namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Monday, January 9, 2017

සතර දිගන්තේ සරසා ආ තුරුණු වසන්තයේ රිදි කුමරිය

සිසිර සේනාරත්න සිනමා ගීතාවලිය - 03 -සතර දිගන්තේ සරසා ආ තුරුණු වසන්තයේ රිදි කුමරිය



සිංහල සිනමාවේ පුරෝගාමි මහ පුරුෂයන්ගේ ලැයිස්‌තුවට තම නාමය ඇතුළත් කළ අදියුරු ටයිටස්‌ තොටවත්තයන් ගේ විස්‌කම් රූ රටා හා සකසූ ලතාව මෙපමණයෑයි ගෙනහැර පෑ සිනමා සිත්තමකි   කවුද හරි ලෙසින් නම්වුයේ ඒ 1969 වසරේ ම බක්‌මස එකොළොස්‌වන දිනදීය එහිදි සිසිරයන් තම සුපුරුදු ශෛලියෙන් නිර්භවය මෑත් ව ගියේ එහි ආ ජවනිකාව හා හඩ මුසුකළ වේගරිද්ම බටහිර ශෛලියේ අනුගාමික සී ටී ප්‍රනාන්දු ගායකයාණන්ගේ ගී ගායනා ලතාව වඩ වඩාත් බබළවන්නටය



මී වදයකි ජීවිතේ මී පැණි පිරිලා ඇතේ - මත්විලා ගුම් ගුම් නද දීලා සැනසෙමු අපි හිතුමතේ

මලින් මලට පියඹමු තුඩින් තුඩග රොන්ගමු - ලියන් තමා රසි ඉහිරෙන මල් වැල් ඔවුන් සොයාගෙන යමු



රජයේ සංගීත විදුහලේ දෙවන කණ්‌ඩායමේ සමාජිකයෙකු ව එවකට නැගී එමින් සිටි ආධුනික ගායන ශිල්පියෙකු ලෙස කටයුතු කල වික්‌ටර් රත්නායකයන් ද තමා ව රසික හදවතේ නිදන් කරවු ගුරුදෙවි සුනිල් සාන්තයන්ගේ ළබැඳි අගසිසු අයිවෝ ඩෙනිස්‌ වෙනුවෙන් ද මුල්වරට සිසිර සේනාරත්නයෝ සප්තස්‌වර රටා ඇමුණුයේ මෙයාකාරයෙනි



නැගෙන වැටෙන වැටී නැගෙන පෙරළෙන ලෝකේ- වාසනාවේ දාදු කැටේ අපේ ජීවිතේ

අසන්න මෙතැනින්




පද මුසුව- හෙළ හවුලේ සමාජික ගල්කිස්‌ස සාන්ත තොමසුවන්ගේ විදුහලේ සිංහල බස ගුරුවරයා ලෙස කටයුතු කල අරිසෙන් අහුබුදු ශූරීන් විසිනි



එහෙත් එයින් නොනැවතී  ඔහු සුපුරුදු හඩ අවදිකරන්නට නෙමැළි විය

රිදී කුමාරී සීතල ඇල්ලයි මේ මුඵ ගම්මානේ සෝබන ගම්මානේ

රිදී සිනාවේ ආදර මැණිකේ කදු පාමුල ඉන්නේ - කන්ද උඩින් ආවේ

 අසන්න මෙතැනින්

(ගී පද සංකල්පනාව - නැසිගිය ධර්මසිරි ගමගේ )

Share Music - Embed Audio -

රිදී තිරය අතුපතර විහිදා දඵ ලා වැඩි ගිය වසන්ත සමය උදාවූයේ 70 දශකයේ දීය නොමැකෙන මතක සටහන් ගණනාවක්‌ බිහිකළ අමරණීය ගී නිර්මාණ අතිමහත් ප්‍රමාණයකින් එය හැඩවැඩවූයේ ඊට ආධුනිකයන්ව එක්‌ව තම දායකත්වය සැපයූ සංගීතඥයන් ගණනාවක්‌ නිසයි එහෙත් රාජකාරිමය කටයුතු හා පෞද්ගලික ව කාර්ය බහුල වූ සිසිරයන් හට ඊට එළෙඹෙන්නට කාලය විසින් සිමා බන්ධන පැණවු බව කියෑවෙයි


නිෂ්පාදකයන්ගේ සිහිනමල් පුබුදුවන්නටම උත්සුක නොවී ඉතා හොඳින් සිතාබලා තෝරාබලා තමා තෘප්තිමත් වන්නේ නම් පමණක්‌ එය සාර්ථක නිර්මාණයක්‌ බවට පත්වන්නේ යැයි හැගේ නම් පමණක්‌ ඒ කටයුත්ත භාරගැනීම ඔහුගේ සිරිතයි  මෙකී ස්‌වරණමය දශකයේ අඩකටත් වඩා ගෙවී යන තෙක්‌ම සුපුරුදු ගී රසය මවන්නට ඔහු ඉදිරපත් නොවීය

දේශපාලන ආර්ථික හා සංස්‌කෘතික සංක්‍රාන්ති සමයක්‌ එළැඹී එහි එළිපත්තේ රැඳුනු ලාංකික ගී රසිකදනෝ හට ඔහුගේ ගී නිර්මාණයක අසිමිත රසය විඳගන්නට යළිත් අවස්‌ථාව උදාකර දුන්නේ ප්‍රවිණ සළරූ අධ්‍යක්‍ෂවරයෙකු වූ එම් වී බාලන් විසිනි ඒ ඔහුගේ මගේ රන් පුතා ලෙසින් නම්වු සිනමාපටය ඔස්‌සේය ඒ 1978 නවම්  මස 02 වන දාතමින්ය



ආවාදෝ පැතුම් සඳේ කැඵම් දරා  - ආවාදෝ තුරුණු වසන්තේ

සරසලා සතර දිගන්තේ- මැණික්‌ තලා පාවේ මැණික්‌ රිදී යාවී

විහගුන් ගයනා ඒ ගී නාදේ - රැව්දේවි මධුර වසන්තේ

ආවාදෝ තුරුණු වසන්තේ- සරසාලා සතර දිගන්තේ



ලෙසින් සමූහ ගායිකාවන් හා හඩ මුසුකලේ යළිත් ඇයය එනම් ඉන්ද්‍රාණිය

ගී පද බැඳුම - හර්බට් එම් සෙනවිරත්න ශූරීන් විසිනි
අසන්න මෙතැනින්


Upload Music - Upload Audio Files -

මෙයද ඇතුලත්ව

01අනුරාගි අපාර අහසේ (වික්‌ටර් රත්නායක සමග ඉන්ද්‍රාණි විජයබන්ඩාර)

02   ජීවිතේ මේ සුවදේ සැපදේ
03  කෝ යුක්‌ති ධර්මේ මේ පූර්ව කර්මේ
04   සඳපායා සඳ මඩලේ  ඕ සැනසේවා නැළවේවා


යන මේ ගී දාමයෙන් එකි සිනමා සිත්තම හැඩගැන්විනි

තෝරාපත් ව ආ නව පාලක පැලැන්තියේ නව ආර්ථික පෙරළි හා මුල්‍ය ප්‍රතිපත්තිය අනුව  ගී රස වින්දනයේ යෙදුනු රසිකදනා හට නව තාක්‍ෂණීක උපකරණ වැඩිමනත්ව ලැබී තිබිණි ඊට ගැළපෙන ලෙස පෙර දෙදශකයේ ගැයුණු සිනමා ගීතද ගුවන් විදුලි ගීතද තාක්‍ෂනික ප්‍රයෝග ඔස්‌සේ නවිකරණය වන්නට පොළඹවා තිබුනු අතර එය සංගීත කලාවේ නියෑලි ව්‍යාපාරික ප්‍රජාව වෙත නව ආදායම් මාර්ග ජනිත කරවන සම්පත් ආකාරයක්‌ විය ඒ අනුව සිසිර ඉන්ද්‍රණී යුවළ හට නව ආරාධන ගලා විත් අතිශයින් කාර්ය බහුල විය

එහෙත් ඉහත සිනමා සිත්තම තිරගත වී යම්තම් සයමසක ඇවෑමෙන් ඔහුට යළිත් ඇරයුමකි ඒ ප්‍රවිණ සිනමා නිමැයුම්කරු ධර්ම ශ්‍රී කල්දේරා ගේ දිපංජලී වෙනුවෙනි

ඒ වෙනුවෙන් ද තම කාලය හා ශ්‍රමය කැපකල මේ සත්සරවේදියාණන්හට ඊට සුදුසු බුහුමණ කැන්දා අවේ සිය ප්‍රිය බිරිඳ විසින් හඩමුසුකල මෙකී ළයාන්විත ගී පද සංකල්පනය වෙතිනි


ජීවිතයේ ප්‍රේම කථාවේ මාද ඔබේ සිහින කුමාරි - ආදරයේ වස්‌දඩු රාව්

නිනාද නැගේවි රැඳේවි සවන් පුරා


දීපාංජලී වෙනත් ගී

ලස්‌සන ලෝකේ සැදූවේ - ජෝර්ජ් ලෙස්‌ලි රණසිංහ

හඳපානේ මදහාසේ - උපාලි ධනවල විතාන

කොට ගවුමටා - ආචාර්ය අජන්තා රණසිංහ


මෙකී කන්කඵ ගීතාවලියේ හිමිකරුවාණෝ සංගීතඥ සිසිර සේනාරත්නයන්  තමා භාරගත් ගී නිර්මාණ  හැකි උපරිම අයුරින් විශිෂ්ඨ ලෙස නිම කරන්නට වෙර දරයි ගායනයට සහභාගි වන ශිල්පීන් ගේ පුහුණුවිම් පිළිබඳව ඉතාම සැලකිල්ලේන් කටයුතු කරයි

සැඳෑ හිරු කිරණ දෙරණත සිප සනසන යාමයේ අගනුවර රාජකාරි ස්‌ථානයෙන් බැහැරව එවකට ඔහු විසූ කැළණිය පුරවරයේ නිවෙස කර පියමං කරනු ලබන්නේ අදාළ කටයුත්තට වහා වහා එළඹ දයාබර බිරිඳ ඉන්ද්‍රානි ද කැඳවාගනිමින් ඊට සුදානම් වෙයි

අදාළ පදමාලාව කියවමින් ඊට ඇවැසි තනුව මුමුණයි වරෙක හාර්මෝනියම් වාද්‍ය භාන්ඩය මත කඩිසරව ඇගිලි තුඩු දිවයාමට සලස්‌වයි නැවතත් මුමුණයි

ගී රස මවන ක්‍රියාන්විතයේ තමාගේ සෙවනැල්ල බඳු ප්‍රවිණ ගුවන් විදුලි වාද්‍ය ශිල්පී ටී එෆ් ලතීෆ් කැඳවයි තමා මුමුණන ගී තනු ස්‌වර ප්‍රස්‌ථාර ලෙස ඔහු ලවා ප්‍රතිනිර්මාණය කරවයි සංගීත අදියුරු සැලසුම්කිරීමේදී අදාළ වාද්‍ය මන්ඩලය සපයා දෙන ලෙස දන්වයි

අති විශිෂ්ඨයන් ගේ සුමියුරු වාද්‍ය රටා මගින් තම දරුකැළ වන් ගී නිර්මාණ සරසවාගනු ලබයි එම් කේ රොක්‌සාමි හා පැට්රික් දෙණිපිටිය මෙකී සිසිර - ඉන්ද්‍රාණී ගීතාවලිය හැඩගැන්වුන් අතර ප්‍රමඛතමයන්ය

80 දශකය ට පිවිසෙද්දී දිවයිනේ දේශපාලන කැළඹිලි හා අස්‌ථාවරභාය කෙමෙන් හිස ඔසවන්නට පටන් ගෙන තිබුණු අතර 1983 කුප්‍රකට ජූලි වාර්ගික අර්බුදය එහි හැරවුම් ලක්ෂ්‍යයක්‌ බවට පත් විණි සිංහල සිනමාවේ කඩ ඇණය ලෙස පැවති එකී ජනවාර්ගයේ ශිල්පීන් ගේ නිර්මාණ දේපොළ සුණුවිසුණු ව  සිංහල සිනමාවේ ස්‌වරණමය යුගය මියයමින් පැවතිණි

මෙකී ප්‍රවිණයාගේ සිනමා ගී චාරිකාව ද එයින් නිම වූ බවක්‌ පෙනිනි ඔහුගේ සුමියුරු ගුවන් විදුලි නිර්මාණපෙළ ද ක්‍රමයෙන් වියෑකී යන්නට පටන් ගැණනි ආරාධනා ප්‍රතික්‍ෂේප කරන්නට සිදුවූයේ තම හෘද සාක්‍ෂියට එකගව නිර්මාණකරණයේ යෙදෙන්නට අවකාශය සිමිත වූ බැවිනි


ශ්‍රවණ රමණී - පන්ඩිත් අමරදේව

ශ්‍රවණ ආරාධනා - නන්දා මලනී

ස - වික්‌ටර් රත්නායක

ස්‌වර්ණ කුන්ඩල -  සනත් නන්දසිරි- මල්කාන්ති නන්දසිරි  

70 දශකයෙන් ඇරඹ දැවැන්ත රසික ආකර්ෂණයක්‌ අත්කරගත් ලාංකීය ගෘහස්‌ත සංගීත ප්‍රසංග මාලා මෙකී දශකයේදීද  රැළි නංවමින් ගලා ගියේය



එයින් මෙතෙරින් එතෙරට පමණක්‌ ගලා ගියේ ඔවුන්ගේ  සිසින්ද්‍රා ගී ප්‍රසංගයයි 1983 න් ඇරඹ එංගලන්තය  ප්‍රංශය  ඕසට්‍රේලියාව  ඉතාලිය හරහා මැද පෙරදිග කලාපයේ සුවහසක්‌ ලාංකීය රසික ජනයා ගේ සුන්දර අතීතාවර්ජනය සිතිවිලි ධාරා කුල්මත් කරමින් එය පැවැත්විනි

1996 වසරේදී චතුර්දශකයක රාජ්‍ය සේවයෙන් ඉසිඹුලැබ විවේක සුවය සැහැල්ලු ලෙස හා විනෝදයෙන් ගතකල ඔහු ටද ලෝ දහමට නතුවන්නට සිදුවුයේ ඉන් සයවසරක ඇවැමෙන් අනපේක්‍ෂිතව රෝගාතුර වීමෙනි තම නිර්මාණ දිවිය අත්හළ සිසිරයන් හට ඔහුගේ රසිකදනා හා ඇසුරට තවත් වසර තුදුසක්‌ අවසර ලැබ තිබිණි

විසිඑක්‌වැනි සියවස ගෙවී තවත් වසර පසළොසක ඇවෑමෙන් නවම් මස සයවන දිනක ඔහු තම ආදරණීය බිරිඳ ඉන්ද්‍රාණී හා තෙදරුවන් හා ඔහුගේ නිර්මාණ රසවිඳි සුවහසක්‌ රසිකදනාගේ වර්තමාන භවයන්හට සමුදී නික්‌ම ගියේය


සිසිර සේනාරත්න ගුවන් විදුලි ගී අතරින්......

අහසේ ඈතට පා වි යනවා (සරුංගලේ) - දයා ද අල්විස්‌

සල්සපු මල් දෙවැට දිගේ
 

නුහුරු නුපුරුදු රහස - කරුණාසේන ජයලත්


ගයා ගීතයන් ගමේ වෙල් එලියේ


අදරණිය සුජාතා


නිල්මිණි දැසේ මැවු ආලෝකය


මංගල මල් දම් පතා ඉඳිමි මම (වික්‌ටර් රත්නායක සමග)


සයුර වෙත යන ගග පරිද්දෙන් 


නටපං නයිහාමි


රෑ හඳ පායාලා අද වාගේ 



ජනප්‍රිය වෙළඳ තැටි නිර්මාණ සමහරක්‌


පිවිතුරු සිතින් - ප්‍රේමකීර්ති ද අල්විස්‌


අදරේ පෑ ඉරේෂා - කරුණාරත්න අබේසේකර


කතරගමේ සුරදෙව් පුරේ - ප්‍රේමකීර්ති ද අල්විස්‌


සල්මල් විමානේ සැංගී සිනා සේ


සිහිනෙන් ලංවි


විශේෂ ස්‌තුතිය ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනී ඉන්ද්‍රාණී විජයබන්ඩාර මහත්මිය

ගී නිර්මාණ විස්‌තර - ළකිඳු පීරිස්‌ මහතා

       xxxxxxxxxxxx   ස මා ප් ත යි xxxxxxxxxxxxxxxxxxxxxx

3 comments:

  1. දිගටම ලියන්න දිරිය සහ ශක්තිය ලැබේවා!!!!!!

    ReplyDelete
  2. මොහොතකට කාලය ආපස්සට ගොස් යලි ඇරඹුනා....
    ස්තූති මේ සැමරුම් වෙනුවෙන්.❤️

    ReplyDelete