namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Monday, August 21, 2017

එදා ඇසුණු සොඳුරු ගීයක අඳුරු වරුණ .....

මැලියම් - යකඩ ඇණ සංගීත පාලකවරුන්ගේ විජිතයක තතු - 1971

අතිබහුතර සාමාන්‍ය වැසියන් ගී රසිකයන් - සිනමාලෝලීන් වූ ද සුන්දර ගී රන් යුගය වු ද 70 දශකය අඩසියවසක ට පසුව වත්මන් යුගය හා සැසඳීමේදී සැළකිය යුතු තරමින් වෙනස්‌ වන්නේ කරුණු ගණනාවකිනි 

21 සියවසේ දෙවන දශකයේ ද අවසානයට එළඹුනු කාලය ලෝ දහමට නතු වෙමින් මැවු අරුමයේ ධනාත්මක සාධක මෙන්ම ඊට යටින් සෘණාත්මක සාධක ද බෝහෝය

එදවසට වඩා  අද ගී ලොව මහත් විපර්යාසයකට ලක් වි ඇති බවක් පෙනියයි

වසනාවකට හෝ අවසනාවකට එදවස ඉහත කී අති මහත් රසික කැළ පිනවන්නට පෙරමුණ ගත්තේ සර්වබලධාරී ඒකාධිකාරී එකම රාජ්‍ය විද්යුත් මාධ්‍ය වු ගුවන් විදුලියයි


ඉහත ජනකාය අතරින් ගී රස උන්මාදයෙන් පෙලුණාවු රසික දනන් සිය හැකියාවන් දියුණු තියුණු කරගනිමින් උදේ හවා එහි ඇළි ගැළෙමින් ගායන ලොවට පිවිසෙන්නට වරම් පැතිය යුත්තේ ද එයිනි

ඒ ද නෙක වරක්‌ වැට කඩොඵ පසුකරමින් බාධක හිරිහැර විඳ ගනිමින්ය 

එකී දැවැන්ත අභියෝගය කරට ගන්නට මැළි වුයේ නම් ඉතිරිව තිබුනු එකම විකල්පය වුයේ අද මෙන්ම සිය බරපැණ යොදවා වෙහෙස දරා කැප වී තමන් විසින්ම පෞද්ගලිකව ගී නිර්මාණය කර ගැනීමයි
එය එසේ නමුදු අවසානයේ ඒවයේ ඉරණම තීන්දු කරවන සර්වබලධාරයා ද වුයේ ඉහත කී ගුවන් විදුලියයි 

මන්ද යත් වත්මනෙහි මින් මිල මුදල් අත නොගැවසුනු අති බහුතර සාමාන්‍ය ගී රසික දෙසවන් ආමන්ත්‍රණය කරන්නට සුපිරි වරම් ලැබ තිබුනේ ඊට හෙයිනි

අංකුර සංගීතඥයන්ගේ ද ගායකයන් ගේද අනාගතය නම් ගැල් රථය ඇදි ගොණුගේ රැහැන් පට දෙඅත රඳවා සිටි රථාචාර්යයා ඒ යුගයේ මෙකී ආයතනයේ සුපිරි තනතුරක්‌ වු සංගීත පාලකවරයාය

මේ සටහන එදා මතු නොව අද රසිකයන් ද සිය මධුර නාදයෙන් වසග කල එදා නවකයෙකු එදා සිය නිර්මාණ බිහිකරන්නට දැරූ වෙර වීරියේ පසුබිම් කථාවයි

මේ 1971 වසරයි


සිය නොසංසිඳෙන ගී පිපාසාව මදකුදු හෝ සංසිඳවාගනු පිනිස එක්‌තරා යෞවනයෙකුට සිය හඞින් ගීතයක්‌ පටිගත කරගන්නට සිතක්‌ පහළ වී තිබුනි ඒ සඳහා නම්දැරූ තැනැත්තන් අතර එදා ප්‍රේමකීර්ති ද අල්විස්‌ නාමය ද ඉහළින්ම කියෑවි තිබුනෙන් ඔහු ගේ දායකත්වය ඒ සඳහා නොමසුරුව පිරිනැමිනි

ගීත කලාව අත්මය කරගත් ඔහු තමා සන්තක ධනය ඒ සඳහා ආයෝජනය කරන්නට කිසිවිටකුදු මැළි නොවී එය පෞද්ගලික පටිගත කිරිමක්‌ ලෙස සිදුකරන්නට තීරණය කරගත්තේ එහි ඇදි දැඩි අවදානමද සිය උරමත පවරා ගනිමිනි

ඒ කිනම් අවදානමක්‌ද යත් ගීතය ජනගත කිරීමේ ඒකාධිකාරී බලය සතු වු ගුවන් විදුලි සංගීත පාලකතුමාණෝ ගේ ලිබීත අනුමැතිය ලැබීමේ වගකීමයි ලක්‌ වැසියා රජයේ ගුවන් විදුලියෙන් ශ්‍රවණය කළයුත්තේ ඔහු කැමති ගීත හෝ ඔහුගේ ඉහළ නිලදරුවන් සිත්ගත් ගීත පමණක්‌ වු හෙයිනි 

ඒ අනුව ලංකිය සිංහල ගී රසිකත්වය ද සංගීත ප්‍රතිපත්තියද තීරණය විය යුත්තේ ඔහු සහ ඔහුගේ සංගීත ආර වු හින්දුස්‌ථානි සංගීතය ළැදි කල්ලිය විසිනි 

මින් වසර 7 කට පසුව එළඹි වීවෘත ආර්ථිකයේ ප්‍රතිඵලයක්‌ ලෙස පෞද්ගලික සංගීත රසවින්දනය ට පදනම් වු කැසටයේ ආගමනයෙන් තුනී වී තවත් වසර 16 කට පසුව ලාංකිය විද්යුත් ජනමාධ්‍යයේ එකාධිකාරය බිඳවැටෙන තුරු ම තත්වය මෙසේම විය එය කෙසේ වි නමුදු අන් සියඵ අවස්‌ථාවන්හිදී මෙන්ම මෙහිද අනිටු ඵලවිපාක ද ඉෂ්ඨාර්ථයන්ද ප්‍රකට වුවද දෙවැන්න ඉක්‌මවා පළමුවැන්න පෙරමුණ ගැනීම වෙනම සාකච්ඡාවට බඳුන් විය යුතු කරුණකි

මේ නිර්මාණයට තමන් විසින්ම මුසුකල තනු රටාවේ හැඩ වැඩ අලංකරණ සඳහා සිය හිත මිතුරු යොවුන් ගීටාර් වාදකයෙකු වු උපාලි කන්නංගර වෙත පවරණ ලදී

දැන් ඇත්තේ අවසාන එසේම වඩාත් භාරදුර කටයුත්තයි ඒ සඳහා ඔහු ගේ තේරීම එවකට ක්‍ෂේස්‌ත්‍රයේ ප්‍රවිණ පටිගත කිරීමේ ශිල්පී ඕගී රණවිරයන්ය ක්‍ෂේත්‍රය පිළිබඳව රණවිරණයන් සතු පුඵල් අවබෝධය ඔහු මනාව පසක්‌ කරගෙන සිටියේය

සත්‍ය ලෙසම ඔහු මේ සුන්දර නිර්මාණයේ පසුබිමේ යෝධ සෙවනැල්ල විය ඒ උපදෙස්‌ ගරු කොට ගුරු කොට ගත් අප කථා නායකයා ඔහුගේ අදහස ක්‍රියාත්මක කරන්නට ඉඩ හැරියේය ඒ අනුව එවක සිංහල ගීතයන් සඳහා ඒ දක්‌වා භාවිතා නෙවුනු තරම් වු රිවර්බ් (Reverb) නම් තාක්‍ෂණික ප්‍රයෝගය ඊට යොදා ගනු ලැබිය

මේ නිර්මාණයේ සුවිශිතා එපමණකින් අවසන් නොවේ සංගීතඥ ප්‍රවිණ ගිටාර් වාදක උපාලි කන්නන්ගර වෙළඳ පටිගතකිරීමක්‌ සඳහා සංගීත අධ්‍යක්‍ෂණය කරමින් තමා විසින්ම ලිඩ් ගිටාරය වැයු මංගල මොහොත ද එයම විය

එසේම පසුව ගීත කලාවේ පසුබිම් වාදක මන්ඩලයේ දැවැන්තයෙකු වු මහින්ද සිල්වා නම් යොවුන් ඩ්‍රම්ස්‌ වාදකයාගේ ආගමනය ද එයම විය

සියල්ල හොඳින් සිදුවි ගීතය අඩංගු මුලික හඞ පටය ලංකීය ගීත කලාවේ රන් දෙවොලේ ආසිරි වරම් ගැන්වීමේ පුජාසනය වෙත යොමු කෙරිණි

ඛේදජනක ලෙස සිදුවිය නොහැකි ලෙස අදහගන්නට බැරි ලෙස නොසිතු නොපැතු අවසානාවන්ත ඉරණම ට එය ගොදුරුව ගියේ ගීතය 

වාදනයට නොසුදුසු ලෙස නිර්දේශ කර දෙවොලේ පරමල් කුණු බක්‌කියට වැටීමේ තින්දුවට යටත් වීමයි

එහෙත් එහිද හදවත් ඇත්තෝ ගැලවුම්කරුවෝ පක්‍ෂග්‍රාහි නොවි ස්‌වාධිනව කටයුතු කළ රසිකයන් නොසිටියේ නොවේ මෙවර අප යෞවනයා වෙනුවෙන් පෙනි සිටියේ එහි ජ්‍යෙෂ්ඨ නිවේදකයෙකු වු කේ ඩි කේ ධර්මවර්ධනයන්ය

ඔහු අදාල බලධාරියා ගේ තීරණය අභීයෝගයට ලක්‌ කලේය

ඇයි මොකක්‌ද මේ ලස්‌සන සිංදුවක්‌ නේ ...........?  මේක නවත්තන්න කිසි හේතුවක්‌ නෑ නේ රෑ හරිම අසාධාරනයක්‌ .....................

සිය කාර්ය මන්ඩලයේ සගයා ගේ විරෝධය පිළිකුළ ඉරියව් වලින් වටහා ගත් නිසාදෝ තමාගේම ගී නිර්මාණයන් පවා වාදනය කිරිමේ වගකීම උරදරා සිටි මේ නිවේදකයාට එරෙහිවීම සම්බන්ධව දෙවරක්‌ සිතු බලධාරියා ට පියවරක්‌ අපස්‌සට ගන්නට සිදුවි තිබිණි

ගීතය තැටිගත කර වාදනය කරවු වහාම ලැබුනු ප්‍රතිචාරය අතිමහත්ය සති අන්තයේ වෙළඳ වැඩසටහන් සරසවාලු ගී පෙළ අතර ප්‍රමුඛයෙකු ලෙස එය කිරුඵ දරා සිටියේය

වසර ගණනක්‌ ගතවි දිනක අප ශිල්පියා නමට ගුවන් විදුලියෙන් ලැබුනු ලිපියකි

ඔබ විසින් අප වෙත භාර දෙන ලද 
ඇගේ සිනහව තහනම්  - කේ ඩි කේ ධර්මවර්ධන


නෙඵම් විලේ - ප්‍රේමකීර්ති ද අල්විස්‌

සත් දිනකින් ඔබේ කටහඞ - ප්‍රේමකීර්ති ද අල්විස්‌

යන මේ ගී ප්‍රචාරය පිනිස නොසුදුසු බවට නිර්දේශ වි ඇති බැවින් ඒවා අත්හිටුවන්නට තීරණය කර තිබෙන බව කණගාටුවෙන් දැනුම් දෙමි


තවද මාවතේ මල් වැහැලා - උපාලි ධනවල විතාන

ගීතය මිට අදාළ නොවන බවද සැළකිය යුතුය 

අත්සන් කලේ


........................................
සිංහල සේවා අධ්‍යක්ෂ

අදහනු නොහැකිය දශකයකට වඩා ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ රැඳි මේ ගී පෙළ හිටිහැටියේ ප්‍රචාරයට නොසුදුසු වි ඇත 


ඔහු වහා වහා ගුවන් විදුලියේ අදාළ ලිපියේ නම සඳහන් නිලදරුවා හමුවිය

මං නම් මුකුත් දන්නේ නෑ මල්ලී අරයා තමයි ඕවා කියන්නේ මං ඉතිං අත්සන් කලා තමයි මොනවා කරන්නද රෑ අමනාප වෙන්න නම් එපා 


ගීත නෑසී ගියේය

පසුව අප ශීල්පියාට දැනගන්නට ලැබුනේ අදාළ තැටියේ ජනප්‍රිය නොවී පැවති එක්‌ ගීතයක්‌ හැරුණුවිට සෙසු සියල්ල මත කිසියම් ලාටු වර්ගයක්‌ තවරා ඇති බවයි ඒ සඳහා පාලකතුමා පෞද්ගලිකව මැදිහත් වී ඇති බවද කියෑවිණි

දශක ගණනාවක්‌ ගත වී එවකට දිවයිනේ අතිශය ජනප්‍රිය සංගීත කන්ඩායමක්‌ වු සන්ෆ්ලවර් හි නායක ගායන ශීල්පී නීල් වර්ණකුලසූරිය මේ නිර්මාණය පිළිබඳව කළ සඳහනක්‌ අනුව තමා 1976 තරම් ඈත යුගයක ගීටාරයේ අත්පොත් තැබුවේ මේ නිර්මාණයේ අන්තර් වාද්‍ය ඛන්ඩ ඇසුරෙන් යන කරුණ හෙළිදරවු කලේය

ඔහු ගුවන් විදුලියෙන් බැහැර ලාංකිය ගීත කලාවේ නවමං සොයා ගියවුන් අතර ප්‍රමුඛයෙකු වු ප්‍රවිණ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී චන්ද්‍රකුමාර් කඳනාරච්චි ය


සවන්දෙන්න මේ අපුර්ව සුන්දර මුල් නිර්මාණය වෙත මෙතැනින්


------------------------------
ගී පද - නැසිගිය ප්‍රේමකීර්ති ද අල්විස්‌

සංගීතය - උපාලි කන්නන්ගර

පටිගත කිරිමේ ඉංජිනේරු - විශේෂ ශබ්ද ප්‍රයෝග - ඕගී රණවිර

වසර - 1971
---------------------------------

අහේතුකව වාරණය කරන ලද ඔහුගේ එදා නිර්මාණයක්‌ - 1971


අතීතයේ එක දවසක ඔබ අත ගෙන සැන්දෑවක....................

සක්‌මන් කළ වග වෙරළක - තවමත් මට මතකයි ........

කඵදු ඉඩොර්ය මැකිලා - සතුට වැස්‌ස ඇදහැළිලා........

පැතුම් ලතා නව දඵ ලා - වසන්තයට හැඞවෙයි .................

අහසේ තරු සළකුණු මැද - නියත පහන් තරුව ඔබයි .....................

ඒ අනුවයි ජීවන දැල - සිතු තැනක යන්නේ .......................

පද සංකල්පනාව - නැසිගිය කේ ඩි කේ ධර්මවර්ධන

තනුව - ගායකයා සතුයි


සංගීත නිර්මාණය - උපාලි කන්නංගර 

මෙතැනින් සවන්දෙන්න
--------------------------



(විශේෂ ස්‌තුතිය - ප්‍රවිණ ගායන ශිල්පී චන්ද්‍රකුමාර් කඳනාරච්චි)


9 comments:

  1. මාර බඩු නේ.. මැලියං ගාලා කටු ගාලම දෑවා කියන්නේ ඒ කාලේ හැටියට මලා හා සමානයි

    ReplyDelete
    Replies
    1. ගීත වාරණය කිරිමේ ප්රත්‍යක්ෂ ‍උපක්රමයකි

      Delete
  2. කේ. ඩී. කේ. ගෙ නම සදහන් කළා සේ ම මේ ප්‍රධානියාගේ නමත් පළ කළා නම් හරි ම වටිනවා... ඔහුගේ ක්‍රියාව හරිද වැරදිද යන්න තීරණය කරගන්න රසිකයින්ට ඉඩ දෙන්න..
    කුමක් සිදු වුණත් චන්ද්‍රකුමාර් කඳනආරච්චි ගේ ගායන හැකියාව හෝ ජනප්‍රියත්වය නැති කර දැමීමට කාටවත් පුළුවන් වෙලා නෑනෙ....
    සුන්දර ගීතයේ අසුන්දර කතා නම් බොහොමයි නේද?

    ReplyDelete
    Replies
    1. මෙහිදි සැලකිල්ලට ගත යුත්තේ ලාංකිය නිර්මාණකරැවන් හට මුහුණ පෑමට සිදුවන කෙණෙහිළිකම් සහ අසාධාරණකම් කොතරම් කටුකද යන්නයි

      මෙවැනි දේ නිසා සදහටම මිළිණව ගිය නිර්මාණකරැවන් කොතරම් ඇද්ද ?

      බීතෝවන්ලා රවි ශංකර්ලා අමරදේවලා කොතරම් නම් පාගා පොඩිකරදමන්නට ඇද්ද ?

      Delete
  3. ඇගෙ සිනහව තහනම් ගීතය ඔහුගේ ඉතාම ලස්සන ගීතයකි
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඉතාම ලස්සන වීමෙන් ඊර්ෂ්‍යාවට ලක්වීම ලෝක සම්මතයක් බව මෙයින්ද ඔප්පු වේ ...

      එය සිරැර පමණක් නොව සිය හැකියාවන් සහ ක්රියාකාරකම් උදෙසා ද එකසේ අදාලය

      ස්තුතියි අදහස් සම්බන්ධයෙන්

      Delete