namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Tuesday, January 16, 2018

වජීරා බාලසූරිය එදා ගැයු ගී රස මිහිර......

සැටවසක ට පෙර එදවස -  සවනත සුවදෙන සත්සර වජ්රය  1952


ආනන්ද සමරකෝන්  - සූරියසංකර් මොල්ලිගොඩ - සුනිල් සාන්ත - දේවාර් සුරියසේන -නෙඵම්දේවී - සරණගුප්ත අමරසිංහ  - වින්සන්ට්‌ සෝමපාල  - අමරදේව යන මේ නාමාවලියේ සාමාජිකයන්  අතරින් බොහෝ දෙනෙකු වත්මන් රසිකයන්හට ආගන්තුක විය හැකිය 

සිංහල සංගීතය වෙනුවෙන් ඔවුන් කළ කි දෑ එයින් එහි ප්‍රගමණයට ඇති වු බලපෑම යනා දී මේ කරුණු සාමාන්‍ය ගී රසිකයන් හට නොවැදගත් යෑයි ඔවුන් විසින්ම තීරණය කරති ගීතය රසවිඳිමින් හෝ නොවිඳිමින් ඔවුන් මේ ශිල්පීන් ගේ එදා යුගයේ ගී සවන්දෙති 

ඒ අතරින් ඇතැම්හු ගීතයක හදවත බඳුවන් රිද්මය - තනුව ඉවත ලා එහි  පදමාලාවේ අපුර්වත්වය අගයමින් එහිම ඇලී ගැලී සිටිති

එදා ඇසුණු එවන් ගී රසවිඳින අද රසිකයන්ද ඉහත වයස්‌කාන්ඩයේ හෝ ඊට තරමක පහළින් සිටියද ඔවුහු සිය දිවියේ ප්‍රඥා දශකයේ රැඳි සිටින්නන්ය ඒ අනුව ගීතය නම් කලා නිර්මාණය අගයද්දී අගතිගාමී නොවී මධ්‍යස්‌ථව සිය නැණැස මනා ලෙස යොදවා එහි රසය උකහගැනීම වැදගත්ය

ඉහත නාමලැයිස්‌තුව නියෝජනය කරන ඇතැමුන් දැවැන්තයන්ය ඔවුහූ සිංහල සංගීතය නමැති ජලප්‍රවාහයේ  දිශානතිය හැරවු මහාවේලී වැන්න

ඔවුන් ගියමග යන්නට සැදී පැහැදී සිටි අනුප්‍රාප්තික ශිල්පී ලැයිස්‌තුවට එදා ඇතුළත් වු නාම කිහිපය අතර

එන් කේ කාරියවසම් - තිලකසිරි ප්‍රනාන්දු සහ ජී ආර් එඩ්වඩ් -ඩබ්ලිව් එෆ් විමලසිරි - වසන්තා සන්දනායක - පුෂ්පරාණි ආරියරත්න - ශීලා පීරිස්‌ - ස්‌වර්ණා ද සිල්වා - කමලානි පෙරේරා  - ප්‍රිම්රෝස්‌ ජයසිංහ - චන්ද්‍රා ද සිල්වා සහ වජිරා බාලසූරිය වැන්නවුන් ද වෙති 
 ඔවුහු ඒ යුගයේ සමකාලීනයන් වු අතර ග්‍රැමෆෝන් යුගයේ පසු භාගය නියෝජනය කලහ


ඩබ්ලිව් එෆ් විමලසිරි නම් අප්‍රකට සංගීතඥයා පිළිබඳව ලුහුඞු සටහනක්‌ තැබීම හොබනේය ඔහු පන්ඩිත් අමරදේවයන්ගේ ද නිජභුමිය වු මොරටුවේ කොරළවැල්ලේ වැසියෙකි ඩබ්ලිව් ඩී ඇල්බට්‌ පෙරේරා පසුව අමරදේවයන් ලෙස ගී ලොව අබිසෙස්‌ ලැබු අයුරින් විමලසිරි ද ඊට පිවිසෙන්නට පෙරාතුව දෝ  අර්නස්‌ට්‌ ප්‍රනාන්දු නම් වුයේ යෑයි අමරදේව චරිතාපදනය ලියු ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසින් සටහන් කරනු ලැබ තිබේ

රාත්‍රියේ මුල්පැය කිහිපය ගෙවිගොස්‌ සිය දවසේ වැඩසටහන් නිමා කරනු පිනිස සැරසෙන ගුවන් විදුලිය ශ්‍රාස්‌ත්‍රිය සංගීතය නමින් විනාඩි පහළොවක වැඩසටහනක්‌ විකාශය කරනන්ට පුරුදුව සිටියේය ඒ මින් දශක තුනකටත් එපිට යුගයකදී මේ වැඩසටහන සම්පුර්ණයෙන්ම හින්දුස්‌ථානී ශෛලියේ ශුද්ධ සංගීතය වෙනුවෙන් වෙන්කර තිබිනි 

භාරතයේ භාත්ඛන්ඩේ සංගීතායතනයේ ඩිප්ලෝමාධාරීන් විසින් එය මෙහෙයවන ලදී ඩබ්ලිව් එෆ් විමලසිරි ද එදවස එහි වාදන රටා මැවු වෘත්තීය ශිල්පීන් ලැයිස්‌තුව නියෝජනය කලේය

මේa විමලසිරි වෙනුවෙන් දදියළිදු වරෙක අමරදේවයන් වෙනුවෙන්ද යුග ගී හඞ සහයිකාව බවට පත් වු සුන්දර යුවතියකි ඇය

විද්වත් මතය අනුව සිහල භාෂවේ අක්‍ෂරහෝඩියෙන් හටගැනෙන ඇතැම් ශබ්ද අතිශය කන්කඵ ලෙස ඇයටම ආවේනික ශෛලියකින් උසුරුවන්නට සමත්කම් පෑ ඇය ගේ ඒ හැකියාව ඉක්‌මවායන්නට සමත් වු ශිල්පිනයක්‌ එකළද පසුවද නොවු බව කියෑවෙයි

ඇය නම් වජීරා සෝමා බාලසූරිය ගුරු මාතාවයි දැනුමැති රසිකයන් ඇයව නොහඳුනන්නේ නොවේ ඒ එකල ගුවන් විදුලියෙන් ඇසුණු රසාංගයක්‌ වු ගීත නාටකයක ට පබැඳුනු අපුරු නිර්මාණයකි 

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ නම් දැවැන්ත බස්‌ වෙසරදයාණන්ගේ පන්හිඳෙන් ගලා ආ එය 

ප්‍රේම තටාකේ මේකයි මැණිකේ ..................... යන පෙර ගැයියෙන් දෙසවන් කර පියඹා ආවේය 

එහි ගැයුම් රස මතුකල පන්ඩිත් අමරදේවයන් ගේ සහයිකාව ඇයයි

එපමණද ?

කිසිසේත් නැත...

ඇය එකලාව හඞ අවදිකරන්නට ද වරම් ලැබීය 


අම්මා මාව දොයිකරන්න හදපු හැටි අගේ.....

දොයි දොයි දොයි කියලා - බයි බයි බයි කියලා.....

උකුල උඩින් හොවාලා - වතුර ටිකක්‌ පොවාලා........


සවන්දෙන්න මෙතැනින්
-----------------------



වඳිමු සුගත සෑසි පියා  - සුදු අරලිය මලින් පුදා......


සසර දුකින් එතෙර වන්න - පතමු නිවන් සැපත සැමා........

අසන්න මෙතැනින්
----------------



සාදු සාදු මා බුදුහිමි සමිඳා - දෝත නගා පුද දේ ......


තුන්ලෝකේ අගරාජා.......
අසන්න මෙතැනින්
----------------



මේ හඞ සපිරි ගීත නිරතුරු ගුවන සිසාරා පැතිර ගිය කලෙක්‌ විය ...ඒ එදා ය ගී රසවින්දන නම් මහා සාගතය හසුවි වසර ගණනක්‌ එහි දුර්විපාක විඳ එය මැළවී ගියවුන් මේ රසය කෙසේ විඳගනු ඇද්ද ?

අංකුර කලා රසවතුන්ගේ කෙම්බිමක්‌ වු කැළණි පුරවරයේ සාන්ත පාවුලුවෙන් අකුරු කල ඇය ගුවන් විදුලියේ ආධුනික ගී ගායනා තරගයකින් සිය පළමු කඩුල්ල තරණය කළාය ඒ 1952 පමණ යුගයේදීය

චිත්‍රසේනයන් වෙතින් නර්තනය ද හදරා එහි ම දියත්වු ඇල්බට්‌ පෙරේරා ගේ හෙවත් අමරදේවගේ සංගීත සිප්හල වෙතින් ගායනයද හැදැරුවාය

එදවසම 

සඳපානේ වැලිතලා- සුරකුමරියො මල් සලා.....

මිහිරි ලලිත ගී- ගයා නටති මේ රැයේ .........

අසන්න මෙතැනින් 
-------------------


හෙළයේ මහා සුබස්‌ ගුරු පියාණෝ කුමාරතුංග මුණිදාසයන් ගේ පදවැලක මිහිර පෙරදෙන්නට එසේ ඇය ඔහුට සහය වුවාය


එයින් නොනැවතී ඔවුහු යළිත් දිනක මෙසේ ගැයුහ


සිගිරියේ සිතුවම් රමණී - අති සුන්දර කීරති දැරු ලෝකේ ......

සිගිරියේ සිතුවම් රමණී.............


ඊට සවන යොමුකරන්න මෙතැනින්.............
-----------------------


කොලොම්බියා ග්‍රැමෆෝන් තැටි ලේබලයේ වජීරා නාමය නොසඳහන්ය ඇත්තේ සෝමා ලෙසිනි


1955 මහරගම ගුරු ඇබැසි විදුහලට ඇතුලත්ව එයින් ගුරුමව් වරම් ලැබ වේයන්ගොඩ මැදි විදුහල - රත්මලානේ ධර්මාරාම ව- ග්‍රැන්ඩ්පාස්‌ (කොළඹ 14) ස්‌ටේස්‌ පාර යන මෙකි විදුහල් හි රැඳෙමින් සිප්සතර බෙදා දුන්නාය

පසුව එම් බී එච් වාරියපොළ නම් අධ්‍යාපන නිලදරුවා සිය ජීවන සහකරු බවට පත් වු නිමේෂයේ සිය ගැයුම් රසකලස හිස්‌කර දැමුවාය ඒ උත්තරීතර මාතෘත්වයේ කිරුළ දරනු පිනිසය එයින් ඇය ලොවට දැයට රටට හිතැති වැඩැති දරු දෙදෙනෙකු බිහිකළාය

අගනුවර ශ්‍රි ජයවද්දන පුර රෝහලේ අති සුප්‍රසිද්ධ අක්‍ෂි ශල්‍ය ජිවකයාණෝ දුෂ්‍යන්ත වාරියපොළ ඇගේ දෙටු පුතුය පරිගණක මැවිසුරු පුබුදු මද්දුමයාය

(මාධ්‍යවේදී විජිත් කුමාර් සේනාරත්න ලියු සඳ මිදුලේ රන් මිවිත කෘතියෙන් ඔහු අවසරයෙන් උපුටාගනු ලැබීය)  

-------------------------------







3 comments:

  1. අතීත මතක සුවඳ එක්කරන ඔබට තුති
    විචාරක දියණිය

    ReplyDelete
  2. ස්තුතියි ඔබේ අදහස් වෙනුවෙන්

    ReplyDelete