namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Monday, May 30, 2016

කාංචනා ගේ අන්දරය - (02 කොටස)

කාංචනා ගේ අන්දරය - (02 කොටස) - භවතු සබ්බ මංගලම්


ප්‍රවිණ ගුවන් විදුලි නිවේදිකා මාලා වජිරා පෙරේරා පබැඳූ ගී අතර හමුවෙන සුවිශේෂී නිර්මාණයකි

තම දිවියේ එක්‌වරක්‌ පමණක්‌ අත්විඳිය හැකි අසිරිමත් මොහොතේ එනම් හෙළ කුල සිරිත ලෙස පතිකුලයට යන යුවතිය පෝරුමස්‌තක වු නිමේශයේ ගැයෙන මංගල අෂ්ඨක අතර එන ඉහත පාඨය රැගත් එකම ගී නිර්මාණය එය යෑයි අනුමාන කෙරේ

එවක 70 දශකයේ ගුවන් විදුලියේ දේශිය ගී සම්ප්‍රාදයට ප්‍රමුඛත්වයක්‌ ලැබී තිබිණි ඒ අනුව නිපැයුණු වැඩසටහන් අතරින් සිංහල විරිදු ගීත කලාවේ උන්නතිය උදෙසා එයින් සිදුවූ කාර්යභාරය ද සුඵකොට තැකිය නොහේ

ඒ අනුව ශ්‍රාවකයා අතරට සපැමිණි ශිල්පීන් වූ දයා නෙල්ලම්පිටිය සේන ෆොන්සේකා ට පසුව කියෑවුනේ ශිලා පරණමානගේ නාමයයි

ඇයගේ ශිල්පීය දක්‍ෂතාව ඉන් ඔබ්බට විහිදවාලන්නට අතහිත දුන් ඒ ගීතය සම්බන්ධයෙන් මාලා වජිරා පෙරේරා දොඩමඵ වුයේ මෙසේය

ඕකේ මෙලඩි එක හැදුවේ අපේ ආයතනයේ සේවය කරපු බොහෝම දක්‍ෂයෙක්‌ එයා තමයි සරත් බාලසූරිය

එතකොට අපි පදිංචිවෙල හිටපු මහරගම ගෙදරට ඇවිත් පදමාලාව මගෙන් ඉල්ලාගත්තා

ආලින්දයේ පුටු සෙට්‌ එකේ වාඩිවෙලා එයා අතින් මේසයට තට්‌ටු කර කර කොල කෑල්ලක ඒවා සටහන් කරනවා මං බලාගෙන

ඒ වගේ පුදුම හැකියාවක්‌ තිබුණු කෙනෙක්‌ මට මුණගැසුනාමයි

එයා හදපු මියුසික්‌ නිසා ඒකත් බොහොම ඉක්‌මනට ජනප්‍රිය වුනා කියලයි මම හිතන්නේ

සරත් බාලසූරිය අපේ සංගීතවේදියා ත් මේ වෙලාවේ මා ගෞරවයෙන් සිහිපත් කරනවා

මෙතැනින් සවන්දෙන්න
---
(කාංචනා සත්‍ය සිදුවීමක්‌ ඇසුරෙන් කල නිර්මාණයක්‌ )

සේයා  රූ  විස්‌තර

01 මලා වජිරා පෙරේරා තම දියණිවරුන් සමග



වමේ සිට
තරංගා සම්මානී

(වැඩිමහඵ දියණි)මාලා වජිරා පෙරේරා මහත්මියතුෂාරා රංගනී
(බාලම දියණි)සිතාරා පවිත්‍රානී (සුජාත දියණී රූපවාහිනී හඩ නඵව - චංගුමී හඩකැවීම් ශිල්පිනිය)

02 කඵ - සුදු සේයාරුව - ප්‍රවිණ සංගීතවේදී නැසිගිය සරත් බාලසූරිය (1997)

(ඔහු පිළිබඳව තොරතුරු සඳහා පෙර ලිපි පරිශීලනය කරන්න)


6 comments:

  1. බොහොම බොහොම ස්තුතියි ප්‍රබාත් මහත්තයෝ මේ යට ගියාව නැවත අපට අසන්නට ,දැනගැනීමට සලස්වුවට ....
    සරත් බාලසූරිය යන නම අද සංගීත ක්‍ෂේත්‍රයේ කිසිවකු නොදන්නවා ඇති "මලවුන්ගේ නගරයේ, මාගේ මේ රට වාසනා, ආදර සුබා වාසනා වේවා, ආත්ම ගණනක සිතුවිලි අතරේ" අමතක නැත. චිත්‍රපට සංගීතඥයෙක්‌ ලෙසත් සරල ගී සංගීත නිර්මාණ ශිල්පියෙකු ලෙසත් එවක ප්‍රකටම නිර්මාණශීලී තනු රැසක්‌ දායාද කළ සරත් වැඩිපුරම දක්‍ෂතා පෙන්නුම් කළේ ස්‌වර ලිපි හා තනු රචනාවන් හිදීය.කනට ඇසෙන ඕනම ගීයක තනු රචනාව එවේලේ ලිවීමට තරම් සංගීතාත්මක ස්‌මෘතියක්‌ හා සංගීතාත්මක සාක්‍ෂරතාවක්‌ ඔහුට තිබුනා කියලා අහලා තියනවා ...

    ReplyDelete
    Replies
    1. ස්‌තුතියි ඇණෝ

      ගීයක්‌ යනු පුෂ්පයක්‌ නම් එහි සුගන්ධය තනුව නොවේද ?

      මන්ද බඹරු ඇදෙන්නේ සුගන්ධය ඔස්‌සේ නිසාය

      ඒ පුෂ්ප සුගන්ධය හටගන්වන්නෝ සංගීතවේදීන්ය ඔවුන් එහි සැබැ අයිතිකරුවන් යෑයි මම කියමි

      මන්ද තනුවකින් තොර පදවැල ගීතයක්‌ නොවන නිසාය

      Delete
  2. මේ සටහන් පෙළ දිගටම ලියනවාට ස්තූතිය!! අස්වැන්න බ්ලොගයත් ගීත සාහිත්‍යය ලියනවා. ඔබ කියවනවා ඇතැයි සිතනවා.

    ශීලා පරණමාන්නගේ ගැන ලියවුනු මේ ලිපියේ සරත් බාලසූරිය, මාලා වජිරා පෙරේරා, විජය කුමාරනතුංග ගැනත් ලියවෙනවා. ඡායාරූප කිහිපයකුත් තියෙනවා.

    මෙතැන ක්ලික් කර කියවන්න.

    ReplyDelete
    Replies
    1. අරූ අයියේ ප්‍රභාත් මහත්තයා මුහුණු පොතෙන් බොලොග් වලට කැන්දන් ආවේ මේ සටහන් වල තියන වටිනා කම දැනුන නිසා .ඒ සටහන් එකම තැනකට ගන්න වුවමනා නිසා ...අරූ අය්යලාගේ සහයෝගය ඉතාමත් වටිනවා මෙතනට .බොහොම ස්තුතියි ..

      Delete
    2. අස්‌වැන්න වරක්‌ ඇණෝ විසින් එතැනට මා කැන්දාගෙන ගියා වගේ මතකයි

      ගිහින් බලලම එන්නං අරුණ ස්‌තුතිය පුජා වේවා ෘ

      Delete
  3. හරිම වටිනා සින්දු මේවා . . . මේවායේ ඉතිහාසයත් සමග ප්‍රභාත් ඔබ අපිව දැනුවත් කිරීම පිලිබඳව ඔබට දහස් වරක් පිං !!!

    ReplyDelete