"සගිස්කුරුත" - 02 - සිංහල ගීතාවලියේ රැව්දෙන සංස්කෘත වදන් මහිම..................
තත්සම නමින් හැඳින්වෙන පාලි සංස්කෘත වදන් රාශියකින් සුපෝෂිත හෙළ බස් වහර ලොව ගීතවත් භාෂාවන් අතරින් එකකි. සුමධුර තනු උදෙසා වදන් පෙළගැස්වූ උක්ත භාෂාවන්හි නිපුණයන් වු එදවස ගී පද රචකයන් ගේ නිර්මාණ අරුත්බර බවින් නොමිදුනේ ඒ නිසා ද විය හැකිය.
1940 දශකයේ හෙළ හවුලේ සාමාජික භවතුන් වූ රැුයිපියෙල් තෙන්නකෝන් හියුබත් දිසානායක වැනි කිහිප දෙනෙකු හැරුනුවිට ඔවුන්ගේ පසුකාලීනයන් වූු ගී පද නිර්මාපකයන් කිසිවෙකු හටත් කිරාමැන පෙරා වෙන්කර ගත් හෙළ වදන් පමණක් ගැබ් වූ ගීත බිහිකරන්නට අපොහොසත් වී ඇති බව පෙනියයි.
මක්නිසාද යත් පාලි සංස්කෘත වදන් වලින් බැහැරව එය ඉතා අසිරු කටයුත්තක් වූ නිසා වන්නට ඇත.
පෙර කී ලිපියේ සඳහන් වූ පන්ඩිත් විමල් අබේසුන්දරයන් 1950 දශකයේ ගුවන් විදුලියේ පැවතී පසුව අභාවයට ගිය සුවිශේෂී සංගීතමය විචිත‍්‍රාංගයක් වූ ’ගීත නටාකයන්’ වෙනුවෙන් පද එක්තැන් කරන්නට උත්සුක විය. ඔහු එයින් එකී කලාවේ පුරෝගාමි ශ‍්‍රී චන්ද‍්‍රරත්න මානවසිංහයන්ගේ අනුප‍්‍රාප්තිකයෙකි.
50 දශකයේ අවසන් භාගයේ විරචිත ’ලංකා’ නම් ගීත නාටකය වෙනුවෙන් ඔහු ඉදිරිපත් කරන ලද මෙම නිර්මාණය ද පන්ඩිත් අබේසුන්දරයන්ගේ භාෂා ප‍්‍රවිණත්වය පාන්ඩිත්‍යයය හුවා දක්වන්නට අගනේය වටනේය. එහි ගැයුම විශාරද දයාරත්න රණතුංග ඇඵ පිරිසගෙනි. තනු නිර්මාණය පී ඩංස්ටන් ද සිල්වා සංගීතවේදියාගෙනි.
ධර්මදීපනී ලංකා ධරණී.....
පුජීත ලංකා මාතාවෝ.....
යුග යුග වන්දිත සෝබා නන්දිත....
ධීර වීර ගති පෑවෝ ....
ශෂ්‍ය සාදනී ලංකා ධරණී.....
-------------------
පද රචනය - කිවිපති විමල් අබේසුන්දර
තනුව - පී ඩංස්ටන්ද සිල්වා
----------------------------
මෙතැනින් සවන්දෙන්න
Play Music - Embed Audio -
කලක රිවිකිරණ ලක් පොළොව සිප සනසන බොහෝ අරුණෝදයන්හීදී ගුවන් තලය සිසිරා විසිර ගිය මේ ගීතය හෙළයේ සංස්කෘත ආභාෂය මොනවට පසක් කරදෙයි.
යම් වදනක මහප‍්‍රාණ අක්ෂර ඇතුළත් වේද එය පාලි හෝ සංස්කෘත බස්වහරෙන් නිපැයෙන බව හෙළ භාෂා පඞුවන්ගේ මතයයි. තවත් අයුරකින් පවසන්නේ නම් නොඉඳුල් හෙළබසේ ’මහප‍්‍රාණ’ අක්‍ෂර තිබිය නොහැකි බවකි එයින් කියනුයේ.
එකී තත්සම වදන් පෙළ හා ඊට අනුරූපි තෝරාගත් සිහල වදන් අතළොස්සකි මේ.
මේවා සංස්කෘතයේද පාලියේද සිංහලයේද එකලෙස සමාන අරුතෙන් යෙදෙයි.
අපර, උරග, මනහර, නගර, කුලපති, ජය, දායක, නයන, ගජ, යෝග, ගායන, ආරාම, භූමි, ගුණ, ආදර
1960 දශකයේ දෙවන භාගය ට පිවිසි ලංකාද්වීපය මෙහෙයවූ නියමුවා වුයේ එක්සත් ජාතික පක්‍ෂයේ ’ඩඩ්ලි සේනානායක’ අගමැතිඳුය. ඔහු එහි ආරම්භක සාමාජික පමණක් නොව නිදහස් ලංකාවේ පළමු අග‍්‍රමාත්‍ය ධුරන්ධර මහාමාන්‍ය ’ඩී ඇස් සේනනායක’ ගේ පුත‍්‍ර රත්නයයි.
------------------
අයි එම් ආර් ඒ ඊරියගොල්ල මැතිතුමා - අධ්‍යාපන අමාත්‍ය - 1965-1970
----------------
එකි රජයේ අධ්‍යාපන අමාත්‍ය නිලය හෙබවූයේ සාහිත්‍ය කලා පතාක යෝධයෙකු වු ’අයි එම් ආර් ඒ ඊරියගොල්ලය. අධ්‍යාපන සියවස සමරනුවස් ඔහු අතින් ලියැවෙන්නට ඇතැයි අනුමාන කරන මෙකි ගීතය ගායක ගයිකා සමූහයකගේ ප‍්‍රයන්තයකි
හැම දන මන දිනු සුජාත ධරණී.............
සෞභාග්‍ය නිධානය ලංකා.....
වොරැුඳේ වොරැුඳේ වො?ඳේවා....
සෞභාග්‍ය නිධානය ලංකා.....
---------------------------------
පද රචනය - අයි එම් ආර් ඒ ඊරියගොල්ල
-----------------------------
සවන්දෙන්න මෙතැනින්
Upload Music Files - Listen Audio -
සංස්කෘත බසේ ගායන ලාලිත්‍යය මතුකර දක්වන වදන් මාලා ඇතුලත් ගී සංකල්පනා සිංහල වේදිකා නාට්‍ය රැුගුම්බිම ගිගුම් දුන්නේ පසුගිය සියවසේ මුල් යුගයේ දී ප‍්‍රකට වු ’ටවර් හෝල්’ නාට්‍ය සම්ප‍්‍රදායේදීමය. නිතිඳ චාල්ස් ඩයස් සහ නිතිඥ ජෝන් ද සිල්වා විසින් කරලිය වෙත කැන්දූ ෙඓතිහාසික නාට්‍ය පෙළ රසගැන්වු උත්තර භාරතීය රාගධාරි සංගීත රටා අනුව ඒවා පබැඳුවේ ඔවුන් දෙදෙනාම විසිනි.
1970 දශකයේ මුල් යුගයේදී එවකට සංස්කෘතික අමත්‍ය ධුරය හෙබවු ලක්‍ෂමන් ජයකොඩි මහතාගේ සංකල්පයක් අනුව ඒවා යළි ගයා ප‍්‍රතිනිර්මාණය කෙරෙද්දීත් මෙකී ගැයුම් ඇතුලත් මුල් ග‍්‍රැමෆෝන් තැටි සහ ගීත අභාවයට ගොස් තිබෙන්නට ඇත. එවකට දිවයිනේ ප‍්‍රමුඛතම වෙළඳ තැටි නිෂ්පාදන ආයතනයක් වූ ’සූරිය’ තැටි සමාගමේ ජෙරල්ඩ් වික‍්‍රමසූරිය මහතා එකි අභියෝගය භාරගත් අතර ඒ අනුව සංගීත් නිපුන් සනත් නන්දසිරි මල්කාන්ති - මලිනී බුලත්සිංහ - වික්ටර් රත්නායක සහ පන්ඩිත් අමරදේව ඇතුඵ පිරිසක් ඊට දායකත්වය දැක්වීය.
මේ ගැයුම නිතිඥ චාල්ස් ඩයස් ශූරීන් ගේ ’සිවම්මා ධනපාල’ නූර්තියෙනි.
දිප ථූප විහාරා යතී පාඵවී....
යතී පඵවී අනේ පාඵවී.....
සිංහලුන්ගේ සාර සාර ශුද්ධ වු ජන්ම භුමි....
සතුරන්ගේ වේය වාස දක්නා මේ මගේ හෘදේ....
කම්පිත වේ බෝ මා සෝක නිවේය භංගා.....
---------------------
පද රචනය - නිතිඥ චාල්ස් ඩයස්
නූර්තිය - සිවම්මා ධනපාල ?
සංගීතය - විශ්වනාත් ලව්ජි
නව සංගීතය - මහාචාර්ය සනත් නන්දසිරි
නව ගැයුම - මහාචාර්ය සනත් නන්දසිරි
ප‍්‍රතිනිෂ්පාදනය - සූරිය ලේබලය වෙනුවෙන් ජෙරල්ඩ් වික‍්‍රමසූරිය
උපදෙස් - අමාත්‍ය ලක්‍ෂමන් ජයකොඩි
වසර - 1974 පමණ
----------------------------------------
මෙතැනින් සවන්දෙන්න
--------------------------------
Listen Music Files - Audio Hosting -
මේ ප‍්‍රවණතාවය එසේම නොගිලිහි පවත්වාගන්නට මහෝපකරී වූයේ හෙළයේ වේදිකා නාට්‍ය ක්‍ෂේත‍්‍රයේ යුගපෙරළියක නිරත වු මහාචාර්ය එදිරිවීර සරත්චන්ද‍්‍රයන් විසිනි. ඔහු සාම්ප‍්‍රදායික ’මනමෙ’ නාඩගමේ තාලරූප අනුව අභිනවයෙන් නිපදවූ සිය ’මනමේ’ නාට්‍යයේ ගීත උදෙසා බරසාර සංස්කෘත තත්සම වදන් යොදාගත් අතර ඊට ගෙනහැර පෑ හැකි කදිම නිදසුනකි මේ
පේ‍්‍රමයෙන් මන රංජිත වේ නන්දිත වේ....
පුෂ්පයෙන් මන සුන්දර වේ ලංකෘත වේ...
ආලයෙන් වෙලි සෑදි මේ ලතා...
මන්ඩපයෙන් චන්ඩාසැප ඛන්ඩිත වේ...
හිරු රජිඳුගේ...
කෝකිල හඞ කන් පිනවයි රන් ස්වරයයි...
?න ගිරව් දෙන ගී සිංදු අම බිංදු...
සෑම දෙසින් සංගීත ඇසේ...
පිපි තඹරන නද බඹරන....
----------------------------
ප‍්‍රවිණ කිවිවර සාහිතවේදී මහගම සේකරයන් ගේ නිර්මාණයන් අතර වැඩිමනත් සංස්කෘත පද හමුවන්නේ ඔහු විසින් 1961 වසරේ වේදිකා ගතවූ ’කුන්ඩලකේශී’ වෙනුවෙන් ලියැවුනු ගීතයකය. සෝමදාස ඇල්විටිගලයන්ගේ සත්සර නාද මාලාවකින් එය හැඩවැඩවිය.
චන්දන පල්ලව කෝකිල කුජන....
සංගීතයේ පැටලී...
සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ...
ආදර බස් කියනා...
හඞ දේමිනි කන් පිනනා....
ලාංකීය වේදිකා නාට්‍ය කලාවේදී තත්සම තත්භව සංස්කෘත පද යොදා හැඩගැන්වූ මධුර මනෝහර ගීත ඇතුළත් වූ තවත් නිර්මාණයක් වන්නේ ආනන්ද එස් විජේසිරි විසින් නිර්මාණය කරන ලද ’දෙව්ලොව යනකං’ වේදිකා නාට්‍යයයි. දක්‍ෂ ගී පද රචකයෙකු වු ඔහු 1981 තිරගත වු ’සතර පෙර නිමිති’ හා ’මිහිදුම් සිහින’ සහ 1982 ’චතු මධුර’ යන සිනමා පට සහ 1983 වසරේදී ’චුට්ටේ’ 1984 වසරේදී ’මාල ගිරවී’ වෙනුවන්ද ගීත රචනා කරන ලදී.
මොරටුවේ ප‍්‍රවිණ සංගීතඥ ’එමිල් මෙන්ඩිස්’ විසින් මතකයෙන් නොමියෙන ස්වර මාලා පෙළකින් එය සංගීතවත් කලේය. මුල් යුගයේ ගුවන් විදුලි ගායිකා පුන්‍යා කත‍්‍රිආරච්චි සහ ටයිටස් සී පෙරේරා ගැයු මේ ගීත පසුව මාලිනි බුලත්සිංහල - ටයිටස් හඞින් ඇසෙන්නට විය.
දිව්‍ය ලෝකේ ලගයි පේන මානේ ..........
කිම්ද සංකා සිතේ මේ විලාසේ.....
චන්දනාදේ උයන් භෘංග සේනා නදින්....
පුෂ්ප මාලා වලින් රංජනාවේ...
නෛක ශ‍්‍රිනී සුරන් රංගනාදේ....
පංච මධූරි බොජුන් ස්වර්ණ විහිදේ...
ඒකේ අරුම පුදුම කියන වරුණ.....
අසන මෙමට යන්ට හිතය....
දුක්ඛ දෙවා වුව සරීරේ....
චිත්ත ධෛරී වඩන් පුතුනි මාගේ
මන්ද යන්ටා එලෝ මේ ප‍්‍රමාදේ
තාම යමිය යමිය එපුර ගමන
බොහොම බොහොම දුරය එමග
සංකා සිතේ යාද ප‍්‍රනේ
-----------------------------
පද සංකල්පනය - අනන්ද එස් විජේසිරි
ගැයුම - පුන්‍යා කත‍්‍රිආරච්චි සමග ටයිටස් සී පෙරේරා
තනු නිර්මාණය - එමිල් මෙන්ඩිස්
වේදිකා නාට්‍යය - දෙව්ලොව් යනකං
වසර - 1972 ?
-----------------------------------
Podcast Hosting - Music podcasts -
සිංහල බස සියවස් ගණනකට පෙරාතුව සිට ’ද‍්‍රවිඩ’ බසින් ද 16 සියවසේ පටන් පිළීවෙළින් ’පෘතුගිසී’ ’ලන්දේසී’ බස් වහරින්ද ඉන් අනතුරුව ’ඉංග‍්‍රිසි බස් වහරින් ද පෝෂණය විය.
මෙකී හැම ආකාරයකම පදයන් සිංහල ගීත සාහිත්‍යය පෝෂනය කරනු පිනිස උපකාරී වි ඇති අතර සෑම ගී පද රචකයෙකුම පාහේ ඒවා නොපැකිළිව සිය නිර්මාණ සඳහා යොදාගනු ලැබ ඇත.
දෙමළ
මුදල්, අච්චුව, ඔප්පු, කඩ, පාක්කුඩම්, විලක්කු, මුරිච්චි, කෝච්චී. ඉලව්, ගෙජ්ජි, පෙට්ටගම, අඩංගු, තොප්පි, පඩික්කම්, පදක්කම්, මාලිගය, තොටිල්ල, නංගී
පෘතුගීසීපෙනේර, අච්චාරු, කල්දේරම්, තාප්ප, කරත්ත, තාච්චි, තෙම්පරාදු, දෝසි, පේර, සපත්තු, විස්කෝතු, බොත්තම්, බන්දේසි
ලන්දේසි
ලන්තෑරුම, මුද්දර, කලම්ප, බාල්ක, කොකිස්, සොල්දොර, ඔර්ලෝසු, තරප්පු, වෙන්දේසි, කුවිතාන්සිය, රාබු, කන්තෝරු, කේතල
ඉංග‍්‍රීසි
ටෙලිෆෝන්, මයික‍්‍රෆෝන්, බස්, කාර්, ගරාජ්, ටිකට්, එන්ජිම, බුරුසුව, බයිසිකලය, බැංකුව
පාලි - සංස්කෘත වදන් සිංහල ඌරුවට සකසා ගත් විට ඒවා ’තත්භව’ නමි. මේ ලැයිස්තුව විමසන්න.
සංස්කෘත පාලි සිංහල
කර්ම කම්ම කරුමය
ප‍්‍රසිද්ධ පසිද්ධ පරසිඳු
ශාස්ත‍්‍ර සාත්ථ සතර
ශීර්ෂ සිස සිරස
ශරීර සරීර සිරුර
ජිව්හා ජිව්හා දිව
පුන්‍ය පුඤ්ඤ පින්
පුස්තක පොත්ථක පොත්
භ‍්‍රමන භමර බමන
යෞවන යොබ්බන යොවුන්
රාත‍්‍රි රාත්ති ?
ප‍්‍රථම පඨම පළමු
සුකුමාර සුබ‍්‍රමාල සියුමැලි
විද්යුත් විජ්ජු විදුලිය
වෘක්ෂ රුක්ඛ ගස්
වෛද්‍ය භෙසජ්ජ වෙද
මණ්ඩුක මණ්ඩුක මැඩියා
කිරිට කිරිට කිරුඵ
අග්නි අග්ගි ගින්දර
අප‍්‍රමාණ අප්පමාණ අපමණ
සත්ව සත්ත සත්
ආශ‍්‍රිත ග‍්‍රන්ථ - සිංහල භාෂාව සහ සාහිත්‍යයය - රත්න කොඩිකාරවිශේෂ ස්තුතිය - මනෝධ වික්රමසූරිය - සූරිය තැටි ලේබලය - සූරිය විලේජ් අධිපති
-------------------------------The end------------------
රාත‍්‍රි රාත්ති රාත්‍රී ?
ReplyDelete