namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Wednesday, June 29, 2016

හෙළදීපයේ හෙළ ගී රසනඵ මැවූ අසල්වැසියා

හෙළදීපයේ හෙළ ගී රසනඵ මැවූ අසල්වැසියා- 26 වන ගුණසමරුව - ජූනි 27

1961 වසරට ආසන්න දිනයක වත්තල හැඳල විජයා චිත්‍රාගාරයේ දී එල් එස්‌ රාමචන්ද්‍රන්ගේ කුරුඵ බැද්ද සිනමා පටයේ ගී පටිගතවෙමින් පැවතිනි

මිල්ටන් පෙරේරා මෙන්ම ජනප්‍රියතම ගී තාරකා යුවළ වූ ධර්මදාස වල්පොළ හා ලතා ද ජී ඇස්‌ බී රාණි පෙරේරා ද එහි විය

එහි කවි ගායනාවක්‌ සඳහා තෝරාගෙන තිබුනු ඒදවස ප්‍රවිණ ගුවන් විදුලි ගායක හෙන්රි පෙරේරා කලා ලැදි සිය පවුලේ සමාජිකයන් සමග එහි පැමිණ සිටි

ඒ අතර හෙන්රි ගේ පාසල් වියේ හිරිමල් නැගණි නීලියා ද විය ඇය කුරුඵ බැද්ද සිනමා ගීතාවලියේ සංගීතවේදියා වාද්‍ය වෘන්දය හසුරුවන අයුර තනු නිර්මාණ පුහුණු කරන අයුර දෙස නෙත් යොමා සිටින්නී

තමා කලකට ඉහතදී සවන් යොමුකළ ප්‍රේමතරගය අහංකාර ස්‌ත්‍රී හා මාතලංන් ගීතාවලියේ රසමිහිර ද ආස්‌වාදනය කරනු ලබයි සිහිවෙයි

ඇයට ඔශු හැරදා යා නොහැකිය ඒ මෝහනීය තනු නිර්මාණ විසින් ඔශු වෙත ඇගේ සිත වෙන්නෙවන සේ අළවා තබා ඇති සේය

තමාට වඩා වසර ගණනාවකින් වැඩිමඵ වුවද ඇය තීරණයක්‌ ගෙන තිබුනි

දෙමව්පිය සොහොයුරු දැඩි වීරෝධය හමුවේ ඇගේ හිරිමල් සිත නොවේ බිඳකඳු වෙනස්‌ වූයේ

ඇය ඔශු හා නික්‌ම ගියාය

ඔහු ශ්‍රී ලංකාවේ ජන ගී ඇසුරුකරමින් නිමැයුණු සිනමා ගීතාවලියක මුල්ම ජනප්‍රිය ස්‌වත්‍රන්ත්‍ර සංගීතඥයා වූ ඔහු රාමයියා මුත්තුසාමිය

මේ ඔබ කියවන්නට සැරසෙන්නේ ඔහුගේ කථාවයි

හෙළ කථානාද සිනමාවේ පුරෝගාමි නිර්මාණකරුවාණෝ වූ සුන්දරම් පිල්ලේ නායගම් නම් කඳාන ප්‍රදේශය කේන්ද්‍ර කොටගත් මහා ව්‍යාපාරිකයාණෝ සතුව මදුරාසියේ කොයිම්බතුර්හි ද චිත්‍රකලා නමින් චිත්‍රාගාරයක්‌ පැවතිනි

එහි නිපදවූ කඩවුනු පොරොන්දුවේ සංගීත අංශය භාරව සිටි ආර් නාරායන් අයියර් වෙත ඒ සඳහා මුත්තුසාමි යොදවා ගන්නා ලෙස නිර්දේශ කරනු ලැබ තිබුනේ නායගම් ඒ වනවිටත් මේ අපුරු වයලින් වාදකයා ගේ දස්‌කම් හඳුනාගෙන සිටි බැවිනි

සුන්දර සවුන්ඩ් නමින් තමා ලංකාවේ ආරම්භ කරන්නට නියමිත නව චිත්‍රාගාරයේ වාදක මන්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නට ඇරයුම් කරනු ලැබූ ඔශුගේ ලංකාගමනය 1950 දී සිදුවිය

ඒ සමයෙහි ම මහා සංගීතවේදී ආර් ඒ චන්ද්‍රසේනයන්ගේ වාද්‍ය වෘන්දය වෙත කැඳවනු ලැබු මුත්තුසාමි ගේ සුමියුරු වයලින් වාදන ලිලා චන්ද්‍රසේන මුල් නිර්මාණයන්හි ඇසේ

එහිදි දැනහදුනාගත් මිතුරුදම ඔසසේ වයලීනය අතදාරාගත් රොක්‌සාමි - මුත්තුසාමි යුගලය එක්‌ව තමන්ගේ නිර්මාණ සැරිසර දියත් කරනු ලැබීය


1953 දී ප්‍රේමතරගය රසික ප්‍රසාදයට ලක්‌කරමින් ඔහු නිපැයූ සිනමා ගී සඳහා දිවයිනේ ඒ ක්‍ෂේත්‍රය වෙනුවෙන් මුල්ම ජාත්‍යන්තර ඇගැයීම සම්මානයට හිමිකම් කීමට ඔශුට හැකියාව ලැබිනි ඒ ඉන්දිය පත්‍රකලාවේදීන්ගේ සංගමය වෙතිනි


ඉන් අනතුරුව තම නිජබිමේ දී ප්‍රගුණකළ කර්ණාටක සංගීතයේ මිහිර හෙළ ජන සංගීතය හා මුසුකරමින් නවමු ආකාරයේ මියුරු නාදමාලා ගැබ්කරමින් ඔහු විසින් මාතලන් හි අමරණීය ගීතාවලිය බිහිකරනු ලැබීය සම්පූර්ණ ද්‍රවිඩ ඌරුවකට නිමැයුණු එහි තිබුනු එකම හෙළ මං සළකුණ වුයේ ඒ යුග යුග රැඳුනු ගීතාවලියයි

50 දශකයේ දෙවන භාගයේදී හා 60 දශකයේ පුරාවටම හා 1973 දී තිරගත වූ කේ වෙන්කටසාලවන් ගේ ගොපඵ හඩ දක්‌වාම ඔශුගේ කන්කඵ ගී නිර්මාණ අතරින් පතර හමුවේ

පසුව ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ ද වයලින් වාදකයෙකු ලෙස කටයුතු කළේය


ආර් ඒ චන්ද්‍රසේන වාද්‍ය වෘන්දයේ සහයක වයලීන් වාදකයෙකු ලෙස ක්‍ෂේත්‍රයට පියමං කරන ලද ඔහුගේ මුල්කාලීන සහයකයන් පසුව සිංහල සිනමා හා සරළ ගීතාවලියේ අමරණිය ගී අතිමහත් රාශියක නිර්මාණකරුවන් වූ මහා දැවැන්තයන් බවට පත් වූ බව කිවමනාය

සිංහල සුභාවිත සංගීතයේ අරටුව බඳු 50-80 අමරණීය සුමියුරු ගීතාවලියේ හතරෙන් තුන්පංගුවක පීතෘත්වය ඔවුන් සතුය

ප්‍රේමසිරි කේමදාස - බටනළා
වික්‌ටර් රත්නායක - වයලීන්
සරත් දසනායක - සිතාර්
එම් කේ රොක්‌සාමි - වයලීනය රැ සැක්‌ස්‌
ටී එෆ් ලතීෆ් - ක්‌ලැරිනටය
මොහොමඩ් සාලි - සර්පිනාව


ඒ අතර කියවෙන නම්ය

සිනමා ව්‍යාපාරික කේ ගුණරත්නම් ගේ සිනමාස්‌ සමාගම විසින් නිමැයූ හැඳල විජයා සිත්තම්හලේ ශබ්ද අංශය වීවෘත කරන්නට ඇරයුම් ලැබ පහත එක්‌කර ඇති ගීතය තමා විසින්ම ගායනා කරන්නට ඔහු සමත්විය ඒ 1961 වසරේදීය

1966 වසරේදී යළිත් වරක්‌ ඔහුගේ නාමය පිළිරැව් දුනි

ජෙම්ටෝන් හා බිස්‌වා වෙළඳ තැටි හිමිකරුවාණෝ වූද විසකාමාල්ස්‌ ව්‍යාපර සමුහයේ විජයපාල හෙයට්‌ටිආරච්චි රසවතා ආනයනය කරන ලද යමහා සරපුවරුව ඒ යුගයේ පැවති අති නවිනතම තාක්‍ෂණය සංකේතවත් කරනු ලැබූ අතර එකම උපකරණයකින් වාද්‍ය භාන්ඩ ගණනාවක හඩ උපදවන්නක්‌ ලෙස එය හඳුනවාදිනි

එය සුබ මුහුර්තියකින් වාදනය කරවන්නට ආරාධනා ලැබූවේ ද මුත්තුසාමිටය එහිදී ඔහු සුදට සුදේ වළාකුලයි ගීතයේ අනුවාදනය වයා පෙන්විය

70 දශකය එළඹී තිබිණි

තමා යටතේ සේවයකල වාදනශීල්පීන් ගේ දස්‌කම් උපේක්‍ෂා සහගතව ඉවසූ මුත්තුසාමිට ලැබුනු ආරාධනා ත්‍රමයෙන් අඩුවන්නට පටන් ගත්තේය

කඵ ජූලියේ දී
පසුව 80 දශකයේදී ඔහු ගැන සොයා බැලුවන් අල්පයක්‌ අතර මානව හිතවාදී විජය කුමාරණතුංගයන් ගේ නම පමණක්‌ කියෑවෙයි

පුතණුවකුගේ හා දියණියන් යුවළකගේ පියකු ලෙසින් ආර්ථික අපහසුකම් වලින් පෙඵනු ඔශුට අතදීමක්‌ ලෙස විජය විසින් නිපදවන්නට යෙදුණු සිනමාපටයේ සංගීත අධ්‍යක්‍ෂණය ඔශුට පැවරිණි ඔශු ඒ පිළිබඳව විජය කුමාරණතුංගයන්ට අපමණ කෘතවේදීත්වය පළකරන්නට ඇත

මේ වනවිට 80 දශකයෙනුත් වසර අටක්‌ ඉක්‌ම ගොස්‌ තිබිණි

කිසිවෙකුගේ අවධානයට ලක්‌ නොවීම තරමක රෝගී තත්වයකින් පෙඵනු මුත්තුසාමිට එවර අසන්නට ලැබුනේ ඔහුට ස්‌වකීය දිවිය පුරාවටම අසන්නට ලැබුණු බියකරුම ඉතාමත්ම අනුවේදනීය පුවතකි

ඒ තමාට අතහිත දුන් එකම හිතවතා කෘර ලෙස ඝාතනය කර ඇති බවකි

එයින් කම්පනයට පත් මුත්තුසාමිට සිත සනසාගන්නට ඉඩ නොතබාම සැගවී තිබු රෝගී තත්වය උත්සන්න විය

1988 ජූනි 27 දින ඔහුට මෙලොව හැර යන්නට තිරණය වී තිබිණි

-------------------------------------
මුත්තුසාමි නිර්මාණ අතර හදරැඳි ගී සමහරක්‌


ඔහුගේ ගීතයන් විමසා බලනවිට ඒවයේ ඔහුටම ආවේනික රටාවක්‌ අනුගමනය කෙරී ඇති බව පෙනීයයි එවයේ පළමු හා දෙවන අන්තරා කොටස්‌ හි තනු අසමානය ස්‌වර පරාසයන් වෙනස්‌ය

ඇවැසි විටක ඔහුද බටහිර ශිල්පිය ක්‍රම අනුගමනය කරන්නට පසුබට නොවී ඇති බවට සාක්‍ෂි ලෙස

සිලිසිළියේ නව සුවඳක්‌ පිබි\Sදී එවවා (සසරක හැටි - එම් එස්‌ ප්‍රනාන්දු ගී පද කරුණාරත්න අබේසේකර)

යුරොපයේ හිම වැටෙනා කලේට (උතුම් ස්‌ත්‍රිය - ධර්මදාස ලතා ගී පද ධර්මසිරි ගමගේ)

සුන්දර සිරිබර සිරිලංකා (ගුවන් විදුලි ගීයකි - පද හේම ශ්‍රී ද අල්විස්‌)


වැනි නිර්මාණ සැලකිය හැකිය

 හින්දී සිනමා ගී තනු උපුටාගෙන ඊට කඨෝර වදන් යොදා නිර්මාණය කෙරුණු ඒකකාරී සංගීත රටාවලින් හෙබි ග්‍රැමෆොන් ගී (ඇතැම් ප්‍රශස්‌ත නිර්මාණ අතරින් පතර ඉඳහිට බිහිවුනද) රටාවේ පැහැදිලි වෙනසක්‌ ඇති කලේ බෙංගාලි ජන සංගීතය ඇසුරේ බිහිවුනු රවින්ද්‍ර සංගීතය අනුව සිංහල දෙබස්‌ ගී නිර්මාණය කළ ආනන්ද සමරකෝන් හා පසුව එය වැඩි දියුණු කළ සුනිල් ශාන්තයන්ය

මුත්තුසාමි ඉහත ශිල්පීන් දෙදෙනා ගේ මංපෙත වඩාත් හෙළිපෙහෙළි කරමින් අනාගත නිර්මාණකරුවන්ට පහන් සිළක්‌ වූ අයුර ඔහු සිංහල සිනමා ගීයේ පර්යේෂාණාත්මකව අත්හදා බැලීම් සඳහා යොමු වී ඇති ආකාරය අධ්‍යයනය කිරීමෙන් වටහගත හැකිය

ඉන් පසුව බිහිවූ සංගීතඥයන් ඒ නිර්මාණ ගුරුතැන්හි නොතබන්නට ඇතැයි ප්‍රකාශ කරන්නට තරම් සහසික නොවිම වටී

සිංහල නැළවිලි ගී - දොයි දොයි දොයි දොයිය පුතා - මාතලන්

ජන ගී  - රන්වන් දුල් කරලින් පැසිලා - මාතලන්

කරත්ත කවි - හනික යමං පුල්ලි ගොනෝ - මාතලන්

සුදට සුදේ වළාකුලයි  (සංගීත ඛන්ඩ) - සංදේශය

බයිලා වේග රිද්මය - බටහිර හර්මනි ශිල්පීය ක්‍රමය - සිලි සිලියේ නව සුවඳක්‌ - සසරක හැටි


මෙයාකාර මනමෝහනීය තනු නිර්මාණයේ රහස කුමක්‌දැයි ඔහුගෙන් වරක්‌ විමසන ලදින්

තම ගුරුකුලයේ රැකගෙන ආ මුලධර්ම අනුව දවසේ එක්‌ එක්‌ වේලාව අනුව ඊට නියමිත ස්‌වර සංකලනය හා වැයෙන රාග සැළකිල්ලට ගෙන ඒවාට තනු යෙදු බව ද ඒවා ශ්‍රවණය කිරීමෙන් අසන්නාට ඊට නිතැතින්ම ආකර්ශනය වන බවද ඔහු විසින් පවසා තිබේ

ඔහුගේ එකම පුතු මෝහන් රාජ් තම පියාගේ අඩිපාරේ යමින් ඔහු දිවමන් වියේදීම දිවයිනේ මුල්ම කර්ණාටක සංගීත කණ්‌ඩායම වූ අප්සරාස්‌ වාදක කන්ඩායම නිර්මාණය කරන ලදී

දිවයිනේ අග්‍රගන්‍ය සරපුවරු වාදකයෙකු වන ඔහු එහි යතුරු තම පරම්පරාවෙන් පිහිටා පැවතුණු කර්ණාටක සංගීතය ඔස්‌සේ මෙහෙවයනු ලබමින් සිටී

ඔහුගේ දස්‌කම් විස්‌කම් සිංහල ගීතාම්බරයේ දිනකර හා හිමකර සරි පන්ඩිත් අමරදේවයන් හා නන්දා මාලනිය විසින්ද අගය කරනු ලැබ තිබිණි



ඇයගේ ළසොවින් හඩන්නී හඩමින් තැවෙන්නී සහ සඳට මුවා වී මල අමනාපෙන් ගීත යුගලයද පන්ඩිත් අමරදේවයන් හා සහය ගායිකා සමිතා එරන්දතී විසින් ගැයෙන සඳමම නම් හි ඔබට ඇසෙන තරමක නුහුරු වාදනමාළාවන් ඔහුගේය

රාමයියා මුත්තුසාමි පියමං කළ දිවි මග

ආගමනය 1928 ජනවාරි 05 දින

වාසය නාගර්කෝවිල් තමිල්නාඩු ප්‍රාන්තය

පියාණන් - රමයියා භගවතර්

මව - තංගම්මා

කලා දිවියට ප්‍රවේශය - මදුරාසිය ඒ සි රාමචන්ද්‍රන් ගුරු තැන්හී

1950 - ලංකාවට පැමිණීම

1953 ප්‍රේම තරගය සංගීත නිර්මාණය

1954 - තම මවිබිමේ පුවත්පත් කලාවේදීන් විසින් සම්මානයට පාත්‍ර කරනු ලැබීම

1955 අග්‍රමත්‍ය සර් ජෝන් කොතලාවලයන් අතින් ලක්‌ පුරවැසි බව ලැබීම

1955 - ප්‍රථම වරට සිනමා පටයක්‌ සඳහා දේශීය ජනගී රටා අනුකරණය කරමින් ගීත 11 ක්‌ නිර්මාණය කීරිම - මාතලන්

1956 තම ගම්පියසේ එනම් මදුරාසියේ වාහිනී සිත්තම්හලේදී වාදකයන් 33 දෙනෙකු ගේ වාද්‍ය වෘන්දයක්‌ මෙහෙයවමින් රම්‍යලතා ගී නිර්මාණය

1960 - මහා සිනමාවේදී ආචාර්ය ලෙස්‌ටර් ජේම්ස්‌ පීරිස්‌ ගේ දෙවන නිර්මාණය වූ සංදේශයේ සුනිල් ශාන්ත තනු සඳහා සංගීත අධ්‍යක්‍ෂණයෙන් සහභාගී වීම

1960 ගායකයකු ලෙස කටයුතු කිරීම - එල් එස්‌ රාමචන්ද්‍රන්ගේ නලගන - ගිඵනා සෝක ගගේ

1961 - විවහය - නීලියා පෙරේරා

1962 - කුඵඳුල් දරු උපත - මෝහන් රාජ්

1971 - ගුවන් විදුලියේ දෙමළ වාදක මන්ඩලයේ ප්‍රධානියා බවට පත්වීම

1974 - දිපශීකා සම්මනය

1985 - ගුවන් විදුලියෙන් විශ්‍රාම ලැබීම


ශ්‍රාවකයා වසග කරවූ තනු නිර්මාණ සමහරක්‌

හොඳ හොඳම වේය ලොව - ප්‍රේම තරගය - 1953
ලංකාරෙන් මලක්‌ පිපි - අහංකාර ස්‌ත්‍රී - 1954
රන්වන් රන් කරලින් පැසිලා - මාතලන් - 1955
සඳ කොමලී තරු පිරිවරලා - මාතලන්
දොයි දොයි දොයි දොයිය පුතා - මාතලන්
උපත ලබා මේ ලෝකේ - මාතලන්
මග බල බලා ඇතිය මගේ සුදා - රම්‍යලතා - 1956
පරම රමණී අපේ ආලේ - නලගන - 1960
වී කිරිල්ලී - කුරුඵ බැද්ද - 1961
ගමන නොනිමෙයි ලෝකයේ - සිකුරු තරුව - 1963
නෙඵම් මානෙල් මඩේ - සසරක හැටි - 1964
සිතන්න දන්න හිතේ - යටගිය දවස -1965
ගග යන්නේ කොහේද බලා - යටගිය දවස
සොබා අලංකාරේ - අල්ලපු ගෙදර - 1965
මග ගන වනන්තරේ - අල්ලපු ගෙදර
ආදරේ මන්දිරේ ඔක්‌කොම හරි - 1967
පිපෙන මලක මී මධුරස - ඔක්‌කොම හරි
මද සීත නළරැල්ල =- වහල් දූපත - 1968
ඔංචිල්ලා තොටිලි කොයින්දෝ - සූර චෞරයා - 1967
ගාමිණි මෑණී සෝමා දේවී - ඉපදුනේ ඇයි - 1967
වසන්ත සමයේ මී අඹ වනයේ - ඉපදුනේ ඇයි


(කරුණාරත්න අබේසේකර රැ චිත්‍රානන්ද අබේසේකර හා බෙනඩික්‌ට්‌ ප්‍රනාන්දු - මාතලන් ගී පද රචනා)

සංගීත අධ්‍යක්‍ෂණය

පුන්සඳ එළියයි සංදේශය - 1960
කෝ හතුරෝ
රැන ගීරා රෑන අඹේ
කටේ කිරි සුවඳ
පෘතුගිසි කාරයා
රැජින මමයි


ගුවන් විදුලි නිර්මාණපෙළ අතරින්


රහසක්‌ ඇත ඔබ හට පවසන්නට - ලතා -ධර්මදාස
ශ්‍රීණිභරිත ස්‌වර්ණ භුමියයි - ලතා
සුන්දර සිරිබර සිරි ලංකා - ලතා - ධර්මදාස


ගායන ලීලාව

ගිඵනා සෝක ගගේ - නලගන
මාග් දෑසම පියවී එන්නේ - සසරක හැටි
ඔබ පානා ඔය බැල්ම - සිතක මහිම
ළිඳ තුල මැඩියා - ශාස්‌ත්‍රිය මොහිදීන් බෙග් සමග - අල්ලපු ගෙදර
මධුර යාමේ සුවදේ සාමේ (සුජාතා අත්තනායක සමග)

(වැඩිදුර විස්‌තර සඳහා කියවන්න)
උපුටා ගැනීම් රැ පරිශීලනය රැ සේයාරුව- ගාන්ධර්ව අපදාන - මහචාර්ය සුනිල් ආරියරත්න


ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාව රංජිත් පීරිස්‌ - මුත්තුසාමි - 80 දශකය

-----------------------------------
නොකැළැල්ය නොඉඳුල්ය ප්‍රේමේ අපේ
එය දන්න වන විල්හි මානෙල් පිපේ

ගායනය - ධර්මදාස වල්පොල හා ලතා වල්පොල
කුරුඵ බැද්ද සිනමා පටය වෙනුවෙනි- 1961
පද රචනය - ප්‍රවිණ නිවේදක නැසිගිය කරුණාරත්න අබේසේකර

සවන්දෙන්න මෙතැනින්-------------------------------

වසන්ත සමයේ මී අඹ වනයේ අනන්ත සුවයකි ගෙනදෙන්නේ
ගීමන් හරින්නට සමන් වැළක්‌ යට නිරන්තරේ මේ පාවෙන්නේ


ගායනය - නැසිගිය ශිල්පී ධරම්දාස වල්පොළ
කරුණාරත්න අබේසේකර  -
ඉපදුනේ ඇයි - 1967සිනමා කෘතියෙනි
සවන්දෙන්න මෙතැනින්


--------------------------------

6 comments:

  1. මේ අපූර්ව සංගීතඥයාගේ තනු නිර්මාණ අතරේ අදත් මා ආදරයෙන් රස විඳින ගී බොහොමයකි... ඒ ගීතයන් ට සවන්දෙන මොහොතක් පාසා සිතට දැනෙන අනුපමේය මිහිරියාව වෙනුවෙන් මා ඔහුට සදා ණයගැත්තියකි..
    සිංහල ගීතය අද යම් තැනෙක වේ ද ඒ සඳහා කිසිදු වෙනත් මූල්‍යමය ලාබ ලබා ගැනීමේ හැඟීමකින් තොරව, නිර්මාණයකින් ලැබෙනා සංතුෂ්ටිමය ලාබය පමණක් විඳිමින් ඔහු සැපයූ දායකත්වය කළ ගුණ දන්නා මිනිසුන් ලෙස මෙසේ අගය කිරීම සතුටකි...
    පැරණි ගීත මිහිර හොඳින් දන්නා හඳුනන, ඒවා අන්‍යයන් අතරේ බෙදා හරිමින් ඒ මිහිර අන්‍යයන් ට ද ලබාදෙන ඔබ, මෙවන් යුග පුරුෂයන් මෙසේ සිහි ගැන්වීම වෙනුවෙන් මගේ හදපිරි ස්තූතිය පිළිගන්න, ප්‍රභාත්.

    ReplyDelete
    Replies
    1. ස්‌තුතියි

      ඔබ කියන්නේ සත්‍යයකි

      ඒ එසේම බව ඉහත ලිපියේ ආරම්භයේ ඔහුගේ විවහය ගැන කියවෙන පළමුවන පරිච්ජේදයෙන් යමෙකුට වැටහෙනවා ඇත

      Delete
  2. වටිනා ලිපියක්. ආර්. මුත්තුසාමි මහතාගේ ගී අතරින් 'මදුර යාමේ', 'මද සීත නලරැල්ල' ගීත දෙකට මා වඩාත් කැමතියි. ඉදිරියටත් මෙවන් ලිපි බලාපොරොත්තුවෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
  3. ස්‌තුතියි දුමින්ද සටහන ඔස්‌සේ කරනු ලබන දිරිගැන්වීමට ඔබේ

    ReplyDelete
  4. මේ සටහන ඉතිහාසගතයි !!!

    බෙහෙවින්ම ස්තූතියි ඔබට ..

    ReplyDelete
    Replies
    1. ස්‌තුතියි හිතවත් පුවත්පත් සොයුරාණෙනි

      Delete