namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Wednesday, July 11, 2018

සියවසකට පෙර යුගයක අතීතාවලෝකනය - 1929

දුක දන්නේ දුක විඳින්නේ  පෙම්වතියමයි මේ ලොකේ .......................අතීත රස මියෑසියක විසිතුරු  - 1950

මේ සිදුවිම් පෙළ දිගහැරෙන්නේ අදින් සියවස්‌ දෙවිස්‌සක දුරාතීතයේ හෙළදිව් අගනුවර වු අනුරපුරය ඇසුරෙනි








එවක මෙහි භූපාලයාණෝ දක්‍ෂිණ දඹදිව් වැසියෙකු වු දැහැමි එළාර රාජයානන් ය ලක්‌දිවට ආගන්තුකයෙකු වුවත් තුන්හෙළයේ පිහිටි රට පාලකයා වු ඔහුගේ රාජ්‍ය සේවයේ යෙදුනුවුන් අතර වංශවත් මෙන්ම සාමාන්‍ය  හෙළයන් ද විය


ඔවුනතර මිත්‍ර නමින් හැඳින්වු සෙන්පතියා සුවිශේෂී චරිතයකි ඔහු එතුමාගේ යුධ සේනාකංයක පරිපාලනය භාරව සිටි ජව සම්පන්න දක්‍ෂ නිලදරුවෙකු විය

මීට සමකාලීනව තුන්හෙළයේ රුහුණු බිම නරපතියා වු කාකවණ්‌ණතිස්‌ස කැළණි පුරවරයේ නාග ගෝත්‍රික කැළණීතිස්‌ දියණි අබිසවෙර හෙවත් වෙහෙර දේවිය හා සරණ බන්ධන ගතව සිටියේය ඒ දෙපොළ ගේ දෙටු පුතු අභය ගාමිණි සහ කණිටු සැදැහැතිස්‌ ඇතුඵ පිරිසගේ තෙදබල මහිමය රජරට සිමා මායිම තෙක්‌ පැතිර පැවතිනි

අතුල සහ උපනන්ද ප්‍රාණ සරි මිතුරන්ය එසේම ඔවුහූ රුහුණුදේශ වැසි කාවන්තිස්‌ මිහිපාලයා ගේ යුධභට සේනාංකයන් භාරව සිටි සෙන්පතියන්ය

මිත්‍ර ගේ සහයකයකු හමුවේ අයුක්‌ති සහගත ලෙස ඝාතනය ට ලක්‌වු රටවැසියෙකු වෙනුවෙන් මැදිහත් වූ උපනන්දයන් හට ඔවුන්ගේ  අත්අඩංගුවට පත්වන්නට සිදුවෙයි තමා වෙනුවෙන් මීට මැදිහත් නොවන ලෙස සිය මිතුරා වු අතුලයන් වෙත ඔහුගෙන් කෙරෙන ආයචනයකට හිස නැමීම නිසා මිතුරා වෙනුවෙන් කිසිවක්‌ කරන්නට අපොහොසත්ව ඔහු අසරණ වෙයි

සෙන්පති අතුල විසින් මේ සිදුවිම අනුරපුර එළාර රාජ අධිකරණ සභාවට පැමිණිලි කරමින් යුක්‌තිය පසඳාදෙන ලෙස කෙරෙන ඉල්ලීම පරිභවයෙන් ඉවත දමන්නේ එහි පරිපාලක භරණ විසිනි එයින් නොසන්සුන්ව කෝප ගත් අතුල භරණට සිය කාය ශක්‌තිය පෙන්වයි

ආරක්‍ෂක භට සේනාවන් විසින් ලුහුබැඳඑද්දී අතුල රෝහණ සිටුවරයාගේ මන්දිරයේ රැකවරණ පතයි ඔහු ගේ පෙම්බර දියණිය වු රෝහිණී නවයොවුන් වියේ පටන් අතුළ ගේ පෙම්වතියයි

තම සමිපතම මිතුරා වු රෝහණ සිටුවරයා ගේ නිවහනේ අතුල රැකවරණය ලද වග මිත්‍ර සෙන්පතියා හෙළිදරවු කරගනියි ඔහු කලෙක පටන් රෝහණ දියණිය වු සුරූපී රෝහිණි ගේ අතපතා ඇය හා සරණ බන්ධනයේ බැඳෙන්නට සිහින මවයි

ඇය ඔහු හා විවහ ප්‍රතිඥාවකට බැඳෙයි ඒ අතුල ට හිරිහැරයක්‌ නොකරිමේ කොන්දේසියට යටත්වය 


සිය මව්තෙමෝ නමින් හැඳින්නද ළදරුවියේ පටන් ඇයගේ රැකවරණය සෙනෙහස අහිමි වු අතුල සිය පියාණන් පිළිබඳවද කිසිවක්‌ නොදනියි කරුණු එසේ වුවත් රෝහණ - රෝහිණී පිය - දියණි දෙපොළ ඒ පිළිබඳව සියඵ පවත් හොඳින් දැන සිටිති

රජරට පුරවරයේ රිටිගල ජයසේන ඇදුරාණන්ගෙන් සටන් ශීල්පය ප්‍රගුණ කර මනා නිපුණතාවයක්‌ අත්කරගත් යෝධ කායබලයෙන් අනූන  ජවසම්පන්න අතුල සෙන්පතියා යළිඳු මාගම ගාමණී - අභය සේනාංකයන් හා එක්‌වෙයි

එක්‌තරා දිනයක එහි පැවැත්වුනු යුධ සංග්‍රාමෝපක්‍රම සංදර්ශනයකට සහභාගි වු අතුල ගේ සුරුවිරුකම් දකිනු පිනිස රෝහිණිය සිය පියා කැටුව පැමිණෙයි

මේ අතර මිත්‍ර - රෝහිණි සරණ බන්ධනය ඇගේ ආයාචනයකට අනුව සයමසකට කල්යයි

මේ අතර රණගොස නංවමින් ආරක්‍ෂක බලකොටු මුලිනුපුටා දමමින් ගාමිණි අභය  - යුධසේනා විජිතපුරයට පිවිසෙයි

අනුරපුර එළාර නරපතියා විසින්ද පවත්වන්නට යෙදුනු යුධ ඇබෑසි උළෙලක්‌ නරඹනු පිනිස අතුල - සුරනිමල සෙන්පති දෙපොළ එහි පැමිණෙති මිත්‍ර විසින් සිය නරනිඳු ගාමණි අභය වෙත කරන පරභවයන් නොඉවසමින් කෝප ගත් අතුල සිය ප්‍රතිවාදියාට ද්වන්ද සටනකට ඇරයුම් කරයි

එහිදි තුවාල ලබන මිත්‍ර අතුල හමුවේ පරාජය වෙයි

පසුව රෝහණ සිටු සිය නැගණිය නාලිනී සහ දියණිය රෝහිණි සහ සෙන්පති මිත්‍ර ඇතුඵ පිරිස අතුල මුණගැසෙති
එහිදි මිත්‍ර සෙනවි පාපෝච්චාරණයක යෙදෙමින් සියලු පවත් හෙළිකරයි

කලකට ඉහතදී තමා හා සමග නාලිනී පැවැත්වු අයථා සම්බන්ධයක්‌ නිසා ඇයට උපන් දරුවෙකු පිළිබඳව කරුණු හෙළිකරයි ඔහු අන් කිසිවෙකු නොව ඔබ යෑයි තමාට දැන් දැනගන්නට ලැබුනු බව කියමින් සිය පුතු හමුවේ සමාව භජනය කරයි

හැගුම්බරව සංවේදීවන අතුල සිය මව වු නාලිනී ඉදිරිපිට පියාගේ දෙපා නමැද පෙරළා සමාව අයදියි 

පසුව සිය සේනා මෙහෙයවමින්  විජිතපුර සංග්‍රාමය ට එළඹි මිත්‍ර සෙන්පතියා රුහුණුපුර ගාමණි අභය සේනාංක විසින් ඝාතනය කරයි
                           xxxxxxxxxxxxxx


මේ අපුර්ව ඓතිහාසික සිදුවිම් දාමයේ වැඩිදුර තතු විමසන්නෙකු  ලක්‌දිව තමාට සපයාගත හැකි  සියඵ වංශකතා සහ පුරාණ ලේඛණ මුල සිට අගටත් යළිත් අග සිට මුලටත් පිටුවෙන් පිටුව පෙරළා බලනු ඇත්තේය එයින් ඔහු පුරාණ ලක්‌ ඉතිහාසයේ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙකු බවට පත්වෙනු නිසැකය  එහෙත් එසේම කිසිදිනෙක ඔහුට අතුල  - රෝහිනී පෙම්පුවත හමුනෙවන බව ද නිසැකය 

සප්ත මහ සයුර බඳුවු පෙර සසර පුරුදු පුහුණු කළ මතු ද එසේම විය හැකි දැවැන්ත අසාමාන්‍ය පරිකල්පන ශක්‌තියකින් හෙබි කොග්ගල ප්‍රාඥයා විරුදාවලිය ලද මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් ගේ මනෝලොව මැවුනු මේ චරිත රෝහිණි නම් වු නවකථාවකට පෙළගස්‌වා දොරට වැඩියේ අදින් සියවසකට ආසන්න යුගයකදීය එනම් 1929 වසරේදීය

බ්‍රිතාන්‍ය යටත් විජිතයක්‌ වු එදා ලක්‌දිව සිසු දරුවන් සිය පළමු සිප්සත කඩඉම ලෙස මුහුණ දුන්නේ කේම්බ්‍රිජ් කණිෂ්ඨ සහතික පත්‍ර පරීක්‍ෂණයටයි  (Cambridge Junior Certificate) වාර්තාගත රසික සම්මානනයකට බඳුන් වු රෝහිණි නවකථාව බිහිව දසවසකට අසන්න වෙද්දී පාලකයන් විසින් මේ කඩයිම් විභාගය අවලංගු කරවා ඒ වෙනුවවට කණිෂ්ඨ සහතික පත්‍ර විභාගය හඳුන්වා දුන්නේ මේ අපුර්ව කෘතිය එහි නිර්දිෂ්ඨ ග්‍රන්ථයක්‌ ලෙස යොදාගත යුතු බවට නියම කරමිනි

එතැන් පටන් සුවහසක්‌ සිසු දරුවන් එය රසවිඳින්නට ඇත 

නිර්මාණකරුවෙකු මවන මහරු වනස්‌පතියක්‌ බඳුවන් නිමැයුමක්‌ එවන් තවත් නිර්මාණකරුවන් අතට පත්වුයේද එයින් තව තව නිර්මාණ බීජ හටගන්වයි ඒවා පසුව දඵ ලා වැඩී මව් නිර්මාණයද පරයා නැගි සිටින සේය

ඉහත කී මේ සිසුකැළ 50 දශකයේ යොවුන් පරපුරයි ඔවුන් අතරින් අදී නාලන්දියෙකු සිය ළමාවියේ අතීතාවලෝකනයක යෙදෙන්නට රිසිවි දෝ කොග්ගල ප්‍රාඥ විකුම්සිංහයන් නැවැන්වූ තැනින් සිය කර්තව්‍ය ඇරඹීය අතුල - රෝහිණි පෙම්වතුන් යුවළ විසින් කරන්නට යෙදුනු සුන්දර සංවාද මන්ඩපයේ විසිතුරු මෙසේ ඔහු ලියා දැක්‌විය


අතුල -

බැඳිලා ප්‍රේම බැම්මේ

නොබල කෙසේද ඉන්නේ

මම අතුල සෙනවි ප්‍රෙමේ 

කුමරි දකින්ට ආමි


රෝහිණි - 


මහ සෙනවි පුතෙකු විලා

රෝහිණී ඔබේ දමාලා

ගියදා පටන් අඞාලා

අනුරාපුරේ ගලාලා


අතුල - 


හද මාගේ බාර දීලා

ගිය දා පටන් දමාලා

ඔබේ රූපේ මා මාවලා

සිම්බා  සුදා කියලා


රෝහිණි - 


දුක දන්නේ දුක විඳින්නේ 

පෙම්වතිය මයි මේ ලෝකේ

ළත වී උසුලා උන්නේ

දැවි දැවි ඇවිලෙන ගින්නේ 


අතුල - 


ප්‍රිය දේවිය ඔබ හින්දා

නොවිඳින දහදුක්‌ වින්දා

මංගල ජයකොඩි බන්දා

ගෙනයමි වස්‌තුව කැන්දා


රෝහිණි


සිංහලයේ සතුරු සේනා

වනසන්න ඔබ හදන්නේ

අපේ ප්‍රේම සටන සාමි

කවදාද අපි දිනන්නේ


අතුල - 


ඔබ මා පතා සිටිනම්

එකසිත් අපේ තිබේනම්

ඉටුදේවයා ඔබේ දැන්

මතු ජාති ජාති වේ මම්

බැඳිලා ප්‍රේම බැම්මේ

නොබලා කෙසේද ඉන්නේ

----------------------------

සවන්යොමා රසවිඳින්න මෙතැනින්


ඒ සිසුකැළේ තවත් දරුවෙකු ඊට රසපිරි සත්සර නාදරටාවක්‌ නිමවා සිය යොවුන් මිතුරු කැල නියෝජනයක කල දෙදෙනෙකුට ඊට පණ පොවන්නට ඇරයුම් කලේය

මේ පැදිපෙළ ලියු යෞවනයා මරදානේ සැලැස්‌කි පදෙස්‌ වැසි  කරුණාරත්න අබේසේකරයන්ය සත්සර මියෑසි මිහිර මැවු රසවතා පේරගස්‌වත්ත ලියන ආරච්චිගේ සෝමපාලය හඞ මුසුකලේ මොරිස්‌ දහනායක නම් යෞවනයා සහ පුෂ්පරාණි ආරියරත්න නම් යුවතියයි

මේ නිර්මාණකරුවන් කිසිවකුත් අද මේ මිහිමත නැත එහෙත් මේ සුන්දර නිර්මාණය ඔබ අප අදත් හෙටත් මතුදාත් රසගන්වනු නිසැකය

පසු සටහන

ඇතැම්හු මේ නවකථාව විදේශිය කෘතියක ආභාෂය ලබා ඇති බව කියා සිටියහ ඉතාලි ජාතික බ්‍රිතාන්‍ය ගත් කතුවර Rafael Sabatini  ගේ ස්‌කැරමුෂ් (Scaramouche) කථා සැකිල්ල ඊට ගුරු කොට ගෙන ඇති බව ද කියා සිටියහ එය 1921 ප්‍රකාශයට පත් වුවකි රෝහිණි එළිදුටුවේ 1929 වසරේදිය

(මුලාශ්‍රය - අධිනිතිඥ ඩබ්ලිව් ඒ අබේසිංහ ලියු මාර්ටින් වික්‍රමසිංහ චරිතාපදාන කෘති පෙළ)


-----
එදා ඇසුණු ගී බ්ලොග් නිර්මාණ - 2018 ජූලි 12 දාතමිනි

4 comments:

  1. ඩබ්. ඒ. සිල්වාගේ විජයබා කොල්ලය , ලක්ෂ්මී වගේ කතාත් විදේශීය කෘති ආභාශය ලැබුවනෙ

    ReplyDelete
    Replies
    1. ඒවයේ මුලාශ්ර ඉදිරිපත් කරන්නේ නම් අගනේය...

      ස්තුතියි....

      Delete
  2. ඒ කාලේ ගීත ඒ වගේ තමා මේක ගිතය දුටුවම මටත් ගීතයක් මතක් වුණා දෛවයෝගය චිත්‍රපටයේ
    උ‍‍ඹෙ නාඹර තැඹිලිපාට
    රූපය මට ලැබුණු දාට
    පාන පත්තු නොකෙරුවාට
    ගෙදර එළිය වැටෙයි රෑට
    පාන පත්තු ............... පාන පත්තු
    නොකෙරුවාට ගෙදර එළිය වැටෙයි රෑට
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. බොහෙම ජනප්රිය ගීතයක් .....

      පස්සේ කිහිප වාරයක් කැසට් පට සදහා නැවත පටිගත කරනු ලැබුවා...

      ස්තුතියි ....

      Delete