namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Monday, December 27, 2021

සරත් දසනායක ගී මධු කුසලානය - 02

භාරත සලරූ ගී උන්මාදයෙන් ලක් රසිකයන් මුදවා ගැනීමේ පෙළහර පෑ මියැසි වෙදදුරාණෝ - සංගීතවේදී නැසිගිය සරත් දසනායක - (1942-1999)  - 02 වන දිගහැරැම

 ආදරණිය ’සරත් අයියා.... මුඵ සිරුරම තනිකරම සංගීතයක්, ඔහු එතරම්ම දක්‍ෂ නිර්මාණකරුවෙකු බව නොපැකිළිව හැමවිටම එක සිතින් මුඵ හදින් කියා සිටිමි.




 මා ඇතුඵ අපේ කන්ඩායම වෙළඳ තැටි වෙනුවෙන් ගැයු ගීත ගණනාවකට මෙන්ම ගුවන් විදුලියේදී ගැයු ගීත වෙනුවෙන් ඔහු තැනු තනුවල ද ඒවාට මුසුකලේ සංගීතයෙන්ද නැගුනු මිහිර යුග ගණනාවක් පවතිනවා නිසැකයි. 



හොඳ හදවතක් තිබුනු කලාකරුවෙක්. උතුම් ගුණ ඇති විරළ හැකියාවක් තිබු මිනිසෙක්. 


’ත‍්‍රී සිස්ටර්ස්’ නායිකා ගායන ශීල්පිනී ඉන්ද‍්‍රානි පෙරේරා මහත්මිය ඔහු පිළීබඳව පැවසු වදන් රැුසක් පිඬුකොට පෙර සටහන පිළීයෙළ කරන ලදී.


 ඔහු ගේ ස්වාධීන මෝහනීය ගී තනු නිර්මාණ අතර මතුවු සුවිශේෂී ගීතයක් ගයන්නට ශීල්පිනි සුජාතා අත්තනායක වරම් ලද්දීය. සරණබන්ධනයක උත්සවයේ නිමාව සනිටුහන් කරන්නා වු ’මනාලිය’ සිය ආදරණිය දෙමව්පියන් හැරදා ආගන්තුකයෙකු සමග නව දිවි ගමනකට නික්ම යන මොහොතේ ඇයගේ හදතුල නැගෙන සිතුවිලි දහරාව ගී පද වදන් බවට හැරවුයේ අජන්තා රණසිංහ නම් ශූර ගී පද රචකයා විසිනි. එදවස විවහමංගල්‍යඋත්සවයන්හිදී මේ ගීතයේ අනුවාදනය වැයුනු වාර ගණන අතිමහත් විය හැකිය. බොදුනුවන් පෝරුමස්තක විමේ චාරිත‍්‍රයේදී ගැයෙන ආශිර්වාදාත්මක පාලි ස්තෝත‍්‍ර පාඨයන් වූ ’ජයමංගල ගාථා’ නාදමාලාව සියුම්ව කැටිකොට ගත් මෙහි, භාවප‍්‍රකම්පනය ප‍්‍රබලත්වය වඩාත් තිව්ර කරනට ඊට යොදා ඇති වදන් මාලාව හේතුවෙයි. සාම්ප‍්‍රදායික පරිසරයක හැදි වැඩුනු යුවතියකගේ ජීවන රටාව චිත‍්‍රනය කරන එය, එකී උද්වේගකර අවස්ථාවට මුහුණ දෙන ඔ්නෑම ළඳකගේ ළමා - නවයොවුන් වියට අදේශ කල හැකිය. ඒ අනුව ඔවූහූ ඒ මොහොතේ එයින් වඩ වඩාත් සංවේදී වෙද්දී එය ශ‍්‍රවණය කරන ’පියාණන්ගේ’ හැගුම්බර බව ඉන් වඩාත් තිව්ර කරයි.


 ------

ඉන්ද්රානි පෙරේරා
-------

පුංචි දවස්වල නින්දට යද්දී....


පීතු පාදං නමාමහං කියලා ...


වැන්ද දෙපා යළි අදත් වඳින්නම්...


මංගල ගමනට යන්න අවසරයි පියාණෙනි.....


මල් බෝනික්කන් පූසි පැටව් ටික.........


පාට ගවුම් පොඩි අද තනි වෙනවා ...........


පියාණෙනී ඔබේ ආසිරි ඉඹ ඉඹ ......


ඉරණම් ගමනක් යන්නට යනවා .............



පියාණෙනි ඔබේ පුංචි කුමාරිය ...


පුංචි මනාලිය වි යන දවසේ ...


එපා අඬන්නට එපා අඬන්නට ..


පුංචි ’මුණුපුරෙක්’ කැන්දන් එන්නම්..


මා හෙට දවසේ ................


------------------

සරත් දසනායකයන් විසින් ගුවන් විදුලියේ මුල්වරට පටිගත කළ පිටපත මෙයින් සවන්දෙන්න

--------------------


දෙසවන පිනායන සරපුවරු වාදන, විද්යුත් ගීටාර් නාදරටා, මෙන්ම සැක්ස්ෆෝන් හඬ සංකලනයන් ඔහුගේ සිනමා සහ වෙළඳ තැටි සහ කැසට් මියැසිය සමන්විතය. එහෙත්, ගුවන් විදුලි ගීතයේදී, සිතාරයේ සහ වයලීන හඬට ඔහු වැඩි ඉඩකඩක් වෙන්කර දෙයි. 


ඉන්ද‍්‍රානි පෙරේරා ශිල්පිනිය ඇතුඵ සොයුරියන් විසින් දයානන්ද ජයවර්ධනගේ ’සමන්මලී’ උදෙසා ගැයුනු ’මන්දහාසේ මන්දහාසිනී.........’ (ධර්මසිරි ගමගේ)  ද, වෙළඳ තැටියක් උදෙසා ගැයුනු ’ආරධනා පුංචි පුංචි තාරකා’ (උපාලි ධනවල විතාන)  වාද්‍ය සංකලනය ඔවුන් ගුවන් විදුලියේ දී ගැයූ ’කුරුල්ලනේ නුඹලගේ සංතෝසය (කරුණාරත්න අබේසේකර) ගීතයේදී වඩාත් පෙරදිග සංගීත භාවිතාවයට නැඹුරු වෙයි. ’ගුවන් විදුලි වාද්‍ය වෘන්දය’ උදෙසා බාහිර බටහිර වාද්‍ය රසය මුසුකරගනු වස්, ඉන් පරිබාහිර ශීල්පීන් යොදාගැනීමෙන් වැළකි සිටි ඔහු ඒ කටයුත්ත ’ගුවන් විදුලි නිත්‍ය වාද්‍ය වෘන්දය’ ලවාම සිදුකරගැනීමට රිසි වුවා වැන්න. නමුත් එයින් ඔහුගේ නිර්මාණයන්හී රසපූර්ණබවෙහි කිසියම්ම හෝ අඩුවිමක් නැත්තේය.

  

-------
ත‍්‍රී සිස්ටර්ස් ගායිකාවෝ - 1970 - 1978
----------

1977 වසරේ  සිදුවූ දේශපාලන පෙරළියෙන්, නව අග‍්‍රමාත්‍ය ධූරය හොබවන්නට කලා හිතැති ’ආර් පේ‍්‍රමදාස’ සහෘද ජනනායකයා සමත් වු අතර, ඔහු ලංකා ගුවන් විදුලිය ඔස්සේ ’එල් පී’ ගණයේ ගී තැටියක් නිකුත්කරවා ගන්නට ද උත්සුක විය. එහි ගී නිර්මාණ ගණනාවක් සඳහා ’සරත් දසනායකයන්’ ඇරයුම් ලබන්නේ ඔහුට වඩා ජ්‍යෙෂ්ඨයෙකු වු ආචාර්ය ෂෙල්ටන් පේ‍්‍රමරත්න’ හා සමගිනි.  තැටියේ පැහැදිලිව එහි ඇතුළත් සියඵ ගී පද රචනා ’ආර් පේ‍්‍රමදාස’ ගේ ලෙස සඳහන්ය. එය නිකුත් වු වහාම, ලංකා ගුවන් විදුලිය තමන් ගේ උදා ගී විකාශනයන් උදෙසා නිතිපතා එහි අඩංගු වු ගී වාදනය කරන්නට තෝරා ගනු ලැබූහ. 


01 මිනිසා මිනිසට එරෙහිව එන්නේ ......  සිතුවිලි නපුරට හැරෙන නිසයි .....(පන්ඩිත් අමරදේව)


02 සමණළ මුදුනේ සිරිපද සිඹ සිඹ උදා ඉරක් පායයි .... (ජෝති)


03 පෙරදිග අහසේ පෙරමුණ අරගෙන සිතුවිලි නවහිරු කිරණ නැගේ ....(ජෝති)


04 අහසේ ඇවිද කවදෝ හෝ විඵඹ ගෙවී .... (දයාරත්න රණතුංග)


එහිදී ඔහුගේ තනු නිර්මාණයෙන් හැඩගැන්විනි.

ඔහු එදවස ඔවුන්ට හිතැතිව සමීපව කටයුතු කළේය 

ආර් පේ‍්‍රමදාස ශූරීන්ගේ නවකථාවන් වු ’ජීවන කදුඵ’, ’රන්මිණිමුතු’ පසුව සිනමා නිර්මාණ ලෙසින් දොරට වඩිද්දී, ඔහු ඒවා උදෙසා සිය ඉන්ද‍්‍රජාලික තනු මංජුසාව විවර කර, එයින් සිරුවෙන් තෝරාබෙරා ගත් රසපුර්ණත්වයෙන් අනූන ’ගී’ තනු යොදාගත්තේය. පහත සටහන් කර ඇත්තේ "සිතුවිලි" ගී තැටියෙන් මතුව, ගුවන් විදුලි උදා ගීතාවලිය රසගන්වන්නට නිරන්තරයෙන් යොදා ගත් "ජෝති" දෑ අභිමන් ගීයකි.


පෙරදිග අහසේ පෙරමුණ අරගෙන ................


සිතුවිලි නවහිරු කිරණ නැගේ ....


පෙර රජ දරුවන් ගිය මග යන්නට ....


සැරසෙව් පෙරමග ලකුණු දිගේ ................


මගේ රට සුරකින ජීවන දහමයි...


වැවයි දාගැබයි ඔබයි මමයි...


රන්කෙත පින්කෙත අතරින් මතුවුන...


ඉසුරු සුගන්ධය දසත හමයි......


-------------------------

මෙතැනින් සවන්දෙන්න

-------------------------

 

1978 දී ශ‍්‍රී ලාංකීය සංගීත ක්‍ෂේත‍්‍රයේ සිදුවු පෙරනොවු විරූ පෙරළිය එනම් ’කැසට්’ සංගීතයේ අගමනයෙන් ද පසුව ඔහු විසින් තැනු මහා ගී තනු මන්දිරයේ ඔපය දිනෙන් දින ප‍්‍රබාතයෙන් බැබළීය. ඒ යුගයේ සිට 80 දශකයේ අවසාන යුගය තෙක් බිහිවු දහස් ගනන් කැසට් පට කංචුකයන්හි ’සරත් දසනායක’ නාමය ලියැවි තිබුනු වාර ගණනද සුඵපටු නොවේ.














සරත් දසනායකයන් පන්ඩිත් අමරදේව සමග තනුවක් නිර්මාණයේදී පසුබිමින් බලා සිටින්නේ සිනමාවේදී රංගන ශිල්පී  මිල්ටන් ජයවර්ධනය (දකුණේ)

----------------------------

රැුල්ලෙන් රැුල්ලට පාවෙන ඔරුවේ - විජය කුමාරණතුංග (අජන්තා රණසිංහ)

මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ - විජය කුමාරණතුංග (අජන්තා රණසිංහ)

නිල්ලතා පුරා - නන්දා මාලිනි (කුලරත්න ආරියවංශ)

චූටි නංගියේ අදින් පසුව අක්කා - නීලා වික‍්‍රමසිංහ (සමන් චන්ද‍්‍රනාත් වීරසිංහ)

සංසාර සාගරේ ජිවිතේ යාත‍්‍රාව - නන්දා මාලිනී - (සුනිල් ආරියරත්න)

දිසාපාමොක් ඇදුරුතුමනී  - ටී එම් ජයරත්න (උපාලි ධනවල විතාන)

ඔරුව වසා වැලි පුරවා එගොඩ ගොඩේ - ටී එම් ජයරත්න (උපාලි ධනවලවිතාන)

හැඩකාරයි මං පොඩිකාලේ - චන්ද‍්‍රානි ගුණවර්ධන (සමන් චන්ද‍්‍රනාත් වීරසිංහ)

රෑ දුරුරට දී හිම වරුසා  - පන්ඩිත් අමරදේව (අජන්තා රණසිංහ)

බොල් වී අහුරු - පන්ඩිත් අමරදේව (අජන්තා රණසිංහ)(

උඩවැඩියා මලක් වගේ - සුජාතා අත්තනායක   (සමන් චන්ද‍්‍රනාත් වීරසිංහ)

රන් කුරහන් හේන උඩින්  - නිරංජලා සරෝජිනී (උපාලි ධනවල විතාන)

--------------------------------

මතු කියවුනු ගී රස මිහිර බිඳිති මෙයින් ...........අසන්න

---------------------------------

සරත් දසනායක ස්වාධීන අමයුරු ගී සළකුණ දැරූ අනන්‍යතාවය කිනම් වේද?

හින්දි ගී තනු බිහිවුයේ උත්තර භාරතීය ජන සංගීතයේ ආභාෂය ලබමිනි. ඒවාට පසුව බටහිර සංගීත ශීල්පීය න්‍යයානුකුලව ’හර්මනි’, ’කවුන්ටර් මෙලඩි’ අනුගත කර ’ජනප‍්‍රිය පොප් ගී’ බිහිකරගනු ලැබිය. ලාංකීය ’ආර් ඩී බර්මන්’ ’ලක්‍ෂ්මීකාන්ත් - ප්‍යොරේලාල්’ වූ ’සරත් දසනායක’ යන් සිංහල ජන සංගීතයෙන් සිය නිර්මාණපෙළ පෝෂනය කරගන්නට යෙදුනි.


උක්ත ගී පෙළ අතර සටහන් වූ


’නිල් වන ලන්දේ මල් මකරන්දෙ’් - ’පාට පොදක් තිලකලා’ - ’මුව මදහාසේ සීපද රාවේ’ - ’නිල්ල නගන ස්වර්ණ කිකිණි’ - එවන් නිර්මාණයන් ය.


ඉංග‍්‍රිසි ගී ගයමින් රසික සමාජයේ එක්තරා කොටසකට පමණක් ගී රසය බෙදාදුන් අසමසම ගී හඬකින් පරිපෝෂිත ’ඩැල්රින් ආනෝල්ඩා සූබි’ නම් වූ බර්ගර් ජාතික ගායිකාව සිංහල ශ‍්‍රාවක රසියන් වෙත හඳුන්වාදීමේ ගෞරවය ක්ලැරන්ස් විජේවර්ධනයන් හට හිමිවේ. ඒ 70 දශකයේ මැද භාගයේදීය නමුදු 80 දශකයේ උදාවේදී ඇය සිංහල සංගීතය වෙත පියවර ගණනාවකින් වඩාත් සමීප වී , ජන ගී ආර මතුකල නිර්මාණයන් උදෙසා සිය හඬ මුසුකරද්දී එහි සියඵ ගෞරව බුහුමන හිමිකරදියයුත්තේ සංගීතවේදී සරත් දසානයකයන් හටය.


’ඔළිඳ කෙළිය’ නාද රටාව සිහිගන්වන මෙහි ඇයගේ බටහිර ආරට හුරු ගී හඬින් එක්කල අපුර්වත්වය කොතරම් වේද?


බාල ගැටිස්සි කැන්දන් යන්න හදනවා...............


තරිකිට.............


දොන්ත බබක්කට ලැජ්ජයි ...


දෙන්න දෙයක් නෑ ................


------------------

නිෂ්පාදනය - සිල්වර්ලයින් රේකෝඩ් බාර් 


නිෂ්පාදක - කෙනත් පෙරේරා


ගී පද - අජන්තා රණසිංහ


වසර - 1977 පමන

-------------------------

70 දශකයේ ගී නිර්මාණකරණයේදී සමකාලීන ගුවන් විදුලි ශිල්පීන් අනුගත වි තිබුනු නව ප‍්‍රවණතාවය වුයේ ’ජන ගී’ ආභාෂය ලබන්නට රිසි විමයි. අදාල විෂය ක්‍ෂේත‍්‍රය පිළිබඳව මනාසේ හදාරා නිර්මාණකරණයේ යෙදුනු සරත් දසනායකයන්ද ඒ අනුව කටයුතු කලා විය හැකියැයි අනුමාන කළ හැකිය. ’පාරු කවි, නෙඵම් කවි, ජසයා ලෙන්චිනා නාඩගම, රබන් ගී ඇතුලත් වෙළඳ තැටියක් උදෙසාද ඔහුගේ දායකත්වය ලැබ තිබුනි. (ලෝටස් එල් පී තැටිය - ෆෝක් සෝන්ග්ස් ඇන්ඩ් රිදම්ස් ඔෆ් ශ‍්‍රී ලංකා)


’ජන ගී ආර’ ප‍්‍රචලිත කරන්නට යෙදී, දේශිය ජන සංගීතය ප‍්‍රවර්ධනය කිරීමේ මෙහෙවරක යෙදුනු ’70 දශකයේ’ ගුවන් විදුලියේ ඒ වෙනුවෙන් විශේෂ සංගීතමය විචිත‍්‍රාංග කිහිපයක් දියත් කර තිබුනි. සී ද එස් කුලතිලකයන්ගේ අර්ථපතීත්වයෙන් දියත් කෙරුණු ’ජන සංගීත පර්යේෂණ ඒකකය’ උදෙසා ’සරත් දසනායක’ ද, දායකත්වය ලබා දුන්නේ එවකට ආධුනික ශීල්පියෙකු වූ ’අබේවර්ධන බාලසූරිය’ වෙනුවෙන් ගීතයක් නිර්මාණය කර දීමෙනි. එය පසුව ගී පද රචනා කලාවේ ප‍්‍රවිණත්වය ලද ’කුලරත්න ආරියවංශ’ ගේ කුඵඳුල් ගී සංකල්පනාව විය. ඔහුගේ මෙම අපුර්ව නිර්මාණය පසුව ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් සිය ශ‍්‍රාවකයන් වෙත නිකුත් කළ ’සැළලිහිණියෝ’ එල් පී තැටියේ (1976) ඇතුළත් කරන්නට තෝරා ගන්නා ලද්දේය.


ආදරයෙන් මා හද වට එතෙන ලතා......................


’ගම්මානෙට එළිය නුඹයි ස්වර්ණලතා .....................’


’දිගින් දිගට නිල් වරළස මුදන්නියා............’


’නෙතින් නෙතට ඔමරි බැලුම් හෙළන්නියා.............’


’රුවින් රුවට දිළි නෙත් සිත් බඳින්නියා.....’


’දුරින් දුරට මා සිතගෙන මටත් හොර ඇදෙන්නියා.....’


’පාන්දරින් මල් පිපුනා බඹරු දනී ....’


’සිහින් තුසර පිනි වැටුනා අහස දනී...’


’සෙමෙන් විහග ගී නැගුනා පවන දනී..’


’නුඹට බැඳුනු සිත හන්දා මා විඳි දුක කවුරු දනී....’


-----------------

මෙතැනින් සවන්දෙන්න

-----------------------


සේයාරෑ උපුටාගැනීම - මුහුණූපොත ඇතුඵ අන්තර්ජාලයෙනි. ඒවා ඊට එක්කල රසවතුන්හට ස්තුති පුර්වකවයි.

සරත් සත්සර රස සරය මෙතැන් සිට ඉදිරියට...

4 comments:

  1. මුඵ සිරුරම තනිකරම සංගීතයක් - කදිම යෙදුමක්
    වටිනා ලිපියක්....

    ReplyDelete
    Replies
    1. ඔහු වෙනුවෙන් රසික අප ට දැක්විය හැකි උපහාරයයි.

      Delete
  2. අමයුරු රස හද සනහන - ගී සයුරෙන් දෝතක් ගෙන
    මිහිර මවන්නකි මේ ගැදි
    මියුරු සංහිතා!

    ReplyDelete
    Replies
    1. ගී යක් බඳු සටහනට ස්තුතියි

      Delete