namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Sunday, February 9, 2020

හෙළදිව - භාරතය සිසාරා එදා රැව්පිළිරැව් නැගි කව්වාලි ගී රස.....

සිංදු නදී තෙර විකසිතවී සකල මහ භාරතය පිනවූ අනර්කලිය ඇයයි...................... ‍02 සටහන - ඉස්ලාමිය  "කව්වාලි" ජන ගී ආර...
මෙතැන් සිට ඉදිරියට ..............



උත්තර භාරතීය රාගධාරී සංගීත පදනම මත හැදි වැඩී යැපුණු භාරතීය ’බොලිවුඩ් සිනමා සංගීතය’ කෙරෙහි එතරම් ආශක්ත නොවු යොවුන් පරපුරක ප‍්‍රබෝධය සිදුවු වකවානුව 1970 දශකයේ අගභාගය සහ 80 දශකයේ මුල් යුගයයි. ලක්බිමේදී ද භාරතයේදීද ඔවුහු සිය මව්රටේ ප‍්‍රමුඛ ධාරාවේ ගීත ශෛලිය රසවින්දනයෙන් දුරස් වී ’බටහිර’ ඉංග‍්‍රිසි ගීත කලාව වෙත නැඹුරු ව සිටියහ.

වේගරිද්ම ඩිස්කෝ පොප් සංගීත රටා අනුව ප‍්‍රසංග වේදිකාවේ රංගනයේ යෙදෙමින් ගැයු ’බොනි ඇම්’ සහ ’ඇබා’ උන්මාදයෙන් උක්ත රසිකයන් පෙළෙමින් සිටි බව දක්නට ලැබිනි.

ඒ බව ඉවෙන් මෙන් දැන හැඳිනගත් දේශිය සංගීතඥයන් තමන්ගේ මව්භූමියේ භාෂා මාධ්‍යයෙන් ඩිස්කෝ පොප් සංගීතයෙන් රසගැන්වූ සිනමා ගී නිර්මාණයන් සිය ගී ශ‍්‍රාවක යොවුන් පරපුර උදෙසා නිර්මාණය කරන්නට පෙළඹුනේ මෙකී 80 දශකයේ උදාවේදිය.

’කුර්බානි’ සිනමා සිත්තම එහි පෙරගමන්කරුවා බවට පත්වුයේය. ’ඇබා’ ගායිකාවන්ගේ ගායන ලතාව සිහිගැන්වූ ’නාසියා හසන්’ ගේ ගීතය ට අමතරව එහි කුමාරි කාන්චන්  නම් වු ගායිකාව ගේ හඞ මුසුවු ගීතයද හින්දි සිනමා සංගීතයේ නව ප‍්‍රවණතාවය සටහන් කළේය. (’ලෙයිලා ඔ් ලෙයිලා ලෙයිලා.....’)

කරුණු එසේ තිබියදී ’කුර්බානි’ සංගීත සංයෝජනයේ සුවිශේෂිත්වය ප‍්‍රකට කලේ එහි ගැයුනු තෙවැනි ගීතයයි. භාරතයේ සම්මානනීය ගායන පෞරුෂය වු ’කිෂෝර් කුමාර්’ සමග ’අන්වර්’ සමග ’අසීස් නසාර්’ ගැයු එකී නිර්මාණය රසිකයන් යළිත් බටහිර සංස්කෘතියෙන් සම්ප‍්‍රදායික පෙරදිග ආගමික සංස්ථාව වෙත කැඳවාගනු ලැබිය. 


සූෆි ඉස්ලාමීය ආගමික ජනගායනා ශෛලියක් ලෙස හැඳිනගත් ’කව්වාලී’ රටාව එහි පදනම විය.









----------------
"කුර්බානී" ගීය -  මෙතැනින් සවන්දෙන්න

Download Music - Download Audio - ’කව්වාලි’ ශෛලිය කෙසේද යත් ?

08 වැනි සියවසේ ’පර්සියාවේ’ සම්භවය වූවා යැයි සැළකෙන එය  ඉස්ලාමීය ජනගායනා විශේෂයකි. ’උර්දු’ මූලික කොට ගත්තද  ’හින්දි’ බසින්ද ගැයේ.  සාමාජිකයන්  දසදෙනෙකු පමණ වූ ගායක කන්ඩායම සම්පාදනය කරගැනීමේදීද වාද්‍ය භාන්ඩ සංයෝජනයේදීද  ගීතය ගැයිමේදීද  ඊටම සුවිශේෂි වු ලක්‍ෂණ එහි ගැබ්වි තිබේ.

01 මධ්‍ය ළයකින් ඇරඹෙන ගායනය
02 ගීතය ගයන අතරවාරයේ උච්ච ස්වරයෙන් ගැයෙන වේග රිද්මය වෙත නැඹූරුවීම
03 ගයනයේ පසුභාගයේදී පසුබිම් ගායකයන් විසින් නංවන ’ආලප්’ 



එහි දක්නට ලැබෙන අතර ප‍්‍රධාන ගායකයන් දෙපොළකින් ද සෙසු සහය ගායකයන් කන්ඩායමකින්ද ’කව්වාලි’ ගායක - වාද්‍ය වෘන්දය සමන්විතය. සර්වබලධාරි දෙවියන් වහන්සේ අමතා තුතිපුද ගායනා ඉදිරිපත් කරන මේ සම්ප‍්‍රදායේදී ’කාන්තා පක්‍ෂය’ ට එය නියෝජනය කරන්නට වරම් අහිමිය.

අසුන්අරා නොසිට දෙපා නවා බිම වාඩි ගත් ගායක බැතිමතුන් පේළි දෙකකින් පමණ සමන්විතය.

සූෆි ඉස්ලාම් බැතිමතුන් වැඩිමනත්ව වෙසෙන පකිස්තානයේ පන්ජාබ් සහ සින්ඩ් දේශයන්හීදීද ඉන්දීය භූමියේ දී හයිද‍්‍රාබාද් පළාතේද නැගෙනහිර දිග බංග්ලාදේශ් වැසියන්ගේ බිමේ ’චිතගොං’ හි දීද මෙකි ගීත ප‍්‍රසංග බහුලව සිදුකෙරේ.


’සර්පිනාව’ එනම් ’හාර්මෝනියම්’ වාදනය වෙද්දී පසුබිමෙන් ’තබ්ලා’ හෝ ’ඩොල්කිය’ තාල වාදනය උදෙසා යොදගනී. ’අත්පුඩි’ තැලීම ද ගායනය හා සමගාමිව සිදුකෙරෙන අතර ගායනයේ ප‍්‍රාණවත් බව රැුකගැනීම සඳහා එය මහෝපකාරී වේ.

ලාංකීය ’සිංහල ගීත’ කලාව සහ ’කව්වාලි’ -

භාරත දේශ වැසියෙකු ව සිට පසුව ශ‍්‍රි ලංකාව සිය නිජභූමිය බවට පත්කරගත් ’මොහිදීන් බෙග්’ හට ලාංකීය සිනමා සංගීත කෙත සරුකරනට දොර කවුඵ විවර කරදුන්නේ පසුගිය සියවසේ මුල් භාගයේ ලාංකීය ග‍්‍රැමෆෝන් සංගීතයේ පුරෝගාමියෙකු වු ’මෙහොමඩ් ගවුස්’ සංගීතඥයා විසිනි.

සිය ගම්භීර අසමසම ගායන පෞරුෂයෙන් ආරම්භක දශකයේ  සිංහල සිනමා ගීතය පෝෂණය කළ ’බෙග්’ ගේ ශෛලිය ද ඔහුගේ උර්දු අනන්‍යතාවය සහ සංස්කෘතිකාංග ද  මනාව දැන වටහගත් භාරතීය සහ ලාංකීය සංගීතඥයන් ඔහු වෙනුවෙන් පෙරකී ’කව්වාලී’ ශෛලියේ ගී නිර්මාණය කරදුන්හ.

1958 වසරේදී තිරගත වූ ’එල් එස් රාමචන්ද‍්‍රන්’ යන්ගේ ’දෙයියන්නේ රටේ’ සිනමා පටය සඳහා ඔහු ගැයු මෙම ගීතය ආධුනිකයෙකු හට ’කව්වාලි’ ගායන සම්ප‍්‍රදාය පිලිබඳව නිරවුල් අවබෝධයක් අත්කරගැනීමට රුකුල් දේ. සිංහල සිනමා නිර්මාණයක ’කව්වාලී’ සංගීත රසය මතු කරන්නට තැත් දෑරු මුල් අවස්ථාව එය විය හැකි යැයි අනුමාන කෙරේ.

එහි සංගීත සංයෝජන නැසිගිය ’පී එල් ඒ සෝමපාල’ විසින් සිදුකරනු ලැබ ඇති අතර ගීත පබැඳුම නැසිගිය ’කරුණාරත්න අබේසේකර’ ගෙනි.



මොකටද කාසි බාගේ හොයා තියා.............

යනකොට ගෙනියනවද අනේ ඔයා.................

මොකටද කාසි බාගේ හොය තියා..............


වෙනසක් අපේ නැතේ එයා කියා.............

මෙයා කියා...........

ජකෝලිය පොරෝලියා කොරෝලිය................



(’ආලප්’ කොටස - 01)

මසුරා නොකි නොබි නිදා .........

නාකි වී මැරි යනවා..........

අපි ඒ කකා බිබි නටා දැන් ....

මළත් හිනා වෙනවා................


(නැවතත් සුපුරුදු ගායන රටාව වෙත අවතීර්ණ වීම -)

වෙනසක් අපේ නැතේ එයා කියා....

මෙයා කියා....

ජකෝලිය පොරෝලියා කොරෝලිය....
--------------------
මෙතැනින් සවන්දෙන්න
Listen Music Files - Audio Hosting -
ඉන් සිව්වසරක විරාමයකින් නැවතත් ’බෙග්’ සිය මව්බිමේ සාම්ප‍්‍රදායික ගී ගැයුම් රසය මතුකළේ සිලෝන් තියටර්ස් සමාගම වෙනුවෙන් ’ශාන්ති කුමාර් සෙනවිරත්න’ විසින් නිපැයූ ’සංසාරේ’ සලරූ පටය වෙනුවෙනි. එහිදීද ජන කවි ආර අනුව යමින් සුපුරුදු ’කරු අබේසේකර’ ගී පද සංකල්පනා මුසුකරද්දී එහි මියැසි රටාව නැසිගිය ’බැද්දලියනගේ ශ‍්‍රීනාත් පෙරේරා එනම් බී ඇස් පෙරේරා සංගීතඥයා විසින් පෙළ ගස්වන ලදී. 




මනුසතා ලෝකේ ඉපදී...............


මංමුලා උනා මගදී..............

හරිකියා කලේ වැරදි............

මරුවගේ අතේ පරිදී...........



(ආලප්)

වෙල්යායක ගොන් දෙන්නෙක් කකා උනි..........

ඉන් එක ගොනෙක් වල්ගය නැතිව වැනි වැනි....

වල්ගය නැති ගොනා මැස්සන්ට බැටදුනි....

දුප්පත් කමත් වල්ගය නැති ගොනා වැනි.....



මනුසතා ලෝකේ ඉපදී....

මංමුලා උනා මගදී....

හරිකියා කලේ වැරදි....

මරුවගේ අතේ පරිදී.....

---------------------
මෙතැනින් සවන්දෙන්න
Upload Music - Download Audio -
මේ අවධිය වෙද්දී හෙළ සංගීතය නම් වු පියුම් කුසුම් විලේ අසිරිමත් රත්පියුම් විකසිත වෙමින් පැවතෙද්දී එහි ’රන් පියුම’ බඳුවු පන්ඩිත් අමරදේයෝ පෙරළා සිය ජන්ම භූමිය වෙත පැමිණ සිටියහ. සිංහල සිනමා රන්දාමය සත්සරයෙන් සරසවාලන්නට ඇරයුම් ලද ඔහු තමා එදා මෙදා තුර අත්කරගත් ශිල්පිය ඥාන සම්භාරය මුදා හරිමින් ඒ වෙනුවෙන් විවිධාකාරයේ පර්යේෂානාත්මක නිර්මාණ බිහිකරන්නට සෑදි පැහැදී සිටියේය.
’ලතින් ඇමෙරිකානු’ සංගීත ආර අනුව කන්ඩායම් ගීත කලාව විකසිත වෙමින් පැවතෙද්දී ඊට මතු ලැබෙන්නට නියමිත රසික සම්භාවනාව පෙරදුටු ඔහු නෙවිල් ප‍්‍රනාන්දු සංගීතඥයා සමග එක්වී ’ගයන ගැයුම....’ වැනි නිර්මාණ උපදවා ගත්තේය. (දෙලොවක් අතර - ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්)

1968 තිරගත වූ අමරණාත් ජයතිලක ගේ ’ආදරවන්තයෝ’ සිනමා පටයේ සාපේක්‍ෂව කෙටි ධාවන කාලය නිසාවෙන් ඒ සමග ආචාර්ය සිරි ගුණසිංහයන්ගේ ’රන්වන් කරල්’ කෙටි වෘතාන්ත  සලරු පටය ප‍්‍රදර්ශනය කරන්නට කටයුතු සලස්වා තිබිණි. එහි ඇතුළත් වූ අපුරු නැවුම් සමූහ ගායනයක් දශක ගණනාවක් ගතවනතුරාවට පේ‍්‍රක්‍ෂක - ශ‍්‍රාවක රසතුවන්ගේ හදවතින් නොගිළිහි පැවතුනි. මිනිත්තු හතළිස්පහක ධාවන කාලයකින් යුත් මෙය කෘෂිකාර්ම දෙපාර්තුමේන්තුවේ අනුග‍්‍රහයෙන් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව විසින් ඉදරිපත් කරන ලදී. ’ගෙවිළියකගේ සහ ගොවි තරුණයෙකුගේ පුවතක් ඊට පදනම් විය.


ආලේ බැන්ද මාගේ පණේ ....................

සෝමාවති මගේ සෝමාවතී .................

වැව් බැන්දා දිය බැන්දා සෝමාවතී .................

---------------------
මෙතැනින් සවන්දෙන්න

Music podcasts - Listen Audio Files -
එකදු ගායිකාවක් සහභාගි කර නොගෙන ගායකයන් සමූහයක් පමණක් යොදාගනු ලැබ ඇති මෙකී නිර්මාණය උදෙසා ඔහු ’කව්වාලි’ ගීත ආකෘතිය ප‍්‍රශස්ත ලෙස යොදාගෙන ඇති ආකාරය හොඳින් වටහගත හැකිවේ.


ඒ ගීත ශෛලියේ දී වැයෙන ’හාර්මෝනියම්’ නාදරටා හා මුසුකොට ඇති ’තබ්ලා’ වද පරයා මතුවන ’අත්පොළසන්’ හඞ  මෙහිදී පැහැදිලිව ශ‍්‍රවණය කරන්නට හැකිවන අතර එවකට ලංකා ගුවන් විදුලියේ සේවය කල ප‍්‍රවිණතම තබ්ලා වාදක ’ඩී සී කොඩිතුවක්කු’ ගේ පුතණුවන් වු ’පේ‍්‍රමනාත් කොඩිතුවක්කු’ යව්වනයා අමරදේවයන් වෙනුවෙන් එය වාදනය කරනු ලබයි.

’කව්වාලි’ සංගීතයේ හැඩරුවට ඥාතීත්වයෙන් සබඳකම් දැක්වු තවත් සමූහ ගැයුමක තතු විත්ති හෙළිදරවු වන්නේ 1969 දී දොරට වැඩි ’ජී ඩී එල් පෙරේරා’ ගේ ’රෝමියෝ ජුලියට් කථාවක්’ නම් වු සිනමා වෘත්තාන්තයෙනි. එසමයෙහි හෙළ සිනමා සංගීතයේ නව ප‍්‍රවණතාවයන් මතුකර දෙන්නට ඇප කැප වු සංගීතඥයන් අතර රැුඳි ’ෂෙල්ටන් පේ‍්‍රමරත්න’ එහි සංගීතය මෙහෙයවිමේ කටයුත්ත භාරගෙන තිබිණි.

බටහිර සම්භව්‍ය ගායන ශිල්පී ලෝ පරසිඳු ’ජිම් රීව්ස්’ ගේ ශෛලිය අනුගමනය කරමින් නිමැයු ’මයි ඩී‍්‍රම්ස් අ රෝසස් ෆෝ මයිලව්’ නම් වු ගීය මහා සංගීතවේදී සුනිල් සාන්තයන් ලවා ගයනා කරවනු පිනිස එහි ගී ප‍්‍රබන්ධක ගරු මර්සලිනු ජයකොඩි පියනම හා එක්ව කටයුතු සම්පාදනය කලේ ඔහුය.

ඉන් නොනැවතී පූර්වයෙන් සඳහන් කල ගී ශෛලියේ ලතාව ප‍්‍රකට කල ’සමූහ ගැයුමක්’ ඊට එක්කරන්නට ඔහු සමත්විය. එහි ගැයුම සංගීතවේදී සරත් සන්දනායක විමල් ජේ ශ‍්‍රියාරත්න සහ සුමිත් අහංගම  ඇතුඵ පිරිස විසිනි. එහි ද ගී සංකල්පනා ජයකොඩි පියනමගේය.


බැඳි තත් බිඳුනා .............

මිණිවෙණ වැයුනා .............

දෝත පිදුනා ....

ඉහ මල් පිපුණා ................

-----------------
මෙතැනින් සවන්දෙන්න



මේ අනුව සිංහල සංගීතයේ ’කව්වාලි’ ලකුණ මනාව ප‍්‍රකට කලේද සිනමා පසුබිම් ගායනාවන් ඇසුරෙන් ඊට සමබ්න්ධ වු ශිල්පීන් විසින් බව පෙනී යයි.

--------------        සමාප්තයි   ---------------
10 දාතමින්  නවම් මස 2020 වසරේදී

1 comment:

  1. As claimed by Stanford Medical, It's indeed the one and ONLY reason this country's women live 10 years longer and weigh on average 19 kilos lighter than we do.

    (And actually, it really has NOTHING to do with genetics or some secret-exercise and EVERYTHING to do with "HOW" they eat.)

    P.S, I said "HOW", and not "WHAT"...

    Tap this link to reveal if this quick test can help you unlock your true weight loss possibility

    ReplyDelete