත් සතන් සුවපත් කරනු ලබයි හෙළදිවේ මෙනුවරින් එනුවර ට එසේ සරසවි අසිරිය කැන්දු සේම එනුවරින් මෙනුවරට ද සපැමිණ සත්සර නද නැංවු දූත ගමණක පසුබිම් පුවත ඔබ හමුවේ මෙසේ දිගහරින්නෙමි
එදා මේ සුන්දර නිර්මාණපෙළෙහි ගී පද රචකයාණන් ප්‍රවිණ සංගීතඥ ධර්මරත්න සහෝදර නායක ගායන ශිල්පී මෙල්රෝයි ධර්මරත්නයන්ය මේ එදා ඔහු කී කළ දෑය

මේ නිර්මාණකරුවන් දෙදෙනා හා ඔබේ සබැඳියාවට අඩිතාලම වැටුනේ කෙළෙසකද ?

70 දශකයේ මැදභාගයේදී කාර්යාලයේ දිවා ආහාර විවේකයේදී කොළඹ කොටුවේ එවකට පිහිටා තිබුණු අපේ ගී තැටි නිෂ්පාදක ජෙරල්ඩ් විකම්‍රසූරිය මහතාගේ කාර්යාලයයට පිවිස අල්ලප සල්ලපයේ යෙදීම පුරුද්දක්‌ කොට ගෙන තිබුනා
මේදිනද සුපුරුදු පරිදි මා එහි පිවිසෙද්දි ඔහුගේ මේසය ඉදිරිපිට ආගන්තුකයන් දෙපොළක්‌ වාඩිවි සිටියා මා දුටු සැණෙන්ම වික්‍රමසූරිය මහතා හඩ අවදිකලා

මේ එන්නේ නියම මිනිහා වෙලාවට !
මෙන්න මෙයාලා ඇවිත් ඉන්නේ ටි්‍රින්කෝ (trinco) වල ඉඳලා මියුසික්‌ ට්‍රැක්‌ස්‌ (music tracks) වගයක්‌ අරගෙන ඒවාට ලිරික්‌ස්‌ (lyrics) කරගන්න ඕනෑ කියනවා මෙල්රෝයි ට පුඵවන් වෙයි හෙල්ප් (help) කරන්න
ඒ අනුව මම ඔවුන් දෙදෙනාගෙන් තොරතුරු විමසුවිට තමන් දෙපොළ ත්‍රිකුණාමලයේ සිට පැමිණි බවත් ගී තනු නිර්මාණය හා සංගීත අධ්‍යක්‍ෂණයේ යෙදෙන බවත් තමන් විසින් එහිදි නිර්මාණය කෙරුණු තනු ඇසුරෙන් සිංහල ගීත තැටියක්‌ නිකුත් කිරීමට අදහස්‌ කරගෙන සිටින බවත් කියා සිටියා

වෙනත් ආගිය තොරතුරු සුහද කථාබහක නිරතවීමෙන් අනතුරුව මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කරන්නට අප කොටහේනේ නිවසට පැමිනෙන ලෙස දන්වා සිටියා

පසුව අප නිවසේදී පරමේෂ් විසින් සිහින් හඩින් මුමුණනු ලැබූ තනු මගේ සාමාන්‍ය ටේප් රෙකෝඩරයෙන්  පටිගත කරගනු ලැබුවා


ඒවාට වචන යෙදීම සිදුවූයේ කෙලෙසකද ?
පරමේෂ් විසින් ඒ තනු සඳහා ඒ වනවිටත් ද්‍රවිඩ ගීත ගයා තිබුනා ඒ අනුව ඒ ගීතයන්ගේ මුලික අදහස පිළිබඳව මා ඔවුන්ගේ අදහස්‌ ලබාගනු ලැබුවා 
ඒ අනුව යමින් මා විසින් ගීත 04 ක්‌ නිර්මාණය කලා නිසොල්මනේ කාලය ගෙන

ගායක ගායිකාවන් තෝරා ගැනීම සිදුකලේ ඔබ විසින් වන්නට ඇති රෑ
නැහැ ඒ ගීත මා විසින්ම ගයනු ලැබ තිබුනු හඩපටිය ඔවුන් හට ශ්‍රවණය කරන්නට සලස්‌වනු ලැබුවා එහිදී  මෙයින් ගීත 02 ක්‌ සඳහා වික්‌ටර් රත්නායකයන් ද එක්‌ ගීතයක්‌ සඳහා සුජාතා අත්තනායකයන්ද සුදුසු යෑයි යෝජනා කලේ පරමේශ් විසින්මයි එවකටත් ඔවුන් දෙදෙනා ක්‍ෂේත්‍රයේ නම්දෑරූ ප්‍රවිණතමයන්ව සිටියා
මා ඒ අදහස අනුමත කරනු ලැබුවේ එය නිවැරදි තේරීමක්‌ ලෙස මටද හැගී ගිය නිසයි එහි ලියෑවුණු එක්‌ ගීතයක්‌ තමන් විසින්ම ගායනා කළයුතුයෑයි පරමේෂ් විසින් පවසනු ලැබ තිබුනා 

එය නිසි ලෙස ප්‍රමිතිගතව සිදු නොවුනහොත් ගුවන් විදුලියෙන් වාරණය වීමේ අනතුරක්‌ ඇතිබවට මා විසින් පවසනු ලැබ තිබුනත් එකී අදහස වෙනස්‌ නොවී පැවතුනා පසුව ඒ ගීතය කතුරට හසුව ගියත් ඉතිරි ගීත 03 ම ඒ යුගයේ රසිකයන් ආදරයෙන් වැළඳ ගත්තා
ඔබ ඒ ශිල්පීන් දෙදෙනා ට ඊට ආරධනය කළා ?

නැහැ ඒ සියඵ කටයුතු ඔවුන් එනම් පරමේෂ් -කෝණේශ් දෙදෙනා විසින්ම සිදුකරනු ලැබුවා පුහුණුවිම් දින වකවානු යොදාගැනීම් ආදිය ඇතුඵව

මෙය සූරිය තැටි ලේබලයෙන් නිකුත් කරන්නට අදහස්‌ කරගෙන සිටින්නට ඇති ?
එසේ නොවන්නට ඇතැයි සිතනවා මන්ද ඔවුන් එහි නිෂ්පාදනය හා වෙනත් සියඵ බරපැන දැරු නිසා එහි වෙළඳ ලේබලය ද ඔවුන්ගේම එකක්‌

තවද මෙහිදි කිවයුතු විශේෂ කරුණක්‌ වන්නේ ඔවුන් මේ කටයුත්ත ට සුදානම් විමේදි ඒ සඳහා කරනු ලැබූ කැපවීමයි ගීතයේ සමූහ ගායනා සඳහා ඔවුන් ත්‍රිකුණාමලයේ තම ගම් පියසෙන් යුවතියන් කන්ඩායමක්‌ කැඳවා ගෙනවිත් තිබුණා ශබ්දාගාරය ආසන්නයේ දඵගම නිවසක්‌ කුළියට ලබා ගෙන තිබුනා
ඔවුන් එහිදි මේ යුවතියන් දැඩිලෙස පුහුණු කරවනු ලැබුවා තමන්ගේ සංස්‌කෘතිය හා වත් පිළිවෙත් අකුරටම පිළිපදිමින් ඒ සම්පූර්ණ කාලයම නිර්මාංශව ගත කරනු ලැබූ බව දැනගන්නට ලැබුණා 

පටිගත කිරීම් සඳහා ඔබේ සහභාගීත්වය සිදු වුනාද ?
ඕව් ඔවුන් ඒ සඳහා කැළණිය දඵගම සරසවි ශබ්දාගාරය වෙන්කරගෙන තිබුනා එය රාත්‍රි යාමයක සිදු වුනේ විසිපස්‌ දෙනෙකුටත් වඩා වැඩි දැවැන්ත වාදක මන්ඩලයක්‌ ඒ සඳහා යොදාගනු ලැබූ බව කිවයුතුයි එදිනද ඔවුන් සුපුරුදු ලෙසම අදාළ පිළිවෙත් අනුව ගායන - වාදන - කාර්මික කාර්ය මන්ඩල සාමාජිකයන් සියඵ දෙනාටම සංග්‍රහ කලේ නිර්මාංශ ආහාරයෙන්

01සුළගේ ලෙළදෙන නා දල්ලයි
02 දුර ඈත අතීතේ කඳු සීත පලාතේ
03 අහසේ ගෑවෙන සිතු වීමනේ
04 පරමේෂ් ගේ සිංහල ගීතයක්‌ 

යන ගීත 04 න් 03 ක්‌ එක්‌තරා දිනයක රාත්‍රී කාලයක කැළණියේ දඵගම සරසවි ශබ්දාගාරයේ පටිගත කරනු ලැබුවේ ශබ්ද ඉංජිනේරු මර්වින් රොද්‍රිගෝ මහතා විසින් විශාල වාදක මන්ඩලයක්‌ සහභාගි වූ මෙම කටයුත්ත ඉතා විශිෂ්ඨ අන්දමින් ඔහු සිදුකර ඇතිබව පෙනීයනවා

මේ ගීතයන්හි සංගීත අධ්‍යක්‍ෂණයේ ඇති මිහිරියාව සිහිගන්වන්නේ සංවධනියක්‌ යමෙකුට ඒවා සිනමා ගී නිර්මාණ ලෙස වැටහි ගියහොත් එය පුදුමයට කරුණක්‌ නොවේ එහි ඇති අපූර්වත්වය ද එයයි මේ පිළිබඳව යමක්‌ කිව හැකිද ?

යමෙකු එසේ වටහගැනීම පුදුමයට කරුණක්‌ නොවේ ඔවුන් සැලකිය යුතු බරපැණක්‌ දරා උත්සහ කරනු ලැබුවේත් මේ තැටිය ඔස්‌සේ සිංහල සිනමා ගී ක්‍ෂේත්‍රයට පිවිසෙන්නට බව පැහැදිලිව පෙනීයන කරුණක්‌ නමුත් ඒ යුගය එය ඉතා අසිරූ කරුණක්‌ ව පැවතුනා මන්ද යත් නිෂ්පාදකයන් විසින් තම තමන්ගේ සිනමා නිර්මාණයන් උදෙසා නිශ්චිත සංගීත අධ්‍යක්‍ෂවරුන් තෝරාගෙන සිටිම නිසයි නව නිර්මාපකයන්ට ඊට පිවිසිමට තිබුණු ඉඩකඩ අවමවයි පැවතුනේ
ජෝ දේව් අනන්දන් එච් ඩී ප්‍රේමරත්නයන් වැනි අධ්‍යක්‍ෂකවරුන්ටද තම නිර්මාණ සඳහා නවකයන් හඳුන්වා දීමේදී දැඩි ප්‍රතිරෝධයකට මුහුණු පාන්නට සිදුවු අයුරු සැලකිය යුතුයි


ඔබ මේ සියඵ නිර්මාණයන්හි පද රචකයා ලෙස හා මේ ගීතයන් පටිගත කරන යුගයේදී පවා අත්දැකීම් බහුල සංගීත අධ්‍යක්‍ෂකවරයෙකු ලෙස මේවයේ සංගීත සංයෝජනය පිළිබඳව යමක්‌ පැවසුවහොත් ?


ඇතැම් තැන්හි යෙදුනු වයලීන් නාදමාලා කොටස්‌ හා ශබ්ද ප්‍රයෝග තරමක්‌ වැඩි බවක්‌ හැගී යනවා එනමුත් එවකට ක්‍ෂේත්‍රයේ අධුනිකයෙකු ලෙස ඔහු විසින් කරනු ලැබූ මේ නිර්මාණ විශිෂ්ඨ බව කිව යුතුයි මා දන්නා පරිදි ඔවුන් හට මේ කර්තව්‍යයේදී මුහුණපෑමට සිදුවු බාධක බොහොමයි වර්තමානයේ මෙන් තාක්‍ෂනය එතරම් දියුණු නොවූ යුගයක මේවා අවම පහසුකම් යටතේ සිදුකරනු ලැබ තිබුනා 


ඔබට ස්‌තුතියි
අහසේ ගෑවෙන සිතු විමනේ
රෝස මල් අතුරපු යහනේ
මුතු මැණික්‌ පිරි ඇත සෙවනේ
කුමරියක්‌ ලෙස මා හැදුනේ

ගායනය - ශිල්පිණී සුජාතා අත්තනායක
පද රචනය - මෙල්රෝයි ධර්මරත්න
සංගීතය - සංගීත සංයෝජනය - පරමේශ් - කෝණේශ්


අසන්න මෙතැනින්


මුහුණුපොත් සටහන්

දුර ඈත අතීතේ
කඳු සීත පළාතේ
මල් පිබිදෙන කාලේ
දෙහදක කතන්දරේ

ගායනය - ශිල්පි වික්‌ටර් රත්නායක
පද රචනය - මෙල්රෝයි ධර්මරත්න
සංගීතය - සංගීත සංයෝජනය - පරමේශ් - කෝණේශ්

අසන්න මෙතැනින්


මුහුණුපොත් සටහන්
Listen Music Files - Podcast Hosting -