namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Monday, March 9, 2020

ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස සිසුන්ගේ නිර්මාණ - 2018

තමා.. දන්නවාද තමන් දැන් සින්ග් කරපු නෝට් එක ? -  ’ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස’ - 1987 



1980 දශකයේ අපර භාගයේ දිනක සංගීතවේදී ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන් ගේ රාජගිරියේ පිහිටි නිවසට ගොඩවැදුනු ලැජ්ජාශිලි පාසල් යුවතියකි. ඇය ව එහි කැඳවාගෙන ආවේ ඇගේ පාසල වූ කොළඹ ආනන්ද බාලිකාවේ සංගීතාචාරිනියයි. පෙර කී සිසුවිය ඇයගේ ද සංගීතාරිනියයි. ඇය එතුමියගේ වඩාත් සිත්ගත් ප‍්‍රියතම සිසුවියයි. ඇය නොබෝදිනකින් උසස් පෙළ හදාරා සිය ඇකයෙන් මිදී වෙන්වී යන්නීය. එතැන් සිට ඇයගේ සත්සර සිල්ප සතර ද ඇනහිටින්නට ඉඩ කඩ බොහෝය. ඇය සිය හැකියාව නිසැකවම අපතේ හරිනවා ඇත. මතු දිනක තමා මෙන් හෙළදිව රසිකයන් පිනවිය යුතු යුතු විශිෂ්ඨ හඞ පරාසයක් සතු ගායිකාවක් අහිමි වි යනවා ඇත.  මෙතරම් දක්‍ෂ සිසුවියක එසේ අකලට මිලිණ වි පර වී යනු දැක්ම මේ ගුරුමාතාවට ඉවසුම් නොදේ. 


දේවිනී දැන් මොකද කරන්න හිතාගෙන ඉන්නේ ? මමත් ඔයා වගේම හරිම දුක් විඳගෙන මෙතැනට ආපු දුප්පත් පවුලක දැරිවියක්. ඔයා අපේ සංගීත කලාවට ආයෝජනයක් සම්පතක්. ඔයාව ඔහොම නාස්ති වෙලා යන්න ඉඩ දෙන්න බෑ මට ගුරුවරියක් විදියට. මම ඔයාව එක්ක යනවා ’කේමදාස’ සර් ලගට එයා මේ දවස්වල බොහොම භාරදුර වැඩක් කරනවා ... මේ ඔපෙරා එකක් ’මානසවිල කියලා... එකේ එක රෝල් එකකට එයා ළමයෙක් හොයනවා රට වටේම .... මට සහතිකයි ඔයා තමයි වඩාත් ම සුදුසුම කෙනා..... අපි යං සර් මුණගැහෙන්නේ

අනේ .. මිස් මටනම් බෑ.... 

බෑ කියන්නේ ඇයි ළමයෝ ... ඔයා වගේ ළමයි මුඵ ගැන්විලා ඉඳලා හරියන්නේ නෑ.. අපි යං මම සර්ට ඔයා ගැන කියලා තියෙන්නේ.... සර් මට කිව්වා ඔයාව එකක් එන්න කියලා ... සර් ඉන්නේ රාජගිරියේ .. මේ කිට්ටුව ... 

---

ආචාර්ය කේමදාසයන් තමා අභිමුව හිස පහතට නැඹූරුකොටගෙන සිටගෙන සිටින යුවතිය දෙස තියුණු බැල්මක් හෙළිය. 

මොකක්ද සම්පූර්ණ  නම ?

තුෂාරා දේවිනී ලියනාරච්චි .. සර් 

ආ.. කොහේද ගම ?

මම ගම්පහ .. මුදුන්ගොඩ .. 

පොඩිකාලේ ඉඳලද ’මාලිනී’ මිස්ගෙන් සංගීතය ඉගෙනගන්නේ ?

නෑ සර්... මම ඒ ලෙවල් කරන්න ආනන්ද බාලිකාවට ආවේ... ටී වී එකේ ’මාලිනී’ මිස් සිංදු කියනවා අහලා හරිම ආසා හිතුනා එයාගෙන් සංගීතය ඉගෙනගන්න ..

ඊට කලින්...

’ගම්පහ රත්නාවලී බාලිකාවේ හිටියේ සර් ....

හොඳයි... 


(කේමදාසයන් සිය නිවසේ කොනක තබා ඇති පියානෝව ඉදිරිපිට අසුන් ගනියි. ස්වර පුවරුවේ ඈත කොනක ඇති යතුරු මේ මහා සංගීත්වේදියාගේ අතැගිලි පහස ලබයි)

හ්ම්.... මම මේක ප්ලේ කරනකොට ඒ ස්වරයට ආදාළව මොනවාහරි කියන්න ඔ්නෑ  හරිද ...?

හරි සර්.....

ඇයි... මොකද ..? මොනවත් මතක් වෙන්නේ නැද්ද ? ඔය ’ලම්...ලම්..ලම්...’ කියලා හරි කියන්න බලන්න....

(ඔහු ගේ අතැගිලි ක‍්‍රම ක‍්‍රමයෙන් ස්වර පුවරුවේ එකිනෙක යාබද යතුරු මත රගදෙනු පෙනෙයි. ඒවා සෙමින් සෙමින් පුවරුවේ මෑත කෙළවර වෙත ලංවේයි)

ලම් ..................ලම් ..................ලම් ....................

(ඇයගේ හඞ ක‍්‍රමයෙන් උස්ව නැගී මතුවි එද්දී  කේමදාසයන් ගේ මුව සිහින් හසරැුලි නැගෙනු පෙනෙයි. එක්වර සැණකින් ඔහු එක්තරා යතුරක් මත නතරවෙයි)

තමා.. දන්නවාද තමන් දැන් සින්ග් කරපු නෝට් එක  ?

නෑ සර්....

මේක තමයි අති උච්ච සප්තකයේ උච්ච ’නි’ ඒ කියන්නේ ’බී’ නෝට් එක මේක අයිති සොප‍්‍රානෝ ගනයට

මේක ගායනා කරන්නට පුඵවන් අය මුඵ ලෝකෙටම ඉන්නේ සිමිත ගණනක් වෙන්න පුඵවන් . මේක මිනිස් කටහඞ ඉක්මවා යන පරාසයට අයිති ස්වරයක්. ඒක හරි දුර්ළභ අවස්ථාවක්.. එයාලා ගේ හඞ ඒ රටට සම්පතක්. එයාලාව රක්‍ෂණය කරනවා ඒ රටවල්. ඒ විතරක් නෙවයි ඒ ගායනයන් සංරක්‍ෂනය කරනවා ඔවුන්. 

අද ලංකාවේ සංගීත ගුරුවරු මොකද කරන්නේ ? තමන්ගේ ගෝලයාටත් තමන්ට ගායනා කරන්නට පුඵවන් සිමිත ස්වර පරාසය තුලට කොටු කර දමනවා. ඒ සිසුවාගේ ගායන හැකියාවන් එයින් මොට වි යනවා.  

තමන්ට ගායනා කල හැකි පිච් එක පුද්ගලයාට ආවේනිකයි. ඒ ඒ පුද්ගලයාට ස්වභාවිකව පිහිටා තිබෙන රේන්ජ් එක එකිනෙකට වෙනස්. අපේ දක්‍ෂයන් ඉන්නවා නමුත් වරද ඇත්තේ ඔවුන් හඳුනාගැනිමේ ක‍්‍රමවේදයේ. ඉතිං නිරපරාදේ අපේ සංගීත කලාවට උරුම කිව හැකි වටිනා සම්පත් අපට සදාකාලිකව අහිමි වි යනවා.


යළිත් ආචාර්ය කේමදාසයන් ගේ අතැගිලි කෙමෙන් පියානෝවේ අන්තය දෙසට ගමන් කරයි. ඔහු සිය නවතම සිසුවිය ලවා ඒ ඒ ස්වරය නිවැරදිව ගායනා කරවයි. ...

හොඳයි දැන් ඇති.. මෙතැනින් එහාට යන්න ඔ්නෑ නෑ. ඔය කටහඞ පරිස්සම් කරගන්න. 

මගේ ඔපෙරා එකේ ප‍්‍රධාන චරිතය ’ගෝල්ඩ් ෆිෂ්’ මම තමන්ව ඒ චරිතයට තෝරා ගත්තා.... දැන් පුහුණුවිම් දිගටම තියනවා... සහභාගි වෙන්න ඔ්නෑ තේරුනාද ?

ස්තුතියි සර්....

ඇය ගේ සියොළග සතුට උතුරා පිටාර ගලන්නා සේය. ඇයට සිය කටුක අතීත සැමරුම් සිහිවෙයි.

මම ඔ් ලෙවල් කරද්දී ලැබුනු අවස්ථා අවමයි. වාර ගනනක් මා ඉස්මතු විම පෙරට ඒම වැළකුණා. ඒවාට පාසලේ අදිසි බලවේග ක‍්‍රියාත්මක වුනා.මම ගොඩක් අසරණ වුනා. 

මගේ යෙහෙළියන් හා එකතු වෙලා පසලේ නංගීලාට මම ජනප‍්‍රිය ඉංග‍්‍රිසි ගීත පුරුදු පුහුණු කලා. ඒවාට සංගීතය සැපයුවේද මමමයි. ඒක දැකලා ඉස්කෝලේ ’වෙස්ටර්න් මියුසික්’ මිස් මට අවස්ථාව දුන්නා උත්සව අවස්ථාවලදී ගායනා කරන්න. එවැනි ගීතයක් අහපු ’ගම්පහ අපේ අධ්‍යාපන අධ්‍යක්‍ෂ’ සර් මගේ විස්තර තොරතුරු අහලා වැඩිදුර සංගීතය ඉගෙන ගන්න අවස්ථාවක් සලසා දුන්නා. මම ’මාලිනී බුලත්සිංහල මිස් ගෙන් සංගීතය ඉගෙනගන්න ඔ්නෑ කිව්වාම .. අපේ තාත්තා හොයලා බලලා ඇය මරදාන අනන්ද බාලිකාවේ සංගීතාචාරිනිය බව හොයගත්තා. ඒ අනුව මට අවස්ථාවක් ලැබුනා ඒ පාසලට උසස් පෙළ හදාරන්නට ඇතුළත් වෙන්න.

’මාලිනී’ මිස් මගේ ගායන හැකියාවන් ගැන බොහොම පැහැදුනා. ඇයගේ සමහර ගීත වල ’අත්වැල් ගායනා වෙනුවෙන් (කෝරස්* අවස්ථාව සළසා දුන්නා. ඇය බොරලැස්ගමුවේ සිය නිවහනට ආපසු යන විට මම නැවතිලා හිටිය නුගේගොඩ අපේ මාමාගේ ගෙදරට පවා ඇයගේ වාහනයෙන් මාව ඇරළවාගෙනයි යන්නේ. 

උසස් පෙළ කරන්නට ආපු මට ඒ පාසලේ මුල්කාලයේ සිට ඉගෙනගත් සංගීතය හදාරන සිසුවියන්ගෙන්  එතරම් යහපත් ප‍්‍රතිචාර නොලැබෙද්දී ඒ හැම තැනකදීම මගේ යෝධ සෙවණැළ්ල ආරක්‍ෂිකාව ලෙස පෙනී සිට මව්තුමියක් මෙන් මාව රැුක බලා ගත්තේ ආදරණිය ’මාලිනී’ මිස්. ඇය එතරම් උතුම් ගතිගුණ තියන මානව දයාවෙන් පිරිපුන් ගුරු මාතාවක්.


...............................

 විවහයෙන් පසු ක්‍ෂේත‍්‍රයෙන් තාවකාලිකව සමුගෙන සිටියද සෞන්දර්ය අධ්‍යාපන සරසවියේ සංගීතය පිළිබඳ උපාධිධාරියෙකු වන  මගේ සැමියා පාඨශාලාචාර්ය  ’තුෂාර සමරසූරිය’  ගෙන්ද ............පුතුන් දෙදෙනාගෙන්ද මා ලද සහයෝගය අපමණයි. 

’කේමදාස ගායන වෘන්දයේ්’ මගේ සහෝදර ගායන ශිල්පී ’සමන්ත පෙරේරා’ සංගීතඥයා ගේ ඇරයුමකට අනුව නිර්මිත මෙම ගීතයේ පද සංකල්පනාව සිදු කරනු ලැබුවේ මා විසින්මයි. තනුව සහ සංගීත අධ්‍යක්‍ෂණය ’සමන්ත’ සොයුරාගේ.

-------------------
පද රචනය - තුෂාරා දේවිනි ලියනාරච්චි

තනුව සහ සංගීතය - සංගීතඥ සමන්ත පෙරේරා

ගායනය - තුෂාරා දේවිනි ලියනාරච්චි


---------------------------------
මෙතැනින් නරඹන්න













3 comments:

  1. ම දන්නා තරමින් මනසවිලේ රන් මාළුවාගේ චරිතය කලේ ඉන්ද්‍රචාප බුලත්සිංහල යි. ඉන්පසු තිත්තයගේ චරිතය කල මනිෂා විජේසිංහ රන් මාළුව වූ අතර ඉන්දිකා උපමාලි තිත්තයා විය.

    ReplyDelete
  2. ඉන්ද්‍රචාපා වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශ ගත වී ඒ කාලෙ රන්මාලුවා නැතිඋනාම පුරුදු කරන්න ප්‍රදීප,අනෝජා වීරසිංහ වගේ අයත් ආවා..
    ගායනය,රිද්මයානුකූල චලන,හැගීම් ප්‍රකාශය මේ තුනම බැරිව ඒ අයත් වැඩෙන් ෆේල් වුනා...ඔය වගේ රන් මාලුවට,10 ක් විතර පුරුදු කරා..හැමෝම වැඩේ ෆේල්...
    ශෝ එකකුත් ලගටම ආව.අන්තිමට මාස්ටයි හති වැටුන...
    රන් මාලුවෙකුත් නෑ..
    මාස්ටෙර් දැන ගත්ත මේක තව කොච්චර කරත් තව එකෙක් හදන එක අමාරුයි කියල ..
    ඉන්පසු තිත්තයගේ චරිතය කල මනිෂා විජේසිංහ රන් මාළුව වූ අතර ඉන්දිකා උපමාලි තිත්තයා විය.

    ReplyDelete
  3. ඔබේ මේ ගැටළුවට මම Facebook තුලින් ඉතාමත්ම පැහැදිලි පිළිතුරක්ලබා දීල තියෙනවා
    ඊට සම්බන්ධ වන ලෙස දැනුම් දෙමි.

    ReplyDelete