namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Wednesday, October 3, 2018

Victor Ratnayake - Sunil Ariyaratne - දේශාභිමානී ගී

එදා ඇසුණු උදා ගී - සක්‌ හඞ  - රණබෙර - පසගතුරු නද මිහිර  - ආචාර්ය වික්‌ටර් රත්නායක - මහාචාර්ය සුනිල් ආරියරත්න සුසංයෝගයේ සුරස සුමිහිරි ගී රන්දම්

40 දශකයෙන් ඔබ්බෙහි පැවති ජාතික ගුවන් විදුලියට සිය  විකාශයන්හි ගීත ප්‍රචාරය කරනු පිනිස සම්පුර්ණයෙන්ම පාහේ පෞද්ගලික අංශය වෙතින් යෑපෙන්නට සිදුවි තිබිණැයි කියෑවේ


සිමාසහිත කාර්ගිල්ස්‌ ආයතනයේ (වර්තමානයේ ඒ නමින් හැඳින්වෙන ආයතනයේ මුල් ව්‍යාපාරිකයන්) නියෝජිතත්වය ලද එච් එම් වී ලේබලය සහ මිලර්ස්‌ ආයතනය විසින් ප්‍රවර්ධනය කෙරුණු කොලොම්බියා යන මෙකී ජාත්‍යන්තර තැටි ලේබල ඔස්‌සේ නිකුත් වු ග්‍රැමෆොaන් තැටි ඒ සඳහා මහෝපකාරී විය

1946 යුගයේ පමණ සුනිල් සාන්තයන් විසින් පටිගත කරනු ලැබු ඕලු පිපිළා..... වෙල ළෙල දෙනවා ගුවන් විදුලිය විසින්ම නිරමිත මංගල තැටි ගීතය බව සඳහන් වෙයි

ක්‍රමයෙන් එසේ තැටිගත කරන ලද ගීත සංචිතයේ සැළකිය යුතු වර්ධනයක්‌ සිදු කෙරුණේ 1973 එහි මුලාසනය හොබවන්නට පත්කෙරුණු පරිපාලකයෙකුද කවියෙකුද කලා රසවතෙකු ද වු රිජ්වේ තිලකරත්නයන්ගේ යුගයේදීය විවිධ නාමයන් යටතේ විචිත්‍රවත් සංගීත වැඩසටහන් ගණනාවක්‌ බිහි කරවා සහ ශ්‍රේණිගත කරන ලද සරළ ගී ගායන ශිල්පි ශිල්පිණියන් ගේ දායකත්වය ලබමින් නිර්මිත ඒ නමින් ම හැඳින්වු වැඩසටහන් ප්‍රමාණාත්මකව මෙන්ම ඒ හා සමානව ගුණාත්මකවද ඉහළ නංවන්නට උර දුන්නේ ඔහු විසිනි

ඊට ඇවැසි ශීල්පි බළ මුඵව ඒ යුගයේදී මනාලෙස මුවහත් වි පන්නරය ලබා සුදානම් ව සිටියේ රජයේ සංගීත විදුහලේ (වර්තමාන සෞන්දර්ය සරසවිය) සහ භාරතයේ භාත්ඛන්ඩේ විශ්ව භාරතී කලා නිකේතනයේ තමන් ලැබු විශීෂ්ඨ පුහුණුව සහ මගපෙන්වීම අනුව යමිනි 

එකී වැඩසටහන් පෙළගැස්‌මේ සුවිශේෂී අංගයක්‌ වු ප්‍රබුද්ධ ගී යටතේ උපත ලද ගී සමුච්ඡය හා සරළ ගීත 04 කින් එකක්‌ දේශානුරාගය ජනනය කෙරෙන සුඵ පදමලාවකින් සමන්විතව ගැයුනු ගී ද ඇතුඵව වෙනත් සුවිශේෂී සැමරුම් සහ තරගාවලී අවස්‌ථාවන් හිදී ගැයුනු ගීත එකතුවෙන් බිහිකරවු නිර්මාණ එදා උදා - දේශභිමාණී - අරුණ කිරණ වැඩසටහන් අඩ සියවසක යුගයක්‌ ඇවෑමෙන් අදද  වර්ණවත් කරයි

ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ මෙන්ම ආර් ඒ චන්ද්‍රසේනයන්ගේ සත්සර රටාවන්ගෙන් ඇතැම් විට ගුරුහරුකම් මග පෙන්විම් ලද ආචාර්ය වික්‌ටර් රත්නායකයන් විසින් ලංකීය සංගීත ක්‍ෂේත්‍රයට අමතරව එහි උපාංගයක්‌ වු මෙකී ගීතාවලියේ ප්‍රගමණය පිනිස කළ මෙහෙවර සුවිසල්ය

ගණනින් නොඅඩුවූ තමන්ගේ සෙසු ගුවන් විදුලි ගී නිර්මාණයන්ට මෙන්ම දෑ අබිමන පොබයන මේ ගී ප්‍රබන්ධයන් උදෙසාද ලෝ වැසි දනන් ඇසුරේ පවතින විවිධාකරයේ විචිත්‍රවත් නැවුම් සත්සර ශිල්ප රටා අනුගමනය කළ ඔහු එයින් සෑහීමකට පත්නොවීය


උඩ - පහතරට සබරගමු සම්ප්‍රදායේ පාරම්පරික නාදරටා මතුකරනු වස්‌ දේශිය තුර්ය භාන්ඩ හැකි උපරිම සංඛ්‍යාවක්‌ වැයෙන්නට වග බලගත්තේය එයින් ඒ උදෙසා හෙළ ගැමි සුවඳ තැවරූවේය සිය ගම්පියසේ - ආරමයේ දෙවොලේ  - තොවිල් පොළේ  - පිංකම් පොළේ සවනට හුරු පුරුදු නාදරටා නැවුම් වී නවතාවයකින් ගුවන් විදුලි ගීයෙන් ඇසෙද්දී නිතැතින්ම ඒවා වෙත ඇදී ගියහ 

පංචතූර්ය නාදය හා මුසුවී නැගෙන සමූහ ගී ගැයුම් විවිධ තාලයන් ට අනුගතව එක්‌වර ගැයෙන අරුමය ? අත්විඳින්නේ වික්‌ටර් ස්‌වර සංකලනයෙනි රස මිහිරෙනි


දෑ අබිමන් ගීත රසගන්වද්දී දවුල් - ගැටබෙර - තම්මැට්‌ටම - උඩැක්‌කිය - අත්රබාන - තාලම්පොට - සංඛය - පහතරට බෙරය  නංවන නාදයන් හා වස්‌දඞුව - ඕබෝව - වයිබ්‍රෆොaනය  - සැක්‌සෆොaනය  - ක්‌ලැරිනටය  නිසි පරිදි මුසුකරවා එයින් ද නොනැවතී ස්‌පාඤ්ඤ ගිටාර් පෙළ - වයලීන - සිතාර  - එස්‌රාජයන් - ෂෙලෝ  -එකේඩියන් - හවායන් ගිටාර් - සන්තූරය මතුනොව ට්‍රම්පටය - ට්‍රොම්බෝනය - ඩ්‍රම්ස්‌  - කොංගෝ බෙර - සරපුවරු  වාදන මිහිරෙන් ශ්‍රාවකයා තැති ගන්වා ගී රසයේ උපරිම වින්දනය අත්කර දීම ආචාර්ය වික්‌ටර් ගේ සම්ප්‍රදායයි 

එපමණක්‌ ද නොව අබිමන් ගී ගැයෙද්දී පදමාලාවෙන් ඉල්ලා සිටින්නේ නම් ඊට අනුගතව යුග හෝ සමූහ ගැයුමක්‌ නම් ඒ අනුව කටයුතු සම්පාදනය කරවා ගායක ගායිකාවන් විවිධ රිද්ම තලයන් වෙත පිවිස ගැයෙන තාලයන් මතුකර දැක්‌වීම වික්‌ටර් ගීතාවලියේ අනන්‍යතාවයයි

එහිදි ඔහු සිය සමකාලීනයන්ගෙන් ආභාෂය ලබයි එහෙත් ඒ සමගින්ම වික්‌ටර් ලකුණ ගිලිහි යා නොදී රැකගනියි අනාදිමත් කාලයක සිට  ගුවන් විදුලි දේශාභිමාණී ගීතාවලිය වෙත තම සවන් නැඹූරු කරාවගත් ශ්‍රාවකයන් හට සෙසු සංගීතඥයන්ගේ මෙන්ම ආචාර්ය වික්‌ටර් ගේ නිර්මාණ සැණින් වටහ ගත හැකි වන්නේ එහි ගැබ්වි ඇති මේ වික්‌ටර් අනන්‍යතාවය නිසාය

පෙනීයන පරිදී ලක්‌ ගී ඉතිහාසයේ අන් කවර හෝ කලකට වඩා රසවින්දනයේ සිමා මායිම් පටු වී කොටු වී පවතින වර්තමානයේ මෙකී ගීතාවලියේ රසය දැන වටහා හඳුනා රසවිඳින්නෝ තම දිවියේ පස්‌වන දශකය හෝ ඉන් ඉහළ තලයේ දිවි ගෙවන්නන්ය එනමුත් මතුයම්  පිරිහිමේ විරාමය සළකුණු වෙත්නම් එතැන් සිට නැවතත් සිගිති - යොවුන්  - වැඩිහිටි ගී රසිකයන් මේ වටා රොද බැඳගනු ඇත 

ලාංකීය ගීත කලාවට අනුපමේය දායකත්වයක්‌ සැපයූ මේ නිර්මාණකරුවන් ලක්‌ පොළවේ එදාමෙදා තුර දිවිගෙවු සදා අමරණියයයන් අතරට එක්‌ වෙනවා නිසැකය

ස ප්‍රසංගයද - ගුවන් විදුලි ගීතයද -  වෙළඳ තැටිය ද  - කැසට්‌ පටයද ග්‍රහණය කරගත් වික්‌ටර් සත්සර ලකුණ හෙබවූ ගී පදමාලා වැඩිමනත් ගණනක හිමිකරුවා  මහඇදුරු සුනිල් ආරියරත්නයන්ය  දෙස - බස - රැස පොබයු ගී පද ද එතුමෝ පහත පරිදි ලියා තැබූහ

එතුමෝ සිය පුර්වගාමීන් වු ආනන්ද සමරකෝන් - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ  - රැයිපියල් තෙන්නකෝන් - හියුබත් දිසානයක  - අරිසෙන් අහුබුදු - මර්සලීනු ජයකොඩි පියනම පබැඳු ගී පද මාලා මනාව ඇසුරු කරන්නට ඇත අධ්‍යයනය කරන්නට ඇත එය ස්‌පුඨ කෙරෙන්නේ උක්‌ත පුරෝගාමීන් අතරින් ඇතැමුන් ගේ ජීවන තොරතුරු ගැඹුරින් සොයා දැන විමසා බලා සටහන් කර පළ කරන ලද ග්‍රන්ථයන් පරිශීලනයෙනි



පහත පළවන ගී සංකල්පනා සියල්ලම පැහැදිළිවම 1970-1980 දශකයට ඇතුලත් වීම විශේෂ සිද්ධියකි සුනිල් ආරියරත්නයන් සිංහල ගීත රචනා දෙවැනි පරපුරේ පුරුකක්‌ නියෝජනය කරමින් ඊට පිවිසෙන්නේ ද 70 දශකයේ ආරම්භයේදීය ගුවන් විදුලිය - වෙළඳ තැටිය සහ කැසටය - රූපවාහිනිය යන මෙකී මාධ්‍යයන්හී සිය අණසක පැතිරූ සෙසු සමකාලිනයන් හා උපරිම ලෙස ක්‍රියාශිලී වු ආරියරත්නයන් නන්දා මාලිනිය වෙනුවෙන් ඇගේ ආදායම් වාර්තා සළකුණු කළ සත්‍යයේ ගීතය සහ පවන යන ඒක පුද්ගල ප්‍රසංගයන් ගේ සම්පුර්ණ ගීතපෙළ  වෙනුවෙන් සිය පෑන් තුඩ මෙහෙයවීය

90 දශකයෙන් පිරිහි බිඳ වැටෙමින් යන සිංහල ගීත සාහිත්‍යයේ ඉරණම් ගමන දෙස උපේක්‍ෂා සහගත වෙමින් කෙමෙන් ඉන් බැහැරව ගොස්‌ වත්මනෙහි ඊට සමුදී සිටින්නා සේය



රුවන් මුවා පොළෝ  - තලේ ....
ගොයම් සුනීල මන්ඩලේ.....
සුදම් සිතින් ගයන්නේ සිංහ ගීතයයි .....
ත්‍රි සිංහලේ .........

(ආචාර්ය නන්දා මලනී - ගුවන් විදුලියේදී - 1972 පමණ)

සවන්දෙන්න මෙතැනින්
--------------------------
Listen Music Files - Listen Audio Files -

තම්පබන්නී - දීපවංසේ - ජන්මදිනයේ .....

නීල කරදිය වළල්ලේ රන් මලක්‌ පිපුණේ....

(වික්‌ටර් සිය හඞින්ම - ගුවන් විදුලියේ - 1973 පමණ)

සවන්දෙන්න මෙතැන්හිදී
----------------------------
Listen Music - Podcast Hosting -


දස මස කුස ඉඳ - ඉරහඳ දුටු සඳ....

මොකක්‌ද අම්මේ - රෑ දුටු සිහිනය....
පින්කෙත පින්බර - පුන් සඳ කැන් මැද......

(ළමා ගායිකා රෝහිණී ජයසිංහ - ආචාර්ය නන්දා ගුවන් විදුලියේදී - 1974 පමණ)

සවන්දෙන්න මෙතැනින්
------------------------------

Share Music - Podcast Hosting -

සරුපස දිලේ පූදින ගොයමක්‌ සේම....
මසුරන් දෙරණ ආකාසේ තරු සේම.....
අත නොවෙසා බඩකට පුරවනු කෝම.....
නොඉඳින් මලේ අත පොරවා හැමදාම....

(වික්‌ටර් රත්නායක ස ප්‍රසංගයේදී 1976 පමණ)

ස ගී රසය මෙතැනින්

Upload Music - Share Audio -

--------------------------

මිහිළිය නළලේ - අංජන තිලකේ.....
සිරිලංකා දෙරණේ - තිසරණ සරනින්......
භූ පාලනා - ජනතා දිනේ දිනේ......

(පන්ඩිත් අමරදේව ගුවන් විදුලියේදී - 1973 පමණ)

අසන්න මේයින් පිවිස
-----------------------
Embed Music Files - Download Audio -

ජයසිරි සෙත සාදනා - මිණිමුතු රළ පාදනා.....
අපේ රැහේ අඵත් ඉරක්‌ පයනා......
ඒ එළියෙන් හිතේ හඳක්‌ පායලා.......

(කලාශුරී ලතා වල්පොළ හුලවාලි සිනමා පටයේදී - 1973 දී)

--------------------------
තොටිල්ලේ ලී වැටෙන් එහා.....
තව වැටවල් ගොඩක්‌ ඇතේ....
තොටිලි වැටෙන් පනින පුතා....
ඒ වැටවල් බිඳිනු ඇතේ....

(අබේවර්ධන බාලසූරිය ගුවන් විදුලියේදී -1975 පමණ)

රසය විඳිනු පිනිස මෙතැනට පිවිසෙන්න
---------------------------
Download Music - Free Audio -
අනුරාධපුරය ඔබයි - සිරිසර දෙදහස්‌ වසරක්‌
ඈත අතීතයේ

(අබේවර්ධන බාලසූරිය ගුවන් විදුලියේදී - 1978 පමණ)


අසන්න මෙතැනින්
----------------------------
Upload Music Files - Upload Audio -
ගංගා එන්නකෝ ගංගා....
මං බලාන ඉන්නේ....
ඔබ එනතුරු ගංගා.....

(අබේවර්ධන බාලසූරිය ගුවන් විදුලියේදී -1976 පමණ)

අසන්න මෙතැනින්
----------------------------
Embed Music Files - Audio Hosting -
අවසන් හුස්‌ම පොද නොබියව හෙළන්නට...
සිව් රියනේ හිත සතුටින් නිදන්නට...
මිනිසෙකු විලස ඉපදුනු ඵල දකින්නට...
පුඵවනි මරණ මංචකයේ පුවත මට....

(අබේවර්ධන බාලසූරිය වෙළඳ තැටියකදී - 1977 පමණ)

අසන්න මෙතැනින්----------------------------
Music podcasts - Embed Audio Files -
සිංහල ගීතකලාව රසගැන්වූ වික්‌ටර් - සුනිල් ආරියරත්න සුසංයෝගය ඊට සමකාලීනව ක්‍රියාශීලිවු කේමදාස- ධර්මසිරි ගමගේ  මෙන්ම සරත් දසනායක - අජන්තා රණසිංහ සහ සරත් බාලසූරිය - උපාලි ධනවල විතාන නිර්මාණ මිතුරුදම් අතර කරට කර සිටියේ ඔවුන්ට පුර්වගාමී - අමරදේව - මානවසිංහ  මුත්තුසාමි - කරුණාරත්න අබේසේකර - අමරදේව - මහගම සේකර ගත්මග පියමං කරමිනි

ඉහත ගී සමුච්ඡයේ මුල් ගායනා රස විඳ හුරු පුරුදු රසික ඔබ ආචාර්ය වික්‌ටර් ගේ සූක්‍ෂම බටහිර - දේශිය එසේම මෝහණීය සංගීත සංකලනයන්ගේ අරුමය වටහගනු ලබනවා නිසැකය....

------------------------------------
තම්බපන්නීයේ රම්‍ය කාලයයි - තම්බපන්නීයේ පුන්‍ය කාලයයි.......

තම්බපන්නීයේ රම්‍ය කාලයයි - තම්බපන්නියේ පුන්‍ය කාලයයි

අන්තර්වාදනය

ජම්බුද්විපයෙන් වැඩමවා - ප්‍රබුද්ධ බුද්ධ පුත්‍රයන්........

පාදවා අනන්ත යු නේත්‍ර යුග්මයන්......

තම්බපන්නීයේ රම්‍ය කාලයයි - තම්බපන්නීයේ පුන්‍ය කාලයයි.......

තම්බපන්නීයේ රම්‍ය කාලයයි - තම්බපන්නියේ පුන්‍ය කාලයයි 

අන්තර්වාදනය - 02

චන්ද්‍ර සූර්ය රුක්‌ඛ වන්දනා - කෙලෙස්‌ මලින් බැඳී.....

දැන් වඳිම් බුදුන්  - දහම් - මහ සගුන් නිති.......

තම්බපන්නීයේ රම්‍ය කාලයයි - තම්බපන්නීයේ පුන්‍ය කාලයයි....

තම්බපන්නීයේ රම්‍ය කාලයයි - තම්බපන්නියේ පුන්‍ය කාලයයි ........

------------------------
වර්ගීකරණය - ගුවන් විදුලි ගී  - දේශාභිමානී ගී

පද සංකල්පනාව - මහඇදුරු සුනිල් ආරියරත්න

මියෑසි නාද රටා - ආචාර්ය වික්‌ටර් රත්නායක

ගැයුම් - 
විශාරද නීලා වික්‍රමසිංහ - ආචාර්ය රෝහණ වීරසිංහ - ලක්‍ෂමන් විජේසේකර? ඇතුඵ කණ්‌ඩායම
-----------------------------------------

මෙතැනින් අසන්න
-----------


9 comments:

  1. හැමදාම වාගේ බොහොමත්ම වටිනා කරුණු ටිකක් .මේ "තම්බපන්නීයේ රම්‍ය කාලයයි - තම්බපන්නියේ පුන්‍ය කාලයයි " කාලේ ඒවානේ ...බොහොමත්ම පින්

    ReplyDelete
  2. නිතිපතා බොහෝ ලියැවිලි වෙනුවෙන් මෙසේ අගය කරමින් නොනැවතී නන් අයුරින් මේ කටයුත්තට සහයෝගය පළකරන ඔබටද හදපිරි තුති ..........

    ReplyDelete
  3. අපූඍු වැදගත් සටහනක්.... මගේ අධ්‍යාපන කටයුතු වගේකට මේ විස්තර හෙව්වා... ‍ෙමේ ටික වටිනවා.. ගොඩක් ස්තුතී..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... පෙර දින මෙන්ම මතු මතු පළවන ලිපි ද වැදගත් වනවා ඇත

      Delete
  4. බොහොම වටිනා ඉතිහාස කරුණු ටිකක්..

    ලිපිය ලියන්න වෙච්ච් මහන්සිය බොහොම අගය ක්කොට සලකනවා

    ReplyDelete
  5. ස්තුතියි.... ජය සැප ...!

    ReplyDelete
  6. නොදන්නා ඉතිහාසයක් අපට කියාදෙන ඔබට අපගේ ප්‍රණාමය
    විචාරක දියණිය

    ReplyDelete
  7. I’m impressed, I need to say. Actually not often do I encounter a weblog that’s both educative and entertaining, and let me inform you, you have hit the nail on the head. Your concept is excellent; the issue is one thing that not sufficient people are speaking intelligently about. I am very completely happy that I stumbled across this in my search for one thing referring to this. online casino gambling

    ReplyDelete