namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Tuesday, March 12, 2019

මොහොමඩ් සාලී ගීත මංජුසාව.........අංක - 03

එදා මියැසි සාදයේ නැගි රස ගී සරය -  මොහොමඩ් සාලි - තුන්වැනි දිගුව....

80 දශකයේදී සිය කලාවෙන් තවදුරටත් ඈත් ව සිටින්නට බල කෙරුණු තත්වයක ඔහුගේ හදවත හඞා වැටෙන්නට ඇත එවකට දිවයිනේ පැවති ජනවාර්ගික අරගල හැලහැප්පීම් දේශපාලන කුණාටු විසින් ඒ තත්වය උග්‍ර කරන්නට ඇතැයි අනුමාන කෙරේ

මොහොමඩ් සාලි දිවිමංපෙත සළකුණු ලුහුඩින් කැටිකර දක්‌වන්නට පෙරාතුව ඔහු ගේ මනෝ විජීතයෙන් ප්‍රාදූර්භූත ව සිංහල ගීතාවලිය කාන්තිමත් කළ අමිල ගි මිණි මුතු පෙළින් බිඳක තතු විත්ති පෙළගැස්‌වීම අගනේය


01එක ගගක ඉවුරු දෙක කවදා - කරුණාරත්න අබේසේකර - රූපා ඉන්දුමතී

02රන් ඇට පොට රිදී හවඩි කොහෙන් ගෙනෙන්නේ - ජොර්ජ් ලෙස්‌ලි රණසිංහ - ජෝතිපාල

03කුමාරියේ උදාරියේ කුමාරයා ඔබයි ප්‍රියේ - හේම ශ්‍රී ද අල්විස්‌ - රූපා ඉන්දුමතී සහ ලක්‍ෂමන් රොද්‍රිගෝ

04 හදවත ඔබේ හඳුනන්නෙමි සෙනෙහස ප්‍රියේ මම දන්නෙමි - රත්නා ලංකා අබේවික්‍රම - ගාමිණි රොද්‍රිගෝ

05 සුවඳට මල මෙන් යස හැඩට කැපේ - රත්නා ලංකා අබේවික්‍රම - රූපා - ලක්‍ෂමන්

06 ටික්‌කි ටිකිරි මගේ පුතා කොළ අරගෙන කුරුටු ගාන - කරුණාරත්න අබේසේකර - මිල්ටන් පෙරේරා

07 හෙළ ජාතික පියුමි විළේ සුවඳ කැකුඵ මල් වැනී - හේම ශ්‍රී ද අල්විස්‌ - අයිරින් ද අල්විස්‌ - ලක්‍ෂමන් රොද්‍රිගෝ

08 වසන්ත දූතය අරුමැසි හඞ නගනා - කරුණාරත්න අබේසේකර - රූපා - ලක්‍ෂමන්
09 දෙරණ මෙනි දුක්‌ උහුලනා හිත මේ තිලෝ තලයේ - ප්‍රේමකීර්ති ද අල්විස්‌ - රූපා - ලක්‍ෂමන්

10 රුවන් මැදුරේ ඔබම ඉදිකෙරූ පහන් නිවා පවන් රැලයුරූ - කරුණාරත්න අබේසේකර - මිල්ටන් පෙරේරා

11 කවදාද කොහෙම කොයි තැනකද අප හමුවුයේ - කරුණාරත්න අබේසේකර - මිල්ටන් පෙරේරා

12 මුඵ ලොව ලැබුනත් වෙනස්‌ නොවේ - කරුණාරත්න අබේසේකර - දමයන්ති ඒකනායක - මිල්ටන් පෙරේරා (වෙළඳ තැටියකි)

13 උදේ සුපිපුණු මලක්‌ බඳු ළපටි අතපය හුගක්‌ මුදු - කරුණාරත්න අබේසේකර - දමයන්ති ඒකනායක (වෙළඳ තැටියකි)

14 අම්මාගේ උකුලේ නැළවි තාත්තාට හුරතල් වෙවී - කරුණාරත්න අබේසේකර  - දමයන්ති ඒකනායක (වෙළඳ තැටියකි)

15 විලෙන් පෙරෙන දිය විළෙහි නොළන සේ - වැළෙන් එතෙන වැළ වැලට නොදෙන සේ - කරු අබේසේකර අයිරින් ද අල්විස්‌

16 පායා ආ සඳ අඳුරු වළාවෙන් මා ඉදිරියේදිම වැසුනා - කරු අබේසේකර - මිල්ටන් මල්ලවාරච්චි (වෙළඳ තැටියකි)

17 ඈත එපිට දුර ආකාසේ වළාකුඵවලින් මිදී බලා එබිලා ඇදී - කරු අබේසේකර - මිල්ටන් මල්ලවාරච්චි (වෙළඳ තැටි)

18 නිසසල හදවත සසළව කැළඹේ ගතසිත අවිවේකයි - කරු අබේසේකර - ජෝතිපාල 

19 අහන්න මගේ හොඳ පුංචි පුතේ - කරු අබේසේකර - මිල්ටන් පෙරේරා

20 සැනසී නුවන් තලාවේ හිඳිමි දිවා රැයේ - නෙයෙල් ගුණරත්න

21 ඇස රැඳුන රැඳුන තැන්වල මුව මඞල හිනැහුනා - කරු අබේසේකර - මිල්ටන් පෙරේරා

22 මුලදි බැන්ද ආදරයක මිහිර දැන් - ඇලෝයි ගුණවර්ධන - ජෝතිපාල

23 ඇස්‌ දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ - ඇලෝයි ගුණවර්ධන - ජෝති

24 වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ - කරු අබේසේකර - මිල්ටන් පෙරේරා
25 සඳ නැත බැබලෙන්නේ - නොපෙනේ තරු ගොන්න - කරු අබේසේකර - මිල්ටන් පෙරේරා

26 ඔබ තරමට මා නැළවු ඔබ තරමට මා සැනසූ - කරු අබේසේකර  - මිල්ටන් පෙරේරා

27 නෙළන්න බැරි මල් අතු අග මොටද පිපෙන්නේ - කරු අබේසේකර - මිල්ටන් පෙරේරා

28 පිය හිමියනි මා හදවත - රත්නා ලංකා අබේවික්‍රම - රූපා - ලක්‍ෂමන්

29 දේශයෙන් දේශේ බලා - හේම ශ්‍රී ද අල්විස්‌ - රූපා ඉන්දුමතී



1930 වසර උදාවෙද්දී මොහොමඩ් හනිෆා සාලී මනු ලොව සිය  දෙනෙත් විවර කලේ ක්‍ෂේත්‍රයේ බහුතරයක්‌ කලා ශිල්පීන් ගේ ජාතභූමිය වු ද වාසභූමිය වු ද කොළඹ මරදානේ සුදුවැල්ලේදීය

ආමර් විදියේ ආසිය උම්මා සහ සුදුවැල්ලේ අබ්දුල් හමීඩ් ඔහුගේ දෙම්ව්පියන්ය සුප්‍රකට සංගීතඥ මොහොමඩ් ගවුස්‌ ඒ යුගයේ අගනුවර සංගීත ආධිපත්‍යය හෙබවු සුපිරි තරුවයි ඔහුගේ ගුරු හරුකම් ඔස්‌සේ හර්මෝනියම් වාද්‍ය භාන්ඩයෙන් සංගීත අත්පොත් තැබු යොවුන් සාලි සිය එකුන්විසි විය පසුකරද්දී වෘත්තිය හාර්මෝනියම් වාදකයකු ලෙස අබිසෙස්‌ ලැබගන්නට සමත් වි තිබිණි

අගනුවර ප්‍රභූ දනන්ගේ  ප්‍රිය සම්භාෂණ මියෑසියෙන් රස ගන්වන්නට සාලි ඇතුඵ පිරිස සැදීපැහැදී සිටියහ

සංගීතයේ න්‍යයාත්මක දැනුමෙන් සන්නද්ධ වන්නට පතමින් ඒ සඳහා ඉඩකඩ විවිර කරගැනීම පිනිස රජයේ සංගීත විදුහලට ඇතුළත්වීමට පැවති මුලික අවහිරතාවය වුයේ ඔහු ජ්‍යෙෂ්ඨ සහතික පත්‍ර ලාභියෙකු නොවිමය එසේ වුවද එවකට සිංහල ගීත කලාවේ දැවැන්තයෙකු වු ආර් ඒ චන්ද්‍රසේනයන්ගේ අතහිත අනුග්‍රහ ලැබ ඔහුගේ වද්‍ය ශිල්පී බලමුඵවේ හර්මෝනියම් වාදකයෙකු ලෙස කටයුතු කරිමේ භාග්‍ය ලැබීය

ඒ අනුව 1958 වැන්නේ දොරට වැඩි බි ඒ ඩබ්ලිව් ජයමාන්නගේ වනලිය සිනමාසිත්තමේ නාද සිත්තම් මවනට ඇරයුම් ලැබු චන්ද්‍රසේනයන් ගේ වාදක මන්ඩලයේ  සර්පිනා වාදකයා ලෙස කටයුතු කරන්නට සාලි සමත්විය පසුකාලීනව චන්ද්‍රසේනයන්ගේ අනුප්‍රාප්තිකයා බවට පත් වු ආචාර්ය කේමදාසයන් ද මේ කන්ඩායම නියෝජනය කලේය

මොහොමඩ් සාලි  හෙළයේ සම්භාවනාවට පත්වු සම්මානනීය ගායනවේදිනය ආචාර්ය නන්දා මාලිනි වෙත ද වරෙක සිය ගුරුහරුකම් ලබා දෙන්නට සමත් විය ඒ වෙළඳ සේවය වෙනුවෙන් කරුණාරත්න අබේසේකරයන් මෙහෙයවු එයාර් ෂිප් නම් සේවාදායක වැඩසටහන ට සහභාගි විමෙ වෙනුවෙනි

සංගීත ශීල්පය නම් වු පරක්‌ තෙරක්‌ නැති මහ සයුරේ දුර දියඹ වෙත පිහිනා යන්නට සිහින පැතුම් මැවු ඔහුගේ අභිලාෂයන් මස්‌තකප්‍රාප්ත කර දුන් අය අතර සංගීතවේදී එස්‌ ඩී එස්‌ ජයසේකරයන්ද විය (ගායිකා චම්පා කල්හාරි ගේ පියාණන්) රජයේ සංගීත විදුහලේ කථිකාචාර්ය ධුරය හොබවමින් දිවයිනේ ඉස්‌ලාම් භක්‌තික සංගීත ලෝලීන් සිසුන් සඳහාම වෙන්වු විශේෂ පාඨමාලාවක්‌ සංවිධානය කරන්නට ඔහු සමත්වුයේය ඒ ලංකා කලා මන්ඩලයේ නිලදරුවෙකු වු ඇම් බී එම්  ගවුස්‌ ගේ ඉල්ලීමකට අවනතවෙමිනි

ඒ විශේෂ පාඨමාලාවේ ඵල නෙලාගත්තවුන් අතර ගායක මොහිදීන් බෙග් ද විය

1965 උදා වී තිබියදී සිය තනිකඩ දිවියට විරාමය තැබු සාලි අසල්වැසි මරදානේ ඉසතුල් නයිමා යුවතිය ජීවන සහකාරිය බවට පත්කරගත්තේ ඉස්‌ලාම් විවහ සම්ප්‍රදායානුකූලවය 

පාතිමා නස්‌ පාතිමා රිස්‌ පාතිමා රම්සි තෙදියණියෝ ලද සාලි දම්පතීන් ඔවුන් ආනන්දය ට නුදුරුව පිහිටි ක්‌ලිෆ්ටන් බාලිකාවේ අකුරු කරන්නට යොමුකලේද සිංහල මාධ්‍යයෙනි

හදවත ඔබේ හඳුනන්නෙමි ...............

සෙනෙහස ප්‍රියේ මම දන්නෙමි..............

පෙර අත්බවේ සිහිගන්වලා................

එක්‌ටැම් ගෙයක්‌ තනවන්නෙමි..................

--------------------
ගී පද - රත්නා ලංකා අබේවික්‍රම

ගායනය - ගාමිණි රොද්‍රිගෝ
----------------------------
මෙතැනින් සවන්දෙන්න


Listen Music Files - Podcast Hosting -

ලංකා ගුවන් විදුලියේ සාලි සලකුණ සටහන් කරමින් එහි වද්‍ය වෘන්දය නියොජ්නය කරන්නට වරම් ලැබු ඔහු ඉහත කී සුසර මනමෝහණිය විරහ ගීතාවලියේ පීතෘත්වය දැරුවේ එතැන් සිටය


විරහ ගීතයකින් තම ගුවන් විදුලි ගීතාවලියේ අත්පොත් තැබු අබේසේකරයන් ගේ අනුවේදනිය වදන් රැල් පණගන්වන්නට වඩාත් ම සුදුස්‌සා වු මිල්ටන් පෙරේරා ද දෛවෝපගතව ඔවුන් දෙදෙනා හා එක්‌විම සුවිශේෂී සිදුවිමකි


දෙපිය නගා එන්නට බෑ ..........

කටු අකුල් කැලේ .....

සසර වසන තුරු ....

නුඹ නොපිපියන් සුදුමලේ...........
----------------------------
ගී පද - නැසිගිය කරුණාරත්න අබේසේකර

ගායන මිහිර - නැසිගිය - ජේ ඒ මිල්ටන් පෙරේරා
(ගුවන් විදුලි සරළ ගීයකි)
--------------------------------------
මෙතැනින් සවන්දිය හැක
Listen Music Files - Audio Hosting -

එපමණ සුමියුරු නාදරටා මවමින් ලක්‌ ගී රසිකයා නෙත් කෙවෙණි තෙත්කරදැමුවා වූ සාලී ට සිය නෙත්කෙවෙණි තෙත්කරගන්නට සිදුවු අවස්‌ථා ද නැත්තේ නොවේ  

කැසට්‌ පටවල මගේ නමවත් නෑ............... මම හදා දුන්න සින්දු කැසට්‌ පටවල ගායනා කරලා සල්ලි ගෙනැවිත් දුන්නේ මිල්ටන් මල්ලවාරච්චි විතරයි .........................

යන මේ සංවේදී සටහන ලියෑවි ඇත්තේ සාලි වෙනුවෙන් පළවු එකම කෘතිය වන මහඇදුරු සුනිල් ආරියරත්න ගේ ගාන්ධර්ව ආපදාන - 05 වෙනුවෙනි


බාහිර වෙළඳ තැටි ගී ජාතික ගුවන් විදුලියේ 70 දශකයේ ගීතාවලියෙන් පැහැදිලිව කැපි පෙනන සුඵ ලක්‍ෂන ගණනාවකි එයින් ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ නාදමිහිර කැටිවු සරළ ගීත එකතුව වෙනුවෙන් සාලි දැක්‌වු දායකත්වය ප්‍රශස්‌තය විරහ වියෝව උද්දීපනය කරන ඔබෝ  - ක්‌ලැරිනට්‌ මෙන්ම බටනලා සුසර ගණයේ වාදන මිහිර ඒවායේ පැහැදිලිව ප්‍රකට වේ

විලෙන් පෙරන දිය - විලෙහි නෙයන සේ......

වැලෙන් නෙලන මල  - වැලට නොදෙන සේ......

ඔ‍බෙන් ලබන දුක ඔබට නොදෙන්නෙමි......

මම එය විදගමි ‍ හොර රහසේ........


----------------------------
පද සංකල්පනාව - නැසිගිය කරුණාරත්න අබේසේකර

ගැයුම - නැසිගිය ගයන ශිල්පී අයිරින් ද අල්විස්‌

(ගුවන් විදුලි ගීතයකි)
----------------------------------------
මෙතැනින් සවන්දෙන්න

Embed Music - Embed Audio Files -


මෙතැන් සිට .........මතු නැවතත් දිනයකදී ................
(මුලාශ්‍ර  - ගාන්ධර්ව අපදාන - අංක 05 - මහාචාර්ය සුනිල් ආරියරත්න - ගොඩගේ ප්‍රකාශනයකි)

4 comments:

  1. හදවතින්ම ආස කරන කරන ගීත බොහෝමයක අයිතිකාරය සාලි මාස්ටර් .බොහොම වටිනා ලිපියක් සර් .

    "දෙපිය නගා එන්නට බෑ
    කටු අකුල් කැලේ
    සසර වසන තුරු
    නුඹ නොපිපියන් සුදුමලේ....." කැමතිම ගීතයක්

    ReplyDelete
  2. ස්තුතියි ඇණෝ .... සහය නිති අගයමි සිහිකරමි...

    ReplyDelete
  3. A SREAT ARTIST........RESPECT YOU SIR

    ReplyDelete