namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Monday, July 11, 2016

දම්මි - සුගත් ආදර අන්දරයේ රසමුසු තැන්

දසත පතල වියතුන් සභා මැද සුගත් ද විය

ස්‌ථානය හොරණ තක්‍ෂිලා විදුහල

වකවානුව 50 දශකය

මෙහි කථානායකයා සුගත් ය පංතියේ සෙසු සෙස්‌සන් අතරින් කැපි පෙණුනු එක්‌තරා බාලිකාවක්‌ තමා කෙරෙහි උනන්දුවක්‌ දක්‌වන බවක්‌ ඔහුට හැගී ගියේය
ඇය දම්මිය

ඉගි බිගි හැරුණුවිට කතාබහ ට අවසර නැත

ඇය වෙසෙන්නේ විදුහල අසන්නයේ බවත් එක්‌තරා ප්‍රසිද්ධ වෙද මහතෙකු ඇගේ පියාණන් බවත් සුගත්ට දැනගන්නට ලැබිනි

ඇය පාසල් අවේ ඇගේ නැගණිය සමගය
පියා තම මෝටර් රථයෙන් ඔවුන් අපසු රැගෙන යයි

ඔශු ඇය වෙසෙනවා කි නිවස ආසන්නයෙන් එහා මෙහා ගමන් කලේය එය ගමේ ප්‍රභු නිවසක්‌ බඳු වැදගත් සුවිසල් නිවසකි

එහා පංතියේ සිටියේ සුගත්ගේ අතිජාත පාසල් සගයෙකි දෙදෙනා එකිනෙකා ගේ නිවස්‌ හි රාත්‍රිය ගතකිරීම අල්ලප සල්ලපයේ යෙදීම නිතර දැකිය හැකිය

යාබද පන්තියේ මිතුරා ද ඉහත කි බාලිකාව සමග සිහින පෙමක වෙළි සිටි බව සුගත් කෙසේ දනීද ?

ඒ දැරිය තම මිතුරා සමග බස්‌ තෙපළනයුරු සුගත් ද නොදුටුවා නොවේ

තමන් ඇය හා එසේ කථාකරන්නට මැළිවන්නේ ඇයිදැයි ඔහු ට සිතිණි

දිනක සුගත් ට තම හිතවත් පොත් සාප්පු කරුවෙකු අත ලිපියක්‌ ලැබී තිබුනේ මිතුරාගෙනි

වියෝදුක්‌ගින්න වදන් වලට පෙරළා සටහන් කරනු ලැබ අවසානයේ බාලිකාවගේ තීරණය බාරගන්නා බවත් දෙදෙනාටම සුභ පතන බවත් එහි ලියෑවී තිබිනි

වරෙක දෙමිතුරෝ  හොරණ දී මුණගැසිනි

මිතුරා ඉකිගසමින් හඩන්නට විය

මේ තෙකොන් ජවනිකා පෙළ ට විරාමයට තැබුනේ තිදෙනා පසුව පාසල් තුනකට බෙදී වෙන්වි ගිය පසුවය

ඒ අනුව සුගත් කොළඹ නාලන්දයට ද දම්මි විශාඛාවටද සුගත් මිතුරා නුගේගොඩ නාලන්ද ඇකඩමි නම් පාසලටද යොමු කෙරිනි

මෙතුවක්‌ විස්‌තර කෙරුණු සිදුවිමේ අමුත්ත කුමක්‌ද ?

මෙවන් සිදුවිම් එදා ද අදද හෙටද සියදහස්‌ ගණනින් සිදුවෙයි ඇත්තෙන්ම එහි වැදගත් යමක්‌ ඇද්දැයි පාඨක භවතුන් විමසනු ඇත

ඊට පිළිතුර ඔව් යන්නයි

මන්ද ඒ ?

එය ලක්‌දිව ගෙවිගිය දශක 04-05 ක යුගයේ සිංහල සාහිත - සිනමා - ගී - කලා ලොව වැඩිම අවධනයකට පාදක වූ යොවුන් හද නිති කිති කැවූ නවකථාවකට මුලික වස්‌තු බීජය වීමයි

ඒ ඉහත කි දම්මි - සුගත් ආදර අන්දරය කැටිවූ ගොඵ හදවතයි එනමින් වූ සිනමා පටයයි එනමින් ලියෑවුණු අමරණීය ගේය පද රචනාවයි

එහි රචකයා 50 දශකයේ මහ නවකථාකරු කරුණාසේන ජයලත්ය ඉහත කි දම්මිට රහසින් පෙම්කල යාබද පංතියේ මිතුරාණෝය

සුගත් ප්‍රවිණ ගත්කතුවර - කලා විචාරක ගුරුවරයෙකු වූ දොන් බෝල්ඩ්වින් කුරුප්පු ය එනම් ඩී බී කුරුප්පුය

දම්මි පද්මා ලාලනී ගුණරත්න ය

මෙතැනින් මේ පුර්විකාවේ ශෘංගාර රසය පසෙකලා වෙනත් මානයකට පිවිසෙමු


නාලන්දයේ දී ඔහුගේ මිතුරු ලැයිස්‌තුවට ලක්‌දිව ඒ ඒ ක්‍ෂේත්‍රයේ නම රැන්දු ප්‍රවිණයන් කිහිප දෙනෙකු ඇතුළත්ය

ගුවන් විදුලි නිවේදක ගීත රචක කරුණාරත්න අබේසේකර

පරිපාලන නිලධාරි ගුවන් විදුලියේ මහ පුටුව හෙබවු රිජ්වේ තිලකරත්න

සිනමා නඵ ගායක රවින්ද්‍ර රූපසේන

ලෝ පූජිත වෛද්‍ය හඩ්සන් සිල්වා

එහි ඇතුළත්ය

1949 දී නාලන්දයෙන් සරසවියට පියමං කරන්නට වාසනා මහිමය ලත් කුරුප්පු සිසුවා ගේ ගුරුදෙව් කැළ ද මහ පඩුවන් ය

මහඇදුරන් වූදු සුවහසක්‌ පාඨක දන ට ද ගුරුවරුන් වූ ද ජෝතිය ධීරසේකර රැ ජී සි මැන්දිස්‌ රැ ඩි ඊ හෙට්‌ටිආරච්චි රැ ඇම් බී ආරියපාල හා එදිරිවීර සරත්චන්ද්‍රයෝ ඒ අතරින් කිහිපදෙනෙකි

එපමණක්‌ද නොව

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ධුරන්දර ස්‌ටැන්ලි තිලකරත්න

මහා නාට්‍යවේදීන් වූ දයානන්ද ගුණවර්ධන (බක්‌මහ අකුණු නරිබැණා මධුර ජවනිකා පසුව බක්‌මහ දීගේ සිනමා කෘතියේ අදියුරු) හා ගුණසේන ගලප්පත්ති (මූදු පුත්තු)

මහ ගත්කරු පුවත්පත් කලාවේ ඇසූපිරූ තැන් ඇති මාගම් තෙන්නකෝන්

ඔහුගේ සමකාලීන සිසුන් විය

එයින් නික්‌මුණු ගොඵ හදවතේ සැබෑ සුගත්
ගේ ඊලග නවාතැන වූයේ කොළඹ ආනන්දයයි ඔහු එහි ඇදුරු මඩුල්ලට එක්‌විය

මේ කථාවේ මිලග වැදගත් පරිච්ඡේදයේ නාමාවලිය සරසන්නේ ඔබ අප හොඳින් හඳුනන වියතුන් පෙළකි

සිංහල සාහිත්‍ය කලාව ඇතුඵ තමන් නියෝජනය කළ එකී ක්‍ෂේත්‍රය එදත් අදත් බබළවන ඔවූහූ සුගත් නොහොත් කුරුප්පු මහා ගුරුභවතාණෝ ගේ සිසුන් ය

ඔවූහූ කවරේද යත්

මහඇදුරු ජේ බී දිසානායක (සිංහල ව්‍යාකරණ වියතෙකි ගත් කතුවරයෙකි කලෙක තායිලන්තයේ මහ කොමසාරිස්‌ ධුරය දැරුවෙකි රැ 80 දශකයේ තුන්පත් රටා ගුවන් විදුලි වැඩසටහනේ නිර්මාතෘ


ඇදුරු සුනන්ද මහේන්ද්‍ර ගත් කතුවරයෙකි කවියෙකි ගුවන් විදුලි වැඩසටහන් සම්පාදකයෙකි වියත් ලේඛකයෙකි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකි

බන්ඩාර කේ විජේතුංග - ප්‍රචාරක නිලධාරියෙකි ගුවන් විදුලි ශිල්පියෙකි නිවේදකයෙකි කවියෙකි ගීත රචකයෙකි

කරු ජයසූරිය - වර්තාමන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානයක ධූරන්දර ව්‍යවසායෙකි ව්‍යාපාරිකයෙකි

ඇදුරු වික්‍රමබාහු කරුණාරත්න - ප්‍රගතිශීලි විද්වතෙකි දශක 05 ක දේශපාලඥයෙකි කථිකාචාර්යවරයෙකි

වෙදැදුරු උපුල් විජේවර්ධන - හෘද රෝග විශේෂඥ වෙදැදුරෙකි වියත් ද්විභාෂා ලේඛකයෙකි

ඇදුරු ඩි බි නිහාල්සිංහ - මහා සිනමාවේදී සිනමා කැමරාකාචය බුහුටිව මෙහෙයවූ ඔහු රාජ්‍ය චිත්‍රපට සංස්‌ථාවේ පුරෝගාමි නියමුවාණෝය සිංහල ටෙලිනඵ කලාවේ පුරෝගාමියාය

ගුවන් විදුලි ශිල්පී විජේරත්න වරකගොඩ - ගුවන් විදුලි ශ්‍රාවක වාර්තාලාභී රංගනශිල්පී ගායන ශිල්පී

සිනමා නඵ අදියුරු අශෝක පොනනම්පෙරුම 60 දශකයේ සිනමා තරුවකි අධ්‍යක්‍ෂවරයෙකි

මේජර් ජනරාල් ලකී අල්ගම - උතුරේ හමුදාක්‍රියාන්විතයේ කැපී පෙනෙන නිලදරුවෙකි


ලක්‌දෙරණ බැබළවූ මිණිමුතුවන් මෙවන් අසිරිමත් මිනිසුන් රැසක ඇසුර ලැබූ ඩී බී කුරුප්පු මහතා දිවියේ සැඳැසුවය ලබමින් කැන්ගරු දේශයේ වෙසෙයි

ඔහුට නිදුක්‌ නිරෝගි චීර ජීවනය පතමු

(පරිශීලනය කරුණු උපුටනය - ඒ ඩී රංජිත් කුමාර ප්‍රවිණ ජ්‍යෙෂ්ඨ සිනමා ලේඛකයානන් විසින් සිඵමිණ පුවත්පතට මෑතදී සැපයූ ලිපියකිනි)

--------------------------------
මේ ආදර අන්දරය කරුණාසේන ජයලතුන්ගේ මනස කළඹවන්නට ඇත ඔහු ස්‌වකීය නවකථාව එළි දක්‌වන්නට පෙරාතුව ම ඒ පිළිබඳව මෙසේ සටහන් කර තබන ලදී ඒ 1962 තරම් ඈත කලයකදීය

නුහුරු නුපුරුදු රහස පිළිබඳ
මිහිර ආදර යයි කියා

පවුරු බැඳගෙන හිතට වදදුන් රසවතී නෑ කොයි ගියා

(අන්තර් සංගීත ඛන්ඩය)

ආදරෙයි මම ආදරෙයි
ආදරෙයි මම ආදරෙයි

සුගත් තවමත් ආදරෙයි

අසිරිමත් ලෙස බැඳුනු ඒ රුව
කඵ වලාවෙන් යට වුනා
මිහිරියාවිය අනේ දවසක
ඔබේ හදවත ගොඵවුනා


ප්‍රවිණ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී ඉන්ද්‍රාණි විජයබන්ඩාර මෙසේ කියන්නීය

ජයලත් දවසක්‌ කඩිමුඩියේ අප නිවසට පැමිණියා මෙය සරල ගී වැඩසටහනක්‌ උදෙස යොදාගන්නා ලෙස පවසා සිසිර අත තබනු ලැබුවා

සිසිර විසින් එයට අතිශය සුන්දර තනුවක්‌ යොදනු ලැබුවා

පසුව ඒ ආසන්න දිනයක අප දෙදෙනා සහභාගි වූ ගුවන් විදුලි සරළ ගී වැඩසටහනකදී මෙය පටිගත කරනු ලැබුවේ 1962 වසරේදීයි

මෙහි එදා සිදුකල මුල්ම පටිගතකිරීම සඳහා වාද්‍ය වෘන්දයේ නැසිගිය එම් කේ රොක්‌සාමි වයලීන් වාදනයෙන්ද නැසිගිය
පැටි්‍රක්‌ දෙණිපිටිය ගිටාර් වාදනයෙන්ද සහභාගි වූ බව මතකය

මෙය ගුවන් විදුලි සරළ ගීතයක්‌ ඊට වසර කිහිපයකට පසු තිරගත වූ ගොඵ හදවත සිනමා පටය හා මේ අතර සබැඳියාවක්‌ නැති බව සඳහන් කළ යුතුය


(මේ ගීතය පසුව කිහිප වාරයක්‌ වෙළඳ තැටි කැසට්‌ පට හා සිඩී සඳහා පටිගත කරනු ලැබුවේ එහි අසිමිත ජනප්‍රියතාවය නිසයි)

වෙළඳ තැටියක්‌ උදෙසා 70 මැද භාගයේදීද යළිත් කැසට්‌ තාක්‍ෂණයේ ආරම්භක යුගයේ දීද එය ඔවුන් යළි යළිත් තම ආදරණිය රසිකයන් වෙනුවෙන් ගැයූහ

එහෙත් මෙහි ඔබ විඳින්නේ එදා 1962 වසරේ පටිගත කරන ලද මුල්ම ගුවන් විදුලි පිටපතේ රසමිහිරියාවයි


මෙතැනින් සවන්දෙන්න


සමාප්තයි

පරිශීලනය හා උපුටාගැනීම් (සේයාරුව ඇතුඵ) - නොව පැරණිය ලිපි සරණිය - ඒ ඩී රංජිත් කුමාර

ඩී බි කුරුප්පු සල්ලාපය - සිඵමිණ පුවත්පත - ඒ ඩී රංජිත් කුමාර (හිටපු සරසවිය කර්තෘ)

7 comments:

  1. හැමදාමත් වගේ අදත් සිත් ගත් ලිපියක්. අගෙයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්‌තුතියි සුපුරුදු ලෙසටම

      Delete
  2. ස්තුතියි රාජසූරිය මහත්තයෝ ..වටිනා විස්තරයක් ,අනාගතය සඳහා ආයෝජනයක් ...
    ජයවේවා !!!

    ReplyDelete
  3. ස්‌තුතියි ඇණෝ

    ඔබේ දිරිගැන්වීම දහස්‌ වටී

    ReplyDelete
  4. මේ කියන විදිහට පොතේ කතෘ යාබද පන්තියේ තරුණයා නම් ඔහු තමයි සුගත් චරිතේ.

    දම්මිව ලැබුනු කෙනා නිහාල්.

    කොහොම උනත් හරිම රසවත් විස්තරයක්.

    ගොලු හදවත් කියෝපු කිසිම කෙනෙක්ට ඒක හිතලුවක් කියලා නම් හිතෙන්නේ නෑ.

    මොකද ඒ ලියපු විස්තර කරපු තාත්වික විදිහට ඒක ජයලත් මහතාගේ පුද්ගලික අත්දැකීමක් කියන එක ඕන කෙනෙක්ට තේරෙනවා.

    බොහෝම ස්තූතියි මේ සටහනට

    ReplyDelete