namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, December 29, 2022

Sinhala Songs based on Ravindranath Thagore's Geethanjali

 ජගත් සාහිත රසයෙන් මත්වු හෙළ ගී කවි පරපුර.............

හින්දි, ද‍්‍රවිඩ සහ උර්දු සංගීතඥයන් විසින් නිර්මිත ස්වත‍්‍රන්ත‍්‍ර එසේම මධුර මනෝහර තනු උපුටා ගත් පසු ඒවාට සංස්කෘත තත්සම වදන් මිශ‍්‍රිත කඨෝර වදන් යොදා පබැඳු ගී පදමාලා යොදා ශ‍්‍රි ලංකීය ග‍්‍රැමෆෝන් යුගයේ ගීතාවලිය නිර්මාණය විනි. 

මොහොමඩ් ගවුස් මාස්ටර්, සහ එච් ඩබ්ලිව් රූපසිංහ යන සංගීතඥයන් ඒවා ට සංගීත සංයෝජනය සිදු කරන ලදින් පිළීවෙලින් ’කොළොම්බියා’ සහ ’හිස් මාස්ටර්ස් වොයිස්’ ජාත්‍යන්තර තැටි ලේබලයන් යටතේ ඒවා සංග‍්‍රහ වූ අතර 1940 දශකයේ දී ක‍්‍රමයෙන් ආනන්ද සමරකෝන් ශූරීන් ගේ නවමගක් ගත් ස්වත‍්‍රන්ත‍්‍ර ගී පදමාලා ඇතුළත් ඔහු විසින්ම සංගීතවත් කොට ගැයූ ගී මගින් ක‍්‍රමයෙන් යටපත් වී ගියේය. 

ශාන්ති නිකේතනයේ ශිල්ප හදාරන ලදීන් එයින් ලත් වංග සංස්කෘතියේ සහ සංගීතයේ ආභාෂය ලබමින් ලාංකීය ගීත ලෝලීන් අතරට නැවුම් ආරක රසයක් ජනිත කළ ඔහු ඒ අනුව රවින්ද‍්‍රනාත් ඨාකූරයන් ගේ සංගීත ශෛලිය ගුරු කොට ගත්තේය.


-----------------
පන්ඩිත් අමරෙද්වයන්
---------------

නොබෙල් සම්මාන ලද ඨාකූරයන් ගේ ’ගීතාංජලී’ කාව්‍ය සංග‍්‍රහය කියවා එයින් ප‍්‍රමුදිත වූ ලාංකීය ගීත රචකයන් අතර ’මහගම සේකර’ සහ ආචාර්ය ’පේ‍්‍රමදාස ශ‍්‍රී අලවත්තගේ’ එයින් තෝරාගත් නිර්මාණ හෙළබසින් ගීතයට නැංවූහ. අදටත් බහුතර ගීත ලෝලීන් ඒවා පරිවර්තන බව නොදනිති. තවත් අය අතර වෙසෙසින් යොවුන් විය ඉක්මවා නොගිය සහ ඉන් බාල පරපුරේ අල්ප සංඛ්‍යාත වූ සම්භව්‍ය සිංහල සංගීතය රස විඳින්නන්  එසේ පරිවර්තිත සිංහල ගීත ශ‍්‍රවණය කර හෝ නැත්තේය. 

මෙහි තැත් දැරුවේ මුල් ’ගීතාංජලී’ කෘතියේ අදාළ කව්‍යයන් සහ සිංහල ගීතය සසඳමින් ඒවා නව පරපුරේ ඉහත කී ගනයේ ශ‍්‍රාවක ප‍්‍රජාව වෙත තිළිණ කරන්නටය. 

----------------------------

නොබෙල් සම්මානලාභී මහකවි රවින්ද‍්‍රනාත් ඨාකූර් - ශාන්ති නිකේතනය නිර්මාතෘ

ඔහු 1934 වසරේදී හොරණ ශ‍්‍රීපාලි සෞන්දර්යාතනය ට මුල්ගල තබන්නට එහි නිර්මාතෘ විල්මට් ඒ පෙරේරා ගෙන් ඇරයුමින් ලංකාවට සැපත්විය
--------------------


පටු අදහස් නම් පවුරින් ලෝකය ..................


කැබැලි වලට නොබෙදී ..........


ඥානය නිවහල් වී .............


බියෙන් තොරව හිස කෙළින් තබාගෙන .........


සිටිනට හැකි කොහිදෝ ...........


ඒ වු නිදහසේ ස්වර්ග රාජ්‍යයට ...........


මාගේ දේශය අවදි කරනු මැන පියාණෙනී ........


සත්‍ය පතුලෙන් ගලනා පිරිසිදු වචන කොයිද ඇත්තේ ...........


ගතානුගතිකව පැවසෙන සිතුවිලි මරුකතරට ආදා ..........


ගැයුම - පන්ඩිත් අමරදේව ඇතුඵ පිරිස ...........

(1960 දශකයේ පටිගත කරන ලද්දකි)
ගී පද රචනය   - ගීතාංජලිය අනුව යමින් මහගම සේකර විසිනි - 1960 දශකයේ මුල් යුගය 












----------------

මෙතැතින් අහන්න

---------------------

-------------------
පන්ඩිත් අමරදේව සිය ශිෂ්‍යාව ආචාර්ය නන්දා මාලිනී සමග  ගීතයක් පටිගත කිරීමකට සැරසී - 70 දශකය - උපුටාගැනීම අන්තර්ජාල මුහුණුපොත 
-----------------------

මතු සටහන් කරන්නට යෙදුනු ’මහගම සේකර’ පරිවර්තනය ට පසුපසින් ’ගීතාංජලී’ පද්‍යවලියේ තෝරාගත් නිර්මාණ කෙරෙහි අවධනාය යොමුකලේ ආචාර්ය නැසිගිය පේ‍්‍රමදාස ශ‍්‍රී අලවත්තගේ විද්වතාණන්ය.


සෞභාග්‍යය නිවහල් බව ගෙනඑන...........


අපි ඔබගේ රන්දෑත වෙමු ...........


අඳුරින් ස්වර්ණාලෝකෙට යෑමට ........


අපි ඔබගේ පා සගල වෙමු ............


නිදහසේ ජය සංඛ නාදයට ....


අපි ඔබගේ ජීවනය වෙමු .......


වීර විමුක්ති කදම්බය හමුවේ ....


අපි ඔබගේ ජීවනය වෙමු ..........


අත්ම ධෙර්යෙය් අචල භක්තියට ...


අපි ඔබගේ මිහිමඩල වෙමු ..........


ගී පද රචනය   - ගීතාංජලිය අනුව යමින් ආචාර්ය පේ‍්‍රමදාස ශ‍්‍රී අලවත්තගේ ශූරීන් විසිනි - 70 දශකයේ මුල් යුගය
--------------
ප‍්‍රවින ගායන ශීල්පී ටී එම් ජයරත්න 
------------------





----------------
නැසිගිය අයිවෝ ඩෙනිස් 
----------------


ගැයුම - ප‍්‍රවිණ සංගීතඥ නැසිගිය අයිවෝ ඩෙනිස් සමග ගායනශිල්පී ටී එම් ජයරත්න විසිනි.

තනු නිමැයුම් සහ සත්සර රටා සැකසුම - ආචාරය් නැසිගිය පේ‍්‍රමසිරි කේමදාස

(70 දශකයේ පටිගත කරන ලද්දකි)

----------------

මෙතැතින් අහන්න

---------------------

ඔහු එයින්ද නොනැවතී ’ගීතාංජලී’ යේ ඇතුළත් ඔහු සිත්ගන්නට යෙදුනු තවත් පද්‍යයක් පරිවරතනය කරන්නට යෙදුනි.

-----------------------
ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස සිය සුපුරුදු පියානෝව වයමින් තනුවක් නි්ර්මාණය කරයි (70 දශකය)
--------------------------

අඳුරු කුටිය තුල ...


දොරගුඵ ලාගෙන ...


ගයන ගීතිකා යදින යාතිකා ...


දෙවියන් හට නෑසේ ..............


දෙවියන් හට නෑසේ ....


පොළොව කොටන තැන ..


පාර තනන තැන...


ගිනියම් අව්වේ මහවරුසාවේ ...


දෙවියෝ වැඩ ඉන්නේ ...

බලන් කඩතුරා හැර දෑසේ ...


සිනිඳු සුවැති සඵ සිරසින් හැරදා ..


දුහුවිලි මඩවැකි පිළිගත පළඳා ..


දෙවියන් රුව දක්නට හැක්කේ ....


කුසුම් සඳුන් දුම් සුවඳින් සැරසි ...


ගසන ගිතාදිය සුවඳින් සැරසි ...


දෙවියන් රුව දක්නට නැත්තේ ...


ගැයුම - අයිවෝ සහ ටී එම් විසින්

සංගීත රටා - ආචාර්ය කේමදාස

(70 දශකයේ පටිගත කරන ලද්දකි)
ගී පද රචනය   - ගීතාංජලිය අනුව යමින් ආචාර්ය පේ‍්‍රමදාස ශ‍්‍රී අලවත්තගේ ශූරීන් විසිනි - 70 දශකයේ මුල් යුගය









----------------

මෙතැතින් අහන්න

---------------------


මෙම නිර්මාණය ජනගත වු අවධියේම ඊට සමගාමීක 70 දශකයේ සිංහල ගී කලාකෙතේ මහරු අස්වැන්න නෙළාගන්නට සිය අත්වැළ සැපයූ එදා අංකුර කවියෙකු වූ  මහඇදුරු ’සුනිල් ආරියරත්න’ මෙකී විශ්වීය කලාකෘති නිර්මාණ මුතුහරේ මුතු පබඵ අමුණන්නට අමතක කලේ නැත


මිරිවැඩි සගලක් ඉල්ලා ඇඞුවෙමි


පා යුග නැති ඔබ දකින තුරා


කුංකුම අංජන ඉල්ලා ඇඞුවෙමි


දෙනෙත් නොමැති ඔබ දකින තුරා


මාවත කටුඅතු බොරඵ මතක නැත


දෙපා රැුඳුනු විට බුමුතුරුනේ


දොරකඩ යදියන් ඉඳුල් යදින සඳ


මැදුරේ දෙසවන් අගුඵ වැටේ


සඳකිඳුරන් ඇත් සඳඵතලාවේ


රසමසවුඵ වල සුවඳ පිරේ


ඒ රස සුවඳට දෑස අයාගෙන


බත් ඇට ඇහිඳිති පොඩි දරුවෝ

-----
නන්දා මාලිනී ගුවන් විදුලි ගීතාවලිය - 70 දශකය සහ "ශ්රවන අාරාධනා ප්රසංගය - 1973 එහි ගීත අැතුළත් සූරිය  තැටිෙයනි
ගී පද රචනය   - ඉහත මුලාශ‍්‍ර අනුව යමින් මහාචාර්ය සුනිල් ආරියරත්න විසිනි. - 70 දශකයේ මුල් යුගය

--------------------

අහන්න මෙතැනින්

------------------------


එසේ ගයන්නට පෙළඹුනේ පන්ඩිත් අමරදේව නම් වු දැවැන්තයා විසින් හෙළ ගී ලොවට දායාද කළ අමිල ගායන මාධූර්යයෙන්ද ගී තනු රස මතුකරගැනීමෙන්ද විශිෂ්ඨත්වයට පත් ආචාර්ය නන්දා මාලිනී සංගීතවේදිනිය විසිනි. පසුකාලීනව එනම් 80 දශකයේ ඇය සිය දෙවන ඒක පුද්ගල ගී ප‍්‍රසංගය වූ ’සත්‍යයේ ගීතය’ සහ තෙවන ප‍්‍රසංගය වූ ’පවන’ ඔස්සේ පතුරුවා විසුරුවා හැරි  ’විරෝධාකල්ප’ ගී  අග්නි ජාලාව අවුලුවාගන්නට මහ මෙහෙවරක යෙදුනු මහඇදුරු සුනිල් ආරියරත්න ඇය වෙනුවෙන් 70 දශකයේ නිර්මාණය කරන්නට යොදුනු ඒ ගණයේ ගිනි පුපුරු අතිරින් කැපී පෙනන ඉහත පදමුතුවැළට ගුරු වූ නිර්මාණය හමුවන්නේ හෙලන් කෙලර් නම් ඇමෙරිකානු ජාතික ගත් කතුවරියගේ කියමනකින් යැයි කියැවුනි.


එය පහත පරිදිය

 “I cried because I had no shoes until I met a man who had no feet.”

― Helen Keller

එපමණින් එය විමසා බැලීම අත්හිටුවීම සිදු නොකරන්නේ නම් යමකු පිවිසිය යුත්තේ ක‍්‍රි වසරෙන් 1213 තරම් දුර ඈත අතීත යුගයකටය. එහෙදි හමුවෙන පර්සියානු කවියා ’සාද ශිරාසි ි’ ලෙස හඳුන්වයි. ’විකපීඩියා’ මුලාශ‍්‍රයේ සඳහන්වන්නේ ඔහු පර්සියානු සාහිත්‍යය පෝෂනය කරන්නට යෙදුනු විද්‍යාර්ථියෙකු බවයි. ඔහු විසින් 1258 පමණ යුගයේදී රචනා කරන්නට යෙදුනු ’ගලිස්තාන්’ එනම් ’රෝස උද්‍යානය’ නම් මහා කාව්‍යය මංජරියේ එක්තරා කවියක් පහත පරිදිය. මෙහි අලවා ඇති සේයාරුව උපුටා ගන්නා ලද්දේ විකිපිඩියා හි පළකර ඇති ඔහුගේ පෙරකී ’රෝස උද්‍යානය’ නම් වු අරාබි භාෂාවෙන් විරචිත කව්‍ය සංග‍්‍රහයේ මුහුණත දසුනකිනි.ජීවන චාරිකාවේ දුක් කම්කටොඵ වලට මුුහුණ දෙන මිනිස් වග ඔවදන් කවි මාළාවකින් සුවපත් කරලන්නට ඔහු තැත් දරා ඇති බව ඒවා පරිශීලනය කිරීමේදි පෙනීයයි. ඒ නයින් බලන කල ඔහු ’දාර්ශනිකයෙකි’  (ඔශු පිළිබඳව හැදැරීම සඳහා විකපීඩියා යොමුව පරිශීලනය කරනු වටී)



https://en.wikipedia.org/wiki/Saadi_Shirazi

---------------------------








---------------
ඇමෙරිකානු කිවිඳිය හෙලන් කෙලර්
----------------

යළි හමුවෙමු ඉතිරි කොටසින්.................

------------------------------

තුති පුද - දිනාලි පෙරේරා මහත්මිය

4 comments:

  1. සැඟවී ඇති තතු
    අතීත මිණි-මුතු
    ගෙන එයි 'ගී මුතු-
    මාලා' පරසතු!

    ReplyDelete
    Replies
    1. යටගියාව මතුදිනයේ ගුරුවරයා වනු සැබැය.
      ගීකලාව රසවන්තයා නැනවන්තයා කළ නියාව....
      දැනයනමග කවුරුන් හෝ හරිමගයන බව මනාව...
      පහදාලනු පිනිසයි මේ අවිහිංසක උවමනාව...

      Delete
  2. හිතවතාණෙනි,
    ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය ගැයූ 'දඟකාරී මං මද්දුම දෝණී' ගීතයේ පටිගත කිරීම් දෙකක් සිදු වුනාද?
    මුල් ගැයුමේ දෙවෙනි පාදය 'මල්වල සුවඳට බඹරු ඇදෙනවා- වරද මලේ සුවඳද අම්මේ' යනුවෙන් තිබිණැයි මට මතකය.
    දෙවැනි වර එය 'බක් මී මල වට බඹරු නටනවා - වරද මලේ සුවඳද අම්මේ’ යනුවෙන් වෙනස්කොට තිබිණි.
    මේ ගැන කරුණාකර ඔබගේ අදහස කිව හැකිද?

    ReplyDelete
  3. නැහැ මා දන්න තරමින් මමද 80 දශකෙය් මුල් යුගෙය් අැසූ ගීතෙය් තිබුෙන් බක් මී මල වට..... පදෙපළමයි

    ReplyDelete