namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Tuesday, February 2, 2016

අන්න බලන් සකි - මෙන්න බලන් සකි - රිය සක කැරකෙනවා

අන්න බලන් සකි -  මෙන්න බලන් සකි  - රිය සක කැරකෙනවා


අප විවාපත් වන්නට පෙරාතුව හසුන් පත් හුවමාරුකර ගැනීම සිදුකළා

මට ලැබෙන හසුන් පත් ඇයගේ ගමිපියස ට ආසන්න තැපැල් කාර්යාලයය වන පින්නවල නමින් මුද්‍රාව තැබී ඇති බව මා දකිනවා

ඒ යුගයේ සම්බන්ධතා පවත්වා ගත හැකි එකම මාධ්යයය වුනේ එයයි

එහෙත් එහි අප කිසිවිටක අනුචිත ග්‍රම්‍ය කිසිවක් ලියා තැබුවෙs නැහැ ඒවා අප සුරැකිව තබාගත්තේ මතුයමි දිනක අතීත සුන්දර මතක සැමරැමි ඒ ඔස්සේ දිගහැරිය හැකි නිසයි

ඒ යුගය අද යුගයේ ඒකී කාර්යය ඉටුකරගනු ලබන කෙටිපණිවිඩ ක්‍රමවෙsදය අහසට පොළොව වගෙයි

ඒ ගමිපියස එවක තරමක දුෂ්කර කඳු හෙල් සහිත පදෙසක පිහිටා තිබුනත් ඉතාම සුන්දරයි  ගී කවි සිතුවිලි පහළකරවන උල්පතක් බඳුයි

ඒ ලිපි බෙදූ තැපැල් මහතා තම රත් පැහැ  බයිසිකලය පැදගෙන යා හැකි තරමි දුරකට ගමන් කරනවා පසුව එය තල්ලුකරගෙන යන්නට ඔහුට සිදුවෙන්නේ ඉහත දුෂ්කර බව නිසාවෙන්

ප්‍රවාහන / පණිවිඩ හුවමාරු පහසුකමි දුර්වල එදා යුවතියක් දින ඇතැමි විට සති ගණනාවක් තිස්සේ මගබලා සිටින්නේ ඈත දුර රට වෙසෙන ස්‌වකීය ළබැඳියානන්ගෙන් හසුනක්‌ බලාපෙරොත්තුවෙන්

එය තමා වෙත රැගෙන එන්නා ඇය දකින්නේ කුමාරයෙක් වගෙයි

මෙs සංසිද්ධිය පාදක කරගෙන මා සිතේ පහළ වූ අදහස් අනුව මෙs ගීතය රචනා කරන්නට පෙළඹුනා

මට මතක ඇති විදියට ඒ වනවිට සනත් මල්කාන්ති දෙපොළ පවා විවහප්‍රාප්තව සිටියේ නැහැ

එවක ගුවන් විදුලියේ සංගීත පාලක පී ඩන්ස්ටන්ද සිල්වා මහතා ගේ අධික්ෂණය යටතේ දයාරත්න රණතුංගයන් විසින් කෙරුණු  සංගීතමය වැඩසටහනක් අරබයා මෙs ගීතය ඇය විසින් ගායනා කරනු ලැබූවක්

මෙs 70 දශකයේ මුල් කාලයේදී නිර්මාණය වූවක් බව කිව හැකියි


   ප්‍රවිණ ගීත රචක හිටපු පරිපාලන නිලධාරි  සුනිල් සරත් පෙරේරා




--------------------------------------------------------------------------
දත තබන්නට දූත හසුන්පත
      කුමාරයෙක්‌ එනවා
        අන්න බලන් සකි
           මෙන්න බලන් සකි
              රිය සක කැරකෙනවා


රෑ තුන්යම නිදි නොලබා
  මුතුවන් අකුරින් ලියවා //
         සුපෙමි පැතුමි හද පුරවා
              සිහින හතක්‌ කරවා


රතට රතේ ලංවෙනවා
        රිදී සීණු හඩ දෙනවා
             කඩුල හතින් එනවා
                ඉහ මල් පීදෙනවා

(සුනිල් සරත් පෙරේරා - 1972?)

--------------------------------
70 දශකයේ ගුවන් තරංග අතර ට නිතර මුසුවූ ඉහත සංකල්පනාව ඇසුනේ දිවා ගී / නිවෙsදක තෝරයි / අසන්නන්ගේ ඉල්ලීමි වැනි වැඩසටහන් ඔස්‌සේය

එදා මෙදා තුර මිනිස්‌ දිවියක හරි අඩකට ත් වඩා වැඩි කාලයක්‌ එනමි දශක 04 ක්‌ ඉක්‌මවා ගොස්‌ ලෝ දහම ට අනුගතව ලාංකික ජනජිවිතය ඔවුන්ගේ සංස්‌කෘතිකාංග පමණක්‌ නොව එදිනෙදා චර්යා රටාවන් මහත් විපර්යාසයකට ලක්‌ වි තිබෙනු පෙනීයයි

එදා පොදු ජන දිවිය හා බැඳුනු බොහෝ අංගයන් වත්මන් යොවුනන්ට ආගන්තුක විය හැකිය කත්  / භූමිතෙල් කරත්තකරුවන් / දර කරත්තකරුවන් / එළවඵ වටිටි අමිමා / අමිබරුවන් යොදා කරන සී සෑමි / තොරොමබල් / සාරවිට / කවිකොළ / තෙල්බෙහෙත් / කිරි කරුවන් ආදි මෙකිනොකී වෘත්තීන් හා සම්බන්ධ ජනීජනයා ගේ දසුන් අද විරලය තවමත් තැපැල්කරුවා ගේ භුමිකාව වෙනස්‌කමි සහිතව වුවද තවමත් ඇස ගැටෙs

ඒ වෙනස්‌කමි අතරින් වඩාත්ම ප්‍රකට කරුණ වන්නේ  ඔහු ගේ ලිපි මල්ලෙන්  පෙමිහසුන් ගිලිහි යැමයි

එදා පෙමිහසුන් සාහිත්‍යයේ කෙළ පැමිණියෝ  අද වැඩිහිටියන් බවට පත් වී සිටියද ඔවූන්ගේ ඇතැමෙක්‌ තමන් ගේ සුන්දර යොවුන් විය සිහිපත් කරවන සිහිවටන බවට පත් එකී හසුන්පත්  සියපණ සේ රකින බව කියා සිටිති

තාක්‍ෂණය විසින් වීකෘති කරණ ලද හසුන් පත් කලාවෙs යටගියාවෙs මිහිරියාව කැන්දන ඉහත නිර්මාණයේ අගය කිසිදා වියෑකි නොයනු ඇත

-------------------------

(ස්‌තූති පූර්වක ප්‍රණාමය - සුනිල් සරත් පෙරේරා ශූරින් වෙත පිරිණමමි)
මෙතැනින් සවන්දෙන්න

1 comment:

  1. මතකයේ රැඳුනු ගීතයක්.

    ReplyDelete