namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Sunday, February 19, 2017

කේ ඩි කේ ධර්මවර්ධන මතක සුවද

සැමදා සුපුෂ්පිතය සුගන්ධවත්ය ඵලබරය ඒ අමිල ගී තුර - කේ ඩි කේ ධර්මවර්ධන මතක සුවද  - 01 කොටස

70 දශකයේ යොවුන් සිත් උන්මාද කළ

මිල්ටන් මල්ලවාරච්චිගේ සුමියුරු අමරණීය ප්‍රේම ගීතාවලිය

ඈත රන් කැඵම් අතරින්.....

ඔබ වෙනුවෙන් මා ගැයු ගී පෙරදා............


රන් එතනෝ මල් එතනෝ.............


සයුරු තෙරේදි අවන් හලේදී..............


රනඹර ඉඳුදුනු............


මා හා එදා ප්‍රිය සාදයේ...............


අතීතයේ පවා මගේ ලගින් හිදී....................


පැරදීලා පලාගියේ නෑ.......................


ඉවුරු තලා ගංගා බැස යනවා...............


මලින් මලේ රොන් ගන්නා බඹරු බඹන්නා..............



ඉහත ගී දම - මෙතැනින් සවන්දෙන්න




xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx


බිගු වැල රොන් සොයලා (වින්සන්ට්‌ රත්නායක)..........


දිනක හිරු බැස යන වෙලාවක (වික්‌ටර් රත්නායක)................


නිලුපුල් යුවලේ රතු තොල් සගලේ (මර්වින්)..............


ආදරේ රන් බිගුන් නැසූ (මර්වින් පෙරේරා).............


කුංකුම අංජන චන්දන තවරා චන්දනි සිනහ වුනා (විල්බට්‌ ඇන්තනි)........


බඹරු මත්වෙලා මලට ලංවේලා (විල්බට්‌ ඇන්තනි)...........


අද හවසට මා හමුවනු මැනවී (සුජාතා අත්තනායක)............


සුරංගනා මල් ඇතිරූ මාවතේ (සුජාතා අත්තනායක).............


උණ පදුරක මල් පිපිලා ඔබේ පෙමත් ඒ වගේ (විජේසිරිවර්ධන පොළොන්නොවිට)...................


මා සනසා මා නළවා සුරංගනාවක්‌ හෙමින් ඇවිල්ලා (මර්වින් පෙරේරා)....


ඔබට සිත ආදරේ කරයි දෙතොල ගොඵවි (දයාරත්න පෙරේරා)...........


මෙකී ගී බිඳිති- පෙළ - මෙතැනින් සවන්දෙන්න



ඉහත කී ගි පෙල කලක්‌ සිංහල ගීතාවලියේ ගී රසික යව්වන සිත් මෝහනය කළ නිතර මුවග රැව් පිළිරැව් දුන් ගී පෙළ අතරින් හිනිපෙත්තේ රැදී අතර ඒවා දශක 04 තරම් කාලාන්තරයකට පසු අදත් එදා තරමටම පරම්පරා 02 කින් පසුවත් රසික හද කිති කවනු ලබයි


යව්වන ප්‍රේමයේ මිහිරියාව විවිධ පැතිකඩ ඔස්‌සේ විග්‍රහ කෙරෙන ඉහත ගී පෙළෙහි හිමිකරුවා  ප්‍රවිණ ගී පද රචක ගුවන් විදුලි නිවේදක කේ ඩි කේ ධර්මවර්ධනයන්ය


ගුවන් විදුලි ගී ද සමගින් වෙළඳ ගී තැටි හා පසුව නිකුත් කෙරුණු කැසට්‌ පට සඳහා ලියෑවුනු වඩාත් ප්‍රේමණීය ලගන්නා ශෘංගාරාත්මක ගී පෙළහි හරි අඩකඩ ත් වඩා වැඩි තරමක ගී සංඛ්‍යාවක හිමිකරුවන් වූ කරුණාරත්න අබේසේකර ප්‍රේමකීර්ති ද අල්විස්‌ දෙපොළ අතරට තෙවනුව ඇතුළත් විය යුත්තේ ඔහුගේ නාමයයි


එදා මෙන්ම අදද ඇතැම් ගී රසිකයන් ද ඔහුගේ නම කියෑවුණු සැණින් මතකය අවදිකරන්නේ මෙකී කේ ඩි කේ - මිල්ටන් එක්‌ව මැවූ ඉහත කී ප්‍රේමගීතාවලිය පිළිබඳවයි


මෙතැන් සිට දිගැහෙරෙන්නේ ඔහු එදා මැවූ ගී රසාකරයෙන් පෙරාගත් ගී නිර්මාණ බින්දු මාත්‍රයකි


එකී නිර්මාණයන්ට පෙම්බැදි  ගී රසික යොවුන් ඔබ මේ සුන්දර
නිර්මාණකරුවා හරිහැටි හදුනන්නේද ?

ඒ පිළිබදව දැනුවත් වි සිටිද ? 



ඔහුව හදුනාගන්නට රිස‍ි ඔබටයි මේ ලිපි දාම තිළිණය 



සම්බන්ධිකරණය කෘතඥතාපූර්වක ස්‌තුතිය - ප්‍රවිණ ගුවන් විදුලි මාධ්‍යවේදිණි - නිවේදිකා සමදරා කෝට්‌ටගේ මහත්මිය (කේ ඩි කේ ධර්මවර්ධන දයාබර බිරිඳ)

මතු සම්බන්ධයි.......................

6 comments:

  1. මේ නම් ඉතා ම අගේ ඇති ලිපි මාලාවක ආරම්භයක් බව ඉඳුරා කිව හැකියි.. මිල්ටන් මල්ලවාරච්චි නම් එදවස සොඳුරු ගායකයාගේ ජනප්‍රිය ගී ගඟුලේ උල්පත කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් මැයි...
    ස්තුතියි, ප්‍රභාත්...
    ජයවේවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබගේ ප්රතිචාරයන් වෙනුවෙන්

      Delete
  2. ලස්සන මනුස්සයෙක්

    ReplyDelete
  3. මිල්ටන්- කේඩීකේ සොහොන් කොත් දෙක එක තැන හදා තිබෙන බව මතකයි. මිල්ටන්ගේ කොත අසලින්ම කේඩීකේගෙ කොත හැදුවේ ඒ දැඩි මිත්‍රත්වය නිසාම බව කේඩීකේගේ බිරිඳ කියා තිබුනා,

    ReplyDelete
    Replies
    1. ඔව් කේ ඩි කේ - මිල්ටන් සදාතනික මිතුරන් රසවතුන් රසිකයන්

      Delete
  4. Aththata oba may karana samaja awashya thawa haa mehewara godak watinawa,vishistayi watinaa paranigi araksa karamin samajaya watina parani de asannata salas vima gana. Pin ewagema thawa eda guwan viduliyen asu gibohoya ewathawama asannatanolabuni ex. Saranai saranai sammbudu saranee rohitha wijesuriya wenna one, thwa yuga gi boho tha

    ReplyDelete