namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Monday, May 20, 2019

එදා බොදු ගීතයක කරුණා රසය

ඈත බලන් පුත කඳුළැලි පිසදා අමා නදී පේනා .....පෝය දිනේ තරිඳු නැගේ එළිය ගෙනෙනවා.................... සිරිපද පද්ම නමාමී........එදා බොදු ගී කලාව - 1976  

ජාතික ගුවන් විදුලිය අඩසියවසක් ඉක්මවා දිවයිනේ එදාමෙදා තුර ඒ ඒ ක්‍ෂේත‍්‍රය විශීෂ්ඨතමයන්ගේ දහදිය - කැපවිම - ප‍්‍රයන්තයන් - ප‍්‍රතිභාවයන් දෘෂ්‍ය මාධ්‍යයෙන් එක්තැන් කොට ලු එකම ස්ථානයයි.


මෙකී අති දැවැන්ත අමිල නිර්මාණ ගොන්නෙන් අද අසන්නන්ට රසවිඳිනට ඉඩකඩ  විවර වි ඇත්තේ අල්ප මාත‍්‍ර ගීත ගණනකටය. සාහිත්‍යමය සංගීතම්‍ය ෙඓතිහාසිකමය අගනා වටිනා ගී නිර්මාණ මහත් ගණනක් අද එහි සැගවී පවතී.

සරළ ගී ගායක ගායිකාවන්ට නියමව තිබු පරිදි තම වැඩසටහනේ එක ගීයක් ආගමික ප‍්‍රස්තුතයක් ඔස්සේ නිර්මාණය විය යුතුය යන්න අනුගමනය කිරිම නිසා එහි ප‍්‍රතිඵලයක් ලෙස  බොදු ගී විසල් ගණනක් ඊට එකතුවිය. 

සිත් පහන්කර නිවාලන පෙරදිග සංගීත ශීල්පිය ඥානය මත පදනම් වු නාදරටා සහ තනු ඒ සඳහා භාවිතාවිනි. කරුණා භක්ති රස ජනනය කරවන මෙකී ගුවන් විදුලි බොදු ගීතාවලියේ අතීත මතක සැමරුම් ඔස්සේ සිත මෙහෙයවන එදා ශ‍්‍රාවකයන් මීට සාක්‍ෂි දරනු ඇත.

මේ ගී අතර බොහෝ ගීත වර්තමානික තරුණ පරපුරට ශ‍්‍රවණය කරන්නට අවස්ථාවක් නොලැබි ඇති බැවින් එකම ගීත සංඛ්‍යාවක් බොදු ආගමික වැඩසටහන් අළලා යළි යළි පුහුණුවෙමින් ගායනා කරන්නට උත්සුක වි ඇති බවක් පෙනීයයි

එවන් සැගව ගිය ගීතයක පදවැළ මෙපරිදිය


දෙසුව අමා දහම ලොවේ...

දසත විහිදුවා .........

පෝය දිනේ ...

තරිඳු නැගේ ...

එළිය ගෙනෙනවා ...........


ගායනය - ටියුඩර් ජයශාන්ත - මල්කාන්ති නන්දසිරි - රූපා ඉන්දුමතී

තනුව - ඩී ආර් පිරීස් ?

පද සංකල්පනාව - චිත‍්‍රානන්ද අබේසේකර ?
----------------------
(සවන්දෙන්න මෙතැනින්)
Free Music - Audio Hosting -

ගීත කලාව විශාල වශයෙන් වානිජකරණයට ලක් වු 1978 වසරේ සිට ගුවන් විදුලියෙන් බැහැරව නිර්මිත ’බොදු ගී’ පවතින්නේ අල්පමාත‍්‍ර සංඛ්‍යාවකි. 

1981 වසරේදී ගුවන් විදුලි ශීල්පියෙකු ඉන් ඉවත්ව දියත් කල ’ශ‍්‍රීමාලී’ නම් කැසට් ලේබලය යටතේ මුල්වරට? ගුවන් විදුලියෙන් බැහැරව කැසට් මාධ්‍ය බොදු ගීතාවලියක් බිහිවිය. එහි ගායිකාව විශාරද සුජාතා අත්තනායකයි.

සුපුරුදු පරිදිම පරසිඳු ’හින්දි’ තනු උකහා ඊට වදන් ඇමිණු ගීත පෙළකින් ඒ කැසට් පටය සමන්විත විය.

ශ‍්‍රී සම්බුද්ධරාජා වඳීම්

මා සෑසි තිලෝනා වඳීම්


ගීතයේ උපත සිදුවුයේ මේ කැසටය හරහාය.


ඊට පෙරාතුව ග‍්‍රැමෆෝන් යුගයේ නිමාවෙන් පසු වෙළඳපොළ ජයගත් ’ඊ පී’ වෙළඳ තැටි ඔස්සේ එළිදුටු මුල්ම අනුමානිත බොදු ගීත යුගලය ගැයුවේ ද සුජාතාවන්ය. එහෙත් තැටි ගී කලාවට අවේනික බටහිර තුර්ය නාද සංකලනයන්ගෙන් සමන්විත එහි උක්ත ගුවන් විදුලි ගීතයේ රැුඳි සංයමය නොපවතී.


’සිල්වර්ලයින්’ නම් ලේබලයේ නිකුත් වු ඒ ගීතය ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ පබැඳුමකි

’වෙසෙතුරු බෝසත් දුවේ පුතේ

ජාලීය ක‍්‍රිෂ්ණජිනා.............

නාඞා සැනහෙන් පිය රජුගේ ....

දන් පාරමිතා පිරුණා ..................

ඒ ගීතයයි.
---------------------
(සවන්දෙන්න)
Share Music - Share Audio -
මේ ප‍්‍රභවයන් ත‍්‍රිත්වය (ගුවන් විදුලි - කැසට් - තැටි) හැරුනුවිට නවමු ’බොදු ගී’ බිහිවිමේ වෙනත් අවස්ථා ඇත්තෙවිනම් ඒ රජ්‍ය හෝ පෞද්ගලික අංශ බැති ගී උත්සවයකදී පමණකි. එහෙත් ඒවා පටිගතකර ප‍්‍රචලිත කිරිමේ ක‍්‍රමවෙදයක් ක‍්‍රියාත්මක කරන්නට කිසිවෙකු ඉදිරිපත් නොවන අවස්ථාවකදී ඊට ඇති සුවිශේෂි නිදසුනක පසුබිම් පුවත මෙපරිදිය.

ආචාර්ය නාත් අමරකෝන් ඇතුඵ පිරිසකගේ සංවිධානයෙන් රාජ්‍ය වෙසක් උත්සව සැමරුමක් සුගතදාස එළිමහන් ක‍්‍රිඩාංගනයේ පැවැත්වෙන්නට යෙදුනු බව වාර්තාවන්නේ 1975 වසරේදීය. අග‍්‍රමාත්‍ය සිරිමාවෝ ආර් ඩී බන්ඩාරනායක මැතිනිය ඇතුඵ සම්භාවනීය පිරිසක් ද ඊට සහගාගී වු බව කියැවේ. එහිදි නව බොදු ගී නිර්මාණ රැුසක් එළිදැක්වු අතර එහි ජයග‍්‍රාහි ගීතය ගායනා කලේ ගුවන් විදුලියේ නන්දා මාලිනි ගෝකුල යුවතිය විසිනි. 

භක්ති රසය කැටිකොටගත් සංස්කෘත වාග් මාලාවකින් හෙබි එහි පද රචකයා නැසිගිය කිවිවර විමලේන්ද‍්‍ර වතුරේගමයන්ය.


ප‍්‍රඥා ප‍්‍රදීප දල්වා..........

මෝහාන්ධකාර වනසා....

ජනතා විමුක්ති සලසා....

වජ‍්‍රසනාරූඩ වූ....

සිරි ඝන මෛත‍්‍රී මූර්තී....

සිරිපද පද්ම නමාමී....

කරුණා සීතල හදෙහි...

වස්වා සධර්ම වර්ෂා....

ලෝකාලෝක සදා.....

පෑ ලෝකානුකම්පා....

සිරි ඝන මෛත‍්‍රී මූර්තී...

සිරිපද පද්ම නමාමී...

(සවන්දෙන්න)
Podcast Hosting - Download Audio -

Thursday, May 9, 2019

සූරිය - ජෙම්ටෝන් තැටි ගී නිර්මාණ (SOORIYA - GEMTONE)

රස කල්පනා ඇඳුුනා..... රස ජවනිකා මැවුනා..................මෙසේ - 1974-1976 - සූරිය  - ජෙම්ටෝන් ගීත රසකලසින් බිඳක් (SOORIYA - GEMTONE)

ජවනිකාව 02

මල්ලී .......... අර නම්බර් එක උඹ වැරදි මිනිහාට දීලා තියෙන්නේ .... ඒක මට නේ ගැළපෙන්නේ ... ඒකේ මියුසික් ස්ටයිල් එක මටයි හරියන්නේ ......

නෑ ............... අයියා එයාගේ ඇල්බම් එකක් කරන්න කියලා කථාවුන වේලාවේ මම කරු අයියාගෙන් ඔ්ක අරන් ආවේ ....


ජවනිකාව 01

වෙළඳසැලකදී 

ආ..... කොහොමද ඉතිං.... මේ දවස්වල මොනවද කරන්නේ ..?

දැනට නම් මුකුත් නෑ ...

අපි තව ඇල්බම් එකක් කරමුද ? 

කාගේද ?

ඔයා කියන්න ... ඔයා නේ ඔ්වා ගැන හොදට දන්නේ ...

........ ගේ එකක් කරන්න පුඵවන් නම් හොඳයි...

ආ එයා හොඳයි ...... එන්නකෝ අපේ ගෙවල් පැත්තේ ....

(නිවසේදි මුණගැසී මුදල් අත්තිකාරම ලබා ගනී)

-------------------------

මේ සත්‍ය සංවාදයන් සිදුවී දැන් සතළිස් වසක් ඉක්මවා ගොසිනි. එකී අවධීයේදී නිනිපතා ගායක ගායකාවන්ගේ ගීත ඇතුළත් තැටි වෙළඳ පොළට නිකුත් කෙරෙද්දී ලක්දිව් ගී රසිකයන් හට වින්දනය ලබා දෙන්නට පැවති එකම විද්යුත් මාධ්‍යය වූ ලංකා ගුවන් විදුලියෙන් ද නිතර නව ගීත ගුවනට මුසු වෙමින් පැවතියේය.














ඒවා එකිනෙකට වෙනස් නැවුම් නිර්මාණයන්ය. අර්ථපූර්ණය එනම් ශ‍්‍රාවකායා එහි පදවැල් අරුත ඔස්සේ සිය පරිකල්පනය මෙහෙයවන්නට සිය රසාස්වාදය දියනු තියුණු කරගන්නට අවස්ථාව සැළසුනි. රසපූර්ණය ඒ අනුව විවිධාකාර වාද්‍ය භාන්ඩ සංකලනය වී නැගෙන අතුරු වාදනයන් ශ‍්‍රාවකයා මිහිරෙන් මත්කරයි. භාවපූර්ණය ඒ නිසා ගායකයා එහි පදවැල් අරුත උද්දීපනය කරමින් විවිිධ ස්වර පරාසයන් ඔස්සේ සිය හඞ මෙහෙයවයි.

උක්ත දෙබසට පාදක වූ ගී නිර්මාණයේ එක් පාර්ශ්වයක් එහි සත්සර මෙහෙයුම් නියමුවා නියෝජනය කරයි. අනෙකා එකලද දිවයිනේ ප‍්‍රමුඛතම ජනකාන්ත ගායන තරුවයි.  ඔහුට ඒ ගරුබුහුමන් සම්මාන පුදකරදෙන්නට එකල මෙකල මෙන් රූපවාහිනි සේවා ජාලා එකකදු නොවීය. ඔහු දිවමන්ව සිටිද්දී පසුව ඇරඹි රාජ්‍ය රූපවාහිනි සේවාවන් ගෙන් පවා ඔහුට එවැන්නක් ඇවැසි නොවිය. 

දෙවැනි ජවනිකාවේ පෙනී සිටියේ වෙළඳ තැටි ඇල්බම් නිෂ්පාදන ව්‍යාපාරයේ ප‍්‍රමුඛයාය. ගීතයේ තනු නිර්මාපකයා ශූර ගී රචකයෙකුව සිටියද  ඒ කාර්ත්‍යයේ විශිෂ්ඨතමයා ගෙන් අදාළ  ගීතයේ පදවැළ සපයා ගන්නට ඔහුට සිත්වු බව මෙසේ කියා සිටියි.

මම .... දවසක් ගියා කරු අයියා (කරුණාරත්න අබේසේකර* ගේ මරදානේ ගෙදරට. එයාගේ සිංදු ලියලා තිබුනු සී ආර් පොත අරගෙන එකක් තෝරාගත්තා.  හින්දු ආගමික සාහිත්‍යයේ ඇතුළත් එක්තරා ප‍්‍රකට සිදුවීමක් අළලා ලියැවි තිබු ඒ පදවැළ මගේ සිත් පැහැර ගත්තා.

විෂ්ණු දෙවියන් වාසුකී නම් නාග රාජයා රැුහැන ලෙස ගෙන මන්දර පර්වතයේ දවටාගෙන ක්ෂීර සාගරය කළතන්නට යොමුවුනේ සිය සාමාජිකයන් වු සුරයන් හා තමන්ගේ සතුරන් වු අසුරයන් හා තරග කරමිනි. එහිදි ලක්‍ෂ්මිය ද  අමෘතය ද භද‍්‍රඝටය යන මෙකි නොකී දෑ එහි පතුළෙන් මතුවි නැගී එද්දී ඒවා සියල්ල  සතු කරගන්නට සුරයන් සමත්වූයේ ජයග‍්‍රහී ලීලාවෙනි.


කරුණාරත්න අබේසේකරයන් ඒ අරභයා අන්තරා කොටස් ත‍්‍රිත්වයකින් යුත් පදවැළක් මෙසේ පදපෙළගස්වා තිබිණි.

කිරි සයුර කළම්බා .......

පතුලෙහි බැලුවෙමි එහි නැත පැතුව අමා...

මගේ දෙතොළ තමා ... දියබිඳුවක් මට ..

දිය හැකි ඔබට තමා...


01 ලොව බිහිවුනු දා සිට පරමාදරයට ...

බාධක ඇතිවෙනවා

එම අවහිර කරදර නුපුරුදු සුවබර

හැගුමක් ගෙන එනවා ....


02 මද සුළග ලෙසින් එමි...

ලගම සිටින්නෙමි... මොහොතක් ඉවත නොයා...

මම ඔබට කියන්නෙමි ... ඔව් දිවුරන්නෙමි

නළලෙහි සුරත තියා ....



03 සිත සැකද තවත් ඔබේ

මම වෙමි ඔබගේ හදවත අයිතිකරු

කළගුණය තකන්නෙමි ඔබේ සෙවණෙම මගේ

නෙත් දෙක තියන තුරු....


මෙතැනින් සවන්දෙන්න
Embed Music - Download Audio - ----------------------
පද රචනය - කරුණාරත්න අබේසේකර

තනුව - මෙල්රෝයි ධර්මරත්න

සංගීත අධ්‍යක්‍ෂණය - මෙල්රෝයි ධර්මරත්න

ලේබලය ජෙම්ටෝන්

නිෂ්පාදක - විජයපාල හෙට්ටිආරච්චි

නිෂ්පාදනය- සිමාසහිත විසාකාමාල්ස්, බංගසාල වීදිය, කොළඹ 11

පටිගත කිරිමේ ඉංජිනේරු - මර්වින් රොද‍්‍රිගෝ

ශබ්දාගාරය - සරසවි - දඵගම, කැළණිය

වසර - 1976 පමණ
---------------------------------

ගුවන් විදුලියට ගෙනැවිත් බාරදුන් තැටිය වාදනය කෙරෙද්දී ඊට සවන්දී එයින් කුල්මත් වී සිය අවංක අදහස් පළකළ ගී රසිකයා අසාහාය ගායක එච් ආර් ජෝතිපාලයන්ය. ඒ එහි තනු නිර්මාපකයා වු මෙල්රෝයි ධර්මරත්න හමුවේය.

තමා ජනප‍්‍රියතම ගායන තරුව ලෙසින් පුද බුහුමන් ලබද්දී එයින් මත්නොවුනු මේ නිහතමානී මානව හිතවාදීයා හැකි හැම විටම ගී ශ‍්‍රාවකයෙකු බවට පත්වී  අනුන්ගේ ගීත නිතර රසවිඳින්නටද ඒවා අගය කරන්නටද පෙළඹි සිටිය බව හෙළිදරවු වුයේ ඔහුගෙනි. උක්ත දෙබසින් මතුවන්නේ එයින් එක් අවස්ථාවකි.

               ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං

පෝල් ප‍්‍රනාන්දු ඒ යුගයේ නම්දරා සිටියේ වේගරිද්ම බයිලා ගායකයෙකු ලෙසිනි. ඔහු ගුවන් විදුලි සරළ ගී ගායක සංසදයේ සාමාජිකත්වය ලබා සිටි බවක් වාර්තා නොවේ.


මේ ගායන ශීල්පියාගේ ගී ආර පරිවර්තනයක ලක්කලේ ද මෙල්රෝයි ධර්මරත්නයන්මය. ඒ මීට පුර්වයෙනි.

අපේ ධර්මරත්න සහෝදරයන්ගේ ගීත ඇල්බම් නිකුත් කරපු ජෙරල්ඩ් වික‍්‍රමසූරිය මහතා ඒ සඳහා ඔහුගේ සූරිය තැටි ලේබලය යොදගනු ලැබුවා. ඒ යුගයේ ඔහුට පෝල් ප‍්‍රනාන්දු ගේ ගීත තැටියක් නිකුත් කරන්නට ඇවැසිව තිබී ඒ කටයුත්ත මට බාර දුන්නා.

’මෙල්රෝයි ..... පෝල් එයි ඔයාව මුණගැහෙන්න ..... නම්බර්ස් වගයක් අරගෙන ඔයාට තියෙන්නේ ඒවාට මියුසික් ඇරේන්ජ්මන්ට්ස් දාලා වැඩේ කරගෙන යන්න .....’

කියපු දිනයේ පෝල් මා හමුවුනේ ගී පදමාලා 03 ක් අතැතිවයි. 

ඒ තැටි ඇල්බමය  වෙනුවෙන් ඔහු  රවී රණසිංහ නමින් වු ඔහුගේ මිතුරෙකුගෙන්  ගෙනුත්  ගීතයක් ලියවාගෙන ඇවිත් තිබුනා. ඒ පදවැළ දුටු පමණින් ඊට සුදුසු තනුව ද මගේ සිතේ ඇඳිගියා. එහි කියැවුනේ  ගැමි ළඳකගේ රුව වර්ණනා කරන තොටියෙකු ගේ වදන් .. 

හරියට චිත‍්‍රයක් ඇඳලා වගෙයි....

පෝල් මේසයට තට්ටු කරමින් ඔහුට සුපුරුදු 6-8 වේගරිද්ම තාලය ද වයද්දී මා ඊට විරුද්ධත්වයක් පාමින් ....

’පෝල් ඔය බීට් එක මේකට හරියන්නේ නෑ .... මට එන්නේ මෙන්න මේ වගේ එකක් .............’

කියමින් මගේ තාලය ගායනා කර පෙන්වද්දී

’මෙල්රෝයි මම ප‍්‍රින්ස් ඔප් බයිලා කාරයා .... ඔය ස්ටයිල් එකට කියලා හරියන්නේ නෑ............. අනිත් එක මිස්ටර් වික‍්‍රමසූරිය මොනවා කියයිද දන්නේ නෑ’

’පෝල් මම ඒක වික‍්‍රමසූරියත් එක්ක කතාකරගන්නම් ...’ කියලා මා ඔහුව එකගකරගත්තා.


----------------
සේයාරැව  - ජෙරල්ඩ් 
වික‍්‍රමසූරිය මහතා
---------------------------------

පසු දිනක මා පෙරදිග සහ බටහිර සංගීතය හොඳින් හාදාරා ඒ පිළීබඳව ප‍්‍රමානාත්මකව ද ගුණාත්මකවද පුඵල් දැනුමකින්ද අපුර්ව රසිකත්වයකින්ද හෙබි ජෙරල්ඩ් වික‍්‍රමසූරිය නම් වුද අපේ ’ධර්මරත්න බ‍්‍රදර්ස්’ සහ ’ශීරෝමී’ ගේ ගීත තැටි ගණනාවක් නිකුත් කරමින් දිගු කාලයක පටන් සබඳතා පැවැත්වූ  ඒ සහෘද ව්‍යාපරිකයා හමුවී මේ බව දන්වා සිටියා. ඔහු කිසිවිටක නිර්මාණයන් සහ කලාකරුවන් සීමා මායිම් වලට කොටුකර තබනට උත්සහ කලේ නෑ ..ඒ බව ඔහුව ගෞරව පූර්වකව සිහිපත් කරමින් කියා සිටිය යුතුයි.



’මෙල්රෝයි කැමැති විදියකට ඒක කරන්න .... මගේ කිසිම විරුද්ධත්වයක් නෑ...’


ගීතය ට ඇවැසි අන්තර් වාදන ඛන්ඩ සකස්කරගත් පසුව ක්ලැරන්ස් ගේ කුඵඳුල් සංගීත කන්ඩායම වූ 60 දශකයේ එළිදුටු ’මූන්ස්ටෝන්ස්’ සාමාජිකයන් එහි බටහිර වාද්‍ය භාන්ඩ වාදනය පිනිස සහභාගි කරගන්නට තීරණය කළේ මමයි. ඒ අනුව ’ලීඩ් ගිටාරය’ වැයුවේ මංගල රොද‍්‍රිගෝ විසින්.... 

පදවැල විසින් චිත‍්‍රනය කෙරුණු ගැමි අසිරිය කුඵගන්වූයේ තබ්ලාව බටනලාව සහ සිතාරයෙන්. 

(ඇරඹුම  - බටනලා වාදනයකි)

එගොඩ ගොඩේ මල් නෙළනා මල් එතනෝ ...

මෙගොඩ ගොඩට අත වනනා මල් එතනෝ ...

එගොඩ මෙගොඩ ඔරු පදිනා මල් එතනෝ...

නුඹ කාගේද නුඹ කාටද මල් එතනෝ ....


දෙමට කැලෙන් දර අහුලාගෙන එනවා

දෙවට ළිදෙන් කළයට දිය ගෙනවා

ඔ්ඵ විලෙන් දිය නාගෙන ගෙට එනවා

පාඵ කුඹුර නුඹ හින්දම වපුරනවා


කදුරු වෙලින් පං උදුරාගෙන එනවා

පැදුරු වියා ලාස්සන රටා මවනවා

අඳුර මකා හවසට හඳ පායනවා

සොඳුර නිසා ගමටම කිරි උතුරනවා


මෙතැනින් සවන්දෙන්න
----------------------
Upload Music - Podcast Hosting - පද රචනය - රවී රණසිංහ

තනුව - මෙල්රෝයි ධර්මරත්න

සංගීත අධ්‍යක්‍ෂණය - මෙල්රෝයි ධර්මරත්න

ලේබලය සූරිය  - සී එච් බී 0031

නිෂ්පාදක - ජෙරල්ඩ් වික‍්‍රමසූරිය

නිෂ්පාදනය- ද චිල්රන්ස් බුක්ෂොප්, කොටුව, කොළඹ 01

පටිගත කිරිමේ ඉංජිනේරු - මර්වින් රොද‍්‍රිගෝ

ශබ්දාගාරය - සරසවි - දඵගම, කැළණිය

වසර - 1974 පමණ
---------------------------------


මෙහි තබ්ලාව වයන්නට මා තෝරාගත්තේ 60 දශකයේ සිට ඒ කටයුත්තේ ප‍්‍රවිණයෙකු වූ විමල් ජේ ශ‍්‍රීයාරත්නයන්. 

(සුප‍්‍රකට ටවර් හෝල් ශීල්පී සාදිරිස් මාස්ටර් ගේ දෙවැනි පුත‍්‍ර රත්නය වු ඔහු ගේ වැඩිමහඵ සොයුරා  50 දශකයේ සිට විසල් ගණනක  මියුරු ගී තනු රචනා නිර්මාපක ආචාර්ය ෂෙල්ටන් පේ‍්‍රමරත්නය ශ‍්‍රියා ලෙසින් ක්‍ෂේත‍්‍රයේ හැඳින්වු ඔහු 60 දශකය ආරම්භයේදී ආර් ඒ චන්ද‍්‍රසේන සංගීතවේදියා ගේ සහය තබ්ලා වාදකයෙකු ලෙස කටයුතු කරමින් වික්ටර් රත්නායකයන් ආධුනිකයෙකු ලෙස ගීත කලාවට පිවිසි යුගයේ ඔහුගේ දස්කම් උරගා බලන්නට වාදනයෙන් සහය වූ ප‍්‍රවිණයකයෙකි*.

ගුවන් විදුලි වාදක මන්ඩලයේ බටනලා ප‍්‍රවිණතමයා වු එම් ඩබ්ලිව් පීරිස් ගේ වැයුම් ඊට එක්කලේ අපුරු ආලෝකයක්.

කැළණීයේ ’සරසවි’ ශබ්දාගාරයේ දී ’මර්වින් රොද‍්‍රිගෝ’ යටතේ ගීත 04 ම පටිගත කිරීම සිදුකලේ එකම දිනයේදීය.

සුපුරුදු පරිදිම එය අධීක්‍ෂණය කල මුල්‍ය දායකත්වයෙන් අනුග‍්‍රහ දැක්වු වික‍්‍රමසූරිය මහතාගේ ගේ අනාවැකියක් කිසිම විටක වැරදුනේ නෑ

’මේ ඇල්බම් එකේ ඔ්ක තමයි හිට් වෙන්නේ............’

පෝල් ප‍්‍රනාන්දු නම් බයිලා ගායකයා ගේ ශෛලිය උඩුයටිකුරු කල මේ ගීතයෙන් ඔහුගේ ගායන ප‍්‍රතිභාවය සැගව යටපත් වූ පැතිකඩක් මතුව නැග එයි. එය කපා ඔප මට්ටම් කරවූ විශේෂඥයා මෙල්රෝයි ධර්මරත්නයන්ය. ඔහුගේ ගීත නිර්මාණ චාරිකාවේදී ගුවන් විදුලි සිනමා ගී ගායනාවන්හී  විරහ ගීත කලාව මත පදනම් ව ගීත ගයා රාමුවකට කොටුවෙමින්  ’ආදරයේ කඳුඵ බිඳුව’ ලෙසින් හඳුන්වනු ලැබු ’මිල්ටන් පෙරේරා’ ගායන ශීල්පියා ඉන් මුදවාලමින් කල කටයුත්තේ විලෝමය මෙහිදී සිදුවි තිබේ.

(බ්ලොග් සටහන් මතු ලිපි පරිශීලනය කරන්න)


මෙහි ගීත 04 සම්පුර්ණ කරන්නට සුදුසු පදමාලාවක් සපයන ලෙස පෝල් කරනු ලැබු ඉල්ලීම අනුව මා ගෙතනු ලැබු පදවැල මෙපරිදිය. එහි දී මා පුරාණ නාඩගම් ශෛලිය උපයෝගී කරගෙන එහි තාලරූප බටහිර සංගීතයෙන් ඔප්නංවා ගිටාරයේ අනුසාරයෙන් කිසියම් පර්යේෂණයක නිරත වූ බව කිව යුතුයි.

කඵ කන්නාඩි කුට්ටම දාලා.....

හොඳ ලස්සන ඇස්දෙක වහාලා...

මුණ රවාගෙන තරහෙන් වගේ ඇයි අහක බලං යන්නේ..


බොරු කේලම් අනුන්ගේ අහාලා...

ඇයි යන්නේ ප‍්‍රියේ මා දාලා...

වෙනදා වගේමයි වෙනසක් වෙල නෑ...

කවදත් ඔයාගෙයි මං.....


පිරුණු කලේ දිය නොසැළෙයි

ඒ වාගෙමයි මගේ ආලේ

කාලේක සිට අපි ආලේ කළේ

බොරු කේළම් ඇයි විශ්වාස කළේ


මෙතැනින් සවන්දෙන්න

----------------------
Music File Hosting - Upload Audio Files - පද රචනය - මෙල්රෝයි ධර්මරත්න

තනුව - මෙල්රෝයි ධර්මරත්න

සංගීත අධ්‍යක්‍ෂණය - මෙල්රෝයි ධර්මරත්න

ලේබලය සූරිය  - සී එච් බී 0031

නිෂ්පාදක - ජෙරල්ඩ් වික‍්‍රමසූරිය

නිෂ්පාදනය- ද චිල්රන්ස් බුක්ෂොප්, කොටුව, කොළඹ 01

පටිගත කිරිමේ ඉංජිනේරු - මර්වින් රොද‍්‍රිගෝ

ශබ්දාගාරය - සරසවි - දඵගම, කැළණිය

වසර - 1974 පමණ
---------------------------------


මෙහි පටිගත වු සෙසු ගීත ද්විත්වය ’ලා බම්බාස්’ නායක ගායන ශීල්පී ’ප‍්‍රියා පීරිස්’ විසින් පද රචනා කරමින් තනු නිර්මාණය කරවා තිබිනි. මා විසින් සිදුකලේ එහි සංගීත අධ්‍යක්‍ෂණය පමණයි. ඒවා පෝල් ගේ ’ප‍්‍රින්ස් ඔප් බයිලා’ සළකුණ දරා සිටී.







සුපුන් සඳක් අහසේ පාවුනා ..

වළා රොදක් තුලින් හිනැවුනා..

සුපුන් සඳක් කරයි කල්පනා..

මාගේ හිතවත එයි සුදාගේ සුදු මූණේ මල්හිනා...


එන්න එන්න පෙම් හසරැුලි පාලා ..

එන්න එන්න දෑත දිගුකරාලා ...

ඉන්න ඉන්න මා ලගටම වීලා ..

අපි සදහට ඉමු සැනසීලා ...


මෙතැනින් සවන්දෙන්න

----------------------
Share Music - Podcast Hosting - පද රචනය - ප‍්‍රියා පීරිස්

තනුව - පි‍්‍රයා පීරීස්

සංගීත අධ්‍යක්‍ෂණය - මෙල්රෝයි ධර්මරත්න

ලේබලය සූරිය  - සී එච් බී 0031

නිෂ්පාදක - ජෙරල්ඩ් වික‍්‍රමසූරිය

නිෂ්පාදනය- ද චිල්රන්ස් බුක්ෂොප්, කොටුව, කොළඹ 01

පටිගත කිරිමේ ඉංජිනේරු - මර්වින් රොද‍්‍රිගෝ

ශබ්දාගාරය - සරසවි - දඵගම, කැළණිය

වසර - 1974 පමණ
---------------------------------

70 දශකයේ විවිධාකාර ලෙසින් ගීත ගායනයේ යෙදී සිටි ශීල්පීන් සිය හඞ අනන්‍යතාවය රැුකගන්නට සමත් වි තිබුනත් සිය ගායන දිවියේ මුලාරම්භයේදී පටන් ඔවුන් විසින්ම ගොඩනගාගත් ගී ආරකට සිමා වී කොටු වී සිටියේය. නිදසුනක් ලෙස පෝල් ප‍්‍රනාන්දු එම් එස් ප‍්‍රනාන්දු වැන්නෝ ’බයිලා’ ගායකයන් ලෙස හංවඩු ගැසී තිබු අතර මිල්ටන් පෙරේරා ’විරහ’ ගීත රටාවට අනුගත වී සිටියේය. 

සමකාලීනව ක්‍ෂේත‍්‍රයේ ක‍්‍රියාශීලී වු ඇතැම් සංගීතඥයන් ඔවුන්ගේ ගායන ප‍්‍රතිභාව මනාලෙස වටහ ගනු ලැබු අතර ඔවුන් එකී රාමුවෙන් මුදවා හැර දෙන්නට මැදිහත් වුහ. 


මෙල්රෝයි ධර්මරත්න නම් වු සහෘද නිර්මාණකරුවා ඔවුන් අතර කැපී පෙනෙයි. මිල්ටන් පෙරේරාත් පෝල් ප‍්‍රනාන්දුත් ඔහුගේ මගපෙන්වීම කරණකොටගෙන තම ප‍්‍රතිභා ප‍්‍රභා පුඵල් කර ගත්තේය.

බැති  ප‍්‍රණාම -

ප‍්‍රවිණ සංගීතඥ මෙල්රෝයි ධර්මරත්න මහතා - ධර්මරත්න සහෝදර නායක.

උදේන වික‍්‍රමසූරිය මහතා - සූරිය විලේජ් කළමනකාර අධ්‍යක්‍ෂ.



එදා ඇසුණූ ගී - 2019 මැයි 10 දින දීය.