namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Sunday, April 28, 2019

සංගීතඥ ආර් ඒ චන්ද්‍රසේන ජීවන තතු - අංක 12

එදවස දෙසවන් නැළවු සත්සර  රන්ස්‌වරය  - අසමසම සරපුවරු මියැසි සරය  -   නොනිමෙන චන්ද්‍රසේන ගී පහන් සිළ 
අංක - 12 
මේ තැටිය නිකුත් වී වසරක් ගතවන්නට පළමු ඔහු සිය ශ‍්‍රීමත් ලේබලයේ දෙවැනි ඇල්බමය නිකුත් කරන ලදී එහිදී ප‍්‍රමුඛත්වය ලැබුනේ මෙකි නවකයා වු ජෙරල්ඩ් ටී ළමාහේවාටය  ඒ තැටියේ සියඵ බරපැණ දරූ සේවාදායකයාද ඔහුම වූ බැවිනි තමා වෙනුවෙන් ශ‍්‍රීමත් ලේබලයේ සම්පුර්ණ තැටියක් වෙන්කරන ලෙස කරනු ලැබු ඉල්ලිම පැහැර නොහැරි චන්ද‍්‍රසේනයන් ඉතා දැඩි වෙළඳ තරගයක් හමුවේ ප‍්‍රවිණයන්ගේ ගී තැටි නිතිපතා නිකුත් වෙමින් පැවති  ඒ යුගයේ සිය නවක ලේබලයට නවකයන් යොදාගැනීමෙන් සිදුවිය හැකිව තිබුනු වෙළඳ අවාසිය නොතකා හැරියේය

ඒ ගීත නිර්මාණය කරදුන්  සිලවිමලයන් ද සිය අදහස් දක්වමින් මෙවැනි අනුග‍්‍රහයක් මෙයාකාරයෙන් කිසිවිටකදී  වෙනත් ප‍්‍රවිණයෙකුගෙන් ආධුනිකයෙකුට ලැබෙයැයි සිතන්නට අපහසු යැයි ද කියා සිටියේය 

කෙසේ වෙතුදු එයින් එක් ගීතයක් සිය දියණිවරුන් වෙනුවෙන් වෙන්කරන්නට පියවරගනු ලැබිය

පළමු පැත්ත


01 පොඩ්ඩක් සිනාසෙන්න - සිරිල් ඒ සීලවිමළ  - ජෙරල්ඩ් ටී ළමාහේවා

02 එදා වගේ අදත් - සිරිල් ඒ සීලවිමළ - ජෙරල්ඩ් ටී ළමාහේවා

දෙවැනි පැත්ත

01 අක්කේ බලන්නකෝ - අමර කුමාරරත්න - තිලංගනී සහ දර්ශනී

02 පෙම්බරාගේ පෙම්බරී - අමර කුමාරරත්න- ජෙරල්ඩ් ටී ළමාහේවා



සුක්කානම දරා අසුන් අරා සිටින රියදුරා යම්තරමකට එකී රථයේ කාර්මික ඥානය තමා සතුය සංගීතය නම් රථය මෙහෙයවූ චන්ද‍්‍රසේන නම් රියදුරාණන් හට එකී රථයේ කර්මික ඥානය යම් බඳුව නොව පරිපුර්ණව ලැබගෙන තිබිණි ඔ්නෑම වාද්‍ය භාන්ඩයක් අඵත්වැඩියා කර ප‍්‍රකෘතිමත් කිරීමේ විශේෂඥයෙකු වු ඔහු තමා ලද ඉසිඹුවෙන් ඒවා ට නවාංග එකතුකරමින් අත්හදා බැලිම් සිදුකරන්නට පසුබට නොවීය

එසේම පෙර සඳහන් කලා සේ සිය නිවසේ සියඵ කොටස් ශබ්දාගාර ලෙස සියතින්ම සකස් කරනු ලැබුවේ තෝරාගත් ස්ථානයන්හි ස්පීකර සහ මයික‍්‍රපෝන් ස්ථාපිත කරවා ඒවා එකිනෙක ජාලගත කිරිමෙනි ඒ අනුව ඔ්නෑම ස්ථානයක ජනිත වන යම් බදු ධ්වනියක් වේද එය නිවසේ වෙනත් ඔ්නෑම ස්ථානය සිට සවන්දිමට පිළිවන් විය 

මෙලෙස ශබ්දාගාරයක් නොවු එක්තරා අන්දමක ශබ්දාගාරයක් බවට මරදානේ ඩේවිඩ් මාවතේ චන්ද‍්‍රසේන නිවස පත් වී තිබිණි එහි පුහුණුවිම් සඳහා දුර බැහැරින් සපැමිණි ශිල්පීන් පමණක් නොව ඇතැම් ආධුනික අංකුර ගායක ගායිකාවන්ගේ අහර කිස පාන වර්ග සංග‍්‍රහ කිරීම් පිීළියෙළ කරන්නට නියමව තිබුනේ ශී‍්‍රයානි චන්ද‍්‍රසේන මහත්මියටය 
-----------------------
මල්සරා මල්සරා පෙම්ලොවේ පෙම්බරා

උක්දඞු දුනු අදින්නේ

කල්බලා මල් විදින්නේ 

පද සංකලනය - සිරිල් ඒ සීළවිමල

ගායනය - ජෙරල්ඩ් ඩී ළමාහේවා
තනු සංගීත අදියුරු භූමිකාව සංයෝජක - ආර් ඒ චන්ද‍්‍රසේනයන් ම විසිනි

පටිගත කිරීම - මර්වින් රොද‍්‍රිගෝ - ප‍්‍රධාන ශබ්ද ඉංජිනේරු 

පටිගත කිරීමේ මැදිරිය - සරසවි ශබ්ධාගාරය  නුවර පාර - දඵගම - කැළණීය 

පටිගත කිරීමේ විශේෂ ප‍්‍රයෝග - මර්වින් රොද‍්‍රිගෝ 

උපදෙස්  - ආර් ඒ චන්ද‍්‍රසේන

වසර - 1973

ලේබලය - ශ‍්‍රීමත්

වේගය - 45 භ‍්‍රමණ වට 
--------------------------
මෙතැනින් සවන්දෙන්න
Download Music - Listen Audio -


ඒ ඇයට ස්වර ප‍්‍රස්ථාර පිටපත් කිරීම එහි වැරදි නිවැරදි කිරිම් වැනි තවත් දහසකුත් කටයුතු වලට අමතරවය

සුඵ අතපසුවිම් සහ අත්වැරදි සිදුවිමේ නියත ප‍්‍රතිඵලය වුයේ චන්ද‍්‍රසේනයන් ගේ රැුවුම් ගෙරවුම් බැණ අඩගැසීම් ගෝරනාඩු සහ කර්කශ දෝෂාරෝපනයන්ට ලක්වීමට ඇයට සිදුවිමයි


එක්තරා දිනක චන්ද‍්‍රසේන සංගීතායතනය කරා පැමිණි මවක් සහ තරමක අබාධිත තුරුණු වියේ පුතෙකි සිය ගම්පලාත මහනුවර බවත් එහි සිට මෙකී කටයුත්තට මහත් සේ බලාපොරොත්තු දරාගෙන පැමිණි බවත් තවද  මෙහි තමා කැටුව ආ එකම දරුවා ගීත ගායනයේ සමත්කම් දක්වන බවත් ඔහුට ගීත ගායනය සඳහා අවස්ථාවක් උදාකරන දෙන ලෙසත් ඒ සඳහා සියඵ බරපැණ තමන් පෞද්ගලිකව දැරිමට එකග වන අතර සිය අබාධිත පුතුගේ අවිහිංසක ආයනය කෙසේ හෝ ඉටුකරදී ඔහු සිත සැනසීම තම ඒකායන අභිප‍්‍රාය බවත් කියා සිටියාය

මේ ආයාචනයෙන් දැඩි ලෙස සංවේදී වු චන්ද‍්‍රසේනයන් එකී පැතුම කෙසේ හෝ මල්ඵල දරා දෙන්නෙමැයි ඉටාගත්තේය 

ඒ බව කියා සිටිමේදී අපිරිමිත දරු සෙනෙහසින් තෙත් වු නෙත් කෙවෙනි තුලින් මහත් සේ සිය කෘතවේදිත්වය පළ කළ මෑණියන් තමා ඒ වෙනුවෙන් ගීතයක් රචනා කර තිබෙන බවද දන්වා සිටියාය

එය ඇතුලත්ව තවත් ගීතයක් තමා විසින් සිය මිළග තැටියට ඇතුලත් කරනු ලබන බවත් පුතු සිය සංගීතායතනයට බඳවාගන්නට තිරණය කළ බවත් පුහුණුවිම් සඳහා අඛන්ඩව දරුවා යොමු කරන ලෙසත් වැඩිදුරටත් දන්වනු ලැබීය

තැටියේ බරපැණ තමන් විසින් දරන්නට ඇය එකග වී තිබුනද ඇණවුමට නියමිත තැටි සංඛ්‍යාවෙන් හරි අඩක නිෂ්පාදන වියදම චන්ද‍්‍රසේනයන් විසින් ප‍්‍රතිපූර්ණය කර ඒවා දිවයින පුරා බෙදාහරින්නට ගිවිසගන්නා ලදී

කරුණාරත්න අබේසේකරයන්ගෙන් සපයා ගත් ගීත රචනාවක් ද ඇතුළත්ව මේ තැටියේ සෙසු දත්ත මෙසේය

පළමු පැත්ත

අපේ සිංහලේ ඔපකලේ -  ලලිත් ගම්හේවා කරුණාරත්න අබේසේකර

දමා කොළඹ පන්නේ - නිහාල් නෙල්සන් සිරිල් ඒ සීලවිමල

දෙවැනි පැත්ත

අම්මා තවත් සැරයක් කියන්න- ලලිත් ගම්හේවා - ඩී එෆ් ගම්හේවා

මධු වාගේ ගීත ගොතාලා - තිලංගනී චන්ද‍්‍රසේන - අමර කුමාරරත්න

------------------------------
අපේ සිංහලේ ඔපකලේ සම්බුදුන්ගේ ශ‍්‍රී දන්තදා....

හිසේ් රන්දවා වැඩමුවේ හේමමාලී කුමරි එදා...

අත්නගා මල්පුදා මම් වඳින්නෙමි සදා....

ආසිරි ශාන්ති වේ ...

බැති හැගුම් වෙයි පුදා ...

---------------------------------

ගැයුම - ලලිත් ගම්හේවා - මහනුවර

පද රචනය - කරුණාරත්න අබේසේකර

ලේබලය - ශ‍්‍රීමත්

-------------------------

මෙතැනින් සවන්දෙන්න
Play Music - Listen Audio Files -

ශ‍්‍රීමත් පළමු ලේබලය 1972 වසරේ දෙසැම්බර් මස 15 වන දාතමින්ද  මෙකී දෙවන නිකුතුව 1973 වසරේ සැප්තැම්බර් 20 දින දීද පටිගත කරන ලද්දේ සුපුරුදු පරිදි දඵගම සරසවි ශබ්ධාගාරයේ ඉංජිනේරු මර්වින් රොද‍්‍රිගෝ විසිනි

සේ යා රැ සැපයීම   විශේෂ ස්‌තුතිය - විශ්‍රාමලත් අචාරිණි දර්ශනී චන්ද්‍රසේන මහත්මිය -( ආර් ඒ චන්ද්‍රසේන කණිටු දියණිය වෙත)


No comments:

Post a Comment