namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, December 1, 2022

M.K. Rocksamy රොක්සාමි සත්සර සර

ලෝකේ වට එන්න යන්න මෙන්න ආදරේ................ සංගීතඥ මරදකොළොන්නේ රොක්සාමි මෙහෙවර මහිම....

(එම් කේ රොක්සාමි සංගීතවේදියා ගේ 34 වැනි ගුණානුස්මරණය නිමිත්තෙනි - 30 නොවැම්බර් 2022)


ගී පදමාලාවක් අතට පත් සංගීතඥයා එය හොඳින් පිරික්සා බලා අධ්‍යයනය කරයි. ගීතයේ අදහස ග‍්‍රහනය කරගත් පසු එය ඉලක්කගත ශ‍්‍රාවක රසික කන්ඩායම පිළිබඳව අවධානය යොමු කරයි. එපමණකින් නොනැවතී අදාළ ගීතය ගයනා කරන්නට නියමිත ගායකය සහ ගායිකාවේ හඞ, ඔහුගේ හෝ ඇයගේ ස්වර පරාසය, ඔවුන් අත්කරගත් ජනප‍්‍රියතාවය සහ ගොඩනගාගත් ප‍්‍රතිරූපය මෙන්ම අනන්‍යතාවය ද සැළකිල්ලට බඳුන් කරනු ලබයි.

---------
ඉන්ද‍්‍රානී රොක්සාමි මහත්මිය සමග රොක්සාමි සංගීතවේදියා
-------


70 දශකයේ ගුවන් විදුලි සහ වෙළඳ තැටි සහ කැසට් ගී නිර්මාණකරනයේ යෙදී සිටි සංගීතඥයන් ගේ ස්වභාවය එයයි. ඉහත සියඵ කරුණු සම්පින්ඩනය කරගෙන ඒවා හොඳින් සළකා බලනු ලැබීමෙන් පසුව පමණක් වඩාත් උචිත යැයි හැගෙන තනු නිර්මාණයේදී මෙන්ම අන්තර් වාද්‍ය ඛන්ඩයන් වැයිමේදීද වෙනත් නිර්මාපකයන්ගෙන් උපදෙස් පතයි.


එදවස නිර්මාණයන් මධුර මනෝහර වීමේ එක් රසහකි මෙය.


ඉහත කුලකය නියෝජනය කල පුඵල් අත්දැකීම් සහ දැනුමකින් හෙබි සංගීතඥයෙකු ලෙස නැසිගිය එම් කේ රොක්සාමි මහත සැළකිය හැකිය. මහත් සංයමයකින් හා හසුරුවා ගත් ස්වරයන්ගෙන් හික්මවා ගත් හඞකින් නැසිගිය ඉන්ද‍්‍රානි විජයබන්ඩාර ගැයු ගීතයකට ඔහු භාවිත කළ ස්වර රටා සහ තනුව ගීතයේ අදහසට මනාව ගැළපෙන පරිදි සකස් කොටගෙන ඇති ආකාරය විමසන්න


බුදු සාමිනේ සිරිපා පියුම්.............


කරමි බැතී පිණීපා .................


ගුණෙනි සොමි සෙත පෑ හිමි .................


කරුණා සුවේ සතපා .......................


(කරුණාරත්න අබේසේකර)

--------------------------
අහන්න  මෙතැනින්

එවන් බොදු ගී ගැයිමේ විශේෂඥයෙකු වු නැසිගිය අල්හාජ් මොහිදීන් බෙග් උදෙස නිර් මිත ස්වර රටාව ද සළකා බලනු වටී


සකල සතම බොදු බැතියෙන් ..........


නමදින දුරහැර  හැම ෙබ්ෙද්..........


සුගත තථාගත ලෝක සිවංකර ............


සම්බුදු සිරිපාදේ ...............

(ශ‍්‍රී පතුල සිනමා පටය වෙනුවෙන් කරුණාරත්න අබේසේකර - 1978)

--------------------------
අහන්න  මෙතැනින්

එසේ සංයමයකින් ගැයිය යුතු ’බොදු ගී’ රාමුවකට කොටුනොවු ’රොක්සාමි’ සංගීතවේදියා එයින් පුර්ණලෙස වෙනස් වූ අධීවේගී රිද්මයකට උස් හඞින් ගැයෙන ගීත අරභයා නිර්මාණය කළේ ඊටම ගැලපෙන සම්පුර් ණයෙන්ම වෙනස් ස්වර රටාවකි,


-------------------------------
යොවුන් මරියසෙල් මැදිකරගෙන Midnight Mist  ගායක වාදක මන්ඩලය.  
එම් කේ රොක්සාමි සංගීත අධ්‍යක්‍ෂනයේ යෙදුනු’කැන්ඩි ළමිස්සී’ ගී තැටිය වෙනුවෙන් පසුබිම් සංගීතය මුසු කරමින් සහය වූයේ ඔවුන්ය. 

-------------------------

පාට රත්තරං අහසේ රතු වළාකුලේ ...............


හරිම සීතලක් දැනෙනවා උඩු ගුවන් තලේ ......


හිම කදුවැටි අතරින් එන මන්ද මාරුතේ...............


ලෝකේ වට එන්න යන්න මෙන්න ආදරේ................


(ගී පද - හඩ්සන් සමරසිංහ ගැයුම මරියසෙල් ගුණතිලක  - වෙළඳ තැටි ගී - 1976)

--------------------------
අහන්න  මෙතැනින්

ංං සැ යූ - ඉහත ගීතය සිංහල ගීත සාහිත්‍යය වංශ කථාවේ සුවිශේෂී සංධීස්ථානයකි. අධිවේගී රිද්මයකින් හෙබී දිර්ඝ ධාවන කාලයක් සහිත ගීත අතර එය ප‍්‍රමුඛය. විනාඩි 05 ඉක්මවා යන ධාවන කාලයක ගැයෙන එකී ගීතය ඇතුළත් ’කැන්ඩි ළමිස්සී’ තැටියේ දෙවන පැත්ත පුර්ණ ලෙස අත්පත් කරගන්නට එය සමත්විය. එහි අනෙක් පස ඇතුළත් වූ අභව්‍ය පදපෙළකින් සමන්විත ’කැන්ඩි ළමිස්සි’ ගීය ද එය ගැයු ’මරියසෙල් ගුණතිලක’ ද අසිමිත ලෙස එකරැුයකින් තරුවක් බවට පත් වුයේ ’රොක්සාමි’ සංගීතවේදියාණන් ගේ ඉන්ද‍්‍රජාලික තනු සහ සංගීත සංයෝජනය හේතුවෙනි


ඒ අන්කවරෙක් නොව සිමාමායිම් පවුරු පිළීකෙව් කල, එම් කේ රොක්සාමි නම්වු මානව හිතවාදී විශීෂ්ඨයාය. ඔහු නිහඞ නිසංසල වී පෙරදිනයට වසර තිස්හතරක් තරම් දිගු කාලයකි. ඔහු පිළීබඳව තැන තැන සටහන් වූ දෑ බොහෝය. ඔහුගේ පරපුරේ සමකාලීනයන් ඔහු තරමටම විශීෂ්ඨයන්ය. ඔවූහූ එකිනෙක පරයා නිසග ප‍්‍රතිභාවය විහිදා පාද්දී ඔහු ද ස්වාධින රසපුර්ණ ස්වර රටා විවධාකාරයෙන් ගළපා හැඳු සිංහල ගීත සංඛ්‍යාත්මක සුවිසල්ය.

--------------------------
වාද්‍ය වෘන්දයක වයලීනය වයමින් (පසුබිමින් ගිටාරය වාදනය කරන්නේ දිවංගත ගේ‍්‍රෂන් ආනන්ද සංගීතඥයා ය)
----------------------

වරෙක ඔහු බටහිර සංගීතයේ සුසංවාද ප‍්‍රසංවාද තාක්‍ෂනයේ උපරිම ඵල ප‍්‍රයෝජන විඳ ගන්නට රිසිවිය. එකී විෂයයේදී පරප‍්‍රාප්ත වූ ඔහු, සිය මුල්කාලීන යුගයේ ගීත උදෙසා තමන්ම වැයූ ’සැක්ස්ෆෝනය’ නම් බටුහිර ශුෂිර සංගීතභාන්ඩය කෙබඳු වේද එයින් මිහිර මැවිය යුත්තේ කෙළෙසකද යන්න එක්තරා වෙළඳ ගී තැටි නිර්මාණයකින් පසක් කර දුන්නේය. එහිදී ඔහු ගායකයාගේ හඞ ට පසුබිමෙන් නිසංසලේ ’සැක්සෆෝන්’ සංවාදයක යෙදෙන්නේය. 


නෙත පිනන රුසිරු වත ඔබේ................


සිත එකග කරන සිත ඔබේ...........


රන් දිමුතු  මුතුද ලග තිබේ..........


මගේ සියඵ දෙයම මතු ඔබේ...............

(දිවංගත  **පේ‍්‍රමකීර්ති ද අල්විස් ගී පද සංකල්පනාව ගැයුවේ ෆීලික්ස් ඇන්ටන් විසිනි - 1975)

--------------------------
අහන්න  මෙතැනින්


හිරු නිදිසුව විඳිද්දී  ඔහු සිය සුරතළා වු ’වයලීනය’ අතදරා ශබ්දාගාරයේය. හිරු කිරණින් ලොව නැහැවෙන්නට පටන් ගත් මොහොතේ තම නිදිදෙව්දුව සොයා සිය අදරණිය කැදැල්ලට පිවිසෙන ඔහුට ඒ අවස්ථාව ද බොහෝ විට අහිමි වුයේ ක්‍ෂේත‍්‍රයේ සගයෙකු ගේ බාධාකිරිමකිනි. වහාම ඒ කටයුත්තට සැරසෙන ඔහු යළිත් විදී බසින්නේය. සැඩහිරු පෙරළි කරද්දී ඔහු නැවතත් සුපුරුදු ලෙස ගුවන් විදුලි මැදිරියකය. කෙමෙන් සැඳෑ අඳුර එළඹෙද්දී සිය හිතවතෙකුගේ කැඳවීමෙන් බාහිර ශබ්දාගාරයක ය එසේත් නැතහොත් ඒක පුද්ගල ප‍්‍රසංගයක වාද්‍ය වෘන්දය සරසන්නට කිසියම් හෝ පොදු ආයතනයක ශාලාවකය. අඳුරු වැටුනු නිශා යාමයේ නැවතත් ශබ්දාගාරයකය. 


එවන් කාර්යබහුල ඔහුට ඉන් යසඉසුරු සම්පත් අත්කරගන්නට ලැබිනැයි ඔබ සිතුවේ නම් එය නිවැරදි නොවේ. මන්ද යත් ඒවා බොහොමයක් ’හිතවත්කමටය’ පසුව දෙන කාසිපනමටය. එහෙත් ඔහට එසේ ලැබෙන්නට නියමිත කාසි පණම් අහිමි වූ අවස්ථා එමටය. එය නොසළකා සිනහමුසු පිබිදුනු වතකමලින් පසුදිනද ඔහු සිය සුපුරුදු රාජකාරියේය.


ඔහු පිළිබඳව පැවසිය යුතු දෑ අපමණය. ඔහුකල නිර්මාණවලිය මහත්ය. එය මතු මතු පුනපුනා සිහිකැඳවිය යුතුවන්නේ එවන් මිනිසුන් ලොව පහළවිම විරල බැවිනි.

රොක්සාමි සංගීතවේදියාණෙනි  ඔබට මොක් සුව අත්වේවා

---------------------------------------------------------------

එදා ඇසුණු ගී - ගී මුතුමාලා බ්ලොග් අඩවිය

30 නොවැම්බර් 2022

 **  යුනිකෝඩ් අක්ෂර දෝෂයක් හේතුවන් ඇතැම් වදන් වීකෘති වී තිබිම පිළීබඳව සමාව අයදිමි


3 comments:

  1. සුන්දර, ගීතවත් අතීතයක් අපට දායාද කළ සොඳුරු මිනිසෙකු නමින් තැබුණු මේ සටහනට බොහොම ස්තුතියි..
    දිගු සසරේ කොතැනකදි හෝ මේ මිහිර සමඟින්, මේ ලෙසින් ම යළි අපට ඔහු හමුවේවා..!!

    ReplyDelete
    Replies
    1. ප්‍රණාම පූර්වක ස්තුතියි ඔබට,

      ගී රසයෙන් මත්වන අප ඔවුනට ඊට ණයගැතිය.

      Delete
  2. අමරණීය ගී තනමින් දුන් මිහිර
    නොමතක වේය, රස හඳුනන්නන්ගේ අතර
    එනමුදු ඔවුන් මෙහෙවර - කරමින් අමර
    සටහන් කෙරුම ගැන තුති පුද කරනෙමි මිතුර!

    ReplyDelete