namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Sunday, April 28, 2019

සංගීතඥ ආර් ඒ චන්ද්‍රසේන ජීවන තතු - අංක 12

එදවස දෙසවන් නැළවු සත්සර  රන්ස්‌වරය  - අසමසම සරපුවරු මියැසි සරය  -   නොනිමෙන චන්ද්‍රසේන ගී පහන් සිළ 
අංක - 12 
මේ තැටිය නිකුත් වී වසරක් ගතවන්නට පළමු ඔහු සිය ශ‍්‍රීමත් ලේබලයේ දෙවැනි ඇල්බමය නිකුත් කරන ලදී එහිදී ප‍්‍රමුඛත්වය ලැබුනේ මෙකි නවකයා වු ජෙරල්ඩ් ටී ළමාහේවාටය  ඒ තැටියේ සියඵ බරපැණ දරූ සේවාදායකයාද ඔහුම වූ බැවිනි තමා වෙනුවෙන් ශ‍්‍රීමත් ලේබලයේ සම්පුර්ණ තැටියක් වෙන්කරන ලෙස කරනු ලැබු ඉල්ලිම පැහැර නොහැරි චන්ද‍්‍රසේනයන් ඉතා දැඩි වෙළඳ තරගයක් හමුවේ ප‍්‍රවිණයන්ගේ ගී තැටි නිතිපතා නිකුත් වෙමින් පැවති  ඒ යුගයේ සිය නවක ලේබලයට නවකයන් යොදාගැනීමෙන් සිදුවිය හැකිව තිබුනු වෙළඳ අවාසිය නොතකා හැරියේය

ඒ ගීත නිර්මාණය කරදුන්  සිලවිමලයන් ද සිය අදහස් දක්වමින් මෙවැනි අනුග‍්‍රහයක් මෙයාකාරයෙන් කිසිවිටකදී  වෙනත් ප‍්‍රවිණයෙකුගෙන් ආධුනිකයෙකුට ලැබෙයැයි සිතන්නට අපහසු යැයි ද කියා සිටියේය 

කෙසේ වෙතුදු එයින් එක් ගීතයක් සිය දියණිවරුන් වෙනුවෙන් වෙන්කරන්නට පියවරගනු ලැබිය

පළමු පැත්ත


01 පොඩ්ඩක් සිනාසෙන්න - සිරිල් ඒ සීලවිමළ  - ජෙරල්ඩ් ටී ළමාහේවා

02 එදා වගේ අදත් - සිරිල් ඒ සීලවිමළ - ජෙරල්ඩ් ටී ළමාහේවා

දෙවැනි පැත්ත

01 අක්කේ බලන්නකෝ - අමර කුමාරරත්න - තිලංගනී සහ දර්ශනී

02 පෙම්බරාගේ පෙම්බරී - අමර කුමාරරත්න- ජෙරල්ඩ් ටී ළමාහේවා



සුක්කානම දරා අසුන් අරා සිටින රියදුරා යම්තරමකට එකී රථයේ කාර්මික ඥානය තමා සතුය සංගීතය නම් රථය මෙහෙයවූ චන්ද‍්‍රසේන නම් රියදුරාණන් හට එකී රථයේ කර්මික ඥානය යම් බඳුව නොව පරිපුර්ණව ලැබගෙන තිබිණි ඔ්නෑම වාද්‍ය භාන්ඩයක් අඵත්වැඩියා කර ප‍්‍රකෘතිමත් කිරීමේ විශේෂඥයෙකු වු ඔහු තමා ලද ඉසිඹුවෙන් ඒවා ට නවාංග එකතුකරමින් අත්හදා බැලිම් සිදුකරන්නට පසුබට නොවීය

එසේම පෙර සඳහන් කලා සේ සිය නිවසේ සියඵ කොටස් ශබ්දාගාර ලෙස සියතින්ම සකස් කරනු ලැබුවේ තෝරාගත් ස්ථානයන්හි ස්පීකර සහ මයික‍්‍රපෝන් ස්ථාපිත කරවා ඒවා එකිනෙක ජාලගත කිරිමෙනි ඒ අනුව ඔ්නෑම ස්ථානයක ජනිත වන යම් බදු ධ්වනියක් වේද එය නිවසේ වෙනත් ඔ්නෑම ස්ථානය සිට සවන්දිමට පිළිවන් විය 

මෙලෙස ශබ්දාගාරයක් නොවු එක්තරා අන්දමක ශබ්දාගාරයක් බවට මරදානේ ඩේවිඩ් මාවතේ චන්ද‍්‍රසේන නිවස පත් වී තිබිණි එහි පුහුණුවිම් සඳහා දුර බැහැරින් සපැමිණි ශිල්පීන් පමණක් නොව ඇතැම් ආධුනික අංකුර ගායක ගායිකාවන්ගේ අහර කිස පාන වර්ග සංග‍්‍රහ කිරීම් පිීළියෙළ කරන්නට නියමව තිබුනේ ශී‍්‍රයානි චන්ද‍්‍රසේන මහත්මියටය 
-----------------------
මල්සරා මල්සරා පෙම්ලොවේ පෙම්බරා

උක්දඞු දුනු අදින්නේ

කල්බලා මල් විදින්නේ 

පද සංකලනය - සිරිල් ඒ සීළවිමල

ගායනය - ජෙරල්ඩ් ඩී ළමාහේවා
තනු සංගීත අදියුරු භූමිකාව සංයෝජක - ආර් ඒ චන්ද‍්‍රසේනයන් ම විසිනි

පටිගත කිරීම - මර්වින් රොද‍්‍රිගෝ - ප‍්‍රධාන ශබ්ද ඉංජිනේරු 

පටිගත කිරීමේ මැදිරිය - සරසවි ශබ්ධාගාරය  නුවර පාර - දඵගම - කැළණීය 

පටිගත කිරීමේ විශේෂ ප‍්‍රයෝග - මර්වින් රොද‍්‍රිගෝ 

උපදෙස්  - ආර් ඒ චන්ද‍්‍රසේන

වසර - 1973

ලේබලය - ශ‍්‍රීමත්

වේගය - 45 භ‍්‍රමණ වට 
--------------------------
මෙතැනින් සවන්දෙන්න
Download Music - Listen Audio -


ඒ ඇයට ස්වර ප‍්‍රස්ථාර පිටපත් කිරීම එහි වැරදි නිවැරදි කිරිම් වැනි තවත් දහසකුත් කටයුතු වලට අමතරවය

සුඵ අතපසුවිම් සහ අත්වැරදි සිදුවිමේ නියත ප‍්‍රතිඵලය වුයේ චන්ද‍්‍රසේනයන් ගේ රැුවුම් ගෙරවුම් බැණ අඩගැසීම් ගෝරනාඩු සහ කර්කශ දෝෂාරෝපනයන්ට ලක්වීමට ඇයට සිදුවිමයි


එක්තරා දිනක චන්ද‍්‍රසේන සංගීතායතනය කරා පැමිණි මවක් සහ තරමක අබාධිත තුරුණු වියේ පුතෙකි සිය ගම්පලාත මහනුවර බවත් එහි සිට මෙකී කටයුත්තට මහත් සේ බලාපොරොත්තු දරාගෙන පැමිණි බවත් තවද  මෙහි තමා කැටුව ආ එකම දරුවා ගීත ගායනයේ සමත්කම් දක්වන බවත් ඔහුට ගීත ගායනය සඳහා අවස්ථාවක් උදාකරන දෙන ලෙසත් ඒ සඳහා සියඵ බරපැණ තමන් පෞද්ගලිකව දැරිමට එකග වන අතර සිය අබාධිත පුතුගේ අවිහිංසක ආයනය කෙසේ හෝ ඉටුකරදී ඔහු සිත සැනසීම තම ඒකායන අභිප‍්‍රාය බවත් කියා සිටියාය

මේ ආයාචනයෙන් දැඩි ලෙස සංවේදී වු චන්ද‍්‍රසේනයන් එකී පැතුම කෙසේ හෝ මල්ඵල දරා දෙන්නෙමැයි ඉටාගත්තේය 

ඒ බව කියා සිටිමේදී අපිරිමිත දරු සෙනෙහසින් තෙත් වු නෙත් කෙවෙනි තුලින් මහත් සේ සිය කෘතවේදිත්වය පළ කළ මෑණියන් තමා ඒ වෙනුවෙන් ගීතයක් රචනා කර තිබෙන බවද දන්වා සිටියාය

එය ඇතුලත්ව තවත් ගීතයක් තමා විසින් සිය මිළග තැටියට ඇතුලත් කරනු ලබන බවත් පුතු සිය සංගීතායතනයට බඳවාගන්නට තිරණය කළ බවත් පුහුණුවිම් සඳහා අඛන්ඩව දරුවා යොමු කරන ලෙසත් වැඩිදුරටත් දන්වනු ලැබීය

තැටියේ බරපැණ තමන් විසින් දරන්නට ඇය එකග වී තිබුනද ඇණවුමට නියමිත තැටි සංඛ්‍යාවෙන් හරි අඩක නිෂ්පාදන වියදම චන්ද‍්‍රසේනයන් විසින් ප‍්‍රතිපූර්ණය කර ඒවා දිවයින පුරා බෙදාහරින්නට ගිවිසගන්නා ලදී

කරුණාරත්න අබේසේකරයන්ගෙන් සපයා ගත් ගීත රචනාවක් ද ඇතුළත්ව මේ තැටියේ සෙසු දත්ත මෙසේය

පළමු පැත්ත

අපේ සිංහලේ ඔපකලේ -  ලලිත් ගම්හේවා කරුණාරත්න අබේසේකර

දමා කොළඹ පන්නේ - නිහාල් නෙල්සන් සිරිල් ඒ සීලවිමල

දෙවැනි පැත්ත

අම්මා තවත් සැරයක් කියන්න- ලලිත් ගම්හේවා - ඩී එෆ් ගම්හේවා

මධු වාගේ ගීත ගොතාලා - තිලංගනී චන්ද‍්‍රසේන - අමර කුමාරරත්න

------------------------------
අපේ සිංහලේ ඔපකලේ සම්බුදුන්ගේ ශ‍්‍රී දන්තදා....

හිසේ් රන්දවා වැඩමුවේ හේමමාලී කුමරි එදා...

අත්නගා මල්පුදා මම් වඳින්නෙමි සදා....

ආසිරි ශාන්ති වේ ...

බැති හැගුම් වෙයි පුදා ...

---------------------------------

ගැයුම - ලලිත් ගම්හේවා - මහනුවර

පද රචනය - කරුණාරත්න අබේසේකර

ලේබලය - ශ‍්‍රීමත්

-------------------------

මෙතැනින් සවන්දෙන්න
Play Music - Listen Audio Files -

ශ‍්‍රීමත් පළමු ලේබලය 1972 වසරේ දෙසැම්බර් මස 15 වන දාතමින්ද  මෙකී දෙවන නිකුතුව 1973 වසරේ සැප්තැම්බර් 20 දින දීද පටිගත කරන ලද්දේ සුපුරුදු පරිදි දඵගම සරසවි ශබ්ධාගාරයේ ඉංජිනේරු මර්වින් රොද‍්‍රිගෝ විසිනි

සේ යා රැ සැපයීම   විශේෂ ස්‌තුතිය - විශ්‍රාමලත් අචාරිණි දර්ශනී චන්ද්‍රසේන මහත්මිය -( ආර් ඒ චන්ද්‍රසේන කණිටු දියණිය වෙත)


Tuesday, April 2, 2019

මොහොමඩ් සාලී ගීත මංජුසාව.........අංක - 04


එදා මියැසි සාදයේ නැගි රස ගී සරය -  මොහොමඩ් සාලි 
සිව්වෙනි දිගැහැ‍‍ර‍ැම

මෙහොමඩ් සාලි ගේ ස්‌වත්‍රන්ත තනු අතර රැඳි විචිත්‍ර නිර්මාණයක්‌ වු මෙහි හඞ මුසුව රූපා ඉන්දුමතී - ලක්‍ෂමන් රොද්‍රිගෝ යුවළගෙනි
සාලි සංගීතඥයාගේ සුමියුරු තනු නිර්මාණ උල්පත පිළිබඳ හොඳින් දැනුවත් වු ගායක ගායිකාවන් නොසිටියා නොවිය හැකිමුත් ඔහුගෙන් නිසි ඵල ප්‍රයෝජන ලද්දේ අතැගිලි ගණනක ශිල්පීන් ය ඔවුන් අතරින් රූපා ඉන්දුමතී සහ ඇගේ සැමියා ලක්‍ෂමන් රුද්‍රිගෝ කැපී පෙනෙති
රූපා ඉන්දුමතී නම් ගුවන් විදුලි ගායිකාව ගැයු ගිතාවලියේ චමත්කාරය ඔප් නැංවුයේ සාලි විසිනි


වසන්ත දූතය - වසන්ත දූතය....

අරුමැසි හඩනගනා....

ගයන්න ගීතය - ගයන්න ගීතය.....

දෙසවන රසකරනා - දෙසවන රසකරනා....

පබා කුමාරියේ - පබා කුමාරියේ.....

නුරා කැඵම් හෙළනා - අවන් පතින් මට පවන් සළනු මැන......

දිවි මග ගිනි නිවලා ..................... 

මෙතැනින් සවන්දෙන්න
Embed Music Files - Audio Hosting - ------------------
පද රචනය - නැසිගිය කරුණාරත්න අබේසේකර

ගැයුම - රෑපා ඉන්දුමතී සහ ලක්ෂ්මන් රොද්රිගෝ
-------------------

ඔහු ගේ සංගීත භාවිතාවේදී යෙදුනු ගුවන් විදුලි ගී චාරිකාවේදී එහි නියමයන්ට අනුකූලවෙමින් ද සරළ ගී ආකෘතියේ දී අදාළ බලධාරින්   විසින් නිර්දේශිත රාමුවට අනුගත වෙමින්ද පෙරදිග වාද්‍ය භාන්ඩ අනුසාරයෙන් නාදරසය නංවන්නට පෙළෙඹුනද තමන්ට ඒ බැමි සිමා මායිම් සිඳබිඳ දමා සිත් සේ නිර්මාණකරණයේ යෙදෙන්නට ඉඩ කඩ ලැබුනු හැමවිටම ඉන් උපරිම ඵලප්‍රයෝජනය ලබනට පසුබට නොවි ඇති බව ට නිදසුන් ද හිග නොවේ

බටහිර සංගීතයේ යෙදෙන ශීල්පිය උපක්‍රම වඩාත් පුඵල් ලෙස උපයෝගී කරගනිමින්ද  එහි භාවිතාවන වාද්‍ය නාද මිහිර සියුම් ලෙස  කැටිකොට ගනිමින්ද එයින් සිය නිර්මාණයන්හට නව ජවයක්‌ අත්කරදෙමින්ද  වෙළඳ තැටි ගී නිපැයුම්කරුවන්ගේ ඇරයුම් ඉටු කර දෙන්නට ගත් උත්සහය මෙපරිදිය

ඔහු ගේ මියෑසිවරම නිතිපතා පතමින් සිංහල ගීත ශ්‍රාවකයන් හට අපුර්ව විරහ ගී සමුච්ඡයකින් සංග්‍රහ කල නැසිගිය ජේ ඒ මිල්ටන් පෙරේරා ගේ හිතවත් රසික සහෘදයකුගේ සිගිති දියණියක ගේ ගායන දස්‌කම් මතුකර දෙන්නට ගත් තැතකි ඒ 


අම්මාගේ උකුලේ නැළවී .................

තාත්තාට හුරතල් වෙවි .............

පාසල් ගොසින් උදය කාලේ ..............

පසුවිලා යයි මාගේ බාලේ .............

දෙගුරුන්ගේ අවවාද අසලා ...

අවුරුද්ද අවුරුද්ද ගෙවලා ...

ලොකු පොත් සොයාලා කියෝලා ...

ඉගෙනීම අවසාන කරලා .............


අසන්න මෙතැනින් 
Podcast Hosting - Podcast Hosting -
---------------------------
පද රචනය - නැසිගිය කරුණාරත්න අබේසේකර

ගැයුම - ළමා ගායිකා දමයන්ති ඒකනායක

වසර - 1974 පමණ

නිෂ්පාදනය - නිව් සවුන්ඩ් ලේබලය

නිෂ්පාදක - ඊ බී ඩී කේ පෙරේරා
----------------------------------

විවිධ පැතිකඩ ඔස්‌සේ සිය මියෑසි සජ්ජායනය මෙහෙයවු මොහොමඩ් සාලී සංගීතවේදියා පෙර සඳහන් කළ පරිදි ගීතයේ පදමාලාවෙන් ඇතිකරණ මනෝභාවයන් පිළිබඳව එහි ගායනවේදියාගෙන් මනා ලෙස දැනුවත් ව ඊට මනාව පෑහෙන තනුවක්‌ ද එකී තනු නිර්මාණය අනාථ නොවන වාදන රසයකින්ද ඒවා සැරසු බවට ගෙනහැර පෑ හැකි තවත් එක්‌ නිදසුනක්‌ මෙසේ ගෙනහැර පෑ හැකිය පද දෙපේළීයකින් පමණක්‌ සුසැදි වන සේ පෙළගැස්‌වු එකී තනුවෙන් මතුකරන චමත්කාරය කොතරම් වේද ?

තම්බපන්නි ජන්මභූමි ශ්‍රී ලංකා .....

ශ්‍රී ලංකා ....පින්බරයි ................


සවන්දෙන්න මෙතැනින්
Free Music - Share Audio -
-----------------------
ගැයුම - නැසිගිය මොරිස්‌ දහනායක

පද සංකලනය - නැසිගිය කරුණාරත්න අබේසේකර
---------------------------------


මන්සුර් අද්වානී ගේ නිර්මාණයක්‌ ලෙස 1985 වසරේ තිරගත වු සුදුමාමා වෙනුවෙන් හුදකලා ව මුඵගන්වනු ලැබු මේ සංගීතඥයා දායකත්වය ලබාගෙන තිබුනි දිවයිනේ විශීෂ්ඨතම ප්‍රමුඛ ගායන ශීල්පීන් වු මිල්ටන් මල්ලවාරච්චි ඇතුඵ ආචාර්ය වික්‌ටර් රත්නායක කලාශුරී ලතා වල්පොළ සහ ජෝති ගේ ගැයුම් ඇතුලත් වු එහි මොහොමඩ් සාලි සත්සර විසිතුරු දිගහැරි ලතාවයි මේ

ඒ වනවිට දිවියෙන් සමුගෙන දෙවසරක්‌ ගත වී තිබු කරුණාරත්න අබේසේකරයන්ගේ පදවැළක්‌ වු එය මිල්ටන් ගේ 80 දශකයේ සිනමා ගී අතර කැපී පෙනෙන නිර්මාණයකි

විනෝද සයුරකි  - මේ ජිවේ....

අමෝද කුසුමක - මා පාවි.....

සුරංගනා ලඳුන් මනා...

පෑදේ මිණිමුතු පෑදේ.....

පෙරපින පෑදේවි....

මෙතැනින් සවන්දෙන්න
Upload Music Files - Free Audio -
------------------
සිනමා පටය - සුදු මාමා - 1985

ගැයුම - නැසිගිය මිල්ටන් මල්ලවාරච්චි

පද සංකල්පනාව - නැසිගිය කරුණාරත්න අබේසේකර

-----------------------------------

සැබැවින්ම ඔහුගේ දිවිමග එසේම විය එය එකම විනෝද සයුරක ගිලි පැවතියේය 1987 වසරේ ලක්‌ දින දසුනේ සැප්තැම්බර් පිටුව පෙරළී තිබියදී මරදානේ ඔහු දිවිගෙවු කුඩා නිවසේ ක්‌ලාන්තව බිම ඇද වැටුනු මෙකී අධි රුධීර පිඩන රෝගියාගේa එක්‌ පාදයක්‌ අප්‍රාණික විය එක මොහොතින් සිඳි බිඳි සුණුවිසුණු වි ගියේ ඔහුගේ ඔදතෙද පමණක්‌ නොවේ හිරිමල් වියේ කුඩා දැරියන් තිදෙනෙකුගේ ද තරුණ බිරිඳකගේද ජීවන චාරිකාවයි

සාලි ගේ දිවියේ වසන්ත සමය නිමාකර දුන් ඉරණම විසින් ගෙන ආ ගිම්හානයේ දාහය තාපයෙන් විඩාබර වු සාලි ගේ සිරුරෙන් අනියත දහමේ ලකුණු අකලට පහළ වන්නට විය රුදුරු රෝ දුක්‌ රකුසාගේ ග්‍රහනයට හසුවු ඔහුගේ නිර්මාණ උල්පත කෙමෙන් වියළි වියෑකි යද්දී මිරිකුණු ජීවන බරින් එය දෙගුණ තෙගුණ වන්නට ඇත

සියඵ සතුන් මිහිමත දිවිය රඳා පවත්නා ආහාරය ඔහුගේ මුඛයෙන් පහළට නොයවන්නට වගබලා ගන්නට තරම් මේ අපුර්ව නිර්මාණවේදියාගේ  දෛවය කුරිරුවිය

විදුලි සැපයුම බිඳහෙඵ ජලසැපයුම බිඳහෙඵ සිය ගරාවැටුනු නිවසේ අපමණ දුක්‌ වේදනා ලද මොහොමඩ් සාලි නම් මේ සොඳුරු ගාන්ධර්වයා සිය නිර්මාණ පෙළින් අපමණ සුවය මිහිර විඳින හෙළයන් තම සුරිය වසන්ත මංගල්‍යයේ අසිරිය සමරමින් සිටි බක්‌මහේ තුදුස්‌වන දිනයේදී සදහටම නෙතු පියා ගත්තේය ඒ දිනදසුන  1988 වසර සටහන් කරද්දීය

ඉස්‌ලාම් භක්‌තික චාරිත්‍රානුකූලව විසිහතරපැය ගෙවෙන්නට පළමුව මරදාන කුප්පියාවත්ත සුසාන භුමියේ සාලි දේහය මිහිදන් විය

ඒ වනවිට ඔහුගේ වැඩිමහල් දියණියට යම්තම් විසිවිය සපිරුණා පමණි පිළිවෙළින් දෙවැන්නී දසවසක්‌ද තෙවැන්නිය නවවසරක්‌ද පසුකළ සිගිත්තියන් විය


මොහොමඩ් හනීෆා සාලී විජාතිකයෙකු හෙළ සංස්‌කෘතියට බසට ආගන්තුකයෙකු ලෙස හෙළදීපයේ ජන්ම ලාභය ලබන්නට නියම විය ඒ නියමයෙන් දෛවෝපගතව සුවහසක්‌ හෙළ ගී රසිකයන් සනසා නළවා සැනහෙන යුග යුග පවතින අසමසම මියෑසි රටා දාමයක්‌ මවමින් ඔවුන් ගේ සිත් සුවපත් කරන්නට යොමු කෙරුවේය

සියඵ සත්වයෝ නිදුක්‌ වෙත්වා ....

නිරෝගී වෙත්වා ...........

පහන් වැස්‌සෙන් සකල වැස්‌සන් තෙමි තෙමි යෙත්වා

සියඵ සත්වයෝ නිදුක්‌ වෙත්වා 

නිරෝගී වෙත්වා ...................

මෙතැනින් සවන්දෙන්න

Embed Music - Download Audio - ----------------------------------------------
ගී පද  - නැසිගිය කරුණාරත්න අබේසේකර

ගායනය - නැසිගිය ජේ ඒ මිල්ටන් පෙරේරා
----------------------------------------------

කෘතවේදී සිහළ සුභාවිත ගී ලොලීන් සැම  හදවත් හී  ඔහු පිළිබඳ මතකය නොසිඳ නොබිඳ නොවියෑකී පවතීවා ....


                                 
සමාප්තයි                                     (මුලාශ්‍ර  - ගාන්ධර්ව අපදාන - අංක 05 - මහාචාර්ය සුනිල් ආරියරත්න - ගොඩගේ ප්‍රකාශනයකි)