namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Tuesday, March 29, 2016

නලලතේ රැඳි සිකුරා හිනැහෙයි




සුන්දර කන්ද උඩරට දළදා සමිඳු වැඩසිටින ඉසව්වට පෙනෙන දුරින් දම්රදයේ සිට අකුරු කළ ඔහු ගේ නිති ඇසුර ඉන් මදක්‌ ඔබ්බෙන් වැව් ඉවුරේ මල්වතු මහ විහාරයේ මහා යතිවරුන් අතර විය

පාලි-සංස්‌කෘත ද්විභාෂා මනාව ප්‍රගුණ කළ ඔහුගේ සිත නැවතුනේ ගුවන් විදුලියේය
ඒ නොනිමි ආශාවෙන් මඩනා ලදින් පේරාදෙණිය සරසවියේ රැකියාවෙන් ඉවත්වූ ඔහුගේ මිලග නවාතැන ගුවන් විදුලි තැටි ගබඩාවයි

1967 වසරේ කැඳවනු ලැබ තිබූ සහන නිවේදක තනතුරකට අයදුම් කරනු ලැබ එයින් 1970 ස්‌ථිර නිවේදකයෙකු ලෙස සේවය කරන්නට වරම් ලැබ දිවි ගමනේ විරාමය දක්‌වා රසඋල්පතක්‌ වන් ගී මුතු පොකුරක නිර්මාපකයාණෝ ලෙස අබිසෙස්‌ ලැබූවේය


1978 ප්‍රථම විධායක ජනපති පදවි ප්‍රාප්තියේ විසිතුරු  රටට හෙළිකරන්නට ඔහුගේ හඩ අවදිවිය
------
බිතුසිතුවම් රූ මෙන් පිටු නොපෑ හිතමිතුරාණෝ මිල්ටන් මල්ලවාරච්චිගේ පෙළඹවිම ඇවිටිල්ලක්‌ වී එයින් මගහැර නෑසුකන්ව නොසිටින්නට සිදුව


ආදරයේ මිහිර රැඳි - වියෝගයේ සුසුම් මැකී
සෙනේහයේ සුවඳ රැඳී - මහද පැසේ පැතුම් පිරී


නමින් තම කුරුටු ගෑ ඔහු ගේය පද ස්‌වර පද හා සංයෝග කලේ මිතුරුකැළේ යාවජීව සාමාජික වික්‌ටර් රත්නායකය

එයිනුදු නොවේ ඇවිටිල්ල නිමවූයේ ........

තමන්ගේ තුරුණුවියේ සාහිත්‍ය ඇසුරේ වනපොත් කල සැළලිහිණි සංදේශය අනුව යමින් යළිත් පෑන්තුඩ මෙහෙයවමින්


දෙඅදර විළිකුන් සුරත් පලේ - පෙම් මදිරා අයදිමින් සැලේ
සීත මීඳුම් සිහින වැල් පැටලේ


නමින් ලියූවේය

එයින් ලැබූ අසිමීත රසික ප්‍රතිචාරය විසින් මෙහෙයවනු ලැබ තමා කලෙක ප්‍රගුණ කල සංස්‌කෘත - සිංහල සාහිත්‍ය ඇසුර ලබමින්


උකුළ ළැමහස මලවි කරළිය මුවා කළ ඇගේ දුහුල් සඵතිර - විවර කෙරුවා

මනස්‌සළෙඵන් උමතු වූ දෙනුවන් රැහැන් ඇද

මා අබියස මැවෙන තුසිතය - සුරන් නැළවූ සුයාමය

නම් හෙළගීකෙත උඩුයටිකුරු කල නිර්මාණය සංයමයෙන් දැහැන්ගතව රසවිඳින්නට සමත් ශ්‍රාවක පිරිසකගේ මනදොළ සැපිරීය

1990 වසරේ තම ජිවිකාව සපයා දුන් ආයතනයට 21 වන සියවසේ තාක්‍ෂණික අරුමැසි අරුමයක උදාව සනිටුහන් කරන්නට දාඩිය මුගුරු හෙඵ ඔහු එහි පුරෝගාමි නිවේදකයාණෝ බවට පත්ව ඉතිහාස ගතවිනි

ඔහුද අද නැත - ඒ ශ්‍රාවක පිරිසද වියපත් ව යමින් සිටි

ඔහු වැන්නෝද  ඒ තැන ගන්නට සමත් ශ්‍රාවකයෝද පෙනෙන ඉසව්වක වත්  නොමැත

ඒ හෙළ ගී කෙත කටුකොහොල් වසා පැතිර වියළි යමින් පවතී


මේ උදාවන්නට නියමිතව ඇත්තේ ඇත්තේ ඔහු සමුගත් ඉක්‌බිති සොළොස්‌වන බක්‌මහ උළෙලයි

කඵආරච්චිගේ දොන් කුලසිරි ධර්මවර්ධන ප්‍රවිණ ගී පද රචකයාණෙනි ඔබ අපට යළි හමුවේවා
ඇසුර - හඩ සගරාව ඩබ්ලිව් කේ ඒ ප්‍රනාන්දු සටහන
-----------------------
නිර්මාණය

ඒ යුගයේ පැවතුනු එසේම ඔහුගේ සුපුරුදු  ගී පද රචනා කලාවෙන් විනිමුක්‌තව කරනු ලැබු නවමු අත්හදාබැලීමකි

තම්මැට්‌ටමක්‌ වයමින් පංචතූර්ය නාදය නංවන්නට උපයෝගි වූ සම්ප්‍රදායික හොරණෑවට ඉතා සමීප ඕබෝව නම් සුශිර භාන්ඩය යොදාගනු ලැබ තිබෙන පදමාලාව කුඵගන්වන ඊටම ගැලපෙන සංගීත සංකලනය ගීතයේ රසය දෙගුණ තෙගුණ කරයි


----------------------------
සංගීත අදියුරු ස්‌වර සංකලනය - සිසිර සේනාරත්න

හඩ ගන්වා පණපෙවීම - ඉන්ද්‍රාණි විජයබන්ඩාර

70 දශකයේ වෙළඳ තැටියකින් උපුටාගතිමි

වි‍‍‍ශේෂ ස්‌තූතිය- ඉන්ද්‍රාණි විජයබන්ඩාර මහත්මිය

මෙතැනින් සවන්දෙන්න


11 comments:

  1. පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් ගී පද රචනය කළ යුතු ආරත් මිල්ටන් මල්ලවආරච්චි වෙනුවෙන් ගී පද රචනය කළ යුතු ආරත් අතර වෙනස තේරුම් අරගෙන සාර්ථකව නිර්මාණකරණයේ නියැලෙන්න කේ. ඩී. කේ. ට පුළුවන් වුණේ භාෂා පිළිබඳ ඔහු සතු එම පරිණතභාවය නිසා වෙන්න ඕනෑ ...

    මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා
    කවුළුව අතරින් හිරිකඩ එනවා
    මල්පැණි වඩියක උණුසුම ලබනට
    යන්නට ඕනෑ කඩ මණ්ඩිය වෙත
    කබාය ඉරිලා ඊට කමක් නැහැ
    කවුරු බලන්නද කවුරු දකින්නද
    මා දැන් මහළු වියේ
    මා දැන් මහළු වියේ.......
    +++++++++++++++++++++++++++++++
    කුමරියක පා සළඹ සැලුනා
    වසා සිටි නෙතු පියන් ඇරුනා
    කුමර බඹසර අසපුවේ මා
    සමවැදී උන් දැහැන් බිඳුනා
    ++++++++++++++++++++++++++++++
    කලේ පැන් ඇත නැවුම් රහ නැත
    මොකද මන්දා ලිඳට වූයේ
    පුළුස්සා ගත් රොටිය කර වී
    මොකද මන්දා ලිපට වූයේ
    හදා ගත් ලුණු මිරිස රහ නැත
    මොකද මන්දා දිවට වූයේ
    ++++++++++++++++++++++++++++++++
    කොහේ සිට ඔබ පැමිණියේදෝ
    සිහිනයේ රැඳුණු ඒ අප්සරා
    මගේ ඉරබටු තාරකාවිය
    ඔබට ගැයෙනා නැවුම් කුළුඳුල්
    ප්‍රේම ගීයයි මේ….
    --------------------
    කේ .ඩි .කේ ධර්මවර්ධන ගැන නොදන්නා බොහෝ දෙනා ඔහුගේ නිර්මාණ ගැන නම් දන්නා බව කිව යුතුමය ...බොහොම ස්තුතියි ප්‍රභාත් මහත්තයෝ මේ වැනි සටහනක් ඔහු වෙනුවෙන් ගෙන එම ගැන ..ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. පමා වි උත්තර බඳින්නට සිදුවීම ගැන කමන්න ඇණෝ කුමරුණි

      මා ඔබේ කමෙන්ටුවා දුටුවේ දැනුයි

      ජය ශ්‍රී

      Delete
    2. අනියත බව කාමරාගය සැකය

      කේ ඩි කේ ගී පද රචනා යටින් දිවයන ජීවන දර්ශනය වටහගනු සමතෙකු ඔහු ගේ සොඳුරු කවීත්වයේ නිසි රස බැඵවෙකු වන්නේය

      Delete
  2. හොද අදහස් ටිකක්....... මේ විස්තර හරහා අපි නොදන්නා බොහොමයක් දේවල් දැන ගන්න හැකියි.... ඉතින් ඔබේ බ්ලොග් රචනයට සුභ පතනවා... ජයවේවා..

    ReplyDelete
    Replies
    1. කුරුටු ගෑ ගී පවුරාණෙනි ඔබටද ප්‍රණාම වේවා

      Delete
  3. මග පෙන්නුව සින්දු ඇනෝට අනේක වාරයක් ස්තූතියි. නැත්නම් මේ අනගි සටහන මගහැරෙනවා.

    ඔවුන් වපුල කලා කෙතේ අස්වනු නෙලා අද ගොන් නාම්බන් ඉපනැල්ලේ පිනුම් ගසති.අපි මැඩුවන් දෙස බලා සුසුම් හෙලමු...

    බොහොම ස්තූතියි මෙවන් කලාකරුවන් ආපසු වර්තමානයට ගෙන ඒමට දරණ මේ උත්සාහයට.

    ReplyDelete
    Replies
    1. මේa බ්ලෝග් හවුසියට ගොඩවැදී කතාබහ කරගිය ඔබට ද ස්‌තූතියි මළණුවනි

      Delete
  4. කේ ඩී කේ අන්තිමට නැවතුනේ මේ අරාබියෙ රස් අල් කයිමා ට්‍රයිකෝ එකේ කළමණාකාරකමේ. ඔන්න ප්‍රවීන රචකයන්ට රටේ තිබ්බ තැන.

    ReplyDelete
    Replies
    1. සැබැවි එහි අරුමයක්‌ද නැත

      එතරම් සේවයක්‌ කළ සුනිල් ශාන්තයන් ජා ඇළ පොළේ කරවල විකුණන්නට පෙළඹුවන් අතරින්

      Delete
  5. මේ වගේ මිනිස්සුන්ව කුනුමාලු වගේ විසිකළ පාලකයන්ට ශාප වෙනවා.

    මේ හඬ, මේ ගීත රචනා, අපේ මතකය මැරෙන තුරු පවතිනවා.

    ReplyDelete
  6. දක්‍ෂයන්ට මේ කොදෙව්වේ ඉඩකඩ අවමය

    ඊර්ෂ්‍යාව හිස්‌ මුදුනතම වැජඹෙන බැවිනි

    ReplyDelete