namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Sunday, July 3, 2016

සොඳුරු ගාන්ධාර්වයා - 02 කොටස

අපේ අසල්වැසියාගේ ගී රස කලාවෙන් ඈතට පියමං කල සොඳුරු ගාන්ධාර්වයා - 02 කොටස


අදින් දශක හතරකට ආසන්න යුගයක අතීතයේ උදැසනකට පියමං කරමු

මේ එක්‌දාස්‌ නමසිය හැත්තෑනවය වසරයි

ශ්‍රී ලාංකික සාමාන්‍ය ශ්‍රාවක රසික දනන් හට තිබෙන එකම විනෝද මාධ්‍යයයි විද්යුත් මාධ්‍යය වූ ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මකයි

නිවේදක තැනගේ හඩ සවන කර ලංවෙයි මෙසේ


වේලාව උදැසන නවය පසුවි විනාඩි තිහයි

මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ සිංහල දෙවැනි සේවයයි

මෙතැන් සිට කණ්‌ඩායම් ගී තීරයක්‌

ආරම්භ කරමින් ධර්මරත්න සහෝදරයෝ ගායක කණ්‌ඩායම ගැයූ ගීතයක්‌


එකී විනාඩි පහළොවක තරම් කෙටි කාලයකට සිමා වූ වැඩසටහන එසේ ගුවන් ගත වන තුරු ළමා ශ්‍රාවක අප නොඉවසිල්ලෙන් බලා සිටින්නට හේතුව එයින් ඇසුණු තරමක වෙනස්‌ ආකාරයක සංගීත නාද රටා ඔස්‌සේ හැඩ වැඩ ගැන්වුණු ගීත අසන්නටය

හඩවල් කිහිපයක සම්මිශ්‍රණය
වෙනත් ගුවන් විදුලි සරළ ගීයේ දී නොඇසෙන වාද්‍ය භාන්ඩ
එවයේ දක්‌නට නොමැති රිද්මය

ඒවා කෙරෙහි අප ආකර්ෂනය කරවූ හේතු යෑයි අනුමන කරමි


xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

ධර්මරත්න බ්‍රදර්ස්‌ නම් එකී කෝකිලයන් කන්ඩායමේ සාමාජිකයන් වූයේ එකම පවුලේ අයියා - මලෝ සහොදරයන් හතරදෙනෙකි

මේ කණ්‌ඩායම එදා ගැයූ ගීතයන්හි පද රචකයා තනු නිර්මාපකයා සංගීත සංයෝජකයා බොහෝ අවස්‌ථාවන්හිදී පාහේ එකම අයෙකු විය

ඔහු මේ සංවාදයේ ද එකී කණ්‌ඩායමේද නියමුවාණෝ වූ එදා රසික දන තුඩග රැව්දුන් මෙල්රෝයි ධර්මරත්න ප්‍රවිණ සංගීතවේදියාණන්ය

මෙතැන් සිට පිළිවෙලින් දිගහැරෙන්නේ ඔහුගේ කථාවයි

අයුබෝවන්

ප්‍රථමයෙන් අපේ මව පිළිබඳව මුලින්ම සඳහන් කළ යුතුය

ස්‌ටෙලා ධර්මරත්න නම් වූ ඇය මෙල්රෝයි ධර්මරත්න නම් ගායකයා සිංහල ගීත ක්‍ෂේත්‍රයට බිහිකරන්නට උරදුන් මහා බලවේගය ඇය බව ගෞරව පූර්වකව පළමුව සඳහන් කරමි

මාගේ ළමාවිය ගතවුයේ අප එකල දිවිගෙවු කොළඹ නගරයේම කොටසක්‌ වූ කොටහේන ප්‍රදේශයේය

අපේ පවුලේ සහෝදර සහෝදරියන් සයදෙනෙකු වූ අතර දෙටු සොයුරියන් දෙදෙනෙකුද දෙටු සොයුරන් තිදෙනෙකුට පසුව පවුලට එකතුවුනු අවසන් සාමාජිකයා වුයේ මා ය

අප පවුලේ වැඩිමහල් සමාජිකයා ක්‍රිස්‌ටි ය ඔහු හා මා අතර වයස්‌ පරතරය වසර නවයක්‌ පමණය දෙවැන්නිය දැන් අප අතර නැති ස්‌විටීය

අපේ කණ්‌ඩායමට සම්බන්ධ ළමා ගායිකාව ශිරෝමි ප්‍රනාන්දු ඇයගේ එකම දියණියයි

තෙවැන්නා මැක්‌ස්‌වෙල් ය ඔබට අතරින් පතර ඇසෙන අපේ කන්ඩායමේ ඒකල ගී හඩ ඔහුගේය තවද අපගේ නිර්මාණ අතර හමුවන වැහිදාක ගගණෝදරේ මතුවූ රිදී ඉරේ නමින් ඇරඹෙන එකම තනි ගීතයේ හඩ මුසුව ඔහු විසිනි අපේ සතරවැන්නිය වූ ෂර්ලි අප්‍රසිද්ධය ඇය කන්ඩායමේ උපතට ත් පෙර සමනල් වියේදී දෙව් මව් තුරුලේ සැතපුනේ 1964 තරම් ඈත කාලයකදීය මට ආසන්න වයසේ පස්‌වැනි සාමාජිකයා වැඩිමහඵ සහෝදර රොනල්ඩ් ද අප හැර ගොසිනි

ස්‌විටි අක්‌කා සහ ඇගේ සැමියා ජා ඇළ ප්‍රදේශයේ වෙසෙද්දී දියණිය වූ පෙර පාසල් වියේ ශිරෝමි හැදුනේ වැඩුනේ ද විසුවේ ද කොටහේනේ අපේ නිවසේය

මා හා රොනල්ඩ් අයියා ද අපේ මව ද සමග ඇය ද හරි හරියට ගීත ගයන්නට පුරුදුව සිටියේය

මා ඇතුඵ පිරිමි සාමාජිකයන් අකුරු කලේ අපේ නිවසට යාබ\දව පිහිටා තිබුනු කොටහේන ශාන්ත බෙනඩික්‌ට්‌ විදුහලේය

එහිදී මගේ කලා කටයුතුවලට ලැබුනේ අපිරිමිත සහයකි කළඑළියකි

සිංහල සිනමාවේ අමරණිය රංගනශිල්පී නැසිගිය විජය කුමාරණතුංගයන් අපේ පංතියේය එමෙන්ම රවින්ද්‍ර රන්දෙණිය රොබින් ප්‍රනාන්දු යන මේ දෙදෙනා මට වසරකින් දෙකකින් ඉහල පංතිවල අකුරු කළහ

අදට වඩා එකල නිතර සංගීත උළෙලවල් සැඳැ සාද දක්‌නට තිබුණු බව කිවයුතුයි සංගීතයට ගීයට මහත් සේ පෙම්කළ ඈ නිවසේ තිබුනු හාර්මෝනියම් වාද්‍ය භාන්ඩය වාදනය කරමින් නිතර ගායනයේ යෙදුනු අතර පවුලේ බඩපිස්‌සා වු මාද රොනල්ඩ් අයියා ද පවුලේ හා අසල්වැසි සාදයන් ගී ගැයිමට ද ඊට අමතරව පාසලේ නිතර පැවති සියඵ කලා කටයුතු වලටද යොමුකරවන ලද්දේ ඇයගේ මැදිහත්වීමෙනි

පාසලේ පහළ පංති වලදී ජම් රිව්ස්‌ හා වෙනත් s බටහිර ගායකයන්ගේ ජනප්‍රිය ගීතයන්ට සිංහල වදන් පුරුද්දා ඒවා ගායනා කිරීම එවකට මගේ ප්‍රියතම විනෝදාංශයන් අතරින් එකකි


මුලින් අරුත්සුන් බවකින් යුතුවුවද පසුව කාලයාගේ ඇවෑමෙන් කිසියම් අදහසක්‌ ඇතිවන ලෙසින් ඒවායේ පද රචනා දියුණු තියුණු කරගන්නට සමත් විනි

ක්‍රමයෙන් ඉහල පංතිවලට පිවිසීමේදී මගේ ලේඛණ කලාවද ක්‍රමයෙන් දියුණු වූ අතර පුවත්පත් සගරා ආදියට ලිපි ලිවිමේ නොනිත් ආශවෙන් පෙළෙන්නට වූයෙන් එය කෙසේ කරගනිම්දැයි විමසිල්ලෙන් පසුවිය

ඊට පිවිසීමේ දොරටු විවර කරගැනිමට යතුරු අපේ පවුල තුලින්ම සොයාගන්නට හැකිවුයේ මගේ දෙටු සොයුරියට පින් සිදුවන්නටය

ඇය ඒ අවධියේ සේවය කරනු ලැබුවේ කොළඹ පිටකොටුව ප්‍රදේශයේ පිහිටා තිබුණු ගුණසේන ආයතනයේය ඔවුන් එවකට දිවයිනේ ප්‍රමුඛතම පුවත්පත් ගණනාවක ප්‍රකාශකයන් ද විය


ඇයගේ නිර්දේශය හා දැන හැඳිනගැනීමෙන් ඵල ප්‍රයෝජන ලබාගත් මා එයින් පළකෙරුණු සවස පුවත්පතේ කර්තෘධූරය දැරු වෙ වි අබයගුණවර්ධන මහතා ගේ අනුදැනුම මත ඊට ලිපි සපයන්නට පටන් ගත් අතර ඒවා බොහොමයක්‌ විදේශ සගZරාවන්ගෙන් උපුටාගෙන මා විසින්ම සිංහලට පරිවර්තනය කරගත් ඒවාය

එහිම පළකෙරුණු විසිතුර සිනමාකලා සගරාවේ කර්තෘත්වය දැරු ආතර් යු අමරසේනයන් ගේ අණුදැනුම මත එහිද මගේ ලිපි පළකරන ලදී

නමුත් මෙහිද සඳහන් කළයුතුම කරුණක්‌ වන්නේ මගේ පුවත් පත් කලා චාරිකාවට අත්පොත් තැබු මුල්ම ලිපිය පළකරවාදුන් නැසිගිය ප්‍රවිණ පුවත්පත් කලාවේදී ආරියරත්න කහවිටයන් පිළිබඳව මතකයයි

ඔහු එවකට කේ ගුණරත්නම් නම් දැවැන්ත සිනමා ව්‍යාපාරිකයාගේ රැ නිෂ්පාදකයා යටතේ පාලනය වූ සිනමාස්‌ සමාගම විසින් පළ කෙරුණු කලා සගරාවේ කර්තෘ ධූරය හොබවමින් සිටියේය

ඔහු පිළිබඳව වැඩිමනත් හැඳින්වීමක්‌ කරනු රිසියෙමි එවකට මහත් සේ ජනප්‍රිය ගායිකාවක්‌ ලෙස කටයුතු කල මල්ලිකා කහවිට ශිල්පිණිය ගේ සැමියාණන් ලෙසද එතරම්ම ජනප්‍රසාදයට ලක්‌ව සිටි සිනමා නිළි ස්‌වර්ණා කහවිට ගේ වැඩිමහල් සොයුරාණන් ලෙසද ඔහුව ඔබට හඳුන්වා දෙන්නෙමි


1964 -65 ලෙස මගේ මතකය විසින් දැනුම් දෙන මේ කාලය සිංහල සිනමා - ගීත - නාට්‍ය - සාහිත්‍ය කලාවන්හී ප්‍රබෝධයක්‌ ඇතිවෙමින් තිබුනු අවධියයි

මේ අතරවාරයේ මා කුඩා අවධියේ සිටම පුරුදු පුහුණුකරගත් තනුවට වචන දැමිමේ ශිල්පය වඩාත් හොඳින් ප්‍රගුණකරවාගෙන තිබිණි

එවක 1960 දශකයේ මුල් භාගයේ ජනප්‍රිය පොප් ගායිකා ජොඅන් රීගන් (Joan Regan) ගේ papa he love mama ගීයට සරළ සිංහල පදවැලක්‌ මුසුකරවා ළමා ගීයක්‌ සකසාගෙන තිබු අතර එය පෙර පාසල් වියේ කුඩා ශිරෝමිට පුහුණුකරවමින් තිබිනි

listen well while I tell you a story... 
පොඩිකලේ දගකෙරුවාම
of a boy and the girl in the spring.....
at the first flower burst in the glory.....
and i heard every bird start to sing......

papa he love mama...
mama she loves papa....


‍මෙම මුල් ගීතයට මෙතැනින් සවන්දෙන්න

පොඩිකලේ දගකෙරුවාම
අඩමින් කරදර කෙරුවාම
ඔබ දෑතට අරගෙන මාව
නළවා දොයි දොයි කිව්වා

අම්මා පෙම්බර අම්මා
තාත්තා පෙම්බර තාත්තා

මෙතැනින් සවන්දෙන්න
නම් ඒ පදවැළ ඇය නිවසේ එහා මෙහා යමින් සුරතල් හඩින් නිතර ගැයුවාය



ඔබට ස්‌තුතියි
ඉතිරි කොටසින් යළි හමුවෙමු.....................(The end of part 02)

5 comments:

  1. ඇත්තටම "පොඩි කාලේ දග කෙරුවාම" වගේ ගීත මෑතකදී නම් ඇහෙන්නේ නැති තරම්. ඒත් ළමා වැඩසටහන්වලනම් ඉද හිට ඇහෙනවා. අදත් මේ ලිපිය වටිනවා. ලිපි පෙල නවත්වන්න එපා කියලත් ඉල්ලා සිටිනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්‌තුතියි දුමින්ද සුපුරුදු අදහස්‌ වලට

      ඔව් මතුයම් දිනක මේවා රසිකයන්ට ද පමණක්‌ නොව පර්යේෂකයන්ට පවා කුමන හෝ අයුරකින් ප්‍රයෝජනවත් වේ යෑයි සිතා පළකරමි

      ඉදිරි කොටස්‌ කිහිපයද මතු පළකරන්නට අදහස්‌ කර සිටිමි

      Delete
  2. බොහොම ස්තුතියි ප්‍රභාත් මහත්තයෝ ....අපුරු විස්තරයක්. ලියන බව දන සිටියා ..ජයවේවා !!!

    ReplyDelete
  3. ස්‌තුතියි පෙරළා ඔබට

    ඔව් මේ ගීතයක යටගියාව හෙළිදරවු කරන්නට ලැබීම සතුටට කරුණක්‌

    ReplyDelete