හෙළ සංගීත වංශයේ රන් අකුරෙන් ලියැවෙන වික්‌ටර් රත්නායක පියමග සටහන් අතරින් අංශු මාත්‍රයක් -
ආවා ආදරෙන් රන් කැඵම් දිදී - 1974
සුංසවාද යනු ගීතය එක්‌තරා ස්‌වර පරාසයක ගැයෙද්දි ඊට වෙනස් ස්‌වර පරාසයක ගැයුමක් හෝ වැයුමක් මුලින් කී ගැයුමට හෝ වැයුමට පසුබිමින් මුසුකරලීම යනුවෙන් සරළව පැහැදිලි කළ හැකිය
මෙකී ශිල්පිය ක්‍රමය සම්පූර්ණයෙන්ම බටහිර සංගීත මත පදනම් වූවක් වූ අතර ඒ මත පදනම් වූ නිර්මාණ 40 දශකයේ පටන් ලාංකීය ගීත කලාවේ දක්‌නට ලැබුනි
එවකට ඊට මුල් වූ ශීල්පීන් අතර ප්‍රමුඛයා ලෙස සැලකිය හැක්‌කේ මියුසික් ස්‌කූල් ආයතනයෙන් සහතික ලාභි බැද්දගේ ශ්‍රීනාත් පෙරේරා එනම් බී ඇස් පෙරේරා (එනමින් හැඳින්වූ සිනමා නඵවා නොවේ) යෑයි කියැවේ
ප්‍රයෝගික සුමියුරු කන්කඵ ගීත නිර්මාණයන්ට සෘජුව යොදාගත නොහැකි රාගාශ්‍රීත හින්දුස්‌ථානි සංගීතය පමණක් හැදෑරූවන් බහුතරය නිතැතින්ම ඊට අදාළ ගුරුකුලයකට ගැතිව කටයුතු කරනු ලබන බවක් හැගී යයි එකී සංගීතායතන මගින් ඔවුනට ලැබෙන ගුරුහරුකම් නිසා එක්‌තරා අන්දමක දැඩි මතධාරීන් ලෙස අනම්‍යව කටයුතු කරන්නට පෙළඹීම නිසා ද එසේ වන්නේ යෑයිද සිතිය හැකිය
ඔවූහූ බහුතරය ඉහත සඳහන් කෙරුණු බටහිර සංගීත ශීල්පීය ක්‍රමයන් නුරුස්‌සති ඒව ප්‍රචලිත වීම හා ඒ මත පදනම් වූ නිර්මාණ පිළිකෙව් කරති
පෞද්ගලික ගුවන් විදුලි නාලිකා බිහිවූ 90 දශකයට එපිටින් දේශිය පොදුජන ගී රුචිය වඩවාලන්නට හා එය හැඩගස්‌වන්නට මූලික කාර්යභාරයක් ඉටුකළ රාජ්‍ය ගුවන් විදුලියේ සංගීත ප්‍රතිපත්තිය තීරණය වුයේ දෙවනුව සඳහන් කළ හින්දුස්‌ථානි රාගධාරී සංගීත ශීල්පය හැදැරූ ගුරුකුලයේ නිර්දේශ හා ඕනෑ එපාකම් මතය
බටහිර සංගීතයේ භාවිතා වන වාද්‍ය භාන්ඩ ඒ ආයතනය තුලට වැද්දා ගැනීම පවා කලෙක සිමා වී තිබුණු බව ද කියැවේ
නමුත් ශ්‍රාවක වින්දන ඔවුනට ආවේනිකය සියල්ලෝ හින්දුස්‌ථානි රාගාශ්‍රීත ගීත ප්‍රියකරන්නෝ වෙත්ද ?
එසේ පොදුජන බහුතරයකගේ ගී රසය පොබයූවේ ඔවුන් විසින් වුවද ඊට විකල්ප ශිල්පිය ක්‍රම ඔස්‌සේ බිහිවූ ගී නර්මාණ ප්‍රචලිත කරන්නට පෞද්ගලික අංශය දායක වූයේ ඒ යුගයේ ගී නිකුත්කිරීමේ තාක්‍ෂණය වූ තැටි හරහය එයාකාරයේ ගීතයන්ට හොඳ වෙළඳ පොලක් පවතින බව ඔවුන්ට වැටහි යන්නට ඇත
සුනිල් සාන්තයන් විසින් 40 දශකයේ ඔහුටම ආවෙනික ව නවමු ආරකින් හින්දුස්‌ථානි ශිල්පීය ක්‍රම බැහැරකරවාලමින් එළිදැක්‌වු ගි පෙළ ලැබු අසිමිත රසික ප්‍රසාදය එකී ව්‍යාපාරික මතය කෙරෙහි හේතුවන්නට ඇතැයි සිතේ
මෙම තැටි ගී නිකුතුව ඔස්‌සේ ප්‍රචලිත වූ ගී නිර්මාණයන්හි ඒකාකාරි ගුවන් විදුලි ගී අභිබවා බටහිර වද්‍ය භාන්ඩ වැඩිමනත්ව මුසු වඩාත් කන්කඵ මිහිරි සංගීත රටා අඩංගු වී ඇති බව ශ්‍රාවකයන් අවබෝධකරගන්නට ඇත
60 දශකයේදී රජයේ සංගීත විදුහලේ රාගධාරී හින්දුස්‌ථානි ශුද්ධ සංගීත විෂයානුකූල ශිල්ප හදාරමින් සිටි දෙවැනි පරම්පරාවේ සිසුකැල මේ නව ප්‍රවණතාවය වඩාත් හොඳින් වටහගන්නට ඇත
මර්වින් පෙරේරා හා වික්‌ටර් රත්නායක ඒ අතරින් කැපි පෙනේ
අධ්‍යයන කටයුතු අවසන්ව එයින් බැහැරව නිර්මාණකරණයේදී එනම් ව්‍යාවහරික සංගීතය වෙත නැඹුරුවෙන්නට සිදුවෙද්දී ඔවුනට ඊට අනුගතව කටයුතු කරන්නට සිදු වි තිබෙන්නට ඇත
ඒ අනුව ඔහුවූ හින්දුස්‌ථානි - බටහිර - දේශිය ජන සංගීතය යන මේ ත්‍රිත්වය සංකලනයෙන් නැවුම් ගී තනු හා සංගීත රටා බිහිකරනු ලැබිය
දශක ගණනකට ද පසුව වත්මන් ගී ශ්‍රාවකයන් අත්විඳින්නේ කුල්මත්කරවන්නේ මිහිරියාවෙන් මත්වන්නේ එකී ගී රටාවයි
ඒ අතරින් එදා 60 දශකයේදී වික්‌ටර් රත්නායක නම් ආධුනික ශිල්පියා රසික හදවතේ ලැගුම්ගැන්වුයේ බටහිර සුසංවාද ශිල්පීය ක්‍රමය මනාව භාවිතා කරන ලද ඔහු හඩමුසුකල සිසිල් සුළං රැල්ලේ නම් ගීතයයි
එදා ඇසුණු වෙනත් ගී අතරින් එයින් ඇතිකළ විපර්යාසය ගී ශ්‍රාවකයා ට මනාව වැටහෙන්නට ඇතැයි කිව හැකිය
පසුව එළඹි 70 දශකයේදී වික්‌ටර් රත්නායක විවිධ අත්හදාබැලීම් ඔස්‌සේ නව නිර්මාණ ගණනාවක් බිහිකරමින් ප්‍රවිණත්වයට පත්ව ලැබූ අසිමිත ජනප්‍රියත්වයට හේතුවුයේ එකතැන පල් නොවුනු ඔහුගේ ගී ආරයි
දශක හතරක සංඛ්‍යාත්මකව විශාල නිර්මාණ ගණනාවක් බිහිකළ ඔහු තරම් ඒ සඳහා සුසංවාද ශිල්පය භාවිතා කළ වෙනත් ලාංකික සංගීතවේදියෙකු ඇද්දැයි යන්න සැක සහිතය
හැළහැප්පිලි හිග නොවන සංගීත ක්‍ෂේත්‍රයේ එකී චාරිකාව නිමග්න වීමේදී ඔහු අපමණ කැපකිරීම් හා දුක් කම්කටොඵ විඳගන්නට ඇත
සුසංවාද රටා සියඵ ආකාරයේ බටහිර තූර්ය වාද්‍ය භාන්ඩ මුසුව එයින් නොනැවත ජන සංගීතය ඇසුරේ රබාන උඩැක්‌කිය බෙර දවුල් තම්මැට්‌ටම් පමණක් නොව කර්ණාටක සංගීතයේ වාද්‍ය භාන්ඩ ද ඔහුගේ නිර්මාණ සඳහා යොදාගැණනි
ඇවැසි විටක තම ශ්‍රාවකයා වෙත ගීතයේ උපරිම වින්දනය හා මිහිරියාව ලගා කරදෙන්නට කැප වී විඳින්නට සිදුවූ අසීරුතා නොමසළකා දැවැන්ත වාද්‍ය වෘන්දයන් යොදාගන්නට ඔහු නොමැළි විය (මල්සර උක්‌දඩු දුන්නෙන් පැණි බී)
ගායන ශිල්පියෙකු ව තමා ම වෙනුවෙන් නිර්මිත ගී තනු හා සංගීත සංයෝජන අභිබවා ගියේ ඔහු සමකාලීන වෙනත් ශිල්පීන් උදෙසා කල නිර්මාණයන්ය
ඒකි නම්වැළ දීර්ඝය නමුත් ඒ අතරින් මිල්ටන් මල්ලවාරච්චි හා ශ්‍රීමතී තිලකරත්න අබේවර්ධන බාලසූරිය යන මේ ශිල්පීන් නම්කළයුතුමය
අන්තර් වාද්‍ය ඛන්ඩ පමණක් නොව ගීයක ආමුඛ සංගීත ඛන්ඩය වෙත පවා ඔහු කොතරම් අවධානයක් යොමු කරන්නට ඇත්දැයි යන්නට නිදසුන් බොහෝය
තමා ගැයූ
තම්බපන්නී දිපවංසේ ජන්මදිනයේ - මුවා වුණා සඳක් සිනාපාලා - උදයට මා හිරු එළිය - ගුරුපාර දිගේ සිනහ සළලා
කිහිපයකි එනමුත් වඩාත් මෝහණිය සංගීත සංයෝජන මුසුකරවුයේ වෙනත් ශිල්පීන් වෙතයි
ඔබයි මමයි මැවූ සිහින- පියාසලනා ලිහිණියෙකු සේ - සුඛ වේදනා දුක් වේදනා - ආවා ආදරෙන් රන් කැඵම් දිදි - ඉන්දුමතී හා බිංදුමතී - ලබන්න බැරි සුව සහනය
මිල්ටන් මල්ලවාරච්චි වෙනුවෙන්ද
කල්පනා දැහැනින් බැඳී- අනන්තයට මා ඉගිල්ලු - පිය මදහස මුව මුකුඵ හිරු ගෙනෙවිල්ලා පුතු ලග - කල්බලමින් ලතවෙමි නෙත් නෙඵම් විල මමයි - රත්තරං මැණික් මුතු
ශ්‍රීමති තිලකරත්න වෙනුවෙන්ද
සැකබිය ඇත්තේ සෙනෙහස ඇතිතැන - ඉරට උඩින් සක්‌වලට උඩින් - දෙතැනක පිපුණත් එකමල් එකම සුවඳ
සුජාතා අත්තනායක වෙනුවෙන්ද
මං නැති දා මේ රට - අනුරාධපුරය ඔබයි - ඔබෙන් තොර ලෝකයක් අවසන් හුස්‌ම පොද
අබේවර්ධන බාලසූරිය වෙනුවෙන්ද
තනු හා සංගීත සංයෝජනය කල සුමියුරු නිර්මාණ ගණනාවකින් අල්ප ගණනකි
මෙකී සුසංවදි ශෛලිය අනුව ගැයුම පසුබිමෙන් ඇසෙන වයලින් වාදන පෙළකින් සැරසු මෙම ගීතයේ අසිමිත ජනප්‍රියත්වය නිසා මිල්ටන් මල්ලවාරච්චි විසින් එය වාර ගණනාවක් නොයෙක් අවස්‌ථාවන්හිදි යළි ගැයිණි නමුත් ඒවා කිසිවක් මෙම මුල්ම පටිගත කිරීම ඉක්‌මවා යනු තබා සම හෝ නොවේ යන කරුණ සම්බන්ධයෙන් බහුතරය රසිකයා එකග වනු නොඅනුමානය
පද සංකල්පනාව - ප්‍රවිණ ගුවන් විදුලි නිවේදක වැඩසටහන් සම්පාදක නැසිගිය - කරුණාරත්න අබේසේකර ශුරීන්
තනුව හා සංගීත සංකලනය - ප්‍රවිණ ජ්‍යෙෂ්ඨ සංගීතවේදී ගායන ශිල්පී වික්‌ටර් රත්නායක
සවන්දෙන්න මෙතැනින්
No comments:
Post a Comment