namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, April 7, 2016

මියුරස වෑහෙන සිංහල සිනමා ගීයේ විසිතුරු


මියුරස වෑහෙන සිංහල සිනමා ගීයේ විසිතුරු - ඩඩ්ලි වානගුරු සිනමා නිර්මාණය සැගවුණු මැණික - 1967 අප්‍රේල් 07


මේ 1960 දශකයයි නොබෝදා භාරතයේ නිකුත් වූ නවතම හින්දි සිනමා පටයේ ගී තැටිය වාදනය කෙරෙමින් පවතී

ගායකයා එය උනන්දුවෙන් සවන් දෙයි

කොතරම් නම් සුන්දර ද ? මිහිරි ද ?

 

මීට සුදුසු සිංහල වදන් ඇමිණීම විශේෂඥයා කවුරුන්දැයි ඔශු දනී එහෙත් ස්‌වර ලිපිය ?

ඊට ද විශේෂඥයෙකු පෙනෙන ඉසව්වේම සිටියි ගායකයා ඔශු කැඳවාගෙන විත් එය සවන් දීමට සලස්‌වයි

ගීතය අඩංගු තැටිය ධාවනය වෙමින් පවතී
අප කථා නායකයාණෝ කඩදාසි කොළයක්‌ ගෙන වහා වහා එහි ස්‌වර මාළාව සටහන් කර ගන්නා අයුරු සෙස්‌සෝ අයාගත් මුවින් යුතුව බලා සිටිති

ගීතය ධාවනය වී අවසානය ස්‌වර ලිපිය ද සූදානම්ය ඉතිරි වැඩ කොටස එතරම් අසීරු නොවේ

කෙසගZ කුඩා සිරුරකින් හෙබියාවවුවත්  හෙළ ගීය වෙනුවෙන් දැවැන්ත කාර්ය භාරයක්‌ ඉටු කළ මෙs අපූරු සංගීතවෙsදියා / වාදකයා / එතරම් ප්‍රකට නොවූ ගායකයා දැන් අප අතර නැතත් ඔශුගේ අමරණීය තනු නිර්මාණ පෙළ එදත් අදත් හෙටත් සුභාවිත සිංහල ගී ශ්‍රාවකයන් පිනවනු ලබයි

මෙs දිගහැරෙන්නේ ඔහුගේ කථාවයි

වර්ෂ 1934 නිකිණි මස 11 වන දාතමින් කොළඹ නගරයේ කොටහේන ජන්ම ලාභය ලැබූ හෙතම පැට්රික් දෙණිපිටිය නමි විය

දුම්රිය ස්‌ථානාධිපතිවරයෙකු ලෙස කටයුතු කල පියාණන්ගේ රැකියාව නිසා ඔහු දිවයිනේ ප්‍රකට පාසල් ගණනාවක ශිෂ්‍ය දිවියකට හිමිකමි ලබන්නට සිදු විය

ශාන්ත තෝමස්‌ - මාතලේ / ශාන්ත මරියා  - නාවලපිටිය / ශාන්ත සෙබස්‌තියන් - මොරටුව / ශාන්ත ඇලොෂියස්‌ / ශාන්ත බෙනඩික්‌ට්‌ - කොටහේන ඒ පාසල්ය

නාවලපිටියේ දී හිරිමල් වියේ සිසුවකුව සිටි ඔහු  ශාන්ත මරියා දේවස්‌ථානයේ ගීතිකා කණ්‌ඩායමේ සමාජිකයෙකු ලෙස කටයුතු කරනු ලැබුවේ තමාට වඩා තරමක්‌ ජ්‍යෙෂ්ඨ සිසුවකු වූ ක්‍රිස්‌ටෝපර් ටියුඩර් ප්‍රනාන්දු සමගය (පසුව හෙළ ගීයේ ජයදද නැංවු සී ටී ප්‍රනාන්දු)

පසු කලෙක අගනුවර ආසන්නෙයේ  ජා ඇළ දිවි ගෙවූ ඔහුගේ ගායන- වාදන ශිල්පය ඔපමට්‌ටම් වූයේ බම්බලපිටියේ  සංගීත පාසලක්‌ පවත්වා ගෙන ගිය සුනිල් ශාන්තයන් ඇසුරේය

හෙළ හවුලේ ක්‍රියාකාරී සුනිලුන් තම ස්‌වරලිපි සඳහා මහප්‍රාණ ධ අක්‍ෂරය වෙනුවට සාමාන්‍ය ද යෙදීම පුරුද්දක්‌ කරගෙන තිබිනි පැටි්‍රක්‌ තම ගුරුදේවාණන්ට උපහාර දැක්‌වුයේ මුඵ දිවිය පුරාම ඔශුගේ ඒ ක්‍රමය තමා විසින්ද අඛන්ඩව භාවිතා කිරීමෙනි


වැඩිදෙනෙකු අත නොරැඳුනු එතරම්ම ප්‍රකට නොවූ බටහිර ගීටාර් පවුල නියෝජනය කළ වාද්‍ය භාන්ඩයක්‌ වූ හවායන් ගිටාරය ට පෙමිබැඳි ඔශු තම නිර්මාණ සඳහා ද වෙනත් පටිගතකිරීම් උදෙසා ද නිරතුරු එය යොදාගනු ලැබීය

මෙs අතරවාරයේ තම සිසුවාගේ නිසග හැකියාව මනාව අවබෝධ කරගනු ලැබූ සුනිලුන් තමන්ගේ ගුවන් විදුලි ගී නිර්මාණයන් හි වාද්‍ය ශිල්පියෙකු ලෙස ඔහුව සහභාගි කරවා ගනු ලැබීය (පහත නිදසුන් පරිශීලනය කරන්න)

තම ගුරුදේවාණන්ගේ අති සුමියුරු ගී නිර්මාණයන් හි අගය වටහ ගත් ඔහු මතු පරපුර උදෙසා ඒවා ආරක්‍ෂාකර තැබීමේ අදහසින් පසු කාලයකදී තමාම මැදිහත් වී බලවත් පෙරැත්තයකින් හා ආයචනයකින් පසුව ඒවා යළි පටිගත කරනු ලැබීය

1957 වසරේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුවේද අනතුරුව කොළඹ ලේක්‌හවුස්‌ ආයතනයේ හා ලේක්‌ හවුස්‌ පොත්හලේ ද සේවය කල ඔහු ඒ අතරවාරයේ නිර්මාණකරයේ අඛන්ඩව  යෙදී සිටියේය

සිනමා සංගීත අධ්‍යක්‍ෂණයට පිවිසෙන්නට දොරටු විවෘත ව ඔහු විසින් ඒ කටයුත්ත අති සාර්ථකව සම්පූර්ණ කරනු ලැබුවෙs අමරණීය මියුරු ගී තනු රැසක්‌ ඊට දායද කරවීමෙන ඉහත සඳහන් වන්නේ ඔහුගේ මංගල සිනමා සංගීත අධ්‍යක්‍ෂණයයි

මුල් යුගයේ දී නිරතුරු ඔහුගේ වාද්‍ය වෘන්දයේ සේවය කලවුන් අතර හෙළ ගී කලාවේ නමරැන්දුවෝ වූ එම් කේ රොක්‌සාමි හා ටී එෆ් ලතීෆ් ද විය

ලංකාවේ ප්‍රථම වරට ලන්ඩනයේ සංගීත ප්‍රසංගයකට සහභාගී විමට වරම් ලැබූ තම සගයා වූ සී ටී ප්‍රනාන්දු වෙනුවෙන් එහිගොස්‌ වාදනයෙන් සහභාගි වන්නට ඔහු අවස්‌ථාව උදාකර ගත්තේය

පසුව 70 දශකයේදී තමා විසින්ම ප්‍රැටික්‌ දෙණිපිටිය - කොම්බෝ නමින් වාද්‍ය වෘන්දයක්‌ බිහිරවාගත් ඔශු ඒ ඔස්‌සේ ප්‍රසංග වෙsදිකාව හැඩ ගැන්වීය


90 දශකයේ සිංහල සංගීතයේ අඳුරු යුගය එළඹෙන යාමයේ කැනඩාව ට සංක්‍රමණය වූ මෙs සංවෙsදී සුන්දර සංගීතවෙsදියාණන් 1996 දී දැඩි ලෙස රෝගාතුර විය

21 සියවස එළැඹී 13 වන වසර ගතවෙද්දී මැදින් මස 23 දාතමින් තම ආදරණිය රසිකයාගෙන් ගව් සියගව් දහස්‌ ගණනක්‌ දුරින් සිට මෙs උත්කෘෂ්ඨ නිර්මාණකරුවාණෝ අවසන් හුස්‌ම පොද වා තලයට මසුකළහ
------------------
පැට්රික් දෙණිපිටිය අමරණීය සිනමා ගී නිර්මාණ

සැගවුනු මැණික - ඩඩ්ලි වානගුරු

ඈත කඳුරැලි සිඹ සිඹ දැවිටිලා - (සී ඩී ෆොන්සේකා / සි ටී ප්‍රනාන්දු) / සාගර රැල්ල ගලා වෙරලෙම බැස යනවා / සුදු පිරුවට රෙද්දේ කවුරුදෝ මඩදිය පිරිමැද්දේ (බෙග්) / පිපිලා හද විලේ - (ධර්මදාස වල්පොළ - ලතා වල්පොළ)

සැණකෙලිය - හර්බට්‌ රංජිත් පීරිස්‌

රැයක්‌ උපද්දා හිරු ඈත්ව යන්නා (මිල්ටන් මල්ලවාරච්චි) / සමනළ රෑණක්‌ සේ (ඉන්ද්‍රාණි පෙරේරා - මිල්ටන් මල්ලවාරච්චි)
පැට්රික්  දෙණිපිටිය - හවායන් ගිටාරයේ ශ්‍රී ලාංකික ලකුණ

ශෝකී හඩක්‌ නංවන මෙs වාද්‍ය භාන්ඩය ගීයක සංවෙදීs බව තිව්ර කිරීම සඳහා විශේෂයෙන් යොදාගනු ලැබේ හැගුම්බර පදවැල් ඔස්‌සේ සංනිවේදනය කරන අදහස තිව්ර කිරීම එයින් සිදුකෙරේ ඒ අනුව විරහ වෙsදනාව සංගීතයෙන් ප්‍රකාශ කිරිමේ මාධ්‍යයක්‌ ලෙස එය වඩාත් ප්‍රථිපලදායකය

ලෝහ කැබැල්ලකින් තත් හඩවන්නේ එය ආධාරකයක තිරස්‌ව රඳවා ගෙනය

නිදසුන් (මුල් පිටපත් අධ්‍යයනය කරන්න)

01 මා නිසා ඔබ නොපිරූ පෙරුම්  - (මිල්ටන් මල්ලවාරච්චි විරහ ගීය)

කෝ එදා ඔබ අත පැළැන්දුව මුදුව කෝ කොයිදෝ / මාලිගාවක රජ කෙනෙක්‌ වත් යනවද කැඳවා

02 ඈත රන් කැඵම් අතරින් (මිල්ටන්)

අන්තර් වාදනය හා අන්තරා කොටස්‌ අතරවාරයේ


යන මේ අවස්‌ථා
--------------------------
වෙළඳ තැටි හා ගුවන් විදුලි නිර්මාණ

උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ (ආර් එස්‌ ෆොන්සේකා-රසීනා යකීම්-ඇන්ජලීන් ද ලැනරෝල් ගුණතිලක) / පුඵන් වගේ සුදු රැවුල දිගයි (ආර් එස්‌-රසීනා-ඇන්ජලීන්) / හිතේ එකක්‌ තියා එකක්‌ කියන්නෙපා (ඇන්ජලීන්) / ඉගිලෙන්නට බැහැනේ තටු ඇවිදින් නැහැනේ (ඇන්ජලීන්) / ඉවුරු තලා ගංගා බැස යනවා (මිල්ටන්) / මා නිසා ඔබ (මිල්ටන්) / සයුරු තෙරේදී අවන් හලේදී (මිල්ටන්) / ඈත රන් කැඵම් අතරින් (මිල්ටන්) / උමයංගනියෝ සුර ලාලනියෝ (ජෝති) / අපරට සුරකින සුර රජිඳේ (ජෝති) / රුවන් අඹර සෙමෙර සලන වලා පෙළගැසේ (ලතා දිසානයක - ජයතිස්‌ස හෙට්‌ටිආරච්චි) / ශ්‍රිණි විභුෂිත ලංකා බැබලේ (ලතා වල්පොල) /

----------------------------
(පරිශීලනය - ගුවන් විදුලි හඩ සගරාව වෙනුවෙන් සංගීතවේදී මෙල්රෝයි ධර්මරත්න ලියු ලිපියක්‌ ඇසුරෙනි)


ගීතය - සැගවුණු මැණික - 1967

පිපිලා හද විලේ (මුල් පිටපත)

අධ්‍යක්‍ෂණය- ඩඩ්ලි වානගුරු
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය - පැට්‍රික්‌ දෙණිපිටිය
ගායනය - ධර්මදාස වල්පොළ - ලතා වල්පොළ


මෙතැනින් සවන්දෙන්න



යු තලයේ සිනමා දර්ශනය
------------------------

-------------------------------------

උමයංගනියෝ සුරලාලනියෝ (මුල් පිටපත)

පද රචනය - කේ ඩී කේ ධර්මවර්ධන
තනුව හා සංගීතය - පැට්‍රික්‌ දෙණිපිටිය
ගායනය - එච් ආර් ජෝතිපාල

-----------------------------------
මෙතැනින් සවන්දෙන්න


පැ
ට්‍රික්‌ දෙණිපිටිය අමරණීය ගී තනු නිර්මාණ  - හවායන් ගිටාර් නාදමාලා එකතුව මෙතැනින් ශ්‍රවණය කරන්න

6 comments:

  1. අතීත මතකයන් හරි වටිනවා නේද? පැට්‍රික් දෙනිපිටිය ශිල්පියා අති මහත් සේවාවක් කල බව පෙනෙනවා සිංහල (චිත්‍රපට) සංගීතයට. බොහොමත්ම ස්තුතියි ඔබගේ වටිනා ලිපියට ප්‍රභාත්.

    ReplyDelete
    Replies
    1. ඔබ ගේ ප්‍රතිචාරයට ස්‌තුතියි වජිරා

      Delete
  2. අපූරු ලිපියක් අගෙයි...

    ReplyDelete
    Replies
    1. ස්‌තුතියි නිර්මාණී පාඨකය

      Delete
  3. මේ අසහාය වාදය ශිල්පියා, 1960 දශකයේ අග භාගයේදී, ප්‍රසිද්ධ සංගීත සංදර්ශන වලදී, 'පැට්‍රික් දෙනිපිටිය කොම්බෝ'වාදය වෘන්දය සමග, සංගීතය සැපයු හැටි, එකල පාසල් සිසුන් වූ අපි, විශ්මිතව බලාහිටියා. ඒ කාලයේ, මේ හවායියන් ගිටාරය, අපට මහා මැජික් එකක් වුනා.

    ඔබෙන් කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි. ඔබ මේ බ්ලොග් එක පවත්වාගෙන යන විෂයය අනුව පින්තූර සහ වීඩියෝ නිතර දාන්න සිදුවෙනවා. එහෙම නැතිවුනොත් බ්ලොග් එකේ පරිපූර්ණ බව අඩු වෙනවා. උදාහරණයක් වශයේ හවායියන් ගිටාරය කිව්වොත්, අඩු ගණනේ, ඒ සංගීත භාණ්ඩය ගැන කියවෙන ලිපියකට ලින්ක් එකක්වත් දාන්න ඕනේ. නමුත් පින්තූරයක් දැමීම තමයි වඩාත් සුදුසු. පැට්‍රික් දෙනිපිටිය වාදනයේ යෙදෙන කෙටි වීඩියෝවක් දැම්මොත්, අතිවිශිෂ්ඨයි. ඒ නිසා ඒගැන හිතන්න. කමෙන්ට්ස් වලටත් වීඩියෝ සහ පින්තූර එකතු කරන්න සකසන්න පුළුවන්. මේ ලිපිය කියවා බලන්න.

    http://fullyblogging.blogspot.com/2012/03/add-videosimages-in-bloggerblogspot.html

    ReplyDelete
  4. අදහස්‌ දැක්‌වීම හා යෝජනා සම්බන්ධයෙන් ස්‌තුතියි මිතුර එය වඩාත් ඵලදායකයි බ්ලෝග් සටහනක අගය එයින් වැඩි වන බව සත්‍යයයි

    ඉදිරි ලිපි සඳහා එවැනි පාදක සටහන් යොමු වෙනත් වෙබ් අඩවි සඳහා යන මෙsවා එකතු කරන්නට අදහස්‌ කරගෙන සිටිනවා

    ReplyDelete