namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Wednesday, July 24, 2019

සංස්කෘත භාෂාව’ භාවිත කළ සිංහල ගී....රසය

 ’සගිස්කුරුත’ බසක මහිම......

’සගිස්කුරුත’ යන පදය මින් අඩසියවසකට ඉහත හා ඉන් පසු දශක කිහිපයක දී දිවිගෙවු ගැමි ජනතාවගේ එදිනෙදා ව්‍යාවහාරයට එක්ව තිබු බවට එදා කුඩාවුන් වු අද වැඩිහිටියන් සාක්‍ෂි දරනවා ඇත්තේය.


ලොව අදීතම ඉන්දු ආර්ය භාෂාවක් බවට පත් වී දැනට එදිනෙදා ව්‍යවහරයෙන් ඉවත් වි තිබුනද වත්මනෙහි පවා සජිවී බසක් ලෙස පිළිගැනෙන ’සංස්කෘත භාෂාව’ පුරාණ භාරතයේ හින්දු සාහිත්‍යයයේ මව්බසයි.  හින්දූන්ගේ පූජනීය ග‍්‍රන්ථ වු ත‍්‍රිවේදය ද හින්දු භාරතයේ මහා කාව්‍යයන්වූ ’මහා භාරතය’ සහ ’රාමායනය’ ද සංස්කෘත සාහිත්‍යය නියෝජනය කරයි.

වසර තුන්දහසක පමන අතීතයකට හිමිකම් කියන බවට මත පලවී ඇති මෙකී භාෂා මාධ්‍යය භාරතයේ මහායාන බෞද්ධ නිකායන්ගේද මූල භාෂාවයි. 

වර්තමානයේ ජාත්‍යන්තරව ’ඉංග‍්‍රීසි භාෂාව’ යම් පිළිගැනිමට ලක්වී තිබේද එපමණ පිළිගැනීමක් පුරාණ ආසියාවේ ’සංස්කෘත’ භාෂාවට ලැබි තිබුන බව කියැවේ. 

ඈත පූරාණයේ සිට පසුගිය විසිවන සියවස මැද භාගයද ඉක්මවන තෙක් ලක්දිවේ මෙකී භාෂාවේ නිපුණත්වයට පත්වූවන් හිග නොවීය.  
තමන් ලද දැනුම් සම්භාරය යොදවා එහි සුවිසල් සාහිත්‍යය කෝෂ්ඨාගාරය ඇසුරු කල එකී ප‍්‍රාඥයන්  අතර වැඩිදෙනා පැවිදි පඞිවරුය. 

ඔවුහු අවස්ථාව ලද විට සංස්කෘත භාෂා වාග්කෝෂයේ අනුසාරයෙන් තම මව්බස වු සිංහලය පෝෂණය කරන්නට පසුබට නොවිය.


විසිවන සියවසේ තාක්‍ෂණික විප්ලවයේ මුලාරම්භයේදී ම ලක්දිව ගුවන් විදුලි මාධ්‍ය කලාව ස්ඵාපිත වී ක‍්‍රමයෙන් වැඩිදියුණු වූ අතර රාජ්‍ය ආයතනයක් ලෙසින් තැපැල් දෙපාර්තුමේන්තුවේ අධිකාරිත්වය යටතේ ක‍්‍රියාත්මක වී එහි දෙවන භාගයේ සිට ලංකා ගුවන් විදුලි සංස්ථාව ලෙසින් ප‍්‍රතිව්‍යුහගත වී අද දක්වා ක‍්‍රියාශීලි වෙමින් පැවතෙයි.

සිංහල ගීතය ප‍්‍රථමයෙන් ග‍්‍රැමෆෝන් තැටි නිෂ්පාදන ලෙස දොරට වැඩීමෙන් පසු දෙවනුව ගුවන් විදුලිය් අනුග‍්‍රහය යටතේ එහි වැඩසටහන් ඔ්සසේ නිර්මාණය වී ප‍්‍රචාරය විය.

පෙරකී සංස්කෘත බස මැනැවින් ප‍්‍රගුණ කල බහුශ‍්‍රැතයන් පඞිවරුන්  ලාංකිකයන්ට ආගන්තුක මෙකී නව විද්යුත් මාධ්‍යයේ සෙවන ලැබ සිය පාන්ඩිත්වය ප‍්‍රකට කලේ එහි පිවිස විවිධාකර වැඩසටහන් ගීත ප‍්‍රබන්ධයන් බිහිකරවාදෙමිනි.

ශ‍්‍රී චන්ද‍්‍රරත්න මානවසිංහ
මහාචාර්ය එදිරිවීර සරත්චන්ද‍්‍ර
පන්ඩිත් විමල් අබේසුන්දර

ඒ අතර වඩාත් ප‍්‍රකටය. 

ප‍්‍රශස්ත සිංහල ගීත රචනා කලාවේ අභිවෘද්ධිය උදෙසා සිය දායකත්වය පළකල මුල් පරපුර නියෝජනය කරන ලද මානවසිංහ සහ විමල් අබේසුන්දරගෙන් පසුව දෙවන පරපුරේ සාමාජිකයන් ලෙස දොරට වැඩි ගුවන් විදුලි නිවේදක පරපුරට අයත් කරුණාරත්න අබේසේකර- කේ ඩි කේ ධර්මවර්ධන - ලලිත් එස් මෛත‍්‍රිපාල - වැන්නෝ ද සිය නිර්මාණකරණය ඔප මට්ටම් කරගනු පිනිස සංස්කෘත වාග් කෝෂයේ පිහිට පැතුහ.

සංස්කෘත භාෂාවේ නාමපදයන් උසුරුවිමේදී ඒවයේ ඇති ගීතවත් මටසිඵටු බව සුගායනීය බව නිසා සාහිත්‍යාංගයක් වු ගීතයේ කර්ණරසායන බව වඩවාලන්නට ඊට ඇති හැකියාව කෙරෙහි ඔවුන් එහිදී වඩාත් සැළකිලිමත් වන්නට ඇත. 

පහත දක්වා ඇති අල්ප මාත‍්‍ර වූ සංස්කෘත වදන් කෝෂය පිරික්සීමේදී සිංහල බස ඊට කොතරම් ණයගැති වී දැයි අවබෝධ කරගත හැකිය.
එක - ඒක 
දෙක  - ද්වි
තුන - ත‍්‍රයි
හතර - චතුර්
පහ - පංච
හය - ෂඩ්
හත - සප්ත
අට - අෂ්ඨ
දහය - දස

මීට අමතරව 

ස්වාමී - බෝධි - දේවතා - ගජ - අලංකාර - විශිෂ්ඨ - බහු  - අල්ප - සර්ව - මහත් - ගුරු - පුරුෂ - මනුෂ්‍ය - භාර්යා - පති - පීතෘ - මත්ස්‍ය - සර්ප - මුඛ - දන්ඩ  - ඵල - බීජ - පත‍්‍ර - මුල - මූලය - පුෂ්ප - තෘණ - මංස - අංග - කේශ - සිරස - කර්ණ - අක්‍ෂි - දන්ත - පාද - ජංඝා - හස්ත - උදර - ගුද - හෘදය  - ස්වප්නය - ධාරණය - සූර්ය - චන්ද‍්‍ර - ජල - වර්ෂාව - නදී - පවන - ලවණ - මේඝ - ආකාශ - වාත - තුෂර - තුහින - හිම - ධුමය - අග්නි - මාර්ග - පර්වත - ලෝහිත - නීල - පීත - හරිත - ශ්වේත - රාත‍්‍රී - සංවත්සර - ශීත - පූර්ණ - ග‍්‍රාම - පාප - මිලින - ශුද්ධ - දුර - දක්‍ෂිණ - වාම - ආචාර්ය  - අධර්ම - ධර්ම - භක්ති - භාර - භෝජන - භූමි - භූපාල - බිංදු - බුද්ධ - බුද්ධි - දන්ඩ - දර්ශන - දීරඝ - ගජ - හස්ත - ජනක - ජනනී - ක්‍රෝධ - මධු - මත්ස - මූර්ති - නාටක - නේත‍්‍ර - පන්ඩිත - පවිත‍්‍ර - පුෂ්ප

ඇතුඵ නාමපද රැුසක් සිහල බස්වහර හා මුසුවි කැළතී ඇත.

සංස්කෘත - සිහල බස්වහර සම්බන්ධ මැදි අධ්‍යාපනයක් ලද්දන් හට මේ පද ආගන්තුක නොවේ. ඒවා ඇතුලත් ලියැවිල්ලක් ඒ බස්හුරු දුහුනන් වහා දැන අවබෝධ කරගනු නිසැකය.

ඉහත ලියැවි ඇති එකදු වදනක් හෝ ඇතුලත් නොවු සිංහල ගීතයක් ඇත්තේ වි නම් ඒ අල්ප ගණනක් විය හැකිය.


 එසේ නමුදු ’නාගරී’ අක්‍ෂර අනුසාරයෙන් ලියැවෙන ’සංස්කෘත’ බසේ වඩාත් සංකීර්ණ වදන් පිහිට කොටගෙන පබැඳි ගී ද ඉඳහිට හමුවේ. ඒවා නිර්මාණ කරන්නට මුල්වුයේ ඉහත කී විද්වත් ප‍්‍රබන්ධකයන්ය. 

ඒවා ගැමි වහරට අනුව අමු ’සගිස්කුරුතය’. ගැමියාට දුරවබෝධ යමක් සවන් වැකුනේද නයන රැුඳුනේද ඔහු ඒවා ඉහත පදයෙන් හඳුන්වන්නට මැලි නොවේ. එවැනි වර්ගයේ  වදන් පමණක් මුසුවු ගීතයක් මුලින්ම දොරට වඩින්නේ 1967 වසරේ කොළඹ ’අශෝකා’ සිනමාහලේදීය. ලේක්හවුස් නවතම සතිපතා සිනමා ප‍්‍රකාශනය වු ’සරසවිය’ පුවත්පත ඇල්ම බැල්මෙන් එහි දියත් වු මංගල සරසවි සම්මාන උළෙලේ සමාරම්භය වර්ණවත් කරමින් ගැයුනු ඒ සරසවි දේවි අභිවන්දන ගීතය ’පන්ඩිත් අමරදේවයන්ගෙනි’ 
--------------
ශ‍්‍රී චන්ද‍්‍රරත්න මානවසිංහ----------------
සංස්කෘත - පාලි - සිංහල භාෂා ත‍්‍රිත්වයේ නිපුණතමයෙකු ලෙස හැඳින්වු ’ශ‍්‍රී චන්ද‍්‍රරත්න මාණවසිංහ’ යන් එහි පද පෙළ ගැස්ම සිදු කළේ මෙපරිදිය.

ජගන් - මෝහිණී - මධුර - භාෂිනි.....

චාරූ දේහිණි - කමල - වාදිනි....

සරස්වතී දේවි - වන්දේ....

කම්පිත  - කංචන  - මාලා - පූජිත....

කිංකිණි   - නුපූර - ජාලා....

පාද සරෝදේ - කටී - තටාකේ....

චංචන - නර්තන - ලීලා.......
----------------------
ගායනය - පද්ම ශ‍්‍රී පන්ඩිත් අමරදේව

පද රචනය - ශ‍්‍රී චන්ද‍්‍රරත්න මානවසිංහ

තනුව - පන්ඩිත් අමරදේව

වසර - 1967

වැඩසටහන - ආරම්භක සරසවි සම්මාන උළෙල 
---------------------------
මෙතැනින් සවන්දෙන්න
Free Music - Share Audio -

මෙවැනි මුහුණුවරක් ලද දෙවැනි ගී නිර්මාණය මතු වන්නේ ගුවන් විදුලි වැඩසහනකදීය. ජී එස් බී රාණි පෙරේරා නමින් වු සිංහල සිනමා ගී කලා වේදිනිය ඊට පිවිසෙන්නේ 1950 දශකයේ දීමය. පසුව 1970 දශකයේ මුලාරම්භයේ ගුවන් විදුලිය ට සම්බන්ධ වු ඇය එහිදී පටිගත කල ’නව රසධාරා’වැඩසටහනක් වෙනුවෙන් ගැයු එහි සංස්කෘත භාෂා වෙසරද මහිම පෑවේ ’පියදාස කරඳගොල්ල’ නම් මහතෙකි.

පිළිමතලාවේ ගිරාගම සෞන්දර්ය අධ්‍යාපන විද්‍යා පිඨයේ ඒ යුගයේ ගිරාගම ගුරු ඇබැසි විදුහලය. එහි ඇදුරු මඩුල්ලේ සේවය කල සංගීතවේදී ’එම් ජී සුගතදාස’ සහ ඔහුගේ ශිෂ්‍යා ’ඉන්ද‍්‍රා කුමාරි විජේරත්න’ ජී ඇස් බී රාණි ගායනවේදිනයට අත්වැල් සහය දුන් අතර තනු නිර්මාණය සුගතදාසයන් විසින්ම සිදු කෙරිණි. 

සියවස් අඩ සියවසක්ද ඉක්මවා මනුලොව පැවත එමින් එපමණට අයු විඳි ශ්‍රේෂ්ඨ ඉන්දු සභ්‍යාත්වයේ මව්බස ව වැජඹුනු ’සංස්කෘත’ බසෙහි ගාම්භීරත්වය මෙසේ යැයි කියා පන්නට එය කදිම නිදසුනක්මය


ජන මන නයන වශීකල ලංකා.....

ශාන්ත සුඛදායි ජන්ම භූමි ධරණී......

මධුකර භෘංග සමූහ විභූෂීත....

මනෝහාර ගිරි ශිඛර අලංකෘත....

රම්‍ය භූමි ධරණී.....


රංග තරංග නගා මන මෝහණ.....

ශුද්ධ වර්ණ ජල ධාරා බැස යන....

වෘක්ෂ ගුල්ම පලු පල්ලව බබලන....

සාර භූමි ධරණී......


කරුණා ධර මෛත‍්‍රි ගුණ පෝෂිත....

භක්ති පූර්ණ ජනරාශි නිවාසිත....

බුද්ධ රාජ්‍ය ශ‍්‍රී පාදශ්පර්ශිත.....

පුන්‍ය භූමි ධරණී.....


දේශ විලෝපන - සතෘනිධාරණ......

ජාතභූමි අනුරෝදිපන......

කීර්ති රාව ජය ඝෝෂාලම්භන......

වීර භූමි ධරණී ...... 

--------------------
ගැයුම - ජී එස් බී රාණි පෙරේරා - එම් ජී සුගතදාස - ඉන්ද‍්‍රා කුමාරි විජේරත්න

පද රචනය - පියදාස කරඳගොල්ල

තනුව - සංගීත විශාරද එම් ජී සුගතදාස

වසර - 1970
--------------------------
මෙතැනින් සවන්දෙන්න

Embed Music - Audio Hosting - ලාංකීය ගීත රසාස්වාදය පෝෂණය කරනට එය දියුණු තියුණු කරනට පැවති එකම රාජ්‍ය ආයතනය සහ මාධ්‍යායාතනය වු ’ගුවන් විදුලිය’ 1970 දශකය කරා එළඹෙද්දී දැඩි භාෂා ප‍්‍රතිපත්තියක් මෙන්ම සංනිවේදන ප‍්‍රතිපත්තියක් පවත්වා ගෙන ගියේය. විද්වතුන්ගෙන් සමන්විත අධීක්‍ෂණ මන්ඩලයකින් තෝරා අනුමත කර එවන ’ගී’ සංකල්පනා භාත්ඛන්ඩේ භාරත සංගීත නිකේතනයේ මනා පුහුණවක් ලැබූ සංගීතඥ මඩුල්ලක් ප‍්‍රමුඛ මියැසි විදුදරයන් විසින් ඊට සත්සර මුසු කළේය. 

පී ඩංස්ටන් ද සිල්වා - තිලකසිරි ප‍්‍රනාන්දු - ඩබ්ලිව් එෆ් විමලසිරි - පද්ම ශ‍්‍රී පන්ඩිත් අමරදේව - වාද්‍ය විශාරද ඩී ආර් පීරිස් - සෝමදාස ඇල්විටිගල - ස්ටැන්ලි එම් ප‍්‍රනාන්දු - ආචාර්ය දයාරත්න රණතුංග ඇතුඵ පිරිසක් ඔවුන් අතර විය. 1950 දශකයේ සිට 1970 දශකය අවසානය දක්වා බිහිවුනු රසාලිප්ත රසපුර්ණ ගුවන් විදුලි ගීතාවලියේ නිර්මාණකරුවන් ඔවුන්ය.

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජය යන නාමයෙන් මේ රජය හැඳින්වෙන්නට මුලපිරුණු නව ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කරගත්තේ 1970 බිහිවු සමගි පෙරමුනු රජයේ නායිකා සිරිමාවෝ බන්ඩාරණායක මැතිනියගේ රාජ්‍ය යුගයේ දෙවන වසරේදිය එනම් 1972 දීය. එතැන් සිට ලංකාද්වීපය බි‍්‍රතාන්‍ය කිරිටයෙන් මුඵමනින්ම ස්වාධීන වු බවද කියැවේ. 
---------------
පන්ඩිත් විමල් අබේසුන්දර
-----------------
මේ මහෝත්සවය වර්ණවත් කල විවිධ රාජ්‍ය උත්සවයන් හට රැුකුල් දෙන්නට රාජ්‍ය ගුවන් විදුලිය පෙරමුණ ගත්තේ ’ජනරජ’ සැමරුම් ගී වැඩසටහන් නිර්මණයෙනි.  ඒ යුගයේ විද්වත් ගුවන් විදුලි කාර්ය මන්ඩලයේ සාමජික කිවිපති පන්ඩිත් විමල් අබේසුන්දර ශූරීන් සිය සංස්කෘත භාෂා වෙසරද සිරි අසිරිය පෑවේ පන්ඩිත් අමරදේවයන් වෙත අනුප‍්‍රාස රසය පිරි ඉතිර යන තවත් සංස්කෘත භාෂාමය ගී පද සංකල්පනාවක් දායදා කරමිනි.



ස්වස්ති ශ‍්‍රී සෞභාග්‍ය සූපූරිත....

පුන්‍ය භූමි ලංකා......

වීර විජිත ලංකා........

සුරංජතු පුන්‍ය භූමී ලංකා......



නීල වර්ණ ගිිරි ජල චල ශාඛා......

ක්‍ෂේත‍්‍ර පංති කෝමල වන රේඛා......

සාගර රංග තරංගජ ජෝති.....

චාමර  - චංචල - චාරූ විභූති......


ස්වස්ති ශ‍්‍රී සෞභාග්‍ය සූපූරිත......

පුන්‍ය භූමි ලංකා.....

සෂ්‍ය භුමි ලංකා......

සුරංජතු රත්න භූමි ලංකා........


ධන්‍ය පුන්‍ය ලක්‍ෂනප ඨිපන්ඩිත......

සදාචරගුණ ඥාන විභූෂිත.....


සාගර රංග තරංගජ ජෝති....

චාමර  - චංචල - චාරූ විභූති...


ස්වස්ති ශ‍්‍රී සෞභාග්‍ය සූපූරිත....

පුන්‍ය භූමි ලංකා...

ජන්ම භූමි ලංකා...

සුරංජතු අමර අමිල ලංකා....

------------------------
ගැයුම - පන්ඩිත් අමරදේව - අමිතා වැදිසිංහ

පද රචනය - පන්ඩිත් විමල් අබේසුන්දර

තනුව - පන්ඩිත් අමරදේව

වසර - 1972
--------------------------
මෙතැනින් සවන්දෙන්න

Download Music - Free Audio - කිවිපති විමලේන්ද‍්‍ර වතුරේගම කවියා පිළිබඳ තතු විත්තී දන්නෝ වත්මනෙහි එතරම් හමු නොවේ. 60 දශකයේ වතුරේගම විමලකිත්ති තෙර නමින් පැවදි බිමට පත් වී සිට උපවැදිවු ඔහු ද පාලි - සංස්කෘත - හෙළ බස් වෙසරදත්වයෙන් පරිපුර්ණ විය. 1975 වසරේ ජාතික වෙසක් උළෙලක් සමරුනු පිනිස පැවැත්වු බැති ගී වැඩසටහනකදී මුල්තැන ගත් මෙකී බැති ගීතය ආචාර්ය නන්දා මාලිනිය ගේ ගැයුමක් බවට පත්විය.

ප‍්‍රඥා ප‍්‍රදීප දල්වා - මෝහන්ධකාර වනසා....

ජනතා විමුක්ති සලසා - වජ්රාසනාරූඩ වූ...

සිරිඝන මෛත‍්‍රී මූර්ති - සිරිපද පද්ම නමාමි....

කරුණා සිතල හදෙහි - වස්වා සධර්ම වරුසා....

ලෝකාලෝක සදා - තුන්ලෝකානුකම්පා....

පාරමිතා උපහාරී පුන්‍යශ‍්‍රීයා බලධාරී...

ඥානවිශේෂ සුනාරී - මාර පරාජිත සෑසී......

----------------------------------
පද රචනය - කිවිපති විමලේන්ද‍්‍ර වතුරේගම

ගැයුම - නන්දා මාලිනී

තනුව - නන්දා මාලිනී

වසර - 1975
---------------------
මෙතැනින් සවන්දෙන්න
Listen Music - Upload Audio Files -
මින් පරබාහිරව වැඩිමනත්ව ගීතවත් ගම්භීර තෙදැති ’සංස්කෘත’ වදන් අනුසාරයෙන් සිය නිර්මාණ සරුසාරකරගත් සිහල ගී පද රචකයන් යුග්මයකි ’කේ ඩි කේ ධර්මවර්ධන’ සහ ’මහාචාර්ය සුනිල් ආරියරත්න’. ඔවුන් ඉන් අමරණීය ගීත රැුසක් ලාංකීය ගීත ක්‍ෂේත‍්‍රයට දායක කරන ලද්දේය.

පහත නිර්මාණ විමසනු වටී.

කේ ඩි කේ ධර්මවර්ධන

හෝ පලු වනපෙත කම්පිත කරවන - වික්ටර් රත්නායක - වික්ටර් 
රණඹර ඉඳුදුනු සිතුවම් වෙලා - මිල්ටන් මල්ලවාරච්චි - වික්ටර්
කුමරියක පා සළඹ සැලුනා - පන්ඩිත් අමරදේව - වික්ටර් 
කුංකුම චන්දන අංජන තවරා  - විල්බට් ඇන්තනි - සෝමපාල රත්නායක
මලින් මලේ රොන් ගන්නා බඹරු බඹන්නා- මිල්ටන් මල්ලවාරච්චි - ඔස්ටින් මුණසිංහ - ක්ලැරන්ස් විජේවර්ධන
උමයංගනියෝ සුරලාලනියෝ - ජෝතිපාල - පැටි‍්‍රක් දෙණිපිටිය

මහචාරය සුනිල් ආරියරත්න

මිහිළිය නලලේ අංජන තිලකේ - පන්ඩිත් අමරදේව - වික්ටර් රත්නායක
රුවන්මුවා පොළෝ තලේ ගොයම් සූනිල - නන්දා මාලිනී - වික්ටර්
සබඳ ඔබේ සිත අංජලිකරණීයයි - අමිතා දඵගම - පී ඩංස්ටන් ද සිල්වා
පේ‍්‍රමය නම් රාගයෙන් තොර - නන්දා මාලිනී - එච් එම් ජයවර්ධන
බුද්ධානුභාවෙන සිත් නෙත් පහන් වී - නන්දා මාලිනී - නන්දා මාලිනී
මේඝයක් සේ හුදකලාවේ නීල අම්බරයේ - නන්දා මාලිනී - රෝහණ වීරසිංහ
ඔබයි රම්‍ය සඳ කිරණ - නන්දා - එච් එම් ජයවර්ධන
පේ‍්‍රම අසපුවේ මුණිවරයාණෙනි මලින් ගඳින් පුදනා - නන්දා මාලිනී
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා - නන්දා මාලිනී
අනාථනාථයාණෙනි - වික්ටර් රත්නායක


වත්මනෙහි සිංහල ගී කෙත සරුසාර ඵල බර කෙරෙන්නාවූ මෙවන් පද්‍ය සංකල්පනා හමු නොවනා තරම්ය. ඇසූ පිරූ තැන් ඇත්න්ගේ නිහඞ නිසල බව හෝ ලැබිය යුත්තාට නොලැබුනු දෑ අත්කරගත්  නොලැබිය යුත්තන්  විළියෙන් බරව පළමු කී සද්ජනයා දුරින් දුරු කිරීම ඊට හේතුකාරණා අතර තිබිය හැකිය.

-------------------------සමාප්තයි ----------------








Wednesday, July 3, 2019

හේම ශ‍්‍රී ද අල්විස් ගී රන්දාමය......

රන්මිණිමුතු වැනි අදහස් අතමිට මොළවා ගත් ඔහු  02 දිගැහැරුම ---------මගේ පුතා රජ වෙන්නයි පැතුවේ

පේ‍්‍රමදාස ජනාධිපතිතුමා මා ළමා කාලයේ සිට හඳුනනවා 70 දශකයේ ඒ රජය බලයට පත්වු අඵත ඔහු අගමැති තනතුරේ

මට දුරකථනයෙන් කථාකලා 


හේමේ දැන් මොකද කරන්නේ කෙහේද වැඩ@

මම අර ඇඩ්වටයිසින් ඒජන්සියේ නේ 

ඇයි ගුවන් විදුලියට යන්න කැමති නැද්ද @

අකමැත්තක් නං නෑ ඉතිං

හරි මම දැන් එහෙට කථා කරන්නං ඔයා යන්න

මම ගියා තේවිස් ගුරුගේ මහත්තයා හමුවෙන්න මට හුරු පුරුදු එතනට ගන්න ඔහු එකපාරටම කැමති වුනේ නෑ  සේවා සංචිතයේ ලැයිස්තුවට මුලින් ඇතුලත් කරන්න ඔ්නෑ කිව්වා

පේ‍්‍රමදාස උන්නැහේ ආයේ කථා කළා මොකද වුනේ දැනගන්න එයාගේ හැටි එහෙම තමයි

මම කිව්වා ගන්න බෑ කිව්වා කියලා

එහෙමද?  මම කථා කරන්නම් ඔයා ආයෙත් යන්න

දෙවන දවසේ ගුරුගේ මහත්තයා ඔලුවේ අත ගහගත්තා

තමුසේ හරි වැඩේනේ කලේ ඇයි මට කිව්වේ නැත්තේ @ දැම්මම ඇප්ලිකේෂන් එකක් පුරවලා දෙන්න '''''''

ඔ්න්න ඔහොමය මම ඒ රැුකියාවට ගියේ නමුත් අර සමාගම දෙගුණයකටත් වැඩි පඩියක් මට ගෙව්වා 

ඒ වෙනකොට මේ ගීත රචනා කලාවේ මගේ ආදරණීය ගුරුතුමා අබේසේකර මහත්තයා ගුවන් විදුලිය හා විරසක වි එයින් ඉවත්ව සිටීම කණගාටුවට කරුණක්

ඔහු ට තිබුනු පිළිගැනීම ප‍්‍රසිද්ධිය නිසා වෙළඳ ආයතනයන් වෙනුවෙන් ඔහු නිතර නිතර දායකත්වය ලබා දීම ඒ යුගයේ ගුවන් විදුලි බලධාරියා ඉවසුවේ නෑ 

 කරුණාරත්න අබේසේකර විතරද මෙතන වැඩ කරන්නේ @ එයාට විතරක් විශේෂ සැලකිළි දක්වන්න බෑ '''
මම පුද්ගලික ආයතන සමග සම්බන්ධතා පැවැත්වීම වරදක්ද@ අබේසේකරයන් පෙරළා ඔහුට අභීයෝග කරමින් ආයතනයෙන් ඉල්ලා අස්වි ගෙදර ගියා''''''''

දැන් නවරජය පත්වී වසරකට කිට්ටු කාලයක් ගතවේලා '''' දවසක් මට දුරකථන ඇමතුමක් ආවා'''

බැලින්නම් අගමැති පේ‍්‍රමදාස මහත්තයා ගෙන් එයාව වහාම ඇවිත් හමුවෙන්න කිව්වා නොවැ''''

මමත් ඉදින් කකුල් දෙක ගැහි ගැහී ගියා ....ඔහුගේ කාර්යාලයට

එදා ඔහු මගෙන් මෙසේ විමසුවා

හේම ශ‍්‍රී දන්නවාද හෙට අනිද්දාට වෙන්න යන වැදගත් සිද්ධිය @

මම නිරුත්තර වුනේ නෑ සිදුවිම මගේ මතකයට ආවා 

ඔව් සර්'''''''' අපේ ජනාධිපතිතුමා ගේ පත්විම නේද @

ආන්න හරි ''''' මට ඉක්මනට ඒ කාරණය සම්බන්ධයෙන් සිංදුවක් ලියලා ඔ්නෑ '''' පරක්කු කරන්න බැහැ'''''''

මමත් ඉතිං ලිවාවා

ජනපති ජයමංගල්ලේ ..............

පොදුජන යුගයක නමරැන්දේ .....

රන්හිරු එළීයේ මේ නව යුගයේ .......

ශ‍්‍රිණිවිභූෂිත ලංකා බැබලේ ..............

සිංහ ධජය සෙවණේ ......

--------------------------

මෙතැනින් සවන්දෙන්න

Embed Music - Embed Audio -

තනු නිර්මාණය - පී එල් ඒ සෝමපාල සමග  පැටි‍්‍රක් දෙණිපිටිය'


ගැයුම - කලාශූරී ලතා වල්පොළ
-----------------------------------

ඒක ගායනා කරන්න ලතා වල්පොළ කැඳවාගන්නා ලෙසත් සංගීතය පාල අයියාට  (පී එල් ඒ සෝමපාල සහ පැටි‍්‍රික් ට (පැටි‍්‍රක් දෙණිපිටිය ලව්වා නිර්මාණය කරගන්නා ලෙසත් නියෝග කර තිබුනා

මේ සිදුවීමෙන් ටික කාලයකට පසුව මා විසින් ලියැවුනු ගීතයකට පසුබිම් වු සිදුවිම් පෙළ ට සම්බන්ධ වෙන්නේ එතුමා''

එතුමා පිළිබඳව ඒ අවධියේ විවේචන ඔ්පදූප කටකථා හැදෙමින් තිබුනා' කිසි පදනමක් නැති ඒ කථා පතුරුවා එතුමාගේ චරිතය ඝාතනය කිරීමේ උත්සහයක් දෑරූ බවකුයි මහ හැගී ගියේ සමහරු අපහසාත්මක අන්වර්ථ නාමයන් පව ගොතා ඉන් නොනැවතී ඒවා ප‍්‍රසිද්ධියේ කියන්නටද වුනා'  මගේ සිත ද කැළඹූ ඒ අවිචාර විවේචන විසින් මා මේ ගීතය ලියන්නට පෙළඹුනා'

එතුමා බොහොම පුංචි තැනකින් පටන්අරන් බොහොම කරදර කම්කටොඵ මැද ආපු ගමනක් ඒ ඒ නිසයි මම ලිව්වේ'

Zපුංචි පැල්පතින් අද බිහිවෙනවා-පුංචි අයත් හෙට රජවරු වෙනවාZ


ඒ යුගය වෙද්දී භද‍්‍රජී මහින්ද ජයතිලක නම් ආධුනික ගායක යෞවනයා ගුවන් විදුලියේ සරළ ගී වැඩසටහන් උදෙසා සම්බන්ධ වෙමින් සිටියා' මේ මට මතක ලෙස 1982 පමන කාලය මගේ මිත‍්‍රයා ’පාල’ අයියා (පී එල් ඒ සෝමපාල' විසින් ඒ ගීතයට තනු නිර්මාණය කලා'

උගතුන් මැද උගතෙකු වෙන්නයි'''''

උපන් දැයට සෙත සලසන්නයි'''''

මගේ පැතුම් මතු ඉටුවෙන්නයි''''

පුතා උතුම් මිනිසෙකු වෙන්නයි''''


අසූ රියන් උස බුදු රූ තැනුවේ'''

සුවිසල් මහ දාගැබ් ගොඩ නැගුවේ''''

එදා පටන් පුතු ගැනමයි හිතුවේ''''

මගේ පුතා රජ වෙන්නයි පැතුවේ''

-----------------------------------------
තනු නිර්මාණය - පී එල් ඒ සෝමපාල

ගැයුම - චිත‍්‍රා සෝමපාල සමග භද‍්‍රජී මහින්ද ජයතිලක

-------------------------------------
මෙතැනින් සවන්දෙන්න


Download Music - Embed Audio -


ඒ වෙද්දී මම වැඩසටහන් සම්පාදක තනතුර දැරුවා පසුව සංවිධායක දක්වා උසස්වීම් ලැබුවා ඔය විදියට මම 1996-7 පමණ වෙනතුරු ගුවන් විදුලියේ සේවය කරමින් ඉඳලා විශ‍්‍රාම ගත්තා'




මම උපන්නේ 1941 වසරේ අපේ‍්‍රල් 29 දිනකදී කොල්ලුපිටියේ පවුලේ වැඩිමලා මමයි නංගිලා දෙන්නයි මල්ලියි 


ඔහු සිය සංවාදය එලෙසින් නිම කළේය හේම ශ‍්‍රී ද අල්විස් නම් මේ විශීෂ්ඨයා විසිපස්වසක තරම් දිගු යුගයකදී  සිංහල ගීත රන්කෙත සරුසාරකරන්නට වපුළු රන් ගේය පදවැල් සුන්දරය සුළලිතය රසපූර්ණය'

නීල ජලේ යමුනා සමීරේ - අයිරින්ද අල්විස්  මොහොමඩ් සාලි

දෑස පා සිනා කියන රහස තේරුණා - අයිරින් - පේ‍්‍රමලාල් දන්වත්ත

මගේ හද පේ‍්‍රම දායාදේ  - පුදමි ඔබේ පාමුලේ සුහදේ - අයිරින් - පේ‍්‍රමලාල් දන්වත්ත

රන්තරු දෑසෙහි සැංගී උදා වේ - අයිරින් - මොහොමඩ් සාලි

හෙළ ජාතික පියුම් විළේ සුවඳ කැකුඵ මල් - අයිරින් - මොහොමඩ් සාලි

මා ඔබේ වසුන්දරා - අයිරින් -  ෂෙල්ටන් පේ‍්‍රමරත්න

දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා - සුජාතා අත්තනායක - හේමපාල පෙරේරා

මැණිකේ ඔබේ සිනාවේ - දියරැුල් ගලා ගියාවේ - රුක්මණී දේවි - නෙවිල් ප‍්‍රනාන්දු - නෙවිල් ප‍්‍රනාන්දු

සඳක් නැගි සඳක් දීලී සාගරේ - රුක්මණි දේවි - නෙවිල් ප‍්‍රනාන්දු

සතුට සැනසුම් සුවේ බලා - ලතා දිසානායක -  වික්ටර් දඵගම

ශ‍්‍රිණිභරිත ස්වර්ණ භූමියයි - ලතා වල්පොළ - රාමයියා මුත්තුසාමි

රහසක් ඇත ඔබ හට පවසන්නට සෙව්වෙමි සසර පුරා - ලතා වල්පොළ - ධර්මදාස - අර් මුත්තුසාමි

ශ‍්‍රීණිවිභූෂීත ලංකා බැබලේ සිංහල ධජය සෙවණේ - ලතා වල්පොළ - පැට‍්‍රික් දෙණිපිටිය - පී එල් ඒ සෝමපාල

නෙත්යුග රන්තරු යුවල තමයි - තොල්පෙති නාදඵ වලට සමයි - ත‍්‍රි සිස්ටර්ස්  - වික්ටර් දඵගම

පෑහි එක ලෙස බැඳි බොමු අපි ජයපානේ - ත‍්‍රී සිස්ටර්ස් - වික්ටර දඵගම

කුමාරියේ උදාරියේ කුමාරයා ඔබයි ප‍්‍රියේ - රූපා ඉන්දුමතී - ලක්‍ෂමන් රොද‍්‍රිගෝ - මොහොමඩ් සාලි

හංසියක සේ රැුඳෙන්නෙමි සෝකේ  - හඞා හඞා මා ගයන්නෙමී ගීතේ - රූපා ඉන්දූමති - ටී ෂෙල්ටන් පෙරේරා

සුදු සඳ රැුස් ගලන ගංගාවේ පිහිනා - මොහිදීන් බෙග් 

ඔය හද පතාලා ආමී - ඔබේ පෙම් දායාදේ  - මොහිදීන් බෙග්

ජීවනයේ මල් පිපුණා - මේ සතර දිගන්තේ - බෙග්

හිම බිම පාලන සුරිඳේ  - ඔබේ බල ශක්ති වේ මාගේ අනුප‍්‍රනේ - බෙග් (දෙයියන්ගේ රටේ*

මාගේ මේ රට මේ රට වාසනා මුතු ඇටයකි - ලතා වල්පොළ - සරත් බාලසූරිය

කරුණු විමසා අසද්දී - නොයෙල් ගුණරත්න


එදවස ගුවන් තලය සිසාර දසත පැතිර ගිය අමයුරු ගී යාතිකාවන්ගේ පද ගෙත්තම් කරුවන් අද අප අතැර ගොසිනි' ඔවුන් ගේ එකී නිර්මාණයන්ට පෙම්බැඳි රසික දනන් නිති නිති දින දින සිය ආදරණිය ගී පද නිර්මාණකරුවන් ගේ අතීතාවලෝකනයේ නිරත වෙති ඔවුහු උත්කර්ෂනයට බඳුන් කරමින් සිය හෘදයාංගම කෘතවේදීත්වය පුද කරති එය එසේ විය යුතුමය

මේ අතරවාරයේ දිවමන් සුභාවිත ගී පද සිත්තම්කරුවන් අතරින් එතරම් දුරු කතර ගෙවා දමමින් ආ කටුක දිවි ගමනේ කෙම්බිමක ඇසුර ලබනට  කී දෙනෙකු භාග්‍යවන්ත වීද සිය දිවිගමන් මග එකලු කල දිනකර සෙමින් සමුගනිද්දී දෛවයේ කරුණාමහිමය ලබනට තරම් අදටත් ඔහු පින්නොකළ ඇති බවකි කිවයුත්තේ

 ඔහු දෙනෙත පියවි යන්නට පෙර සැනසුම් ආදරබර වදනකින් සංග‍්‍රහ කරනු මැනවි' වියපත් ඔහු ගේ දිවිමග අත්වැල නොබිඳි නොගිළිහි පවත්වා ගන්නට කෘතවේදීත්වයේ සුරත පානු මැනවි 

 එයයි ඔහු ඔබගෙන් කරන්නා වු සොඳුරු ආයචනය

ඔබට සුබි දිඝායු ......චිරං ජයතු  මහගු කලා රසවතාණෙනි ................

                                         සමාප්තයි