namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Wednesday, August 24, 2016

බඹර සිහිනයක මා සතපන්නට

70 දශකයේ මැවුණු නන්දා මාලනී ගී මුතුහර (ප්‍රවිණ ශිල්පිණී නන්දා මාලනී ගී තනු නිර්මාණයකි)
ගුවන් විදුලි ළමා ශිල්පිනියක්‌ ලෙස 14 වියේදී අශෝක කොළඹගේ පද සැකසුමට ඩි ඩී ඩැනී ශිල්පියා සංගීතය නිපැයූ බුදුසාදු මම සමන් වැළක්‌ වෙන්නම් ඇය දොරට වැඩි කලා නිර්මාණයයි එය ගුවන් විදුලි පටිගතකිරීමකි

මයික්‌ විල්සන් ගේ සිමාසහිත ද සෙරන්ඩිබ් ආයතනය විසින්a (රොඩ්නි ජෙන්ක්‌ලාස්‌ මහඇදුරු ආතර් සී ක්‌ලර්ක්‌) 1962 තිරගත කරන්නට යෙදුනු ලාංකීය සම්පූර්ණ වර්ණ චිත්‍රපටය වූ රන්මුතුදූව මහා බ්‍රිතාන්‍යයේ ටෙක්‌නිකලර් නම් මිල අධික රසායනාගාරයේ දී නිපදවනු ලැබීය
එහි සංගීත අංශය භාරවුයේ පන්ඩිත් අමරදේවයන් හටය එතුමෝ ඒ වෙනුවෙන් ලංකාවේ මුල්වරට සිනමාපටයක පසුබිමින් දිවයන මුල්ම වෘත්තිය මට්‌ටමේ පසුබිම් සංගීතයක්‌ නිර්මාණය කරන්නට යෙදිනි ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ පද සංකල්පානවන් අනුව ගායනය සඳහා තෝරාගැනුනේ නාරද දිසාසේකර හා නවක ගායිකාවක්‌ වූ නන්දා මාලනී ය

ඇය තමා ගැයු මුල්ම ගීතය වූ ගලන ගගකි ජීවිතේ සඳහා සරසවි සම්මානය දිනාගන්නා ලදී ඉන් අනතුරුව 1965 වසරේ තිස්‌ස ලියනසූරිය විසින් මැවූ සාරවිට සිනමා වෘතාන්තයේ මහගම සේකරයන් ගේ පද රචනාවක්‌ වූ අමරදේව සප්තස්‌වරය අනුවූ මේ සිංහල අපගේ රටයි ගීතය ද

1966 ලයනල් අමරසිංහ ගේ වෙසෙතුරු සිරිත වෙනුවෙන් යළිත් මහගම ගේ ගී පද අනුව පන්ඩිත් අමරදේව සංගීතයට රුවන් වළා දුහුල් කඩින් ගීය ද

1967 ධර්ම ශ්‍රී කල්දේරා ගේ රැණ ගිරව් වෙනුවෙන් ධර්මසිරි ගමගේ පද අනුව පන්ඩිත් අමරදේවයන් සමග රෑණ ගිරා ජෝඩුවයි ගීය ද

1968 අමරණාත් ජයතිලකයන්ගේ ආදරවන්තයෝ වෙනුවෙන් මර්සලීනු ජයකොඩි පියනමගේ පබැඳුමක්‌ වූ ද කේමදාසයන්ගේ තනු නිර්මාණයක්‌ වූද  දවසක මුතුළැල් ගෙනෙනවා ගීය ද

1969 සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කථාව වෙනුවනේ ඔහු හා මහගම සේකර එක්‌ව ලියූ කේමදාස සංගීතයෙන් පරිපූර්ණ සරා සොඳුරු මල් පැටලී ගීය වික්‌ටර් රත්නායක සමග ද

ඒ වසරේම දයානන්ද ගුණවර්ධනයන්ගේ බක්‌මහ දීගේ වෙනුවෙන් ඔහුම ලියූ මලකින් මලකට ගොස්‌ පැණි බොන්නද හා බිමට නැමුණු මල් පවනට හැලිලා සෝමදාස ඇල්විටිගල සංගීතයෙන් ඔපවත්ව

යන මේ සිනමා ගී ඇගේ මෝහණිය නිර්මාණ අතරට ගැනිය හැකිය

70 දශකයෙන් මෙපිට ඇය ගුවන් විදුලියට පිවිස එහි ළමා මන්ඩපය මෙහෙයවමින් ද සරළ ගී වැඩසටහන් ඉදිරිපත් කරමින්ද ගැයූ ගී තනු නිර්මාණ හා සංගීත අදියුරු මැවූයේ ඇයමය

එහිදී දේශීය ජන ගී ආර සාම්ප්‍රදායික දේශිය වාද්‍ය භාන්ඩ වැඩිමනත්ව යොදා ගැනුනු ඒ ගීතයන්හි අපුර්ව සුන්දරත්වයක්‌ ගැබ් ව තිබිනි එහිදි ඒ නිර්මාණ සදහා යොවුන් පද රචකයන් ලෙස සුනිල් ආරියරත්නයන්ද මහින්ද අල්ගම මෙන්ම ප්‍රවිණ ගී පද රචකයන් වූ ඩෝල්ටන් අල්විසුහූ හා මඩවල එස්‌ රත්නායකයන්ද සභභාගි විය

පසුව ඒවා ඇගේ මංගල ඒක පුද්ගල සංගීත ප්‍රසංගය වූ ශ්‍රවණ ආරාධනා සඳහා යොදාගැනිනි


චන්ද්‍ර මඩුලු යට
වාසනාව ඇගේ නෙතයි
සාරි පොඩිත්තක්‌ ඇඳගෙන
මිරිවැඩි සගලක්‌ ඉල්ලා හැඩුවෙමි
මල්හිනා පවන් සලා (ශ්‍රවණ ආරාධනා තේමා ගීතය)
වාසනාව ඇගේ නෙතයි
රන් ගිරි ගිරි ගිගිරි වළලු
චාරුලතා
හදවිල කළඹන පෙම් ජල රේඛා
කප්සුවහස්‌කල් පෙරුම් පුරාගෙන
රුක්‌ අත්තන මල මුදුනේ
ඇගිලි තුඩින් ටිකිරි හඩින්
සිංහල හාලේ බත
සකුරා මල් පිපිලා
හෙළ දෙරණේ කඳුල සුසුම
මල් මල් හීනය මිබද උදයේ
ඔබට මතක නෑ මට මතකයි
මිහි මඩලේ අඳුරු කුසේ
උඩගුලියන් ගොත බඳින
මිහිමඩලේ අඳුරු කුසේ


එදවස 70 දශකයේ ගුවන් විදුලි ගී නිර්මාණයන්ය
ප්‍රවිණ නර්තන ශිල්පී ළමා වැඩසටහන් සම්පාදක සුනෙත් ගෝකුල හා සරණබන්ධනයෙන් පසුව ඒ යුගයේ මේ ගී ගුවන් ගත කරවමින් නිවේදකයන් ඇයව අපට හඳුන්වාදුන්නේ නන්ද මාලනී ගෝකුල ලෙසිනි


මේවයේ ජනප්‍රියභාවය කොතෙක්‌ද යත් වෙළඳ තැටි නිර්මාණ සඳහා එයින් ඇතැම් ගී ඇය යළි ගැයුවාය

80 දශකයේ ඇය දොරට වැඩියේ නවමු ආකාරයක නන්දාවක්‌ ලෙසිනි ඒ අනුව ඇය එවක නවතම තාක්‍ෂණය වූ කැසට්‌ පට සඳහා වහා තම ශිල්පිය දායකත්වය ලබාදුන්නී නවපරපුරේ වෙනත් සංගීත අධ්‍යක්‍ෂකවරුන්ට ඇයගේ ගී නිර්මාණ සඳහා දොරවිවර කර දීමෙනි

ඒ අනුව

පෙරදා මහරෑ මා සිහිළැල් - 1980
කැලේ පීදි කැලේ සරසන මලේ - 1980
නෙලාගන්න බෑ මගේ අත දිග නෑ - 1981
මුව දඩයම අතැර දමා - 1980
සුළං කපොල්ලේ තැනු කැදැල්ලේ - 1982
කන්ද උඩින් අටවක සඳ - 1982
යුගයෙන් යුගයේ ඔබ දුටුවා - 1983
සූර්යයා වී ඉන්ද්‍ර දිගින් - 1983
හිරු බිහිරි සඳ ගොඵයි - 1983
පුංචි පුංචි රංචු එක්‌වෙලා - 1982
මධුර ප්‍රේම කල්පනා - 1982


ප්‍රමුඛ ව ගී කැසට්‌ පෙළක්‌ නිකුත් කරනු ලැබීය

ඒ අතරවාරයේ විරෝධාකල්ප ගී ගැයූ හෙළයේ මුල්ම ගායිකාව ලෙස ඇයගේ දෙවන කේවල ප්‍රසංගය වූ සත්‍යයේ ගීතය දියත් කරනු ලැබුවේ අසන්න ඇය ගයන්නී නම් හඳුන්වාදීමේ පාඨය සමගිනි

මෙයින් ඔබ්බට ඇතැම් ජ්‍යෙෂ්ඨ ශිල්පීන් ගීත කලාවෙන් දුරස්‌ වන්නට තැත් දරද්දී ඇය 21 සියවසේ පළමු හා මේ දෙවන දශකයේද තම රසිකයා වෙනුවෙන් ක්‍රියාශීලි මෙහෙවරක නිරත ව සිටිනු දැකීම හෙළ ගී රසිකයන් ලැබු වාසනාවකි

ඇය ගේ මෙහෙවර හා නිර්මාණ වපසරියේ අංශු මාත්‍රයකි මෙසේ සටහන් කරනු ලැබුවේ

පසුගියදා ජනම් දිනය සැමරූ ඇයට නිදුක්‌ නිරෝගී චිර ජීවනය උදා වේවා

බඹර සිහිනයක මා සතපන්නට
නැළවිලි ගී පද එපා කියන්නට
මුසා බසින් මා සිත සනසන්නට
සුරංගනා වත එපා කියන්නට

පහන් දොරින් මා හිරු හා අවදිව
ඔබ නෙත කඳුලැළි පිසදාලන්නම්
මගෙ රට මගේ දැය නිවහල් වන්නට
උදේ හවා හිඳ මෙලෙස පතන්නම්

පද සංකල්පනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය - නන්ද මාලනී

(දේශිය පහතරට බෙර වාදන උපයෝගි කරගත් 70 දශකයේ ගුවන් විදුලි නිර්මාණයක මුල් පටිගතකිරීමකි)

අසන්න මෙතැනින්

6 comments:

  1. මේ ගීතයත් මීට පෙර මා අසා නැත. කෙසේ වෙතත් නන්දා මාලනියන්ගේ ඒ හඩට මම බොහෝ සේ ඇලුම් කරමි. එතුමිය පිළිබදව මතකය අලුත් කෙරූ ඔබට ස්තූතියි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්‌තුතියි

      ඔව් මේ ගීතය දැන් ඇසෙන්නේ නෑ ඒ නිසයි තෝරාගත්තේ නව පටිගතකිරීමක්‌ නැතිව ඇතැයි සිතනවා

      Delete
  2. අනේ පුලුවන්ද නන්ද අක්ක 70/80 කාලේ ගීත වලට ළමා ගායිකාවක් ලෙස සිටිය රෝහිනී ජයසින්හ ගැන තොරතුරක් කියන්න. එය ඒ කාලේ නන්ද අක්ක එක්ක ගොඩක් ගීත ගායනා කලා

    ReplyDelete
    Replies
    1. මා ඒ ගණයේ ගීතයක්‌ මුහුණු පොතේ පළකලා (මව්කුස යහනට) ඉදිරි කොටසකදී ඒ පිළිබඳව ලියන්නම්

      Delete
  3. ස්තුතියි මේ සටහනට.."මව්කුස යහනට" ගීතයත් ඔබේ සටහන නිසාම හොයාගෙන ඇහුවා..

    ReplyDelete
  4. ස්‌තුතියි

    මව්කුස යහනට මා විසින් පවත්වාගෙන යන එදා ඇසුණු ගී මුහුණුපොත් රසික හවුලේ දී ද ඔබට සවන්දිය හැකියි

    ReplyDelete