සමන් වැළේ ජයට පිපුනු මල් ......................02 වෙනි දිගහැරුම
එදා ගම්මානයේ සොඳුරු බව වියැකි නොගිය නොඉඳුල් සමයක, ගැමි යුවතියන්ගේ අරුමය සුන්දරත්වය පසසාලු ’සී ඩී’ ට ප්‍රසංග වේදිකාවෙන් ලැබුනේ අසාමන්‍ය රසික ප්‍රසාදයකි. ඔහු සතුව එහි ගැයුමට සුදුසු ගී එමට තිබිනි. ’කරුණාරත්න අබේසේකර’ නිවේදකයාණෝ ඔහුට හඳුන්වාදුන් නිමේෂයේ වෛ්දිකාවට සැපත්ව වාද්‍ය වෘන්දය ශිල්ප දක්වන්නට පෙර ඔහු සිය මධුර හඞ කවරාකාරයේ දැයි ප්‍රේක්ෂක ශ්‍රාවක දනන්හට මනාව වටහාගැන්මට සළස්වා මීයට පිම්බා සේ නිසල වේදිකාව ගිගුම් දෙවන්නට සළස්වා අඩු ළයකින් මෙසේ ගයන්නේය....
සී ඩී ෆොන්සේකා මහතා (වම් කෙළවරේම) සිය දරුවන් පිරිවරාගෙන, පවුලේ ප්‍රිය සම්භාෂණයකදී...... (80 දශකය)
---------------------
’ඔයාට රත්නේ මං ආදරේ................’
රඟන්නේ ඒකයි විනෝදයෙන්..................’
එතැන්හි ප්රිති විනෝදයෙන් කුඵගැන්වෙන රසිකයන් මහත් හඞින් ඔල්වරසන් දෙද්දී ඔහු එතැන්හි සිට ගායනය අරඹයි...
මොණරා මෙන්න මේ ලෙසේ....
කියා රඟයි මගේ ප්‍රියේ....
ඔයාට රත්නේ මං ආදරේ.................
පුංචි පුංචි මල් පිපීලා හරිම ලස්සනයි....
රංචු රංචු බඹර රශි ඒ වටේ දුවයි....
රොන් උරන්න රොන් උරන්න තවත් පැනි පිරෙයි....
ආදරේට ආදරේම එක්වුනා වගෙයි........
(පද රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, සංගීතය - පී එල් ඒ සෝමපාල- 1968)
--------------------------------------------
සවන්දෙන්න - මුල් වෙළඳ තැටි ගීතය
--------------------------------------------
මේ ගැයෙන්නේ ඔහු 60 දශකයේ දී ලංකා ගුවන් විදුලිය වෙත පැමිණ ගැයූ මුල්ම ගී පිටපතයි. මේ සඳහා සහය ගායනයේ යෙදෙන්නේ නොයෙල් ගුණරත්න ලෙස අනුමාන කෙරේ. (නිවැරදි කිරීමකට යටත් ව)
සී ඩී ෆොන්සේකා නම් වූ ගායන පෞරුෂය 70 දශකයේ නවයොවුන් සහ ළමා ශ්‍රාවක සාමාජිකයන් හඳුනාගත්තේ උක්ත ගීතයෙනි. මක් නිසාද යත් එය ඒ තරමට ලංකා ගුවන් විදුලි සේවා ඔස්සේ වාදනය වී තිබුනු බැවිනි. තමා විසින් ගැයු ගී ගණනාවක් තිබියදීත්, ඔහු ප්‍රසංග වේදිකාවේ ගයනු පිණිස ඉහත ගීතය නිතර තෝරාගත්තේ ඒ නිසා වන්නට ඇත.
මේ කී ගීත ලද ජනාදරය හමුවේ ඔහුට ඒවා වෙළඳ තැටිවලට නගන්නට ඇරයුම් ලදුව, නිකුත් වී, එතැන්හි සිට 70 දශකය 80 දශකය පුරා ඒවා ශ්‍රාවක සිත් රංජනය කළේය.
ගැමි යුවතියට පෙම්කළ ’සී ඩී’ ගේ ඒ ගීත රැල්ල ඔපවත් කළ ’කඵ එතනා’ දොරට වැඩියේ 70 දශකයේදීය
කැකිරි පැළෙන හිනා ...
ගමක් එළිය වුනා...
එතනා කඵ එතනා ...
ඔබ හරි වාසනා......
(ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, තනුව - සී ඩී ෆොන්සේකාගෙන්ය සංගීතය - පැට්රික් දෙණිපිටිය)
------------------------------------------
සවන්දෙන්න
------------------------------------------
අතිශය සුමට සුමුදු හඞකින් ගී ගැයූ ඔහුගේ සොඳුරු හඞින් එදවස ගුවන් විදුලියේ ප්‍රේමගීතාවලිය රසගැන්වූ ගායක පිරිසට සිය නාමයද ඇතුළත් කරගන්නට සමත් වූ ඔහු තරමක නවමු ආකාරයේ පදමාළාවකට පණපෙවූ අයුරුය මේ
එපා ...එපා... එපා ...එපා....
එපා එපා..සඳ නැගෙන්න ...
එපා එපා... තරු දිළෙන්න...
මගේ ලොවට එළිය දෙන්න...
මිහිරියේ ඔබ හිනාවෙන්න...
නිසළ රැයේ නිදියන විට ...
හදේ තනිය මකාගන්න..
මිහිරි සිහිනයක් සේ සිහිනෙන් මා ලඟම ඉන්න....
(ගී පද - ??සංගීතය - ??)
-----------------------------------------------
සවන්දෙන්න
---------------------------------------------
බැතිමත් කතෝලික පවුලක සාමාජිකයෙකු ලෙස 1932 වසරේ දී දෙහිවලදී උපන් සී ඩී ෆොන්සේකා සහෝදර සහෝදරියන් අටදෙනෙකු අතරින් සත්වැන්නාය. එදවස ’ලංකාදීප’ ’වනිතා විත්ති’ වැනි දැවැන්ත පුවත්පත් ප්‍රකාශයට පත් කළ ’ටයිම්ස්’ පුවත්පත් සමූහයේ කාර්ය මන්ඩලයේ සේවය කරමින් ගායන ලොවට පිවිසි ඔහු 1977 පසු රජයට පවරා ගනු ලැබ 1985 වසරේදී වසා දැමුනු එම ආයතනයෙන් නික්ම ගොස් එවකට අගමැති ආර් ප්‍රේමදාස මහතා යටතේ ක්‍රියාත්මක වූ ’ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව’ ට සේන්දු විය. එහිදි මහජන සම්බන්ධතා කළමනාකරු ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ සමකාලිනයෙකු වු ගායන ශිල්පී ’ක්‍රිස්ටෝපර් පොල්’ ද ඔහුගේ කාර්ය මන්ඩලයේ සාමාජිකයෙකු ව සිටියේය.
සිසිල් සුළං පාවේ දස අතට හමන්නේ ...
මේ නත්තල් කාලේ බව ලොවට කියන්නේ ...
ගහයි වැලයි පිරිලා මල් හැඩට පිපෙන්නේ
කොවුල් හඞින් මත්වි මුඵ ලොවට නටන්නේ..
රඟදෙන්නේ... රඟදෙන්නේ
-----------------------------
ගී පද රචනය - උපාලි අත්තනායක, සංගීතය - පැට්රික් දෙණිපිටිය
------------------------------
සවන්දෙන්න
-------------------------------
ජනප්රසාදය ලද නත්තල් ගීත පසුකාලීනව ගණනාවක් බිහිව තිබුනද, ඔහු 60 දශකයේ ගැයූ ගීත මෑත කාලීන සිංහල ගීත ඉතිහාසයේ මුල්ම කිතුණු ගී එකතුව අතරට එක්වූ අමරණීය නිර්මාණ අතරට එක්වෙයි.
70 දශකයේ ද ඉන් පෙර සිටියාවූද ශිල්පීන් හට අනුකාරක හඞවල් තිබුනේ නැති තරම්ය. එකිනෙකාගෙන් වෙනස් ගී හඞවල් සතු ඔවුන්ව ගුවන් විදුලියෙන් පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකිව තිබිනි. සී ඩී ෆොන්සේකා ශිල්පියාණන් ද ඒ අතරට එක්වෙයි. ඔහුගේ හඞට සමාන වූ වෙනත් ගායන ශිල්පියෙකු එදා නොසිටියේය. එමතුදු නොව ඔහුගේ වියෝවෙන් පසුව ද නොසිටියේය.
වරෙක ඔහු ගේ ගී නාදය ප්රබොධමත්ය විනෝදමත්ය. (මල්සාරා.... ඈත කඳුරැළි.... වැනි නිදසුන් සළකා බලන්න) එහෙත් ඔහු ගී පදමාළාව හොඳින් අධ්‍යයනය කර ඊට අනුගතව සිය ගී හඞ සුසර කර ගත්තේය. (මොළකැටි බිළීඳෙකු අතේ හොවාගෙන.... ඉදිරි කොටසකින් බලාපොරොත්තු වන්න) ඒ රංඟන ලීලා පෑ ගී හඞවල් සතු වූ අල්ප ගණනක ශිල්පීන් අතර ජෝතිපාලයන් ට දෙවැනි කොට ෆොන්සේකා ශිල්පියා සිටී.
නැවතත් දෙසතියකින් හමුවෙමු.....