namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Wednesday, August 1, 2018

සංගීතඥ ආර් ඒ චන්ද්‍රසේන ජීවන තතු - අංක 05

එදවස දෙසවන් නැළවු සත්සර රන්ස්‌වරය  - (1924-1980) - 05 වන යොමුව


ඔහු තමන්ගේ වාද්‍ය වෘන්දයේ පළපුරුදු දක්‍ෂ එක්‌තරා චරිතයක්‌ කෙරෙහි ඇසගසාගෙන සිටියේය ඉන් දශකයකට පමණ ඔබ්බෙන් කන්ද උඩරට තම ගම් පියසේ දී තමා විසින්ම ක්‍ෂේත්‍රයට පිවිසෙන්නට අතදුන් ඔහු දැන් සංගීත විෂය පිළිබඳ ගුරුවරයෙකු බවට පත් ව ඈත වෙල්ලස්‌සේ බදුඵ පුරවරයේ ශිල්ප සතර බෙදාදීමේ නිරතව සිටියේය එය එසේ නමුදු ගීත පටිගතකිරීම් සඳහා සහභාගි වන්නට සති අන්තයේ නිතිපතා අගනුවරට සේන්දු වී මරදානේ චන්ද්‍රසේන සංගීතායතනයේ නැවතී සිටියේය ඔහු එවක ඩී වී රත්නායක නමින් හැඳින්වු පසුව හෙළ ගී කෙත අස්‌වද්දන්නට මල් වරුසා බඳු නිරමාණ ගොන්නක්‌ දායාද කළ ආචාර්ය වික්‌ටර් රත්නායකයන්ය


මේ යුගයෙන් පස්‌වසකට පමණ පෙරදී කන්ද උඩරට  සෙකංඩගලපුරයේ වැව් කොමළිය හමා එන මන්ද මාරුතයේ පහස ලත් කැන්ඩි ලේක්‌ ක්‌ලබ් හී චන්ද්‍රසේනයන්ගේ ආශීර්වාදයෙන් සිය හඞ අවදිකල වික්‌ටර් ඔහු ගේ අමයුරු නැවුම් ගී රස සුවඳ වහනය කරවු  සිහිල් සුළං රැල්ලේ ගීතය නිසා රටතොට හැඳිනගත්තෙක්‌ බවට පත් වි සිටියේය

තමන්ගේ අනුවේදනීය කථාපුවත හකුඵවා දැක්‌වූ නිර්මාණ ද්විත්වයටම ජීවය කවා ඒවා ජනප්‍රිය කරවීමේ අතිශය අවදානම් භාරදුර කටයුත්ත ඔහුට පැවරීමට චන්ද්‍රසේනයන් තීරණය කොට තිබිණි

එහි සෙසු ගීත සඳහා පාසල් සිසු දිවිය හමාර කරන්නට සුදානම්ව සිටි තමන්ගේ දෙටු දියණිය වු තිලංගනී ව  තොරාගන්නට ඔහු තීරණය කලේ මේ ව්‍යාපාරික කටයුත්තේ අවදානම නොබියව අධිෂ්ඨානශීලිව භාරගනිමිනි ඇයගේ සමවයසේ වෙනත් දියණියක්‌ වු චම්පා අතපත්තු ද ඇයට සහය දැක්‌වීමට තෝරාගනු ලැබීය 

නවක ගායකයන් අවශ්‍ය බවට පුවත්පතක පළකරනු ලැබු දැන්විමකට අනුව සිය දෙමව්පියන් සමග චන්ද්‍රසේන සංගීතායතනය වෙත පියනැගූ මෙකි පාසල් සිසුවිය පසුව එහි ද සිසුවියක්‌ බවට පත්විය

දැරියන් දෙදෙනා වෙනුවෙන් තෝරාගත් නිර්මාණ මාස ගණනාවක්‌ දැඩි විනයක්‌ මධ්‍යයේ පුහුණකරවන්නට චන්ද්‍රසේනයන් වගබලා ගත්තේ මරදානේ තම නිවස කුඩා ආදර්ශ ශබ්දාගාරයක්‌ බවට තමා විසින්ම පත්කරගැනීමෙනි  ගීත පටිගතකිරීමේ තාක්‍ෂණය හා ඒ හැ බැඳුනු සෙසු කටයුතු පිළිබඳව ඔහුට තිබුණු පුඵල් අවබෝධය ඊට රුකුලක්‌ වන්නට ඇතැයි කිවමනාය

නිවස සාලය හරහා ආලින්දය දක්‌වා රැහැන් ඇද මයික්‍රපෝන සවිකර තිබිනි  දැරියන් ගේ හඩ ඇතුඵ කාමරයේ සවිකර ඇති ස්‌පිකර ඔස්‌සේ මනාව ශ්‍රවණය කල හැකිය ස්‌වර උසුරුවීමේ හඩ උස්‌පහත් විමේ අඩුපාඩු එයින් නිසිලෙස අධීක්‍ෂණය කල හැකිය 

සීලවිමලයන් අතින් පබැඳුනු තවත් ගීතයක්‌ ඔහු විසින් සුවිශේෂී කටයුත්තකට වෙන්කරවාගෙන තිබුනි  එවකට රටතොට කණින් කොණ දොරින් දොර ජනප්‍රසාදය අත්කරගනිමින් පැවතුණු  කණ්‌ඩායම් ගී කලාවේ නිරත වු යව්වනයන් පිරිසක්‌ වු  රේමන්ඩ් ෆොන්සේකා 

නිහාල් සිල්වා සහ රෝයි ෆොන්සේකා සමනළයෝ නමින් ගායක කන්ඩායමක්‌ බිහිකරවාගෙන පිලිප්ස්‌  ලේබලයෙන් වෙළඳ තැටියක්‌ නිකුත්කරාවාගෙන තිබුනු අතර  එහි 

නැළවෙන මවු උකුලේ පොඩි දරුවන් දෙතොළේ ගීතය විසින් ඔවුහු ශ්‍රාවක ගරු සැළිකිලි බුහුමන් ලබමින් සිටියහ

නැළවෙන මව් උකුලේ ......

පොඩි දරුවන් දෙතොලේ.......

සුරතල් සිගිති සිනා මැවෙන කලේ......

කිරි ඉතිරේ........

ඔන්චිල්ල චිල්ල මලේ.......

වැල්ලේ නෙල්ලි කැලේ ......

නිදියාගන්න පුතේ.......

මවගේ තුරුල්ලේ................
---------------------
පද සංකල්පනය- රේමන්ඩ් ෆොන්සේකා
තනුව - නිහාල් සිල්වා
සංගීත අධ්‍යක්‍ෂණය - ආර් ඒ චන්ද්‍රසේන
වාද්‍ය වෘන්දය සහ සංගීතය මෙහෙයවීම - ආර් ඒ චන්ද්‍රසේන
තැටි ලේබලය - සූරිය 
----------------------------

සවන්දෙන්න මෙතැනින්
--------------------------

පිලිප්ස්‌ සහ සූරිය තැටි ලේබල් ව්‍යාපාරිකයන් විසින් ආරධනා ලැබු ඔවුන් නවතම තැටියක්‌ නිකුත් කරන්නට කටයුතු සුදානම් කරමින් සිටි අතර එහි සත්සර මුසුව සඳහා ඔවුහු චන්ද්‍රසේනයන්ගේ සහය පැතීය

ඒ අනුව සූරිය තැටි ලේබලයේ සී එච් බී 007 අනුක්‍රමික අංකය වෙන්වුනේ සමණළයෝ වෙනුවෙනි සංගීත සංයෝජනය ලේබලය ඉදිරියේ  ආර් ඒ චන්ද්‍රසේන නාමය සටහන් විය

මේ සුහදශීලී නිහතමානී යව්වනයන් ගේ ගැයුම් මිහිර අගයනු ලැබු ඔහු ඔවුන් සිය වාද්‍ය වෘන්දය වෙත බඳවාගන්නට යුහුසුඵ විය

සිය කුඵඳුල් තැටියේ පෙළගැස්‌වුණු ගීත අතරින් එකක්‌ ඔවුන් සඳහා වෙන්කෙරවාදෙන්නටද ඔහු ඉටාගත්තේය


ලස්‌සනට පිපුණු වනමල් ගල් පීරෙන දියවැල්.......

මං ආසා කරණ මැණික්‌ කැටේ නිල් .......

දුර ඈත කැලේ ගල් ගුහාවක වෙසෙනවා කල්......

ලස්‌සන මගේ කිරිල්ලි සුරතල්..........

---------------------
පද සංකල්පනය- සරත් මුණසිංහ
තනුව - ආර් ඒ චන්ද්‍රසේන
සංගීත අධ්‍යක්‍ෂණය - ආර් ඒ චන්ද්‍රසේන
වාද්‍ය වෘන්දය සහ සංගීතය මෙහෙයවීම - ආර් ඒ චන්ද්‍රසේන
තැටි ලේබලය - පිලිප්ස්‌
----------------------------
මෙතැනින් සවන්දෙන්න


ඉන් වසර පහකට පමණ ඉහත කාලයකදී තමා විසින් ක්‍ෂේත්‍රයට හඳුන්වාදුන් නිහාල් නෙල්සන් නම් නව යව්වනයා ගේ දගකාර හඞ කැටිවුනු ඒ ගීතය ද ගුවන් විදුලියෙන් ප්‍රචාරය වෙමින් පැවතිනු අතර එකී තරුණයා උදෙසා තවත් අවස්‌ථාවක්‌ උදාකර දෙන්නට ඔහු නොපැකිළි විය

යළි හමුවෙමු ...........................

(විශේෂ ස්තුතිය - දර්ශනී චන්ද්රසේන මහත්මිය - ආර් ඒ චන්ද්රසේන කණිටු දියණිය)

No comments:

Post a Comment