namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Sunday, October 29, 2017

මගේ සිරිලක ගැන ලොවට කියමි මම...... ......

ඔස්‌ටින් මුණසිංහ නිර්මාණ මියැසි රස ගුලාව ................. 04

ඈත ලොවක සිට හිනැහෙන හඞින් සුවය වේවා ................  04 කොටස


---------
ඔස්‌ටින් මුණසිංහ -  ලංකා සමසමාජ පක්‍ෂයේ සංවත්සර වැඩසටහනකදී ගීතයක්‌ ගයමින්
-----------------

1976 වසරේ දිනක ප්‍රේමකීර්ති ද අල්විස්‌ ගේ පදපෙලක ට සත්සර පහස ලබාදෙන්නට වරම් ලැබු ඔහු ඒ සඳහා ද ජන සංගීතය සහා සිපද ගායනා අකෘතියේ පිහිට සෙවීය ඒ ගුවන් විදුලි සරළ ගී ගායිකා මාලනී බුලත්සිංහල වෙනුවෙනි


මා එක්‌කලා අමනාපව වී දබර - දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර.......

වැළි පොල්කටුයි හැඳි රෑනයි පෙරළාලා  - මිදුලේ වැටුනු කොළ සේරම අතුගාලා......

ගේ ලග වැට කඩුල්ලට බැරි බර දීලා - රෑ එළිවෙන තුරා ඉමු මිදුලට වීලා.........

(ප්‍රේමකීර්ති ද අල්විස්‌ - මාලනී බුලත්සිංහල)

අසන්න මෙතැනින්
-------------------



හින්දුස්‌ථානි සංගීතයේ ස්‌ථායි අන්තරා ආකෘතිය අතික්‍රමණය කරනු ලැබ ඇත්තේ කුරක්‌කන් කවි නාද මාලාවෙනි


මාල් මල් මල් මල් මල් - මාල් මල් මල් මල් මල්
මාල් මල් මල් මල් මල් - මල මල පිට බඹරිඳු රොන් ගන්නා සේ

(සොඳුරු ගාන්ධර්වයා 134 පිටුව)

මේ යුගයේදීම සිය ගම්පියස ට ආසන්නව  සමන් කලායතනය පිහිටුවා ප්‍රදේශවාසී දරු දැරියන්ට සප්තසර රස මිහිර බෙදාදුන් ඔහු  පසුව රත්මලානේ කම්කරු සේවනේ ද අභිනව සංගීත පන්තියක්‌ පවත්වාගෙන ගියේය

පසුකලක මාරිම්බා සංගීත කන්ඩායමේ නායක බන්දු කන්නංගර ඇතුඵ සිසු සිසුවියන් රාශියක්‌ මෙහි අධ්‍යාපනය ලැබීය

ගුවන් විදුලියෙන් පරිබාහිරව රසිකයන්ගේ පෞද්ගලික රසවින්දනය උදෙසා මේ යුගයේ භාවිතා වුයේ වෙළඳ සමාගම් මගින් නිතිපතා නිකුත් කරමින් පැවති තැටි නිර්මාණයන්ය ඒවා සඳහා නව ගී රචනයේ යෙදුනු ගුවන් විදුලි නිවේදක සංසදයේ සාමාජිකයන් අතර ප්‍රමුඛයන් වුයේ කරුණාරත්න අබේසේකර ප්‍රේමකීර්ති ද අල්විස්‌ සහ කේ ඩි කේ ධර්මවර්ධන තිදෙනා ය

දිනක කේ ඩි කේ පෞද්ගලික තැටි නිෂ්පාදකයෙකු වෙනුවෙන් ලියු සිය පදවැල් යුගළයක්‌ මුණසිංහයන් වෙත ලබාදී ඊට හැකි ඉක්‌මනින් තනු හා සංගීතය යොදන ලෙස ඉල්ලා සිටි අතර එහි ගායකයා මිල්ටන් මල්ලවාරච්චි බවද දන්වා සිටියේය

සිය ගුරු භූමිකාව හා වේදිකා නාට්‍යය සංගීත සංකලන අතර සිරවී කාර්ය බහුල වු ඔහු ඒ වෙනුවෙන් සුන්දර තනු යුගලයක්‌ නිර්මාණය කලද සංගීත සංයෝජන කරන්නට අවස්‌ථාවක්‌ නොලද්දේය  පසුව වානිජමය කටයුත්තක්‌ වු ඒ සඳහා නිතිපතා මිල්ටන් ගී සංගීතවත් කරනු ලැබු ක්‌ලැරන්ස්‌ විජෙවර්ධනයන් යෙදවීය

මලින් මලේ රොන් ගන්නා  බඹරු බඹන්නා ..................

රැළින් රැළේ මොණරුන් ඉඳ පිල් විහිදන්නා ......................

බඹරු බඹන්නා මොණරු රගන්නා ...........................

අසන්න මෙතැනින්
----------------





කියනු එපා බොරු කියනු එපා - මා රවටන්නට හඞනු එපා ......................


මා මෙහි නොසිටිය දින කිපය තුල - සිදුවු දේ සගවන්න එපා ...........................


දිවයිනේ පාසල් දරුකැළ වෙනුවෙන් ජාතික ගුවන් විදුලිය විසින් මෙහෙයවු අධ්‍යාපන සේවයේ සංගීත අංශය වෙනුවෙන් බාහිර සංගීතඥයෙකු ලෙස ඔහුගේ සේවය ලබාගන්නට හේතු වුයේ ඔහු එවකට ද අධ්‍යාපන ක්‍ෂේත්‍රය ට සෘජුව සම්බන්ධ වෙමින් සිටි නිසා වන්නට ඇතැයි අනුමාන කළ හැකිය 

ඒ වෙනුවෙන් ඔහු පබැඳු තේමා වාදනය ම පසුව ඉන් වසර 06 කට පසුව විකාශය ඇරඹි ජාතික රූපවාහිනියේ උදා විකාශයේ  අධ්‍යාපන සේවය වෙනුවනේ භාවිතා කෙරිනි

මේ වසරේදීම ජපානයේ එන් එච් කේ රූපවාහිනි සහ ගුවන් විදුලි ආයතනය පැවැත්වූ දක්‍ෂිණ ආසියානු ගුවන් විදුලි තරගයක්‌ නියෝජ්නය කිරිම පිනිස ඔහු තනුරටාවක්‌ මැවිය  ප්‍රවිණ නර්තන ශිල්පිනි මිරැන්ඩා හේමලතා සිය ගම්පියස කරා බසයෙන් ගමන් කරමින් සිටියදී මනසේ නැගුනු සිතිවිලි පෙළ බස්‌ ටිකට්‌ පතක ලියු එකී පදවැල ට පණ පොවන්නට ද සහභාගි කරගත්තේ මාලනී බුලත්සිංහලය

මේ රට මගේ රට මා ඉපදුනු රට - හැදෙන වැඩෙන රට - මගේම මව් රට ..........

සරුපස පොළොවෙන්  - වැහිබිඳු අහසින් ...............

(මිරැන්ඩා හේමලතා  - මාලනී බුලත්සිංහල) - ගුවන් විදුලි අධ්‍යාපන සේවය

අසන්න මෙතැනින්


රටවල් 20 ක අභිබව එය ඔහුගේ හැදෙන වැඩෙන රටට මගේම මව් රටට ජයග්‍රහනය අත්කර දුන්නේය

නැවතත් ඔහු පිළිබදව දොඩමඵ වන්නට  යළිත් දිනක  හමුවෙමු .....

තොරතුරු මුලාශ්‍රය සහ වැඩිදුර කියවිම


(සොඳුරු ගාන්ධර්වයා - අචිරවතී යාලගම)

ප්‍රණාම පූර්වක ස්‌තුතිය - අචිරවතී යාලගම (ඔස්‌ටින් මුණසිංහ මහත්මිය)  වෙත
ජයාරෑප 
අනුග්‍රහය
අචිරවතී යාලගම මහත්මිය

4 comments:

  1. වටිනා සටහනක්... රුක්මනී දේවිගේ ළඟම නෑදෑ කෙනෙක්ගේ හෝ හිතවෙතෙක්ගේ දුරකථන අංකයක් හොයලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්... මීගමුවෙ රුක්මනී දේවි කෞතුකාගාරයේ අය ගාවවත් නෑ කිව්වා... එතන පින්තූර විතරයි විස්තර නෑ... මට විස්තර හොයාගන්න ඕනෙ ලිපියකට...

    ReplyDelete
    Replies
    1. උත්සහ කර බලන්නම් .... ස්තුතියි

      Delete
  2. ප්‍රේම කීර්ති සහ ඔහුගේ ගීතරචනය ගැන පොත් 10 ක් ලියුව හැකිය.
    මා එක්කලා අමනාපව වී දබර - දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර
    ඔහුගේ දියණිය සුරංගිට දයා මහත්මිය කියන විදියට අගේ චරිත අභ්‍යන්තරයට ගිහින් ලියපු ගීතයක් විදියටයි මම මෙය දකින්නේ
    විචාරක දියණිය

    ReplyDelete