namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Monday, January 13, 2020

Nazia Hassan - එකම ගීයකින් ලොවක් වසග කල පසළොස් වියැති පාසල් සිසුවිය


සිංදු නදී තෙර විකසිතවී සකල මහ භාරතය පිනවූ අනර්කලිය ඇයයි......................


බටහිරින් වත්මන් ඇෆ්ගනිස්ථානය දක්වාද නැගෙනහිරින් බංග්ලාදේශය තෙක් ද පැතිර පැවති එදා මහා භාරතයේ ධන ධාන්‍යයෙන් අඪ්‍යව ශ‍්‍රී සමෘද්ධියෙන් අනූනව විසු සිටුවරයන් ගේ මහිමයද ඔවුන්ගේ පුතුන් දියණිවරුන් ගේ වතගොත ද පුරාණ හින්දු බොදු සාහිත්‍යයේ නිරන්තරයෙන් සටහන් වී තිබෙනු දක්නා හැකිය.

බුදුන් දවස සැවත් පුර විකුම් පෑ ’ධනංජය’ සිටුවරයා ද ඔහුගේ දුවණිය ’විශාඛා’ වන් ද ඒ අතරින් මතු වි කැපි පෙනෙයි. නච්ච - ගීත - වාදිතයෙන් සිය ස්වාමිවරුන් ද ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ද නිති සැනසූ  සුරගුන් වන් දිගැසියන් නාටිකාංගනාවන් හා සබැඳි තතු විත්ති ද එහි ඇතුළත්ය.

දහස් වස් යුග්මයක් හා ඉන් අඩක් ද ගතවි  එදා භාරතය ස්වාධින පාලකයන් කිහිප දෙනෙකු අතර බෙදී විසිරි ගිය වත්මනෙහිදී ඔවුන්ගෙන් ජනවර්ගය මත පදනම් වු රාජ්‍යයන් යුගළක් ආසියානු කලාපයේ බලවතුන් ලෙස වැජඹෙති. ඉන් එදා බටහිර දිග භාරතය වු මෙදා ’පකිස්ථානය’ ලෙස නම් වූ ඉස්ලාමික රාජ්‍යයේ සිටුවරයෙකු ගේ අපූරු දියණියකගේ කථා පුවත හකුලා දක්වමින් සටහන් කරන්නට දැරු තැතකි මේ.

ඇය හිරිමල් යෞවනයේ එළිපත්තේ පසළොස් හැවිරිදි වියේ එනම් ශ‍්‍රාස්ත‍්‍රාලයේ නමවැනි කැලෑසියේ සිප්සතර හදාරමින් සිටිද්දී එදවස මහා භාරතයේ මෙදවස ’ඉන්දියාවේ’ සුවහස් සංඛ්‍යාත ගී ශ‍්‍රාවක දනන් එකරැුයකින් සිය වසගයට ගන්නට වසනා මහිමය ලද්දීය.

රන්රසුදැල් හඞ සරි මෝහනීය ස්වරයෙන්ද දුටුවන් නෙත් - සිත් එකසරින් පැහැර ඇඳ බැඳ තබාගන්නට සමත් මනස්කාන්ත රූ සිරියකින්ද සන්සුන් තැන්පත් සංවාද ලීලාවකින් ද හෙබි පුන්සිසි පරදන වත කමලකින් යුත් අහිංසකාවිය වරෙක කෝල බැලුම් හෙළමින් ද වරෙක දසන් පා මදහස පාමින්ද පිඨිකාව මත ඔබ බොම යමින් ගයන්නීය.


ඇය සිය ජන්මභූමිය වූ ’පාකිස්ථානය’ ද දේශාපලනික පසමිතුරන් බවට පත් වී ඇති අසල්වැසි ’ඉන්දියාව’ ද එක රැුයකින් එකම එක ගීයකින් එකවර මන්මත් කලාය.

ඒ මෙදතාමයෙන් චතුර්දශකයකට මත්තෙන් ඈත බටහිර හිරු නොබසිනි අධීරාජ්‍යයයේ අගනගරයේ පැවති සැඳැ සාදයකදී සිය මවබිමේ කලාකාමි සිනමාලෝලී වැසියෙකු ගේ ඇරයුම අනුව ඔහුගේ අදියුරු භූමිකාවෙන් මතුදිනයක කළඑළි දක්වන්නට නියමිතව තිබුනු භාරතීය සිනමා පටයකිනි. ඊට ඈඳුනු ’බටහිර ගීතකලා සංස්කෘතිය අනුව නිර්මාණය වු ’ඩිස්කෝ’ ගනයේ ගීතයක් ගයන්නට ඇයට වරම් හිමිවූයේ  ලන්ඩනය සිය නිත්‍ය වාසය කොටගත් භාරතීය සංගීතඥයෙකුගේ මගපෙන්වීම යටතේය.

මෙකී අවධිය එනම් 80 දශකයේ නවෝදාවේ දීද දියත පුර වසංගතයක් ලෙස පැතිරයමින් පැවතී  ’ඩිස්කෝ පොප්’ ගී උන්මාදය  ’ඉන්දීය’ ’බොලිවුඩ්’ සිනමා ධාරාව වෙත තියුණු ලෙස කාන්දු කරවා ඊට පෙම්බැඳි සුවිසල් රසික සමූහයා ඉන් වසග කරවුයේ ඇයයි.

බටහිර ගීත ශීල්ප කලාවේ එදා කිරුඵ දැරූ ’ඇබා’ ගයිකාවන් ගේ ගී හඞ පරදවන සුඵ තියුණුව නැගී නිම්නාද නංවන ඇගේ ගී හඞ ඉන්දීය සිනමාවේ ’ඩිස්කෝ’ ගීත ශෛලියේ අනන්‍යතාවය රැුකදුන්නෙය. 


1981 වසරේදී බොලිවුඩ් හින්දී සිනමා රජ්‍යයේ රන්මිණි කිරුඵ සරි සම්මානනීය සම්භාවනීය ’ෆිල්ම් ෆෙයාර්’ සම්මානයෙන් එදාමෙදා තුර පුද ලද්දාවු ළාබාලතම ගායිකාව ලෙස අබිසෙස් ලද ඇයගේ ඒ වාර්තාව අදටත් නොඉඳුල්ය.
පිය උරුමයෙන් සියඵ යසඉසුරු ලබනට වරම් ලද ඉස්ලාම් බැතිමතියක් වූ ඇය එය දෙගුණ තෙගුණ කරගනිමින් කෙටිකලකින් මිලියන සංඛ්‍යාත ගී කැසට් පට නිකුත් කළාය. එහෙත් එදා බොදු භාරතයේ සාධුගුණාංග ශීලයෙන් සුපේක්‍ෂිත මහදන් පැවැත්වූ ’විශාඛාතමෝ’ අනුව යමින් තමා වෙත ලෝ දනන් වැසි වැස්සවූ ධන සම්පත යළි ඔවුන් වෙතටම නිර්ලොභිව පිරිනැමුවාය.

ද‍්‍රරිද‍්‍රතාවයෙන් මුවවිට රැුඳී අසරණ වූ සිය දනව්වැසි දරු දැරියන් සොයා ගොස් ඔවුන් ධනයෙන් සුවපත් කළාය. ඔවුන්ගේ හෙට දවස යහපත් කරන්නට ඇය තමා ඉපැයූ ධන සම්භාරය නොමසුරුව වැය කළාය.

කරුණු එසේ පෙළ ගැසෙමින් තිබියදී ඉමක් කොනෙක් නොපෙනෙන අනන්ත වූ සසර චාරිකාවේ එක් නැවතුම්පළකට සේන්දු වී නිවි සැනසිල්ලේ ගිමන් හරින්නට ’ඉරණම’ ඇයට ඉඩහසර ලබා දෙන්නට සැදී පැහැදී සිටියේ නොවේ. සුන්දරත්වය බිඳකුදු පැහැර නොගිය පන්තිස් විය පසුකරමින් සිටි ඇයගේ සුරත දැරූ ’ළපැටි සිගිති අත්පොඩියට’ ද ලොව පුර තමාට වසග වූ සුවහස් රසික දනන් හටද සමුදෙන්නට ඇයට නියම කරනු ලැබීය.

මිහිමත පහළ වූ මිනිස් දියණියක් සිහිනෙකුදු හෝ නොලබන්නට නොඅසන්නට පතන්නාවු ව්‍යාධියකට ගොදුරු වූ ඇය සැඩමාරුතයක් හමුවේ පෙතිගිළිහි කඩවී බිඳවැටෙන්නට නියමිත වු සෙව්වන්දියක් බඳු විය. ඔදතෙදින් - රුව - ජවයෙන් ගිළිහි යමින් සිටි ඇය වරෙක  සිය සදාදරණිය සිගිතිත්තිය වෙනුවෙන් වැඩිපුර දිනක් හෝ මෙළොව රැුඳි සිටින්නට ඉඩ කඩ සලසා දෙන්නැයි වෙදැදුරන්ගෙන් අයැද සිටි බව කියැවේ.

නවසහශ‍්‍රයක අරුණඵ රැුස් දහර පැතීරී යද්දී  වසන්තයේ සුපිපී දිළී ’නාසියා හසන්’ නම් වු  සුසිනිඳු දෙඵම් කුසුමිය පරවි මිළිණ වි යන්නට ද පෙරාතුවම ඇගේ කදුඵ බිඳු පිණිපොද තැවරූ පෙති ගිළිහි සුළගේ විසිර ගිය බව එක්තරා හිමිදිරියක දන්වනු ලැබිය.

-----------------------------------
සිනමා නිර්මාණය  කුර්බානී - 1980 ජූනි 20 දිනදීය

නිර්මාණකරු - ෆෙරෝස් ඛාන් 

ජනප‍්‍රියතම ගීතය - අප් ජස් අ කොයින් මේ ............... (DISCO POP)

සුවිශේෂීත්වය - ඉන්දීය සිනමා නිර්මාණයන් උදෙසා ’ඩිස්කෝ’ ශෛලිය හඳුන්වාදීම

ගායනය - ළමා ශිල්පීනී නාසියා හසන් (අවුරුදු 15)

සංගීත නිර්මාණය - බිඩ්ඩු (ලන්ඩනයේ වෙසෙන භාරතීය සංගීතඥ)

සිනමා පටයේ සංගීතය - කල්‍යානජී අනන්දජී

-----------------------------------------
ගීතය ට මෙතැනින් සවන්දෙන්න
---------------------------------

Download Music - Embed Audio -
නවයොවුන්  නාසියා හසන් සමග එදවස සිදුකල සංවාදයක් (ක්ලික් කරන්න)
පාදක සටහන්

නාසියා හසන් -

- 1965 අපේ‍්‍රල් තෙවැනි දිනදී පකිස්තානයේ උපත ලැබුවාය. ධනවත් ව්‍යාපාරිකයෙකු වු බශීර් හසන් ගේ දෙවැනි දියණිය වු ඇයට සෙහායිබ් නමින් කණිටු සොයුරෙක්ද සාරා නමින් ජ්‍යෙෂ්ඨ සොයුරියක්ද සිටියාය. බිරිතාන්‍යයේ රිච්මන්ඩ් සහ ඇමෙරිකන් ඉන්ටනැෂනල් යුනවර්සිටි හිදී ඇය ආර්ථික විද්‍යාව පිළිබඳව උපාධිය ලබා සිටියාය. ඇයට තිස්විය සපිරෙද්දී ඉෂ්ඨිකාර් බෙග් නම් ව්‍යාපාරිකයා හා විවහයෙන් අරේස් නම් පුතෙකු ලද්දීය. ’්කුර්බානි’ විසින් පතල කිතුගොස ලක්බිමට ද පැතිර තිබු නිසා එහි නොමැකෙන සිිහිවටනයක් වු උක්ත සඳහන් ගීතය ඇතුඵ සෙසු ගීත ලාංකීය රසිකයන් අතර ද මහත් සේ ජනප‍්‍රිය වී තිබිණි.




බිද්දු අප්පයියා -

 1944 වසරේදී බැංගලෝරයේ උපන් ඉන්දිය ජාතික මේ සංගීතඥයා 1960 දශකයේදීම බිරිතාන්‍යය සිය නිත්‍ය වාසය සඳහා තොරාගනු ලැබ එහි සිට සංගීත නිර්මාණ කටයුතු සිදු කළේය. සිය මව්රටේදීම ’රොක්’ සහ ’පොප්’ සංගීතයට දැඩි සේ අශක්ත වූ ඔහුට ඒ සඳහා මහෝපකාරී වී ඇත්තේ එවකට ඉන්දිය ශ‍්‍රාවකයන් සවන්දෙන්නට පුරුදු ව සිටි ’ලංකා ගුවන් විදුලියේ ඉංග‍්‍රිසි විකාශයන්ය.


------------------------------------------

මෙතැන් සිට ඉදිරියට ..............