namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Tuesday, March 1, 2016

පවසනු බස මට වැටහේ  - දුර අතීතයක ඇසී නැසී ගිය මියුරසයක ආවර්ජනය


1960 දශකයේ අවසන් වසර කිහිපය අතරින් එක්තරා දිනයකි

ගුවන් විදුලියේ 06 වන මැදිරිය කෙමෙන් කාර්යබහුල වෙමින් පවති

ඒ තවත් නොබෝ වෙsලාවකින් පටිගත කිරීමට සංගීතමය වැඩසටහනක් වෙනුවෙනි


ලැයිස්තුගත කර ඇති ගී අතරින් එකක් තෝරා අප කථානායකයා වෙත කලින් ලබාදී තිබුනෙන් ඔහු එය පුහුණුවන්නට සුදානමින් සිටින්නේ වාදක මන්ඩල ප්රධානියා ගේ අවසරය ලැබෙන තෙක්ය

වාදක මණ්ඩලයේ ඔහු හොඳින් හඳුනන්නේය

මැදිරියට ඇතුඵවුනු උස් පුද්ගලයා හඳුනාගන්නට ඔහු ට අසිරු නොවෙs ඒ රටෙs තොටෙs නමක් දිනා සිටි පී එල් ඒ සෝමපාලයන් ය

එක් පසෙක රොක්සාමි මාස්ටර් ය ඔහු දැහැන්ගතව වයලිනය සෙමෙන් හඩවනු පෙනේ

ඔහු පසුපසින් එඩිගා පෙරේරා වින්සටන්ටිද අල්විස් ඒලියන් ද සොයිසා වයලීන් අතැතිව අසුන්ගෙන සිටිති

ඈත කොනේ තාල තරංග වාදකයා නව යවිවනයෙකි ඒ රංජිත් බෝගෝඩ ය

තවත් නොබෝ වෙsලාවකින් පටිගතකරන්නට නියමිත ගීතයේ සංගීත අධ්යක්ෂවරයා මැදිරියට ඇතුඵ වෙමින් තමා දෙසට පියමං කරනු ඔහු දකි 

එහෙත් ඔහු පසුපසින් සෙමින් හා අසීරුවෙන් පා තබමින් ළමා සාරියකින් සැරසි එන මේ හිරිමල් යුවතිය කවුරුන්ද ??????

ආ .................

.......මෙs ළමයා අඵතෙන්ම මෙහෙ අපු කෙනෙක් හොඳටම සිංදු කියන්න පුඵවන් මෙයාව ඩුවටි එකට දැම්මට කමක් නෑ නේද ?

හරි හරි ඒකට කමක් නෑ අපි ප්රැක්ටිස් පටන්ගමුද ?

ඔවි එහෙනමි ලෑස්තිවෙමු

--------------------------------

මම උපන්නේ 1931 අවුරුද්දේ ජේසු ස්වාමි දරුවාණන් මෙs ලෝකෙට ආපු ඒ නත්තල් මාසේ 12 වෙනිදාවක

ගම නමි කඩුවෙල වැලිවිට කියන දිහාව

පුංචි කාලේ එහේ ඉඳන් ඉස්කොලේ ආවෙs ඔය ග්රැන්ඩිපාස් එකේ තිබුන සෙන්‍ ‍ජෝසප්ස් එකට

අපේ ගමේ පල්ලියේ කන්තාරු කන්ඩාය‍‍‍‍‍මේ වයලින් ගැහැව්වේ මමයි

 ඒ පල්ලිය දේව මෑණියන්ට කැප කරලා තිබිබ එකක්

එතකොටත් මට ඉයර් එකට ඕනෑම සංගීත භාන්ඩයක් ප්ලේ කරන්න පුඵවන් වුනා අදටත් ඒක එහෙමම තමයි

පස්සේ  මම රැකියාව කලේ කොටුවේ ගෆූර් බිල්ඩිමේ තිබුණු කේවි ඇන්ඩි කොමිපැනි කියන සමාගමේ ඔය ජෝතිපාලලාට ගීත ලියාපු ඇලෝයි ගුණවර්ධන ත් එහේ මාත් එක්ක වැඩකළා

මට තිබිබ ආසාව නිසාම ඉතින් ඔය කරුණාරත්න අබේසේකර එඩිමන්ඩි විජේවර්ධන මහත්තයාලා කරපු ආධුනික පැය වැඩසටහන් වලට ඇප්ලිකේෂ්න් දැම්මා

කැඳවීමක්‌ ලැබුනාද ?

ඔවි මම ගියා රේඩියෝ සිලෝන් එකට

නමුත් කිව්වේ නම් අනුන්ගේ සිංදු මොහොමඩ් රාෆි ගේ මෙරේ කහනි...... මට හොඳටම කියන්න පුඵවන් කම තිබිබා ඒ කාලේ

එතකොට පදිංචිය ?

ගමේ ..... 1950 දශකයේ ඒ

ඒ කාලේ රේඩියෝ සිලෝන් එකේ හිටියා පොස්ෆර් ප්‍රනාන්දු මහත්තයත් මගේ හිතේ

තව ඔය එඩී යාපා  බී ඇස් පෙරේරලා ත් මුණගැහෙනවා එයා පුදුම දක්‍ෂයෙක්‌ එහේ හිටපු


මම විවහ වුනේ 1958 අවුරුද්දේ

පස්සේ අපි මෙහෙ කුරණට පදිංචියට ආවා

ඔහොම ඉන්නකොට 60 දශකයේදි

ඔඩිෂන් එකකට අරන් සමත් වෙලා මට ලැබුනේ බී ශ්‍රේණිය ස්‌වදේශිය සේවයේ

පස්සේ මට එහෙ තරු හමුව කියලා වැඩසටහනකට සහභාගි වෙන්න ලැබුනා

එකේ එක සැරයක් ගීත 3 ක් ද

පසේසේ තරු වැණුම කියලා තවත් වැඩසටහනක 6 ක්ද පටිගත කලා

පුංචි දුවලා දෙන්නවත් එක්කරගෙන ගිහින් ළමා පිටියට සමිබන්ධ කළා
සුමනා ජයතිලක මහත්මිය ගේ වැඩසටහන් වලටත් දැම්මා

එයාලාත් ගීත තැටිගතකිරීමි වලට සහභාගි වුනා

ඔහොම ඉන්නකොට ........එක දවසක් මට සංගීත වැඩසටහනක කැඳවලා ලියුමක් ඇවිත් තිබිබා

එකේ නම තමයි  මියුරස වින්දන නිෂ්පාදනය දයාරත්න රණතුංග මහත්තයා ගේ

ඔය ගීතය කිවිවේ ඒ වැඩසටහනේ දී

රෙ‍කෝඩිං වලට හිටියේ මට මතක විදියට ගුණදාස කපුගේ එයා තමයි එහෙ ටෙක්නිකල් ඉන්ජිනියර් සිංදු කියන්නේ නෑ එතකොට එයා

ගීතය මගේ අතට දුන්නේ රේඩියෝ සිලෝන් එකට ගියාට පස්‌සේ  ලියලා තිබ්බේ  චින්තන විජේසිංහ කියලා කෙනෙක්

එම් එඩ්වඩ් පෙරේරා අපේ බොහොම දක්ෂ වයලින් වාදක මහත්තයෙක් එයා තමයි
ඕකේ සංගීතය හා තනුව නිර්මාණය කලේ

එදා එයා ඩුවට් එකට ගත්තේ එතකොට කවුරුත් අඳුරන්නේ නැති අඵත්ම  ළමයෙක්

එයා තමයි දැන් ඉතිං කවුරුත් දන්න   අපේ ජනප්‍රිය ගායිකාව නීලා......

නීලා වික්‍රමසිංහ

ඊට පස්සේ මම කරුණාරත්න අබේසේකර මහත්තයා නිවේදන කටයුතු කරපු ඉලාස්ටෝ ආයතනය විසින් ඉදිරිපත් කරපු වැඩසටහනකට ගීතයක් ගැයුවා

ඒ ගීතය ??

ඒ ලස්සන මැණිකාට මම ආදරෙයි කියලා එකක්‌

ඒකත් කාලෙක බොහොම ජනප්‍රිය  වුනා

ක්‍රිස්‌ටෝපර් පෝල්  ක්ලොඩ් ද සොයිසා ජී එස් බී රාණි වගේ අය මා සමග සමකාලිනව ඔය වැඩසහන් සමහරකට ගීත ගැයුවා ඔය කාලේම


ඒත් ඉතිං ඉන් පස්සේ මේ ක්‍ෂෙත්‍රයේ දිගටම රැඳෙන්න උත්සහ කලේ නැහැ

මොකද පෞද්ගලික වගකීමි හා රාජකාරි වැඩ ගොඩක් තිබිබ නිසා

පස්සේ අපි මේ පැත්තේ සංගීත කණ්ඩායමක් පටන් ගත්තා ටිකක් වෙනස් එකක් වෙනස තමයි ඒකේ වයලින් සර්පිනා ඩොල්කි මේ වගේ දේවල් තමයි වාදනය කලේ

ගමේ උත්සව වලදී වගේම පල්ලියේ මංගල්ලේ අපි ගායන වාදන ඉදිරිපත් කරා


විශේෂයෙන් මම කියන්න ඕනෑ මේ දේ මේ රටේ තමන්ගේ රැකියාව බවට පත් කරගන්නට නමි අපහසුයි එහෙම උනොත් අමාරුවේ වැටෙන්න පුඵවන්

 වෙනත් ආදායමි මාර්ග සමග කරන්නට ඇත්නම් තමයි වඩාත් හොඳ

සංවාදය අවසන් කරමින් ඔහු කිවේය
----------------------------
ඔහු වර්තමානයේ ගී-සිනමා-නdට්‍ය යන මෙs තුන් ඈඳුණු මාධ්ය වෙනුවෙන් මිණිමුතු වන් කලාකරුවන් ගණනාවක් ජනිත කළ කලා පවුල් ගණනාවක්‌ අදටත් වෙසෙන මිගමු පුරවරයේ පදිංචිව නිහඩව ම සංගීතය හා සමිබන්ධවම තමන්ගේම එසේම සිත්ගන්නාසුඵ ව්‍යාපාරයක නිරත වෙමින් දිවියේ සැඳෑ සමය ගතකරයි

එහිදී ඔහුගේ සුරතින් හැඩවැඩ වී කළඑළි බසින ස්‌පාඤ්ඤ ගීටාර් මෙන්ම විද්්‍යුත් ගිටාර් හුරුබුහුටිය කුඩා ය   ළමුන් උදෙසාය   නමුත් ඒවාද මියුරු සත්සර නාද රටා නැංවිමට අපොහොසත් නොවේ

අපි ඔහුට නිදුක් නිරෝගි සුව පතමු

ඔහු ගුවන් විදුලි ගායන ශිල්පී වැලිවිටවිතානගේ දොන් හෙන්රි ය



70 දශකයේ මතුනොව 80 දශකයේ ප්‍රචාරය වූ යුග ගී තීරය නමි වැඩසටහනේ දී වැඩිමනත්වද අසන්නන්ගේ ඉල්ලීමි තීරයේදීද නිවේදක කැළ අතරැඳි එල් පී තැටි ලේබලය කියවමින් ඔහුව අසන්නන් අතරට ගෙනගියේ මෙසේය

මේ ගීතය ගයන්නේ ශිල්පී ඩබිලිව් ඩි හෙන්රි සමග ශිල්පිනි නීලා වික්‍රමසිංහ
--------------------
නිර්මාණ සටහන

                  රෑණ කිතුල් නිල් වරළස......................
                                                මුකුඵ ලතාවට නැළවී......................
                                                              මට අමතන්නේ කුමටද මල්      හිමිදිරියේ...............................

සහය ගායනය - නීලා වික්‍රමසිංහ
පද රචනය - චින්තන විජේසිංහ
තනුව හා සංගීතය - එම් එඩිවඩි පෙරේරා -  ගුවන් විදුලි වද්‍ය වෘන්දය - 60 දශකය

වැඩසටහන - මියුරස වින්දන
නිෂ්පාදනය - දයාරත්න රණතුංග
පටිගත කිරිමෙs මැදිරි ඉංජිනේරු - ගුණදාස කපුගේ

--------------------------------------
(සමිබන්ධිකරණය වෙනුවෙන් විශේෂ ස්තූතිය - කෙනත් පෙරේරා - ලින්ඩා පෙරේරා මහතaම මහත්මීන් යුවළ  - කුරණ - මිගමුව)

සවන්දෙන්න මෙතැනින්

26 comments:

  1. අගෙයි.. ගීතයට සවන්දෙද්දී පෙර ගුවන් විදුලියෙන් ඇසී ඇති බවක් මතකයට නැඟුණා.. ගායක ගායිකාවන් ඇතුළුව ගීතය පිළිබදව තොරතුරු දැනගත්තේ අදයි.. ඒ ඉදිරිපත් කිරීම සුන්දරයි...
    එසේම මෙවන් ගීත පිටුවක් පවත්වාගෙන යන බවක් දැනගත්තේ ත් අදමයි..
    ස්තූතියි ඔබට...! ජයවේවා...!!

    ReplyDelete
    Replies
    1. ස්‌තූතියි දිනාලි

      ඔබ ඇතුඵ රසිකයන්ගේ ප්‍රතිචාර මහත් සේ අගය කරන්නෙමි

      ආසිරි වෙsවා !!!

      Delete
  2. මේ වගේ බ්ලොගයක් කියවීම ට ලැබීම ගැන බොහොම සතුටුයි. පාර කියපු සින්දු ඇනෝටත් ස්තූතී.

    ReplyDelete
    Replies
    1. ස්‌තූතියි ඔබටත් හිතාදර සිංදු ඇණෝටත් ආසිරි වෙsවා

      Delete
  3. සින්දුවා තමා පාර කිව්වේ...... බ්ලොගයට සුභ පැතුම්... අපේ සින්ඩියටත් දා ගත්තා. ගිහින් බලමු....

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔබට ස්‌තූතියි මෙහි රැඳී සිටිමින් ගුණදොස්‌ දක්‌වන්න එයින් දොස්‌ ඇත්නමි ඉතාම සතුටින් භාරගනිමි

      Delete
  4. පට්ට. දිගටම එනව කියවන්න.

    ReplyDelete
    Replies
    1. ජයවෙsවා

      දිගටම දානවා ඔබ සැමට කියවන්න අප කලක්‌ සතුටු කළ මෙs ශිල්පීන් අමතක නොකර ම

      ඔබට ස්‌තූතියි මෙහි රැඳී සිටිමින් ගුණදොස්‌ දක්‌වන්න එයින් දොස්‌ ඇත්නමි ඉතාම සතුටින් භාරගනිමි

      Delete
  5. සින්දු ඇනෝගේ මග පෙන්වීම ඔස්සේ තමයි මෙතනට ආවේ. බොහොම සතුටුයි මෙවැනි අඩවියක් දකින්නට ලැබීම පිළිබඳව. විශේෂයෙන් පැරණි ගීත සහ ගායකන්, සංගීතඥයන්, පදරචකයන්, පිලිබඳ තොරතුරු සංරක්‍ෂණය වීමක් සිදුවෙනවා, මෙවැනි අඩවි පවත්වාගැනීමෙන්. මම මගේ බ්ලොග් රෝලටත් මේ අඩවිය එකතු කරගත්තා.

    මමත් වසර හතරක පමණ සිට බ්ලොග් ලොයනවා. වෙලාවක් ඇත්නම් ඇවිත් යන්න.

    wicharaka.blogspot.com

    මට නිරීක්‍ෂණය වුන පුංචි අඩුපාඩු කීපයක් පෙන්වා දෙන්නම්. ඒ ගැන අමනාප වෙන්න එපා.

    1. ඔබ සිංහල යතුරුලියනය කිරීම සඳහා පාවිච්චි කරන මෘදුකාංගයේ යම් වෙනසක් නිසා සමහර අකුරු විකෘතිවී/වෙනස්වී පෙනෙනවා. (මා පාවිච්චි කරන්නේ වින්ඩොව්ස් 8.1 x 64 සමග ක්‍රෝම් බ්‍රව්සරය)

    උදාහරණ:- ගී-සිනමා-නdට්‍ය, මෙs, වHdපාරයක, විද්Hqත්

    මෙම විකෘතිය නිවැරදි කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලනවා.

    2. බ්ලොග් එකේ අකුරු මීට වඩා ටිකක් ලොකු කරන්න. අපි වගේ වයසක අයට කියවන්න අමාරුයි. (මගේ වයස අවුරුදු 63 යි)

    ReplyDelete
    Replies
    1. මහත්ම සතුටින් හිසනමා ඔබෙs අදහස්‌ භාර ගතිමි

      සැබැය මා මෙහි පාවිචිචි කරන සිංහල යතුරුලියනයේ දොෂ තිබෙs

      නමුත් පරිගණය යළි සකසන්නටද කාර්යබහුලතාවය ඉඩ නොදේ

      එහෙත් ඒවා සකසගන්නෙමි

      තවද අක්‍ෂර ප්‍රමානය වැඩිකරගන්නට උත්සහ කලත් නොහැකිවිය

      මගේ බ්‍රවුසරය මොසිල්ලා ය

      ඔබ ද+නට මෙණුවෙs විශාලන පහසුකම භාවිතා කරන මෙන් ඉල්ලමි
      (කන්ට්‍රොල් ධන රින)

      ස්‌තූතියි

      ජය වෙsවා

      Delete
  6. බොහොමත්ම ස්තුතියි රාජසුරිය මහතයෝ ....මෙවැනි පිටුවක වටිනාකම වටිනාකම දිනෙන් දින වැඩි වෙනවා .මුහුනු පොතේ තැන තැන පළකරපු ලිපි එකම තැනකට ගෙන ඒම ගැන මාගේ ප්‍රණාමය .....

    සලන සුසුම සැඩ සුළඟයි
    ගලන කඳුළු වැසි වතුරයි
    දුකින් වෙළී අන්ධකාරයේ
    යන මේ ගමනේ
    අපේ පැතුම් නැවුම් ලොවට පාර කියනවා

    ජීවිතයේ පීඩිත හද වේදනා යටින්
    රණ ගීයක ජය නාදය ඈත ඇසෙනවා
    මේ ගමනට ඒ ගීයෙන් දිරිය ලැබෙනවා

    පහන් තරුව පායා එන
    නවෝදයට දොර අරින්න
    ඔබේ දෑත අපට දෙන්න
    සොහෝයුරනි - සොහොයුරියනි

    ගායනය/තනුව -ගුණදාස කපුගේ
    ගී පද - මහගම සේකර

    ReplyDelete
    Replies
    1. සිංදු ඇණෝ මිතුර

      ඔබ මගේ ගුරුවරයාණෝ බව නිහතමානීව සඳහන් කරමි

      ඔබෙන් අද පවා ලැබෙන සහය අපමණයි

      හැකි සැම විටකම ගූණදොස්‌ සටහන් කරන්න

      අනේක වාරයක්‌ ස්‌තූතියි

      Delete
  7. අයියණඩිය, මෙච්චරකල් මොන මංගල්ලයක්ද කලේ මේ බ්ලොග් එක හංගගන....? මේවගේ බ්ලොග් හරි වටිනවා.ඒ මේවා මහන්සිවෙලා කරුණු හොයාගන කැපවීමකින් ලියන ඒවා නිසා.ස්තූතියි කරන මෙහෙයට.අර විචාරක කිවුවා වගේ අකුරු ලොකු කරලා ෆ්‍රොන්ට් කලර් වෙනස් කරන්න.ලුමිනස් පාට අමාරුයි ඇස් වලට.

    අහලා තියන විදිහට කපුගේ ටෙක්නිකල් ඉංජිනේරුවරයෙක් විදිහට වැඩකරන කාලේ සුපිරි වැඩකරුවෙක්.අද තරම් තාක්ශනය දියුණු නැතිකාලේ වික්ටර් රත්නායකයන්ගේ "මාලනියේ" ගීතය අතරමැද්දේ ඇහෙන "ඉන්ද්‍රජාලය", "නොරැවටෙන්" වගේ පද ඒකාලේ තාක්ශනය සමග බැළුවහම මැජික් එකක්ලු.

    ReplyDelete
    Replies
    1. ස්‌තූතියි ඔබටත්

      ඔවි කපුගේ ගැන කිවයුතු ද+ අපමණයි

      යූ ආරියවිමල් ද ඒ තාක්‍ෂණයෙන් අගතැන්පත් වු අයෙක්‌

      පසුව වැඩිදුර තොරතුරු කථා කරමි

      Delete
  8. ගුණදාස කපුගේ සින්දු කියන පටන් ගත්තේ පහුවෙලා කියලා දනගේත්තෙත් මේ පොස්ට් එක කියෝනකොට තමයි...
    බොහොම වටිනා කියන මතක් සටහන් ගොන්නක් අපිත් එක්ක බෙදා ගෙන තියෙනවා...
    ------------
    සින්දුවා ගේ මග සලකුණු දිගේ තමයි මෙහෙට ආවේ....
    බොහොම වටිනා ලියවිල්ලක්...
    ඔබ වගේ ලොකු ඉතිහාසයක් දැන කියා ගත් අය බ්ලොග් වලට සම්ප්‍රාප්ත වෙන එක බොහොම වටිනා කාරණාවක්...

    විභීෂණ ගේ උණුසුම් සුබ පැතුම්...

    අර උඩින් විචාරක උන්නැහේ කියලා තියෙන අඩුපාඩුත් හදාගෙන දිගටම බ්ලොග් වල ඉන්න බලන්න.....

    ReplyDelete
    Replies
    1. ස්‌තුතියි සටහනට

      යළි හමුවෙන්න
      පැමිණෙන්න
      ලියන්න මෙසේ

      හිසනමා සියඵ ද+ පිළිගනිමි

      Delete
    2. ඔන්න ඉතින් ආපහු වරද්දලා ටයිප් කරලා...

      Delete
  9. අදයි දැනගත්තේ මේ බිලොග් එක ගැන. ඒ දැන ගත්තෙත් සිංදු ඇනොගෙන්.
    ඉදිරි ලිපි වලදිත් මුන ගැසෙමු.

    ReplyDelete
    Replies
    1. ස්‌තුතියි ආවට අයෙත් මෙs පැත්තේ එන්න ඇවිත් යන්න

      Delete
  10. සිංදු ඇනෝ තමා පාර කිව්වේ.... ඉදිරි ලිපි කියවන්න එන්නම්කෝ..

    ReplyDelete
    Replies
    1. මගේ බිලොග් නිවස්‌නයට එන්නට මග සළකුණු ද+ක්‌වාලු ඔහුටත් ඇවිත් ගිය ඔබටත් ස්‌තූතිය

      එන්න කියවාලා බලන්න කියවාලා බලන්න ...............

      Delete
  11. සින්දු ඇනෝ ගේ පාරෙන් ආවේ. රසවත් සටහනක්.

    ReplyDelete
    Replies
    1. මගේ බිලොග් නිවස්‌නයට එන්නට මග සළකුණු ද+ක්‌වාලු ඔහුටත් ඇවිත් ගිය ඔබටත් ස්‌තූතිය

      Delete
  12. නොකඩවා කරගෙන යන්නට දිරිය නොඅඩුවම ලැබේවා!

    ReplyDelete
  13. ස්‌තූතියි තිස්‌ස මහතානෙණි ඔබ වැනි බිලෝග් ප්‍රවිණයෙකුගේ මග පෙන්වීම අමිලයි

    ReplyDelete
  14. 3D ඇනිමේෂන් ලෙස පැරණි ගී අහන්න එන්න
    nuwangeadawiya.blogspot.com

    ReplyDelete