namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Sunday, January 22, 2017

ප්‍රවිණ සංගීතඥ ආර් ඒ චන්ද්‍රසේන ජීවන තතු - 02 කොටස

එදවස දෙසවන් නැළවු සත්සර රන්ස්‌වරය  - 02 (1924-1980)

සංගීතය හැදෑරීම යනු හින්දුස්‌ථානි රාග තාල පුහුණුවී අසල්වැසි භාරතයේ ඒ සම්බන්ධ ලෝ ප්‍රකට විද්‍යායතන වූ ශාන්ති නිකේතනය භාත්ඛන්ඩේ ආයතනයන්හි පාඨමාලාවන්හි ලියාපදිංචි වීම යෑයි එදා පමණක්‌ නොව අදද ජනමතයයි













ඒ ගුරුකුලයන්හි ශිල්ප සතර හැදෑරුවේ මෙහි සංගීත ප්‍රතිපත්තිය විනිශ්චය කරන්නෝ ය ඒ සම්බන්ධ අධ්‍යාපනය පරිපාලනය කරන්නෝයදි

චන්ද්‍රසේනයන් ඉහත කුමනාකාරයේ හෝ ගුරු කුලයකට බැඳී එකී විෂය හැදෑරුවෙක්‌ නොවේ ඔහු සම්පූර්ණයෙන්ම ස්‌වයං පුහුණුවෙන් හා විෂය ස්‌වෝත්සහයෙන් එමතුදු ගැඹුරින් හැදෑරීමෙන් ශිල්ප දැක්‌වූ අපූර්ව ගායකයෙකි වාදකයෙකිදි

ක්‍ෂේත්‍රයේ ඉහත කී ගුරු කුලයේ සාමජිකයන් හා ඔවුන්ගේ ගෝල බාලයන් විසින් පනවාගෙන තිබූ වැට කඩොඵ සිමාමායිම් අතික්‍රමණය කර නවමං සොයා පියමං කරන්නට ඔහු තැත් දැරීය

ගීතකලාවේ මහගෙදර අරා සිටි භාරතීය ගෝල පරපුර වෙතින් පමණක්‌ නොව ඉන් පිටතදීත් මුහුණ පාන්නට සිදුවූ අපමණ කෙණෙහිලිකම් සිත් රිදවීම් බාධා තර්ජන මාධ්‍යයේදි ඒ කටයුත්ත සෑහෙන පමණකට සාර්ථක කරගන්නට හෙතම සමත්ව සිටියේය
විෂයේ න්‍යයානුකූල අංශය හා ප්‍රයෝගික භාවිතය යන මෙකී දෙකරුණෙන් ගී ලෝලී ශා්‍රවකයන් ගේ හදබැඳ ගන්නට සමත් වනුයේ පසුව කියූ තත්වයයි එහි අගතැන්පත්වූ දේශීය සංගීත ශිල්පීන් අතරින් තම හැකි වෙර යොදා උපරීම කැපවීමෙන් එකී කටයුත්තේ නිරතවූවන් අතර ඔහුගේ නාමය පෙරටුවම කියෑවෙයි

පූර්වගාමි ආනන්ද සමරකෝන් ගේ ගුරු හරුකම් ලැබ එයින් නොනැවතුනු චන්ද්‍රසේනයන් බටහිර ගී ආරේ ශිල්පීය ක්‍රම සිංහල සංගීතයට මුසුකරවන්නට සමත් වූ බී ඇස්‌ පෙරේරා සංගීතවේදියාණන් හා සමකාලිනව එකී කටයුත්තේ දැඩිව නිමග්න විය
පෙර ලිපියෙන් ඔබ්බට


රිදී තිරයේ වැයුණු චන්ද්‍රසේන සත්සරය
දසබලධාරී ගීතය නිසා ශ්‍රාවක මුවග කියෑවුණු චන්ද්‍රසේනයන් සිංහල සිනමාවේ පුරෝගාමි මහ දැවැන්තයෙකු වූ මීගමුවේ මිනර්වා නාට්‍ය කන්ඩායමේ ප්‍රධානී බී ඒ ඩබ්ලිව් ජයමාන්නයන් වෙත යොමුකරවනු ලැබුවේ ජයමාන්න කණිටු සොයුරු මිනර්වා සාමාජික එඩී ජයමාන්නයන් විසිනි

ඒ අනුව 1954 වසරේදී අයිරංගනී සිනමා පටයේ එස් එස් වේදා සමග සහය සංගීත අධ්‍යක්‍ෂනයේ නිරතවූ ඔහුට ජයමාන්නයන්ගේ මිලග නිර්මාණය වූ මතභේදය සිනමාපටයේ සප්තස්වර හැඩ ගැන්වීමේ සම්පූර්ණ වගකීම පැවරිණි ඉන් දෙවසරක ඇවැමෙන් දෛව විපාකය සඳහා ඒ කටයුත්තේ නිරතවන්නට ඔහු සමත්වී තිබිණි

ඉන් මද කලකට පසුව දුගී නාදය නමින් වූ සිනමාපටයක සංගීතය මෙහෙයවන්නට ඔහුව තෝරාගෙන තිබුන නමුත් එය සැගවී නොපෙනී ගියේය

ලෝක සිනමාවේ ද කෙම්බිමක්‌ බඳු දක්‍ෂින භාරතයේ දී සංගීතය පටිගතකල මෙම නිර්මාණයන්හි සමහරක වාද්‍ය වෘන්දය මෙහෙයවිමේ භාරදුර වගකීම චන්ද්‍රසේනයන් විසින් දරන ලදී ඒ අනුව බැද්දලියනගේ ශ්‍රීණාත් පෙරේරා ගෙන් පසුව භාරතයේදීම එහි වැසියන්ගෙන් සමන්විත වාදකයන් කළමනාකරණය කරන්නට වාසනා ගුණය ලත් දෙවැනි සිංහල ජාතිකයා යන ගෞරව බහුමානය ලද්දා චන්ද්‍රසේනය

පසුව ඔහු තම මව්බිමේදී ඒ කර්තව්‍යයේ නිරත වුයේ වනලිය නම් සිනමා නිර්මාණය වෙනුවෙන් 1958 වසරේදිය මතු අනාගතයේ හෙළ සිනමා සංගීතයේ කිරුඵ දරන්නට දෛවය විසින් යොමුකරවනු ලැබුවෙකුගේ සිනමා කළ එළි මංගල්‍යයද ගුවන් විදුලි සරළ ගී හැඩගැන්වූවෙකුගේ ද චිත්‍රාගාරාගමනය ද එදිනම සිදුවිය ඒ එවකට චන්ද්‍රසේන වාද්‍ය වෘන්දයේ වාදක මන්ඩල සාමාජිකයන්ව කටයුතු කරනු ලැබු ප්‍රේමසිරි කේමදාස හා මොහොමඩ් සාලි ය

ශිල්පීය නිපුණතාවයෙන් හිනිපෙත්තේ සිටි ඔහු දායකත්වය දැක්‌වූ මෙකි නිර්මාණ කිසිවක ඔහුගේ ස්‌වත්‍රන්ත්‍ර තනු අඩංගු නොවීය ඒවා හින්දි ගී තනු අනුකරණයන්ය නමුත් මෝහනීය නව සංගීත අදියුරු වලින් මනාලෙස හැඩගන්වනු ලැබීය එදා මෙන්ම අදද සාමන්‍ය රසිකයන් ඒවා විදේශිය තනු ලෙස නොහඳුනයි ඒකි ගී නිර්මාණයන්හි රසය දශක 06 ක්‌ ඉක්‌මවා අදද එකලෙස ගී රසිකයන් පිනවයි
ආර් ඒ චන්ද්‍රසේන සංගීත රටා මුසුකළ එකළ පරසිඳු මිගමුවේ මිනර්වා නාට්‍ය කණ්‌ඩායමේ ප්‍රධානී බී ඒ ඩබ්ලිව් ජයමාන්න සිනමා නිර්මාණ පෙළ - පහත දැක්‌වෙන සියඵ ගී පද රචනා ඒ ජේ ද සොයිසා විසිනි

හින්දි හා ද්‍රවිඩ සිනමාවේ දැවැන්ත සෙවණැල්ලෙන් වසාගත් 50 දශකයේ ලාංකීය සිනමා ගී රසිකයන් ඒ තනු නිර්මාණයන්ගෙන් මෝහනයට පත් වී තිබිණි එය කොතරම්ද යත් දේශිය ස්‌වත්‍රන්ත නිර්මාණයන් රසවිඳීම අගය කිරීම ප්‍රතික්‍ෂේප කරන්නට වූ අතර සිනමා ගීත නොවන වෙනත් ගුවන් විදුලි නිර්මාණ පවා ඒ බලපෑමට යටත් ව හින්දි තනු අනුකරණයන්ම විය

මේ නිසා දේශිය සිනමා නිර්මාණයන්හි අයිතිකරුවන් වූ ඒවයේ නිෂ්පාදකයන් ද රැල්ලට අනුගත වෙමින් වඩාත්ම ජනප්‍රිය හින්දි තනු හැකි උපරිම සංඛ්‍යාවක්‌ තම සිනමා කෘතියට රිංගවා ගන්නට උත්සුක වුහ 
අදාළ සිනමාපටයේ  ගී තනු නිර්මාණයේ යෙදුනු ප්‍රතිභාපූර්ණ සංගීතඥයන් ට ඒ සඳහා බලපෑම් කරවනු ලැබිය

 දේශිය නිර්මාණකරුවන් බිහිවීම වළක්‌වන මේ ව්‍යාසනයේ බරපතල බව මනාලෙස වටහගත්තේ ගුරුදෙවි සුනිල් සාන්තයන් මොරටු පුරවරයේ කලාකමි ගායකයෙකු වු ක්‍රිස්‌ටෝපර් ටියුඩර් ප්‍රනාන්දු (සී ටී) ඇතුඵ කිහිපදෙනෙකු පමණකි ඔවුහු මිට එරෙහි දේශිය ගීත කලාවේ විප්ලවීය වෙනසකට මුල පිරීය ඒ මුඵමනින්ම හින්දුස්‌ථානි සංගීතයෙන් යෑපීමෙන් වැළකී ඊට හිස නොනමා බටහිර නාදමාලා ඇසුරේ නිර්මාණකරණයේ යෙදීමෙනි 

දේශීය හින්දුස්‌ථානි ගුරුකුලයේ අනන්ත අපරිමාණ කෙනෙහිලිකම් බාධා කුමන්ත්‍රණ අවහිරකිරීම් හුමවේ මෙකි නැවුම් රටාවක ගී පෙළ සිංහල ගී රසිකයන් වසා පැතිර පැවති එකි අඳුරු කඩතුරාව සුනු විසුනු කරවාදැමිය

හින්දුස්‌ථානි සංගීතය මනාව හදාර තිබියදීත් ඒ වෙනුවෙන් ආ වැඩීමෙන් වැළකුණු අනන්ද සමරකෝන් ශූරීන් ද ඇතුලත්ව ඉහත කි පුරෝගාමින් අතරට එක්‌විය යුතු එක්‌කල හැකි මිළග සංගීතඥයා ආර් ඒ චන්ද්‍රසේනයන් ය

හින්දි තනුවට සිංහල වදන් පිරිද්දීමේ කලාව ප්‍රගුණ කලෝ එවකට ද හිග නොවුවද එය කලාත්මකව වඩාත් අර්ථ පූර්ණව සිදු කරන්නට සමත් වූවෝ නොසිටිය තරම්ය  ඒකී දුර්ලභ හැකියාවෙන් පරිපුර්ණ වු පුරෝගාමි ගී පද රචකයෙකු වු ඒ ජේ ද සොයිසා සිංහල සිනමාවට හඳුන්වාදීමේ ගෞරවයද චන්ද්‍රසේනයන් සතුය

තමාට ලැබෙන සිනමා කෘති වල නිෂ්පාදකයන් ඉල්ලා සිටින හින්දි තනු උදෙසා ඔහුගේ සාපේක්‍ෂව අර්ථපුර්ණ වදන් පෙළගැස්‌ම චන්ද්‍රසේනයන් ගේ පැසසුමට ලක්‌ වූ අතර ඒවා එවක්‌ පටන් යුග යුග හද රැඳි නිර්මාණ බවට පත් විය

ඒ නිසාදෝ මේ නිර්මාණයන්හි 25 වන සංවත්සරය සැමරූ 1978-79 වසරවලදී තත්කාලින නවීන තාක්‍ෂණය වු ස්‌ටීරියෝ ඩොල්බි ක්‍රමයට ඒවා යළි පටිගත කරන්නට කටයුතු කරනු ලැබීය ඒ සිංහල ගීත කැසට්‌ පට නිෂ්පාදනයේ ලාංකික පුරෝගාමියා වු නැසිගිය විජය රාමණායකයන් විසිනි 

සංගීතඥ නැසිගිය ස්‌ටැන්ලි පීරිස්‌ (සැක්‌සපෝනය)
- රංජිත් පෙරේරා (ටෙනර් සැක්‌සපෝනය)
- පද්මසිරි පැස්‌කුවල් (රිදම් ගීටාරය)
 - මහින්ද බන්ඩාර  (ලිඩ් ගීටාරය)
- මිල්ටන් පීරිස්‌ (බේස්‌ ගිටාරය)
- ප්‍රේමනාත් කොඩිතුවක්‌කු (තබ්ලා - හාර්මෝනියම්)
නෙල්සන් ත්‍යාගරාජා (ඇකොස්‌ටික්‌ස්‌ ඩ්‍රම්ස්‌)
ක්‌ලෝඩ් ප්‍රනාන්දු (ඕගන්)


නියෝජනය කල ද ෆෝර්චූන්ස්‌ වාද්‍ය වෘන්දය ඊට සංගීතය මුසුකරනු ලැබු අතර බටහිර තුර්ය වාදන මුසුකල නව සංගීත සංයෝජනය සඳහා එවර චන්ද්‍රසේනයන් සහභාගි කරවනු තබා දැනුවත් කිරීමක්‌ පවා සිදු නොකළ බව වාර්තා වේ

..............................................  

අයිරාංගනී - 1954 අප්‍රේල් 10
තරු පායන ආකාසේ - මොහිදීන් බෙග් හා රුක්‌මණී දේවි
ජිවිතේ ජිවිතේ - රුක්‌මණී දේව්
රාණී එන්කෝ නැගී මපෙම් - බෙග්

..................................................
මතභේදය - 1955 අප්‍රේල් 14
(ආර් ඒ චන්ද්‍රසේන හා පුරා කියා සම්පූර්ණ තනි සංගීත අධ්‍යක්‍ෂණයේ නිරතවීම)
සමුදුරේ සොය යති නදී ප්‍රියා - රුක්‌මණි දේවි හා සූර්යරාණී

පෙම්මල් මාලා නෙළා ගොතාලා - බෙග් - රුක්‌මණී


ආදර පාන සුදා - රුක්‌මණී


පෙම් සිහින ලෝකේ මායා - බෙග් - රුක්‌මණී


දෙවියන් කෝ සමන් දෙවියන් - රුක්‌මණී

..............................................
දෛව විපාකය - 1956 මැයි 21

දොයි දොයි රන් පුත - ග්‍රේස්‌ ජයමාන්න (බී ඒ ඩබ්ලිව් බිරිඳ)


සරා ගොයියා හරි මිනිහා - මේබල් බ්ලයිත්


සුරතලියේ සුකොමළියේ - බෙග් - රුක්‌මණී


සුදෝ සුදු රන් කඳේ මගේ පෙම් - බෙග්


මේ ගීත සදා රසික සිත් රංජනය කරවනු ලබයි

                    xxxxxxxxxxxxxxxxxxxxxxxxxx
සිනමාපටය - මතභේදය - 1955 අප්‍රේල් 14
අධ්‍යක්‍ෂණය - බි ඒ ඩබ්ලිව් ජයමාන්න - මිනර්වා නාට්‍ය කන්ඩායම මිගමුව
නිෂ්පාදනය - බි ඒ ඩබ්ලිව් ජයමාන්න  - එඩී ජයමාන්න - රුක්‌මණි දේවි

01 පෙම් මල් මාලා නෙලා ගොතාලා - ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා .............

ඒ වෙනුවෙන් ගායනය - මොහිදින් බෙග් - රුක්‌මණි දේවි
සංගීත අධ්‍යක්‍ෂණය - ආර් ඒ චන්ද්‍රසේන 
සිංහල වදන් මුසුව - ඒ ජේ ද සොයිසා


සිනමාපටය වෙනුවෙන් කරනු ලැබු මෙකී මුල් පටිගතකිරීමට මෙහි සවන්දෙන්න


සිනමාපටයෙන් බැහැර සිංහල පිටපත


ගායනය - මොහිදීන් බෙග් හා ලතා වල්පොල
සංගීතය අධ්‍යක්‍ෂණය - ස්‌ටැන්ලි පීරිස්‌ 
නිෂ්පාදනය - විජය රාමණායක
ලේබලය - තරංගා රෙකෝඩ් බාර්  - කොටුව  - කොළඹ 01
වසර - 1979
25 සංවත්සර නව සංගීතය මුසු පිටපතට මෙහි සවන්දෙන්න


හින්දි සිනමාපටයේ මුල්ම පිටපත
(ගයා අන්ධෙරා හුවා උජාරා චම්කා චම්කා සුභා කා තාරා ..............))

සිනමාපටය සුභා කා තාරා   - 1952 

හින්දි මුල් සංගීතය හා තනුව - සී රාමචන්ද්‍රන්
හින්දි මුල් ගායනය තලාට්‌ මෙහෙමුද්-ලතා මංගේෂ්කර්

මෙතැනින් නරඹන්න

 (යු තලය) ...........................................................
02 සමුදුරේ සොයා යති නදී ප්‍රියා - අපි කුසුම් සොයා සැනසෙමු ගං තීරේ පාවි ......................

ගායනය - රුක්‌මණි දේවි - එව්ලින් බාලසූරිය හෙවත් සූරියරාණී
පද සංකල්පනය - ඒ ජේ ද සොයිසා
සංගීත සංයෝජනය - ආර් ඒ චන්ද්‍රසේන

මෙහි සවන්දෙන්න
                         

(විශේෂ ස්තුතිය - ආචාරිනී දර්ශනී චන්ද්රසේන - ආර් ඒ චන්ද්රසේන කණිටු දියණිය)
                        XXXXXXXXXXXXXXXXXXXX



යළිත් හමුවෙමු ...................
































1 comment:

  1. එක්තරා කාලයක සංගීත්ය ගැන හොද දැනුවත් කිරීමක්

    ReplyDelete