namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Sunday, October 10, 2021

ලාංකිය ගීත සාහිත්‍යයේ මවුත් ඔ්ගන් නාද ප‍්‍රතිභා ප‍්‍රභා...... Mouth ORGAN MUSIC in Sinhalese Songs of 70-90s

 දෙතොල් පහස හමුවේ මතුවෙන සත්සර මාධූර්යය ......................02 වන සටහන

(
හර්බට් ගුණවර්ධන මර්වින් ප‍්‍රියන්ත මවුත් ඔ්ගන් නාද ප‍්‍රතිභා ප‍්‍රභා......)

ගී නිර්මාණකරුවන් පිළිබඳව තතු විත්ති දැන හැඳිනගත් ලාංකීය සංගීත ලෝලීන් ගේ මුවග නිරතුරු රැුව් දෙන නාමය ’රෝහණ විරසිංහ’ ය. ඔහු ගී කලාවේ සුන්දර 70 දශකයේ සිය ගී තනු නිර්මාණ කර්තව්‍යය දියත් කරමින් 80 දශකයේ එහි හිනිපෙත්තට එළඹ අඩසියවසකට ආසන්න කාලයක සිට වර්තමානය දක්වාද එදා තරම් නොවුනත් මධුරතර ගී තනු සහ සංගීත ඛන්ඩ මවයි.



ආචාර්ය වික්ටර් රත්නායක ගේ ’ස’ ප‍්‍රසංගයේ මුල් යුගයේ එහි වාද්‍ය වෘන්දයේද අත්වැල් ගායනයේද කැපී පෙනෙන භූමිකාවක් රග දැක්වු ඔහු 70 දශකයේ මධ්‍ය භාගයේ පවා ජනප‍්‍රිය ගුවන් විදුලි ගායකයෙකු ලෙස රසිකයන් දැන හැඳින සිටියහ.


ඊට නිමිති වූ එක්තරා ගුවන් විදුලි ගීතයක ඇතැම් වාද්‍ය ඛන්ඩ පුර්ණ ලෙස හැඩගන්වා තිබුනේ ’මවුත්ඔ්ගනයෙනි’. සුමිතුරු පේ‍්‍රමකීර්ති ගේ පදමාලාවක් උපයෝගී කරගන්නා ලදුව වික්ටර් රත්නායකයන් එය නිර්මාණය කිරීමෙන් නොනැවතී ’රෝහණ’ ගේ අත්වැල් ගායකයා බවට පත් වුයේය. එහි මවුත් ඔ්ගන් වාදන රසය මතුකර දුන්නේ බාහිර වාද්‍ය ශිල්පී ’හර්බට් ගුණවර්ධන’ විසින් බව කියා සිටිනු ලැබිය.


නෙඵම් මලේ එක පෙත්තද තියෙන්නේ ...........?


ගිළිහෙද්දෙන් එක පෙත්තක් තවත් එහි තිබේ රොත්තක් .....


ගිළිහුනු පෙත්තකට මොටද අඩන්නේ ...............


මහ සයුරේ එක රැුල්ලද නැගෙන්නේ ...............?


බිඳෙනා විට රැුළි හඞදී තව සිය දහසක් උපදී ................


නිමවීමක් කිමදෝ සිදු නොවන්නේ ........?


--------------------------------------

ගී පද - නැසිගිය පේ‍්‍රමකීර්ති ද අල්විස්


ගී තනු - ආචාර්ය වික්ටර් රත්නායක


සහය ගැයුම - ආචාර්ය වික්ටර් රත්නායක


මවුත් ඔ්ගනය - හර්බට් ගුණවර්ධන


වසර - 1974 පමණ

-------------------------------

මෙතැනින් සවන්දෙන්න

--------------------------

හර්බට් ගුණවර්ධනයෝ මර්වින් ප‍්‍රියන්තයන්ගේ පුර්වගාමියා වෙති. ඔහුගේ ආගමනයට මත්තෙන් ගැයුනු ගීත ගණනාවක නැගෙන ’මවුත්ඔ්ගන්’ රාවය මතුකරදුන්නේ ’හර්බට්’ය. 


කතරට කුමටද වසන්තයක්.............


සයුරට කුමටද අනන්තයක්..................


ඔබ පිළිබඳ සිත මගේ තනියට ඇත..................


මට කුමටද වෙන සිතක් කයක් ...................


දුහුවිලි සුළි සුළි නැගෙයි බිඳෙයි.............


දියරැුලි දියඇලි ඇදෙයි නැගෙයි ..............

-----------------------------

ගැයුම - ආචාර්ය වික්ටර් රත්නායක


ගී සංකල්පනා - නැසිගිය පේ‍්‍රමකීර්ති ද අල්විස් විසිනි


තනුව සහ සංගීතරටා සැකසුම් - ආචාර්ය වික්ටර් රත්නායක


නිෂ්පාදනය - ලංකා ගුවන් විදුලිය


මවුත් ඔ්ගන් වාදන ශූරී - හර්බට් ගුණවර්ධන


වසර - 1972 පමන

-------------------------------------

මෙතැනින් සවන්දෙන්න

------------------------------------



එපමකුදු නොව මිල්ටන් මල්ලවාරච්චි ගැයු ’සුන්දරත්වයෙන් පිරි සොඳූරුම සිහිනේ’ (ගී පද නැසිගිය කේ ඩි කේ ධර්මවර්ධන) ’දිනක රන් සඵ පළඳා සඳ නැගි මේලාවෙන් (ගී පද නැසිගිය පේ‍්‍රමකීර්ති ද අල්විස්), පායන සඳ ගැන මොනව හිතන්නද (පුන්‍යසිරි මහවත්ත)  වැනි නිර්මාණයන් හිදි මෙකි කමණිය සංගීත භාන්ඩයේ රසය මුසු කරදෙන්නට මෙම නිර්මාණයන්ගේ සත්සර නිමැයුම්කරු වික්ටර් රත්නායකයන් යන්ත දැරිය. ඊට පෙළෙඹෙන්නට, ඇතැම්විට ඊට ඔහු ’දෝස්ති’ හින්දි සිනමා ගී රසයේ මෙන්ම එහි ලාංකීය ප‍්‍රතිනිර්මාණය වු ’කළණ මිතුරෝ’ හිදී ඔහු විසින්ම ගැයු ගී මිහිර ඔප් නැංවු වාදන ඛන්ඩයන්හි නාදරසය හේතු පාදක වන්නට ඇතැයි අනුමාන කළ හැකිය.


පායන සඳ ගැන මොනව හිතන්නද ................


හිතුවත් ඒ ගැන මොනවා කියන්නද ...


කිව්වත් කිසිවෙක් අහන්නේ නෑ.............


එයද ආදරය වාගේ............

-----------------------------

ගී පද  - නැසිගිය පුන්‍යසිරි මහවත්ත සංගීතවේදියාගෙනි

තනුව - ආචාර්ය වි්ක්ටර් රත්නායක

ගැයුම - ආචාර්ය වික්ටර් රත්නායක

මවුත් ඔ්ගන් වාදනය - හර්බට් ගුණවර්ධන විසිනි

වසර - 1973 පමන

-----------------------------------------

මෙතැනින් සවන්දෙන්න

-----------------------------

ආචාර්ය වික්ටර් , කේ ඩි කේ ධර්මවර්ධන, විජය කුමාරණතුංග, පේ‍්‍රමකීර්ති ද අල්විස් ඇතුඵ සහෘද සංගමයේ සාමාජිකයන් පොල්හේන්ගොඩ තලකොටුව වත්තේදී එක්ව හමුවි සතුටු ප‍්‍රියසාද සම්භාෂනයන්හි නිරත වු 70 දශකයේ මුල් වසර කිහිපයේදී ’හර්බට්’ ද ඔවුන් ඇසුරේ කල දවස ගෙවූ රසිකයෙකුව සිටියේය. 

ගුවන් විදුලි පටිගතකිරීම් පැවති දිනයන්හි ’මවුත්ඔ්ගනය’ සුරත දරා ගත් ඔහු වික්ටර් රත්නායකයන් කැටුව එහි පිවිසියේය. ලැබුනු උපදෙස් අකුරටම පිළිපදිමින් නියමිත ’ස්වර ඛන්ඩයන්’ ’නියමිත පරිදි වාදනය කළේය. මෙකී මිතුරු හවුල වෙත යතුරු පැදිය පදවා ගෙන දිනක පැමිනි ’විජය කුමාරණතුංගයන්’ ඔහු ඊට තරමක් දුරින් පිහිටි නාරාහේන්පිට ’ලංකා’ චිත‍්‍රාගාරය වෙත කැටුව ගියේ ’සංගීතවේදී සෝමදාස ඇල්විටිගල’ ගෙන් තමන්ට එසේ කරන ලෙස උපදෙස් ලැබි තිබු නිසා බව කියැවිනි.
----------------

ප‍්‍රිය රසිකයනි,

හදුනාගන්න - .. හෙළ ගී රසකලසේ මවුත් - ඕගන් මධූර්යයේ නියමුවන් දෙපොළ - 

හර්බට් ගුණවර්ධන (වම -සිටගෙන) සමග මර්වින් ප‍්‍රියන්ත (දකුණ -වඩිවි)

------


එහිදී එකි හෝරාවේ එදවස ලක් දෙරණේ යව්වන ප‍්‍රජාව වසග කරගත් එදා සුපිරි ගායන තරුව ’ක්ලැරන්ස් විජේවර්ධන’ සහ ’ගෝල්ඩන් චයිම්ස්’ සගයන් කිසියම් ගීයක් ගයන්නට සැදි පැහැදි සිටි අතර ’කලබල නොවන’ ලෙසද ’අදාළ වාද්‍ය කොටස් නිවිහැනහිල්ලේ පුහුණුවි වාදනය කරන’ ලෙසද ඉල්ලීමකි.





උඩරට මැණීකෙට පටසඵ පොරවන..............


සුදුමුදු මීදුම් දෝනාවේ.................


කඳුරට දිවයන දුම්රිය මැදිරිය.....


ආලේ ආලක මන්දාවේ ......................


(ගී පද - නැසිගිය කරුණාරත්න අබේසේකර සංගීත අධ්‍යක්‍ෂණය - නැසිගිය ක්ලැරන්ස් විජේවර්ධන)

------------------

මෙතැනින් සවන්දෙන්න

------------------

එහි එසේ එදා ගැයුනු ගීතය ඉන් ටික කලකට පසු දිවයිනේ සතර දිග සිනමාහල් සිසාරා රැුව් පිළිරැුව් දෙන්නට වුයේය. යොවුන් තරුණයන් කන්ඩායමක් විවිධාකාර සංගීත භාන්ඩ අතදරා දුම්රිය මැදිරියක අසුන් අරා සිටිමින් ගයන ජවනිකා පෙළ තිරයේ එකිනෙක මැවි ගියේය. සිනමාහලේ ඉදිරිපිට අටවා ඇති දැවැන්ත පසුතල දර්ශනයේ ’සිහසුන’ අධ්‍යක්‍ෂනය - ’ටයිටස් තොටවත්ත’ යනුවෙන් ලියැවි තිබුනි.

ඒ වෙද්දී ’හර්බට්’ තිස්එක්හැවිරිදි’ වියේ පසුවිය. ’ස’ ප‍්‍රසංගයේදී ’මවුත්ඔ්ගන්’ වාදන නොඇසී ගියත් ඔහු එහිදී වික්ටර් රත්නායකයන් හා සමිපව කටයුතු කළ අතර අදද එය ඔහුගේ දෙතොල් පහස ලබමින් මියුරු නාදරටා උපදවයි.

හර්බට් ගුණවර්ධන නම් වු ජ්‍යෙෂ්ඨ වාද්‍ය ශීල්පියාණන් පිළිබඳ යටගියාවේ තතු විත්ති විමසා දැනකියා ’එදා ගී රසය’ ඉවකළ ශ‍්‍රාවක සහෘදයන් හට මතු ලිපියකදී ඉඩකඩ විවර කර දෙනු වටී.

-------------------------------

යළිදු වරකදී ඉඳ හිට හෝ නෑසෙන ’හර්මොනිකා’ සංගීත රාවය ඇතුළත් ගීයක උපත සිදුවුයේ 80 දශකයේ මුල් යුගයේදීය. දස දහස් සංඛ්‍යාත රසපූර්ණ මනමෝහනීය ගී තනු රටා නිර්මාපක ආචාර්ය රෝහණ විරසිංහ නම් වු සොඳුරු ගාන්ධර්වයා ගේ සත්සරයෙන් ඔපවත් වූ ඊට හඞ දායකත්වය ’සුනිල් එදිරිසිංහ’ විසිනි.


මලක සුවඳ සේ යොවුන් ජිවිතේ............


පිළිගමු අපි නැවුම් ආදරේ ..................


හද සිනාවේ නෙතු දයාවේ ............


මහිම කියමු සොඳුරු ලොවක සිත නිවේවි...


(කුමාරදාස සපුතන්ත‍්‍රි ගී සංකල්පනාවකි)

---------------------

මෙතැනින් සවන්දෙන්න

------------------------

තම සිනමා නිර්මාණයන්හිදී ඇසෙන ගී රාවයේ මිහිර පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කරමින් ඊට සංවේදී වු සිනමාකරුවා ’එච් ඩී පේ‍්‍රමරත්න’ වේ. 1976 වසරේදී ඔහු තැනූ ’සිකුරුලියා’ හි සිට නිර්මිත සෑම සළරුවකදී ම ඔහු සදා ශ‍්‍රාවක පේ‍්‍රක්‍ෂක මතකයේ රැුඳ පවතින ගීතාවලියක් දායාද කරන්නට වග බලා ගනු ලැබිය. 1993 දී ඔහු සිය ’සප්ත කන්‍යා’ සිනමා නිර්මාණයේ මියැසි රටා මවන්නට ’ආචාර්ය රෝහණ වීරසිංහ’ හට ඇරයුම් කරනු ලැබීය. ඔහු එදා ඊට එක්කල සදාතනික ගී මතක සටහනක රසමිහිර ඔප් නංවන්නට ඔහු නැවතත් ’මවුත් ඔ්ගනය’ යොදා ගනු ලැබිය.


උන්මාද වූ පේ‍්‍රමාදරේ ........................


සමනළ වසන්ත යව්වනේ ..................


සංසාරයේ සුභ ප‍්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සදහට....

(ගායනය - රංගන ශිල්පී කමල් අද්දරආරච්චි සහ දමයන්ති ජයසූරිය)

පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ මවුත් ඔ්ගන් වාදක  - මර්වින් ප‍්‍රියන්ත කී බෝඩ් වාදකයන් - මර්වින් ප‍්‍රියන්ත සමග ජගත් වික‍්‍රමසිංහ

-------------------------

මෙතැනින් සවන්දෙන්න

------------------------

70 දශකයේ දෙවන අර්ධයේදී ලාංකීය ගීත නිර්මාණ කලාවේ තාක්‍ෂනය වැඩි දියුණු කරන්නට පාදක වූයේ ඒ වනවිටද ලොවපුරා භාවිතයේ පැවති ස්පූල් හෙවත් චුම්බක පටි ධාරකයන් ගේ ක්ෂුද‍්‍ර අනුප‍්‍රාප්තිකයා වූ ’කැසට් පටියයි’. එහි මුල් අවධියේදී ඒ දක්වා ප‍්‍රචලිතව පැවති ඊ පී තැටි ක‍්‍රම ක‍්‍රමයෙන් ඉවත් වෙමින් පැවතෙද්දී වෙළඳ පොළට නිකුත් වු එවන් නවතම ගී තැටියක නිෂ්පාදකයා වුයේ විජය රාමණායකය. ඔහු ගේ ’තරංගා’ වෙළඳ ලේබලයක ඇතුළත් කරන්නට යෙදුනු ගී සතරක සංගීත අධ්‍යක්‍ෂනය කරන්නට එදවසද ප‍්‍රවිණ සංගීතඥයෙකු වූ ’මෙල්රෝයි ධර්මරත්න’ වෙත පැවරෙද්දී එකි ගීතාවලියට පූර්ණ ලෙස හඞ මුසුව සිදුකලේ ගායිකා ත‍්‍රී සිස්ටර්ස් නායිකා ’ඉන්ද‍්‍රානී පෙරේරා’ ය.


අතිශය ප‍්‍රායෝගික ලෙස ද නිර්මාණශිලී ලෙස ද සංගීත සංයෝජනය කෙරී පැවති එකි ඇල්බමයේ දී සිංහල ගීතයන්හිදී නිතර වාදනය නොවුනු ’කොම්බෝ බෙර’ පවා යොදාගෙන තිබු අතර එහි නිම්නාද වූ ’මවුත්ඔ්ගන්’ හඞ ඇතුළත් වූ ගියක පද රචනය නැසිගිය කේ ඩි නිකලස් ගෙනි.


නොනිදා පහන් කලේ .............


මේ මුඵ රෑ‍ කවුරු නිසාදෝ .......................


නොනිදා පහන් කලේ .............

--------------------------------

නිෂ්පාදනය - නැසිගිය විජය රාමණායක


සංගීතය සහ තනු - සංගීතඥ මෙල්රෝයි ධර්මරත්න විසිනි


ගී පද - නැසිගිය ප‍්‍රවිණ ගී පද  - තිරකථා රචක කේ ඩි නිකලස්


තැටි ලේබලය - තරංගා (45 ධාවන වේග)


වසර - 1977 පමන


ගැයුම - ප‍්‍රවිණ ගායිකා ඉන්ද‍්‍රානි පෙරේරා


මවුත් ඔ්ගන් වාද්‍ය ශිල්පී - මර්වින් ප‍්‍රියන්ත

--------------------------------

මෙතැනින් සවන්දෙන්න

------------------------------

එකී තැටියේ ඇතුළත් වු ගීත සංඛ්‍යාව සතරකි එයින් තවත් ගීයක පද සංකල්පනාව සංගීතඥ මෙල්රෝයි ධර්මරත්නයන් විසින්ම සිදුකරන ලද අතර එහි ද නැගෙන්නේ මවුත්ඔ්ගන් රාව ප‍්‍රතිරාවයයි.


ගිය ඉරිදා ඔබ මා සමගයි..........


මේ ඉරිදා ඔබ වෙන තැනකයි ...


වෙන තැනකයි ඔබ වෙන රටකයි...


ඒ මුත් මගේ හිත ඔබ සමගයි...


ඔබ නැති පාඵව සිතට දැනෙයි...


සෝ ගිනි දැල් හද තුල ඇවිළෙයි.....


--------------------------------

නිෂ්පාදනය - නැසිගිය විජය රාමණායක


සංගීතය සහ තනු - සංගීතඥ මෙල්රෝයි ධර්මරත්න විසිනි


ගී පද - සංගීතඥ මෙල්රෝයි ධර්මරත්න විසිනි


තැටි ලේබලය - තරංගා (45 ධාවන වේග)


වසර - 1977 පමන


ගැයුම - ප‍්‍රවිණ ගායිකා ඉන්ද‍්‍රානි පෙරේරා


මවුත් ඔ්ගන් වාද්‍ය ශිල්පී - මර්වින් ප‍්‍රියන්ත

--------------------------------

මෙතැනින් සවන්දෙන්න

--------------------------------

පෙර සඳහන් කරන්නට යෙදුනු පරිදි ලංකිය ගීත කලාව ’මවුත්ඔ්ගනයේ’ නාදමිහිර ඔස්සේ පෝෂණය ලබන්න ගුරු වුයේ උත්තර භාරතිය සිනමා සංගීතය බව නොරහසකි. ඇමෙරිකානු ගොපඵ’ ජන ජිවිතය අළලා නිර්මාණය වු ’ගොපඵ’ සිනමා කෘති උදෙසා ’සුරුවන්බෑම’ සහ මෙකී ’මවුත්ඔ්ගන්’ නාදරටා යොදාගනු ලැබ තිබුනේ ’එනෝ මොරිකොනෝ’ නම් ඉතාලි ජාතික ගාන්ධර්වයා විසින් බව කියැවේ.

’බෙසාමේ මුචෝ’  ලෙසින් හැඳින්වෙන "ටිනෝ රෝසයි"  විසින් 1945 වසරේදීගයන ලද ගීතයේ අනුවාදනය ’මර්වින් ප‍්‍රියන්ත’ ශීල්පියා විසින් මවුත් ඔ්ගනයේ මිහිර කැටිකොටකරගනිමින් වාදනය කල අවස්ථාවකි මේ

------------------------

මෙතැනින් සවන්දෙන්න
--------------------


90 දශකයෙන් මෙපිට නිර්මාණය කෙරුනු නව ගීතයන් හි ඉඳහිට හෝ මෙකී සුමියුරු සංගීත රාවය කණ වැකුනු බවක් මතකයේ නැත. රූපවාහිනි මාධ්‍ය කලාවේ ප‍්‍රගමනය සිදුවු එකී යුගයේදී වාද්‍ය වෘන්දයන් ගේ සජිවි සංගීතයට ගී ගයන සංගීතමය වැඩසටහන් අතිමහත් රාශියක් විසුරුවා හැරියද එහිද මේ වාද්‍ය භාන්ඩය වැයෙනවා නෙතට හසු වු බවක්ද මතකයේ නැත.

පෙර කී ලාංකීය සංගීත ක්‍ෂේත‍්‍රයේදී ’හර්මොනිකා හෙවත් ’මවුත් ඔ්ගන්’ වාදනයේ යෙදුනු ශිල්පීන් සංසදනාත්මකව සිමිතය. එකී වාද්‍ය භාන්ඩයේ රසය මතුකළ නිර්මාණ ද ඒ නිසා සිමිතය. ඇතැම් අවස්ථාවන්හිදී සංගීතඥයන් ඊට තැත් දරන්නට ඇතිවා නිසැකය. නමුත් ඇවැසි ශීල්පී දායකත්වය නිසි කලට නිසි පමණින් සපයාගනු නොහැකි වු විටකදී සිය උත්සහය අතහැර දමන්නටද ඇත.

ඈත කාලින නිදසුන ප‍්‍රවිණ සංගීතඥ ෂෙල්ටන් පේ‍්‍රමරත්නයන්ගේ ’කළණ මිතුරෝ’ ගීත සමුච්ඡුයයි. පෙරකී ලෙසින් එහි මවුත් ඔ්ගන් වාදකයා ලෙස කටයුතු කරනු ලැබුවා යැයි කියැවෙන්නේ එවකට දිවයිනේ ප‍්‍රවිණ සැක්සෆෝන් වාදන ශිල්පියෙකු ලෙස කටයුතු කරන ලද්දා වු ’කුමාර් මොල්ලිගොඩ’ ගේ නාමය වේ. පසුකාලීනව සංගීතඥ පේ‍්‍රමරත්නයන් එකි භාරදුර කර්තව්‍ය පවරාදීම සඳහා සුදුසු යෞවනයෙකු සිය ’වත්තල’ ප‍්‍රදේශය පවත්වාගෙන යනු ලැබු කලායතනයේදී පුහුණු කරවා ගන්නා ලදී. බොරැුල්ල ’සුදර්ශී’ ශාලාවේදී සංගීතඥ ’රංජිත් යාපා ද අල්විස්’ ගේ මගපෙන්විම අනුව පේ‍්‍රමරත්නයන් වෙත යොමු කෙරුණු ඔහු ’සංගීත ක්‍ෂේත‍්‍රයේ’ සාමාජිකයන් හොඳින් හැඳිනගත් පසුව එකී වාද්‍ය කලාවේ ප‍්‍රවිණයෙකු ලෙස අබිසෙස් ලත් ’මර්වින් ප‍්‍රියන්ත’ ය.

------------------
කුමාර් මොල්ලිගොඩ’ 
----------------


පෙර සඳහන් දයාරත්න රණතුංග සහ සරත් දසනායක ගී නිර්මාණයන්හි ද ඊට ද පෙරාතුව ෂෙල්ටන් පේ‍්‍රමරත්නයන්ගේ සංගීත නිර්මාණයන්හිදීද 80 දශකයේ එකී වාද්‍ය භාන්ඩයේ රසමිහිර කැටිවු සෑම ගීතයකම මවුත් ඔ්ගන් වාද්‍ය ශිල්පියා ලෙස කටයුතු කලේ ඔහුය.


රාමා සීතා ඔබයි මමයි..........


ආදරේ ගිනි කන්ද  ඔබයි..............


හද සිටු මැදුරක සුරසැප දෙයි .........


හෙට මග හිගමන් යදින්න වෙයි ..............


ගුවන් විදුලියේ වත්මන් සභාපති හඩ්සන් සමරසිංහයන් විසින් පබැඳූ ගායන ශිල්පී ක‍්‍රිස්ටෝපර් පෝල් ගේ මනරම් හඬින් ගැයෙන උක්ත ගීතය ’70 දශකයේ’ අමරණිය ගුවන් විදුලි ගී මුතු දාමය ඔප කළේ සංගීතවේදී ෂෙල්ටන් පේ‍්‍රමරත්න ගේ මෝහණීය නාදරටා මහිමයෙනි. එහි මතුවි නැගෙන ’මවුත් ඔ්ගන්’ වාදන ඛන්ඩ ’මර්වින් ප‍්‍රියන්ත’ ගේය.

------------------

නිෂ්පාදනය - ලංකා ගුවන් විදුලිය

තනු සහ සංගීත අධ්‍යක්‍ෂණය - ප‍්‍රවිණ සංගීතවේදී ආචාර්ය ෂෙල්ටන් පේ‍්‍රමරත්න විසිනි

ගී පද රචක - ලංකා ගුවන් විදුලියේ වත්මන් සභාපති ප‍්‍රවිණ ගී පද රචක හඩ්සන් සමරසිංහ විසිනි

වසර - 1976 පමණ

මවුත් ඔ්ගන් හඬ - මර්වින් ප‍්‍රියන්ත 

-------------------------------

මෙතැනින් සවන්දෙන්න

------------------------------

ටවර් හෝල් යුගය ඔපවත් කල සාදිරිස් මාස්ටර්ගේ ගේ ජ්‍යෙෂ්ඨතම පුතු වූ  ආචාර්ය ෂෙල්ටන් පේ‍්‍රමරත්න ශූරීන් ගේ සෙවණේ රැුඳෙමින් ඔහුගේ මගපෙන්වීමෙන් හා ගුරුහරුකම් ලබමින් සත්සර ශීල්ප සතර හැදෑරූ ’මර්වින් ප‍්‍රියන්ත’ විසින් වාදනයෙන් රසගැන්වු රසාලිප්ත නිර්මාණ පෙළ සුඵපටු නොවේ. එහි යටගියාවේ හරබර තතු හුවා දක්වනු පිනිස මෙම සටහනේ තෙවැනි දිගහැරුම මතු පළවෙන තෙක් ඉවසනු මැනව.

(ස්තුති පුර්වක ප‍්‍රණාමය - ගුවන් විදුලි වාද්‍ය සමූහයේ හිටපු සාමාජික සංගීතඥ මර්වින් ප‍්‍රියන්ත මහතා වෙත)

--------------------------------------


15 comments:

  1. අපූරුයි ඔබ ගේ ලිපිය. බොහෝ වෙහෙසවී ලියන මෙවන් ලිපි වලට ඇති අවධානය සීමිත බව පෙනීම කණගාටුවක්.
    බලමු බ්ලොගර්ල ටික ගිණි තියන්ට 😀

    ReplyDelete
    Replies
    1. හැබෑටම බොලේ, ඇත්ත නෙව? මමත් ගිහින් රෝලෙ එල්ල ගන්නවා.🙏👌😊

      Delete
    2. බොහොම ස්තුතියි මෙයාලා කවදත් අගය නොකරපු අගය නොදැනගත් පිරිසකි

      Delete
    3. ඇවිත් ගියාට ස්තුතියි ඉදිරි කොටස් අහන්න බලන්න එන්න

      Delete
    4. ආයි එනව විතරක් නෙමෙයි. පරණ ලිපිත් බලනවා. දැන් මේ CT ප්‍රනාන්දු ලිපිය බලන ගමන්.

      මේක අනිවාර්‍යයෙන්ම අපට මඟහැරිච්ච සයිට් එකක්, දැන් හෙව්වාම පේනවා, අනිත් අයත් රෝල් වල එල්ලගෙන කියලා.

      හැමෝම ඇවිත් හොරෙන් බලල ලුහුටලා යන්නත් ඇති. බොරු කියන්නෙ මොකටෑ, මමත් එහෙම කරල තියනවා. දැන් තමයි, ආවොත් අඩුම ගානෙ වැටක්වත් ගහලා, ලියන්නාගෙ මහන්සියට ගරු කරන්න. අපි මොනව හරි කරල, අනිත් අයටත් දන්වමු. ස්තූතියි.

      ආ, වැට ගහන්නෙ මෙහෙමයි. 😂
      ++++++++++++++++++++

      Delete
    5. සංගිතය හදාරන්නන්ට මේවා වැදගත් විය හැකියි එයාලා⁣ට බෙදලා දෙන්න ස්තුතියි

      Delete
  2. ආසාම සින්දු කීපයක්ම තියෙනවා. ස්තූතියි මේ තොරතුරු අපට ගෙනාවාට.

    ReplyDelete
    Replies
    1. මලීටත් ස්තුතියි ඇවිත් ගියාට සංගිතය අගයන්නෝ හට මෙය රස උල්පතක් වෙිවා

      Delete
  3. පුරුද්ද නං කවියක් ලියන එක. නමුත් තවමත් අතීතයේ ඉන්න නිසා වචන එන්න බෑ බෑ කියනවා. මහේෂ් රත්නායක සොහොයුරා මගේ බ්ලොගයේ කමෙන්ටුවකයි මෙහාට එන ආර කියලා තිබ්බේ. මසුරං ප්‍රභාත් මහත්තයෝ!
    මාර මහන්සියක් වෙන්ඩ ඇත්තේ. ගුවන් විදුලි වාදක මණ්ඩලයේ හිටියා 'සමන් කුඹුකගේ' කියලා සිතාරිස්ට් කෙනෙක්. දන්නවාද?

    යකඩෝ... පරණ සිංදුවල ඔරිජිනල් ඒවාම හොයන මිතුරෙකුටත් මේ link එක යවලයි මේ ලිව්වේ. පස්සේ එනවා. ඒ වගේම මට දිය හැකි උපරිම සහයෝගය දෙනවා මගේ බ්ලොග් රෝලේ 'එදා ඇසුණු ගී' එල්ලාගෙන!

    ReplyDelete
    Replies
    1. ඔව් එයා ගේ ඒවා දන්නවා ස්තුති වේවා හිතවත!

      Delete
  4. වටිනා ලිවීමක්! සංරක්ෂනය කොට තැබිය යුතු තොරතුරු!

    ReplyDelete
    Replies
    1. හරිම හරි ඒකමයි ටාර්ගට් එක අපි එයාලා නැතත් මේවා රැකෙයි ස්තුතියි මේ පැත්ත ට ඇවිත් ගියා⁣ට

      Delete