namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Wednesday, November 22, 2017

මෙල්රෝයි ධර්මරත්න අරුමැසි මියැසි රාවය - 1975


ආාාාාආාාා...........ඉඉඊඊඊඊඊග්.............................
 - 1975


මෙයින් සතලිස්‌ වසකට පෙර ලක්‌බිමේ සිදුවු ආර්ථික සහ එයින් පසුව
ක්‍රමයෙන් විකසනය වු සමාජ පෙරළියට පෙර යුගය කෙබඳු වන්නට ඇතැයි යන්න ඇතැමුන්ට අනුමාන කරන්නට ද ඒ යුගයේ අත්දැකීම් ලැබුවන්හට ආවර්ජනය කරන්නටද මෙම ලුහුඞු සටහන  මෙසේ ලියා තබන්නට සිත්විය

කොළොම් පුරවරයෙන් මදින් මද ඈත්වෙමින් යන්නෝ එහි දකින්නට ලැබුනු මාවත් හි පුඵළින් හරිඅඩක්‌ පමණ වු මංපෙත් කරා පිවිසියහ උතුරු දෙසින් කිරිබත්ගොඩ හෝ කඳාන පසුකරද්දී ද දකුණු දෙසින් මොරටුව හෝ මහරගම පසුකරද්දී ද ඉඳහිට හමුවන්නේ නීල වර්ණ හරස්‌ තීරූවේ සිංහ රුව රැගත් ලංගම බස්‌ රථයකි ඒවා මගීන්ගෙන් පිරී නොපවතී ඔස්‌ටින් ලේලන්ඩ් වෙළඳ නාමය සළකුණු කරමින් දුම් දමමින් සෙමින් ඇදියන ලොරි රථයක හෝ බවුසර් රථයක්‌ හැරුණුවිට තියුණු නාදයක්‌ නිකුත් කරමින් ඇදීගියේ වොක්‌ස්‌වර්ගන් මෝටර් රථයකි වෑන් රථයකි 

එකී මාවත දෙපස දිරාගිය තහඩු වලින් අටවනු ලැබු ලංගම බස්‌රථ නැවතුම් හා අතරින් පතර මුණගැසෙන තාප්පයන් වසා විරාජමානව නැගී සිටියේ එසමයෙහි තිරගත වෙමින් පැවතියා වු සිංහල හින්දී ද්‍රවිඩ හෝ ඉංග්‍රිසි සිනමා පට වේදිකා නාට්‍ය හෝ ඉඳහිට ගී ප්‍රසංගයක තතු විත්ති රැඳවු දැන්වීම්ය

ඒ අතර නන්දා මලිනියගේ ශ්‍රවණ ආරධනා හෝ වික්‌ටර් ගේ ස මෙන්ම සනත් නන්දසිරි ගේ ස්‌වර්ණ කුණ්‌ඩල ප්‍රසංගයක තොරතුරු ද අඩංගු වු අවස්‌ථා ද තිබුනි 

ඊට අමතරව එවක යොවුනන්ගේ පර්මාදර්ශී විරයන් අතර ප්‍රමුඛයා වු අසහාය සටන් නඵ බෘස්‌ලී පෙනී සිටින බටහිර ඉංග්‍රිසි සිනමා පටයක දර්ශන වාර වේලාවන් සහ සිනමාශාලාවේ නම පමණක්‌ බොඳ වි ගිය අකුරෙන් මුද්‍රිත පෝස්‌ටරය එකී සිනමාහල වසා ප්‍රේක්‍ෂක මි මැසි පොදි බඳවන්නට හොඳටම ප්‍රමාණවත් විය

   ඕඩියන්  - ගල්කිස්ස

     ENTER THE DRAGON

    දිනපතා.....

   10 30-2 30-6  9



ලෝ පුජීත බොක්‌සිං ශූරයා කඵ ජාතික  මොහොමඩ් අලි හෙවත් කැෂියස්‌ ක්‌ලේ ගේ වික්‍රම රස ගන්වා ලියෑවුනු පුවත් පත් වාර්තා හා ඡයාරූපයන් ය ඒවා ද ඉහත කී පෝස්‌ටරයන්ට දෙවැනි නොවේ අවපැහැ ගැන්වුනු කඩදාසියේ බොඳව ගිය කඵසුදු සේයා රූ වටා යම්තමින් සායම් ගැන්වුවා සේ පෙනෙන දාර කැඩි පෙනෙන අකුරු පේලිය

ඒ අතරින් තැපැල් මගින් දායකත්වය ලබා ඇතැම් නිවස්‌නයන් ට ලැබෙන ඔපදැමු කඩදාසියේ විදෙස්‌ සගරා තියුණු කාන්තිමත් වර්ණ දසුන් වලින් බබලයි ඒවා නිසැකවම පවුලේ සහ අසල්වැසි දරුවන්ගේ පාසල් පෙළ පොත් වසා ලැගුම් ගනී වසර අවසනයේ දියවි ඉරී වැහැරි යනතුරු ඒවා ඔවුන් අතැර නොයන සේය

මෙයාකාරයෙන් සැලොලයිඩ් පටයෙන් ඉපිද කළ එළි බට බෘස්‌ලී - කරාටේ සටන් කලාව  ෂවැලින් ටෙම්පල් සටන්  - කුං ග් ෆු - ජිට්‌ කො න් ඩු - උන්මාදය 70 දශකය ඉක්‌මවා 80 දශකයට අවතීර්ණ වී දෙගොඩ තලා ගලා ගිය අවස්‌ථා ද විය

ලාංකික කරාටේ ක්‍රිඩාවේ නිපුණත්වය ලද  ජ්‍යෙෂ්ඨතමයා  ජී ඒ ටී ලිවේරාය ඔහුගේ නාමය විසින් මෙහෙයවු කරාටේ පාඨමලා සම්බන්ධ දැන්විම් ද අතරින් පතර දිස්‌වේ එකී වෙළඳ දැන්විම් පැවති එකම විද්Hqත් මාධ්‍යය වු ගුවන් විදුලියේ ඇසේ ... කරාටේ ක්‍රිඩක ඉරියව් දක්‌වන ඔහු පුවත්පත් දැන්විම් පළවේ

here's the story of Cassius Clay Who changed his name to Muhammad Ali ........
Black Superman lyrics by Johnny Wakelin


ලෝ පුජිත මොහොමඩ් අලී පිළිබඳව පබැඳුනු අතිප්‍රකට ගීතය ඉංග්‍රිසි සේවයන් සිසාරා නිතර වාදනය වෙයි.......



මේ ප්‍රවණතාවය එනම්  එදා සටන් කලා රැල්ල ක්රීඩා ගී රැල්ල හා  එදා ගීත කලා රැල්ල හා යා කරමින් ගොඩනැගුනු සොඳුරු ගී නිර්මාණයක තතු විත්ති සටහනකි මේ

ක්‍රිඩකයා සිය පාදය ඔසවා අහසට විහිදුවමින් පිම්මක්‌ පනී 

ආාාා ....... ඊඊඊඉඉඉඉ ....උ..................

ගඩොල් ලී පටි රට උඵ අතින් පයින් ඇන දෙපඵ කරයි.........

කඩු මිටි කිණිසි යකඩ පොලු අවි දරන්නෝ මෙල්ල කරයි...........


70 දශකයේ සහ ඉන් මෙපිට ශ්‍රි ලංකාවේ කරාටේ රජු මාස්‌ටර් ජී ටී ඒ ලිවේරා ගේ ජව සම්පන්න සිසු සිසුවියන් විසින් පවත්වනු ලැබු සංදර්ශනයන්හිදී දෙබැම හකුඵවා නෙතු නොසලා ගත් සිය ප්‍රේක්‍ෂක ජනතාව හමුවේ පෑ විස්‌කම් මෙයාකාරයයෑයි එසේ ගෙනහැර පාමින් තවද 

ආයුධ සන්නද්දව සතුරා......

සටනට ආවොත් වටකරලා........

කරාටේ දෙයි නිලබලා..............

සතුරා යයි පරලොව සොයා...............

ක්‍රිඩාව නමැති රාමුවෙන් ඔබ්බට පියමං කරමින් එය තම ජීවිතය රැක දෙන්නාවු ආත්මාරක්‍ෂක සටන් ක්‍රමයක්‌ ලෙස යොදාගන්නා අතරවාරයේදී එහි තාක්‍ෂනය ශාස්‌ත්‍රානුකූලව සිය ජවය හා මුසුකරමින් අදාල වෘත්තිය සටන් කරුවා ක්‍රියාත්මක වෙන අයුරු විස්‌තර කරයි  එහෙත් එහි ගුරු පරම්පරාවන්ට ගරු කරමින් එහි ආචාර ධර්මයන් ට අනුකූලව ක්‍රියා කීරිමේ වැදගත්කම පහත ලෙසින් හුවා දක්‌වා


කරාටේ නීතිය ආරක්‍ෂාවයි..............

කරාටේ රීතිය යුක්‌තියයි...............

වාසිය නම්බුව පිනිස නොවෙයි.............

කලයුතු මාරක සටනක්‌ නොවෙයි.............

සිය නිර්මාණ එකතුව ගී පද රචනයකින් සරසාගන්නේ  මෙකී ආකර්ශනීය ක්‍රිඩාව ගීතයකට කැටිකර දක්‌වාලු  ලාංකිය ගීත කලාවේ ප්‍රථමයා සහ බොහොවිට එකම පුද්ගලයා වශයෙනි

ඔහුගේ භුමිකාව විවිධය විෂමය 

ඔහු වරෙක පුවත්පත්කලාවේදියෙකි  වරෙක ගත්කතුවරයෙකි  වරෙක ගී පද රචකයෙකි  වරෙක තනු නිර්මාපකයෙකි  වරෙක  සංගීත අධ්‍යක්‍ෂවරයෙකි 

ඔහු ලාංකිය ළමා වේගරිද්ම පොප් ගී කලාවේ පුරෝගාමියා ද වු ප්‍රවිණ ජ්‍යෙෂ්ඨ සංගීතඥ මෙල්රෝයි ධර්මරත්නයන්ය 

මින් වසර සතලිසක දුර අතීතයේ ලාංකික නාගරික තරුණ තරුණියන් අතර උන්මාදයක්‌  බවට පත්ව පැතිර ගිය කරාටේ ක්‍රිඩාවේ විසිතුරු ඔහු එදා එසේ ලියා තැබුවේය 

ඉන් නොනැවතී එය ඊට සුදුසු තනුවකින් හැඩ ගැන්විය

පසුව ප්‍රසාංගිකත්වයට නැඹුරු වු වේගරිද්ම ගී ගැයිමේ පතළ කලාකරුවා ගායක ඩෙස්‌මන්ඩ් ද සිල්වා වෙතින් එය ජනගත කලේ වෙළඳ තැටියක්‌ ඔස්‌සේය


එවකට ක්‍ෂෙත්‍රයේ රසික ප්‍රසාදය හිමිකරගත් ක්‌ලැරන්ස්‌ විජේවර්ධනයන් ගේ ද සුපර් ගෝල්ඩන් චයිම්ස්‌ හි ඉන්ද්‍රජාලික ඩ්‍රම්ස්‌ වාදකයා ශ්‍රී කාන්ත දසනායක ද සිය ලිඩ් ගිටාර්යෙන් විවිධ තාක්‍ෂණික ශිල්පි ක්‍රම අත්හදා බලමීන් සුරුවිරුකම් පෑ වාදනශිල්පී ඩික්‌සන් ගුණරත්න ද  සංගීතඥ ස්‌ටැන්ලි පීරීසුන් නියමු වා ලෙස කටයුතු කල ෆොර්චූන්ස්‌ හි ඔහු කණිටු සොයුරු මිල්ටන් පීරීස්‌ සිය රිදම් ගිටාරය ද අතරදා එය හැඩවැඩ ගැන්වීය

මෙල්රෝයි ධර්මරත්න යනු සිය නිර්මාණයන්හි ප්‍රාණවත් බව ප්‍රසාංගික බව උද්දීපනය කිරීම සඳහා විවිධ රසංග ගායන ශිල්පීය ක්‍රමවේද  භාවිතා කරනු රිසියෙකි රුසියෙකි

ආ..... ලේ ............ ලු ..............යි ..............යා....යාාාාාාාා (පුංචි බබා ජේසු බබා - ශීරෝමි ප්‍රනාන්දු)

ලාාාාා............ලල්ල................ල ....................ල................ලාාාා  (වාසනා ලොවක්‌ ගෙනාව- තිස්‌ස නාගොඩවිතාන)

ආාා.... ද.... රේ .................. ආාා ............ද.............රේ ...ආාා ද ..............රේ (පුංචි පුංචි තාරකා  - මිල්ටන් පෙරේරා)

ල ල්ලා ..... ලලලා ................ ල් ල්ලා ....ලා.....(සිගිති සිනාහඞ - පොඩි කාලේ දග කෙරුවාම - ශිරෝමි ප්‍රනාන්දු)

ඒ අනුව යමින් ඔහු මෙකී නිර්මාණය උදෙසාද පසුබිම් හඞ ප්‍රයෝග භාවිතා කරනු ලැබ ඇත්තේ කරාටේ ක්‍රිඩාවේ තාක්‍ෂණික පහරවල් එල්ල කිරීමේද මුව හයා සිරුරේ ජවය  එක්‌තැන් කරවනු පිනිස නංවන ශබ්ද අනුකරණය කිරීමෙනි

60 දශකයේ යොවුන් ආධුනිකයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආතර් යු අමරසේන සහ නැසිගිය ආරියරත්න කහවිට ගෙන් පුවත් පත් කලාවේ  ගුරුහරුකම් ලබාගත් ඔහු ගේ මෙම නිර්මාණය බිහිවී මද කලකට පසුව ප්‍රවිණ මාධ්‍යවේදී පර්සි ජයමාන්න (ලේක්‌හවුස්‌ නවයුගය කර්තෘ) විසින් තමාට විජය පුවත්පත් සමාගම මගින් ප්‍රකාශයට පත් කරන තරුණයා පුවත්පත වෙනුවෙන් කරාටේ ක්‍රිඩාව සම්බන්ධ ලිපි පෙළක්‌ සම්පාදනය කරන මෙන් ආරධනය කරනු ලැබු බව හෙළිකර සිටියේය ඒ අනුව ජී ඒ ටී ලිවේරා හමුවි ඔහුගේ කෘති ද අධ්‍යයනය කරමින් එය සිදු කරන්නට සමත් වු බවද කියා සිටියේය

මෙකී ආත්මාරක්‍ෂක සටන් ක්‍රමය 14 සියවසේ ජපානයේ ඔකිනවා දුපත් වාසින් අතර ප්‍රචලිත ව පැවති බව හෙළිදරවු වේ එය වර්තමානයේ ජගත් කරාටේ සංසදය විසින් පාලනය කරනු ලබයි ඊට නව ජවයක්‌ අත්කරගත් සුවිශේෂි සිදුවිම වුයේ ඉතා මෑතදි එනම් 2016 වසරේ දී එය ඔලිම්පික්‌ ක්‍රිඩාවක්‌ ලෙස අභීෂේක කිරීමයි ඒ අනුව මිලග 2020 දී වසන්ත ඔලිම්පික්‌ උළෙල කරාටේ ක්‍රිඩාවේ ජාත භුමිය වූ ජපානයේදී යළි උපදිනු ඇත

ආත්මාරක්‍ෂක සටන් ක්‍රමයන් හි ක්‍රිඩක නිපුණතාවය ශ්‍රේණිගත කර දක්‌වන වර්ණ හිණපට ක්‍රමවේදයේ කරාටේ ක්‍රිඩාවේ නිර්නායක පහත පරිදිය


සුදු පටිය- අධුනික ආරම්භක
කහ පටිය - ප්‍රාථමික  මුලධර්ම නිපුණ

ඉන් පසුව

තැඹිලි ---- කොළ ---- නිල් ---- දම්  ---- දුඹුරු ---- රතු ----- කඵ (කඵ වර්ණය යටතේ ශ්‍රේණි 09)
------------------------------------------

තැටි ලේබලය - නිව් සවුන්ඩ් 

නිෂ්පාදනය - සිමාසහිත නිව් සවුන්ඩ් එන්ටප්‍රයිසර්ස්‌

නිෂ්පාදක - ඊ බී ඩී කේ පෙරේරා

සංගීත අධ්‍යක්‍ෂණය සහ තනුව - මෙල්රෝයි ධර්මරත්න

පද රචනය - මෙල්රෝයි ධර්මරත්න

ගායනය - ඩෙස්‌මන්ඩ් ද සිල්වා

වාද්‍ය වෘන්දය - ශ්‍රි කාන්ත දසනායක (ඩ්‍රම්ස්‌) මිල්ටන් පීරිස්‌ (රිදම් ගිටාරය)  ඩික්‌සන් ගුණරත්න (ලීඩ් ගිටාරය)  ක්‌ලෝඩ් ප්‍රනාන්දු (සරපුවරු)

වසර - 1975 ?
-----------------
මෙතැනින් සවන්දෙන්න




සංවාදය අවසන් කරන්නට මත්තෙන් ඔහු මෙසේ ප්‍රකාශ කළේය


ඕකට  පස්‌සේ ශ්‍රි කාන්ත මුණගැහෙන හැම වෙලාවකවම ඔහු කිව්වේ මෙහෙම දෙයක්‌

මෙල්රෝයි.............. මම කොච්චර නම් වාර ගණනක්‌ රෙකෝඩිංග්ස්‌ වල ඩ්‍රම්ස්‌ ප්ලේ කරලා ඇද්ද ? ඒ මොනවා ගත්තත්  ඔයාගේ කරාටේ ශූරයා අමතක වෙන්නේ නෑ අමතක කරන්නත් බැහැ ...................................මට ඒකට එච්චර හිතගියා

-------------------------

තොරතුරු මුලාශ්‍ර  - අන්තර්ජාල වෙබ් අඩවි

(ස්‌තුතියි ප්‍රවිණ සංගීතඥ මෙල්රෝයි ධර්මරත්න)


No comments:

Post a Comment