namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, June 21, 2018

දරු නැළවිලි සිනමා දසුන් උදෙසා ගැයු ගී


සලරූ දසුනක මැවුණු දරු සෙනෙහස - සිංහල සිනමාවේ දරු නැළවිලි ගී රසදහරා - 1950-1980 - පළමුවෙනි දිගහැරුම


මින් දශක දෙක තුනකට පෙර දිවි ගමන මෙතරම් සංකීර්ණ නොවු බහු භාන්ඩික නොවු එදා සමාජයේ කාන්තාවන් රැකියා වල නිරත වුයේ නම් ඒ බොහෝ විට හෙදි හෝ ගුරු වෘත්තියේම විය සෙස්‌සෝ නිවසේ රැඳි සිටිමින් එහි කුදු මහත් වැඩ කටයුතු වල නිරත වුයේ සිය පවුල මනා ලෙස කලමනාකරණය කරමිනි

මෙවන් ගම් පියසක්‌ අතරින් පියමං කරන්නෙකු සවනත වැකි කාන්තා හඞකින් ගැයෙන ළයාන්විත ගී රාවයක්‌ වුයේ නම් එය බොහෝ විට දරු නැළවිල්ලක්‌ම විය සිය දවසේ ඉහුම් පිහුම් මෙහෙවර අතරේ ලැබුනු විරාමයෙන් සිය ළදරුවන් උකුලේ හොවා ගී ගයමින් නළවන දසුන් විරළ නොවිය

දයා කරුණා මෘදු ගුණය කැටිවූ සිය මවගේ ගී හඞින් එකි ළදරුවන් තුල සැගව නිධන්ගත ව පැවති පෙර සසර ද පුරුදු පුහුණු කල සෞන්දර්යාත්මක හැගීම් කවි සංකල්පනා මෙන්ම රස වින්දන මනෝභාවයන් කුඵ නොගැන්වි යෑයි කිව හැකිද ? එය එසේ සිදුවන බවට ඇතැම් පර්යේෂකයන් මත පළ කරනු ලැබ තිබේ

උතුරා දෙගොඩ තලා යන සදාතනික මව් සෙනෙහස කැලතී ගලා ආ ඒ ගී රසය විඳි ළදරුවන් මතු යම් දිනක මධුර මනෝහර ගී තනු නිපැයූ ලෝ පුජීත සංගීතඥයන් බවට පත් විය හැකිය කවි රස වෑහෙන ගී සීපද ලියු සාහිත්‍යධරයන් විය හැකිය යටත් පිරිසියෙන් ගි කවි සාහිත කලා රස විඳින පරිණත රසිකයන් හෝ විය හැකිය

මානව සමාජයේ සාමාජිකයන් අතර නාගරිකයන්ට වඩා වෙසෙසින් ගැමි දිවිය ඇසුරේ වැඩෙන්නන් තමා අවට පරිසරය හා සහ සම්බන්ධතා පවත්වාගනිමින් සෞන්දර්යය වින්දනය කරන්නට ඇති ඉඩ කඩ වැඩිය 

එදමෙදා තුර බිහිවු විශීෂ්ඨ ගී නිර්මාණයන්ට දායක වුවෝ බහුතරය මෙසේ සිය ළමා කාලය මනා ලෙස රිසි ලෙස වින්දනය කළ පුද්ගලයන් වු බව ඔවුන්ගේ දිවිමග පුවත් පිරික්‌සද්දී හෙළිවෙයි

ඔවුන්ද එසේ තමා ලද එකී සොඳුරු වින්දනය පෙරළා සිය කලා නිර්මාණ ඔස්‌සේ ප්‍රකාශනයට පත් කරති 

දශක 07 ක්‌ ඉක්‌මවා ගිය සිංහල සිනමා ගී වංශයේ ප්‍රථම තෙදශක අතරවාරයේ එසේ හමුවන දරු නැළවිලි ගී නිර්මාණ සමාලෝචනය කරන්නට දැරූ ප්‍රයන්තයකි මේ 

සිංහල සිනමා දරු නැලවිලි ගී සමුච්ඡයේ මුල් යුගය පිළිබඳව අවධානය යොමුකරද්දී නිතැතින්ම සඳහන් කළ යුතුම ප්‍රමුඛත්වය ලැබිය යුතු වන්නේ ඉන්දිය සම්භවයක්‌ සහිත පසුව ලාංකිකයෙකු බවට පත්වු සංගීතඥ රාමයියා මුත්තුසාමි හෙවත් මුත්තුසාමි මාස්‌ටර්ය ලාංකීය සිනමා දරු නැළවිලි ගී වංශයේ මුල්ම ගීතය ද ඇතුඵ වඩාත්ම රසාලිප්ත ගී තනු නිමැයුම් ඔහුගේ ය ඉන් අනතුරුව ගුරුදෙවි සුනිල් සාන්තයන්  පද්ම ශ්‍රී පන්ඩිත් අමරදේවයන් සහ ආචාර්ය ලයනල් අල්ගම ද ඊට සැපයු දායකත්වය සුවිශේෂීය 


ගී පද රටා වියමන් හෙළ බස්‌ වියරණ ඇදුරු අරිසෙන් අහුබුදුවන් ඒ ජේ ද සොයිසා චන්ද්‍රා වයමන් කරුණාරත්න අබේසේකර චිත්‍රානන්ද අබේසේකර සහ මහගම සේකරයන් යන මේ වියතුන්ගෙනි  

මෙහිදී රසික හදවත් පිනවූ මුල් කාලීන මුත්තුසාමි නිර්මාණයන් උදෙසා  හඞ මුසු කරන්නට අවස්‌ථාව ලද්දේ කලාශූරී ලතා වල්පොළ ටය විශාරද සුජාතා අත්තනායක සහ නන්දා මලිනී මෙහිදී ඇයට පියවරක්‌ පසු පසින් සිටිති 

ඒ අනුව මේ සටහන දිගැහැරෙන්නේ 1947 වසරේ තිරගත වු බි ඒ ඩබ්ලිව් ජයමාන්නගේ කඩුවුනු පොරොන්දුවේ සිට නොව ඉන් සත්වසකට පසු තිරයේ ඇඳුනු අහංකාර ස්‌ත්‍රි සලරුව පාදක කරගනිමිනි සිංහල සිනමාවේ පුරෝගාමී නිෂ්පාදකයා වු එස්‌ එම් නායගම් විසින්ම අර්ථපතීත්වය දැක්‌වු එහි අදියුරු ලෙස කටයුතු කරන්නට නියම වුයේ ඉන්දීය ජාතික ඒ බී රාජ් වෙතට

ලෝකය පෙරළෙයි කාලේ ගෙවී යයි -  මරුව ලගා වෙනවා'''''''''

සිතු දේ නොම වෙයි නොසිතු දෙයක්‌ වෙයි -  ලෝ දම් කැරකෙනවා''''''''

පොහොසත් දරුවා තැලේ පෙලේ  - දුකසේ දැඩි වෙන්නා පවේ බලේ''''''''

දුප්පත් දරුවා සුව යහනේ මතු සැප සේ වැඩෙනා - පිනේ බලේ''''''


දොයි දොයි දොයි - බයි බයි බයි '''''''''''

---------------
පද සංකල්පනාව - නැසිගිය හියුගෝ ප්‍රනාන්දු 

තනුව - නැසිගිය රාමයියා මුත්තුසාමි

සලරුව - අහංකාර ස්‌ත්‍රි - 1953

ගැයුම - දක්‍ෂිණ භාරතීය ගායක ඒ එම් රාජා
------------------------

මෙතැනින් සවන්දෙන්න

ලාංකිය ජන දිවිය හා එකට වෙළි බැඳි ඇති බුදු දහමේ හරය ඉස්‌මතු කොට දක්‌වන අනිත්‍යයතාවය මේ නිර්මාණයට පාදක වෙයි දක්‍ෂිණ භාරතීය සිනමා ගීතයේ නම රැන්දු ඒ එම් රාජා ඊට හඞ දායකත්වය පළකළේය සිංහල සිනමා ගීයේ පුරෝගාමි ගීත පද රචකයා වු නැසිගිය හියුගෝ ප්‍රනාන්දු එනම් මිගමුවේ හියුගෝ මාස්‌ටර් සිය ගීත පද රචනා පැසෙහි රුවා ගත් එහි සත්සර නිමාව මුත්තුසාමි සංගීතඥයාගෙනි 

ප්‍රකටව නැළවිලි ගී හඞ නගන්නේ මවක්‌ විසිනි එනමුදු මෙහිදී එය සිනමාපටයේ ජවනිකාව සහ කථා වස්‌තුව අනුව වෙනසකට බඳුන් කරන්නට ඇත

මේ 1955 වසරයි යළිත් වරක්‌ හෙළ සිනමාවේ පුරෝගාමි අර්ථපතී එස්‌ එම් නායගම් භාරදුර කටයුත්තකට අතගසා තිබිණි ඒ එවකට දක්‍ෂිණ භාරතයේ සාර්ථකව තිරගත කල  මංගම්මා සපථම් නමින් ඓතිහාසික කතා පුවතක්‌ රැගත් ද්‍රවිඩ චිත්‍රපටය ඇසුරෙන් සිංහල සිනමා පටයක්‌ නිපදවීමයි 

කඳානේ සිය ව්‍යාපාරික මුලස්‌ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු දිවයිනේ මුල්ම සිනමා චිත්‍රාගාරය වු  සුන්දර සවුන්ඩ් හී සංගීත අධ්‍යක්‍ෂවරයා ලෙසින් කටයුතු කරන්නට තෝරාගත් ඉන්දීය ජාතික රාමයියා මුත්තුසාමි නම් සංගීතඥයා වෙත මෙකී අභියෝගය පැවරිණි


ඒ වෙනුවෙන් ස්‌වත්‍රන්ත්‍ර ගීත 11 ක්‌ නිමවා  ස්‌වාධින තනු නිර්මාණය කරන්නට තමන්ට ලැබුනු මුල්ම අවස්‌ථාවෙන් උපරිම දස්‌කම් දක්‌වන්නට 
ඔහු සමත්විය මාතලන් නමින් ආදායම් වාර්තා බිඳහෙලමින් තිරගත වුවද ද්‍රවිඩ ඌරුවෙන් නොමිදුනු  මෙම සිනමා පටය රසික හදවත් හි නිදන්ගත කලේ එහි   ඇතුළත් වු මෙකී මෝහනීය ගීත පොකුර විසිනි එහි සියඵ ගෞරව බුහුමන් මුත්තුසාමි සංගීතවේදියා සතුවිය යුතුය

ඔහු මේ ගීතයේ ස්‌ථායි කොටස සඳහා සාමාන්‍ය දරු නැලවිලි ගී කොටස පමණක්‌ යොදා තිබිම විශේෂත්වයකි

මාතලන් සිංහල පරිවර්තිත සිනමා නිර්මාණය වෙනුවෙන් ගැයුනු සියඵම ගී පබැඳුම් බෙනඩික්‌ට්‌ ප්‍රනාන්දු හෙවත් බෙනඩික්‌ට්‌ මාස්‌ටර් ගෙනි මේ යුගයේ ගීතරචනාවන්හි ප්‍රකට නොවන ප්‍රශස්‌ත බවක්‌ අර්ථපුර්ණ බවක්‌ ඔහුගේ මෙකී ගීත රචනාවන්හී අඩංගු වේ


දොයි දොයා දොයි ......

දොයිය පුතා.......

බයි බයි බයි......

බයිය පුතා.....

රමනී පින්සරා.......

මුව සිරි දිළෙන්නා........

පුබුදු කුසුම සේ.........

මුකුඵ පාන පුතා.......

හඳ මාමා ගෙනේ.......

කිරිපැණි කළතලා......

රස මිහිරේ මේ මා පුතාටා........

නාඞා මා තුරුලේ නිදා.......

ඉන්න පුතා..........

මගේ අභිලාෂේ'.........

ඉටුවේ තිරසරා......

ඔබ ගේ මාගේ ඉටු දෙවි කුමාරා......

රජ සිරි වංශයේ ......

දිවි මා බේරා......

ලෝකේ සිරිනේ බැඳේවා.....

දේවාසිරි සරණේ ලබා.....

දොයිය පුතා..........
---------------
පද සංකල්පනාව - බෙනඩික්‌ට්‌ ප්‍රනාන්දු

තනුව - නැසිගිය රාමයියා මුත්තුසාමි

සලරුව - මාතලන් - 

ගැයුම - කලාශූරී ලතා වල්පොළ
------------------------


මෙතැනින් සවන්දෙන්න
සේයා රූ උපුටාගැනීම - යසපාලිත නානායක්‌කාර ගේ මොණරතැන්න - 01 - නන්දා මාලනී ගීත ජවනිකා නිරූපනය මාලනී ෆොන්සේකා


යළිත් දිනක මෙතැන් සිට '''''''''''''''''''''''''''


Wednesday, June 6, 2018

සංගීතඥ ආර් ඒ චන්ද්‍රසේන ජීවන තතු - අංක 04

එදවස දෙසවන් නැළවු සත්සර රන්ස්‌වරය  - 04 වන දිගහැ‍ර‍ැම (1924-1980)


1960 දශකය දෙවන භාගයට එළඹී ඇත චන්ද්‍රසේන සංගීත චාරිකාව සතරවන දශකයට එළඹෙමින් තිබිණි 



----------
ආර් ඒ 
චන්ද්‍රසේන -සිය තැටි ගී රස මවලූ සරපුවර‍ැව වයමින්----------------

පිය උරුමයෙන් තමනට දායාද වූ සප්තස්‌වර රස මැවුම් ශිල්පය අපමණ දුක්‌ ගැහැට කම්කොටොඵ විඳිමින් මේ දක්‌වා ස්‌වෝත්සහයෙන් ප්‍රගුණ කරමින්  ලොව ඇතිතාක්‌ හමුවෙනතාක්‌ දැනුවත්වනතාක්‌  සංගීත ශිල්පීය ක්‍රම අනුව ගැයුණු ගී අඩංගු තැටි ශ්‍රවණය කරමින් ඒවායේ ආකෘතින් හදාරමින් යළි යළි අත්හදා බලමින් ඒවා ඇසුරේ තම අත්දැකීම් අනුව නව නිර්මාණ බිහිකරමින් මෙතුවක්‌ කාලයක්‌ තමන් ආ ගමන් මග ඔහු ආවර්ජනය කරන්නට ඇත


තවද පෙර අපර දෙදිග ප්‍රධාන ප්‍රවාහයේ සංගීත විෂයධාරා ගුරුකුල ශිල්ප රටා විස්‌තර කෙරුණු පොත්පත් නිරන්තරයෙන් පරිශීලනය කරමින් තම කාලය මුදල් හා වැය කල ශ්‍රමය අපතේ හරින්නද ?

මේ දිවයින පුරා ගී රසිකයන් අතර නව පිබිදීමක්‌ ඇතිවෙමින් පැවති යුගයයි ගුවන් විදුලිය විසින් එතෙක්‌ කරගෙන පැමිනි හින්දි ගී උන්මාදයට උඩගෙඩි දීම සිමාකරමින් නව නිර්මාණ නව වැඩසටහන් රාශියක්‌ ඔස්‌සේ නිරන්තරයෙන් එළිදකින්නට වු යුගයයි

ඊට සමගාමිව පෞද්ගලික තැටි ධාවන යන්ත්‍ර හිමි රසිකයන් වෙනුවෙන් නවතම වෙළඳ තැටි ඇල්බම් එළි දක්‌වමින් පැවතින ගීත නදියේ ඉවුරු බිඳ නැගි ආ ලතින් ඇමෙරිකානු - ස්‌පාඤ්ඥ වේග රිද්ම සුසංවාද ප්‍රසංවාද ශිල්පය මත පදනම් වූ සාමජිකයන් ගණනක්‌ එක්‌ව ගයන සමුහ වේග රිද්ම ගායක කන්ඩායම් හතු පිපෙන්නාක්‌ සේ එළිදකින්නට වූ අතර ගුවන් විදුලිය ද තම සංගීත ප්‍රතිපත්තිය මදක්‌ ලිහිල් කරමින් ඊට රැකුල් දෙමින් ඒවා සඳහා  දිනපතා තම පෙරවරු ගුවන් කාලය වෙන්කරවා දී තිබිනි
මේ සියඵ කරණා සැළකිල්ලට බඳුන් කළ චන්ද්‍රසේනයන් ශිල්පීය දිවියේ එදා මෙදා තුර නොගත් පෙරළිකාර  තීරණයකට එළඹෙමින් සිටියේය 

  දිවා රෑ නොබලා තමන් දශක ගණනක්‌ තිස්‌සේ රැස්‌කළ ධනය යොදා තමන්ගේ ම වෙළඳ තැටි ලේබලයක්‌ බිහිකරන්නටත් ඒ ඔස්‌සේ තමාගේම තනු රටා නිර්මාණ බිහිකරවා ප්‍රචලිත කරන්නටත් තීරණය කරන ලදී

ඒ අනුව ඔහුගේ නමේ මුලකුරු අනුව සකසනු ලැබ තිබූ  ආර් ඒ සී නම් නවතම තැටි ලේබලය සිංහල තැටි වංශ කථාවට එක්‌විණි

මින් වසර දෙක තුනකට පෙර තමන්ට අත්විඳින්නට සිදුවු දුක්‌ගැහැට හා අමිහිරි අත්දැකීම් ඔහු ගේ සිත නිරන්තරයෙන් පෙළන්නට වූවා විය හැකිය දස වසරක පමණ කාලයක්‌ හෙළ සිනමා ගීතයේ ප්‍රවර්ධනය උදෙසා කල කැප කිරිම් හමුවේ ලැබෙන්නට නියමිත ව සිටි සම්මානය අහිමි වීම විසින් ඔහු ගේ සිත තළාපෙළා මිරිකා දමා තිබිනි

එවකට  කොළොම්පුර කොටුව පදෙසට ආසන්නයෙනි දිවයිනේ ප්‍රමුඛතම පුවත්පත් කාර්යාල ද්විත්වය පිහිටා තිබුනේ එයින් අදද ලේක්‌හවුස්‌ ආයතනය එදා පැවති ආකාරයෙන්ම ක්‍රියාත්මක වුවද ඉන් ඔබ්බෙහි පිටකොටුවේ තරමක උස්‌බිමක පිහිටා තිබුනු දවස - රිවිරැස පුවත්පත් ආයතනය මිලිණව ගොසිනි

70 දශකයේ එළිපත්තේ එක්‌තරා දිනෙක එහි පළවුනු දවස කර්තෘ මන්ඩලය වෙත පියනැගු චන්ද්‍රසේනයන්  තම මිතුරු සමාගමයේ සාමාජිකයෙකු වු එහි ජ්‍යෙෂ්ඨ කර්තෘ සිරිල් ඒ සිලවිමලයන් මුණගැසුනි එහි යාවජීව සාමාජිකයන් අතර ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදක ප්‍රවිණ ගීත රචක කරුණාරත්න අබේසේකරයන් ද වු අතර චන්ද්‍රසේන සංගීතායතනයට නුදුරින් මරදානේ සැලැස්‌කි පෙදෙසේ සිය නිවහනේ  පැවැත්වු සංගීත සාජ්ජයන් සඳහා චන්ද්‍රසේනයන් ප්‍රමුඛ ඔහුගේ වාදක ගායක බලඇණිය නිරතුරුව කැඳවාගනු ලැබීය


කලෙක පටන් සිතේ කැකැරෙමින් තිබු වේදනාව තුනි කරගනු වස්‌ තමන් මුහුණ පෑ එකී අමිහිරි අත්දෑකීම් පෙළ ඔහු හමුවේ අපුරු කවි පද පෙළකට හරවාගත්තේ ඒවා සිය කුඵඳුල් වෙළඳ තැටි නිර්මාණ ගොන්නට එක්‌කරගනු පිනිසය

01 මෝහෙන් මුලාවෙලා - මානෙන් උදම්වෙලා - තන්හාව - ක්‍රෝධ ද්වේෂ පාරේ - මිනිසා කොහේද මේ ?.......

   රත්තරං කෙන්ඩියේ සිංහ තෙල් වගේ - මිනිස්‌ ගුණේ සැමදා බැබළේ - එය රැකීම අප උරුමේ වේ .....

   කේළම් කීමෙන් ඕපදුපයෙන් රට කොටවන වැඩ අවදානම් - උඩින් මිතුරු වි යටින් හතුරු වී.....

   උගුල් අදින්නා යයි දිය වී - බොරුවෙන් රට පිරිහේවී.....

   මා හරි උගතා  - මා හරි ජගතා - හිතනා මිනිහා මෝඩයෙකි....

   අනුන් හෙළන්නට වළක්‌ කපන්නා  - එහි තුල වැටිලා මියයන්නා....

    කළදේ පළදේ මෙළෙසේ.........

මෙතැනින් සවන්දෙන්න
-------------------------




02  ලිඳෙන් වතුර බීලා - එයින් වතුර නාළා - ළීඳට ගල් ගසාලා.....

      වතුර බොරකරයි මිනිසා - ගගට ආවඩයි.....

මෙතැනින් සවන්දෙන්න
-------------------------



තම දිවියේ ලැබෙන මහගු ඇතැම් විට එකම අවස්‌ථාව ලැබී අවසන්ව තිබියදී එය නිසිපරිදි හිමිකරගන්නට ඉඩ නොතබා එහි ඵලය භුක්‌ති විඳිම වළකා දුෂ්ඨ චේතනාවෙන් ඊර්ෂ්‍යා පරවශව එයට අකුල් හෙලා වැනසීමෙන් හටගත් සන්තාපය මේ පද පෙළින් මනාව චිත්‍රණය කර දක්‌වන අතර එය මෙලොව තවත් බොහෝ මිනිසුන්හට පොදු අත්දැකීමක්‌ නිසාවෙන්දෝ ඒවා අදද ජීවගුණයෙන් බබළයි 


තැටි නිෂ්පාදන ව්‍යාපාරයක්‌ යනු අතිශය භාරදූර කාර්යයකි  එවැන්නක නිරතවන්නට ඊට පළපුරුදු අත්දෑකිම් ඇත්තන්ගේ දායකත්වය අතවශ්‍යයය  එකල්හි දිවයිනේ එකී කාර්යයේ නිරතවන්නන් වෙත පැවති අභියෝග සුඵපටු නොවේ  වර්ණ මුද්‍රණ ශීල්පය  නොපැවති සමයේ වර්ණ වෘත්තිය ඡායාරූපකරණයේ නිරතවූවන් ද විරළ විය  විදේශිය සමාගම් හා නිරන්තරයෙන් ගණුදෙනු කරන්නට සිදුව පැවති අතර ඒ සඳහා දුරකථන සම්බන්ධා ලබාගැනීමේ පහසුකම්  භාන්ඩ හුවමාරුකරගැනීමේ පහසුකම් අවම විය


ඉහත කී බාධක අවහිරතා මැඩපවත්වාගෙන ව්‍යාපරය නිසිලෙස පවත්වාගන්නට නම් ස්‌වකීය පවුලේ වගකීම් ලිහිල් කරගනිමින් හා යුතුකම් අතපසුකරගනිමින් කටයුතු කරන්නට සිදුවීම නොවැළැක්‌විය හැකි කරුණක්‌ව පැවතුනි

එවකට දිවයිනේ ජනප්‍රියතම වෙළඳ තැටි ලේබල දෙකක්‌ වෙනුවෙන් වාදක මන්ඩලය හා ගායන ශිල්පීන් පුහුණුකරවා ශබ්දාගාර සම්බන්ධීකරණය කරමින් ඒවා පටිගතකරවා නිර්මාණය කරදීමේ දැනුම හා පළපුරුද්ද යන මේ කරුණු වලින් ඔහු මනා ලෙස සන්නද්ධය

ඉන්පෙර දශක 03 ට ත් එපිට සිට ගුවන් විදුලියේ ළමා පිටියේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ සමයේ සිට හොඳින් දැන හැඳින සිටි අබේසේකරයන් හමුවි තවත් ගී පද රචනා කිහිපයක්‌ ලියවා ගත් චන්ද්‍රසේනයන් හට මෙවර මුහුණපාන්නට සිදුවුයේ තවත් භාරදුර අභියෝගයකටය

එනම් ඒ ගීත ගායනාකරන්නට සුදුසු ජනප්‍රිය ශිල්පීන් තෝරාගැනීමේ කටයුත්තයි එතැනින් අසමත්වීම යනු තමන් දැරූ අපමණ වෙහෙස වැයකල කාළය හා ඊටත් වඩා වැදගත් වූ ධනය මකර කටේ හෙලන්නට සිදුවීමයි

-------------------------------------------------
මතු දිනක යළි හමුවෙමු ...........................

(විශේෂ ස්තුතිය - ආචාරිනී දර්ශනී චන්ද්රසේන - ආර් ඒ චන්ද්රසේන කණිටු දියණිය)
----------------------------------------------------------------