namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Tuesday, September 18, 2018

සංගීතඥ ආර් ඒ චන්ද්‍රසේන ජීවන තතු - අංක 07

එදවස දෙසවන් නැළවු සත්සර  රන්ස්‌වරය රැව් පිළිරැවේ දේවා... අදත් හෙටත්.........  -   නොනිමෙන චන්ද්‍රසේන ගී පහන් සිළ - අංක 07 



ඒ අතර චන්ද්‍රසේනයන්  නිරන්තරයෙන් මිලග ඇල්බමයේ වැඩකටයුතු කරගෙන ගියේය එදා මිතුරු සීලවිමලයන් ලියාදුන් දෙවැනි ගීතය එහි අඩංගු කරන්නට තෝරාගනු ලැබු අතර තවත් ගීත 02 ක පදමාලා කරුණාරත්න අබේසේකරයන් ගෙන් සපයා ගැණිනි  දශකයක පමණ සිට රටවටා වේදිකා ගතකරන තම පංචාගනී හා චතුරාංගනී සංගීත සංදර්ශනයන් හී යාවජීව සමාජික මිතුරා වු ඔහු ගේ සහය නිවේදක ලෙස  ආනන්ද සරත් විමලවීරයන් කටයුතු කලේය



-----------------
60 දශකයේ චන්ද්‍රසේන සංගීතායතනයේ ගීත පුහුණුවිමක්‌
වාදක මන්ඩලයේ  දකුණේ සිට දෙවැන්නා  සංගීතඥ එම් කේ රොක්‌සාමිය
----------------

මේ අතර සමනළයෝ වෙනුවෙන් හවායන් ගිටාර් නාදය මැවු එහි සාමාජික හේමසිරි ද සිල්වා කැටිව ආ යෞවනයෙකි  තමාගේ නම ධනපාල උඩවත්ත යෑයිද ගීත ගායනා කරන්නට අවස්‌ථාවක්‌ උදාකර දෙන මෙන්ද අයෑද සිටියේය

එවැනි ආයචනා ඉවත හෙළන්නට තරම් සිතදැඩි නොවු චන්ද්‍රසේනයන් ඔහුව සිය සංගීත ආයතනයට බඳවාගනු ලැබිය

ප්‍රවිණයන්ට වඩා ශිල්ප ලැදි ආධුනිකයන් හට අවස්‌ථාව උදාකරදීමේ තම ප්‍රතිපත්තියේ දැඩි ව ඇලිගැලී සිටි ඔහු  සිය දෙවැනි ඇල්බමය සඳහා මෙකී යව්වනයා ද තෝරාගන්නට තීරණය කලේය ඒ වනවිට ඔහු සංගීතායතනයේ දෙවසරක පුහුණු කාලය ගතකරමින් තිබිණි

මේ අනුව තිලංගනී දුවණිය  චම්පා ශිෂ්‍යාව හා මෙකී නව සාමාජිකයා හටද ඇල්බමයේ  නව ගීත නිර්මාණ  ඔහුගේ සෘජු අධීක්‍ෂණය යටතේ නිතිපතා දැඩි පුහුණුවක නිරතවන්නට සිදුව තිබිනි 

නිදහස්‌ චතුරශ්‍රය පෙනෙන දුරින් ස්‌ථාපිතව තිබෙන ලංකා ගුවන් විදුලියේ දුරකථන අදට වඩා එදවස ද නිරතුරු කාර්ය බහුල වී පැවතින  ඒ අද මෙන් එදා යුගයේ ඒවා සජිවීව අසන්නන් විකාශයන් හා සමබ්න්ධ කරගන්නට පෙළඹුනු නිසා නොවේ  එවන් නවාංගයන් හඳුන්වාදෙන්නට  එදා වැඩසටහන් සම්පාදකයන් උත්සුක නොවුයේ  අදින් දශක පහකට පමණ පෙර යුගයේදී සාමාන්‍ය ලාංකීයන්ට එය සිහිනයක්‌ම පමණක්‌ වු නිසා විය හැකිය  සිය නිවසේ දුරකථන පහසුකම් පැවතීම එකී නිවෙස්‌ හිමියා ලැබු අති සුවිශේෂී වරප්‍රසාදයක්‌ ම විය 

එදා ගුවන් විදුලියේ දුරකථන කාර්ය බහුල බවට පත් කළවුන් අතර මරදාන දුම්රිය පොළ පෙනෙන දුරින් දිස්‌වන චන්ද්‍රසේන සංගීතායතය ප්‍රමුඛයෙකු විය  එයින් ජනිත වන ඇමතුමේ එක්‌ අන්තයක නිවේදක කරුණාරත්න අබේසේකරයන්ය අනිත් අන්තයේ චන්ද්‍රසේනයන්ය  එය කෙටි කාලාන්තරයකින් අවසන් නොවේ මන්ද යත් එහි ආගිය තොරතුරු අල්ලාප සල්ලාපයේ කෙළවර ගී තනුවක හැඩය මැවෙන නිසාය 

හ.....හා.... හා..... ම් ..... ම්...හා .....

ඳුර වැටෙන්නට පෙර හෝ පසුදින හිමිදිරි යාමයේ එය අපුරු වදන් වැලකට පෙරළි සටහන් වු කඩදාසිය සංගීතායතයේ හිමිකරු සුරතේය 

උක්‌ත ජවනිකා පෙළ මෙයාකාරයෙන් යළි දිගැහැරෙන්නේ පිටකොටුවේ ටයිම්ස්‌ මන්දිර ගොඩනැගිල්ල ඔස්‌සේය ගී පද රචනා දඩයමේ යන චන්ද්‍රසේනයන්ගේ මිලග ගොදුර එහි දවස කර්තෘ මන්ඩලයේ මුලසුන ආරා සිටින සිරිල් ඒ සිලවීමලයන්ය 

පහත ලැයිස්‌තු ගතකරඇත්තේ එකී ගීතාවලියයි


--------------------------------(සටහන - 01)----------------------------

මෙහි නිර්මාණය කරනු ලැබ ඇති සියඵ ගීතයන්හි ප්‍රමුඛත්වය ලැබ ඇත්තේ සංගීත නාද රසයයි බටහිර සංගීතයේ ප්‍රකට ශීල්පීය ක්‍රම බොහොමයක්‌ම පාහේ යොදාගනිමින් ඒවා මනාව සංකලනය කර සප්තස්‌වරයේ මිහිර නවමු ආකාරයෙන් මතුකර ඇති අයුරු පෙනීයයි 60 දශකයේ අවසන් භාගයේ ලොව පුරා ගී රස ලෝලීන් උන්මාදයට පත් කල බීට්‌ල්ස්‌ නම් බටහිර ගායක කන්ඩායමේ බලපෑම නිසා ලාංකීකයන්ද වඩ වඩාත් එකී ශෛලියේ ගීත වෙන නැඹුරු වෙමින් තිබිණැයි කියෑවේ ඒ අනුව ශ්‍රී ලංකාවේ ද ඔවුන් අනුගමනය කළ සංගීත කණ්‌ඩායම් ගණනාවක්‌ පස්‌වසරක තරම් කෙටි කාල පරතරයකදී බිහිවිය (1964-1970) ඔවුන් ගේ නිර්මාණ සියල්ල ජනගත කෙරුණේ සාම්ප්‍රදායික රටාවෙන් බැහැරව වෙළඳ තැටි ඔස්‌සේය

වෙළඳ පොළ ප්‍රවණතාවය අනුව යමින් ආර් ඒ සී තැටි ව්‍යාපරය ප්‍රචලිත කරනු වස්‌ චන්ද්‍රසේනයන්ද එකී ශිල්පීය ක්‍රම අනුගමනය කළා විය හැකිය 

එනමුත් සෙසු කණ්‌ඩායම් ගීතයන් සංගීත නාදරටා  සහ චන්ද්‍රසේන නිර්මාණයන්හි ඒවා අතර  පැහැදිළි වෙනස වන්නේ මෙකී ගීත උදෙසා බහුල ලෙස ඇතුළත් කර ඇති සරපුවරු වාද්‍ය ඛන්ඩයන්ය ඒ කටයුත්ත බාහිර ශිල්පීන්හට නොපවරා  ඔහු විසින්ම සිදුකරන ලද බව දර්ශනී චන්ද්‍රසේන මහත්මිය විසින් හෙළිදරවු කරන ලදී
------------------------------------------------------------------------------


රොන්සුනු මල්පැණි දිගන්තේ .........

යව්වන  - යව්වන වසන්තේ...........

රස ජීවන සිතුවිල්ලේ ...........

සුව සාදන සැනසිල්ලේ..............

මම සෝබන ගී නාදේ.........

------------------------------
පද සංකල්පනාව -ප්‍රවිණ පුවත්පත් කලාවේදී නැසිගිය සිරිල් ඒ සීලවිමල

තනු රටා සහ සංගීත සංයෝජනය ආර් ඒ චන්ද්‍රසේන

ගායනය  - තිලංගනී චන්ද්‍රසේන සමග චම්පා අතපත්තු

-------------------------------------
සවන්දෙන්න මෙතැනට පිවිස.....



මුල් ඇල්බමයේ පටිගතකිරීමෙන් මාසයක කාලයකින් දෙවැන්න යොදාගනු ලැබිය

පළමු පැත්ත

01 රොන්සුනු මල්පැනි දිගන්තේ  - තිලංගනී සහ චම්පා

02 ළිඳෙන් වතුර බීලා - වික්‌ටර් රත්නායක

දෙවැනි පැත්ත

01 විලේ මලක උපන්නී - තිලංගනී සහ චම්පා

02 ඈ නිල වරල පීරලා - ධනපාල උඩවත්ත


---------------------------------------------
ළිඳෙන් වතුර බීලා - එයින් වතුර නාලා .........

ළිඳට ගල් ගසාලා - වතුර බොර කරයි මිනිසා ...........

වතුර බොරකරයි මිනිසා- ගගට ආවඩයි ...............

ගහේ වැල එතීලා  - යා වි හැදී ...............

පසුව පිළිල වීලා  - සාරේ අදී ...........

කාලා බීලා නිදලා- කාලේ ගෙවයි .............

ආපු තැනද වනසා - මිනිසා දුවයි ..................

--------------------------

පද රටාව - නැසිගිය ප්‍රවිණ පුවත්පත් කලාවේදී සිරිල් ඒ සීලවිමල

තනු නිර්මාණය සහ සංගීත රටා - ආර් ඒ චන්ද්‍රසේන

ගැයුම - ආචාර්ය වික්‌ටර් රත්නායක


-------------------------------------
සවන්දෙන්න මෙතැනට පිවිස.....


-------------------------(සටහන - 02)----------------------------------


ඉහත සඳහන් ගීතය චන්ද්‍රසේනයන් විසින් තමන්ට පෞද්ගලිකව විඳින්නට සිදුවු හිරිහැර දුක්‌ කම්කටොඵ පාදක කොට ගෙන සිය මිතුරු කැළ සාමාජික සීලවිමලයන් ලවා රචනා කරවාගන්නා ලදී ඒ අනුව  එය මෝහෙන් මුළාවෙලා ගීතයේ නිවුන් ගීතයක්‌ බඳුය එයින් මතුකර දක්‌වන කරුණු  - සිදුවීම් සමාජයේ ගැටෙන එහි ක්‍රියාශීලි වන ඕනෑම පුද්ගලයෙකුට පොදු වීම නිසාවෙන් එයද අත්කරගත්තේ අතිමහත් රසික ප්‍රසාදයකි
---------------------------------------------------------------------------


-------------
විලේ මලක උපන්නී..............

තිලංගනී චන්ද්‍රසේන ශබ්ද පරිපාලක මර්වින් රෝද්‍රිගෝ යටතේ
ගීයක්‌ පටිගත කරද්දී - සරසවි ශබ්දාගාරය - දඵගම කැළණිය
--------------------
ඒ අනුව 1969 වසරේ උඳුවප් මාසයේ 10 වන දිනදී වික්‌ටර් රත්නායකයන් පෙරටුකොටගෙන කැළණිය දඵගම සරසවි ශබ්දාගාරයේ හඞ මැවිසුරු මර්වින් රොද්‍රිගෝ ඉදිරියේ පෙනි සිටියේය

ඒ අනුව ආර් ඒ සී නම් නැවුම් තැටි ලේබලයට දාව උපන් කුඵඳුල් සාමජිකයන් දෙදෙනාගේ ආගමනය සිදුවන්නට තවත් තෙමසක්‌ පමණ ගත වුයේ මුල් හඞ පටය සිංගප්පූරුව වෙත යවා අදාළ ඇණවුම මෙහි ලගාවන තෙක්‌ය
-----------------------------------------
විලේ මලක උපන්නී ................

ජලේ රළක නිදන්නී ................

නළේ සුවඳ විඳින්නී ...................

පැලේ එළිය වඩන්නී ............

අරුණෝදේ උදා ගිරෙන් නැගෙන හිරුට සිනාසේ ..................

තබා දුන්දේ නළල් අතේ වළලු සලා ..............

වතේ හසරැල් නගයි හදේ මන්මත් වී .............

නෙලා රන්වන් කරල් හිතේ සෙල්ලම් කමින් .................

සිතේa මල් මල් ගමන් යතේ යොවුන් ලතාවේ ....................


------------------------------
පද සංකල්පනය - ප්‍රවිණ ගුවන් විදුලි නිවේදක නැසිගිය කරුණාරත්න අබේසේකර

තනු රටා  - සංගීත සංයෝජන - ආර් ඒ චන්ද්‍රසේන

ගැයුම - තිලංගනී  චන්ද්‍රසේන - චම්පා අතපත්තු
-----------------------------------------
සවන්දෙන්න මෙතැනට පිවිස.....


--------------------------------(සටහන - 03)---------------------------
චන්ද්‍රසේනයන් ගේ පුර්ව නිර්මිත ස්‌වර රටාවන්ට අනුකූලව එක්‌තැන් කෙරුණු මේ නිර්මාණපෙළින් කරුණාරත්න අබේසේකරයන්ගේ ගී පද රචනා සීලවිමළයන් ගේ ඇතැම් ගී පද රටා අභිබවා සිටින බව පෙනීයයි

සසඳන්න - විලේ මලක උපන්නී (කරුණාරත්න අබේසේකර) සිරි ලංකා අලංකාර ලංකා (සිරිල් ඒ සීලවිමල)

--------------------------------------------------------------------


සිංහල වෙළඳ තැටි ව්‍යාපාරික බළමුඵ මුඵ ගන්වමින් එසේ එවර ඊට පා තැබු ආධුනිකයා ඉන්පෙර එකි කර්ත්‍යයේ නිරතවුවන්ට වඩා ගව් ගණනක්‌ ඉදිරියෙන් සිටියේය  මන්ද ඔහු සංගීත කලාවේ පෙර අපර දෙදිග ප්‍රයෝගික නියායාත්මක දෙඅංශයේම සකල ශිල්ප කලාවේ ශුරයෙකු වු බැවිනි 

එවකටත් ක්‍ෂේත්‍රයේ නම්දැරූ ප්‍රවිණයන් හුදු ව්‍යාපාරිකයන්ම පමණක්‌ වු අතර මේ නව සාමාජිකයා තමන්ගේ ව්‍යාපාරය කුමනදිශාවක යොමුකරවිදෝ යෑයි සැකය ඔවුන්ගේ කැළඹුණු සිත්හි  ජනිත කරවන්නට ඇත

සෙස්‌සෝ අනුගමනය කරමින් ඔහුද තම නවතම නිෂ්පාදන ජනගත කරවාගනු පිනිස දිවයිනේ ඒ සඳහා යොමුවිය යුතු යොමුවිය හැකි එකම ආයතනය වෙත පියනැගීය වසර කිහිපයක්‌ නොව දශක කිහිපයක්‌  උදේ හවා පිය නැගු එය ඔහුට කිසේසේත් අගන්තුක බිමක්‌ නොවිය

ගුවන් විදුලියේ වෙළඳ සේවයේ විනාඩි 15 ක වෙළඳ වැඩසටහනක්‌ තම ලේබලය වෙනුවෙන් නිෂ්පාදනය කරවා වෙන්කරගනු ලැබිය ඒ අනුව 1970 වසරේ පටන් ශනි ඉරු දෙදින ඉහත තැටි ගී එකිනෙක ලාංකික ගී රසිකයන් ගේ සවන පිණවන්නට විය

සිංහල ගීත කලාවේ එයාකාර වේගරිද්ම සංගීතයන් හා මුසුව යව්වනියන් එකට එක්‌ව එකවර ගැයූ ගී විරළවිය  ආගන්තුක විය  එසේම සමාජයේ බහුතරයකගේ පොදු අත්දැකීමක්‌ අළලා ලියෑවුනු වික්‌ටර් රත්නායකයන්ගේ යව්වන හැගුම්බර සංවේදී හඞින් උද්දීපනය වුනු එකී ගීත ද්විත්වය රසිකයන්ගේ හද කිතිකවා කළඹා පතුලටම කිඳා බසින්නට සමත් වු බව පෙනිගොස්‌ තිබිණි

තැටිය නිකුත්වූ සමයේ නොසිදුවිය යුත්තක්‌ සිදුව තිබුනි ඒ සිය සංගීතායතනයේ දී තමා විසින්ම පුරුදු පුහුණු කරනු ලැබු චම්පා සිසුවිය ගේ ජයාරූප සහිතව පුවත්පත් ලිපියක්‌ පළකරනු ලැබ තිබිමෙනි එහි සිය දියණිය තිලංගනී සම්බන්ධ තොරතුරු සඳහන් නොවී ඇත්තේ මන්ද ? සිය මිතුරු සිලවිමලයන්ගෙන් සිදුවි ඇති දෙය දැනගන්නට ලැබිණි ඒ අනුව ඒ ලිපිය සිය සිසුවියගේ පවුලේ සාමාජිකයන් ගේ මැදිහත්වීමෙන් ලියෑ වි ඇත ඔවුන්ගේ අණුදැනුම මත සිය දියණියගේ තොරතුරු ඉවත් කරවා ගෙන ඇත  මිනිසුන් මේතරම් අකෘතඥවේද ? ආත්මර්ථකාමී වේද ? ඔහුට අදහගත නොහැකි විය

---------------------------------------
ඈ නීල වරළ පීරළා.....

ඈ යන ගමන හැඩවෙලා....

ගම්මානේ මිහිරියාව ගමම එළිකලා....

පුන්සඳ රැස්‌ කැඵම් හෙළා....

ඈ සුර දෙව්ලියක්‌ වෙලා...

කුසුම් නටයි පවන් සළ සළා.......

-----------------------------------------
පද - කරුණාරත්න අබේසේකර

තනු  - නාදරටා - ආර් ඒ චන්ද්‍රසේන

ගැයුම - ධනපාල උඩවත්ත
----------------------------------
සවන්දෙන්න මෙතැනට පිවිස.....

---------
මෙම ගීත පටිගත කිරීම උදෙසා සහභාගී වූ වාදක මන්ඩලය

වයලීන්-

සෝමපාල රත්නායක
ආචාර්ය වික්‌ටර් රත්නායක
වයි එම් සුමනසිරි

තිස්‌සසිරි පෙරේරා
එම් කේ රොක්සාමි ගිටාර්-

නිලාම් 

සැක්‌සෆොන් -

ස්ටැන්ලි පීරිස්
මැතිව්  කූල්ටන්


ඩ්‍රම්ස්‌ -


සරපුවරු - 

ආර් ඒ වන්ද්‍රසේන විසින්මය
---------------------------------------

මේ අතර තැටි යුවළ අලෙවි වාර්තා බිඳ දමමින් තිබිණි වරායෙන් මුදවාගන්නා තැටිඅඩංගු පෙට්‌ටි මරදානේ චන්ද්‍රසේන නිවස්‌නයේ වෙනම කුටියක්‌ පුරවා ගොඩගසා තිබිනි 

තමා ගෙවමින් සිටි අමිහිරි අඳුරු යුගයේ නිමාව එළඹි ඇතැයි ඔහුට සිතෙන්නට ඇත

මැදින් බක්‌ වෙසක්‌ පොසොන් මාසයන් පසුකරමින් කාලය පියඹා යමින් තිබුනේ දිවයිනට නව නායිකාවක්‌ යටතේ  නව පාලනයක්‌ උදාකරදෙමිනි ඔහු ද එකී පාලක පක්‍ෂ ජාලයේ කොණකට ඈඳුනු  ක්‍රියාකරි සාමාජිකයෙකු විය

යළි හමුවෙමු ......................


විශේෂ ස්‌තුතිය - විශ්‍රාමලත් අචාරිණි දර්ශනී චන්ද්‍රසේන මහත්මිය - ආර් ඒ චන්ද්‍රසේන කණිටු දියණිය වෙත

4 comments:

  1. විශිෂ්ඨයි ප්‍රභාත් මහත්තයෝ .....අගනා සටහනක් .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇණෝ ..... ඔබේ අ-දහස් දහස් වටි.....

      Delete
  2. බොහොම ස්තුතියි මහත්මයා..මේවා කොතන හරි ලියවිලා තියෙන්න ඕන දේවල්.

    ReplyDelete