namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Tuesday, June 11, 2019

හේම ශ‍්‍රී ද අල්විස් ගීත නිර්මාණ - 1965-1985

රන්මිණිමුතු වැනි අදහස් අතමිට මොළවා ගත් ඔහු ...................... 


ඔබ කැමතී ගී තීරය අතරින් දැන් මේ අසන්නන් ප‍්‍රියකරණ ගීතයක්.........................


පොල්ගොල්ලේ එස් එම් ගාමිණි රත්නායක මෝදර රොක්හවුස් කඳවුරේ ගාමා ගාමිනී සුබසිංහ රීට ඉන්ද‍්‍රාණි..................... ඇතුඵ පිරිස

ඔබ වෙනුවෙන් ගයන ශීල්පිනී අයිරින්ද ද අල්විස් ගැයු මේ ගීතය පද රචනය හේම ශ‍්‍රි ද අල්විස් විසිනි


දෑස පා සිනහ - කියන රහස තේරුණා

පෙම් ලොවක් දෙපාමුලේ මාවාදී - අද වගේ හෙටත් ඔබේ ලගින් ඉමී 


 දශක 05 ක අතීතයක සිට අද දක්වාද සිය දහස්වර ගුවන් විදුලියෙන් මෙසේ නිවේදනය කරමින් වාදනය කරන මේ නිර්මාණයෙන් කුල්මත් නොවු ගුවන් විදුලි ශ‍්‍රාවකයන් ඇත්තේ නම් ඒ අල්ප සංඛ්‍යාවක් බව සහතිකය ඇළේ දොළේ ලන්දේ කෙළිදෙළෙන් දුවපැන ගිය එදා ළපැටියන් පවා මෙහි ඇසෙන නුහුරු එහෙත් නැවුම් නාදරසයෙන් වසග නොවුවා නොවේ

සුවසහක් රසික සවන් පත් සුරස රස සපිරි ගීතාවලියකින් පුරවාලන්නට එක්වු එදා ගී පද සංකල්පනා මැවු රසවතුන් අතර අල්විස් ත‍්‍රිත්වය හොබවන්නේ ප‍්‍රමුඛස්ථානයයි ඩොල්ටන් - පේ‍්‍රමකීර්ති ට පසුව  එහි ඇඳෙන්නේ හේම ශ‍්‍රී ද අල්විස් නාමයයි

ඔවුන් බොහොමයක් වත්මනෙහි  රසික ඔබ අපට සමුදී නික්ම ගොස් තිබියදී අද සිය දිවියේ සැඳෑ අඳුුර වැටෙමින් පවතින යාමයේ ජීවන මං පෙත සෙමින් පියමං කරන මෙකී අපුර්ව පද සිත්තම් කරුවා හඳුනාගනු රිසිවූවන් වෙතටය මේ සටහන

60 දශකයේ අවසන් භාගයේදී පමණ අයිරින් වෙත මේ සඳහා ඇරයුම් ලැබුවේ එදා  ප‍්‍රසිද්ධ ජනප‍්‍රිය තැටි ව්‍යාපාරිකයෙකු වු පැට‍්‍රීක් කොරේරා ගෙන් ඔහු ගේ තැටි ලේබලය වුනේ පිලිප්ස් නාමයයි එදා මම ගීත 04 ක් ලිව්වා මොකද තැටියකට ඇතුළත් කල හැකි උපරිම ගීත ගණන එපමණක් පමණක් වු නිසා

1 දෑස පා සිනා   2 සෙංකඩගල නගරේ සඳරේඛා 3 මගේ හද පේ‍්‍රම දායාදේ සහ 4 පේ‍්‍රමාදරයක සරණ සොයා 

ඒ ගීත

මෙයින් එකක් එවකට ජනප‍්‍රියත්වයේ හිණිපෙත්තේ පැවතී හින්දි සිනමා පටයක් වු ලව් ඉන් ටෝකියෝ හි ගීතයක තනුවට වචන ඇමිණු ගීතයක් 

මේවා සංගීතවත් කරන්නට ඉදරිපත් වුයේ මගේම ඥති සහෝදරයකු වු ලංකා නාවුක හමුදාවේ තූර්ය වාදක කන්ඩායමේ ප‍්‍රධානියා වු ප්‍රෙමලාල් දන්වත්ත ඔහු මේවාට තනු නිර්මාණය කිරීමෙන් නොනැවතී ඔහුගේ වාදක මන්ඩලයේ සහය ද සපයා දුන්නා ඒ හමුදා තූර්ය වාදක  සංගීත රටා ත් ඒවයේ ප‍්‍රසිද්ධියට සෑහෙන්න බලපාන්න ඇති


මා 50 දශකයේ එවකට ප‍්‍රවිණ නිවේදක වැඩසටහන් සම්පාදක කරුණාරත්න අබේසේකරයන් ගේ සරස්වතී මන්ඩපයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කලා  විජිත කුසුම්  - නෙයෙලීන් ලියනගේ සොයුරියන්  චන්ද‍්‍රානි මානෙල් වීරසිංහ - චන්ද‍්‍රානි ගුණවර්ධන  - අමිතා දඵගම - මල්කාන්ති  - නිර්මලා අපත් සමග එහි කටයුතු කළා අපි සියල්ලෝ අවු 15-16 වගේ වයස් මට්ටමේ


ගුවන් විදුලි ළමා පිටියේ ගී ගැයු දැරියක් විජිත කුසුම් ලියනගේ. 60 දශකයේ අවසන් වසර දෙක තුන ගත වෙමින් තිබුනු අතර ඒ අවධියේ ඇය වෙනුවෙන් ලියා දුන් ගීතය ගුවන් විදුලියේ සේවය කල සංගීතඥ වික්ටර් දඵගම මගෙන් ඉල්ලා ගත්තා. පසුව එය ඔහු ලස්සන තනුවක් යොදා ලතා දිසානයක යොදවා පටිගත කලා. 70 දශකයේ නිතර ගුවනින් වාදනය වු ඒ ගීතය නිසා ලතා ට ජනප‍්‍රිය ගායිකාවක් වශයෙන් පෙරට එන්නට ලැබුනු බව කිව යුතුයි. 

සතුට සැනසුම් සුවේ බලා.........

සීත සුලගට තුරුල්වෙලා ....

ඈත අහසේ පියාසළා...


එන්න කුරුලනි ඉගිල්ලිලා..........

සෙනෙහෙ නිල්වන් ගුවන් ගැබේ

ඔබේ රුව එහි ඇඳී තිබේ...

ඉවුර අසබඩ සඳුන් ගසේ...

කුරුඵ පවුලක් සුවෙන් වෙසේ.....

--------------------
තනුව සහ සංගීතය -වික්ටර් දඵගම

ගැයුම - ලතා දිසානායක
------------------------
මෙතැනින් සවන්දෙන්න
-------------------------



 
  ඒ දිනවල මා ගුවන් විදුලියේ බාහිර ශීල්පියෙක්  ස්ථීර සේවයේ යෙදී සිටියේ පුද්ගලික අංශයේ මුලින් යුනික් ඇඩ්වර්ටයිසින් පස්සේ   මෙට්‍රොපොලිටන් ඇඩ්වර්ටයිසින් ආයතනයේ පිටපත් රචකයෙකු ලෙසයි ගායක ගායිකාවන් ඇවිත් ඔවුන්ගේ සරල ගී වැඩසටහන් වෙනුවෙන් මගෙන් ගීත රචනා කර ගැනීමේ කටයුත්ත සිදුකළා

ඩේසි අක්කා (රුක්මණි දේවී) සහ එඩී අයියා (එඩී ජයමාන්න) මගේ හිතවතුන් ඔවුන්ගේ සම්බන්ධය සාර්ථක කරගන්නට උදව් දුන් විල්ෆ‍්‍රඩ් ගුණසේකර ඒ කියන්නේ අපේ සිනමා නඵ පියදාස ගුණසේකරගේ වැඩිමහල් සහෝදරයා ඒ හිතවත්කම ගොඩනගාගන්න හේතු වුනා ඔහු අයිරින් ගේ ලොකු මාමා 
60 දශකයේ අන්තිම කාලේ දවසක් ඩේසි අක්කා නෙවිල් එක්ක (නෙවිල් ප‍්‍රනාන්දු) අපේ කොළොන්නාවේ ගෙදරට ආවා කාර් එක පදවාගනෙ ආවේ නෙවිල් ..... එයා අතේ ගිටාර් එකක්

හේමේ ....මට  සිංද වගයක් ඔ්නෑ ඉක්මනට ?

මමත් ඉතිං එයාලා ගෙදර එහෙමෙහ ඇවිදිද්දී ලිව්වා

මැණිකේ ඔබේ සිනාවේ - දියරැුල් ගලා ගියාවේ.....

නාමල් පිපී උදාවේ - ආදරේ සුපෙම් ලතාවේ....

මිහිරේ ඔයා පතා නේ - මේ ගමන මේ දුර ආවේ....

එදාම තමයි මම ඩේසි අක්කාට ලිව්වේ.....

....................................


සඳක් නැගී සඳක් දිලෙයි සාගරේ.....


මලක් නැගී මලක් පිපෙයි ආදරේ....

සුදෝ ඔබේ කථා ආසා ආදරේ....

ලැගුම් ගමී ඔබේ සුපෙම් මන්දිරේ......

ඒ දවස්වල එයා නෙවිල්ලාගේ ලොස් කැබියයරෝස් ගායක කන්ඩායමේ සිංදු කිව්වා මේවා ඒ යුගයේ පටිගත වු ගීත

1970 සමගි පෙරමුණු රජය බලයට පත්වී වසර 02 කින් ජනරජ ව්‍යවස්ථාව හඳුන්වාදීමේ උත්සවය මහ ඉහළින් සමරන්නට කටයුතු සිදු කරනු ලැබු අතර ගුවන් විදුලියට එහි වැදගත් කාර්ය භාරයක් ඉටු කරන්නට නියමවී තිබුනා.

ඒ වෙනුවෙන් ප‍්‍රචාරය විමට නියමිත සමරු වැඩසටහනකට ලතා වල්පොළ ට ද ඇරයුම් ලැබ තිබු අතර ඇය ගයන්නට නියමිත ගීතය ලියවා ගත්තේ මගෙන්. ඒ ගීතය සංගීතවත් කලේ ලතා ගේ බොහොමයක් සිනමා ගීත තනු නිර්මාණය කරන ලද මුත්තුසාමි නම් සංගීතවේදියා විසින්.


ශ‍්‍රීණි භරිත ස්වර්ණ භූමියයි.....

කමණිය විජය භූමියයි....

අසමානය ජන්ම භූමි....

සම්මානිත විජය භූමියයි......
-------------------------------
ගැයුම - ලතා වල්පොළ

සංගීතය - ආර් මුත්තුසාමි

----------------------------------
මෙතැනින් සවන්දෙන්න
------------------------------


 

  මෙහි ඉතිරි ‍ කොටස මතු දිනක පළවනු ඇත.

(විශේෂ ස්තුතිය - හේම ශ්රීද අල්විස් මහතා වෙත)

4 comments:

  1. //ඔබ කැමතී ගී තීරය අතරින් දැන් මේ අසන්නන් ප‍්‍රියකරණ ගීතයක්.........................



    පොල්ගොල්ලේ එස් එම් ගාමිණි රත්නායක මෝදර රොක්හවුස් කඳවුරේ ගාමා ගාමිනී සුබසිංහ රීට ඉන්ද‍්‍රාණි..................... ඇතුඵ පිරිස

    ඔබ වෙනුවෙන් ගයන ශීල්පිනී // මේ වචන කොච්චර අසලා ඇතිද ,,,,හීනයක් වාගේ අතීතයට යනවා ....බොහොමත්ම පින් ඔබතුමාට ,,

    ReplyDelete
  2. ස්තුතියි ඇණෝ ක්ෂණික ප්රතිචාරය කියන්නේ ඔබ අපි වගේ බ්ලොග් ලියනාරච්චිලාට ඒජන්ත උන්නාන්සේගේ පට්ටමට කථා කොළා වගෙයි ...

    ReplyDelete
  3. සුපිරියි, මිහිරියි.
    ට්කක් දුකයි, ලිපියේ මුලින්ම් තියෙන 'දෑස පා සිනා' ගීතයේ දෙවෙනි පේලිය 'පෙම් ලොවක් දෙපා මුලේ මවා දෙමී'කියලා වෙනස් වෙන්න ඕනෑ නේද?
    ඉදිරි ලිපියකින් ඒ ගීතයත්, 'සීත වන විල් පෙතේ' ගීතයත් ඉදිරිපත් කරනවද?

    ReplyDelete
  4. සීත වන විල් පිපේ.....

    මුහුණුපොතේ මා විසින් මේ නමින් (එදා ඇසුණු ගී) පවත්වාගෙන යන රසික හවුලට පිවිස සවන්දෙන්න.

    ඉදිරි ලිපිය ඉහත දිනයෙන් දෙසතියකින් පළවේ.

    ස්තුතියි

    ReplyDelete