namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Sunday, July 24, 2016

සොඳුරු ගාන්ධාර්වයා - 03 කොටස

අපේ අසල්වැසියාගේ ගී රස කලාවෙන් ඈතට පියමං කල සොඳුරු ගාන්ධාර්වයා - 03 කොටස


 
බහුතරයක්‌ ගුවන් විදුලිය ට පෙම් කරණ එදා ශ්‍රාවකයන් ද වෙළඳ තැටි කැසට්‌ රසිකයන් ද ඔහු හඳුනන්නේ ධර්මරත්න බ්‍රදර්ස්‌ කෝකිල කැළෙහි සාමාජිකයෙකු නමින් පමණක්‌ බව පෙනියයි
නමුත් එපමණකුදු නොවේ මෙල්රෝයි ධර්මරත්නයන් තනුවට වදන් ඇමිණිමේ ශිල්පයේ ශූරයෙකි කෙළ පැමිණියෙකි පසුව ගී පදමාලාකරණයෙන් ස්‌වකීය නිර්මාණ හැකියාව දියුණු තියුණු කරගත්තෙකි

 
එතැනින් නොනැවතුනු ඔහු තමාම ඒවාට මියුරු තනු සම්පාදනය කරනු ලැබ එයිනුදු ඔබ්බට ගොස්‌ සංගීත සංයෝජනය කිරීමේ කලාව ද සිරූවෙන් ප්‍රගුණ කරනු ලැබ බටහිර හාර්මනි ශිල්පය පාදක කොටගත් නිර්මාණ ගණනාවකින් තම ගායක කණ්‌ඩායම පෝෂණය කලේය

තමන්ට ලැබුනු සිමිත විවේක කාලය සම්පුර්ණයෙන්ම සිංහල ගීත කලාවේ එක්‌ ඉසව්වක්‌ වෙනුවෙන් කැපකරනු ලැබ දිවයින වටා සැරසරමින් බටහිර ගී පමණක්‌ රසවිඳින්නට පුරුදුව සිටි රසික කැළක්‌ සිංහල ගීතය වෙත කැන්දාගෙන ආ පුරෝගාමි නිර්aමාණපරපුරේ ප්‍රමුඛයෙකු විය

 
ඔහුට රසික ඔබට කියන්න ඇති දෑ තව බොහෝය

 
සවන්දෙන්න ඔහුට එතැන් සිට යළිත්


----------------
මා මතකය අවදිකරන්නේනම් ඒ කාලය ට මදක්‌ පෙරාතුව නීනා හා ෆෙඩ්රික්‌ ( NINA and FREDERIK)  යුවළ විසින් ගයා එවක නිතර ඇසුණු MARY'S BOY CHILD JESUS CHRIST .......නම් බටහිර ගීය ටද මා විසින් සිංහල වදන් පෙළක්‌ අමුණා තිබිනි ඒ අප නිවසේ හා ඥාති - මිතුරු කැළ එකතුව පැවැත්වුණු නත්තල් ගී උත්සවයන් හී ගැයිම පිණිසයි

MARY'S BOY CHILD JESUS CHRIST ....... මෙතැනින් අසන්න


ඒ ගීය ජිම් රීව්ස්‌ විසින්ද පසුව රොක්‌ ශෛලියෙන් බොනිඅම් ගායක කන්ඩායම විසින් 70 දශකයේ දී ගැයු ගීතිකා ගණයේ නිර්මාණයකි


කලකට පෙර ඒ බෙත්ලෙහෙම ශූද්ධ වූ නගරේ
ජේසු මෙළොවට බිහිවුනේ පුංචි ගවමඩුවේ


මේ ගීතය පසු අවස්‌ථාවක තැටිගත කරනු ලැබ තිබියදී මා වෙත ගලා ආ ප්‍රශංසනාත්මක සුභ පැතුම් බොහෝ විය ඒ අතර විශේෂයෙන් සඳහන් කළ යුත්තේ වර්තමානයේ ලාංකික කතෝලික ප්‍රජාවගේ නායක දුරන්දර පුජ්‍ය මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් එදා එය පසසා මා වෙත දැක්‌වූ ප්‍රතිචාරයයි 


එහිදී එතුමාණන් ගේ නිවසේ මේ ගී තැටිය වාදනය වන්නට සළස්‌වා නිතර අසා රසවිඳින්නට පුරුදු ව සිටි බව දන්වනු ලැබීමයි

මේ අතරවාරයේදී එක්‌තරා දිනකදී නිරායාසයෙන් සිතේ ඇඳුනු අදහසක්‌ අනුව ලියෑවුනු පද පේලියකට සොයුරු රොනල්ඩ් විසින් තනුවක්‌ යොදනු ලැබ අප විසින් මුමුණමින් තිබිනි


ඈත හෙමින් වලා රොදක්‌ පාවෙනවා

අහස්‌ කුමාරයා තවම කදුඵ සලනවා
හෝ වැස්‌ස වහිනවා


ඒ අප සංගීත කන්ඩායමේ අනන්‍යතාවය තහවුරු කල හැරවුම් ලක්‌ෂ්‍යකැයි මම කියමි මක්‌ නිසාද ඒ ධර්මරත්න බ්‍රදර්ස්‌ හි මුල්ම සම්පූර්ණ ස්‌වත්‍රන්ත්‍ර නිර්මාණය නිසාවෙනි


විවහයෙන් පසු අපේ නිවසේ ම පදිංචි ව සිටි රොනල්ඩ් අයියා සමගින් අප දෙදෙනා එකතු ව ඉහත කී ගීත සාද සමරු උත්සව වෙනත් එවන් අවස්‌ථාවන් ට නිරතුරුව ම සහභාගි වෙමින්
මේ ගී යුගලය ගයන්නට පටන් ගතිමු


අපේ සංගීත භාන්ඩ වු බොංගෝ සහ බොක්‌ස්‌ ගිටාර් පමණක්‌ වු අතර ඒවා ට ලැබුනු උණුසුම් ප්‍රතිචාරය අප දිරිමත් කරන සුඵ විය

මේ කාලයේ දීම රැල්ලක්‌ මෙන් ලොවපුරා පැතිර ගිය යව්වනයේ ගායක කණ්‌ඩායම් සංකල්පය අනුව මෙහිද ක්‍රම ක්‍රමයෙන් ඒ හාර්මනි ක්‍රමවේදය අනුගමනය කළ යොවුන් ගායක කන්ඩායම් කිහිපයක්‌ බිහිවී ජනප්‍රිය වෙමින් තිබිනි


මිගමුවේ නෙවිල් ප්‍රනාන්දු ගේ ලොස්‌ කැබැයියරෝස්‌ (LOS CABELLIROS) ඒ අතර ප්‍රමුඛයන් වූ අතර


රත්නපුරයේ ක්‌ලැරන්ස්‌ විජේවර්ධන ගේ මූන්ස්‌ටෝන්ස්‌ ද කෝට්‌ටේ නොයෙල් රණසිංහ ගේ ලා සිලනියන්ස්‌ වැනි වෙනත් ගායක කණ්‌ඩායම්ද ඒ වනවිටත් ක්‍ෂේත්‍රයට පිවිස සිටි බව මතකය

ඒ අනුව යමින් අප දෙදෙනා රසිකයන් අතර ධර්මරත්න බ්‍රදර්ස්‌ නමින් හඳුන්වාගන්නට තීරණය කෙරිනි


1966 වසර ගතවෙමින් තිබු අතර අපේ යොවුන් සංගීත කණ්‌ඩායමේ ශක්‌තිය උරගා බැලීමේ මහගු අවස්‌ථාවක්‌ එළඹෙමින් තිබිණි

ඒ කොල්ලුපිටියේ මෙතෝදිස්‌ත දේවස්‌ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ ගායනා තරගයකට ඉදිරිපත් වීමට අවස්‌ථාවක්‌ එළඹීමෙනි

ඊට මුල් වී තිබුනේ අපේ මවයි ඇය අප වෙනුවෙන් ඊට අයදුම්පතක්‌ ඉදිරිපත් කර තිබිණි


කේවල යුගල හා හර්මනි (කන්ඩායම්) ඉසව් යටතේ වර්ගීකරණය කෙරුණු එහි අප සහභාගිවන්නට නියමිතව තිබුනේ කන්ඩායම් ධාරාව යටතේය


ඒ සඳහා පෙර පුහුණුවිම් පවත්වන්නට සෙනසුරාදා සවස්‌ වරුවත් ඉරිදා දිනයත් යොදාගන්නට තීරණය කෙරුණේ අපේ රාජකාරි කටයුතු වලට බාධා නොවීම පිනිසය


තරග දිනය උදා වූ අතර සුපුරුදු ගීත යුගලය අප විසින් ගායනා කරන ලද අතර ඒකල කාණ්‌ඩයේ දී කුඩා ශීරෝමි තරග කරන ලදී

ආරාධිත ගායක කණ්‌ඩායම ලෙස එහි කැඳවා තිබුනේ එවකට නම්දරා සිටි අපේ පූර්වගාමී හාරමණි ගායකයන් වූ මූන්ස්‌ටෝන්ය

ප්‍රථිපල නිකුත්වීමේදී අප කන්ඩායම ද ශීරොමි ද අදාළ ඛන්ඩයන්හි දෙවැනි ස්‌ථාන දිනා ගන්නා ලදැයි නිවේදනය කරන ලද්දේ අප හා අප සහයක රසිකයන් ගේ ප්‍රිතිඝෝෂා මධ්‍යයේය


මුන්ස්‌ටෝන්ස්‌ කන්ඩායමේ සමාජික ක්‌ලැරන්ස්‌ ඇනස්‌ලි ඇතුඵ පිරිසගේ සුභාශිංෂන මධ්‍යයේ අප ගායක කණ්‌ඩායම් සියල්ල එකතුව මතුයම් දිනක ප්‍රසංගයක්‌ සංවිධනය කිරීමේ යෝජනාවක්‌ ඇතිකරගන්නාලදින් යළි දිනක හමුවන බලාපොරොත්තුවෙන් අප කලා දිවියේ තවත් කඩඉමක නිමාව සටහන් විය


මේ යුගයේදීම ලංකා ගුවන් විදුලියේ ද සංගීත ප්‍රතිපත්තියේ එක්‌තරා පෙරළියක්‌ සිදුවෙමින් තිබිණි ඒ කවරෙක්‌ද ?


---------------------------------------------------------
 ධර්මරත්න සහෝදරයෝ පස්‌වැනි සංවත්සර ප්‍රසංගය තේමා ගීතය - 1971 නවරගහල   කොළඹ

පුංචි කොල්ලෝ හතරදෙනෙක්‌
මව් උකුළේ නැලවුනා
දරු නැලවිලි ගීයක්‌ ඇගේ මුවින් පිටවුනා
පුංචි කොල්ලො දුරයන බව මවට තේරුණා

එකම එක කුසේ බිහිව එකට හැදෙනවා
එකට එකතු වි සංගීතය පතුරනවා
වැස්‌ස වහිනවා වැස්‌ස එළිය දකිනවා
අපි සහෝදරයෝ හතර දෙනෙක්‌ ගීත ගයනවා
අපි සහෝදරයෝ හතර දෙනා රස හැගුම් මවනවා

රතුපිට රතු රෝස කුසුම් අතුරපු පාරේ
යටින් තියෙන්නේ කටු බව දෙපයට තේරේ
මවගේ ඔවා එළිය දුන්නා යද්දි කඵවරේ
ආව ගමන මතක්‌ වෙලා කඳුලැලි වැගිරේ


විසකුරු නයින් ඉන්න බෙනේ මැණිකක්‌ තිබුනා
ඒ මැණික ලබා ගන්නට අප හරිම වෙහෙසුනා
සමහර අය අපයන මග අවුරා තිබුනා
මැණික ලබා ගන්න හුග දෙනෙක්‌ උදව් වුනා


ඉහතින් දක්‌වා ඇත්තේ ක්‍රිස්‌ටි මැක්‌ස්‌වල් රොනල්ඩ් හා මෙල්රෝයි 1971 දක්‌වා පස්‌වසරක ඇවෑමෙන් එතුවක්‌ පියමං කල ඔවුන්ගේ සංගීත චාරිකාවේ වෘතාන්නයයි

ඒ වෙනුවෙන් කොළඹ රාජකීය විදුහල් ශාලාවේ එනම් නවරගහලේ පැවැත්වූ පස්‌වැනි සංවත්සර ප්‍රසංගය වෙනුවෙන් නිකුත් කල සමරු කලාපයේ පූර්විකාවයි

ඉන් පසු වසරේදී ඔවූහූ එය කොළඹ ච්ල්රන්ස්‌ බුක්‌ෂොප් ආයතනය වෙනුවෙන් එහි අධිපති ජෙරල්ඩ් වික්‍රසූරියයන්ගේ ඇරයුමෙන් තැටියට නගන්නට යෙදුණි

ඒ කැළණිය දඵගම සරසවි ශබ්දාගාරයේදී ය

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ එවකට වැඩසහන් අධ්‍යක්‍ෂවරයෙකු ලෙස කටයුතු කර ලිවි විජේමාන්න මහතාගේ කාරුණික අනුග්‍රහය යටතේ ඉංග්‍රිසි සේවයේ නිවේදක විජය කොරයා විසින් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් කල සංවත්සර වැඩසටහන් වෙනුවෙන් තමන්ගේ අවංක ආදර ස්‌තුතිය පිරිණමන බව පැවසුව

මෙල්රෝයි ධරම්රත්නයන් එහි පටිගත කිරීමේ රසමුසු අවස්‌ථාවක්‌ මෙලෙස සිහිකරනු ලැබීය


ඕක රෙකෝඩ් කරනකොට සරසවි ස්‌ටුඩියෝ රෙකෝඩින් ඉන්ජිනියර් මර්වින් රොඩ්රිගෝ මහත්තයා ට මම උපදෙසක්‌ දුන්නා පුඵවන් නම් චියරින් සවුන්ඩ් ට්‍රැක්‌ එකක්‌ එයට එකතු කරන්නට කියලා මොකද අපි ඒ දිනවල බටහිර සජිවි පටිගතකිරීම් අසා තිබුනා මටත් එය අනුකරණය කරන්නට  සිතුණ නිසයි එසේ උපදෙස්‌ දුන්නේ

තිබුණු අවම තාක්‍ෂණික පහසුකම් යටතේ ඔහු එය හැකි උපරිම අයුරින් ඉටුකොට තිබීම සතුටට කරුණක්‌


...... මෙතැනින් අසන්න



මදකට නිහඩවෙමින් විරාමයකින් හමුවෙමි ඔබ........
 

5 comments:

  1. ඉතුරු ටිකත් කියවන්න බලාගෙන ඉන්නෙ ඔන්න

    ReplyDelete
    Replies
    1. ඔව් ඉදිරි කොටස්‌ වඩාත්ම රසවත් යෑයි සිතනවා ස්‌තුතියි ඔබේ සටහන වෙනුවෙන්

      Delete
  2. වෙනදා වාගේම අපූරු විස්තරයක් රාජසූරිය මහත්තයෝ ...මේවා අනාගත ආයෝජනම තමයි .ජයවේවා !!!1

    ReplyDelete
    Replies
    1. අනාගත ආයෝජනය

      එයයි මෙහි ප්‍රථම මුල්ම හා වඩාත් වැදගත්ම අරමුණ

      මට හෝ අපට නොවෙයි මෙළොව එළිය නොදුටු සංගීතවේදීන්ටයි ගී පද රචකයන් ගායකයන් කලාකරුවන් උදෙසායි ඔවුන් මෙයින් යමක්‌ උකහ ගනු ඇත පරිශීලනය කරනු ඇත

      අද අප එදා මේවා ලියා තැබුවෝ කියන්නා සේ

      ස්‌තුතියි ඇණෝ සහෘදය ඔබේ සහයෝගයට සුපුරුදු ලෙසම

      ඔබේ ගී රස පවස නොනිවි දැල්වී තිබේවා දොළොස්‌මහේ පහන සේමා


      Delete
  3. මෙල්රෝයි ධර්මරත්නයන් විසින් කළ අනෙකුත් නිර්මාණ ධර්මරත්න සහෝදරයෝ සංගීත කණ්ඩායමේ නිර්මාණයන් අභිබවා ගිය බවක් මට හැඟෙනවා...
    ඒ මම වඩා ප්‍රිය කරන්නේ ඒ ගීතයන්ට නිසා දැයි කියන්න අමාරුයි..
    කෙසේ වෙතත් මේ ඉදිරිපත් කිරීම් සිංදු ඇනෝ කිව්වා වගේ අනාගත ආයෝජනයන්..
    ස්තුතියි ප්‍රභාත්....
    ජයවේවා......................

    ReplyDelete