namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, September 26, 2024

ඉන්ද්‍රානි පෙරේරා ගී හඞ ලංකා ගුවන් විදුලියේදී .................

එදා ගී වසන්තය එළැඹී දා.............අහසේ මිදුම් වළා අතරේ රැව්දුන් කිරිල්ලියන්ගේ  ගී හඞ  - 08

ධර්මරත්න සහෝදර ගායක කන්ඩායමේ නියමු ’මෙල්රෝයි ධර්මරත්න’ ද, සුපර් ගෝල්ඩන් චයිම්ස් නියමු ක්ලැරන්ස් ද, ප්‍රවිණ ගිටාර් වාදන ශූරී මයික් ගුණසේකරද, ෆෝචූන්ස් නියමු ’ස්ටැන්ලි පීරිස්’ ද ඇයගේ ඒකල සහ යුග  වෙළඳ තැටි ගීතයන් වෙත සත්සර වියමන් ගොතා දුන්නේය. වෙළඳ තැටියේදී ඇයගේ ගායන සහයකයා ලෙස වරෙක සිංහල ගී ලොව මිණි පහන ’එච් ආර් ජෝතිපාල’ කටයුතු කළ අවස්ථාවක් මෙළෙස සටහන් වෙයි.















මෙහි අංක 04 ඉන්ද්‍රානිය. ඇය ගුවන් විදුලියේ ගී ගැයු යුගයට සමකාලීනව වෙළඳ තැටියක පටිගතකිරීමකට සිය සොයුරියන් සමග සුදානම් ව සිටී

--------------------------------------------

මේ දෑස කාගේදෝ - මේ මොහොතේ කොයිබදෝ .........

සැන්දෑ ඉරේ ආවේ මුහුනේ ඔබේ .....

මේ දෑස මිහිරියේ දැන් ඉන්නේ කොයිබදෝ............

නේවාසිකාගාරේ පාඩම් පොතේ ..............

(ප්‍රේමකීර්ති ද අල්විස්, ස්ටැන්ලි පීරිස්)

ඔවුන්ගේ පරපුරේ ජ්‍යෙෂ්ඨයා ’සී ටී ප්‍රනාන්දු’ ගේ පුත් ’ප්‍රියන්ත’ ගී ලොවට පිවිසි මුල් යුගය සටහන් වන්නේ 1977-78 දීය. ඇය ප්‍රියන්ත ගේ ගී සහයිකාව ලෙස ගැයූ අවස්ථාවකි  මෙ


නිරංජලා කාටෙදෝ ආදරේලු දැන් ............

ඉතිං මොකෝ ආසා නෑ ආදරේට මං....................


(ගී පද ආචාර්ය අජන්තා රණසිංහ, සංගීතය - ක්ලැරන්ස්)

ඉන්ද්‍රානී ’මුන්ස්ටෝන්ස්’ මුල් යුගයේදී ගි ගයද්දී එහි සාමාජික ’ඇනස්ලි මාලේවන’ සමග යුග ගීයක් ගයා තිබිනි.

මම එදා ගොසින් ඇගේ සුසුම් වනා ...

ඇයි මෙසේ කරුණු ඇසුවා ......

රතු කුඩා දෙනෙත් කඳුළැලින් පුරා...

ඇය මගේ මුහුණ බැලුවා............

මම දනිම් ප්‍රියේ ඔබේ කතන්දරේ................


(ක්ලැරන්ස් විජේවර්ධන නිර්මාණයකි)

ඉන් දශකයක් ගතවෙද්දී ඇය නැවතත් ඔහු සමග ගැයුවාය. සංගීතවේදී සරත් දසනායක ඊට මධුරතර තනුවක් ද වාද්‍ය මුසුවක්ද එක් කළේය.

පවුරු වළල්ලක් බැඳලා...

සතර අතේ අවිගත් මුර සෙබඵන් යොදලා ..........

පවුරු වළල්ලම බිඳලා ...

මං එනවා මුරකාවල් අතරින් මිදිලා ..................

(ගී පද - කරුණාරත්න අබේසේකර, සංගීතය - සරත් දසනායක)


60 දශකයේ ක්‍රමයෙන් අතු පතර ලියලා වැඩිගිය හින්දි සිනමා ගී උන්මාදය 1976 අවධිය වෙද්දී තරමකින් මෙල්ල වී තිබුනේ එදවස ලාංකීය සිනමා ගීතයේ පෙරළිකාර නිර්මාණයන් ජනගත වෙමින් පැවති නිසාය. එහෙත් එයින් පවා ’හින්දි’ ගීතය වියැකී ගියා නොවේ. තත්කාලීන භාරත සිනමා ගීත කලාවේදී නිරන්තරයෙන් වැයුනු තත් වාද්‍ය භාන්ඩයක් වූයේ ’සන්තූර්’ ය. එය දන්ඩකින් පහර ලබන විශාල තත් ගණනාවක් දඩිලෙස කම්පනය වන්නට සලස්වා දෝංකාරමය තත් නාදයක් උපදවාගතහැකි අපූර්ව භාන්ඩයකි. උක්ත අවධියේදී සිංහල ගීත කලාව වෙත ප්‍රවිශ්ඨ වෙමින් පැවතුනු සන්තුර් නාද මිහිර වෙත වඩාත් දැඩිව ආශක්ත වූ සංගීතඥයන් අතර ’ක්ලැරන්ස් විජේවර්ධන ද විය. ඔහු මෙකී සංගීත භාන්ඩය උපයෝගී කරගෙන මනහර ගීත ගණනාවක් සිංහල සිනමා කලාවට සහ ගී තැටි කලාව වෙත දායද කොට දුන්නේය.

(මට මතකයි මන බැන්දු සිනා ඔබේ - මර්වින් මිහිඳුකුල, සොඳුරු ලොවට මල් වැහැලා - ජෝති සමග සුජාතා අත්තනායක - අපේක්‍ෂා සිනමාපටය, කලක් ඇවෑමෙන් පෙරුම් පුරා - මිල්ටන් මල්ලවාරච්චි සමග ඇන්ජලීන් ) මෙම තත් භාන්ඩයෙන් රසගැන්වුනු ගීතයක පබැඳුම වර්ණන් පෙරෙරා විසිනි. ඔහු ඇයට ලියු ගීත ගණනාවකි. ඒවා අතරින් බහුතරය ශ්‍රාවක ජනාදරයට පාත්‍ර වෙද්දී ඇය ඔහුගේ සහය ගායිකාව ලෙස කටයුතු කළ අවස්ථාවකි මේ


සමුගෙන යන්නෙමි   මම ඔබ තනිකොට අපේ මතු දියුණ කර.......

හිතකින් නොව මා නැව්නැග යන්නේ  - හිත ඔබේ තුරුලේ තියා.............


(ගී පද  - කරුණාරත්න අබේසේකර, සංගීතය - ක්ලැරන්ස්)

මේ ගීත එක්තරා යුගයකදී එනම් මින් දශක හතරකට එපිටදී, ලාංකීය බටහිර ගීත රසය ඉවකළ රසිකයන්ගේ නොමද ශ්‍රාවක සම්මානනයට පාත්‍ර ව තිබිනි. එදා නිරන්තරයෙන් ලංකා ගුවන් විදුලියේ වෙළඳ වැඩසටහන් අතරවාරයේ දී ඇසුණු මෙම ගීත පසුව සාමාන්‍ය ගුවන් විදුලි විකාශනයේදී නිරතුරු වාදනය වී, එදා ගීත දර්ශකයන්හි වාර්තා තබමින් පැවතුනි.

’මල්ලිකා’ මෙන්ම ’ඉන්ද්‍රානි’ ද ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හඞ පරික්‍ෂනයෙන් සමත් ව ’සරළ ගී’ ගායිකාවන් ලෙස ලියාපදිංචි වි සිටියහ. ඇය ගේ ගුවන් විදුලි සරළ ගී වැඩසටහන් සඳහා සංගීත සංයෝජනය සිදුකරන ලද්දේද ’සරත් දසනායක’ සංගීතවේදියාණෝය. ඒවා ඉතා පැහැදිළිව පොප් සංගීත කලාවෙන් සපුරා බැහැරව, සාම්ප්‍රදායික ගුවන් විදුලි ගීතයේ හැඩතල රුවගුණ සහිතව නිර්මාණය වි තිබිනි. ඒ අනුව ඇයගේ ඒකල වෙළඳ තැටි ගී සහ ගුවන් විදුලි වාද්‍ය වෘන්දය වැයූ රසයට අනුකූලව ගැයුනු ගීත පැහැදිළිව වෙන්කර හඳුනාගත හැක්කේය.


වසර ගණන් ඇසුරේ සිටියත් හඳුනා ගම්ද කෙසේ ...?

අපගේ සිතුම් පෑහෙනු බැරිවී අහසට පොළොව ලෙසේ ......

(ගී පද  - ධර්ම ශ්‍රී වික්‍රමසිංහ  - ප්‍රවිණ ගුවන් විදුලි නිවේදක)


සඳකිඳුරී මා සඳකිඳුරී.................

සඳගිරි පව්වේ රඟදෙන සඳකිඳුරී...........

දුනුහී තල ගෙන බඹදත් ඒවි.........

මගේ රුවින් ඔහු මන්මත් වෙවි.........

ඔහුගේ පහරින් හිමි මිය යාවී...........

සඳගිරි පව්වේ මා තනිවේවි....................

බරණැස මිණි කිරුළෙන් පිදුවත් මා......

රාජ බොජුන් සිහිලෙන් තැනුවත් මා.............


(මහාචාර්ය සුනිල් ආරියරත්න)


රතුමල් ගවුමට ලස්සන වැටුනා...........

පොඩි සමනලියට අත්තටු ලැබුනා...........

ඔබේ මුව පොඩියට සිනා පුරෝගෙන........

මා වෙත ඉගිලී එන්න දුවේ................

(ගී පද - ඩොනල්ඩ් අයිවන්)


එවකට ගුවන් විදුලි ගායක සමූහයට එක් වූ ආධුනිකයා ’අබේවර්ධන බාලසූරිය’ නමි. ඔහු හා ඇය ගුවන් විදුලියේදී හමුවූ අවස්ථාවකි මේ ඇය මෙහිදී එදවස කලාකෙත අස්වැද්දූ රසවතුන් අතර කැපි පෙණුනු ප්‍රවිණ රංගවේදී දිවංගත ’යූ ආරියවිමල්’ ශූරීන් කෘතගුණ පූර්වකව සිහිපත් කරන්නීය. ‘තාරාවෝ ඉගිළෙති’ නම් වූ ප්‍රහසන වේදිකා නාට්‍යයේ පෙනිසිටි ඔහු එහි ’සෝබාව දේ මෙපුර සිරි විසිතුරු....’ නම් වු අතිශය ජනප්‍රිය වේදිකා නාට්‍යය ගීතය ’ගාමිණි සමරකෝන්’ සමග මුල් කාලීන වේදිකා ගතකිරීම් වලදී (1981-1986) ගැයුවේය. ආරියවිමල් අනේක විධ කුසලතාවයන්ගෙන් පරිපුර්ණ වු එවන් හැකියාවන් උරුමකරගත් දුර්ලභ ගණයේ මිනිසෙකි. ඔහු 80 දශකයේ අග භාගයේ අකාලයේ අප අතරින් සමුගෙන ගියේය. ’වැලිබත් ඉව්වා.............’ ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මැදිරි පටිගතකිරීමේදී එහි තාක්‍ෂන සහය ලබාදෙමින් පටිගතකිරීමේ ප්‍රධාන ඉංජිනේරු ලෙස කටයුතු කළේ ඔහුය. 


වැලිබත් ඉව්වා - මතකයි අපි දෙන්නා.........

ඔංචිලි පැද්දා මතකයි - අපි දෙන්නා............

මෙතුවක් එක්වි වැඩුනත් අපි දෙන්නා..............

අද හිනැහෙන්නේ කොයි ලෙසදෝ මන්දා ............


තනි මංසල මට ඔබ නොව මුණගැසුනු නොහේ...

තනි පංගලමේ ගෙන් පිට යන්ට නොදේ...

වපරැස් බැල්මට පිවිතුරු ලෝකය නෙපෙනේ...

අවිහිංසක මුදු සිතුවිලි මල් පරවේ .....

(ගී පද මහාචාර්ය සුනිල් ආරියරත්න, සංගීතය සහ තනුව - ආචාර්ය වික්ටර් රත්නායක - 1975)

’නිරංජලා සරෝජිනී’ එවකට ගුවන් විදුලියෙන් දොරට වැඩි ආධුනික ගායිකාවක් විය. ඇයගේ ගීත කලාවේ අත්වැළ සැපයූවේ එකී රාජ්‍ය ආයතනයයි. ගීත ගායනයට පිවිස දශකයක් ආසන්න වෙද්දී 80 දශකයේ මුල් යුගයේ ඇයද බටහිර සංගීත ආර අනුව ගීත ගයන්නට ඉදිරිපත් වුවත් ඒවා ඉන්ද්‍රානීට සාපේක්‍ෂව ඉතා විරළය. 

80 දශකයේ එක්තරා යුගයකදී ’නිරංජලා’  සහ ’ඉන්ද්‍රානි’ දෙදෙනා එක්වූ දුර්ලභ සංයෝජනයක් ප්‍රකට වූ අවස්ථාවකි මේ. මේ නිර්මාණයේ කතුවරු දෙදෙනාම එදා ගුවන් විදුලි ගීත කලාව රසගැන්වූ අප්‍රකට රසවතුන් දෙපොළක් වීම විශේෂත්වයයි.


මනමාල නෙඵම් පිපිලා ..... ආලේට කෝළ කැඵම් හෙඵවා....

නීලා නුවන් හෙළනා... තාලෙට කෝළ කැඵම් හෙඵවා ...

මනමාල ගිරව් මිදිලා..තාලෙට මිහිර ගීත ගැයුවා...

මනමාල නැටුම් නටලා ..තාලෙට මිහිරි ගීත ගැයුවා.....

මනමාල ගිරව් වටලා ... කෝළෙට තාල නැටුම් නැටුවා...

මනමාල බැඵම් හෙළලා ... කෝළෙට තාල නැටුම් නැටුවා .....

(ගී පද - ධර්මසේන ගීකියනගේ, ගී තනුව - සරත් ධර්මසේන)


තොරතුරු සාම්පාදනය - ඉන්ද්‍රානී පෙරේරා මහත්මිය විසිනි


ඉදිරි දෙසතිය පුරා මේ ගී රසවිඳිනු මැන නැවත හමුවෙන තුරු.....

5 comments:

  1. ඔබට අපමණ තුති මේ ගී මිණි මතුකර දෙනවාට.

    ReplyDelete
  2. බොහොම ස්තූතියි, මහන්සියට. දාහක් වටිනවා.🙏💐💐💐👌😊

    ReplyDelete
  3. මනමාල නෙළුම් පිපිලා ... ආලෙට කෝළ කැළුම් හෙළුවා
    අහලත් නැති මේවා - කාටද මතක් වෙන්නෙ මේවා
    හෙව්වත් හොයා ගන්න මේවා - අම්මප හම්බ වෙයිද මේවා
    ස්තුතියි කිව්වා - ඒ මදි thank youත් කිව්වා!

    පුංචි ප්‍රමාද දෝෂයක් ගැනත් කියන්න අවසරයි.
    'වැලිබත් ඉව්වා' ගීතය වෙනුවට තියෙන්නෙ 'නිරංජලා කාටදෝ'' ගීතයයි.

    ReplyDelete
  4. හරිම අගෙයි මේ පළ කිරීම්... මම අහල නැති ගීතයකුත් තියෙනවා.. නිරංජලා සහ ඉන්ද්‍රානි ගයන...
    ජය ම වේවා ප්‍රභාත්...

    ReplyDelete