namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Tuesday, December 5, 2017

සත් සමුදුරෙන් එතෙර රැව්දුන් මුණසිහ සත්සර ....06

ඔස්‌ටින් මුණසිංහ නිර්මාණ මියැසි රස ගුලාව ....... 06

ඈත ලොවක සිට හිනැහෙන හඞින් සුවය වේවා ................  06 කොටස

මේ අතර පත්වූ නවරජය විසින් දියත් කෙරුණු වැඩසටහන් ගණනාවක්‌ අතර ඉහළින්ම රැඳුනේ  රණසිංහ ප්‍රේමදාස අභිනව අග්‍රමාත්‍යවරයාගේ ගම් උදාව ව්‍යාපෘතියයි  ඔහු කලා ලෝලියෙකි රසවතෙකි නවකථාකරුවෙකි කවියෙකි

-------------
සංගීතඥ ඔස්‌ටින් මුණසිංහ ජපානයේ පැවති සංගීත උළෙලකදී
ආමාත්‍ය ඒ ජේ රණසිංහ (ටයිපටියක්‌ පැළඳ) පන්ඩිත් අමරදේව ගායිකා චන්ද්‍රාණී ගුණවර්ධන ද සේයාරුවේ වෙති
----------------------




නුර්ති සහ වේදිකා නාට්‍ය ගීත සයුරේ කිමිදි ශිල්පීන් අතර ඔස්‌ටින් මුණසිංහ නාමය ද නිතැතින්ම ලැයිස්‌තුගතවේ 1979 වසරේ එක්‌තරා දිනක මේ රංගනශිල්පීන් ගේ සාදයකදී සර්පිනාව වයමින් සිටි ඔහු දෙස මහත් ඕනෑකමින් දෑස්‌ හෙලා සිටි පුද්ගලයෙකි බලවතෙකි කලාලැදියෙකි 


ඒ ජේ රණසිංහ නම් වු ඔහු අග්‍රමාත්‍ය ප්‍රේමදාස යටතේ ක්‍රියාත්මක වු මරදානේ ටවර් රගහල ආශ්‍රිත පදනමේ අධ්‍යක්‍ෂවරයෙකු ලෙස එවකට සේවය කලේය ඔස්‌ටින් මුණසිංහ වාදන නිපුණතාවය  මහත් සේ අගයා ගම්උදා වැඩසටහන් හා එක්‌වෙන්නට ආරධනා කරනු ලැබිය
එතැන් පටන් ඔහු ගේ උරමත ගුරු - වේදිකා භුමිකාවට සමාන්තරව ගම්උදා සංගීතමය වැඩසටහන් මෙහෙයවිමේ වගකීමද පැවරිණි

එකී ගම්උදා නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ ම කොටසක්‌ ලෙස නාගරික නව මහල් නිවාස සංකීර්ණ ගොඩනගන ලද අතර කොළඹ නගරය ආශ්‍රිතව මරදාන ප්‍රදේශයේ මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණය ඉදිවිනි ඒවායේ නිවාස ඒකක බොහොමයක්‌ එහි නිර්මාතෘවර කලාකාමි අගමැතිතුමා විසින් ම කලාකරුවන් වෙත ප්‍රදානය කරන්නට තීරණය වි ඇත

මොරටුවේ සිට දිනපතා අගනුවරට පියමං කිරීමේ දෂ්කර ක්‍රියාව ට වැයවෙන සිය වටිනා කාලය පිළිබඳව සැළකු මුණසිංහයන් තමන්ටද ඉහත නිවාස සංකීර්ණයේ නිවාස ඒකකයක අවැසිතාව පෙන්වා දෙමින් අග්‍රමත්‍ය ප්‍රේමදාසයන් හමුවී ලිපියක්‌ භාර දුන්නේය ඒ ඔහුගේ කලා ලැදි නිලදරුවන්ගේ දැනුම් දිම පරිදිය

මෙහිදී අගමැතිඳු ගම් උදා වැඩසටහනේ සාමාජිකයෙකු වු ඔහු හට සිය කාලයේ සැලකිය යුතු ප්‍රමාණක්‌ ඒ වෙනුවෙන් වැයකරන්නට සිදු වි තිබිම සැළකිල්ලට ගනු ලැබිය 

ඔස්‌ටින් ඇයි මෙච්චර කල් හිටියේ ඕක ඉල්ලන්න ඔයාගේ වැඩේ කෙරෙවි  ............

අගමැති කියා සිටියේය

කෙසේ වෙතත් මෙවැනි ඉල්ලීමක ප්‍රතිඵලය ලබන්නට මාස ගණනක්‌ ගත විය හැකි බව අත්දැකීමෙන් පසක්‌ කරගත් ඔහු ඒ සඳහා කාලයට ඉඩ දී තිබුනි  මහත් විශ්මයකි ලිපිය යවා පසුදින ඔහු වෙත දැනුම්දුන්නේ ඇදැහිය නොහැකි ප්‍රවෘත්තියකි

ඔයා අගමැතිතුමාගෙන් ගෙයක්‌ ඉල්ලලා ලිපියක්‌ ඉදිරිපත් කරලා තියෙනවා ඊයේ ................

ඔයා අපේ සම්බන්ධිකරණ නිලධාරි ක්‌වින්ටස්‌ වීරකෝන් එක්‌ක ගිහින් ඉක්‌මනට ගෙයක්‌ තෝරාගන්න....

මේ සතියේම ඒක ඔයාට භාරදෙන්න ඕනෑ........

ඒ පිළිවදන ඒ ජේ රණසිංහගෙනි

මෙහි ප්‍රතිඵලය වුයේ යොවුන් වියේ සිට වාමාංශික අදහස්‌ ගරුකළ ඔස්‌ටින් අග්‍රමත්‍යවරයා කෙරෙහි මහත් සේ පැහැදීමයි සිය අවශ්‍යතාවය වෙනුවෙන් වහා ක්‍රියාත්මක වුවා පමණක්‌ නොව තම දේශපාලන මතය පවා නොසළකා හැරි බව ඔහුට වටහගත්තේය

මේ අනුව සිය දියණියගේ සතරවන උපන් දින සැමරුම ඉක්‌මවා යත්ම 1981 බිනර මාසයේ මුණසිංහ සාමාජිකයන් අගනුවර මරදාන ප්‍රදේශයේ කැදැලි ගතවුහ

මේ වකවානුවේදී එහි නුදුරින් පිහිටා තිබෙන අභිනවයෙන් ප්‍රතිෂ්ඨාපිත ටවර් හෝල් රගහල පදනම විසින් නිතිඥ ජොන් ද සිල්වා ගේ සිරිසගබෝ නාත්‍යය ප්‍රතිනිර්මාණය කරමින් පැවතුනු අතර එහි සංගීත අංශය භාරව සිටි පන්ඩිත් අමරදේවයන් ගේ වාද්‍ය වෘන්දය වෙනුවෙන් ඔස්‌ටින් වද තෝරාගනු ලැබිය

  මිලග මාසයේ චිනයේ සයවෙනි ආසියානු කලා උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට නියමිතය  ඒ අනුව ඔස්‌ටින් හටද සිය කුඩා දෙදරුවන් හා භාර්යාව නුහුරු නුපුරුදු පරිසරයක හුදකලා කරවා රටින් බැහැරව යන්නට සිදුවි තිබිම සම්බන්ධයෙන් සසලව සිටියේය

සකසුරුවම්කම උපරිමයෙන් අගය කල ඔහු සිය නිවස අරුමෝසම් විසිතුරු ගෘහ භාන්ඩ ප්‍රදර්ශනාගාරයක්‌ නොවන්නට වගබලාගත්තේය

සිය ඇඳුම ගැන මහත් සේ සැළකිලිමත් වු ඔහු බැහැරව යන ගමනකදී ඒවායේ ඇදපලුදු කිලිටි විම් සිදුවිම නොඉවසුවේය තෙරපිම් මගහරිමින් තුන්රෝද රථයෙන් බොහෝවිට සිය ගමන් පහසුව සලසාගත්තේය කුඩා දරුවන්ට මහත් සේ ප්‍රියකළ අතර ලැබෙන විරාමයේ ඔවුන් හා නිතර අල්ලාප සල්ලාපයේ නිරත විය එසේම  නිවාස සංකීර්ණයේ අසල්වැසියන් හා ඉතා සුහද ඇසුරක වෙළි සිටියේය

පසු යුගයක රූපවාහිනි ටෙලි නාට්‍යය ගීත ආකරයේ මිණක්‌ බඳුවන් නිර්මානයක්‌ බිහිකල ඔහුගේ එකී ක්‍ෂේත්‍රයට පිවිසිම සිදුවුයේ ද සිය වේදිකා මිතුරු ලුෂන් බුලත්සිංහලයන් ගේ ඇරයුමෙනි ඒ ඔහු රූපවාහිනි නාට්‍ය අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නට පටන් ගත් 1981 යුගයේ ඔහු ගේ සෝමා ගේ සිහිනය ටෙලිනඵව වෙනුවෙනි

1982 වසරේ දී යළිදු වරක්‌ ජපානයේ එන් එච් කේ ආයතනයේ සංගීතමය වැඩසටහන සඳහා නිර්මාණයක්‌ ඉදිරිපත් කිරීමට අවස්‌ථාවක්‌ එළැඹියේය  මෙවර ඔහු ජාතික ගුවන් විදුලියේ අධ්‍යාපන සේවය නියෝජනය කරන්නට නියමිත නිර්මාණය සඳහා නවක  ළමා ශිල්පි පාසල් සිසුවෙකු වූ ලලිත් කුමාර දවුන්ඩසේකර යොදාගන්නට තීරණය කළේ අධ්‍යාපන අමාත්‍යංශයේ එච් ඒ පියසේනයන්ගේ සරළ පදවැලකට පණපෙවිම පිණිසය

මුහුද ලස්‌සනයි - මුහුද හරි ලොකුයි.........

හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝව නතර වෙන්නෙ නෑ...............

රැල්ල වැදෙනවා - වැල්ලේ හැපෙනවා..............

සමන් මොට්‌ටු වගේ වතුර බිංදු ඉහිනෙවා..................

මෙතැනින් සවන්දෙන්න
-----------------------



මෙවරද ඔහු සිය ගී නිර්මාණය පළමුවන ස්‌ථානයෙන් එපිටට නොයවන්නට වගබලා ගත්තා පමණක්‌ නොව එයට ජුරි සභාවේ කුසලතා සම්මනයක්‌ අත්කර දෙන්නටද සමත්වුයේය 

මෙවකට ඇරඹ තිබුනු ජාතික රූපවාහිනි අධ්‍යාපන සේවය විසින් එකී ගීතයද රූපාවලියක නංවා සිය වැඩසටහන් අතරවාරයේ විසුරුවා හැරියේය

ලක්‌දිව සුවසහස්‌ සිසු දරු දැරියන්ගේ නැණැස පාදවන්නට නියම වු  අධ්‍යාපන ක්‍ෂේස්‌ත්‍රයට සෘජුව බැඳි පියසේන -මුණසිංහ - මාලනී බුලත්සිංහල ත්‍රිත්වයේ සුසංයෝගයෙන් බිහිවු මේ නිර්මාණයද ගුවන් විදුලි අධ්‍යාපනය සේවය ඔප කළේය එහිදි මුණසිංහයන් බටහිර සංගීතයේ සුසංවාදී ප්‍රසංවාදී අංග භාවිතා කරනු ලැබ ඇති බව පෙනීයයි එහි මාලනී බුලත්සිංහල සිය හඞ ලෙළවද්දී  පසුබිමින් වැයෙන මනහර වයලීන නාදරටා එකී නිර්මාණයේ රසය දෙගුණ තෙගුණ කරයි 

බෝනික්‌කෝ - බෝනික්‌කෝ ............

ඔයා මගේ පුංචි දුවයි ................

ඔයාට මං කඩේ ගිහින් මල් රෙද්දක්‌ අරගන්නම් ...................

මල් රෙද්දෙන් හරි ලස්‌සන ගවුමක්‌ මහලා දෙන්නම් ...................

මෙතැනින් සවන්දෙන්න
------------------


යළි හමුවෙමු...........තොරතුරු මුලාශ්‍රය සහ වැඩිදුර කියවිම

(සොඳුරු ගාන්ධර්වයා - අචිරවතී යාලගම)

ප්‍රණාම පූර්වක ස්‌තුතිය

- අචිරවතී යාලගම (ඔස්‌ටින් මුණසිංහ මහත්මිය)  වෙත
ජයාරෑප 
අනුග්‍රහය  - අචිරවතී යාලගම මහත්මිය



4 comments:

  1. යස ඉසුරූ පිරුණු තැනා සිරි දෙව්දූ සිටින තැනා.....

    ReplyDelete
  2. ගජගා වන්නමේ ගමන් තාලය ට ඇසෙන ජය ශ්රී චන්ද්රජිත් ගී තාලය

    ස්තුතියි තිස්ස .....

    ReplyDelete
  3. මුහුද ගීතය මගේ ප්‍රියතම ගීයක්
    විචාරක දියණිය

    ReplyDelete