namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Tuesday, January 29, 2019

මොහොමඩ් සාලී ගීත මංජුසාව.........


එදා මියැසි සාදයේ නැගි රස ගී සරය -  මොහොමඩ් සාලි  -දෙවැනි පිටුව 


සිංහල බස පිළිබඳ පැහැදිලි නිරවුල් අවබෝධයකින් තොරවු සාලි ගීතයේ අදහස කුමක්‌ සම්බන්ධවදැයි තමන්ගෙන් පුහුණුව ලබනා ගයන ශිල්පියාගෙන් විමසන්නට පුරුදුව සිටි බවද එය හරිහැටි පැහැදිලි කරගත් වහාම ඊට සුදුසු තනුව  නිර්මාණය කර දෙන්නට උත්සුක වූ බව විශ්මයජනක යැයි ද කියැවේ


ඉහත සඳහන් නිදසුන් මගින්  මේ කරුණ වඩාත් පැහැදිලි වේ 

60 දශකයේ උදාවේදී ජේ ඒ මිල්ටන් පෙරේරා නම් සිනමා ගී ගායකයා ගුවන් විදුලි  විරහ ගී වෙසරදයෙකු ලෙසින් අභිෂේක කලේ කරුණාරත්න අබේසේකරයන් විසිනි ඒ ගීතාවලියට ඇතුළත් වූ අපුරු පේම්ගීතයක පදවැළ ළපැටියෙකුගේ චර්යා රටා විස්‌තර කරමින්    නැවුම් අදහසක්‌ ජනිත කරවන්නට ඔහු වරෙක සමත්විය ඒ සරළ සුගම පදවැළෙන් මැවෙනා සුන්දර රූප දසුන් එදා ළමාවියේ ගතකළ අපද මෙන්ම වැඩිහිටියන්ද එකලෙස කුල්මත් කරනට ඇති බව නිසැකය

ඊට මනාලෙස අනුගත වෙන ලෙස ඔහු යොදා ඇති තනුව ද අන්තර් වාද්‍ය ඛන්ඩ ද විමසා බලනු වටී

ටික්‌කි ටිකිරි මගේ පුතා - කොල අරගෙන කුරුටු ගාන .......

පුංචි පුංචි රූප වගෙයි - ඔබගේ ආදරේ .......

මල්වැල් ගස්‌වල සුලගට - සිංහ පැටව් පියඹා යති .....

ලන්ද උඩින් නැව් යනවා - නැතුව සාගරේ ......

මුහුණු ඇස්‌දෙක ඔඵවේ - තාරකා දිළෙයි පොළවේ

ඔරුව වගේ ගගේ ඇදේ - අහස්‌ යන්තරේ ...............

-------------------
ගැයුම - නැසිගිය ජේ ඒ මිල්ටන් පෙරේරා

ගී පද සංකල්පනාව - ගුවන් විදුලි මාධ්‍යවේදී නැසිගිය කරුණාරත්න අබේසේකර
--------------------------------
ගීතය රසවිඳිනට මෙතැනට පිවිසෙන්න
Embed Music Files - Audio Hosting -

මනු ලොවින් සමුගෙන නික්‌ම යනතුරු කිසිවෙකුගේ හෝ ඇගයීමකට  සම්භාවනාවකට කිසියම්ම හෝ දිනක පාත්‍ර නොවුනු මේ ශිල්පියා හෙළ සිනමා ගීතය රසගන්වන්නට දායකත්වය ලබා දුන්නේද ඔහුගේ නිර්මාණ දිවියේ වසන්ත සමයේදීය

1963 වසරේ බී ඒ ඩබ්ලිව් ජයමාන්න විසින් නිර්මිත මංගලිකා සලරුව රසගන්වමින් ඔහු ඊට පිවිසියේය ඉන් අනතුරුව වසරකින් කළඑළි බට ඩබ්ලිව් එම් එස්‌ තම්පෝ ගේ සැමියා බිරිඳගේ දෙවියාය සංගීතවත් කලේ සිය ප්‍රතිභාව වඩාත් දියුණු තියුණු කරගනිමිනි 

හෙළයේ අග්‍රගන්‍ය ගී - නිළි රැජිනිය ලෙසින්  විරුදාවලිය  ලද රුක්‌මණී දේවිය වෙනුවෙන් එහි පද බැඳුම චිත්‍රානන්ද අබේසේකරයන්ගෙනි


ලස්‌සන  රත්තරං බබෝ - මුතුඇටයක්‌ නේද බබෝ........

සුවඳ මලකි ඔයා බබෝ - දෙයියෝ දුන්න පුංචි බබෝ ..........

------------------
ගැයුම - හෙළයේ ජනකාන්ත සිනමා නිළි - ගායන තරුව නැසිගිය රුක්‌මණි දේවී

පද රචනය - නැසිගිය ගුවන් විදුලි මාධ්‍යවේදී චිත්‍රානන්ද අබේසේකර (කරුණාරත්න අබේසේකරයන්ගේ ඥාතියෙකු නොවේ)

-------------------------
මෙතැනින් සවන්දෙන්න
Free Music - Embed Audio Files -

එතැන් සිට උතුරේ තල්අරඹේ වැසියන් වු ද ප්‍රකට ව්‍යාපාරිකයන් වූද  තම්පෝ පිය පුතු නිර්මාණ වු සතුටුයි කඳුල (1965)  සැගවෙන සෙවනැල්ල (1966) මහදැනමුත්තා (1966) සැනසිලි සුවය (1966) දෙහදක දුක (1968)  බී ඒ ඩබ්ලිව් ජයමාන්නගේ මගුල් පෝරුව (1967) අසෝක ඩේවිඩ් ගේ සරණ (1967) යන සල රූ සිත්තම් සත්සරයෙන් රසගන්වා වසර 06 ක විරාමයකින් නැවතත 70 දශකයේ රසිකයන් හමුවට පැමිණියේ හදවත් නැත්තෝ (1974) වෙතිනි ඒ සිය සහෝදර ගුවන් විදුලි ශීල්පී  ශීල්පී ටී ෂෙල්ටන් පෙරේරා සමගිනි


මේ ගීතය ඇතුළත් වුයේ එහිය එහි නිර්මාපකයා කවුරුදැයි අපැහැදිලිය

උදාගිරෙන් පායා - දිනපතිඳා................


පිණිකඳුළැලි සෝදා - මිහිකත වත පිසලා.....

චංචල දේහයේ  - නිසසල සමයේ..........

අරුණඵ සුවඳ ගෙනේ......

සපුමල් අරණේ - සිහිළැල් සෙවනේ...

නොඉඳුල් සුවය දැනේ......

(විශාරද සුජාතා අත්තනායක - කරුණාරත්න අබේසේකර)
------------------------------
සවන්දෙන්න මෙතැනින්

Share Music - Share Audio -

1977 එස්‌ රාජනායගම් ගේ හිතුවක්‌කාරයෝ සහ 1983 වසරේ තිරගත වු සසර වසන තුරු ද 1984 හදවතක වේදනා ද යන මේ සිනමාපට අල්ප සංඛ්‍යාව පවා සාලි සංගීතඥයා ගේ දායකත්වය ලබා ගත්තේ ඒවායේ නිෂ්පාදකවරු විජාතිකයන් වීම නිසදෝ යන සැකය මතුවෙයි 


ගුවන් විදුලියේ බහුතර ගායන ශිල්පීන් ද සිනමා කලාවේදීන් ද මේ නිර්මාණකරුවාට අවස්‌ථාවක්‌ ලබා දෙන්නට මැළිව ඔහුව හුදකලා කරනට හේතු කාරණ කවරේද යන්න අපැහැදිලිය

මෙතැන් සිට .........තොරතුරු යළිත් දිනයකදී ................
(මුලාශ්‍ර  - ගාන්ධර්ව අපදාන - අංක 05 - මහාචාර්ය සුනිල් ආරියරත්න - ගොඩගේ ප්‍රකාශනයකි)


4 comments:

  1. ලස්සන රත්තරන් බබෝ ගිාතය බතා අපංකාර නැලවිලි ගීතයකි . සැමියා බිරිඳගේ දෙවියාය චිතුපටයේ රුක්මණී මෙ ගයමින් රංගනයේ යෙදුනොය .
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි

      චිත්රානන්ද අබේසේකරයන් ගේ පද සංකල්පනාවකි..

      Delete