namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Tuesday, May 22, 2018

ඔස්ටින් මුණසිංහ දිවි මග සළකුණු ‍ - 11 (සමාප්තිය)

යළි හමුවන තුරු ඔබට සුභ ගමන් සොඳුරු ගාන්ධර්වාණෙනි .......!



සිංහල අවුරුදු පාසල් නිවාඩුව ගෙවි යමින් තිබිනි  කලකට සන්සුන්ව සිටි සිය සිරුර යළිත් තමන්ට අරියාදු කරන්නට පටන් ගෙන ඇති බවක්‌ ඔහුට හැගී ගියේය  මෙවර එය වඩාත් උත්සන්නව වි ඇති සේය  ඊට වහා අවනතවීම ඔහුට නොරිසිය කලයුතු බාරගත් වෙනත් වැඩ කටයුතු බොහෝය 

හෙළ ගී මිහිර රස විඳින කලාකරුවන් අගයන ඔවුන් හා නිරතුරු රැඳෙන කලාකාමි රසවතා මහඇදුරු කාලෝ ෆොන්සේකා හමුවේ සිය අකීකරු සිරුර හික්‌මවාගන්නට ඔහු කලෙක පටන් පුරුදු ව සිටියේය එහෙත් මේ වාරයේ එකී සුපුරුදු රටාව හා අනුගත වන්නට ඔහු සිත ඉඩනොදෙන්නට ඇත 

මෙවර ඊට සිය හිතවත් වෙනත් වෙදැදුරෙකු ගේ සහය පැතිය ඔහුගෙන් ලැබුනේ රෝගීන්ට පොදුවේ ලැබෙන උපදෙසයි

... රෙස්‌ට්‌ කරන්න ..........ගෙදරට වෙලා ..............

එහෙත් දශක දෙදකට අධික කාලයක සිට නිතිපතා ආ ගිය සිය සුපුරුදු කෙම්බිම සිසු දරුවන් ගෙන් දුරස්‌ ව සිටිම නොඉවසූ ඔහු ගේ ගත ද සිත ට එරෙහි නොවි එහි රැඳුනේය

හෙළයා ගේ සැණකෙළි සමය වු බක්‌මාසය ලෝකයා ගෙන් සමුගෙන යන්නට දෙදිනක්‌ ඉතිරිව තිබේ 28 වන දින සැඳැ හිරු බැසයන යාමයේ ඔහුට සිය උරස්‌ කුහරය තවදුරටත් තමන්ට අවනත නොවන බවක්‌ හැගී ගියේය දයාබර පියඹ කැඳවු ඔහු සිය  ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ අපහසුතාවය දැන්වීය 

එවැනි දෑ ආගන්තුක නොවු මුණසිංහයන් එය නොතකා හරිමින් එදිනෙදා වැඩ කටයුතු වල නිරත වන්නට පටන් ගත්තද 

අවසන ඇයගේ බලවත් පෙරැත්තයට ට අවනත වන්නට සිදුවිය  


ඒ අනුව දියණිය ශ්වෙතකීට නිවසේ දෙරගුඵ ලා ගන්නට යෑයි නියම කරමින් තරුපති පුතුද කැඳවාගත් ඇය මේ සරළ මිනිසාගේ සුපුරුදු ගමන් බිමන් ගිය වාහනය වු තුන්රෝද රථයකින් ඔහුව වහා  එතරම් දුරින් නොපිහිටි ජාතික රෝහල වෙත කැඳවාගෙන ගියේය එහිදි වහා ගිලන් ඇඳක හොවන ලදුව යොමුකරවුයේ  ඊ සි ජී පරික්‍ෂණය සඳහා ය

ඔයා ඉක්‌මනට ගෙදර යන්න දුව තනියෙන් නේ ...........................


එහි වැතිරගෙන ඇය වෙතට නෙත්යොමාගත් ඔහුගේ දරු සෙනෙහස වදන් වලට පෙරළි ගලා ගියේය ....

එහි ඇඳි තිබුනේ නොතිබිය යුතු නොකිවයුතු සටහනකි රෝගියා වහා අධිසත්කාර ඒකකය වෙත යොමුකරන්නට නියම කෙරිණි

මළහිරු බැසගොස්‌ හෝරාවක්‌ දෙකක්‌ ගතවෙමින් පැවති ඒ මොහොතේ එහි පැවතියේ වෙනදා නොතිබු නිහඞතාවයකි අසාමන්‍යතාවයකි කිසිවෙකු කිසිදිනක නොපැතිය යුතු කිසිවෙකු හට මුහුණ පෑමට නොසිදුවිය යුතු තත්වයකි 

සුදු හිස්‌වැසුම් ලාගත් යුහුසුඵව ඔබ මොබ දිවයන්නියෝ කිසිවෙකුත් දක්‌නට නැත අධිසත්කාර ඒකකයේ යහන්ගතකර ඇති යළිත් මොහෙතකට හෝ මෙළොව දිවිය යදින්නන් අසල හුදකලා වෙදැදුරෙකු පමණක්‌ සිටි

රෝගියා ට ක්‌ෂණයකින් ඇවැසි ඔසු සපයා ගන්නට ඇති ඉඩකඩ අහුරා දමා ඇත්තේ  කවුරු විසින්ද ? ඔහුට මෙවාරයේ මෙළොව දිවිය හිමිකරදුන් දෛවය විසින්ද ? 

ඇයට එහිදි අසන්නට ලැබුනේ  ද අසාධ්‍ය රෝගියෙකු ගේ භාරකරුවෙකු කිසිවිටකත් සිහිනෙනුදු අසන්නට නොලැබෙන පුවතකි

එදින ඒ මොහොතේ හෙද වැඩ වැරුමක සිදුවෙමින් ඇතැයි යන්නයි ඒ.....  තිස්‌වසකට අධික කාලයක්‌  සුවහස්‌ ගණනක රසික සවන් පත් පිනවු නැළවු දස දහසක සිසු දරු දැරියන්ට සත්සර සිප්ක්‌ෂීරය පෙවූ  හෙළ ගී කලාකෙතට අස්‌වද්දන්නට සිය දහදිය ශ්‍රමය කැපකල  මේ සොඳුරු ගාන්ධර්වයාගේ ශීර්ෂ පරිලෝකන සටහන් රේඛා තිරයෙන් මැකී යමින් තිබිණි

පසුදින මෙබිමට දිනපතිඳු සැපත්වුයේ සත්සර අසිරිසර මවමින් පෙරදාද මතු මතුද අසංඛ්‍ය ගණනක මිනිස්‌ හදවත් නිවා සැනසූ - සනහාලන ඔස්‌ටින් මුණසිංහ නම්  නිසලව නිදන මේ සුන්දර මිනිසා වෙත සිය බුහුමන දක්‌වනු පිණිස වැන්න..

1997 බක්‌ මස 29 වැනි කුජ දින එසේ දිනකර නැග ආ හිමිදිරි යාමයේ ජාතික ගුවන් විදුලිය ද සිරස පෞද්ගලික නාලිකාව ද මේ සොඳුරු ගාන්ධර්වයා මනු ලොව සිය මෙහෙවර නිමවා නික්‌ම ගිය පුවත පතල කල හැරියේය 

එය කණ වැකි වහාම ආචාර්ය වික්‌ටර් රත්නායක ද රෝහන වීරසිංහ ද  ජැක්‌සන් ඇන්තනි - කුමාරි මුණසිංහ යුවළද මුණසිංහ නිවස කරා පැමිණියහ


බුදදින හිමිදිරි යාමයේ  මහනාම විදුහල  සිසු දරු කැල නිසලව නිදන සිය ආදරණිය ගුරු පියාණන් පාමුල වැටි නමැද සමුදුන් පසු එහි සිට මාලිගාවත්ත මුණසිංහ නිවස්‌න වෙත ගෙනඑන ලැබු දේහය  වෙසග මස 03 වන ශනි දින දක්‌වා එහි තැන්පත් කර තිබු අතර නන් දෙසින් හැඞු කඳුළෙන් වැළනොකැඩි  එහි පැමිණි කලා  රසිකයන් ගී රසිකයන් සිය ආදරණිය කලාකරුවා ට බුහුමන් දැක්‌වුහ

ඒ අතර එවක අධ්‍යාපන අමත්‍ය ධුරන්දර රිචඩ් පතිරණ ලංකා සම සමාජ පක්‌ෂය වෙනුවෙන් ආචාර්ය බර්නාඩ් සොයිසා තිස්‌ස විතාරණ ද හේමා ප්‍රේමදාස මැතිනිය යන මේ ප්‍රභූ පිරිස ද

සංස්‌කෘතික කටයුතු අමත්‍යංශයේ නිලදරුවන් ඔහු සාමාජිකත්ව ධුරය දැරු  නාට්‍ය හා ජන ගී අනුමන්ඩල සාමාජිකයන් රජ්‍ය සංගීත විද්‍යාලය ව පැවත පසුව සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කාර්ය මන්ඩලිකයන් හා සිසුන් ද 

ඇතුඵ සෙසු කලාකරුවෝ ද විය

ඒ ශනිදින හිරුනැගි යාමයේ ජාතික කලාභවන වෙත ගෙනඑන ලද ඔස්‌ටින් මුණසිංහ දේහය එදින මළහිරු බැසගිය සැන්දෑ යාමයේ මහනාමයේ සිසු දරුවන් ද කලාකරුවන්ද සෙසු රසිකයන්ගේද බුහුමන් ලබමින් බොරැල්ල සුසාන භුමිය කරා ගෙන යනු ලැබිය

ඈත සිඳුතෙර දිනකර සැගවී යද්දී අග්නි - ධුම වලා පටල අතර  ඔහු රුව සැගව මිළිණව ගියද ඔස්‌ටින් මුණසිංහ නිර්මාණ සුගන්ධය එදා මෙන්ම අද ද මතුදිනද සුවහස්‌ කලාරසවතුන් සනහාලමින් නළවාලමින් ලක්‌මව සිසාර හමා යනු ඇත

ඉද්ද මල් දෙණිය වත්තෙන් ඉද්ද මල් නෙළා.......

පිච්ච මල් කඩා ගන්නෙමි මාලයක්‌ තනා....

හැන්දෑවට මං එනකොට දූට ගේනවා....

ඉන්න නාඩලා එනකං ඉන්න නාඩලා.........

සවන‍්දෙන්න 
------------



(ඔහු සත්සර හැඩගන්වාලූ රත්න ශ්‍රී විජේසිංහ ගේ පබැඳුමකි ගැයුම -  අනුලා බුලත්සිංහල) 



පරිශීලනය සහ මුලාශ්‍ර - සොඳුරු ගාන්ධර්වයා

ස්තුතියි - අචිරවතී යාලගම මුණසිංහ මහත්මිය වෙත                  ංංංංංං    සමාප්තයි  ංංංංංංංංංං

3 comments:

  1. nodana siti boho karunu dana gaththaa.sthuthiyi obata mewan torathuru apa samagin beda gannawata

    ReplyDelete
  2. ඔබේ දිරිගැන්වීමටද ස්තුතියි

    ReplyDelete
  3. ගොඩක් හොදයි.

    ReplyDelete