namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Tuesday, June 29, 2021

එම් කේ රොක්සාමි ගී එකතුව - M K Rocksamy Song Collection -PART - 03

එම් කේ රොක්සාමි තැනූ  - වැයූ අම මී ගි බිඳු - 03 වන කොටස



 







සිත් පහන් කර නිවා සනසාලන සත්සර රටාවෙන් අවස්ථානුකූලව මිදී යොවුන් සමනල් වියේ ජවය කුඵ ගැන්වෙන රංගන ලතාව පොබයූ සංගීත රිද්මයට අවතිර්ණ වන්නට ඔහු අපුරු සමත්කමක් දැක්විය.


You're my one and only one .............


I'm your ever loving one ..............


Your are my one and only KANDY ළමිස්සී .........


(මරියසෙල් ගුණතිලක විසින් සපයා ගත් රචනයකි)

-------------------------

ගීතයේ පද - මරියසෙල් ගුණතිලක


සංගීත අධ්‍යක්‍ෂණය - එම් කේ රොක්සාමි සංගිතවේදියා ගෙනි


නිෂ්පාදනය - සිමාසහිත ජෙම්ටෝන්


නිෂ්පදක - විජයපාල හෙට්ටිආරච්චි


වසර - 1975 පමන


වද්‍ය සහය  - මිඩ්නයිට් මිස්ට් වාදක මන්ඩලය


ගායන සහය - චූලා ප‍්‍රනාන්දු, රෝයි වැලිකළ, දීපාල් නෙල්සන්, ටිරෝන් රොසයිරෝ

--------------------

මෙතැනින් සවන්දෙන්න

------------------------




මෙයාකාරයෙන් නිකුත් වු ගීත තැටියක තනි පාර්ශ්වයක ඇතුළත් කළ හැක්කේ උපරිම ගීත ද්විත්වයකි. කිසියම් විටකදී ගීතය සාමාන්‍ය ධාවන කාලය වූ විනාඩි තුනහමාර ඉක්මවා යන්නේ නම් එවිට එහි ඒ ගීතය පමණක් අඩංගු කරන්නට සිදුවේ. නිෂ්පාදකයන් මේ හේතුවෙන් දිර්ඝ ධාවන ගීත නිර්මාණයෙන් වැළකි සිටියද උක්ත ’ජෙම්ටෝන්’ තැටිය විසින් ඒ සම්ප‍්‍රදාය බිඳ හෙළමින් ගීතය වේගරිද්මයෙන් ගැයෙද්දීම එහි ධාවන කාලය විනාඩි පහක්ද ඉක්මවූ දිර්ඝ ගීතයකින් ශ‍්‍රාවක ප‍්‍රජාව පිනවීය.


එදවස ලංකා ගුවන් විදුලියේ නිවේදක මඩුල්ලේ සාමාජික පසුව එහි අධ්‍යක්‍ෂ ජනරාල් බවට පත්වු ’හඩ්සන් සමරසිංහ’ (සමරසිංහයන් වේගරිද්ම රටාවට මනා ලෙස අනුගත වන ගී පද ලිවිමේ ප‍්‍රතිභාවෙන් අනුනය. මෙකි යුගයේදීම ඔහු ඉන්ද‍්‍රානි පෙරේරා වෙනුවෙන් ’සුදු අසු පිට නැගලා....’ ගීතය රචනා කලේය*  මරියසෙල් වෙනුවෙන් ලියු ගීතයට ’නැළවෙන - රගදෙන  ඩිස්කෝ රටාවට නෑ සබඳකම් සහිත සංගීත රටා මුසුකලේ ද ’රොක්සාමි’ සංගීතවේදියා විසිනි


පාට රත්තරං අහසේ රතු වළාකුලේ.............


හරිම සීතලක් දැනෙනවා උඩු ගුවන් තලේ .............


හිම කඳුවැටි අතරින් එන මන්ද මාරුතේ ...


ලෝකේ වටේ... ලෝකේ වටේ.. ලෝකේ වටේ....


එන්න යන්න මෙන්න ආදරේ ..................


------------------------

ගීතයේ පද - ප‍්‍රවිණ ගුවන් විදුලි නිවේදක හඩ්සන් සමරසිංහ විසිනි


සංගීත අධ්‍යක්‍ෂණය - එම් කේ රොක්සාමි සංගිතවේදියා ගෙනි


නිෂ්පාදනය - සිමාසහිත ජෙම්ටෝන්


නිෂ්පදක - විජයපාල හෙට්ටිආරච්චි


වසර - 1975 පමන


වද්‍ය සහය  - මිඩ්නයිට් මිස්ට් වාදක මන්ඩලය


--------------------

මෙතැනින් සවන්දෙන්න

------------------------

නව පාලනයක වර්ෂපූර්ණය සපිරෙද්දී සිදුකෙරෙමින් පැවති සුවිශේෂී ආර්ථික පෙරළියකින් අනතුරුව ලක්වැසියන් හට පෙර නොවු ආදායම් මාර්ග ඇතිවෙමින් තිබු සමයේ එහි අනුහසින් ඒ යුගයේ සුඛෝපභෝගී වූ විවිධ තාක්‍ෂනික උපාංගයන්ගෙන් වෙළඳ පොල පිරි ගියේය.  ට‍්‍රන්ක පෙට්ටගමක් බඳුවු ’ගුවන් විදුලිය’ යන්ත‍්‍ර නියෝජනය කරමින් කළ එළි බට  ඊට සාපේක්‍ෂව කුඩා වූ හුරුබුහුටි යන්ත‍්‍රයකින් ’කැසට්’ පටි ද ඊට පෙර යුගයේ සුපතළ වූ ’තැටි’ ද වාදනය කළ හැකි වූ බව එදවස සංගීත ලෝලීන් හොඳින් දනිති.


එහි ඉල්ලුම සපුරාලීමේ වරය වඩාත් හොඳින්ම අත්කරගත් ව්‍යාපාරික රසවතා ’විජය රමාණායකයි’. ඔහු එදා සිය ’තරංගා’ ලේබලයෙන් වරෙක ඒ වනවිට ජනහද දිනු ගුවන් විදුලි සහ ඇතැම් පැරණි සිනමා ගී ’ප‍්‍රතිනිර්මාණය’ කරන්නට මුල් වෙද්දී වරෙක ඒ කර්තව්‍ය වෙනුවෙන්ම ’නැවුම් ගී’ හඳුන්වාදෙන්නට යෙදිනි.


ගායන ශිල්පී ’ටි එම් ජයරත්න’ ගේ දායකත්වය ලද එවන් ගී පෙළකින් මතු වූ ගීයක මතක සටහන් නොම වියැකි ගියේ ’රොක්සාමි’ සංගීතවේදියා විසින් වයන ලද මධූර මනෝහර ’වයලින නාද රටාව හේතුවෙනි. 


හිතින් මා නොසැලී ඉඳිද්දී ...............


කඳුල නුඹ ඇවිදින් ............


නිවා දැමු ඒ නෙතේ පීඩා ...................


නොබිඳිනු මැනවි .......................

----------------------
(ගී පද බැඳුම - නැසිගිය පේ‍්‍රමකීර්ති ද අල්විස් සංගීත නිර්මාණය - නැසිගිය ස්ටැන්ලි පීරිස් - 1980)

-----------------------

නිෂ්පාදනය - ’තරංගා’ රෙකෝඩ් බාර්


නිෂ්පාදක - නැසිගිය විජය රාමණායක


වසර - 1980 පමණ


සංගීතය - නැසිගිය ස්ටැන්ලි පීරිස් සංගීතවේදියා විසිනි


ගී පද - නැසිගිය ප‍්‍රවිණ නිවේදක පේ‍්‍රමකීර්ති ද අල්විස්


---------------------------

මෙතැනින් සවන්දෙන්න

---------------------------


එවන් ආකාරයේ ගණනික් මෙතෙකැයි කියා නිම කල නොහැකි ගී මිණිමුතු කන්දක් ඔප දමා හැඩ වැඩ කරන්නට ’රොක්සාමී’ වයලින් නාද සංකලනය හේතු විය. ’ටි එම් ජයරත්න’ යන්ගේ 70 දශකයේ මුල් භාගයේ  ’ගුවන් විදුලි’ ගී නිර්මාණයන් හි යමෙකු නොඉඳුල් ගැයුම්  රසවිඳින්නේද ඔහු හෝ ඇයට ගැයුමේ විරාමයෙන් විරාමයට සවන පිනවන්නේ ’රොක්’ නාදරටවයි. ඔහු මතු නොව වෙනත් බොහෝ ගායක ගායිකාවන් ගේ ගීත වැයුමෙන් රසගැන්වුයේ ඔහුය.



මල් මල් හීනය මි බද උදයේ.............


පැල්පත් මීදුම මැද රැුඳිලා ................


නිල්වන් අහසේ පින්බර උදයක ...............


රන්වන් රන්වන් හිරු නැගිලා ................


(ගී පද - මහාචාර්ය සුනිල් ආරියරත්න)


60 දශකයේ ලාංකීය ගීත කලාව කළඹා ළෙලවා හමා ගිය ’කන්ඩායම් ගී’ නම් වූ පවන් රැුළ ඇතැමෙකුට ’කුණාටුවක්’ වෙද්දී ඒ වනතුරු සිංහල ගීත කලාවෙන් දුරස් වූ ශ‍්‍රාවකයන්ට සහ රසවින්දනයේ නව ඉසව් ප‍්‍රියකල යව්වයන්ට ’සිහිල් පවන් පොදක්’ ම විය. එදවස ගීත කරලිය වර්ණවත් කල කන්ඩායම් ගී අතරින් සොඳුරු මතක සටහන් ඉතිරි කළ ගීතයක ’වාද්‍ය මිහිර ස්වර රටා’ මතුකරදුන්නේ ’රොක්සාමි’ විසිනි.


මුඵ ගතම වෙහෙසුනා .................


දහඩියෙන් නැහැවුනා ...................


දුක ගින්න නිවා ගන්න මෙමා ................


යකඩ තලන්නා ...........


වෙහෙසීලා ....


දුක්විඳලා ..................


කම්මලේ යකඩ තලා ...................


(තනුව සහ ගැයුම - ජෝ බී පෙරේරා - ’ලොස් මුචාචෝස්්’ ගායක කැළ - 1969?) 
-------------

සවන්දෙන්න මෙතැනින්

------------------------


’වෙන්කටසාලවන් - රොක්සාමි’ යුග්මය යළි යළිත් හෙළ සිනමා රසිකයන් හමුවට සපැමිනියේය. ඔවුන් අතරින් අද මෙන්ම එදාද අතිබහුතරය ’බොදුනුවන්’ වු වගද තමන් නොමදව වෙහෙසෙමින් නිර්මාණකරණ දැළ වියන්නේ ඔවුන් උදෙසා වගද දැන හැඳින සිටියේය. හෙට දිනයෙත් තම කුස් පුරවන ඔවුන් වෙනුවෙන් දෙදෙනා ’බොදු තේමාවන්’ සොයා පියමං කළහ. කීර්ති ශ‍්‍රී නිංශ්ශංකමල්ල නරපති කිරුඵ දැරූ ’පුලතිසිපුර’ යුගයේ  ’ශ‍්‍රි පාද පද්මය’ සොයාගත් ජනප‍්‍රවාදයට නවඅර්ථකනයකින් එළිදුටු සිනමා සිත්තම නම් කෙරුණේ ’සිරිපතුල’ ලෙසිනි. එය 1978 වසරේ බක්මහ සැණකෙළි සමය ඉලක්ක ගතව දිවයින පුරා තිරගත කෙරිනි.


එල් එම් ෆවුසී (නිෂ්පාදක), කේ වෙන්කටසාලවන් (අධ්‍යක්‍), එම් කේ රොක්සාමී (සංගීත අධ්‍යක්‍ෂ), අල්හාජ් මොහිදීන් බෙග් (ගායක) යන විජාතික ඔවුන් සිය මව්බිමේ ’බොදු’ සහෝදරවරුන් වෙනුවෙන් සුරස බොදු බැති ගී පෙළක් දායදා කළහ.


මිනිසාමයි ලොව දෙවියන් වන්නේ ...............


මිනිසාමයි ලොව තිරිසන් වන්නේ ............


ඇසින් දුටු දේ බොරු වී නොයෙයිදෝ ......


දෙකණින් ඇසූ දේ නොවී ..................


එකකුස ඉපදීලා වෛරෙන් මත්වෙලා ...........


තම සොහොයුරා මරයි වසවිස දීලා ............


තන්හා පොදි ගසා..........


තව කෙනෙකුන් නසා ............


මොනවද අවසානේදී අරගෙන යන්නේ .....


----------------------------

මෙතැනින් සවන්දෙන්න

-------------------

---------------------------------------------------------------------------------------------------------
’රොක්සාමි’ සිහිළැල් ගීත ගගුලෙහි පහස ලබනට යළි ඉදිරි දිනක මුණගැසෙමු


2 comments:

  1. බොහොමත්ම ස්තූතියි ! සුන්දර අතීතයක්!!!

    ReplyDelete
  2. කැන්ඩි ලමිස්සි ගිතය රචනා කලේ කවුද ???

    ReplyDelete