namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Wednesday, January 3, 2024

එදා සිංහල ගම්මානය - 04 වන අංකය

සීංහල ගීත සාහිත්‍යයෙන් මතුකළ එදා ගම්මානයේ අසිරි සිරිය..................... 04


 රසායනික පොහොර හඳුන්වාදෙන්නට පෙර, විෂරහිත ව පැවති ඇළ,දොළ, කුඹුරු, දිය කඩිති ආශ්‍රීතව නිරෝගි ව අභිජනනය වී, හොඳින් බෝවි වැඩුනු විසිතුරු නෙකවර්ණ මත්ස්‍යයන් වර්ග ගණනාවකි. ’තිත්තිය’, ’කොරළි’ ’දන්ඩි’ ’පෙතියා’ ’බුලත් හපයා’ ආදීන්  ඒ අතර වූහ. ඔවූහූ ඒ දියකඩිති වල බෝවන මදුරු කීටයන් ආහාරයට ගැනීම නිසා, මදුරු ගහනයද ඒ හා ආශ්‍රිතව පැතිර පවතින වසංගත රෝග ද පාලනය වි තිබුනද, ඈත අතීතයේ සිට ලාංකිකයා ’මැලේරියා උණ’ රෝගයෙන් පීඩා විඳි බව වාර්තා වේ. පසුගිය සියවසේ පළමු දශක කිහිපය තුල ක්‍රමයෙන් හිස එසවූ ’මැලේරියා වසංගතයට’ ගොදුරු වී, මිනිසුන් බොහෝ දෙනෙකුට ජිවිතය අහිමි කරගන්නට සිදුවිය. ගැමි දරුවන් ගේ සුරතල් මත්ස්‍ය සම්පත බවට පත් වූයේ මොවුන්ය. වෙල්යායේ,නියරේ,ලන්දේ දුවපැන කෙළිකවටකම් කරමින් යන දරුවන් මේ මත්ස්‍යයන් අල්ලා, නිවෙස්වලට නොම ගෙනගොස් පසුව මුදාහැරියේය. 

-------------
කෙකටිය යායක විසිතුරු
-----------

වගුර වැසෙන්නට කෙකටිය ගාලකි. එහි එන ගැමියෝ ඒවා නෙළා ගෙන ගොස් දඵ සහ මල් උයාපිහා ගනිති. ඔසුවකි, රසවත් පළා වර්ගයකි. තෙරටිය ද එසේමය. ඒවා වෑංජන ලෙස පිළීයෙල කරගෙන සප්පායම් වෙති. ගැමි මානවකයා ගේ වගාසරුවී අටුකොටු පිරි ඇත්තාසේය. ලන්දේ බඩවැටියේ දුව පැන ඇවිද යමක් එකතුකරගන්නා ඇය යනෙනා තැන් ඔහු නෙතට හසුකරගනියි. වරෙක ඇය තෙරටිය නෙළන්නී තවත් වරෙක කෙකටිය ගාල වෙත ළං වෙයි. මියෙන පඳුරු ගොන්නට ළං වන්නේ තම පළා කූඩය සරු කරගන්නට විය හැකිය. එය ඇත්තේ ’කණටිය’ ලගය. එනම් කූඹුරේ පැසී ඇති වී කරල් අනුභව කරන්නට එන කුරුඵ රංචු උදෙසාම වෙන්කළ බිම්කඩයි. එය ඔවුන්ගේ රාජධානීයයි. එහි ඇති ’වී’ රිසිසේ කුරුල්ලන්හට බුදින්නට ඉඩ සළසා දුන්නේ ’බොදු’ දහමෙන් හික්මවන ලද ගැමියාය.

ඔහුගේ කෙතේ අස්වැද්දූ ’මා වී’ වගාව සරු වි ඇත. එය එදවස දක්නට ලැබුනු ගුණදායි දේශිය වී වර්ගයකි. මිදුලේ වැවුනු ’බුලත්’වැල් පැතිර වැවෙන්නේ ඊට ආධාරකයක් ලෙස ගොඩනැගු ඇටවුමෙනි. එය පන්දමලයි. එහි අස්වනු නෙළන්නට අවසර ලැබෙනුයේ පවුලේ සාමාජිකයන්හට පමනි. වෙනත් ආගන්තුකයෙකු එයින් ඵලප්‍රයෝජන ලබන්නට තැත් දැරුවේ නම්, එය බුලත් කොරටුවේ (වැලේ) අවසානයයි. මෙය අත්දුටුවෝ එමට සිටිය හැක්කේය.




තෙරටිය ගොන්නේ තෙරටිය දඵ මැද ඉන්නේ...

කෙකටිය ගොන්නේ කෙකටිය දඵ මැද එන්නේ ...

කණටිය ලග මියෙන පඳුරු අතරේ ඉන්නේ ......

නුඹ නොබලා ඉන්න බැරිව ඇස් රිදවෙන්නේ ....


රත්ති අරන් උදැනැක්කේ කොහේද යන්නේ නගෝ...

රත්තීගෙන් පාන්දරම කිරි දෙව්වද නගො...?


හෙන කොටා ගිනි තියලා ඇල් ඉහලා ඇත....

මිදුලේ බුලත් පන්දලමේ දඵ ලියලා ඇත...

කූඹූරේ මාවි සරුවට කිරිවැදිලා ඇත....

නගෝ මගේ පැලට වරෙන් අගහිගයක් නැත...

(ප්‍රවිණ පුවත්පත් කලාවේදී දෙල්තොට චන්දපාල ගී පද ගැයුම සනත් නන්දසිරි- 1973)


හිමිදිරි පිනිපොද බිම සිපගන්නා යාමයේ, ඇය ඈත පෙනෙන ’කෙකටිය ගාල’ වෙත අත දිගුකරමින් ආවර්ජනය කරන්නේ බොඳ ව ගිය පෙම් පුවතකි. 

-----------------------
කෙකටිය දඵ
_----------------


ලන්ද පුරා පුංචි පුංචි මල් හිමිදිරියේ සැලෙනා ...

මන්ද පවන් වැද ළහිරු දසුන් සිප අන්ද මන්ද වෙමිනා..,

අද සිදාදියට යන පුංචි මස්සිනා සිත කළඹයි නිතිනා.....


අපිත් මෙදා එන බක්මාසේදී අත ගනිමුද කියලා ..

කීව කතා පොඩි සිතට බරක් වෙයි...

ඉවසන්නේ කෝමා...


සිත් හදාගන්න අස්වසාලන්න බෑ..,

හිත දෑලේ බැඳුනා......

කෙකටිය යායේ සිරිපොද ඉහිලා ආාාාංංංං බලං කදිමා..........

සිරි සිරි නාදෙන් සරනා වැහිපොද මන බඳිති බෝමා ....

ඔබ සිහිවෙයි පෙරසේමා.........................

(කුලරත්න ආරියවංශ ගී පබැඳුමේ හඞ චන්ද්‍රලේඛා පෙරේරා, සංගීතය රෝහණ වීරසිංහ - 1985)

කෙත්යායේ තැනින් තැන ’මී ගස්’ වවා ඇත්තේ ඒවා ’වවුලන්ගේ’ රජදහන් බැවිනි. දිවා කාලයේ සිය ගනනින් එහි විත් ලැගුම් ගන්නා වවුලන් ගේ වසුරු, ගොයමට දිව ඔසුවක් බඳු පොහොරකි. ඊට මහත් සම්පතකි.

------------------------
මී ගස
--------------------

ඒ හැරෙන්නට මී ගස විසින් නිපදවන මල්, ගෙඩි, ඉටි ගැමියන් ගේ විවිධ අවශ්‍යතා සපුරයි. ඒ අනුව එය ගමට දායාද වු තවත් කප්රුකකි. ’වන රුක්’ අමිල සම්පත් බවත්, ඒවා පිළීබඳව වර්තමානිකයන් නොදත් බොහෝ දේ පැරැන්නන් දැන සිටි බවත් පසක් වන්නේ ඒවා පිළිබඳව ලිඛිත මුලාශ්‍ර හැදෑරීමේදීය. ’මී ශාඛය’ ද ඒ අතරට එක්වෙයි. අන් වෘක්‍ෂ මෙන් දිවා කාලයේ ’ඔක්සිජන්’ නිපදවා රාත්‍රි යාමයේ ’කාබන්ඩයොක්සයිඩ්’ නිකුත් නොකර, දිවා රෑ සියඵ කල්හී නිතිපතා අංගාරික වාතය එනම් ’ඔක්සිජන්’ නිකුත් කරන්නේ මෙකී මී ගස යැයි ඇතැමුන් ගේ මතවාදයකි. එසේම  ’පොල්තෙල්’ ද පරදවා රසගුණ දෙන ’මී තෙල්’ යොදා පිසින ලද ආහාර අහිතකර මේද සංඝටකයන්ගෙන් සිරුර රැක දෙන බව ද කියැවෙයි. ’මී පුෂ්ප ද ඵල ද ගෙන ’හැලප’ සදා රස බැලීමේ පුරුද්ද ඇතැම් ගැමියන් අතර අදද පවතින බව අනාවරණය වෙයි.  ’මී ඇට’ ගෙන හිඳගන්නා තෙල් වෙනත් දෑ සමග මුසුකර ධුමායනය කර, පරිසරයේ විශබිජ නසා අවට සුවඳවත් කළ බව ද කියැවෙයි. ඈත අතීතයේ ගැමියන් ගේ නිවහන් ආලෝකමත් කල පහන් දැල්වුනේ මෙම ’මී තෙල්’ වලිනි. 

පෙර රජ දවස, ’මී ගස’ ට හානි කිරීම, දණ්ඩනයට යටත් වීමට හේතු වූ බව ද සඳහන්ය. එහෙත් යටත් විජිත යුගයේ අවසන් භාගයේ සියවස් එකහමාරකට පමන පෙර යුගයකදී, ’ඉංග්‍රිසි’ න් විසින් එය අවලංගු කර දමන්නට යෙදුනු බවක් වාර්තා වේ. එතැන් හි සිට, ක්‍රමයෙන් මේ සම්පත පිරිහෙමින් පැවතී, අද ඇස ගැටෙන්නේ ඉඳහිට බව වර්තා වේ.

මේ කරුණු සාධක දැනුවත්, අව්‍යාජ ගැමියන් ම ඒවා සිය කවි ගී සිංදු නිර්මාණයන්හට වැද්දා ගත්හ. 

මේ කවියා අතීතාවර්ජනයක යෙදෙයි. ඔහු සිය සොයුරා සහ දුවපැන ඇවිද ගිය කෙත්යායේ අසිරිය සිහිගන්වයි. ඈත නොව මෑත අතීතයේ ගම්මානයේ දිවි පෙවෙතෙහි අසිරිය වින්දෝ මේ අත්දැකීමේ ලද්දෝ ඒවා නිබඳව සිහිකරති. මනසින් සිය ළපැටි වියට පියමං කරති. ඥාති පරපුරේ ඇත්තන්ගේ ලද ආදර සැළකිලි කවට කෙළි සිනා බස් සිහිවි නෙතු බොඳ කර ගනිති.










---------------

මී ඵල
------------

තමන් සමග එකට දුවපැන ඇවිද ගිය සොයුරු කැළේ සාමාජිකයන්ගෙන් ඇතැමුන් අද මෙලොවින් සමුගෙන ගොස් තිබෙනවා විය හැකිය. හෝ දුරු රටක නුහුරු නුපුරුදු දේශයකට යන්නට සිදුවී, බඩවියත සරි කරගන්නට සිදුවි තිබෙනවා විය හැකිය. එහෙත් ඒ දුරස්වීම් කිසිසේත් යමෙකුගේ අතීත මිහිරි මධුර මතක සේයාවන් බොඳ නොකරනවා මතුනොව ඒවා තව තවත් තිව්ර කරනු නිසැකය. මේ සටහන වෙත නෙත් පහර දල්වා ගත් සහෘද ඔබටද මේ අත්දැකීම් පොදුය. ඒවා හද පාරන්නේය. ඔබටද මටද යළිදු ඒ ගම්මනායට පිවිස දුව පැන යන්නට ඇත්නම් එය කවර නම් සොම්නස් සහගත අත්දැකීමක් වනු ඇද්ද?


මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා ....

මී ගස් යට මී වැහි වැහැලා ...

බාලේ මෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ ....

මට තනියක් දැනෙනවා ..........


දරට ගිහින් කුරුඵ කැලේ ....

මග වැරදීලා......

මං එනතුරු හඞා වැටෙද්දී...

නුඹට දැනුනු පාඵව දුක...

මෙදා මටත් මලේ ... 

නුඹ නැති දා මට තනිකම දැනෙනවා......


පැදුරු කොටේ තුරුඵවෙලා ගොම්මන් යාමේ...

හොල්මන් ගැන කතා කියද්දී...

මගේ ඇගේ දැවටීගෙන අසාවුන්න මලේ ...

නුඹ නැති දා මට තනිකම දැනෙනවා.....

(කුලරත්න ආරියවංශ, පන්ඩිත් අමරදේව - 1980?)

 

(ඇතැම් කරුණු උපුටාගැනීම - නඳුන් ලියනගෙදර - රොවර් මිඩීයා සහෘදයා ගේ අඩවියකිනි)

ගම්මානයේ සුවඳ මෙතැනින් නොම වියැකී යැයි.... සත්දින යුග්මයකින් මෙහි එනු මැනවි.... 


8 comments:

  1. අමරදේව මාස්ටර්ගේ සින්දුවේ විද්‍යාත්මක පැත්තකුත් තියෙනවා බලන් ගියාම....

    මි ගසේ ගෙඩි කන්න එන වවුලන් දාන බෙටි වලින් කුඹුරෙ පසට ඕනා නයිට්‍රජන් පොහොර නොමිලේම එකල ලැබිලා තියෙනවා කියලා අහලා තියෙනවා...

    සිංහල වෙදකමටත් ගොඩක් යොදා ගන්නවා මී ඇට....මමත් ඇති තරම් ඒව කොටලා තියෙනවා බිරිදගේ කොන්දේ අමාරුවකට ගාපු තෙල් වගයකට...

    Mayya

    ReplyDelete
    Replies
    1. ඉතිං , මේවා ලාංකිකයන් හට එතරම්ම සමිපයි. ඔබවැනි දහසක් දෙනාට අඩුවැඩිව එවැනි අත්දැකීම් ඇතිවා සිකුරැයි

      ස්තුතියි !

      Delete
  2. 1978 විතර දියවින්නට ගිහිං ඉඳිද්දී අපි නවාතැන් ගත් ගෙදර ඉස්සරහ කුඹුරු යාය අද්දර රූස්ස මී ගහක් තිබුණා. ඒ ගමේම සෝමේ මල්ලී මී මල් ගැන මට කිව්වා. මාත් උදෙන් නැඟිටලා මී මල් එකතු කරලා වේලෙන්න දැම්මා. ඒත් ඒක සැරෙන්ම වැඩේ එපා වුණා. ගහෙන් වැටෙනකොටම මී මල් ඇතුලේ පණුවො!

    'මී පුප් ලදිම්, දරු නොලදින්' කතන්දරේදී මී පුප් කියන්නේ මේ මී මල්වලට නේද?

    ගිය අවුරුද්දේ බලන්ගොඩ රාස්සගලදී මී මල් දාලා හැදු හැලප වාගයක් ලැබුණා. අතිප්‍රනීත කෑමක්!

    ReplyDelete
    Replies
    1. මේ අත්දැකීම් දහස් වටී. රෝග නසන ආහාර.... ඔව් ඒ ජනකතාව මී මල් ගැනයි. මී තෙල් මෙන්ම කැකුණ තෙල් පහන් ද එදා බලශක්ති ප්‍රභවයන්....

      Delete
  3. https://www.nelda.org.in/15-indian-trees-that-produce-the-most-oxygen/

    ReplyDelete